යෙදුමෙන් කියවන්න

13. 20

13. 20.

13. 20.

ස සබ‍්බධම‍්මෙසු විසෙනිභූතො යං කිඤ‍්චි දිට‍්ඨං ව සුතං මුතං වා, ස පන‍්නභාරො මුනි විප‍්පමුත‍්තො න කප‍්පියො නූපරතො න පත්‍ථියො (ඉති භගවා.)

ඒ ක්‍ෂීණාස්‍රව තෙම යම් කිසි රූපාලම්බනයෙක් හෝ ශබ්දාලම්බනයෙක් හෝ ගන්‍ධරස ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙක් හෝ (ධර්‍මාලම්බනයෙක් හෝ වේ ද) ඒ සර්‍වධර්‍මයන්හි මරසෙන් වනසා සිටියේ වෙයි. ඒ රහත් තෙම බහාතැබූ බර ඇතියේ (කෙලෙසුන් කෙරෙන්) වෙසෙසින් මිදුණේ තෘෂ්ණාදෘෂ්ටි කල්පය නො කෙරෙයි, උපරති සහිත ද නො වෙයි. තෘෂ්ණා රහිත වූයේත් වේ. (බුදුහු මෙසේ වදාළ සේකි.)

ස සබ‍්බධම‍්මෙසු විසෙනිභූතො යං කිඤ‍්චි දිට‍්ඨං ව සුතං මුතං වාති - සෙනා වුච‍්චති මාරසෙනා, කායදුච‍්චරිතං මාරසෙනා, වචීදුච‍්චරිතං මාරසෙනා, මනොදුච‍්චරිතං මාරසෙනා, රාගො දොසො මොහො කොධො උපනාහො මක‍්ඛො පළාසො ඉස‍්සා මච‍්ඡරියං මායා සාඨෙය්‍යං ථම‍්භො සාරම‍්භො මානො අතිමානො මදො පමාදො සබ‍්බෙ කිලෙසා සබ‍්බෙ දුච‍්චරිතා සබ‍්බෙ දරථා සබ‍්බෙ පරිළාහා සබ‍්බෙ සන‍්තාපා සබ‍්බාකුසලාභිසඞ‍්ඛාරා මාරසෙනා.

ස සබ්බධම්මෙසු විසෙනිභූතො යං කිඤ්චි දිට්ඨං ව සුතං මුතං වා - ‘සේනා’ යී මරසෙන් කියනු ලැබෙයි, කායදුශ්චරිතය මාරසෙන් යැ, වාග්දුශ්චරිතය - මනෝදුශ්චරිතය මාරසෙනා යැ, රාගය ද්වේෂය මෝහය ක්‍රෝධය උපනාහය මකුබව යුගග්‍රාහය ඉර්‍ෂ්‍යාය මාත්සර්‍ය්‍යය මායාව ශඨබව තදබව කරණුත්තරියකරණය මානය අතිමානය මදය ප්‍රමාදය සියලු කෙලෙස් සියලු දුසිරිත් සියලු දරථයෝ සියලු පරිදාහයෝ සියලු සන්තාපයෝ සියලු අකුශලාභිසංස්කාරයෝ මාරසෙනා යි.

වුත‍්තං හෙතං භගවතා:

මේ වදාරන ලද මැය, භාග්‍යවතුන් විසින් :

1. “කාමා තෙ පඨමා සෙනා දුතියාඅරති වුච‍්චති, තතියා ඛුප‍්පිපාසා තෙ චතුත්‍ථි තණ‍්හා පවුච‍්චති.

1. කාමයෝ තාගේ පළමුවැනි සේනාව යැ. දෙවැන්නී අරති යයි කියනු ලබයි. සාපවස් දෙක තාගේ තෙවැනි සේනාව යැ, සිවුවැන්නී තෘෂ්ණාව යයි කියනු ලබයි.

2. පඤ‍්චමී ථිනමිද‍්ධං තෙ ඡට‍්ඨා භීරූ පවුච‍්චති, සත‍්තමී විචිකිච‍්ඡා තෙ මක‍්ඛො ථම‍්භො තෙ අට‍්ඨමා.

2. ථීනමිද්ධය තාගේ පස්වැනි සේනාව යැ, සවැන්නී බියසුලු බව යයි කියනු ලබයි, විචිකිත්සාව තාගේ සත්වැනි සේනාව යැ, මකුබව හා තදබව තාගේ අටවැනි සෙනාවයි.

3. ලාභො සිලොකො සක‍්කාරො මිච‍්ඡාලද‍්ධො ච යො යසො, යො චත‍්තානං සමුක‍්කංසෙ පරෙ ච අවජානති.

