14. 2
14. 2.
14. 2.
මූලං පපඤ්ච සඞ්ඛායාති භගවා මන්තා අස්මීති සබ්බමුපරුන්ධෙ, යා කාචි තණ්හා අජ්ඣත්තං තාසං විනයා සදා සතො සික්ඛෙ.
බුදුහු මෙසේ වදාළ සේක: ‘ප්‍රපඤ්ච සඞ්ඛ්‍යාත තෘෂ්ණාදෘෂ්ටිහුගේ (අවිද්‍යාදි ක්ලේශ) මූලය ද මම් වෙමි’ පැවැති මානය ද නුවණින් සියල්ල වළහන්නේ යැ, අධ්‍යාත්මයෙහි යම් කිසි තෘෂ්ණාවක් උපදනේ ද ඔවුන්ගේ ප්රහාණය පිණිස හැමකල්හි (එළඹ සිටි) සිහි ඇති වැ හික්මෙන්නේ යි.
මූලං පපඤ්චසඞ්ඛායාති භගවා මන්තා අස්මීති සබ්බමුපරුන්ධෙති පපඤ්චායෙව පපඤ්චසඞ්ඛා; තණ්හා පපඤ්චසඞ්ඛා, දිට්ඨි පපඤ්චසඞ්ඛා, කතමං තණ්හාපපඤ්චස්ස මූලං? අවිජ්ජා මූලං, අයොනිසො මනසිකාරො මූලං. අස්මිමානො මූලං, අහිරිකං මූලං, අනොත්තප්පං මූලං, උද්ධච්චං මූලං, ඉදං තණ්හාපපඤ්චස්ස මූලං, කතමං දිට්ඨිපපඤ්චස්ස මූලං? අවිජ්ජා මූලං අයොනිසො මනසිකාරො මූලං. අස්මිමානො මූලං, අහිරිකං මූලං, අනොත්තප්පං මූලං, උද්ධච්චං මූලං, ඉදං දිට්ඨිපපඤ්චස්ස මූලං.
මූලං පපඤ්චසඞ්ඛායාති භගවා මන්තා අස්මීති සබ්බමුපරුන්ධෙ - ප්‍රපඤ්චයෝ මැ ‘පපඤ්චසඞ්ඛා’ නම, තෘෂ්ණාව ‘පපඤ්චසඞ්ඛා’ යැ, දෘෂ්ටිය පපඤ්චසඞ්ඛා යැ, තෘෂ්ණාප්රපඤ්චයා ගේ මූලය කවරැ යත්? අවිද්‍යාව මූල යැ, අයෝනිසෝ මනසිකාරය මූල යැ, අස්මිමානය මූල යැ, අහිරිකය මූල යැ, අනොත්තප්පය මූල යැ, උද්ධච්චය මූල යැ; මේ තෘෂ්ණාප්රපඤ්චයාගේ මූලය යි. දෘෂ්ටිප්‍රපඤ්චයාගේ මූලය කවරැ යත්? අවිද්‍යාව මූල යැ, අයෝනිසෝ මනසිකාරය මූල යැ, අස්මිමානය මූල යැ, අහිරිකය මූල යැ, අනොත්තප්පය මූල යැ, උද්ධච්චය මූල යැ, මේ දෘෂ්ටිප්‍රපඤ්චයාගේ මූලය යි.
