යෙදුමෙන් කියවන්න

14. 1

14. 1.

14. 1.

පුච‍්ඡාමි තං ආදිච‍්චබන්‍ධුං විවෙකං සන‍්තිපදඤ‍්ච මහෙසිං, කථං දිස‍්වා නිබ‍්බාති භික‍්ඛු අනුපාදියානො ලොකස‍්මිං කිඤ‍්චි.

ආදිත්‍යබන්‍ධු වූ මහර්ෂි වූ මුබ පුළුවුස්මි: යෝගාවචර මහණ තෙම (කායාදි) ත්‍රිවිධ විවේකය ද (නිවනට කරුණු වූ) බොධිපාක්‍ෂිකධර්‍මය ද කවර කරුණෙකින් දැක (කායාදි) ලෝකයෙහි (රූපාදි) කිසි ධර්‍මයක් උපාදානය නො කෙරෙමින් (රාගාදි කෙලෙසුන්) සන්හිඳුවන්නේ ද?

පුච‍්ඡාමි තං ආදිච‍්චබන්‍ධුන‍්ති - ‘පුච‍්ඡා’ති තිස‍්සො පුච‍්ඡා: අදිට‍්ඨජොතනා පුච‍්ඡා, දිට‍්ඨසංසන්‍දනා පුච‍්ඡා, විමතිච‍්ඡෙදනා පුච‍්ඡා.

පුච්ඡාමි තං ආදිච්චබන්‍ධු - ‘පුච්ඡා’ යනු පෘච්ඡා තුනෙකි; අදිට්ඨජොතනා පුච්ඡා යැ, දිට්ඨසංසන්දනා පුච්ඡා යැ, විමතිච්ඡෙදනා පුච්ඡා යි.

කතමා අදිට‍්ඨජොතනා පුච‍්ඡා? පකතියා ලක‍්ඛණං අඤ‍්ඤාතං හොති අදිට‍්ඨං අතුලිතං අතීරිතං අවිභූතං අවිභාවිතං, තස‍්ස ඤාණාය දස‍්සනාය තුලනාය තීරණාය විභාවනාය පඤ‍්හං පුච‍්ඡති. අයං අදිට‍්ඨජොතනා පුච‍්ඡා.

අදිට්ඨජොතනා පුච්ඡා කවර යත්: ධර්‍මයන්ගේ තථලක්‍ෂණය පියවින් නො දන්නා ලද නො දක්නා ලද තුලනය නො කරන ලද තීරණය නො කරන ලද ප්‍රකට නො කරන ලද නුවණින් නො වඩන ලද වේ ද, ඒ ධර්‍මයාගේ ලක්‍ෂණය දැනීමට තුලනයට තීරණයට ප්‍රකට කිරීමට ප්‍රශ්න විචාරයි. මෝ අදිට්ඨජොතනා පුච්ඡා යැ.

කතමා දිට‍්ඨසංසන්‍දනා පුච‍්ඡා? පකතියා ලක‍්ඛණං ඤාතං හොති දිට‍්ඨං තුලිතං තීරිතං විභූතං විභාවිතං, අඤ‍්ඤෙහි පණ‍්ඩිතෙහි සද‍්ධිං සංසන්‍දනත්‍ථාය පඤ‍්හං පුච‍්ඡති. අයං දිට‍්ඨසංසන්‍දනා පුච‍්ඡා.

දිට්ඨසංසන්දනා පුච්ඡා කවර යත්: පියවින් තථලක්‍ෂණය දන්නා ලද දක්නා ලද තුලනය කරන ලද තීරණය කරන ලද ප්‍රකට කරන ලද විභාවන කරන ලද වේ ද, අන්‍ය පණ්ඩිතයන් හා සසඳාලීම පිණිස ප්‍රශ්න විචාරයි. මෝ දිට්ඨසංසන්දනා පුච්ඡායැ.

කතමා විමතිච‍්ඡෙදනා පුච‍්ඡා? පකතියා සංසයපක‍්ඛන‍්තො හොති විමතිපක‍්ඛන‍්තො ද‍්වෙළ‍්හකජාතො ‘එවං නු ඛො, න නු ඛො, කිං නු ඛො, කථං නු ඛො’ති සො විමතිච‍්ඡෙදනත්‍ථාය පඤ‍්හං පුච‍්ඡති. අයං විමතිච‍්ඡෙදනා පුච‍්ඡා. ඉමා තිස‍්සො පුච‍්ඡා.

විමතිච්ඡෙදනාපුච්ඡා කවර යත්: ‘මෙසේ දෝ හෝ නො වේ දෝ හෝ කිමෙක් දෝ හෝ කෙසේ දෝ හෝ’ යි පියවින් සැකයට පැමිණිය් විමතියට පැමිණියේ හටගත් සැක ඇත්තේ වේ ද, හෙතෙම සැක සිඳීම සඳහා ප්‍රශ්න විචාරයි. මෝ ‘විමතිච්ඡෙදනා පුච්ඡා’ යැ; මේ තුන් ප්‍රශ්නයෝ යි.