3. ලාභය ප්‍රශංසාවය සත්කාරය හා මිත්ථ්‍යාවෙන් ලද යශස ද (නව වැනි වෙයි) යමෙකු ත් තමා උසස් කරන්නේ පරහට අවඥාත් කෙරේ ද, (එද දසවැනි වේ.)

4. එසා නමුචි තෙ සෙනා කණ‍්හස‍්සාභිප‍්පහාරිණී, න නං අසූරො ජිනාති ජිත්‍වා ච ලභතෙ සුඛ”න‍්ති.

4. අන්තකය, කෘෂණධර්‍මයෙන් සමන්‍විත වූ තාගේ තෙල (දසවිධ) සේනා තොමෝ මහණබමුණන් පෙළන්නී වෙයි, අසූර වූ පුරුෂ තෙම ඒ මරසෙනඟ නො දිනයි, යළි (සූර තෙමේ) ජයග්‍රහණය කොට මඟපලසුව ලබා’ යයි.

යතො චතුහි අරියමග‍්ගෙහි සබ‍්බා ච මාරසෙනා සබ‍්බෙ ච පටිසෙනිකරා කිලෙසා ජිතා ච පරාජිතා ච භග‍්ගා විප‍්පලුග‍්ගා පරම‍්මුඛා, සො වුච‍්චති විසෙනිභූතො, සො දිට‍්ඨෙ විසෙනිභූතො සුතෙ මුතෙ විඤ‍්ඤාතෙ විසෙනීභූතොති - ස සබ‍්බධම‍්මෙසු විසෙනිභූතො යං කඤ‍්චි දිට‍්ඨං ව සුතං මුතං වා.

යම් හෙයකින් සතර ආර්‍ය්‍යමාර්‍ගයෙන් සියලු මරසෙනඟත් සියලු ප්‍රතිපක්ෂකර ක්ලේශයෝත් දිනන ලද්දාහු ද පරදවන ලද්දාහු ද බිඳුණාහු සුණුවිසුණු වූවාහු විමුඛබවට පමුණුවන ලද්දාහු ද, හෙතෙම විසෙනිභූත යයි කියනු ලැබෙයි; හේ රූපයාතනයෙහි නික්ලේශ වූයේ නුයි ‘ස සබ්බධමෙමසු විසෙනිභූතො යං කිඤ්චි දිට්ඨං ව සුතං මුතං වා’ යනු වේ.

ස පන‍්නභාරො මුනි විප‍්පමුත‍්තොති - ‘භාරො’ති තයො භාරා ඛන්‍ධභාරො කිලෙසභාරො අභිසඞ‍්ඛාරභාරො; කතමො ඛන්‍ධභාරො? පටිසන්‍ධියා රූපං වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණං, අයං ඛන්‍ධභාරො. කතමො කිලෙසභාරො? රාගො දොසො මොහො -පෙ- සබ‍්බාකුසලාභිසඞ‍්ඛාරා, අයං කිලෙසභාරො. කතමො අභිසඞ‍්ඛාරභාරො? පුඤ‍්ඤාභිසඞ‍්ඛාරො අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරො ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරො, අයං අභිසඞ‍්ඛාරභාරො. යතො ඛන්‍ධභාරො ච කිලෙසභාරො ච අභිසඞ‍්ඛාරභාරො ච පහීනා හොන‍්ති උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා; සො වුච‍්චති පන‍්නභාරො පතිතභාරො ඔරොපිතභාරො සමොරොපිතභාරො නික‍්ඛිත‍්තභාරො පටිපස‍්සද‍්ධභාරො.

ස පන්නහාරො මුනි විප්පමුත්තො - ‘භාර’ නම් තුන් බරෙකි; ස්කන්‍ධභාරය ක්ලෙශභාරය අභිසංස්කාරභාරය යි; ස්කන්‍ධභාරය කවරැ යත්? ප්‍රතිසන්ධියෙහි රූපය වේදනාව සංඥාව සංස්කාරයෝ විඥානය (යන) මේ ස්කන්‍ධභාරය යි; ක්ලෙශභාරය කවරැ යත්? රාගය ද්වේෂය මෝහ … සියලු අකුශලාභිසංස්කාරයෝ යැ, මේ ක්ලෙශභාරය යි; අභිසංස්කාරභාරය කවරැ යත්? පුණ්‍යාභිසංස්කාර යැ අපුණ්‍යාභිසංස්කාර යැ ආනඤජාභිසංස්කාර යැ (යන) මේ අභිසංස්කාරභාරය යි, යම් තැනෙක පටන් ස්කන්‍ධභාරය ත් ක්ලෙශභාරය ත් අභිසංස්කාරභාරයත් ප්‍රහීණ වූවාහු වෙත් ද, උසුන් මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනුඅභාවය කරන ලද්දාහු මත්තෙහි නූපදනා පියවි ඇත්තාහු වෙත් ද, හෙතෙම තැබූ බර ඇත්තේ යැ, හෙළු බර ඇත්තේ යැ. බහාතැබූ බර ඇත්තේ යැ මොනොවට බහාතැබූ බර ඇත්තේ යැ, නික්‍ෂේප කළ බර ඇත්තේ යැ සන්හිඳුවන ලද බර ඇත්තේ යැයි කියනු ලැබේ.