භගවාති ගාරවාධිවචනං; අපි ච භග්ගරාගොති භගවා, භග්ගදොසොති භගවා, භග්ගමොහොති භගවා, භග්ගමානොති භගවා, භග්ගදිට්ඨීති භගවා, භග්ගකණ්ටකොති භගවා, භග්ගකිලෙසොති භගවා, භජි විභජි පටිවිභජි ධම්මරතනන්ති භගවා, භවානං අන්තකරොති භගවා, භාවිතකායොති භගවා භාවිතසීලො භාවිතචිත්තො භාවිතපඤ්ඤොති භගවා, භජි වා භගවා අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහසෙය්යකානි පටිසල්ලානසාරුප්පානීති භගවා, භාගී වා භගවා චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානන්ති භගවා, භාගී වා භගවා අත්ථරසස්ස ධම්මරසස්ස විමුත්තිරසස්ස අධිසීලස්ස අධිචිත්තස්ස අධිපඤ්ඤායාති භගවා, භාගී වා භගවා චතුණ්ණං ඣානානං චතුණ්ණං අප්පමඤ්ඤානං චතුණ්ණං අරූපසමාපත්තීනන්ති භගවා භාගී වා භගවා අට්ඨන්නං විමොක්ඛානං අට්ඨන්නං අභිභායතනානං නවන්නං අනුපුබ්බවිහාරසමාපත්තීනන්ති භගවා, භාගී වා භගවා දසන්නං සඤ්ඤාභාවනානං දසන්නං කසිණසමාපත්තීනං ආනාපානසතිසමාධිස්ස අසුභසමාපත්තියාති භගවා, භාගී වා භගවා චතුණ්ණං සතිපට්ඨානානං චතුණ්ණං සම්මප්පධානානං චතුණ්ණං ඉද්ධිපාදානං පඤ්චන්නං ඉන්ද්රියානං පඤ්චන්නං බලානං සත්තන්නං බොජ්ඣඞ්ගානං අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්සාති භගවා, භාගී වා භගවා දසන්නං තථාගතබලානං චතුණ්ණං වෙසාරජ්ජානං චතුණ්ණං පටිසම්භිදානං ඡන්නං අභිඤ්ඤාඤාණානං ඡන්නං බුද්ධධම්මානන්ති භගවා, භගවාති නෙතං නාමං මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං න මිත්තාමච්චෙහි කතං, න ඤාතිසාලොහිතෙහි කතං, න සමණබ්රාහ්මණෙහි කතං, න දෙවතාහි කතං, විමොක්ඛන්තිකමෙතං බුද්ධානං භගවන්තානං බොධියා මූලෙ සහ සබ්බඤ්ඤුතඤාණස්ස පටිලාභා සච්ඡිකාපඤ්ඤත්ති යදිදං භගවාති - මූලං පපඤ්චසඞ්ඛායාති භගවා.
භගවා යනු : ගෞරව නාමයෙකි; තවද බිඳහළ රාග ඇත් නුයි භගවත් යැ, නැසූ ද්වේෂ ඇත් නුයි - නැසූ මෝහ ඇත් නුයි - නැසූ මාන ඇත් නුයි - නැසූ දෘෂ්ටි ඇත් නුයි - නැසූ කෙලෙස්කටු ඇත් නුයි - නැසූ කෙලෙස් ඇත් නුයි භගවත් යැ. දහම්රුවන් භාග - විභාග - ප්‍රතිවිභාග කෙළේ නුයි භගවත් යැ භවයන් අන්ත කෙළේ නුයි - භාවිතකාය නුයි - භාවිතශීල - භාවිතචිත්ත - භාවිතප්‍රඥා ඇත් නුයි භගවත් යැ: නොහොත් බුදුහු අල්පශබ්ද වූ අල්පනිර්‍ඝොෂ ජනවාත රහිත වූ මනුෂ්‍යයන්ගේ රාහස්‍යයට කාරණ වූ විවේකයට යෝග්‍ය වූ වනසෙනසුන් වෙනෙහි දුර සෙනසුන් වනකෙළවර සෙනසුන් භජනය කළාහු නුයි භගවත් යැ, බුදුහු චීවර - පිණ්ඩපාත - සේනාසන - ගිලානපච්චයභෙසජ්ජ - පරික්ඛාරයනට හිමි වූවාහු නුයි භගවත් යැ, බුදුහු අර්‍තථරසයට ධර්‍මරසයට විමුක්තිරසයට අධිශීලයට අධිචිත්තයට අධිප්‍රඥාවට හිමි