14. 11
14. 11.
14. 11.
ඣායී න පාදලොලස්ස විරමෙ කුක්කුච්චා නප්පමජ්ජෙය්ය, අථාසනෙසු සයනෙසු අප්පසද්දෙසු භික්ඛු විහරෙය්ය.
ධ්‍යාන කරනුයේ පාදලෞල්යයෙක් නො වන්නේ යැ, කුකුසින් දුරු වන්නේ යැ, නො පමා වන්නේ යැ. යළි මහණ තෙම අල්පශබ්ද වූ අසුන් සෙනසුන්හි වාසය කරන්නේ යි.
ඣායී න පාදලොලස්සාති - “ඣායී”ති පඨමෙනපි ඣානෙන ඣායී, දුතියෙනපි ඣානෙන ඣායී, තතියෙනපි ඣානෙන ඣායී, චතුත්ථෙනපි ඣානෙන ඣායී, සවිතක්කසවිචාරෙනාපි ඣානෙන ඣායී, අවිතක්කවිචාරමත්තෙනාපි ඣානෙන ඣායී, අවිතක්කඅවිචාරෙනාපි ඣානෙන ඣායී, සප්පීතිකෙනාපි ඣානෙන ඣායී, නිප්පීතිකෙනාපි ඣානෙන ඣායී, පීතිසහගතෙනාපි ඣානෙන ඣායී, සාතසහගතෙනාපි ඣානෙන ඣායී, සුඛසහගතෙනාපි ඣානෙන ඣායී, උපෙක්ඛාසහගතෙනාපි ඣානෙන ඣායී, සුඤ්ඤතෙනාපි ඣානෙන ඣායී, අනිමිත්තෙනාපි ඣානෙන ඣායී, අප්පණිහිතෙනාපි ඣානෙන ඣායී, ලොකියෙනාපි ඣානෙන ඣායී, ලොකුත්තරෙනාපි ඣානෙන ඣායී, ඣානරතො එකත්තමනුයුත්තො සදත්ථගරුකොති - ඣායී.
ඣායී න පාදලොලස්ස - ‘ඣායී’ යනු: පළමුවන දැහැනිනු දු ධ්‍යාන කරනුයේ, දෙවැනි දැහැනිනු දු - තෙවැනි දැහැනිනු දු - සිවුවැනි දැහැනිනු දු ධ්‍යාන කරනුයේ, සවිතර්කසවිචාරධ්යානයෙනු දු ධ්‍යාන කරනුයේ, අවිතර්ක විචාරමාත්රධ්යානයෙනු දු - අවිතර්ක අවිචාර ධ්‍යානයෙනු දු - සප්‍රීතික ධ්‍යානයෙනුදු - නිෂ්ප්‍රීතික ධ්‍යානයෙනු දු - ප්‍රීතිසහගත ධ්‍යානයෙනු දු - සාතසහගත ධ්‍යානයෙනු දු - සුඛසහගත ධ්‍යානයෙනු දු - උපේක්ෂාසහගත ධ්‍යානයෙනු දු - ශුන්යතධ්යානයෙනු දු - අනිමිත්තධ්යානයෙනු දු - අප්‍රණිහිත ධ්‍යානයෙනු දු - ලෞකිකධ්යානයෙනු දු - ලෝකෝත්තර ධ්‍යානයෙනු දු ධ්‍යාන කරනුයේ, ධ්‍යානයෙහි ඇලුණේ එකඟ බවෙහි යෙදුණේ ස්වාර්තථගරුක වූයේ නුයි ‘ඣායී’ යනු වේ.
න පාදලොලස්සාති - කථං ‘පාදලොලො’ හොති? ඉධෙකච්චො භික්ඛූ පාදලොලො පාදලොලියෙන සමන්නාගතො හොති:
න පාදලොලස්ස - කිසෙයින් ‘පාදලොල’ වෙයි යත්: මෙහි කිසි මහණෙක් පාදලොල වූයේ පාදලෞල්‍යයෙන් යුක්ත වූයේ වෙයි:
ආරාමෙන ආරාමං උය්යානෙන උය්යානං ගාමෙන ගාමං නිගමෙන නිගමං නගරෙන නගරං රට්ඨෙන රට්ඨං ජනපදෙන ජනපදං දීඝචාරිකං අනවත්ථිතචාරිකං අනුයුත්තො විහරති, එවම්පි පාදලොලො හොති. අථවා භික්ඛු අන්තොපි සඞ්ඝාරාමෙ පාදලොලො පාදලොලියෙන සමන්නාගතො හොති, න අත්ථහෙතු න කාරණහෙතු උද්ධතො අවුපසන්තචිත්තො පරිවෙණතො පරිවෙණං ගච්ඡති, විහාරතො විහාරං ගච්ඡති, අඩ්ඪයොගතො අඩ්ඪයොගං ගච්ඡති, පාසාදතො පාසාදං ගච්ඡති, හම්මියතො හම්මියං ගච්ඡති, ගුහාය ගුහං ගච්ඡති, ලෙනතො ලෙනං ගච්ඡති, කුටිතො කුටිං ගච්ඡති, කූටාගාරතො කූටාගාරං ගච්ඡති, අට්ටතො අට්ටං ගච්ඡති, මාලතො මාලං ගච්ඡති, උද්දණ්ඩතො උද්දණ්ඩං ගච්ඡති, උද්දොසිතතො උද්දොසිතං ගච්ඡති, උපට්ඨානසාලතො උපට්ඨානසාලං ගච්ඡති, මණ්ඩලමාලතො මණ්ඩලමාලං ගච්ඡති, රුක්ඛමූලතො රුක්ඛමූලං ගච්ඡති. යත්ථ වා පන භික්ඛූ නිසීදන්ති තහිං ගච්ඡති, තත්ථ එකස්ස වා දුතියො හොති, ද්වින්නං වා තතියො හොති, තිණ්ණං වා චතුත්ථො හොති. තත්ථ බහුං සම්ඵප්පලාපං පලපති. සෙය්යථීදං: රාජකථං චොරකථං මහාමත්තකථං සෙනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං යානකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඤාතිකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං පුරිසකථං සූරකථං විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපෙතකථං නානත්තකථං ලොකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං ඉති වා එවම්පි පාදලොලො හොති.
