යෙදුමෙන් කියවන්න

14. 10

14. 10.

14. 10.

අන‍්නානමථො පානානං ඛාදනීයානමථොපි වත්‍ථානං, ලද‍්ධා න සන‍්නිධිං කයිරා න ච පරිත‍්තසෙ තානි අලභමානො.

නැවත (මහණ තෙම) ආහාර - පානයන් හා ඛාද්‍යයන් සම්බන්‍ධි වූ ද යළි වස්ත්‍රයන් සම්බන්‍ධි වූ ද (කිසිවක්) ලැබ සන්නිධිය (රැස් කිරීම) නො කරන්නේ යැ, ඒ ආහාරාදිය නො ලබනුයේ නො ද තැවෙන්නේ යි.

අන‍්නානමථො පානානං ඛාදනීයානමථොපි වත්‍ථානන‍්ති - ‘අන‍්නාන’න‍්ති ඔදනො කුම‍්මාසො සත‍්තු මච‍්ඡො මංසං; පානානන‍්ති අට‍්ඨපානානි: අම‍්බපානං ජම‍්බුපානං චොචපානං මොචපානං මධුපානං මුද‍්දිකාපානං සාලුකපානං ඵාරුසකපානං. අපරානිපි අට‍්ඨ පානානි: කොසම‍්බපානං කොලපානං බදරපානං ඝතපානං තෙලපානං පයොපානං යාගුපානං රසපානං; ඛාදනීයානන‍්ති පිට‍්ඨඛජ‍්ජකං පූවඛජ‍්ජකං මූලඛජ‍්ජකං තචඛජ‍්ජකං පත‍්තඛජ‍්ජකං පුප‍්ඵඛජ‍්ජකං ඵලඛජ‍්ජකං; වත්‍ථානන‍්ති ඡ චීවරානි: ඛොමං කප‍්පාසිකං කොසෙය්‍යං කම‍්බලං සාණං හඞ‍්ගන‍්ති - අන‍්නානමථො පානානං ඛාදනීයානමථොපි වත්‍ථානං.

අන්නානමථො පානානං ඛාදනීයානමථො’පි වත්‍ථානං - ‘අන්නානං’ යනු (හැල් අදි) බත් යැ යවකොමු යැ හත්සුණූ මාළු යැ මසි; පානානං යනු අෂ්ට පානයෝ යැ: අඹපැනැ දඹපැනැ ඇටකෙසෙල්පැනැ මස්කෙසෙල්පැනැ මිහිපැනැ මිදිපැනැ මිදිපැනැ හෝලුපැනැ බොරළුදමනුපැනැ; අන්‍යත් අෂ්ටපානයෙකි: කොසඹපැනැ ඩෙබරපැනැ මහඩෙබරපැනැ සෘතපාන යැ තෛලපාන යැ ක්‍ෂීරපාන යැ යාගු (කැඳ) පාන යැ (ශාකාදි) රසපාන යි; ඛාදනීයානං යනු: (හැල් ආදි) පිටියෙන් කළ ඛාද්‍ය යැ පූවඛාද්‍ය යැ මූලඛාද්‍ය යැ ත්‍වක්ඛාද්‍ය යැ පත්‍රඛාද්‍ය යැ පුෂ්පඛාද්‍ය යැ ඵලඛාද්‍ය යි; වත්‍ථානං යනු ෂට්චීවර යැ: කොමුපිළී කපුපිළී තිහිරිපිළී පළස සණවැහැරි මුසුපිළී යැයි ‘අන්නානමථො පානානං ඛාදනීයානමථො’පි වත්‍ථානං’ යනු වේ.

ලද‍්ධා න සන‍්නිධිං කයිරාති - ‘ලද‍්ධා’ති ලද‍්ධා ලභිත්‍වා අධිගන‍්ත්‍වා වින්‍දිත්‍වා පටිලභිත්‍වා න කුහනාය න ලපනාය න නෙමිත‍්තිකතාය න නිප‍්පෙසිකතාය න ලාභෙන ලාභං නිජිගිංසනතාය න කට‍්ඨදානෙන න වෙළුදානෙන න පත‍්තදානෙන න පුප‍්ඵදානෙන න ඵලදානෙන න සිනානිදානෙන න චුණ‍්ණදානෙන න මත‍්තිකාදානෙන න දන‍්තකට‍්ඨදානෙන න මුඛොදකදානෙන න චාටුකම්‍යතාය න පාරිභට‍්ටතාය න පිට‍්ඨිමංසිකතාය න වත්‍ථුවිජ‍්ජාය න තිරච‍්ඡානවිජ‍්ජාය න අඞ‍්ගවිජ‍්ජාය න නක‍්ඛත‍්තවිජ‍්ජාය න දූතගමනෙන න පහීණගමනෙන න ජඞ‍්ඝපෙසනියෙන න වෙජ‍්ජකම‍්මෙන න නවකම‍්මෙන න පිණ‍්ඩපතිපිණ‍්ඩකෙන න දානානුප‍්පදානෙන ධම‍්මෙන සමෙන ලද‍්ධා ලභිත්‍වා අධිගන‍්ත්‍වා වින්‍දිත්‍වා පටිලභිත්‍වාති - ලද‍්ධා; න සන‍්නිධිං කයිරාති අන‍්නසන‍්නිධිං පානසන‍්නිධිං යානසන‍්නිධිං සයනසන‍්නිධිං ගන්‍ධසන‍්නිධිං ආමිසසන‍්නිධිං න කරෙය්‍ය න ජනෙය්‍ය න සඤ‍්ජනෙය්‍ය න නිබ‍්බත‍්තෙය්‍ය නාභිනිබ‍්බත‍්තෙය්‍යාති - ලද‍්ධා න සන‍්නිධිං කයිරා.