මුනීති ‘මොනං’ වුච‍්චති ඤාණං, යා පඤ‍්ඤා පජානනා විචයො පවිචයො ධම‍්මවිචයො සල‍්ලක‍්ඛණා උපලක‍්ඛණා පච‍්චුපලක‍්ඛණා පණ‍්ඩිච‍්චං කොසල‍්ලං නෙපුඤ‍්ඤං වෙභව්‍යා චින‍්තා උපපරික‍්ඛා භූරි මෙධා පරිණායිකා විපස‍්සනා සම‍්පජඤ‍්ඤං පතොදො පඤ‍්ඤා පඤ‍්ඤින්‍ද්‍රියං පඤ‍්ඤාබලං පඤ‍්ඤාසත්‍ථං පඤ‍්ඤාපාසාදො පඤ‍්ඤාආලොකො පඤ‍්ඤාඔභාසො පඤ‍්ඤාපජ‍්ජොතො පඤ‍්ඤාරතනං අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි, තෙන ඤාණෙන සමන‍්නාගතො මුනි මොනප‍්පත‍්තො.

මුනි යනු : ‘මොන’ යී ඥානය කියනු ලැබෙයි, යම් ප්‍රඥාවක් ප්‍රකර්‍ෂයෙන් දැනීමෙක් අනිත්‍යාදිය විමසීමෙක් ප්‍රකර්‍ෂයෙන් විමසීමෙක් සිවුසස් දහම් විමසීමෙක් අනිත්‍යාදිය සැලකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පණ්ඩිත බවෙක් කුසල බවෙක් නිපුණ බවෙක් (අනිත්‍යාදීන්ගේ විභාවනයෙක් සිතීමෙක් පරීක්‍ෂාවක් භූරී සඞ්ඛ්‍යාත ප්‍රඥාවක් කෙලෙස් නසන ප්‍රඥාවක් පරිණායකප්‍රඥාවක් විදර්‍ශනාවක් සම්ප්‍රජන්‍යයක් පතෝදය වැනි ප්‍රඥාවක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාලෝකයෙක් ප්‍රඥාවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයෙයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද එයයි. ඒ ඥානයෙන් සමන්‍විත වූ මුනි තෙම මොනප්‍රාප්ත යැ.

තීණි මොනෙය්‍යානි: කායමොනෙය්‍යං වචීමොනෙය්‍යං මනොමොනෙය්‍යං. කතමං කායමොනෙය්‍යං? තිවිධානං කායදුච‍්චරිතානං පහානං කායමොනෙය්‍යං. තිවිධකායසුචරිතං කායමොනෙය්‍යං, කායාරම‍්මණෙ ඤාණං කායමොනෙය්‍යං, කායපරිඤ‍්ඤා කායමොනෙය්‍යං, පරිඤ‍්ඤාසහගතො මග‍්ගො කායමොනෙය්‍යං, කායෙ ඡන්‍දරාගස‍්ස පහානං කායමොනෙය්‍යං, කායසංඛාරානිරොධො චතුත්‍ථජ‍්ඣානසමාපත‍්ති කායමොනෙය්‍යං. ඉදං කායමොනෙය්‍යං.

මොනෙය්‍යයෝ තිදෙනෙකි: කායමෝනෙය්‍ය යැ වචීමොනෙය්‍ය යැ මනෝමෝනෙය්‍ය යැයි: කායමොනෙය්‍යය කවරැ යත්: ත්‍රිවිධ කාය දුශ්චරිතයන් ගේ ප්‍රහාණය කායමෝනෙය්‍ය යැ, ත්‍රිවිධකායසුචරිතය කායමෝනෙය්‍ය යැ කය අරමුණු කොට උපන් නුවණ කායමෝනෙය්‍ය යැ, කායපරිඥාව කායමෝනෙය්‍ය යැ, පරිඥාසහගත වූ මාර්‍ගය කායමෝනෙය්‍ය යැ, කයෙහි ඡන්‍දරාගය දුරැලීම කායමෝනෙය්‍ය යැ, කායසංස්කාර නිරෝධය ඇති චතුර්‍තථධ්‍යානසමාපත්තිය කායමෝනෙය්‍ය යැ’ මේ කායමෝනෙය්‍ය නමි.