අරමින් අරමට උයනින් උයනට ගමින් ගමට නිගමින් නිගමට නුවරින් නුවරට රටින් රටට දනව්වෙන් දනව්වට දීර්‍ඝචාරිකාවෙහි නො නවත්නා චාරිකාවෙහි යෙදුණේ වෙසෙයි. මෙසේත් පාදලොල වෙයි. නොහොත් මහණ ඇතුළු සඟරම්හි ද පාදලොල වූයේ පාදලෞල්‍යයෙන් යුක්ත වූයේ වෙයි. ප්‍රයෝජන නැති වැ කාරණ නැති වැ උඬගු වූයේ නො සන්හුන් සිත් ඇතියේ පිරිවෙනින් පිරිවෙනට වෙහෙරින් වෙහෙරට යෙයි, අර්ධයොගයෙන් අර්ධයොගයට යෙයි, ප්‍රාසාදයෙන් ප්‍රාසාදයට යෙයි, සඳලුගෙයින් සඳලුගෙට යෙයි, ගුහාවෙන් ගුහාවට යෙයි, ලෙනින් ලෙනට - කිළියෙන් කිළියට - කුළුගෙන් කුළුගෙට - අටල්ලෙන් අටල්ලට - මහලින් මහලට - උද්දණ්ඩ (එක් වහලින් යුත් ගෙය) යෙන් උද්දණ්ඩයට - බඬුහලින් බඬුහලට - උවටැන්හලින් උවටැන්හලට - මණ්ඩලයෙන් මණ්ඩලයට - රුක්මුලින් රුක්මුලට යෙයි. තවද යම් තැනෙක භික්ෂූහු හිඳිත් නම්, එහි යෙයි; එහි එකක් හට හෝ දෙවැන්නා වෙයි, දෙදෙනකුන්ට හෝ තෙවැන්නා වෙයි, තිදෙනකුන්ට හෝ සිවුවැන්නා වෙයි. එහි දී බොහෝ නිරර්‍ත්‍ථක කථා පවසයි. ඒ මෙසේ යැ: රාජකථා යැ චෝරකථා යැ මහාමාත්‍යකථා යැ සේනාකථා යැ භයකථා යැ යුද්ධකථා යැ ආහාරකථා යැ පානකථා යැ වස්ත්‍රකථා යැ යානකථා යැ ශයනකථා යැ මාලාකථා යැ ගන්ධකථා යැ ඥාතිකථා යැ ග්‍රාමකථා යැ නිගමකථා යැ නගරකථා යැ ජනපදකථා යැ ස්ත්‍රීකථා යැ පුරුෂකථා යැ සූරකථා යැ වීථිකථා යැ කුම්භස්ථාන (=පැන් තොට පිළිබැඳි) කථා යැ අතීත ඥාතීන් පිළිබැඳි කථා යැ නන්වැදෑරුම් නිරර්තථකකථා යැ ලෝකායතකථා යැ සමුද්රාක්ඛ්යානකථා යැ - වෘද්ධි - හානි පිළිබැඳි කථා යැ යනාදිය යි. මෙසේ ත් පාදලොල වේ.
න පාදලොලස්සාති පාදලොලියං පජහෙය්ය විනොදෙය්ය බ්යන්තීකරෙය්ය අනභාවං ගමෙය්ය, පාදලොලියා ආරතො අස්ස විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්ය චරෙය්ය විචරෙය්ය ඉරීයෙය්ය වත්තෙය්ය පාලෙය්ය යපෙය්ය යාපෙය්ය පටිසල්ලානාරාමො අස්ස පටිසල්ලානරතො අජ්ඣත්තං චෙතොසමථමනුයුත්තො අනිරාකතජ්ඣානො විපස්සනාය සමන්නාගතො බ්රූහෙතා සුඤ්ඤාගාරානං ඣායී ඣානරතො එකත්තමනුයුත්තො සදත්ථ - ගරුකොති - ඣායී න පාදලොලස්ස.
