යෙදුමෙන් කියවන්න

13. 19

13. 19.

13. 19.

පුබ‍්බාසවෙ හිත්‍වා නවෙ අකුබ‍්බං න ඡන්‍දගූ නොපි නිවිස‍්සවාදී, ස විප‍්පමුත‍්තො දිට‍්ඨිගතෙහි ධීරො න ලිප‍්පති ලොකෙ අනත‍්තගරහී.

ඉක්මැගිය (රූපාදීන් අරබයා උපන් කාමාදි) ආස්‍රවයන් හැර වර්‍තමාන (රූපාදිය අරබයා උපදනා) ආස්‍රවයන් නො කරන්නාවූ ඡන්‍දාදි වසයෙන් අගතියට නො යන්නා වූ නො ද දෘෂ්ටියෙහි පිහිටා කියන්නා වූ දෘෂ්ටිගතයන් ගෙන් වෙසෙසින් මිදුණා වූ ධීර වූ ඒ ක්‍ෂීණාස්‍රව තෙම (කෘතාකෘතවශයෙන්) තම හට නො ගරහනු යේ ලොවැ (තෘෂ්ණාදෘෂ්ටි) විසින් නො ඇලෙන්නේ යි.

පුබ‍්බාසවෙ හිත්‍වා නවෙ අකුබ‍්බන‍්ති - පුබ‍්බාසවා වුච‍්චන‍්ති අතීතා රූපවෙදනාසඤ‍්ඤාසඞ‍්ඛාරවිඤ‍්ඤාණා, අතීතෙ සඞ‍්ඛාරෙ ආරබ‍්භ යෙ කිලෙසා උපජ‍්ජෙය්‍යුං, තෙ කිලෙසෙ හිත්‍වා චජිත්‍වා පරිච‍්චජිත්‍වා පජහිත්‍වා විනොදෙත්‍වා බ්‍යන‍්තීකරිත්‍වා අනභාවං ගමෙත්‍වාති - පුබ‍්බාසවෙ හිත්‍වා; නවෙ අකුබ‍්බන‍්ති ‘නවා” වුච‍්චන‍්ති පච‍්චුප‍්පන‍්නා රූපවෙදනාසඤ‍්ඤාසඞ‍්ඛාරවිඤ‍්ඤාණා, පච‍්චුප‍්පන‍්නෙ සඞ‍්ඛාරෙ ආරබ‍්භ ඡන්‍දං අකුබ‍්බමානො පෙමං අකුබ‍්බමානො රාගං අකුබ‍්බමානො අජනයමානො අසඤ‍්ජනයමානො අනිබ‍්බත‍්තයමානො අනභිනිබ‍්බත‍්තයමානොති - පුබ‍්බාසවෙ හිත්‍වා නවෙ අකුබ‍්බං.

පුබ්බාසවෙ හිත්වා නවෙ අකුබ්බං - ‘පුබ්බාසවා’ යී ඉක්මැගිය රූපවෙදනා සංඥාසංස්කාරවිඥානයෝ කියනු ලැබෙති, අතීත සංස්කාරයන් අරබයා යම් කෙලෙස් කෙනෙක් උපදනාහු නම්, ඒ කෙලෙසුන් හැර ත්‍යාග කොට පරිත්‍යාග කොට දුරු කොට බැහැර කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා නුයි ‘පුබ්බාසවෙ හිත්වා’ යනු වේ. න වෙ අකුබ්බං ‘නවා’ යී වර්‍තමාන රූපවෙදනාසංඥාසංස්කාරවිඥානයෝ කියනු ලැබෙති; වර්‍තමාන සංස්කාරයන් ඇරබ ඡන්‍දය නො කරනුයේ ප්‍රේමය නො කරනුයේ රාගය නො කරනුයේ නො දනවනුයේ මැනවින් නො දනවනුයේ නො නිපදවනුයේ නූපදවනුයේ නුයි ‘පුබබාසවෙ හිත්වා නවෙ අකුබ්බං’ යනු වේ.