වූවාහු නුයි භගවත් යැ, බුදුහු සතර ධ්‍යානයන්ට සතර අප්‍රාමාණ්‍යයන්ට සතර අරූපසමාපත්තීන්ට හිමි වූවාහු නුයි හෝ භගවත් යැ, බුදුහු අෂ්ටවිමොක්ෂයන්ට අෂ්ට අභිභායතනයන්ට නව අනුරූපවිහාරසමාපත්තීන්ට හිමි වූවාහු නුයි - බුදුහු දශ සංඥාභාවනාවන්ට දසකසිණසමාපත්තීන්ට අනාපානසතිසමාධියට අසුභසමාපත්තියට හිමි වූවාහු නුයි - බුදුහු සතර සතිපට්ඨානයන්ට සතර සම්‍යක්ප්‍රධානයන්ට සතර ඍද්ධිපාදයන්ට පඤ්චේන්ද්රියයන්ට පඤ්ච බලයන්ට සප්ත බොධ්‍යඞ්ගයන්ට ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයට හිමි වූවාහු නුයි - බුදුහු දස තථාගතබලයන්ට චතුර්වෛශාරද්‍යයන්ට සතර ප්‍රතිසංවිද්ධර්‍මයන්ට ෂඩභිඥාවන් ෂඩ්බුද්ධධර්මයන්ට හිමි වූවාහු නුයි හෝ ‘භගවත්’ නමි. තෙල ‘භගවත්’ යන නාමය මෑණියන් විසින් නො කරන ලද, පියාණන් විසින් - බෑයකු විසින් - බූනක විසින් - සගයහළුවන් විසින් - නෑසහලේනෑයන් විසින් - මහණබමුණන් විසින් - දේවතාවන් විසින් නො කරන ලද, මේ ‘භගවත්’ යන තෙල නාමය භාග්‍යවත් බුදුවරයන්ට අර්‍හන්මාර්‍ගයාගේ අන්තයෙහි බෝමුල දී සර්‍වඥතාඥානයාගේ ප්‍රතිලාභය සමග රහත්ඵලය ප්රත්යක්ෂ කිරීමෙන් හෝ සර්වධර්මයන් ප්රත්යක්ෂ කිරීමෙන් උපන් ප්රඥප්ත්තියක් වී නුයි - ‘මූලං පපඤ්චසඞ්ඛායා ති භගවා’ යනු වේ.
මන්ති අස්මීති සබ්බමුපරුන්ධෙති - ‘මන්තා’ වුච්චති පඤ්ඤා, යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි; අස්මීති රූපෙ අස්මීති මානො, අස්මීති ඡන්දො, අස්මීති අනුසයො; වෙදනාය - සඤ්ඤාය - සඞ්ඛාරෙසු විඤ්ඤාණෙ අස්මීති මානො, අස්මීති ඡන්දො, අස්මීති අනුසයොති - මූලං පපඤ්චසඞ්ඛායාති භගවා මන්තා අස්මීති.
මන්තා අස්මීති සබ්බමුපරුන්ධෙ - ‘මන්තා’ යී ප්‍රඥාව කියනු ලබයි; යම් ප්‍රඥාවක් … අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද එයයි. අස්මි යනු රූපයෙහි මම් වෙමි යන මානය මම් වෙමි යන ඡන්දය, මම් වෙමි යන අනුසය, වේදනායෙහි - සංඥායෙහි - සංස්කාරයන්හි - විඥානයෙහි අස්මි යන මානය අස්මි යන ඡන්දය, අස්මි යන අනුසය නුයි ‘මූලං පපඤ්චසඞ්ඛායාති භගවා මන්තා අස්මීති’ යනු වේ.
සබ්බමුපරුන්ධෙති - පපඤ්චසඞ්ඛාය මූලඤ්ච අස්මිමානඤ්ච මන්තාය සබ්බං රුන්ධෙය්ය උපරුන්ධෙය්ය නිරොධෙය්ය වූපසමෙය්ය අත්ථඞ්ගමෙය්ය පටිප්පස්සම්භෙය්යාති - මූලං පපඤ්චසඞ්ඛායාති භගවා මන්තා අස්මීති සබ්බමුපරුන්ධෙ.
සබ්බමුපරුන්ධෙ - තෘෂ්ණාදෘෂ්ටිප්‍රපඤ්චයාගේ මූලය ද අස්මිමානය ද ප්‍රඥාවෙන් සියල්ල වළහන්නේය, වෙසෙසින් වළහන්නේය, නිරුද්ධ කරන්නේය, සන්හිඳුවන්නේය, අස්තයට පමුණුවන්නේය, දුරැලන්නේ නුයි මූලං පපඤ්චසඞ්ඛායාති භගවා මන්තා අස්මීති සබ්බමුපරුන්ධෙ’ යනු වේ.
