13. 18
13. 18.
13. 18.
විසජ්ජ ගන්ථානි මුනීධ ලොකෙ විවාදජාතෙසු න වග‍්ගසාරී, සන‍්තො අසන‍්තෙසු උපෙක්ඛකො සො අනුග‍්ගහො උග්ගණ්හන්ති මඤ‍්ඤෙ.
ක්‍ෂීණාස්‍රව මුනි තෙම මෙලො වැ චතුර්විධ ග්‍රන්‍ථයන් හැරපියා හටගත් විවාද ඇතියන් අතුරෙහි (ඡන්‍දාදීන්) වර්‍ග ව නො හැසිරෙනුයේ අශාන්තයන් අතුරෙහි ශාන්ත වූයේ උපේක්‍ෂායෙන් යුක්ත වූයේ වෙයි, හෙතෙම දෘඪග්‍රහණ රහිත වෙයි, අන්‍යයෝ (තෘෂ්ණා දෘෂ්ටි විසින්) දැඩිව ගනිත්.
විසජ‍්ජ ගන්ථානි මුනීධ ලොකෙති - ‘ගන්‍ථා’ති චත‍්තාරො ගන්‍ථා: අභිජ‍්ඣා කායගන්‍ථො, බ්‍යාපාදො කායගන්‍ථො, සීලබ‍්බතපරාමාසො කායගන්‍ථො, ඉදංසච‍්චාභිනිවෙසො කායගන්‍ථො, අත‍්තනො දිට‍්ඨියා රාගො අභිජ‍්ඣා කායගන්‍ථො, පරවාදෙසු ආඝාතො අප‍්පච‍්චයො බ්‍යාපාදො කායගන්‍ථො, අත‍්තනො සීලං වා වතං වා සීලබ‍්බතං වා පරාමසති සීලබ‍්බතපරාමාසො කායගන්‍ථො, අත‍්තනො දිට‍්ඨි ඉදංසච‍්චාභිනිවෙසො කායගන්‍ථො, විසජ‍්ජාති ගන්‍ථෙ වොස‍්සජිත්‍වා වා විසජ‍්ජ; අථවා ගන්‍ථෙ ගථිතෙ ගන්‍ථිතෙ බද‍්ධෙ විබද‍්ධෙ ආබද‍්ධෙ ලග‍්ගෙ ලග‍්ගිතෙ පළිබුද‍්ධෙ බන්‍ධනෙ ඵොටයිත්‍වා වා විසජ‍්ජ; යථා වය‍්හං වා රථං වා සකටං වා සන්‍දමානිකං වා සජ‍්ජං විසජ‍්ජං කරොන‍්ති විකොපෙන‍්ති, එවමෙවං ගන්‍ථෙ වොස‍්සජ‍්ජිත්‍වා වා විසජ‍්ජ; අථවා ගන්‍ථෙ ගථිතෙ ගන්‍ථිතෙ බද‍්ධෙ විබද‍්ධෙ ආබද‍්ධෙ ලග‍්ගෙ ලග‍්ගිතෙ පළිබුද‍්ධෙ බන්‍ධනෙ ඵොටයිත්‍වා වා විසජ‍්ජ; මුනීති මොනං වුච‍්චති ඤාණං -පෙ- සඞ‍්ගජාලමතිච‍්ච සො මුනී; ඉධාති ඉමිස‍්සා දිට‍්ඨියා, -පෙ- ඉමස‍්මිං මනුස‍්සලොකෙති - විසජ‍්ජ ගන්‍ථාති මුනීධ ලොකෙ.