අපරාපි තිස‍්සො පුච‍්ඡා: මනුස‍්සපුච‍්ඡා, අමනුස‍්සපුච‍්ඡා. නිම‍්මිතපුච‍්ඡා.

අන්‍යවූ ද ප්‍රශ්න තුනෙක් වෙයි: මනුෂ්‍යපෘච්ඡා යැ, අමනුෂ්‍යපෘච්ඡා යැ නිර්මිතපෘච්ඡා යැයි.

කතමා මනුස‍්සපුච‍්ඡා? මනුස‍්සා බුද‍්ධං භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා පඤ‍්හං පුච‍්ඡන‍්ති - භික‍්ඛු පුච‍්ඡන‍්ති, භික‍්ඛුනියො පුච‍්ඡන‍්ති, උපාසකා පුච‍්ඡන‍්ති, උපාසිකායො පුච‍්ඡන‍්ති, රාජානො පුච‍්ඡන‍්ති, ඛත‍්තියා පුච‍්ඡන‍්ති, බ්‍රාහ‍්මණා පුච‍්ඡන‍්ති, වෙස‍්සා පුච‍්ඡන‍්ති, සුද‍්දා පුච‍්ඡන‍්ති, ගහට‍්ඨා පුච‍්ඡන‍්ති, පබ‍්බජිතා පුච‍්ඡන‍්ති. අයං මනුස‍්සපුච‍්ඡා.

මනුෂ්‍යපුච්ඡා කවර යත්: මනුෂ්‍යයෝ භගවත් බුදුන් කරා එළඹ පැන පුළුවුස්ති - භික්‍ෂූහු විචාරති, භික්‍ෂුණීහු විචාරති, උපාසකයෝ විචාරති, උපාසිකාවෝ විචාරති, රජවරු විචාරති, ක්‍ෂත්‍රියයෝ විචාරති, බමුණෝ විචාරති, වෛශ්‍යයෝ විචාරති, ශුද්‍රයෝ විචාරති, ගැහැවියෝ විචාරති, පැවිද්දෝ විචාරත්; මෝ මනුෂ්‍යපෘච්ඡා යැ.

කතමා අමනුස‍්සපුච‍්ඡා? අමනුස‍්සා බුද‍්ධං භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා පඤ‍්හං පුච‍්ඡන‍්ති - නාගා පුච‍්ඡන‍්ති, සුපණ‍්ණා පුච‍්ඡන‍්ති, යක‍්ඛා පුච‍්ඡන‍්ති, අසුරා පුච‍්ඡන‍්ති, ගන්‍ධබ‍්බා පුච‍්ඡන‍්ති, මහාරාජානො පුච‍්ඡන‍්ති, ඉන්‍දා පුච‍්ඡන‍්ති, බ්‍රහ‍්මානො පුච‍්ඡන‍්ති, දෙවතායො පුච‍්ඡන‍්ති, අයං අමනුස‍්සපුච‍්ඡා.

අමනුෂ්‍යපුච්ඡා කවර යත්: අමනුෂ්‍යයෝ භාග්‍යවත් බුදුන් කරා එළඹ පැන පුළුවුස්ති - නාගයෝ විචාරති, සුපර්‍ණයෝ විචාරති, යක්‍ෂයෝ විචාරති, අසුරයෝ විචාරති, ගන්‍ධර්‍වයෝ විචාරති, වරම්රජහු විචාරති, ඉන්ද්‍රයෝ විචාරති, බ්‍රහ්මයෝ විචාරති, දේවතාවෝ විචාරත්; මෝ අමනුෂ්‍යපෘච්ඡා යැ.

කතමා නිම‍්මිතපුච‍්ඡා? යං භගවා රූපං අභිනිම‍්මිනාති මනොමයං සබ‍්බඞ‍්ගපච‍්චඞ‍්ගං අහීනින්‍ද්‍රියං, තං සො නිම‍්මිතො බුද‍්ධං භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා පඤ‍්හං පුච‍්ඡති, භගවා විස‍්සජ‍්ජෙති. අයං නිම‍්මිතපුච‍්ඡා. ඉමා තිස‍්සො පුච‍්ඡා.

නිර්මිතපෘච්ඡා කවර යත්: බුදුහු මනෝමය වූ සියලු අඟපසඟ ඇති අවිකල ඉඳුරන් ඇති යම් බුදුරුවක් මවත් ද, ඒ නිර්මිත බුදුහු භාග්‍යවත් වූ ඒ බුදුන් කරා එළඹ පැන පුළුවුස්ති, බුදුහු විසඳන සේක. මෝ නිර්මිතපෘච්ඡා යැ. මොහු තුන් පෘච්ඡා යි.