යා කාචි තණ්හා අජ්ඣත්තන්ති - ‘යා කාචී’ති සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං අසෙසං නිස්සෙසං පරියාදියනවචනමෙතං යා කාචීති. තණ්හාති රූපතණ්හා -පෙ- ධම්මතණ්හා; අජ්ඣත්තන්ති අජ්ඣත්තසමුට්ඨානා වා සා තණ්හාති අජ්ඣත්තං; අථවා අජ්ඣත්තං වුච්චති චිත්තං, යං චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජා මනො විඤ්ඤාණධාතු; චිත්තෙන සා තණ්හා සහගතා සහජාතා සංසට්ඨා සම්පයුත්තා එකුප්පාදා එකනිරොධා එකවත්ථුකා එකාරම්මණාති පි අජ්ඣත්තන්ති - යා කාචි තණ්හා අජ්ඣත්තං.
යා කාචි තණ්හා අජ්ඣත්තං - ‘යා කාචි’ යනු: සියල්ලෙන් සියල්ල සර්වථායෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට ගන්නා වචනයෙකි තෙල ‘යා කාචි’ යනු. තණ්හා යනු: රූපතෘෂ්ණා යැ … ධර්‍මතෘෂ්ණා යී. අජ්ඣත්තං යනු: ඕ තෘෂ්ණාව අධ්‍යාත්මයෙහි උපදනී නුයි හෝ ‘අජ්ඣත්තං’ යනු වේ; නොහොත් ‘අජ්ඣත්තං’ යී සිත කියනු ලැබෙයි, යම් සිතෙක් මනසෙක් මානසයෙක් හදයෙක් භවාඞ්ගසිතෙක් මනසෙක් මනායතනයෙක් මනෙන්ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්ධයෙක් තදනුරූප වූ මනෝවිඥාන - ධාතුවෙක් වේ ද එය යි: ඕ තෘෂ්ණාව සිත හා සහගත වූවා සහජාත - සංසෘෂ්ට - සම්ප්‍රයුක්ත - ඒකෝත්පාද - ඒකනිරෝධ - ඒකවස්තුක - ඒකාලම්බන වූවා නුයි ද ‘අජ්ඣත්ත’ වේ නුයි ‘යා කාචි තණ්හා අජ්ඣත්තං’ යනු වේ.
තාසං විනයා සදා සතො සික්ඛෙති - ‘සදා’ති සදා සබ්බදා සබ්බකාලං නිච්චකාලං ධුවකාලං සතතං සමිතං අබ්බොකිණ්ණං පොඞ්ඛානුපොඞ්ඛං උදකොමිකාජාතං අවීචිසන්තතිසහිතං ඵුස්සිතං පුරෙභත්තං පච්ඡාභත්තං, පුරිමං යාමං මජ්ඣිමං යාමං පච්ඡිමං යාමං, කාලෙ ජුණ්හෙ, වස්සෙ හෙමන්තෙ ගිම්හෙ, පුරිමෙ වයොඛන්ධෙ මජ්ඣිමෙ වයොඛන්ධෙ පච්ඡිමෙ වයොඛන්ධෙ; සතොති චතුහි කාරණෙහි සතො: කායෙ කායානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො; වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො; අපරෙහිපි චතුහි කාරණෙහි සතො; අසතිපරිවජ්ජනාය සතො; සතිකරණීයානං ධම්මානං කතත්තා සතො; සතිපටිපක්ඛානං ධම්මානං හතත්තා සතො; සතිනිමිත්තානං ධම්මානං අසම්මුට්ඨත්තා සතො; අපරෙහිපි චතූහි කාරණෙහි සතො: සතියා සමන්නාගතත්තා සතො; සතියා වසිතත්තා සතො; සතියා පාගුඤ්ඤතාය සතො; සතියා අපච්චොරොහණතාය සතො. අපරෙහි චතූහි කාරණෙහි සතො: සත්තත්තා සතො, සමිතත්තා සතො, සන්තත්තා සතො, සන්තිධම්මසමන්නාගතත්තා සතො, බුද්ධානුස්සතියා සතො, ධම්මානුස්සතියා සතො, සඞ්ඝානුස්සතියා සතො, සීලානුස්සතියා සතො, චාගානුස්සතියා සතො, දෙවතානුස්සතියා සතො, ආනාපානසතියා සතො, මරණසතියා සතො, කායගතාසතියා සතො, උපසමානුස්සතියා සතො. යා සති අනුස්සති පටිස්සති සති සරණතා ධාරණතා අපිලාපනතා අපම්මුස්සනතා සති සතින්ද්රියං සතිබලං සම්මාසති සතිසම්බොජ්ඣඞ්ගො එකායනමග්ගො, a අයං වුච්චති සති. ඉමාය සතියා උපෙතො සමුපෙතො උපගතො සමුපගතො උපපන්නො සමුපපන්නො සමන්නාගතො. සො වුච්චති සතො.