විසජ්ජ ගන්ථානි මුනීධ ලෝකේ - ‘ගන්ථා’ යනු: සතර ග්‍රන්‍ථ කෙනෙකි. අභිධ්‍යාකායග්‍රන්‍ථ යැ, ව්‍යාපාදකායග්‍රන්‍ථ යැ, ශීලව්‍රතපරාමර්‍ශකායග්‍රන්‍ථ යැ ඉදම්සත්‍යාභිනිවෙශකායග්‍රනථ යැයි; තමාගේ දෘෂ්ටියෙහි රාගය අභිධ්‍යාකායග්‍රන්‍ථ යැ, පරවාදයන්හි කෝපය නො සතුට ව්‍යාපාදකායග්‍රන්‍ථ යැ, තමා ගේ ශීලය හෝ ව්‍රතය හෝ ශීලව්‍රතය හෝ දැඩිව ගනී, (මේ) ශීලව්‍රත පරාමර්‍ශකායග්‍රන්ථ යැ, තමාගේ දෘෂ්ටිය ඉදම්සත්‍යාභිනිවෙශකායග්‍රනථ යයි. විසජ්ජ යනු: ග්‍රන්‍ථයන් පරිත්‍යාග කොට හෝ ‘විසජ්ජ’ යනු වේ. නොහොත් ග්‍රන්‍ථයන් ග්‍රථිත වූවන් ග්‍රන්‍ථිත වූවන් බඳනා ලදුවන් වෙසෙසින් බඳනා ලදුවන් හාත්පසින් බඳනා ලදුවන් ලග්න වූවන් ලග්නිත වූවන් හාත්පසින් බැඳුණවුන් ක්ලේශබන්‍ධනයන් පොළාපියා හෝ හැරදමා; යම් සේ ගමනට සැරසූ දෝලාවක් හෝ රියක් හෝ ගැලක් හෝ යානයක් හෝ විසුරුවත් ද, සුණු කෙරෙත් ද, එසෙයින් ම ග්‍රන්‍ථයන් පරිත්‍යාග කොට හෝ හැරපියා නොහොත් ග්‍රන්‍ථයන් ග්‍රථිත - ග්‍රන්‍ථිත - බද්ධ - විබද්ධ - ආබද්ධ - ලග්න - ලග්නිත - පරිබද්ධ වූවන් ක්ලෙශබන්ධයන් පොළාපියා හෝ හැරදමා; මුනි යනු: ‘මොන’ යී ඥානය කියනු ලැබෙයි; ඉධ යනු: මේ දෘෂ්ටියෙහි … මේ මිනිස්ලොවැ නුයි ‘විසජ්ජ ගන්ථානි මුනීධ ලෝකේ’ යනු වේ.
විවාදජාතෙසු න වග‍්ගසාරීති - විවාදෙ ජාතෙ සඤ‍්ජාතෙ නිබ‍්බත‍්තෙ අභිනිබ‍්බත‍්තෙ පාතුභූතෙ ඡන්‍දාගතිං ගච‍්ඡන‍්තෙසු දොසාගතිං ගච‍්ඡන‍්තෙසු භයාගතිං ගච‍්ඡන‍්තෙසු මොහාගතිං ගච‍්ඡන‍්තෙසු න ඡන්‍දාගතිං ගච‍්ඡති, න දොසාගතිං ගච‍්ඡති, න භයාගතිං ගච‍්ඡති, න මොහාගතිං ගච‍්ඡති, න රාගවසෙන ගච‍්ඡති, න දොසවසෙන ගච‍්ඡති, න මොහවසෙන ගච‍්ඡති, න මානවසෙන ගච‍්ඡති, න දිට‍්ඨිවසෙන ගච‍්ඡති, න උද‍්ධච‍්චවසෙන ගච‍්ඡති, න විචිකිච‍්ඡාවසෙන ගච‍්ඡති, න අනුසයවසෙන ගච‍්ඡති, න වග‍්ගෙහි ධම‍්මෙහි යායති නීයති වුය‍්හති සංහරීයතීති - විවාදජාතෙසු න වග‍්ගසාරී.
විවාදජාතෙසු න වග්ගසාරී - විවාදයක් උපන් කල්හි හටගත් කල්හි නිපන් කල්හි වෙසෙසින් නිපන් කල්හි පහළ වූ කල්හි (අන්‍යයන්) ඡන්‍දයෙන් අගතියට යන කල්හි ද්වේෂයෙන් අගතියට යන කල්හි භයින් අගතියට යන කල්හි මෝහයෙන් අගතියට යන කල්හි, ඡන්‍දාගතියට නො යෙයි, ද්වෙෂාගතියට නො යෙයි, භයාගතියට නො යෙයි. මෝහාගතියට නො යෙයි, රාගවශයෙන් නො යෙයි, ද්වෙෂවශයෙන් - භයවශයෙන් - මොහවශයෙන් - මානවශයෙන් - දෘෂ්ටිවශයෙන් - ඖද්ධත්‍යවශයෙන් - විචිකිත්සාවශයෙන් - අනුශයවශයෙන් නො යෙයි; වර්‍ග වූ ධර්‍මයන් විසින් නො යවනු ලැබෙයි, නො පමුණුවනු ලැබෙයි, නො වහනු ලැබෙයි, නො හරිනු ලැබේ නුයි ‘විවාදජාතෙසු න වග්ගසාරී’ යනු වේ.