න ඡන්‍දගූ නොපි නිවිස‍්සවාදීති - න ඡන්‍දාගතිං ගච‍්ඡති, න දොසාගතිං ගච‍්ඡති, න භයාගතිං ගච‍්ඡති, න මොහාගතිං ගච‍්ඡති, න රාගවසෙන ගච‍්ඡති, න දොසවසෙන ගච‍්ඡති, න මොහවසෙන ගච‍්ඡති, න මානවසෙන ගච‍්ඡති, න දිට‍්ඨිවසෙන ගච‍්ඡති, න උද‍්ධච‍්චවසෙන ගච‍්ඡති, න විචිකිච‍්ඡාවසෙන ගච‍්ඡති, න අනුසයවසෙන ගච‍්ඡති, න වග‍්ගෙහි ධම‍්මෙහි යායති නිය්‍යති වුය‍්හති න සංහරිය්‍යතීති - න ඡන්‍දගූ; නොපි නිවිස‍්සවාදීති ‘සස‍්සතො ලොකො ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ’න‍්ති න නිවිස‍්සවාදී -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණා, ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති න නිවිස‍්සවාදීති - න ඡන්‍දගූ නොපි නිවිස‍්සවාදී,

න ඡන්දගු නො’පි නිවිස්සවාදී - ඡන්‍දයෙන් අගතියට නො යයි, ද්වේෂයෙන් අගතියට නො යයි, භයින් අගතියට නො යයි, මෝහයෙන් අගතියට නො යයි, රාගවශයෙන් නො පැමිණෙයි, ද්වෙෂවශයෙන් - මොහවශයෙන් - මානවශයෙන් - දෘෂ්ටිවශයෙන් - ඖද්ධත්‍ය වශයෙන් - විචිකිත්සා වශයෙන් - අනුශයවශයෙන් නො යයි, වර්‍ග වූ ධර්‍මයන්ගෙන් නො යවනු ලැබෙයි, නො පමුණුවනු ලැබෙයි, නො වහනු ලැබෙයි, නො හරිනු ලැබේ නුයි ‘න ඡන්දගූ’ යනු වේ. නො’පි නිවිස්සවාදී ‘ශාශ්වත යැ ලෝකය මේ මැ සැබැව, අන්‍යය මෝඝ යැ’ යි නො පිහිටා කියනුයේ … සත්ත්‍ව තෙමේ මරණින් මතු නො මැ වෙයි, නො වන්නේ නො වෙයි, මේ මැ සැබව, අන්‍යය මෝඝ යැ’ යි නො පිහිටා කියනුයේ නුයි ‘න ඡන්දගු නො’පි නිවිස්සවාදී’ යනු වේ.

ස විප‍්පමුත‍්තො දිට‍්ඨිගතෙහි ධීරොති - තස‍්ස ද‍්වාසට‍්ඨිදිට‍්ඨිගතානි පහීනානි සමුච‍්ඡින‍්නානි වූපසන‍්තානි පටිප‍්පස‍්සද‍්ධානි අභබ‍්බුප‍්පත‍්තිකානි ඤාණග‍්ගිනා දඩ‍්ඪානි; සො දිට‍්ඨිගතෙහි විප‍්පමුත‍්තො විසඤ‍්ඤුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරති; ධීරොති ධීරො පණ‍්ඩිතො පඤ‍්ඤවා බුද‍්ධිමා ඤාණී විභාවී මෙධාවීති - ස විප‍්පමුත‍්තො දිට‍්ඨිගතෙහි ධීරො.

ස විප්පමුත්තො දිට්ඨිගතෙහි ධීරො - ඔහු විසින් ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ ප්‍රහීණ කරන ලද්දාහුය, සිඳින ලද්දාහුය, සන්හිඳුවන ලද්දාහුය දුරලන ලද්දාහුය උපතට නුසුදුසු කරන ලද්දාහුය, නුවණගින්නෙන් දවන ලද්දාහුය, හෙතෙම දෘෂ්ටිගතයන් ගෙන් වෙසෙසින් මිදුණේ වෙන් වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වෙසෙයි. ධීරො යනු: ධීර වූයේ පණ්ඩිත වූයේ ප්‍රඥාවත් වූයේ බුද්ධිමත් වූයේ නුවණැතියේ විමංසනප්‍රඥා ඇතියේ තීරණප්‍රඥා ඇතියේ නුයි ‘ස විප්පමුත්තො දිට්ඨිගතෙහි ධීරො’ යනු වේ.