අපරාපි තිස‍්සො පුච‍්ඡා: අත‍්තත්‍ථපුච‍්ඡා, පරත්‍ථපුච‍්ඡා, උභයත්‍ථපුච‍්ඡා. අපරාපි තිස‍්සො පුච‍්ඡා: දිට‍්ඨධම‍්මිකත්‍ථපුච‍්ඡා, සම‍්පරායිකත්‍ථපුච‍්ඡා, පරමත්‍ථපුච‍්ඡා. අපරාපි තිස‍්සො පුච‍්ඡා: අනවජ‍්ජත්‍ථපුච‍්ඡා, නික‍්ඛෙපත්‍ථපුච‍්ඡා, වොදානත්‍ථපුච‍්ඡා. අපරාපි තිස‍්සො පුච‍්ඡා: අතීතපුච‍්ඡා, අනාගතපුච‍්ඡා, පච‍්චුප‍්පන‍්නපුච‍්ඡා. අපරාපි තිස‍්සො පුච‍්ඡා: අජ‍්ඣත‍්තපුච‍්ඡා, බහිද‍්ධාපුච‍්ඡා, අජ‍්ඣත‍්තබහිද‍්ධාපුච‍්ඡා. අපරාපි තිස‍්සො පුච‍්ඡා, ඛන්‍ධපුච‍්ඡා, ධාතුපුච‍්ඡා, ආයතනපුච‍්ඡා. අපරාපි තිස‍්සො පුච‍්ඡා: සතිපට‍්ඨානපුච‍්ඡා. සම‍්මප‍්පධානපුච‍්ඡා, ඉද‍්ධිපාදපුච‍්ඡා. අපරාපි තිස‍්සො පුච‍්ඡා: ඉන්‍ද්‍රියපුච‍්ඡා, බලපුච‍්ඡා, බොජ‍්ඣඞ‍්ගපුච‍්ඡා. අපරාපි තිස‍්සො පුච‍්ඡා: මග‍්ගපුච‍්ඡා, ඵලපුච‍්ඡා, නිබ‍්බානපුච‍්ඡා.

අනෙකුදු ප්‍රශ්න තුනෙක් වෙයි: ආත්මාර්‍තථපෘච්ඡා යැ, පරාර්‍තථපෘච්ඡා යැ, උභයාර්‍තථපෘච්ඡා යැයි. අනෙකුදු ප්‍රශ්න තුනෙකි: දෘෂ්ටධාර්මිකාර්‍තථපෘච්ඡා යැ, සාමපරායිකාර්‍තථපෘච්ඡා යැ, පරමාර්‍තථපෘච්ඡා යැයි. අනෙකුදු ප්‍රශ්න තුනෙකි: අනවද්‍යාර්‍තථපෘච්ඡා යැ, නික්ලෙශර්‍තථපෘච්ඡා යැ, ව්‍යවදානාර්‍තථපෘච්ඡා යැයි. අනෙකුදු ප්‍රශ්න තුනෙක් වෙයි: අතීතපෘච්ඡා යැ, අනාගතපෘච්ඡා යැ, වර්‍තමානපෘච්ඡා යැයි. අනෙකුදු තුන් ප්‍රශ්නයෙකි: අධ්‍යාත්මපෘච්ඡා යැ, බාහ්‍යපෘච්ඡා යැ, අධ්‍යාත්මබාහ්‍යපෘච්ඡා යැයි. අන්‍ය වූ ද ප්‍රශ්න තුනෙකි: කුශලපෘච්ඡා යැ, අකුශලපෘච්ඡා යැ, අව්‍යාකෘතපෘච්ඡා යැයි. අන්‍ය වූ ද ප්‍රශ්න තුනෙකි: ස්කන්‍ධපෘච්ඡා යැ, ධාතුපෘච්ඡා යැ, ආයතනපෘච්ඡා යැයි. අන්‍යවූ ද තුන් ප්‍රශ්නයෙකි: සතිපට්ඨානපෘච්ඡා යැ, සම්‍යක්ප්‍රධානපෘච්ඡා යැ, ඍද්ධිපාධපෘච්ඡා යැයි. අන්‍ය වූ ද තුන් ප්‍රශ්නයෙකි: ඉන්ද්‍රියපෘච්ඡා යැ, බලපෘච්ඡා යැ, බොධ්‍යඞ්ගපෘච්ඡා යැයි. අන්‍ය වූ ද තුන් ප්‍රශ්නයෙකි: මාර්‍ගපෘච්ඡා යැ, ඵලපෘච්ඡා යැ, නිර්‍වාණපෘච්ඡා යැයි.

