13. 4
13. 4.
13. 4.
සීලුත්තමා සඤ්ඤමෙනාහු සුද්ධිං වතං සමාදාය උපට්ඨිතා සෙ, ඉධෙව සික්ඛෙම අථස්ස සුද්ධිං භවූපනීතා කුසලාවදානා.
ශීලය මැ උතුමැයි හඟනාවූ ඇතැම් මහණබමුණු කෙනෙක් සංයම මාත්‍රයෙන් ශුද්ධිය කියති. (හස්තිව්රතාද) ව්‍රතය සමාදන්ව එළැඹසිටියාහු ‘මේ දෘෂ්ටියෙහි මැ හික්මෙනුවම්හ. එකල්හි මේ සත්ත්වයාගේ ශුද්ධිය වේ’ යයි භවයට පැමිණියාහු මැ කියති. (එහෙත් ඔහු) කුශලවාද ඇත්තාහු වෙත්.
සීලුත්තමා සඤ්ඤමෙනාහු සුද්ධින්ති - සන්තෙකෙ සමණබ්රාහ්මණා සීලුත්තමවාදා. තෙ සීලමත්තෙන සඤ්ඤමමත්තෙන සංවරමත්තෙන අවීතික්කමමත්තෙන සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං ආහංසු වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්ති; සමණමණ්ඩිකාපුත්තො එවමාහ: - “චතුහි ඛො අහං ථපති ධම්මෙහි සමන්නාගතං පුරිසපුග්ගලං පඤ්ඤපෙමි සම්පන්නකුසලං පරමකුසලං උත්තමපත්තිපත්තං සමණං අයොජ්ඣං. කතමෙහි චතුහි:
සිලුත්තමා සඤ්ඤමෙනාහු සුද්ධිං - ශීලය මැ උතුමැයි සිතන්නාවූ ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති. ඔවුහු ශීලමාත්‍රයෙන් සංයමමාත්‍රයෙන් සංවරමාත්රයෙන් අව්යතික්රමමාත්රයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත්. ශ්රමණමණ්ඩිකාපුත්ර තෙම මෙසේ කියයි: “ගෘහපතිය යම් කරුණු සතරෙකින් සමන්විත වූ පුද්ගලයා පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් ඇති උත්තම වූ අර්හත්ත්වයට පැමිණි අයොධ්‍ය වූ (- වාදයෙන් නො පැරැදවිය හැකි) ශ්‍රමණයා යැ” යි දක්වමි. කවර සතරෙකිනැ යත්:
ඉධ ථපති න කායෙන පාපකං කම්මං කරොති; න පාපකං වාචං භාසති; න පාපකං සඞ්කප්පං සඞ්කප්පෙති; න පාපකං ආජීවං ආජීවති. ඉමෙහි ඛො අහං ථපති චතුහි ධම්මෙහි සමන්නාගතං පුරිසපුග්ගලං පඤ්ඤපෙමි සම්පන්නකුසලං පරමකුසලං උත්තමපත්තිපත්තං සමණං අයොජ්ඣ”න්ති. එවමෙවං සන්තෙකෙ සමණබ්රාහ්මණා සීලුත්තමවාදා, තෙ සීලමත්තෙන සඤ්ඤමමත්තෙන සංවරමත්තෙන අවීතික්කමමත්තෙන සුද්ධිං විසුද්ධි පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං ආහංසු වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්තීති - සීලුත්තමා සඤ්ඤමෙනාහු සුද්ධිං.
ගෘහපතිය, මෙහි (යමෙක්) කයින් පව්කම් නො කෙරේ ද, ලාමක වූ තෙපුල් නො බෙණේ ද, ලාමක වූ සංකල්පය නො සිතා ද, ලාමක ආජීවයෙන් ජීවත් නො වේ ද, ගෘහපතිය, මේ කරුණු සතරින් යුක්ත වූ පුද්ගලයා පරිපූර්ණ වූ කුසල් ඇති උත්තම වූ කුසල් ඇති උත්තම වූ අර්හත්ත්වයට පැමිණි අයොධ්‍ය වූ ශ්‍රමණයා’ යී කියමි.” මෙ පරිද්දෙන් ශීලය මැ උතුමැයි වාද ඇති ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත්තාහුය; ඔවුහු ශීලමාත්‍රයෙන් සංයමමාත්‍රයෙන් සංවරමාත්රයෙන් අව්යතික්රමමාත්රයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි ‘සිලුත්තමා සඤ්ඤමෙනාහු සුද්ධිං’ යනු වේ.
