14. 3
14. 3.
14. 3.
යං කිඤ්චි ධම්මමභිජඤ්ඤා අජ‍්ඣත‍්තං අථවාපි බහිද‍්ධා, න තෙන ථාමං කුබ‍්බෙථ න හි සා නිබ්බුති සතං වුත‍්තා.
තමා කෙරෙහි වූ ද නොහොත් (උපාධ්‍යායාදි) බැහැර වූ ද යම් කිසි (කුලීනත්‍වාදි) ගුණයක් දන්නේ නම් ඒ හේතුකොටගෙන මානය නො කරන්නේය. ඒ උන්නතිය බුද්ධාදීන් විසින් නිබ්බුති යයි නො කියන ලද්දී ද එහෙයිනි.
යං කිඤ්චි ධම‍්මමභිජඤ‍්ඤා අජ‍්ඣත‍්තන‍්ති - යං කිඤ‍්චි අත‍්තනො ගුණං ජානෙය්‍ය කුසලෙ වා ධම‍්මෙ අබ්‍යාකතෙ වා ධම‍්මෙ. කතමෙ අත‍්තනො ගුණා? උච‍්චාකුලා පබ‍්බජිතො වා අස‍්සං මහාභොගකුලා පබ‍්බජිතො වා අස‍්සං; උළාරභොගකුලා පබ‍්බජිතො වා අස‍්සං, ඤාතො යසස‍්සී සගහට‍්ඨපබ‍්බජිතානන‍්ති වා අස‍්සං; ලාභීම‍්හි චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානන‍්ති වා අස‍්සං, සුත‍්තන‍්තිකො වා අස‍්සං, විනයධරො වා අස‍්සං, ධම‍්මකථිකො වා අස‍්සං, ආරඤ‍්ඤකො වා අස‍්සං, පිණ‍්ඩපාතිකො වා අස‍්සං, පංසුකූලිකො වා අස‍්සං, තෙචීවරිකො වා අස‍්සං, සපදානචාරිකො වා අස‍්සං, ඛලුපච‍්ඡාභත‍්තිකො වා අස‍්සං, නෙසජ‍්ජිකො වා අස‍්සං, යථාසන්‍ථතිකො වා අස‍්සං, පඨමස‍්ස ඣානස‍්ස ලාභීති වා අස‍්සං; දුතියස‍්ස ඣානස‍්ස ලාභීති වා අස‍්සං; තතියස‍්ස ඣානස‍්ස ලාභීති වා අස‍්සං; චතුත්‍ථස‍්ස ඣානස‍්ස ලාභීති වා අස‍්සං; ආකාසානඤ‍්චායතනසමාපත‍්තියා ලාභීති වා අස‍්සං; විඤ‍්ඤාණඤ‍්චායතනසමාපත‍්තියා - ආකිඤ‍්චඤ‍්ඤායතනසමාපත‍්තියා නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසමාපත‍්තියා ලාභීති වා අස‍්සං; ඉමෙ වුච‍්චන‍්ති අත‍්තනො ගුණා. යං කිඤ‍්චි අත‍්තනො ගුණං ජානෙය්‍ය ආජානෙය්‍ය විජානෙය්‍ය පටිවිජානෙය්‍ය පටිවිජ‍්ඣෙය්‍යාති යං කිඤ්චි ධම්මමභිජඤ්ඤා අජ‍්ඣත‍්තං.
යං කිඤ්චි ධම්මමභිජඤ්ඤා අජ්ඣත්තං - කුශලධර්‍මයෙහි හෝ අව්‍යාකෘතධර්‍මයෙහි හෝ යම් කිසි තමාගේ ගුණයක් දන්නේ නම් - තමාගේ ගුණයෝ කවරහ යත්? උසස් කුලයෙන් පැවිදි වූයෙම් හෝ වෙමි, ගැහැවි මහසල් කුලයෙන් පැවිදි වූයෙම් හෝ වෙමි, මහත් භොග ඇති කුලයෙන් පැවිදි වූයෙම් හෝ වෙමි, ගැහැවියන් සහිත පැවිද්දන් අතුරෙහි ප්‍රකටයෙම් යශස් ඇත්තෙම් හෝ වෙමි, සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත්පිරිකර ලබන්නෙම් හෝ වෙමි, සූත්‍ර හදාරනුයෙම් හෝ වෙමි, විනයධරයෙම් හෝ වෙමි, ධර්‍මකථිකයෙම් හෝ වෙමි, ආරණ්‍යකයෙම් හෝ වෙමි, පිණ්ඩපාතිකයෙම් හෝ වෙමි, පාංශුකූලිකයෙම් හෝ වෙමි, ත්‍රෛචීවරිකයෙම් හෝ වෙමි, සපදානවාරිකයෙම් හෝ වෙමි, ඛලුපච්ඡාභත්තිකයෙම් හෝ වෙමි, නෙසජ්ජිකයෙම් හෝ වෙමි, යථාසන්‍ථතිකාඞ්ග ඇතියෙම් හෝ වෙමි, ප්‍රථමධ්‍යානලාභී හෝ වෙමි, ද්වීතියධ්‍යානලාභී හෝ වෙමි, තෘතීයධ්‍යානලාභී හෝ වෙමි, චතුර්‍ත්‍ථධ්‍යානලාභී හෝ වෙමි, ආකාසානඤ්චායතනසමාපත්තිලාභී හෝ වෙමි, විඤ්ඤාණඤ්චායතනසමාපත්තිලාභී හෝ වෙමි, ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති - නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිලාභී හෝ වෙමි. මොහු තමාගේ ගුණයෝ යැයි කියනු ලැබෙති. යම් කිසි තමාගේ ගුණයක් දන්නේ නම් හාත්පසින් දන්නේ නම් වෙසෙසින් දන්නේ නම් මැනැවින් දන්නේ නම් අවබෝධ කරන්නේ නම් යී ‘යං කිඤ්චි ධම්මමභිජඤ්ඤා අජ්ඣත්තං’ යනු වේ.