පුච‍්ඡාමි තන‍්ති - පුච‍්ඡාමි තං, යාචාමි තං; අජ‍්ඣෙසාමි තං, පසාදෙමි තං; කථයස‍්සු මෙති - පුච‍්ඡාමි තං; ආදිච‍්චබන්‍ධුන‍්ති ආදිච‍්චො වුච‍්චති සුරියො; සුරියො ගොතමො ගොත‍්තෙන; භගවාපි ගොතමො ගොත‍්තෙන. භගවා සුරියස‍්ස ගොත‍්තඤාතකො ගොත‍්තබන්‍ධු, තස‍්මා බුද‍්ධො ආදිච‍්චබන්‍ධූති - පුච‍්ඡාමි තං ආදිච‍්චබන්‍ධුං.

පුච්ඡාමි තං - මුබ පුළුවුස්මි, මුබ අයැදිමි, මුබ ආරාධනය කෙරෙමි, මුබ පහදවමි, මට වදාළ මැනවැයි. ‘පුච්ඡාමි තං’ යනු වේ. ආදිච්චබන්‍ධුං ‘ආදිච්ච’ යි හිරු කියනු ලැබෙයි, හිරු ගෝත්‍රයෙන් ගෞතම යැ. භගවත්හු ද ගෝත්‍රයෙන් ගෞතම යැ. බුදුහු හිරුට ගෝත්‍රයෙන් ඥාතීහ, ගෝත්‍රයෙන් බන්‍ධු වූහ. එහෙයින් බුදුහු ආදිත්‍යබන්‍ධු වූහ’ යි ‘පුච්ඡාමි තං ආදිච්චබන්‍ධුං’ යනු වේ.

විවෙකං සන‍්තිපදඤ‍්ච මහෙසින‍්ති - ‘විවෙකො’ති තයො විවෙකා’ කායවිවෙකො, චිත‍්තවිවෙකො, උපධිවිවෙකො.

විවේකං සන්තිපදං ච මහෙසිං - ‘විවේකො’ යනු: විවේක තුනෙකි: කාය විවේක යැ, චිත්තවිවේක යැ, උපධිවිවේක යැයි.

කතමො කායවිවෙකො? ඉධ භික‍්ඛු විවිත‍්තං සෙනාසනං භජති, අරඤ‍්ඤං රුක‍්ඛමූලං පබ‍්බතං කන්‍දරං ගිරිගුහං සුසානං වනපත්‍ථං අබ‍්භොකාසං පලාලපුඤ‍්ජං. කායෙන ච විවිත‍්තො විහරති, සො එකො ගච‍්ඡති. එකො තිට‍්ඨති. එකො නිසීදති. එකො සෙය්‍යං කප‍්පෙති. එකො ගාමං පිණ‍්ඩාය පවිසති. එකො පටික‍්කමති. එකො රහො නිසීදති. එකො චඞ‍්කමං අධිට‍්ඨාති. එකො චරති විහරති ඉරීයති වත‍්තති පාලෙති යපෙති යාපෙති’ අයං කායවිවෙකො.

කායවිවේකය කවරේ ද යත්: මේ ශාසනයෙහි මහණ ආරණ්‍ය යැ වෘක්‍ෂමූල යැ පර්‍වත යැ කන්‍දර යැ ගිරිගුහා යැ ශමශාන යැ වානප්‍රස්ථ යැ අභ්‍යවකාශ යැ පලාලපුඤ්ජ යැ යන විවේක සෙනාසනයක් ඇසුරු කෙරෙයි, කයිනු දු විවික්ත වැ වෙසෙයි. හෙතෙම එකලා වැ යෙයි, එකලා වැ සිටියි, එකලා වැ හිඳී, එකලා වැ හොවී, එකලා වැ ගමට පිඬුපසිඟා යයි, එකලා වැ පෙරළා එයි, එකලා වැ රහසැ හිඳී, එකලා වැ සක්මන් කෙරෙයි, එකලා වැ හැසිරෙයි වෙසෙයි ඉරියව් පවත්වයි වැටෙයි රැකෙයි යැපෙයි යාපනය වේ. මේ කායවිවේක යැ.