ලද්ධා න සන්නිධිං කයිරා - ‘ලද්ධා’ යනු: ලැබ ලබාගෙන අධිගමය කොට වින්දනය කොට ප්‍රතිලාභ කොට, විස්මය කරැවීමෙන් නො වැ, ලපනායෙන් නො වැ, (කායවාක්) නෛමිත්තිකතායෙන් නො වැ, (මෙරමා ගුණ) පිංසනතායෙන් නො වැ, ලාභයෙන් ලාභ සෙවීමෙන් නො වැ, කෘෂ්ටදානයෙන් වෙණුදානයෙන් - පත්‍රදානයෙන් - පුෂ්පදානයෙන් - ඵලදානයෙන් - නහනු දීමෙන් - සුණු - මැටි - දැහැටිදඬු - මුව දෝනා දිය දීමෙන් නො වැ, චාටුබස් කීමෙන් නො වැ, මුද්ගසූපය වැනි බොරු මුසු කථායෙන් නො වැ, (දරුවන් නැළැවීමාදි) පාරිහට්ටතායෙන් නො වැ, පිට්ඨිමංසිකතා (-ගෙවලට පිවිස හිඳිනා බැවින්) නො වැ, වාස්තු විද්‍යාවෙන් නො වැ, (අඞ්ගශාස්ත්‍රාදි) තිරශ්චීනවිද්‍යාවෙන් නො වැ, අඞ්ගවිද්‍යාවෙන් - නක්‍ෂත්‍රවිද්‍යාවෙන් - මෙහෙවර ගමනින් - (ගෙන් ගෙට) හසුන්පත් ගෙන යෑමෙන් - (ගමින් ගමැ) හසුන් පිළිහසුන් ගෙන යෑමෙන් - වෙදකමින් - නවකමින් - පිඬු පෙරළා පිඬු දීමෙන් - දානානුදානයෙන් නො වැ, දැහැමෙන් සෙමෙන් ලැබ, ලබා ගෙන අධිගමය කොට වින්දනය කොට ප්‍රතිලාභ කොට නුයි ‘ලද්ධා’ යනු වේ. ත සන්නිධිං කයිරා - ආහාරසන්නිධි පානසන්නිධි වස්ත්‍රසන්නිධි යානසන්නිධි ශයනසන්නිධි ගන්‍ධසන්නිධි ආමිසසන්නිධි නො කරන්නේ යැ, නො දනවන්නේ යැ නූපදවන්නේ යැ නො නිපදවන්නේ යැ වෙසෙසින් නො නිපදවන්නේ නුයි ‘ලද්ධා න සන්නිධිං කයිරා’ යනු වේ.

න ච පරිත‍්තසෙ තානි අලභමානොති - අන‍්නං වා න ලභාමි, පානං වා න ලභාමි, වත්‍ථං වා න ලභාමි, කුලං වා න ලභාමි, ගණං වා න ලභාමි, ආවාසං වා න ලභාමි, ලාභං වා න ලභාමි, යසං වා න ලභාමි, පසංසං වා න ලභාමි, සුඛං වා න ලභාමි, චීවරං වා න ලභාමි, පිණ‍්ඩපාතං වා න ලභාමි, සෙනාසනං වා න ලභාමි, ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං වා න ලභාමි, ගිලානූපට‍්ඨාකං වා න ලභාමි, අප‍්පඤ‍්ඤාතොම‍්හීති න තසෙය්‍ය, න උත‍්තසෙය්‍ය, න පරිත‍්තසෙය්‍ය, න භායෙය්‍ය, න සන‍්තාසං ආපජ‍්ජෙය්‍ය, අභීරූ අස‍්ස අච‍්ඡම‍්භී අනුත්‍රාසී අපලායී පහීනභයභෙරවො විගතලොමහංසො විහරෙය්‍යාති - න ච පරිත‍්තසෙ තානි අලභමානො.

න ච පරිත්තසෙ තානි අලභමානො - ‘ආහාර හෝ නො ලැබෙමි, පාන හෝ නො ලැබෙමි, වස්ත්‍ර හෝ - කුලය හෝ - ගණයා හෝ - ආවාසය හෝ - ලාභ හෝ - යශස් හෝ - පැසැසුම් හෝ - සුව හෝ - සිවුරු හෝ - පිණ්ඩපාත හෝ - සෙනසුන් හෝ ගිලන්පස බෙහෙසත් පිරිකර හෝ නො ලැබෙමි, ග්ලානොපස්ථායකයකු හෝ නො ලැබෙමි, අප්‍රකටයෙම් වෙමි’ නො තැතිගන්නේ යැ, උත්ත්‍රස්ත නෙ වන්නේ යැ, පරිත්‍රස්ත නො වන්නේ යැ, නො බිය වන්නේ යැ, තැති ගැනුමට නො පැමිණෙන්නේ යැ, නො බියසුලු නො සැලෙනසුලු නො තැතිගන්නාසුලු නො පලායනසුලු වන්නේ යැ, පහවූ බිය අරමුණු ඇතියේ පහවගිය ලොමුදහ ඇතියේ වෙසෙන්නේ නුයි ‘න ච පරිත්තසෙ තානි අලභමානො’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“අන‍්නානමථො පානානං ඛාදනීයානමථොපි වත්‍ථානං, ලද‍්ධා න සන‍්නිධිං කයිරා න ච පරිත‍්තසෙ තානි අලභමානො”ති.

“අන්නානමථො -පෙ- න ච පරිත්තසෙ තානි අලභමානො” යී.