න ලිප‍්පති ලොකෙ අනත‍්තගරහීති - ‘ලෙපා’ති ද‍්වෙ ලෙපා: තණ‍්හාලෙපො ච දිට‍්ඨිලෙපො ච. -පෙ- අයං තණ‍්හාලෙපො. -පෙ- අයං දිට‍්ඨිලෙපො. තස‍්ස තණ‍්හා ලෙපො පහීනො දිට‍්ඨිලෙපො පටිනිස‍්සට‍්ඨො; තණ‍්හාලෙපස‍්ස පහීනත‍්තා දිට‍්ඨිලෙපස‍්ස පටිනිස‍්සට‍්ඨත‍්තා අනුපලිත‍්තො අපායලොකෙ න ලිප‍්පති; මනුස‍්සලොකෙ න ලිප‍්පති; දෙවලොකෙ න ලිප‍්පති; ඛන්‍ධලොකෙ න ලිප‍්පති; ධාතුලොකෙ න ලිප‍්පති; ආයතනලොකෙ න ලිප‍්පති; න සංලිප‍්පති, න උපලිප‍්පති, අලිත‍්තො අසංලිත‍්තො අනුපලිත‍්තො නික‍්ඛන‍්තො නිස‍්සටො විප‍්පමුත‍්තො විසඤ‍්ඤුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරතීති - න ලිප‍්පති ලොකෙ, අනත‍්තගරහීති ද‍්වීහි කාරණෙහි අත‍්තානං ගරහති: කතත‍්තා ච අකතත‍්තා ච. කථං කතත‍්තා ච අකතත‍්තා ච අත‍්තානං ගරහති? කතං මෙ කායදුච‍්චරිතං අකතං මෙ කායසුචරිතන‍්ති අත‍්තානං ගරහති. කතං මෙ වචීදුච‍්චරිතං කතං මෙ මනොදුච‍්චරිතං - කතො මෙ පාණාතිපාතො -පෙ- කතා මෙ මිච‍්ඡාදිට‍්ඨි, අකතා මෙ සම‍්මාදිට‍්ඨීති අත‍්තානං ගරහති. එවං කතත‍්තා ච අකතත‍්තා ච අත‍්තානං ගරහති. අථවා සීලෙසුම‍්හි න පරිපූරකාරීති අත‍්තානං ගරහති. ඉන්‍ද්‍රියෙසුම‍්හි අගුත‍්තද‍්වාරොති - භොජනෙම‍්හි අමත‍්තඤ‍්ඤූති ජාගරියම‍්හි අනනුයුත‍්තොති - න සතිසම‍්පජඤ‍්ඤෙනම‍්හි සමන‍්නාගතොති - අභාවිතා මෙ චත‍්තාරො සතිපට‍්ඨානාති - අභාවිතා මෙ චත‍්තාරො සම‍්මප‍්පධානාති - අභාවිතා මෙ චත‍්තාරො ඉද‍්ධිපාදාති - අභාවිතානි මෙ පඤ‍්චින්‍ද්‍රියානීති - අභාවිතානි මෙ පඤ‍්ච බලානීති - අභාවිතා මෙ සත‍්ත බොජ‍්ඣඞ‍්ගාති - අභාවිතො මෙ අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගොති - දුක‍්ඛං මෙ අපරිඤ‍්ඤාතන‍්ති - දුක‍්ඛසමුදයො මෙ අප‍්පහීනොති - මග‍්ගො මෙ අභාවිතොති - නිරොධො මෙ අසච‍්ඡිකතොති අත‍්තානං ගරහති එවං කතත‍්තා ච අකතත‍්තා ච අත‍්තානං ගරහති. එවං අත‍්තගරහී කතං කම‍්මං අකුබ‍්බමානො අජනයමානො අසඤ‍්ජනයමානො අනිබ‍්බත‍්තයමානො අනභිනිබ‍්බත‍්තයමානො අනත‍්තගරහීති - න ලිප‍්පති ලොකෙ අනත‍්තගරහී.