කතමො චිත‍්තවිවෙකො? පඨමං ඣානං සමාපන‍්නස‍්ස නීවරණෙහි චිත‍්තං විචිත‍්තං හොති. දුතියං ඣානං සමාපන‍්නස‍්ස විතක‍්කවිචාරෙහි චිත‍්තං විචිත‍්තං හොති. තතියං ඣානං සමාපන‍්නස‍්ස පීතියා විචිත‍්තං චිත‍්තං හොති. චතුත්‍ථං ඣානං සමාපන‍්නස‍්ස සුඛදුක‍්ඛෙහි චිත‍්තං විචිත‍්තං හොති. ආකාසානඤ‍්චායතනං සමාපන‍්නස‍්ස රූපසඤ‍්ඤාය පටිඝසඤ‍්ඤාය නානත‍්තසඤ‍්ඤාය චිත‍්තං විචිත‍්තං හොති. විඤ‍්ඤාණඤ‍්චායතනං සමාපන‍්නස‍්ස ආකාසානඤ‍්චායතනසඤ‍්ඤාය චිත‍්තං විචිත‍්තං හොති. ආකිඤ‍්චඤ‍්ඤායතනං සමාපන‍්නස‍්ස විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤාය චිත‍්තං විචිත‍්තං හොති. නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමාපන‍්නස‍්ස ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤාය චිත‍්තං විචිත‍්තං හොති. සොතාපන‍්නස‍්ස සක‍්කායදිට‍්ඨියා විචිකිච‍්ඡාය සීලබ‍්බතපරාමාසා දිට‍්ඨානුසයා විචිකිච‍්ඡානුසයා තදෙකට‍්ඨෙහි ච කිලෙසෙහි චිත‍්තං විචිත‍්තං හොති. සකදාගාමිස‍්ස ඔළාරිකා කාමරාගසඤ‍්ඤොජනා, පටිඝසඤ‍්ඤොජනා, ඔළාරිකා කාමරාගානුසයා පටිඝානුසයා, තදෙකට‍්ඨෙහි ච කිලෙසෙහි චිත‍්තං විචිත‍්තං හොති. අනාගාමිස‍්ස අණුසහගතා කාමරාගසඤ‍්ඤොජනා පටිඝසඤ‍්ඤොජනා, අණුසහගතා කාමරාගානුසයා පටිඝානුසයා, තදෙකට‍්ඨෙහි ච කිලෙසෙහි චිත‍්තං විචිත‍්තං හොති. අරහතො රූපරාගා අරූපරාගා මානා උද‍්ධච‍්චා අවිජ‍්ජාය මානානුසයා භවරාගානුසයා අවිජ‍්ජානුසයා, තදෙකට‍්ඨෙහි ච කිලෙසෙහි, බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙහි චිත‍්තං විචිත‍්තං හොති. අයං චිත‍්තවිවෙකො.

චිත්තවිවේකය කවරැ යත්: පළමුවන දැහැනට සමවන්හුගේ සිත නීවරණයන්ගෙන් වෙන් වෙයි, දෙවැනි දැහැනට සමවන්හුගේ සිත විතර්‍කවිචාරයන්ගෙන් වෙන් වෙයි, තෙවැනි දැහැනට සමවන්හුගේ සිත ප්‍රීතියෙන් වෙන් වෙයි, සිවුවැනි දැහැනට සමවන්හුගේ සිත සුවදුක් දෙකින් වෙන් වෙයි, ආකාසානඤ්චායතනයට සමවන්හුගේ සිත රූපසංඥාවෙන් ප්‍රතිඝසංඥාවෙන් නානාත්මසංඥාවෙන් වෙන් වෙයි, විඤ්ඤාණඤ්චායතනයට සමවන්හුගේ සිත ආකාසානඤ්චායතන සංඥාවෙන් වෙන් වෙයි, ආකිඤ්චඤ්ඤායතනයට සමවන්හුගේ සිත විඤ්ඤාණඤ්චායතන සංඥාවෙන් වෙන් වෙයි, නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්හුගේ සිත ආකිඤ්චඤ්ඤායතන සංඥාවෙන් වෙන් වෙයි, සෝවාන්හුගේ සිත සත්කායදෘෂ්ටියෙන් විචිකිත්සායෙන් ශීලව්‍රතපරාමර්‍ශයෙන් දෘෂට්‍යනුශයෙන් විචිකිත්සානුශයෙන් ඔවුන් හා එක්වැ සිටි කෙලෙසුන්ගෙන් ද වෙන් වෙයි. සෙදගැමිහුගේ සිත ඖදාරික වූ කාමරාගසංයෝජනයෙන් ද, ප්‍රතිඝසංයෝජනයෙන් ද, ඖදාරික වූ කාමරාගානුශයෙන් ද, ප්‍රතිඝානුශයෙන් ද, තදේකස්ථ ක්ලේශයන්ගෙන් ද වෙන් වෙයි. අනගැමිහුගේ සිත අණුසහගත වූ කාමරාගසංයෝජනයෙන් හා ප්‍රතිඝසංයෝජනයෙන් ද, අණුසහගත වූ කාමරාගානුශයෙන් හා ප්‍රතිඝානුශයෙන් ද, තදේකස්ථ ක්ලේශයන්ගෙන් ද වෙන් වෙයි. රහත්හුගේ සිත රූපරාගයෙන් අරූපරාගයෙන් මානයෙන් ඖද්ධත්‍යයෙන් අවිද්‍යාවෙන් ද, මානානුශයෙන් භවරාගානුශයෙන් අවිද්‍යානුශයෙන් ද, තදේකස්ථ ක්ලේශයන්ගෙන් ද බාහ්‍ය වූ සියලු සංස්කාරනිමිත්තයන්ගෙන් ද වෙන් වෙයි. මේ චිත්තවිවේක යැ.