සන‍්තො අසන‍්තෙසු උපෙක‍්ඛකො සොති - ‘සන‍්තො’ති රාගස‍්ස සන‍්තත‍්තා සන‍්තො; දොසස‍්ස සන‍්තත‍්තා සන‍්තො, මොහස‍්ස සන‍්තත‍්තා සන‍්තො -පෙ- සබ‍්බාකුසලාභිසංඛාරානං සන‍්තත‍්තා සමිතත‍්තා වූපසමිතත‍්තා විජ‍්ඣාතත‍්තා නිබ‍්බුතත‍්තා විගතත‍්තා පටිප‍්පස‍්සද‍්ධත‍්තා සන‍්තො උපසන‍්තො වූපසන‍්තො නිබ‍්බුතො පටිප‍්පස‍්සද‍්ධොති - සන‍්තො; අසන‍්තෙසූති අසන‍්තෙසු අනුපසන‍්තෙසු අවුපසන‍්තෙසු අනිබ‍්බුතෙසු අප‍්පටිප‍්පස‍්සද‍්ධෙසූති - සන‍්තො අසන‍්තෙසු; උපෙක‍්ඛකො සොති අරහා ඡළඞ‍්ගුපෙක‍්ඛාය සමන‍්නාගතො: චක‍්ඛුනා රූපං දිස‍්වා නෙව සුමනො හොති, න දුම‍්මනො, උපෙක‍්ඛකො විහරති සතො සම‍්පජානො, සොතෙන සද‍්දං සුත්‍වා -පෙ- කාලං කඞ‍්ඛති භාවිතත‍්තො සුදන‍්තොති - සන‍්තො අසන‍්තෙසු උපෙක්ඛකො සො.
සන්තෝ අසන්තෙසු උපෙක්ඛකො සො - ‘සන්තෝ’ යනු: රාගය සන්හිඳුවන ලද හෙයින් ශාන්ත යැ, ද්වේෂය ශාන්ත වන බැවින් ශාන්ත යැ, මෝහය ශාන්ත වන බැවින් ශාන්ත යැ … සියලු අකුශලාභිසංස්කාරයන් ශාන්ත වන බැවින් ශමිත වන බැවින් ව්‍යුපශමිත වන බැවින් දවන ලද වන බැවින් නිවන ලද වන බැවින් විගත වන බැවින් දුරලන ලද වන බැවින ශාන්ත යැ උපශාන්ත යැ ව්‍යුපශාන්ත යැ නිර්‍වෘත යැ දුරලන ලද්දේ නුයි ’සන්තෝ’ යනු වේ. - අසන්තෙසු අශාන්තයන් අතුරෙහි අනුපශාන්තයන් - අව්‍යුපශාන්තයන් - නො නිවුණවුන් (කෙලෙස්) නො දුරලන ලදුවන් අතුරෙහි නුයි ‘සන්තෝ අසන්තෙසු ’යනු වේ. උපෙක්ඛකො සො - රහත් තෙමේ ෂඩඞගොපෙක්ෂායෙන් සමන්‍විත වූයේ යැ; ඇසින් රූපයන් දැක නො මැ සතුටු සිත් ඇතියේ වෙයි, නො සතුටු සිත් ඇතියේ නො වෙයි, උපෙක්ෂා ඇතියේ සිහි ඇතියේ නුවණැතියේ වෙසෙයි; කනින් ශබ්දයක් අසා … භාවිත වූ සිත් ඇතියේ මොනොවට දැමුණේ මරණකාලය අපේක්‍ෂා කෙරේ නුයි ‘සන්තෝ අසන්තෙසු උපෙක්ඛකො සො’ යනු වේ.
අනුග‍්ගහො උග‍්ගණ‍්හන‍්ති මඤ‍්ඤෙති - අඤ‍්ඤෙ තණ‍්හාවසෙන දිට‍්ඨිවසෙන ගණ‍්හන‍්ති පරාමසන‍්ති අභිනිවිසන‍්ති, අරහා උපෙක‍්ඛති න ගණ‍්හාති න පරාමසති නාභිනිවිසතීති - අනුග‍්ගහො උග්ගණ්හන්ති මඤ‍්ඤෙ.
අනුග්ගහො උග්ගණ්හන්ති මඤ්ඤෙ - අන්‍යයෝ තෘෂ්ණාවශයෙන් දෘෂ්ටිවශයෙන් ගනිති, දැහැගනිති, පිවිස ගනිත්; රහත් තෙම උපෙක්ෂා කෙරෙයි, නො ගනී නො දැහැගනී නො පිවිසේ නුයි ‘අනුග්ගහො උග්ගණ්හන්ති මඤ්ඤෙ’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“විසජ‍්ජ ගන්ථානි මුනීධ ලොකෙ විවාදජාතෙසු න වග‍්ගසාරී, සන‍්තො අසන‍්තෙසු උපෙක්ඛකො සො අනුග‍්ගහො උග්ගණ්හන්ති මඤ‍්ඤෙ”ති
“විසජ්ජ ගන්ථානි -පෙ- උග්ගණ්හන්ති මඤ්ඤෙ” යී.