තාසං විනයා සදා සතෝ සික්ඛෙ - ‘සදා’ යනු: සැමදා සැමකල සැමවිට දිනපතා නිරතුරු එක්ව අනෙකක් හා අමිශ්‍රව පිළිවෙළින් ගැටී දියරළක් මෙන් අවිරලව නො සිඳී එක්ව පැහැසී පෙරබත පසුබත පෙරයම මැදියම පැසුම්යම කෘෂ්ණපක්‍ෂයෙහි ශුක්ලපක්ෂයෙහි වසන්හි හිමත්හි ගිමන්හි පෙරවියෙහි මැදිවියෙහි පසුවියෙහි; සතෝ යනු: සතර කරුණෙකින් සිහි ඇතියේ: කයෙහි කායානුපස්සනාසතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ වේදනායෙහි … චිත්තයෙහි … ධර්මයන්හි ධමමානුපස්සනාසතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ. අන්‍යත් සතර කරුණෙකින් සිහි ඇතියේ: මුළා සිහිය දුරු කිරීමෙන් සිහි ඇතියේ; සිහියෙන් කටයුතු ධර්මයන් කළ හෙයින් සිහි ඇතියේ; සිහියට ප්රතිපක්ෂ වූ ධර්මයන් නැසූ බැවින් සිහි ඇතියේ, සතියට නිමිත්ත වූ ධර්මයන් නො නට බැවින් සිහි ඇතියේ; අන්‍යත් සතර කරුණෙකින් සිහි ඇතියේ: සිහියෙන් සමන්විත වන බැවින් සිහි ඇතියේ, සිහිය වසීභාවයට පැමිණ වූ හෙයින් සිහි ඇතියේ, සිහිය ප්‍රගුණ වන බැවින් සිහි ඇතියේ, සිහිය නො පසුබස්නා බැවින් සිහි ඇතියේ; අන්‍යවූ ද සතර කරුණෙකින් සිහි ඇතියේ; විද්‍යමාන බැවින් (හෝ වස්තුත්රයෙහි ඇලුණු බැවින්) සිහි ඇතියේ, කෙලෙස් සන්හිඳු වූ බැවින් සිහි ඇතියේ, නිවුණු බැවින් සිහි ඇතියේ, සත්පුරුෂධර්මයෙන් සමන්විත බැවින් සිහි ඇතියේ, බුද්ධානුස්මෘතියෙන් - ධර්මානුස්මෘතියෙන් - සඞ්ඝානුස්මෘතියෙන් - ශීලානුස්මෘතියෙන් - ත්‍යාගානුස්මෘතියෙන් - දෙවතානුස්මෘතියෙන් - ආනාපානස්මෘතියෙන් - මරණසතියෙන් - කායගතාසතියෙන් - උපශමානුස්මෘතියෙන් සිහි ඇතියේ, යම් ස්මෘතියක් අනුස්මෘතියක් ප්‍රතිස්මෘතියක් වේ ද, සිහියක් සිහි කරන බවක් ධරන බවක් සිහි කරවන බවක් නො මුළාවන බවක් වේ ද, ස්මෘතියෙක් ස්මෘතින්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක්ස්මෘතියෙක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් එකායනමාර්ගයෙක් වේ ද, මෝ ‘සති’ යයි කියනු ලබයි. මේ සතියෙන් යුක්ත වූයේ වෙසෙසින් යුක්ත වූයේ උපගත වූයේ සමූපගත වූයේ සමෘද්ධ වූයේ වෙසෙසින් සමෘද්ධ වූයේ සමන්විත වූයේ ද හෙතෙම ‘සිහි ඇතියේ’ යයි කියනු ලැබේ.
සික්ඛෙති - තිස්සො සික්ඛා: අධිසීලසික්ඛා අධිචිත්තසික්ඛා අධිපඤ්ඤාසික්ඛා.
සික්ඛෙ යනු: ශික්ෂා තුනෙකි: අධිශීලශික්‍ෂා අධිචිත්තශික්ෂා අධිප්රඥාශික්ෂා යයි.