කතමො උපධිවිවෙකො? උපධි වුච‍්චති කිලෙසා ච ඛන්‍ධා ච අභිසඞ‍්ඛාරා ච; උපධිවිවෙකො වුච‍්චති අමතං නිබ‍්බානං, යො සො සබ‍්බසඞ‍්ඛාරසමථො සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගො තණ‍්හක‍්ඛයො විරාගො නිරොධො නිබ‍්බානං. අයං උපධිවිවෙකො.

උපධිවිවේකය කවරැ යත්: ක්ලේශයෝ ද ස්කන්‍ධයෝ ද අභිසංස්කාරයෝ ද උපධි යි කියනු ලැබෙයි. සියලු සංස්කාරයන් සන්හිඳුණු සියලු උපධි දුරැලූ තෘෂ්ණා ක්‍ෂය වූ කෙලෙස්රජස් නො ඇලුණු දුක නිරුද්ධ වූ තෘෂ්ණාවෙන් නික්මුණු ඒ අමාමහනිවන උපධිවිවේක යයි කියනු ලැබේ. මේ උපධි විවේක යයි.

කායවිවෙකො ච වූපකට‍්ඨකායානං නෙක‍්ඛම‍්මාභිරතානං, චිත‍්තවිවෙකො ච පරිසුද‍්ධචිත‍්තානං පරමවොදානප‍්පත‍්තානං, උපධිවිවෙකො ච නිරුපධීනං පුග‍්ගලානං විසඞ‍්ඛාරගතානං.

ගණසඞ්ගණිකායේන් වෙන් වූ කය ඇති (ප්‍රථමධ්‍යානාදි) නිෂ්කාම්‍යයෙහි ඇලුණවුන්ට කායවිවේකය ද, පිරිසිදු සිත් ඇති පරමපාරිශුද්ධියට පැමිණියවුන්ට චිත්තවිවේකය ද, විසංඛාරයට (- අරමුණු කිරීම් වශයෙන් නිවනට) පැමිණි උපධි රහිත පුද්ගලයන්ට උපධිවිවේකය ද වේ.

සන‍්තීති එකෙන ආකාරෙන සන‍්තිපි සන‍්තිපදම‍්පි තං යෙව අමතං නිබ‍්බානං, යො සො සබ‍්බසඞ‍්ඛාරසමථො සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගො තණ‍්හක‍්ඛයො විරාගො නිරොධො නිබ‍්බානං. වුත‍්තං හෙතං භගවතා: “සන‍්තමෙතං පදං පණීතමෙතං පදං, යදිදං සබ‍්බසඞ‍්ඛාරසමථො සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගො තණ‍්හක‍්ඛයො විරාගො නිරොධො නිබ‍්බාන”න‍්ති. අථවා අපරෙන ආකාරෙන යෙ ධම‍්මා සන‍්තාධිගමාය සන‍්තිඵුසනාය සන‍්තිසච‍්ඡිකිරියාය සංවත‍්තන‍්ති සෙය්‍යථීදං: චත‍්තාරො සතිපට‍්ඨානා, චත‍්තාරො සම‍්මප‍්පධානා, චත‍්තාරො ඉද‍්ධිපාදා, පඤ‍්චින්‍ද්‍රියානි, පඤ‍්ච බලානි, සත‍්ත බොජ‍්ඣඞ‍්ගා, අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො. ඉමෙ වුච‍්චන‍්ති සන‍්තිපදං තාණපදං ලෙනපදං සරණපදං අභයපදං අච‍්චුතපදං අමතපදං නිබ‍්බානපදං.

සන්ති - යනු: එක අයුරෙකින් ශාන්තිය ද ශාන්තිපදය ද එ මැ අමාමහ නිවන යැ, සියලු සංස්කාරයන් සන්හිඳුණු සියලු උපධීන් දුරුවැ සිටි තෘෂ්ණාක්‍ෂය වූ විරාග වූ දුඃඛනිරෝධ වූ ඒ නිර්‍වාණය යි. මේ වදාරන ලද මැය භාග්‍යවතුන් විසින්: යම් මේ සර්‍වසංස්කාරයන්ගේ ශමථයෙක් සර්‍වොපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාක්‍ෂයයෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද, තෙල ශාන්තපද යැ, තෙල ප්‍රණීතපද යැයි. නොහොත් අන්‍ය වූ අකාරයෙකින් යම් ධර්‍ම කෙනෙක් ශාන්ති (-නිර්‍වාණ) ප්‍රතිලාභය පිණිස ශාන්තිය (ඥානයෙන්) ස්පර්‍ශ කිරීම පිණිස ශාන්තිය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස පවත්නාහු ද, ඒ කවරහු ද යත්: සතර සතිපට්ඨානයෝ යැ, සතර සම්‍යක්ප්‍රධානයෝ යැ සතර ඍද්ධිපාදයෝ යැ, පඤ්චේන්‍ද්‍රියයෝ යැ පඤ්ච බලයෝ යැ සප්තබෝධ්‍යඞ්ගයෝ යැ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ග යැ යන මොහු යි. මේ ධර්‍මයෝ ශාන්තිපද යැ ත්‍රාණපද යැ ලෙනපද යැ සරණ පද යැ අභයපද යැ අච්‍යුතපද යැ අමෘතපද යැ නිර්‍වාණපද යැයි කියනු ලැබෙත්.

