13. 3
13. 3.
13. 3.
යා කාචිමා සම්මුතියො පුථුජ‍්ජා සබ‍්බාව එතා න උපෙති විද‍්වා, අනුපයො සො උපයං කිමෙය්‍ය දිට‍්ඨෙ සුතෙ ඛන‍්තිමකුබ‍්බමානො.
පුහුදුනුවන් කෙරෙන් පහළ වූ යම් කිසි දෘෂ්ටි කෙනෙක් වෙත් ද, විද්වද් තෙමේ තෙල සියලු මැ දෘෂ්ටීන්ට නො පැමිණෙයි. (තෘෂ්ණා දෘෂ්ටි) උපය රහිත වූ හෙතෙම දෘෂ්ට - ශ්‍රැත - මුතශුද්ධියෙහි රුචි නො කරනුයේ රූපාදි උපයකට කිම පැමිණෙන්නේ ද.
යා කාචිමා සම‍්මුතියො පුථුජ‍්ජාති - ‘යා කාචී’ති සබ‍්බෙන සබ‍්බං සබ‍්බථා සබ‍්බං අසෙසං නිස‍්සෙසං පරියාදියන වචනමෙතං යා කාචී’ති; සම‍්මුතියොති සම‍්මුතියො වුච‍්චන‍්ති ද‍්වාසට‍්ඨි දිට‍්ඨිගතානි දිට‍්ඨිසම‍්මුතියො; පුථුජ‍්ජාති පුථුජ‍්ජනෙහි ජනිතා සම‍්මුතියොති පුථුජ‍්ජා; පුථු නානා ජනෙහි ජනිතා වා සම‍්මුතියොති පුථුජ‍්ජාති - යා කාචි’මා සම්මුතියො පුථුජ්ජා.
යා කාචි මා සම්මුතියො පුථුජ්ජා - ‘යා කාචි’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වාථයෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි: තෙල ‘යා කාචි’ යනු: සම්මුතියො - ‘සම්මුති’ යී ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ කියනු ලැබෙති, ඒ දෘෂ්ටිසම්මුතීහු; පුථුජ්ජා - පුහුදුනුවන් විසින් උපදවන ලද සම්මුතීහු නුයි ‘පුථුජ්ජා’ නම් වෙති; බොහෝ නානා ජනයන් විසින් උපදවන ලද සම්මුතීහු නුයි හෝ ‘පුථුජ්ජා’ නම් වෙත් නුයි.’ යා කාචිමා සම්මුතියො පුථුජ්ජා’ යනු වේ.
සබ‍්බාව එතා න උපෙති විද‍්වාති - විද‍්වා විජ‍්ජාගතො ඤාණී විභාවී මෙධාවී; සබ‍්බාව එතා දිට‍්ඨිසම‍්මුතියො නෙති, න උපෙති, න උපගච‍්ඡති, න ගණ‍්හාති, න පරාමසති, නාභිනිවිසතීති - සබ‍්බාව එතා න උපෙති විද‍්වා.
සබ්බාව එතා න උපේති විද්වා - විද්වද් තෙමේ විද්‍යාවට පැමිණියේ නුවණැතියේ විමංසනප්‍රඥා ඇතියේ තීරණප්‍රඥා ඇතියේ තෙල සියලු මැ දෘෂ්ටිසම්මුතීන්ට නො එයි, නො පැමිණෙයි, උපගමනය නො කෙරෙයි, නො ගනී, නො දැනගනී, නො පිවිසගනී නුයි ‘සබ්බාව එතා න උපේති විද්වා’ යනු වේ.
අනුපයො සො උපයං කිමෙය්‍යාති - ‘උපයොති’ ද‍්වෙ උපයා තණ‍්හූපයො ච දිට‍්ඨූපයො ච. -පෙ- අයං දිට‍්ඨූපයො, තස‍්ස තණ‍්හූපයො පහීනො, දිට‍්ඨූපයො පටිනිස‍්සට‍්ඨො; තණ‍්හූපයස‍්ස පහීනත‍්තා දිට‍්ඨූපයස‍්ස පටිනිස‍්සට‍්ඨත‍්තා අනුපයො පුග‍්ගලො කිං රූපං උපෙය්‍ය උපගච‍්ඡෙය්‍ය ගණ‍්හෙය්‍ය පරාමසෙය්‍ය අභිනිවෙසෙය්‍ය ‘අත‍්තා මෙ’ති’, කිං වෙදනං - කිං සඤ‍්ඤං - කිං සඞ‍්ඛාරෙ - කිං විඤ‍්ඤාණං - කිං ගතිං - කිං උප‍්පත‍්තිං - කිං පටිසන්‍ධිං - කිං භවං - කිං සංසාරං කිං වට‍්ටං උපෙය්‍ය උපගච‍්ඡෙය්‍ය ගණ‍්හෙය්‍ය පරාමසෙය්‍ය අභිනිවෙසෙය්‍යාති - අනුපයො සො උපයං කිමෙය්‍ය.