කතමා අධිසීලසික්ඛා? ඉධ භික්ඛු සීලවා හොති. පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො, අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු, ඛුද්දකො සීලක්ඛන්ධො, මහන්තො සීලක්ඛන්ධො, සීලං පතිට්ඨා ආදි චරණං සංයමො සංවරො, මුඛං පමුඛං කුසලානං ධම්මානං සමාපත්තියා. අයං අධිසීලසික්ඛා.
අධිශීලශික්‍ෂා කවරැ යත්: මේ සස්නෙහි මහණ සිල්වත් වෙයි, ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවර වූයේ ආචාර - ගෝචර දෙකින් යුක්ත වූයේ මඳ පමණ වූ අකුශලයෙහි භය දක්නාසුලු වූයේ වෙසෙයි, ඒ ඒ ශික්ෂාපදය සමාදන් වැ හික්මෙයි, ක්ෂුද්රශීලස්කන්ධ යැ මහාශීලස්කන්ධ යැ, ශීලය පිහිට යැ ආදි යැ චරණ (-පාද) යැ සංයම යැ සංවරයැ, කුශලධර්‍මයන්ගේ ප්‍රතිලාභයට ද්වාරය වෙයි, උත්තම වේ. මෝ අධිශීලශික්‍ෂා යැ.
කතමා අධිචිත්තසික්ඛා? ඉධ භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො සුඛං ච කායෙන පටිසංවෙදෙති, යං තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති, තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං අධිචිත්තසික්ඛා.
අධිචිත්තශික්ෂා කවරැ යත්: මේ සස්නෙහි මහණ කාමච්ඡන්දයෙන් වෙන් ව අකුශලධර්මයන් ගෙන් වෙන් ව සවිතර්ක වූ සවිචාර වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුව ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි සම්ප්‍රසාදය ඇති චිත්තයාගේ ඒකෝදිභාවය ඇති අවිතර්ක වූ අවිචාර වූ සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුව ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වෙසෙයි, ප්‍රීතිය ද ඉක්මවීමෙන් උපේක්ෂාවෙන් යුක්ත ව වෙසෙයි, ස්මෘති ඇතියේ සම්‍යක්ප්‍රඥා ඇතියේ කයින් ධ්‍යානසුඛය ද විඳී, උපේක්ෂා ඇත්තේ ය ස්මෘතිමත් ය සුඛවිහරණ ඇත්තේ යයි ආර්ය්යන් ප්‍රකාශ කරන ඒ තෘතීයධ්‍යානයට පැමිණ වෙසෙයි, කායිකසුඛය ද කායිකදුඃඛය ද ප්රාහණයෙන් පළමු මැ සොම්නස්දොම්නසුන් අතුරුදහන් වීමෙන් දුක් නැති සුව නැති උපේක්ෂාව හා ස්මෘතිපාරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. මෝ අධිචිත්තශික්ෂා යැ.
කතමා අධිපඤ්ඤාසික්ඛා? ඉධ භික්ඛු පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධො’ති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති. ඉමෙ ආසවාති යථාභූතං පජානාති, අයං ආසවසමුදයො’ති යථාභූතං පජානාති, අයං ආසවනිරොධොති යථාභූතං පජානාති, අයං ආසවනිරොධගාමිනීපටිපදා’ති යථාභූතං පජානාති. අයං අධිපඤ්ඤාසික්ඛා.
අධිප්රඥාශික්ෂා කවරැ යත්: මේ සස්නෙහි මහණ ප්‍රඥාවත් වෙයි, නිර්දෝෂ වූ ලොභාදිය සිඳීමට පොහොසත් වූ මනාකොට දුක් ක්ෂය කිරීමට පමුණුවන උදයව්යයගාමිනී ප්‍රඥාවෙන් සමන්විත වූයේ වෙයි, හෙතෙම මේ දුකැ’ යි තතු සේ දැනගනී, ‘මේ දුඃඛසමුදයැ’ යි තතු සේ දැනගනී, ‘මේ දුඃඛනිරෝධ යැ’ යි තතු සේ දැනගනී, ‘මෝ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාව යැ’ යි තතු සේ දැනගනී; මොහු ආස්‍රවයෝ යැයි තතු සේ දැනගනී, මේ ආස්රවසමුදයැයි තතු සේ දැනගනී, මේ ආස්‍රවනිරෝධ යැයි තතු සේ දැනගනී, මෝ ආස්රවනිරොධගාමිනි ප්‍රතිපදාව යැයි තතු සේ දැනගනී. මෝ අධිප්රඥාශික්ෂා යි.