කතමං වචීමොනෙය්‍යං? චතුබ‍්බිධානං වචීදුච‍්චරිතානං පහාණං වචීමොනෙය්‍යං, චතුබ‍්බිධං වචීසුචරිතං වචීමොනෙය්‍යං, වාචාරම‍්මණෙ ඤාණං වචීමොනෙය්‍යං, වාචාපරිඤ‍්ඤා වචීමොනෙය්‍යං, පරිඤ‍්ඤාසහගතො මග‍්ගො වචීමොනෙය්‍යං, වාචාය ඡන්‍දරාගස‍්ස පහාණං වචීමොනෙය්‍යං. වචීසංඛාරනිරොධො දුතියජ‍්ඣානසමාපත‍්ති වචීමොනෙය්‍යං. ඉදං වචීමොනෙය්‍යං.

වචීමොනෙය්‍යය කවරැ යත්: චතුර්විධ වාග්දුශ්චරිතයන්ගේ ප්‍රහාණය වචීමොනෙය්‍ය යැ, චතුර්විධ වාක්සුචරිතය වචීමොනෙය්‍ය යැ, වාක් අරමුණු කොට උපන් නුවණ වචීමොනෙය්‍ය යැ වාක්පරිඥාව වචීමොනෙය්‍ය පරිඥාසහගත මාර්‍ගය වචීමොනෙය්‍ය යැ වාක්හි ඡන්‍දරාගප්‍රහාණය වචීමොනෙය්‍ය යැ, වාක්සංස්කාරනිරොධය ඇති ද්විතීයධ්‍යානසමාපත්තිය වචීමොනෙය්‍ය යැ, මේ වචීමොනෙය්‍ය නමි.

කතමං මනොමොනෙය්‍යං? තිවිධානං මනොදුච‍්චරිතානං පහානං මනොමොනෙය්‍යං, තිවිධං මනොසුචරිතං මනොමොනෙය්‍යං, චිත‍්තාරම‍්මණෙ ඤාණං මනොමොනෙය්‍යං, චිත‍්තපරිඤ‍්ඤා මනොමොනෙය්‍යං, පරිඤ‍්ඤාසහගතො මග‍්ගො මනොමොනෙය්‍යං, චිත‍්තෙ ඡන්‍දරාගස‍්ස පහානං මනොමොනෙය්‍යං, චිත‍්තසංඛාරනිරොධො සඤ‍්ඤාවෙදයිතනිරොධසමාපත‍්ති මනොමොනෙය්‍යං. ඉදං මනොමොනෙය්‍යං.

මනෝමෝනෙය්‍යය කවරැ යත්: ත්‍රිවිධ මනොදුශ්චරිතයන්ගේ ප්‍රහාණය මනෝමෝනෙය්‍ය යැ, ත්‍රිවිධ මනස්සුචරිතය මනෝමෝනෙය්‍ය යැ, සිත අරමුණු කොට උපන් නුවණ මනෝමෝනෙය්‍ය යැ චිත්තපරිඥාව මනෝමෝනෙය්‍ය යැ, පරිඥාසහගත මාර්‍ගය මනෝමෝනෙය්‍ය යැ, සිතෙහි ඡන්‍දරාගප්‍රහාණය මනෝමෝනෙය්‍ය යැ, චිත්තසංස්කාරයන්ගේ නිරෝධය ඇති සංඥාවෙදයිතනිරෝධසමාපත්තිය මනෝමෝනෙය්‍ය යැ, මේ මනෝමෝනෙය්‍ය නමි.

5. “කායමුනිං වාචාමුනිං මනොමුනිමනාසවං, මුනිං මොනෙය්‍යසම‍්පන‍්නං ආහු සබ‍්බප‍්පහායිනං.

5. (කායවාග්මනොදුශ්චරිතය දුරැලීම් වශයෙන්) කායමුනි වූ වාග්මුනි වූ මනොමුනි වූ අනාස්‍රව වූ (ඵලයෙහි සිටි හෙයින් මොනෙය්‍යසම්පන්න වු මුනිහු සියලු කෙලෙසුන් දුරු කෙළේ යයි කියත්.

6. කායමුනිං වාචාමුනිං මනොමුනිමනාසවං මුනිං මොනෙය්‍යසම‍්පන‍්නං ආහු නින‍්හාතපාපක’’න‍්ති.

6. කායමුනි වූ වාග්මුනි වූ මනොමුනි වූ අනාස්‍රව වූ මොනෙය්‍යසම්පන්න වූ මුනිහු සෝදා හළ පව් ඇත්තෙකැ යි කියත්.

