13. 2
13. 2.
13. 2.
අප්පඤ්හි එතං න අලං සමාය දුවෙ විවාදස්ස ඵලානි බ්රූමි, එතම්පි දිස්වා න විවාදයෙථ ඛෙමාභිපස්සං අවිවාදභූමිං.
තෙල ප්‍රශංසා සඞ්ඛ්‍යාත වාදඵලය අල්ප මැ ය. (රාගාදීන්ගේ) සන්හිඳීම පිණිස සමර්ත්ථ නො වේ. විවාදයාගේ (ජය - පරාජයාදි) ඵල දෙකක් කියමි. (විවාදයාගේ) තෙල ආදීනවය ද දැක, අවිවාදභූමි සඞ්ඛ්‍යාත නිවන ක්ෂේම යයි දක්මින් විවාද නො කරන්නේ යි.
අප්පඤ්හි එතං න අලං සමායාති - ‘අප්පඤ්හි එත’න්ති අප්පකං එතං, ඔමකං එතං, ථොකං එතං, ලාමකං එතං, ඡත්තකං එතං, පරිත්තකං එතන්ති - අප්පඤ්හි එතං; න අලං සමායාති නාලං රාගස්ස සමාය දොසස්ස සමාය මොහස්ස සමාය කොධස්ස උපනාහස්ස මක්ඛස්ස පළාසස්ස ඉස්සාය මච්ඡරියස්ස මායාය සාඨෙය්යස්ස ථම්භස්ස සාරම්භස්ස මානස්ස අතිමානස්ස මදස්ස පමාදස්ස සබ්බකිලෙසානං සබ්බදුච්චරිතානං සබ්බපරිළාහානං සබ්බසන්තාපානං සබ්බාකුසඩලාභිසඞ්ඛාරානං සමාය උපසමාය වූපසමාය නිබ්බානාය පටිනිස්සග්ගාය පටිප්පස්සද්ධියාති - අප්පඤ්හි එතං න අලං සමාය.
අප්පඤහි එතං න අලං සමාය - ‘අප්පඤහි එතං’ යනු: තෙල අල්ප යැ, තෙල පහත් යැ, තෙල මඳ යැ, තෙල පවිටු යැ, තෙල අහේතුක යැ, තෙල පරිත්ත නුයි ‘අප්පඤහි එතං’ යනු වේ. න අලං සමාය - රාගයාගේ ශමනයට ද්වේෂයාගේ ශමනයට මෝහයාගේ ශමනයට ක්‍රෝධ - උපනාහ මක්ඛ පලාස - ඊර්ෂ්‍යා - මාත්සර්‍ය්‍ය - මායා - සාඨෙය්‍ය - ස්තම්භ - සංරම්භ - මාන - අතිමාන - මද - ප්‍රමාදයාගේ සියලු කෙලෙසුන්ගේ සියලු දුශ්චරිතයන්ගේ සියලු දරථයන්ගේ සියලු පරිදාහයන්ගේ සියලු සන්තාපයන්ගේ සියලු අකුශලාභිසංස්කාරයන්ගේ ශමනයට උපශමනයට සන්හිඳුවීමට අමාමහනිවනට (මාර්ගයෙන්) කෙලෙසුන් දුරලීමට (ඵලයෙන්) අනුත්පාදනිරොධයට සමර්ත්ථ නො වේ නුයි ‘අප්පඤහි එතං න අලං සමාය’ යනු වේ.
දුවෙ විවාදස්ස ඵලානි බ්රූමීති - දිට්ඨිකලහස්ස දිට්ඨිභණ්ඩනස්ස දිට්ඨිවිග්ගහස්ස දිට්ඨිවිවාදස්ස දිට්ඨිමෙධගස්ස ද්වෙ ඵලානි හොන්ති; ජයපරාජයො හොති, ලාභාලාභො හොති, යසායසො හොති, නින්දාපසංසා හොති, සුඛදුක්ඛං හොති, සොමනස්සදොමනස්සං හොති, ඉට්ඨානිට්ඨං හොති, අනුනයපටිඝං හොති, උග්ඝාතිනිග්ඝාති හොති, අනුරොධවිරොධො හොති; අථ වා තං කම්මං නිරයසංවත්තනිකං තිරච්ඡානයොනිසංවත්තනිකං පෙත්තිවිසයසංවත්තනිකන්ති බ්රූමි ආචික්ඛාමි දෙසෙමි පඤ්ඤපෙමි පට්ඨපෙමි විවරාමි විභජාමි උත්තානීකරොමි පකාසෙමීති - දුවෙ විවාදස්ස ඵලානි බ්රූමි.