න ලිප්පති ලෝකේ අනත්තගරහී - ‘ලෙප’ නම්: තෘෂ්ණාලේපය ද දෘෂ්ටිලෙපය දැයි ලෙපයෝ දෙදෙනෙකි: … මේ දෘෂ්ටිලෙපයයි; ඔහු විසින් තෘෂ්ණාලේපය ප්‍රහීණ යැ, දෘෂ්ටිලෙපය දුරලන ලද? තෘෂ්ණාලේපය ප්‍රහීණ බැවින් දෘෂ්ටිලෙපය දුරලූ බැවින් නො ඇලුණේ අපායලෝකයෙහි නො ඇලෙයි, මිනිස්ලොවැ නො ඇලෙයි, දෙව්ලොවැ නො ඇලෙයි, ස්කන්‍ධලෝකයෙහි නො ඇලෙයි, ධාතුලොකයෙහි නො ඇලෙයි, ආයතනලෝකයෙහි නො ඇලෙයි, නො තැවැරෙයි, හාත්පසින් නො ඇලෙයි, නො ඇලුණේ නො වැකුණේ නො තැවැරුණේ නික්මුණේ නික්මැගියේ වෙසෙසින් මුදුණේ විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්තව වෙසේ නුයි ‘න ලිප්පති ලෝකේ’ යනු වේ. අනත්තගරහී - දෙකරුණෙකින් තම හට ගරහයි: කළ හෙයින් හා නො කළ හෙයින් හා යැ; කිසෙයින් කළ හෙයින් හා නො කළ හෙයින් හා තමහට ගරහා ද යත්? ‘මා විසින් කායදුශ්චරිතය කරන ලද, කායසුචරිතය නො කරන ලදැ’ යි තමහට ගරහයි, මා විසින් වාග්දුශ්චරිතය කරන ලද … මා විසින් මනෝදුශ්චරිතය කරන ලද … මා විසින් ප්‍රාණවධ කරන ලද … මා විසින් මිතථ්‍යාදෘෂ්ටිය කරන ලද … මා විසින් සම්‍යග්දෘෂ්ටිය නො කරන ලදැ’ යි තම හට ගරහයි, මෙසේ කළ හෙයින් හා නො කළ හෙයින් හා තම හට ගරහයි; නොහොත් ‘ශීලයෙහි පරිපූරකාරී නො වූයෙමි තම හට ගරහයි, ඉන්‍ද්‍රියයන්හි පියූ දොර ඇතියෙම් නො වීමි … බොජුන්හි පමණ දතුයෙම් නො වීමි … නිදි දරු කිරීමෙහි නො යෙදුනෙම් විමි … සිහිනුවණින් සමන්‍විත වූයෙම් නො වීමි … මා විසින් සතර සතිපට්ඨානයෝ නො වඩන ලදහ’යි - සතර සම්‍යක්ප්‍රධානයෝ නො වඩන ලදහ’ යි - සතර ඍද්ධිපාදයෝ නො වඩන ලදහ’ යි - පඤ්චේන්‍ද්‍රියයෝ නො වඩන ලදහ’ යි - පඤ්චබලයෝ නො වඩන ලදහයි - සප්තබෝධ්‍යඞ්ගයෝ නො වඩන ලදහයි - ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය නො වඩන ලදැයි - දුඃඛසත්‍යය මා විසින් අපරිඥාත යැ යි - දුඃඛසමුදය මා විසින් අප්‍රහීණ යැ යි - මාර්‍ගය මා විසින් අභාවිත යැ යි - නිරෝධය මා විසින් ප්‍රත්‍යක්‍ෂ නො කරන ලදැයි තම හට ගරහයි; මෙසේ කළ හෙයින් ද නො කළ හෙයින් ද තම හට ගරහයි, මෙසේ තම හට ගරහන සුලු වෙයි. ඒ මෙබඳු කර්‍මය නො කරනුයේ නො දනවනුයේ නූපදවනුයේ නො නිපදවනුයේ නො පහළ කරනුයේ තමහට නො ගරහනුයේ ‘න ලිප්පති ලෝකේ අනත්තගරහී’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“පුබ‍්බාසවෙ හිත්‍වා නවෙ අකුබ‍්බං න ඡන්‍දගූ නොපි නිවිස‍්සවාදී, ස විප‍්පමුත‍්තො දිට‍්ඨිගතෙහි ධීරො න ලිප‍්පති ලොකෙ අනත‍්තගරහී”ති.

“පුබ්බාසවෙ හිත්වා -පෙ- න ලිප්පති ලෝකේ අනත්තගරහී” යී.