මහෙසීති, මහෙසී භගවා; මහන‍්තං සීලක‍්ඛන්‍ධං එසි ගවෙසි පරියෙසීති මහෙසි. මහන‍්තං සමාධික‍්ඛන්‍ධං - මහන‍්තං පඤ‍්ඤාක‍්ඛන්‍ධං - මහන‍්තං විමුත‍්තික‍්ඛන්‍ධං - මහන‍්තං විමුත‍්තිඤාණදස‍්සනක‍්ඛන්‍ධං එසි ගවෙසි පරියෙසීති මහෙසී. මහතො තමොකායස‍්ස පදාලනං, මහතො විපල‍්ලාසස‍්ස භෙදං, මහතො තණ‍්හාසල‍්ලස‍්ස අබ‍්බූහනං. මහතො දිට‍්ඨිසඞ‍්ඝාටස‍්ස විනිවෙඨනං, මහතො මානධජස‍්ස පපාතනං මහතො අභිසඞ‍්ඛාරස‍්ස වූපසමනං, මහතො, ඔඝස‍්ස නිත්‍ථරණං. මහතො භාරස‍්ස නික‍්ඛෙපනං, මහතො සංසාරවට‍්ටස‍්ස උපච‍්ඡෙදං, මහතො සන‍්තාපස‍්ස නිබ‍්බාපනං, මහතො පරිළාහස‍්ස පටිප‍්පස‍්සද‍්ධිං, මහතො ධම‍්මධජස‍්ස උස‍්සාපනං එසි ගවෙසි පරියෙසීති මහෙසී මහන‍්තෙ සතිපට‍්ඨානෙ - මහන‍්තෙ සම‍්මප‍්පධානෙ - මහන‍්තෙ ඉද‍්ධිපාදෙ - මහන‍්තානි ඉන්‍ද්‍රියානි - මහන‍්තානි බලානි - මහන‍්තෙ බොජ‍්ඣඞ‍්ගෙ මහන‍්තං අරියං අට‍්ඨංගිකං මග‍්ගං - මහන‍්තං පරමත්‍ථං අමතං නිබ‍්බානං එසි ගවෙසි පරියෙසීති මහෙසී. මහෙසක‍්ඛෙහි වා සත‍්තෙහි එසිතො ගවෙසිතො පරියෙසිතො ‘කහං බුද‍්ධො, කහං භගවා, කහං දෙවදෙවො’ කහං නරාසභො’ති මහෙසීති - විවෙකං සන‍්තිපදඤ‍්ච මහෙසිං.

මහේසි - යනු: බුදුහු මහර්ෂි යැ, මහත් වූ ශීලස්කන්‍ධය එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කෙළේ නුයි මහර්ෂි යැ; මහත් වූ සමාධිස්කන්‍ධය මහත් වූ ප්‍රඥාස්කන්‍ධය - මහත් වූ විමුක්තිස්කන්‍ධය - මහත් වු විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධය එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කෙළේ නුයි මහර්ෂි යැ, මහත් වූ තමස්කායයා ගේ ප්‍රදාලනය, මහත් වූ විපර්‍ය්‍යාසයා ගේ බිඳීම, මහත් වූ තෘෂ්ණාශල්‍යය ඉදිරීම, මහත් වු දෘෂ්ටිසඞ්ඝාටය ලෙහීම, මහත් වූ මානධවජය හෙළීම, මහත් වූ අභිසංස්කාරය සන්හිඳුවීම, මහත් වූ ඕඝය තරණය කිරීම, මහත් වූ (පස්කඳ) බර බහා තැබීම, මහත් වූ සසරවට සිඳීම, මහත් වූ (කෙලෙස්) තැවුලිය නිවීම, මහත් වූ (ක්ලේශ) පරිදාහය සන්හිඳුවීම, මහත් වූ ධර්‍මධවජය එසැවීම එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කෙළේ නුයි මහර්ෂි යැ, මහත් වූ සතිපට්ඨානයන් - මහත් සම්‍යක්ප්‍රධානයන් - මහත් ඍද්ධිපාදයන් - මහත් ඉන්‍ද්‍රියයන් - මහත් බලයන් - මහත් බෝධ්‍යඞ්ගයන් - මහත් වූ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය - මහත් වූ පරමාර්‍තථ වූ අමාමහනිවන එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කෙළේ නුයි මහර්ෂි යැ; නොහොත් මහේශාඛ්‍ය වූ සත්ත්‍වයන් විසින් ‘කොහි යැ බුදුහු, කොහි යැ භාග්‍යවත්හු, කොහි යැ දෙවියනට දෙවි වූවෝ, කොහි යැ නරශ්‍රෙෂ්ඨයෝ ය’ යි එෂිත ගවෙෂිත පර්‍ය්‍යෙෂිත නුයි මහර්ෂි නම් වෙත් යයි, ‘විවේකං සන්තිපදඤ්ච මහෙසිං’ යනු වේ.