ඉමෙහි තීහි මොනෙය්‍යෙහි ධම‍්මෙහි සමන‍්නාගතො ඡ මුනිනො: අගාරමුනිනො අනගාරමුනිනො සෙඛමුනිනො අසෙඛමුනිනො පච‍්චෙකමුනිනො මුනිමුනිනො.

මේ තුන් මොනෙය්‍යධර්‍මයන්ගෙන් සමන්‍විත වූ මුනීහු සදෙනෙකි; අගාරමුනිහු යැ අනගාරමුනිහු යැ ශෛක්ෂමුනිහු යැ අශෛක්ෂමුනිහු යැ ප්‍රත්‍යෙකමුනිහු යැ මුනිමුනිහු යැයි.

කතමෙ අගාරමුනිනො? යෙ තෙ අගාරිකා දිට‍්ඨපදා විඤ‍්ඤාතසාසනා, ඉමෙ අගාරමුනිනො. කතමෙ අනගාරමුනිනො? යෙ තෙ පබ‍්බජිතා දිට‍්ඨපදා විඤ‍්ඤාතසාසනා, ඉමෙ අනගාරමුනිනො. සත‍්ත සෙඛා සෙඛමුනිනො. අරහන‍්තො අසෙඛමුනිනො. පච‍්චෙකබුද‍්ධා පච‍්චෙකමුනිනො. මුනිමුනිනො වුච‍්චන‍්ති තථාගතා අරහන‍්තො සම‍්මාසම‍්බුද‍්ධා.

අගාරමුනිහු කවරහු ද යත්: දක්නාලද නිවන ඇති ශික්‍ෂාත්‍රය ශාසනය ඇති යම් ගිහිගේ වැසි කෙනෙක් වෙත් ද, මොහු අගාරමුනිහු යැ; අනගාරමුනිහු කවරහු ද යත්? දුටු නිවන ඇති දත් සසුන් ඇති යම් පැවිදි කෙනෙක් වෙත් ද, මොහු අනගාරමුනි හුයැ; සප්ත ශෛක්‍ෂයෝ සෙඛමුනිහු යැ; රහත්හු අසෙඛමුනිහු යැ; පසේබුදුවරයෝ පවෙවකමුනීහු යැ; තථාගත වූ අර්‍හත් සම්‍යක්සම්බුද්ධයෝ මුනිමුනිහු යයි කියනු ලැබෙත්.

7. “න මොනෙන මුනි හොති මූළ‍්හරූපො අවිද‍්දසු, යො ච තුලං ව පග‍්ගය‍්හ වරමාදාය පණ‍්ඩිතො.

7. මූඪප්‍රකෘති ඇති අවිඥ තෙම මෞනභාවය (- නො බැණ සිටීම) හේතු කොටගෙන මුනි වූයේ නො වෙයි. තවද පණ්ඩිත වූ යමෙක් තුලාව ගෙන සිටියක්හු සෙයින් උත්තම වූ ශීලසමාධ්‍යාදිය ගෙන -

8. පාපානි පරිවජ‍්ජෙති ස මුනී තෙන සො මුනී, යො මුනාති උභො ලොකෙ මුනී තෙන පවුච‍්චතී.

8. අකුශලධර්‍මයන් දුරු කෙරේ ද, හේ මුනි නම් වෙයි. යට කී කරුණෙන් හෙතෙම මුනි වූයේ යැ. යමෙක් ස්කන්‍ධාදි ලෝකයෙහි අධ්‍යාත්ම බාහිරාදි උභයාර්‍තථයන් දැනගනී ද, එ කරුණෙන් හෙතෙම මුනි යයි කියනු ලැබේ.

9. අසතඤ‍්ච සතඤ‍්ච ඤත්‍වා ධම‍්මං අජ‍්ඣත‍්තං බහිද‍්ධා ච සබ‍්බලොකෙ, දෙවමනුස‍්සෙහි පූජිතො යො සඞ‍්ගජාලමතිච‍්ච සො මුනී.

9. යමෙක් කුශලාකුශලප්‍රභෙද වූ සඳසත් ධර්‍මය ද සියලු ස්කන්‍ධාදි ලෝකයෙහි අධ්‍යාත්මබාහිරාදි ධර්‍මය ද දැන රාගාදි සඞ්ගය හා තෘෂ්ණාදෘෂ්ටිජාලය ඉක්මවා සිටියේ ද ඒ ක්‍ෂීණාස්‍රව මුනි තෙම දෙවිමිනිසුන් විසින් පුදනලදුයේ වේ.