තාසං විනයා සදා සතො සික්ඛෙ’ති - තාසං තණ්හානං විනයාය පටිවිනයාය පහානාය වූපසමාය පටිනිස්සග්ගාය පටිප්පස්සද්ධියා අධිසීලම්පි සික්ඛෙය්ය, අධිචිත්තම්පි සික්ඛෙය්ය, අධිපඤ්ඤම්පි සික්ඛෙය්ය. ඉමා තිස්සො සික්ඛායො ආවජ්ජන්තො සික්ඛෙය්ය, ජානන්තො සික්ඛෙය්ය, පස්සන්තො සික්ඛෙය්ය, පච්චවෙක්ඛන්තො සික්ඛෙය්ය, චිත්තං අධිට්ඨහන්තො සික්ඛෙය්ය, සද්ධාය අධිමුච්චන්තො සික්ඛෙය්ය, විරියං පග්ගණ්හන්තො සික්ඛෙය්ය, සතිං උපට්ඨහන්තො සික්ඛෙය්ය, චිත්තං සමාදහන්තො සික්ඛෙය්ය, පඤ්ඤාය පජානන්තො සික්ඛෙය්ය, අභිඤ්ඤෙය්යං අභිජානන්තො සික්ඛෙය්ය, පරිඤ්ඤෙය්යං පරිජානන්තො සික්ඛෙය්ය, පහාතබ්බං පජහන්තො සික්ඛෙය්ය, භාවෙතබ්බං භාවෙන්තො සික්ඛෙය්ය, සච්ඡිකාතබ්බං සච්ඡිකරොන්තො සික්ඛෙය්ය, ආචරෙය්ය, සමාචරෙය්ය, සමාදාය වත්තෙය්යාති - තාසං විනයා සදා සතො සික්ඛෙ.
තාසං විනයා සදා සතෝ සික්ඛෙ - ඒ තෘෂ්ණාවන්ගේ විනය පිණිස ප්‍රතිවිනය පිණිස ප්රහාණය පිණිස සන්හිඳුවීම පිණිස දුරලීම පිණිස නූපදීම පිණිස අධිශීලයෙහි ද හික්මෙන්නේය, අධිචිත්තයෙහි ද හික්මෙන්නේ ය, අධිප්‍රඥාවෙහි ද හික්මෙන්නේය; මේ ත්‍රිවිධ ශික්ෂාවන් ආවර්ජන කෙරෙමින් හික්මෙන්නේය, දැනගනිමින් - දක්මින් - ප්රත්යවේක්ෂා කෙරෙමින් හික්මෙන්නේය, සිත පිහිටුවමින් හික්මෙන්නේය, සැදැහැයෙන් සනිටුහන් කෙරෙමින් - වීර්‍ය්‍යය දැඩිව ගනිමින් - සිහි එළවමින් - සිත පිහිටුවමින් - නුවණින් දැන ගනිමින් - වෙසෙසින් දතයුත්ත මනාකොට දැනගනිමින් - සමාන්යලක්ෂණාවබොධයෙන් දතයුත්ත හාත්පසින් දැනගනිමින් - ප්‍රහීණ කළ යුත්ත ප්‍රහීණ කෙරෙමින් - වැඩිය යුතු මාර්ගය වඩමින් - පසක් කළයුතු නිවන පසක් කෙරෙමින් හික්මෙන්නේය, හැසිරෙන්නේය, මොනොවට හැසිරෙන්නේය සමාදන් ව පවත්නේ නුයි ‘තාසං විනයා සදා සතෝ සික්ඛෙ’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“මූලං පපඤ්චසඞ්ඛායාති භගවා මන්තා අස්මීති සබ්බමුපරුන්ධෙ, යා කාචි තණ්හා අජ්ඣත්තං තාසං විනයා සදා සතො සික්ඛෙ”ති.
“මූලං පපඤ්චසඞ්ඛාය -පෙ- සදා සතෝ සික්ඛෙ” යී.