වතං සමාදාය උපට්ඨිතා සෙති - ‘වත’න්ති හත්ථිවතං වා අස්සවතං වා ගොවතං වා කුක්කුරවතං වා කාකවතං වා වාසුදෙවවතං වා බලදෙවවතං වා පුණ්ණභද්දවතං වා මණිභද්දවතං වා අග්ගිවතං වා නාගවතං වා සුපණ්ණවතං වා යක්ඛවතං වා අසුරවතං වා ගන්ධබ්බවතං වා මහාරාජවතං වා චන්දවතං වා සුරියවතං වා ඉන්දවතං වා බ්රහ්මවතං වා දෙවවතං වා දිසාවතං වා ආදාය සමාදාය ආදියිත්වා සමාදියිත්වා ගණ්හිත්වා පරාමසිත්වා අභිනිවිසිත්වා උපට්ඨිතා පච්චුපට්ඨිතා අල්ලීනා උපගතා අජ්ඣොසිතා අධිමුත්තාති - වතං සමාදාය උපට්ඨිතා සෙ.
වතං සමාදාය උපට්ඨිතා යෙ - ‘වත’ නම්: හස්තිව්‍රතය හෝ අශ්වව්රතය හෝ ගෝව්‍රතය හෝ කුකකුරව්රතය හෝ කාකව්රතය හෝ වාසුදෙවව්රතය හෝ බලදෙවව්රතය හෝ පූර්ණභද්රව්රතය හෝ මණිභද්රව්රතය හෝ අග්නිව්‍රතය හෝ නාගව්රතය හෝ සුපර්ණව්රතය හෝ යක්ෂව්රතය හෝ අසුරව්රතය හෝ ගාන්ධර්වව්රතය හෝ මහාරාජව්රතය හෝ චන්ද්රව්රතය හෝ සූර්ය්යව්රතය හෝ ඉන්ද්රව්රතය හෝ බ්රහ්මව්රතය හෝ දෙවව්රතය හෝ දිශාව්‍රතය හෝ ගෙන සමාදන්ව ආදානය කොට සමාදානය කොට ග්‍රහණය කොට පරාමර්ෂණය කොට අභිනිවේශය කොට එළැඹ සිටියාහු ප්‍රත්‍යුපස්ථිත වූවාහු ඇලුණාහු පැමිණියාහු බැසගත්තාහු වැදගත්තාහු නුයි ‘වතං සමාදාය උපට්ඨිතා යෙ’ යනු වේ.
ඉධෙව සික්ඛෙම අථස්ස සුද්ධින්ති - ‘ඉධා’ති සකාය දිට්ඨියා සකාය ඛන්තියා සකාය රුචියා සකාය ලද්ධියා; සික්ඛෙමාති සික්ඛෙම ආචරෙම සමාචරෙම සමාදාය වත්තෙමාති ඉධෙව සික්ඛෙම; අථස්සසුද්ධින්ති අථස්ස සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තින්ති - ඉධෙව සික්ඛෙම අථස්ස සුද්ධිං.
ඉධෙව සික්ඛෙමෙ අථස්ස සුද්ධිං - ‘ඉධ’ යනු: ස්වකීය දෘෂ්ටියෙහි ස්වකීය ක්ෂාන්තියෙහි ස්වකීය රුචියෙහි ස්වකීය ලබ්ධියෙහි; සික්ඛෙමෙ හික්මෙම්හ හැසිරෙම්හ මොනොවට හැසිරෙම්හ සමාදන්ව පවතුම්හයි ‘ඉධෙව සික්ඛෙමෙ’ යනු වේ. අථසස සුද්ධිං - එකල්හි ඔහුගේ ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වේ නුයි ‘ඉධෙව සික්ඛෙමෙ අථස්ස සුද්ධිං’ යනු වේ.
භවූපනීතා කුසලාවදානාති - ‘භවූපනීතා’ති භවූපනීතා භවූපගතා භවජ්ඣොසිතා භවාධිමුත්තාති - භවූපනීතා; කුසලාවදානාති කුසලවාදාපණ්ඩිතවාදා ථිරවාදා ඤායවාදා හෙතුවාදා ලක්ඛණවාදා කාරණවාදා ඨානවාදා සකාය ලද්ධියාති - භවූපනීතා කුසලාවදානා.
භවූපනීතා කුසලාවදානා - ‘භවූපනීතා’ යනු: භවයට එළඹියාහු භවයට පැමිණියාහු භවයට පැසගත්තාහු භවයෙහි ඇලුණාහු නුයි ‘භවූපනීතා’ යනු වේ; කුසලාවදානා - ස්වකීය ලබ්ධියෙහි කුසලයම්හ යන වාද ඇත්තාහු පණඩිතවාද ඇත්තාහු සථිරවාද ඇත්තාහු න්‍යායවාද ඇත්තාහු හේතුවාද ඇත්තාහු ලක්ෂණවාද ඇත්තාහු කාරණවාද ඇත්තාහු ස්ථානවාද ඇත්තාහු නුයි ‘භවූපනීතා කුසලාවදානා’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“සීලුත්තමා සඤ්ඤමෙනාහු සුද්ධිං වතං සමාදාය උපට්ඨිතා සෙ. ඉධෙව සික්ඛෙම අථස්ස සුද්ධිං භවූපනීතා කුසලාවදානා”ති.
“සිලුත්තමා -පෙ- භවූපනීතා කුසලාවදානා” යී.