විප‍්පමුත‍්තොති - මුනිනො රාගා චිත‍්තං මුත‍්තං විමුත‍්තං සුවිමුත‍්තං; දොසා චිත‍්තං - මොහා චිත‍්තං මුත‍්තං විමුත‍්තං සුවිමුත‍්තං -පෙ- සබ‍්බාකුසලාභිසඞ‍්ඛාරෙහි චිත‍්තං මුත‍්තං විමුත‍්තං සුවිමුත‍්තන‍්ති - ස පන‍්නභාරො මුනි විප‍්පමුත‍්තො.

විපපමුත්තො - මුනිහුගේ සිත රාගයෙන් මුක්ත යැ විමුක්ත යැ සුවිමුක්ත යැ, ද්වේෂයෙන් … මෝහයෙන් සිත මුක්ත - විමුක්ත - සුවිමුක්ත යැ. සියලු අකුශලාභිසංස්කාරයන් ගෙන් සිත මුක්ත යැ විමුක්ත යැ සුවිමුක්ත නුයි ‘ස පන්නහාරො මුනි විපපමුත්තො’ යනු වේ.

න කප‍්පියො නූපරතො න පත්‍ථියොති භගවාති - ‘කප‍්පා’ති ද‍්වෙ කප‍්පා: තණ‍්හාකප‍්පො ච දිට‍්ඨිකප‍්පො ච -පෙ- අයං තණ‍්හාකප‍්පො. -පෙ- අයං දිට‍්ඨිකප‍්පො. තස‍්ස තණ‍්හාකප‍්පො පහීනො. දිට‍්ඨිකප‍්පො පටිනිස‍්සට‍්ඨො. තණ‍්හාකප‍්පස‍්ස පහීනත‍්තා දිට‍්ඨිකප‍්පස‍්ස පටිනිස‍්සට‍්ඨතා තණ‍්හාකප‍්පං වා දිට‍්ඨිකප‍්පං වා න කප‍්පෙති න ජනෙති න සඤ‍්ජනෙති න නිබ‍්බත‍්තෙති නාභිනිබ‍්බත‍්තෙතීති - න කප‍්පියො; නූපරතොති සබ‍්බෙ බාලපුථුජ‍්ජනා රජ‍්ජන‍්ති, කල්‍යාණපුථුජ‍්ජනං උපාදාය සබ‍්බෙ සෙඛා අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය ආරමන‍්ති විරමන‍්ති පටිවිරමන‍්ති; අරහා ආරතො විරතො පටිවිරතො නික‍්ඛන‍්තො නිස‍්සටො විප‍්පමුත‍්තො විසඤ‍්ඤුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරතීති - න කප‍්පියො නූපරතො;

න කප්පියො නූපරතො න පත්ථියො ‘ති භගවා - ‘කප්ප’ යනු, තෘෂ්ණා කල්පය ද දෘෂ්ටිකල්පය දැ යි කල්ප දෙකෙකි. මේ දෘෂ්ටිකල්පය යි, ඔහු විසින් තෘෂ්ණාකල්පය ප්‍රහීණ යැ, දෘෂ්ටිකල්පය දුරලන ලද; තෘෂ්ණාකල්පය ප්‍රහීණ වන බැවින් දෘෂ්ටිකල්පය දුරලූ බැවින් තෘෂ්ණාකල්පය හො දෘෂ්ටිකල්පය හෝ නො කෙරෙයි. නො දනවයි නූපදවයි නො නිපදවයි. නො පහළ කෙරේ නුයි ‘න කප්පියො’ යනු වේ. නූපරතො - සියලු බාලපෘථග්ජනයෝ ඇලෙති, කල්‍යාණපෘථග්ජනයා පටන් සියලු ශෛක්‍ෂයෝ නො පැමිණි මාර්‍ගයා ගේ පැමිණීම පිණිස අනධිගත වූ ඵලයාගේ අධිගමය පිණිස පසක් නො කළ නිවන ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස නො ඇලෙති; විරාගයට පැමිණෙති, වෙසෙසින් විරාගයට පැමිණෙත්, ක්‍ෂීණාස්‍රව තෙම දුරුවූයේ වෙන්වූයේ සර්‍වාකාරයෙන් වෙන්වූයේ නික්මැගියේ පහවගියේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘න කප්පියො නූපරතො’ යනු වේ.