දුවෙ විවාදස්ස ඵලානි බ්රෑමි - දෘෂ්ටිකලහයාගේ දෘෂ්ටිභණ්ඩනයාගේ දෘෂ්ටිවිග්රහයාගේ දෘෂ්ටිවිවාදයාගේ දෘෂ්ටිමෙධගයාගේ ඵල දෙකෙක් වෙති; ජය - පරාජය වෙයි, ලාභ - අලාභවෙයි, යශස් - අයශස් වෙයි, නින්දා - ප්‍රශංසා වෙයි, සුව - දුක් වෙයි, සොම්නස් - දොම්නස් වෙයි, ඉටු - අනිටු වෙයි, අනුනය - ප්‍රතිඝ වෙයි, අනුග්‍රහ - නිග්‍රහ වෙයි, ස්නෙහ - කෝප වේ; නොහොත් ඒ කර්මය නිරයෙහි ඉපදීම පිණිස පවත්නේය, තිරිසන්යොන්හි ඉපදීම පිණිස පවත්නේය, ප්‍රේතවිෂයෙහි ඉපදීම පිණිස පවත්නේ යැ’ යි කියමි පවසමි පනවමි පිහිටුවමි, විවරණ කෙරෙමි, විභාග කෙරෙමි, ප්‍රකට කෙරෙමි, ප්‍රකාශ කෙරෙමි නුයි ‘දුවෙ විවාදස්ස ඵලානි බ්රෑමි’ යනු වේ.
එතම්පි දිස්වා න විවාදයෙථාති - ‘එතම්පි දිස්වා’ති එතං ආදීනවං දිස්වා පස්සිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා දිට්ඨිකලහෙසු දිට්ඨිභණ්ඩනෙසු දිට්ඨිවිග්ගහෙසු දිට්ඨිවිවාදෙසු දිට්ඨිමෙධගෙසූති එතම්පි දිස්වා; න විවාදයෙථාති න කලහං කරෙය්ය, න භණ්ඩනං කරෙය්ය, න විග්ගහං කරෙය්ය, න විවාදං කරෙය්ය, න මෙධගං කරෙය්ය, කලහං භණ්ඩනං විග්ගහං විවාදං මෙධගං පජහෙය්ය විනොදෙය්ය බ්යන්තීකරෙය්ය අනභාවං ගමෙය්ය, කලහා භණ්ඩනා විග්ගහා විවාදා මෙධගා ආරතො අස්ස විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසංයුත්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්යාති - එතම්පි දිස්වා න විවාදයෙථ.
එතම්පි දිස්වා න විවාදයෙථ - ‘එතම්පි දිස්වා’ යනු : තෙල ආදීනවය දැක බලා තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට ද දෘෂ්ටිකලහයන්හි දෘෂ්ටිභණ්ඩනයන්හි දෘෂ්ටිවිග්‍රහයන්හි දෘෂ්ටිවිවාදයන්හි දෘෂ්ටිමෙධගයන්හි නුයි ‘එතම්පි දිස්වා’ යනු වේ. න විවාදයෙථ - කලහ නො කරන්නේය, ඩබර නොකරන්නේය විග්රහ නො කරන්නේය, විවාද නො කරන්නේය, මෙධග නො කරන්නේය, කලහ භණ්ඩන විග්රහ විවාද මෙධග හරනේය, දුරුකරන්නේය විගතාන්ත කරන්නේය, අනභාවයට පමුණුවන්නේය, කලහයෙන් භණ්ඩන - විග්රහ - විවාද - මෙධගයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන්වූයේ නික්මැගියේ බැහැරි වූයේ වෙසෙසින් මිදුණේ නො යෙදුණේ වන්නේය, විගතමර්ය්යා කළ සිතින් යුක්ත ව වාසය කරන්නේ නුයි ‘එතම්පි දිස්වා න විවාදයෙථ’ යනු වේ.
ඛෙමාභිපස්සං අවිවාදභූමින්ති - අවිවාදභූමිං වුච්චති අමතං නිබ්බානං, යො සො සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං; එතං අවිවාදභූමිං ඛෙමතො තාණතො ලෙනතො සරණතො අභයතො අච්චුතතො අමතතො නිබ්බානතො පස්සන්තො දක්ඛන්තො ඔලොකෙන්තො නිජ්ඣායන්තො උපපරික්ඛන්තොති - ඛෙමාභිපස්සං අවිවාදභූමිං.
ඛෙමාභිපස්සං අවිවාදභූමිං - ‘අවිවාදභූමි’ යී අමාමහනිවන කියනු ලැබෙයි: යම් ඒ සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරලීමෙක් තෘෂණාක්ෂයෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි, තෙල අවිවාද භූමිය ක්ෂේම හෙයින් ත්‍රාණ හෙයින් ලෙන හෙයින් සරණ හෙයින් අභය හෙයින් අච්‍යුත හෙයින් අමෘත හෙයින් නිර්වාණ හෙයින් බලනුයේ දක්නේ අවලොකනය කරනුයේ සිතනුයේ විමසනුයේ නුයි ‘ඛෙමාභිපස්සං අවිවාදභූමිං’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“අප්පඤ්හි එතං න අලං සමාය දුවෙ විවාදස්ස ඵලානි බ්රූමි, එතම්පි දිස්වා න විවාදයෙථ ඛෙමාභිපස්සං අවිවාදභූමි”න්ති.
“අප්පඤහි එතං -පෙ- ඛෙමාභිපස්සං අවිවාදභූමිං” යී.