කථං දිස‍්වා නිබ‍්බාති භික‍්ඛූති - කථං දිස‍්වා පස‍්සිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා අත‍්තනො රාගං නිබ‍්බාපෙති? දොසං නිබ‍්බාපෙති! මොහං නිබ‍්බාපෙති? කොධං, උපනාහං මක‍්ඛං, පළාසං, ඉස‍්සං, මච‍්ඡරියං, මායං, සාඨෙය්‍යං, ථම‍්භං, සාරම‍්භං, මානං, අතිමානං, මදං, පමාදං, සබ‍්බෙ කිලෙසෙ, සබ‍්බෙ දුච‍්චරිතෙ, සබ‍්බෙ දරථෙ, සබ‍්බෙ පරිළාහෙ, සබ‍්බෙ සන‍්තාපෙ, සබ‍්බාකුසලාභිසඞ‍්ඛාරෙ නිබ‍්බාපෙති සමෙති උපසමෙති වූපසමෙති පටිප‍්පස‍්සම‍්භෙති? භික‍්ඛූති පුථුජ‍්ජනකල්‍යාණකො වා භික‍්ඛු සෙඛො වා භික‍්ඛූති - කථං දිස‍්වා නිබ‍්බාති භික‍්ඛු.

කථං දිස්වා නිබ්බාති භික්ඛු - කිසෙයින් දැක බලා තුලනය කොට තීරණය කො විමසා විභූත කොට තමා ගේ රාගය නිවා ද? ද්වේෂය නිවා ද? මෝහය නිවා ද? ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පලාසය - ඊර්‍ෂ්‍යාව - මාත්සර්‍ය්‍යය - මායාව - ශාඨ්‍යය - ස්තම්භය - සාරම්භය - මානය - අතිමානය - මදය - ප්‍රමාදය - සියලු කෙලෙසුන් සියලු දුශ්චරිතයන් - සියලු දරථයන් - සියලු පරිදාහයන් - සියලු සන්තාපයන් - සියලු අකුශලාභිසංස්කාරයන් නිවා ද? ශමනය උපශමනය ව්‍යුපශමනය කෙරේ ද? සන්හිඳුවා ද? භික්ඛු යනු: පෘථග්ජනකල්‍යාණ භික්‍ෂු හෝ ශෛක්‍ෂ භික්‍ෂු හෝ නුයි ‘කථං දිස්වා නිබ්බාති භික්ඛු’ යනු වේ.

අනුපාදියානො ලොකස‍්මිං කිඤ‍්චීති - චතුහි උපාදානෙහි අනුපාදියමානො අගණ‍්හමානො අපරාමසමානො අනභිනිවිසමානො; ලොකස‍්මින‍්ති අපායලොකෙ දෙවලොකෙ ඛන්‍ධලොකෙ ධාතුලොකෙ ආයතනලොකෙ; කිඤ‍්චීති කිඤ‍්චි රූපගතං වෙදනාගතං සඤ‍්ඤාගතං සඞ‍්ඛාරගතං විඤ‍්ඤාණගතන‍්ති - අනුපාදියානො ලොකස‍්මිං කිඤ‍්චි.

අනුපාදියානො ලෝකස්මිං කිඤ්චි - සතර උපාදානයන්ගෙන් උපාදානය නො කරනුයේ නො ගන්නේ නො දැහැගන්නේ නො පිවිසෙනුයේ; ලෝකස්මිං යනු: අපායලෝකයෙහි මිනිස්ලොවැ දෙව්ලොවැ ස්කන්‍ධලෝකයෙහි ධාතුලෝකයෙහි ආයතනලෝකයෙහි; කිඤ්චි යනු: කිසි රූපගතයක් වෙදනාගතයක් සංඥාගතයක් සංස්කාරගතයක් විඥානගතයක් නුයි ‘අනුපාදියානො ලෝකස්මිං කිඤ්චි’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් කීහ ඒ නිර්මිත බුදුහු:

“පුච‍්ඡාමි තං ආදිච‍්චබන්‍ධුං විවෙකං සන‍්තිපදඤ‍්ච මහෙසිං, කථං දිස‍්වා නිබ‍්බාති භික‍්ඛු අනුපාදියානො ලොකස‍්මිං කිඤ‍්චි”ති.

“පුච්ඡාමි තං -පෙ- අනුපාදියානො ලෝකස්මිං කිඤ්චි” යී.