න පත්‍ථියොති - පත්‍ථනා වුච‍්චති තණ‍්හා, යො රාගො සාරාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලං. යස‍්සෙසා පත්‍ථනා තණ‍්හා පහීනා සමුච‍්ඡින‍්නා වූපසන‍්තා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තිකා ඤාණග‍්ගිනා දඩ‍්ඪා, සො වුච‍්චති න පත්‍ථියො; භගවාති ගාරවාධිවචනං; අපි ච භග‍්ගරාගොති භගවා, භග‍්ගදොසොති භගවා, භග‍්ගමොහොති භගවා, භග‍්ගමානොති භගවා, භග‍්ගදිට‍්ඨීති භගවා, භග‍්ගකණ‍්ටකොති භගවා, භග‍්ගකිලෙසොති භගවා, භජි පභජි පටිවිභජි ධම‍්මරතනන‍්ති භගවා, භවානං අන‍්තකරොති භගවා, භාවිතකායො භාවිතසීලො භාවිතචිත‍්තො භාවිතපඤ‍්ඤොති භගවා, භජි වා භගවා අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි අප‍්පසද‍්දානි අප‍්පනිග‍්ඝොසානි විජනවාතානි මනුස‍්සරාහසෙය්‍යකානි පටිසල‍්ලානසාරුප‍්පානීති භගවා, භාගී වා භගවා චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානප‍්පච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානන‍්ති භගවා, භාගී වා භගවා අත්‍ථරසස‍්ස ධම‍්මරසස‍්ස විමුත‍්තිරසස‍්ස අධිසීලස‍්ස අධිචිත‍්තස‍්ස අධිපඤ‍්ඤායාති භගවා, භාගී වා භගවා චතුණ‍්ණං ඣානානං චතුණ‍්ණං අප‍්පමඤ‍්ඤානං චතුණ‍්ණං අරූපසමාපත‍්තීනන‍්ති භගවා භාගී වා භගවා අට‍්ඨන‍්නං විමොක‍්ඛානං අට‍්ඨන‍්නං අභිභායතනානං අනුපුබ‍්බවිහාරසමාපත‍්තීනන‍්ති භගවා, භාගී වා භගවා දසන‍්නං සඤ‍්ඤාභාවනානං දසන‍්නං කසිණසමාපත‍්තීනං ආනාපානසතිසමාධිස‍්ස අසුභසමාපත‍්තියාති භගවා, භාගී වා භගවා චතුණ‍්ණං සතිපට‍්ඨානානං චතුණ‍්ණං සම‍්මප‍්පධානානං චතුණ‍්ණං ඉද‍්ධිපාදානං පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං පඤ‍්චන‍්නං බලානං සත‍්තන‍්නං බොජ‍්ඣඞ‍්ගානං අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්සාති භගවා, භාගී වා භගවා දසන‍්නං තථාගතබලානං චතුන‍්නං වෙසාරජ‍්ජානං චතුණ‍්ණං පටිසම‍්භිදානං ඡන‍්නං අභිඤ‍්ඤාඤාණානං ඡන‍්නං බුද‍්ධධම‍්මානන‍්ති භගවා, භගවාති නෙතං නාමං මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං න මිත‍්තාමච‍්චෙහි කතං, න ඤාතිසාලොහිතෙහි කතං, න සමණබ්‍රාහ‍්මණෙහි කතං, න දෙවතාහි කතං, විමොක‍්ඛන‍්තිකමෙතං බුද‍්ධානං භගවන‍්තානං බොධියා මූලෙ සහ සබ‍්බඤ‍්ඤුතඤාණස‍්ස පටිලාභා සච‍්ඡිකා පඤ‍්ඤත‍්ති යදිදං භගවාති - න කප‍්පියො නූපරතො න පත්‍ථියොති භගවාති.