අනුපයො සො උපයං කිමෙය්‍ය - ‘උපය’ නම්: තෘෂ්ණා උපය ද දෘෂ්ටි උපය දැයි උපයයෝ දෙදෙනෙකි. … මේ දෘෂ්ටිඋපය නමි. ඔහු විසින් තෘෂ්ණා උපය ප්‍රහීණ යැ, දෘෂ්ටිඋපය දුරලන ලද්දේය. තෘෂ්ණාඋපය ප්‍රහීණ වන බැවින් දෘෂ්ටිඋපය දුරලූ බැවින් උපය රහිත වූ පුද්ගල තෙම කිම රූපය ‘මාගේ ආත්මය’ යි පැමිණෙන්නේ ද එළැඹෙන්නේ ද ග්‍රහණය කරන්නේ ද පරාමර්‍ශනය කරන්නේ ද අභිනිවේශය කරන්නේ ද, කිම වේදනාව - සංඥාව - සංස්කාරයන් - විඥානය - ගතිය - උත්පත්තිය - ප්‍රතිසන්‍ධිය - භවය - සංසාරය - කිම වෘත්තයට පැමිණෙන්නේ ද, එළඹෙන්නේ ද, ග්‍රහණය කරන්නේ ද, පරාමර්‍ෂණය කරන්නේ ද, අභිනිවේශය කරන්නේ දැ’ යි ‘අනුපයො සො උපයං කිමෙය්‍ය’ යනු වේ.
දිට‍්ඨෙ සුතෙ ඛන‍්තිමකුබ‍්බමානොති - දිට‍්ඨෙ වා දිට‍්ඨසුද‍්ධියා වා සුතෙ වා සුතසුද‍්ධියා වා මුතෙ වා මුතසුද‍්ධියා වා ඛන‍්තිං අකුබ‍්බමානො ඡන්‍දං අකුබ‍්බමානො පෙමං අකුබ‍්බමානො රාගං අකුබ‍්බමානො අජනයමානො අසඤ‍්ජනයමානො අනිබ‍්බත‍්තයමානො අනභිනිබ‍්බත‍්තයමානොති - දිට‍්ඨෙ සුතෙ ඛන‍්තිමකුබ‍්බමානො.
දිට්ඨෙ සුතෙ ඛන්තිමකුබ්බමානො - රූපායතන සඞ්ඛ්‍යාත දෘෂ්ටියෙහි හෝ දෘෂ්ටිශුද්ධියෙහි හෝ ශබ්දායතන සඞ්ඛ්‍යාත ශ්‍රැතයෙහි හෝ ශ්‍රැතශුද්ධියෙහි හෝ ගන්ධරසස්ප්‍රෂ්ටව්‍යායතන සඞ්ඛ්‍යාත මුතයෙහි හෝ මුතශුද්ධියෙහි හෝ රුචිය නො කරනුයේ ඡන්‍දය නො කරනුයේ ප්‍රේමය නො කරනුයේ රාගය නො කරනුයේ නූපදවනුයේ වෙසෙසින් නූපදවනුයේ නො නිපදවනුයේ නො පහළ කරනුයේ නුයි ‘දිට්ඨෙ සුතෙ ඛන්තිමකුබ්බමානො’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“යා කාචි’මා සම්මුතියො පුථුජ‍්ජා සබ‍්බාව එතා න උපෙති විද‍්වා, අනුපයො සො උපයං කිමෙය්‍ය දිට‍්ඨෙ සුතෙ ඛන‍්තිමකුබ‍්බමානො”ති.
“යා කාචි -පෙ- දිට්ඨෙ සුතෙ ඛන්තිමකුබ්බමානො” යී.