අථවාපි බහිද‍්ධාති - උපජ‍්ඣායස‍්ස වා ආචරියස‍්ස වා තෙ ගුණා අස‍්සූති අජ‍්ඣත‍්තං අථවාපි බහිද‍්ධා.
අථවාපි බහිද්ධා - උපාධ්‍යායයන්ගේ හෝ ආචාර්‍ය්‍යයන්ගේ හෝ ඒ ගුණයෝ වන්නාහු නුයි ‘අථවාපි බහිද්ධා’ යනු වේ.
න තෙන ථාමං කුබ‍්බෙථාති - අත‍්තනො වා ගුණෙන පරෙසං වා ගුණෙන ථාමං න කරෙය්‍ය, ථම‍්භං න කරෙය්‍ය, මානං න කරෙය්‍ය, උන‍්නතිං න කරෙය්‍ය, උන‍්නමං න කරෙය්‍ය, න තෙන මානං ජනෙය්‍ය, න තෙන ථද‍්ධො අස‍්ස පත්‍ථද‍්ධො පග‍්ගහිතසිරොති - න තෙන ථාමං කුබ‍්බෙථ.
න තෙන ථාමං කුබ්බෙථ - තමාගේ ගුණයෙන් හෝ අනුන්ගේ ගුණයෙන් හෝ ථාමය නො කරන්නේය, තදබව නො කරන්නේය, මානය නො කරන්නේය, උන්නතිය නො කරන්නේය, උඩඟුබව නො කරන්නේය, එයින් මානය නූපදවන්නේය, එයින් තද වූයේ දැඩි වූයේ නැඟූ හිස ඇත්තේ නො වන්නේ යයි ‘න තෙන ථාමං කුබ්බෙථ’ යනු වේ.
න හි සා නිබ්බුති සතං වුත‍්තාති - සතානං සන‍්තානං සප‍්පුරිසානං බුද‍්ධානං බුද‍්ධසාවකානං පච‍්චෙකබුද‍්ධානං සා නිබ‍්බුතීති න වුත‍්තා; න පවුත‍්තා, න ආචික‍්ඛිතා, න දෙසිතා, න පඤ‍්ඤාපිතා න පට‍්ඨපිතා, න විවටා, න විභත‍්තා, න උත‍්තානීකතා, නප‍්පකාසිතාති - න හි සා නිබ්බුති සතං වුත‍්තා.
න හි සා නිබ්බුති සතං වුත්තා - සාධුන් ශාන්තයන් සත්පුරුෂයන් බුදුවරුන් බුදුසව්වන් පසේබුදුවරුන් විසින් ඒ උන්නතිය නිර්‍වෘතියයි නො කියන ලද්දීය, නො පවසන ලද්දීය, නො දෙසන ලද්දීය, නො පනවන ලද්දීය, නො තබන ලද්දීය, අවිවාතය, අවිභක්ත ය, ප්‍රකට නො කරන ලද, ප්‍රකාශ නො කරන ලද්දී නුයි ‘න හි සා නිබ්බුති සතං වුත්තා’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“යං කිඤ්චි ධම්මමභිජඤ්ඤා අජ‍්ඣත‍්තං අථවාපි බහිද‍්ධා, න තෙන ථාමං කුබ‍්බෙථ න හි සා නිබ්බුති සතං වුත‍්තා”ති.
“යං කිඤ්චි ධම්මමභිජඤ්ඤා -පෙ- න හි සා නිබ්බුති සතං වුත්තා” යී.