න පත්ථියො - යනු: ‘පත්‍ථනා’ යී තෘෂ්ණාව කියනු ලබයි, යම් රාගයෙක් අධික රාගයෙක් … අභිධ්‍යාවක් ලොභඅකුශලමූලයෙක් වේ ද එය යි. යමක්හු විසින් තෙල ප්‍රාර්‍ත්‍ථනාව තෘෂ්ණාව ප්‍රහීණ කරන ලද්දී සිඳින ලද්දී සන්හිඳුවන ලද්දී උපතට නුසුදුසු වූවා නුවණගින්නෙන් දවන ලද්දී ද, හෙතෙම ‘න පත්ථිය’ යී කියනු ලැබෙයි. භගවා යනු: ගෞරව නාමයෙකි, තවද - නැසූ රාග ඇත් නුයි ‘භගවත්’ යැ, නැසූ ද්වේෂ ඇත් නුයි ‘භගවත්’ යැ, නැසූ මෝහ ඇත් නුයි ‘භගවත්’ යැ, නැසූ මාන ඇත් නුයි ‘භගවත්’ යැ, නැසූ දෘෂ්ටි ඇත් නුයි ‘භගවත්’ යැ, නැසූ කෙලෙස් කටු ඇත් නුයි ‘භගවත්’ යැ, නැසූ කෙලෙස් ඇත් නුයි ‘භගවත්’ යැ, දහම්රුවන් භාග - විභාග - ප්‍රතිවිභාග කෙළේ නුයි ‘භගවත්’ යැ භවයන් අන්ත කෙළේ නුයි ‘භගවත්’ යැ වැඩූ සිල් වැඩූ සිත වැඩූ නුවණ ඇත් නුයි ‘භගවත්’ යැ. බුදුහු අල්පශබ්ද වූ අල්පනිර්‍ඝොෂ වූ ජනවාත රහිත වූ මිනිසුන්ගේ රහස් කරුණට ස්ථාන වූ විවේකයට අනුරූප වූ වනසෙනසුන් වනයෙහි දුරසෙනසුන් වනකෙළවර සෙනසුන් ඇසුර කළාහු නුයි ‘භගවත්’ යැ. බුදුහු සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත්පිරිකරට හිමි වූවාහු නුයි හෝ ‘භගවත්’ යැ. බුදුහු අර්‍තථරසයට ධර්‍මරසයට විමුක්තිරසයට අධිශීලයට අධිචිත්තයට අධිප්‍රඥාවට හිමි වූවාහු නුයි හෝ ‘භගවත්’ යැ. බුදුහු සතර ධ්‍යානයන්ට සතර අප්‍රාමාණ්‍යයන්ට සතර අරූපසමාපත්තීන්ට හිමි වූවාහු නුයි හෝ ‘භගවත්’ යැ. බුදුහු අෂ්ට විමොක්ෂයන්ට අෂ්ට අභිහායතනයන්ට නව අනුපූර්‍වවිහාරසමාපත්තීන්ට හිමි වූවාහු නුයි හෝ ‘භගවත්’ යැ. බුදුහු දශ සංඥා භාවනාවන්ට දශ කෘත්ස්නසමාපත්තීන්ට අනාපානස්මෘති සමාධියට අශුභසමාපත්තියට හිමිවූවාහු නුයි හො ‘භගවත්’ යැ. බුදුහු සතර ස්මෘතිප්‍රස්ථානයන්ට සතර සම්‍යක්ප්‍රධානයන්ට සතර සෘද්ධිපාදයන්ට පඤ්චේන්‍ද්‍රියන්ට පඤ්ච බලයන්ට සප්ත බොධ්‍යඞගයන්ට ආර්‍යාෂ්ටාඞගිකමාර්ගයට හිමි වූවාහු නුයි හෝ ‘භගවත්’ යැ. බුදුහු දශ තථාගතබලයන්ට සතර වෛශාරද්‍යයන්ට සතර ප්‍රතිසංවිද්ධර්‍මයන්ට ෂඩ්භිඥාවන් ෂඩ්විධ බුද්ධධර්‍මයන්ට හිමි වූවාහු නුයි හෝ ‘භගවත්’ නම් වූහ. ‘භගවත්’ යන තෙල නාමය මෑණියන් විසින් නො කරන ලද, පියාණන් විසින් නො කරන ලද, භ්‍රාතෘහු විසින් නො කරන ලද, භගිනිය විසින් නො කරන ලද, මිත්‍රාමාත්‍යයන් විසින් නො කරන ලද, නෑසහලේනෑයන් විසින් නො කරන ලද, මහණබමුණන් විසින් නො කරන ලද, දේවතාවන් විසින් නො කරන ලද, යම් මේ ‘භගවත්’ යන නාමයක් වේ ද, භාග්‍යවත් බුදුවරයන්ට අර්‍හන්මාරර්‍ගාන්තයෙහි උපන් තෙල නාමය බොධිමණ්ඩයෙහි සර්‍වඥතාඥානයාගේ ප්‍රතිලාභය සමග අර්‍හත්ඵලප්‍රත්‍යක්ෂකරණයෙන් හෝ සර්‍වධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියක් වී නුයි ‘න කප්පියො නූපරතො න පත්ථියොති භගවා යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“ස සබ‍්බධම‍්මෙසු විසෙනිභූතො යං කිඤ‍්චි දිට‍්ඨං ව සුතං මුතං වා, ස පන‍්නභාරො මුනි විප‍්පමුත‍්තො න කප‍්පියො නූපරතො න පත්‍ථියොති භගවා”ති.

“ස සබ්බධමෙමසු -පෙ- න පත්ථියො ‘ති භගවා” යී.

මහාවියූහසුත‍්තනිද‍්දෙසො සමත‍්තො තෙරසමො.

තෙළෙස්වැනි මහාවියූහ සූත්‍රනිර්දේශය සමාප්තයි.