න පාදලොලස්ස - පාදලෞල්‍යය දුරු කරන්නේ යැ, සන්හිඳුවන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනුඅභාවයට පමුණුවන්නේ යැ, පාදලෞල්‍යයෙන් දුරු වූයේ වන්නේ යැ, නො ඇලුණේ වෙසෙසින් වෙන්වූයේ නික්මුණේ නික්මැගියේ වෙසෙසින් මිදුණේ නො යෙදුණේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වාසය කරන්නේ යැ හැසිරෙන්නේ යැ වෙසෙසින් හැසිරෙන්නේ යැ ඉරියවු පවත්වන්නේ යැ වැටෙන්නේ යැ රැකෙන්නේ යැ යැපෙන්නේ යැ යාපනය වන්නේ යැ, විවේකයෙහි සතුටු වූයේ විවේකයෙහි ඇලුණේ අධ්‍යාත්මයෙහි වූ චිත්තසමාධියෙහි යෙදුණේ වන්නේ යැ, බැහැර නො කළ ධ්‍යාන ඇත්තේ විදර්ශනාවෙන් සමන්විත වූයේ ශුන්‍යාගාරයෙහි කරන ශමථවිදර්‍ශනා භාවනාව වඩන්නේ යැ ධ්‍යාන කරනුයේ ධ්‍යානයෙහි ඇලුණේ එකාග්රතාවෙහි යෙදුණේ ස්වාර්තථය ගරු කරන්නේ නුයි ‘ඣායී න පාදලොලස්ස’ යනු වේ.
විරමෙ කුක්කුච්චා නප්පමජ්ජෙය්යාති - ‘කුක්කුච්ච’න්ති හත්ථකුක්කුච්චම්පි කුක්කුච්චං, පාදකුක්කුච්චම්පි කුක්කුච්චං; හත්ථපාදකුක්කුච්චම්පි කුක්කුච්චං; අකප්පියෙ කප්පියසඤ්ඤිතා කප්පියෙ අකප්පියසඤ්ඤිතා අවජ්ජෙ වජ්ජසඤ්ඤිතා වජ්ජෙ අවජ්ජසඤ්ඤිතා, යං එවරූපං කුක්කුච්චං කුක්කුච්චායනා කුක්කුච්චායිතත්තං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො, ඉදං වුච්චති කුක්කුච්චං. අපි ච ද්වීහි කාරණෙහි උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො:
විරමෙ කුක්කුච්චා නප්පමජ්ජෙය්ය - ‘කුක්කුච්ච’ නම්: අත්කුකුස ද කුකුස් යැ, පාකුකුස ද කුකුස් යැ, අත්පාකුකුස ද කුකුස් යැ, අකැපයෙහි කැපසංඥා ඇතිබව යැ, කැපයෙහි අකැප සංඥා ඇතිබව යැ, නිවරදෙහි වද්‍යසංඥා ඇතිබව යැ, වරදෙහි අවද්‍යසංඥා ඇතිබව යැ, මෙබඳු වූ යම් කුකුසක් කුකුස් අයුරක් කුකුසට පැමිණි බවක් චිත්තයාගේ විපිළිසරයෙක් මනෝවිලේඛයෙක් වේ නම්, මේ කුකුසැයි කියනු ලැබෙයි. තවද දෙකරුණෙකින් කුකුස සිතැ විපිළිසර මනෝවිලේඛය උපදී:
කතත්තා ච අකතත්තා ච. කථං කතත්තා ච අකතත්තා ච උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො? ‘කතං මෙ කායදුච්චරිතං අකතං මෙ කායසුචරිත’න්ති උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො. ‘කතං මෙ වචීදුච්චරිතං අකතං මෙ වචීසුචරිත’න්ති උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො. ‘කතං මෙ මනොදුච්චරිතං අකතං මෙ මනොසුචරිතං -පෙ- කතො මෙ පාණාතිපාතො අකතා මෙ පාණාතිපාතා වෙරමණී’ති උප්පජ්ජති කුක්කුච්චං -පෙ- මනොවිලෙඛො. ‘කතං මෙ අදින්නාදානං - කතො මෙ කාමෙසු මිච්ඡාචාරො - කතො මෙ මුසාවාදො - කතා මෙ පිසුණා වාචා - කතා මෙ ඵරුසා වාචා - කතො මෙ සම්ඵප්පලාපො - කතා මෙ අභිජ්ඣා - කතො මෙ බ්යාපාදො - කතා මෙ මිච්ඡාදිට්ඨි අකතා මෙ සම්මාදිට්ඨි’ති උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො. එවං කතත්තා ච අකතත්තා ච උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො.
කළ බැවින් ද නො කළ බැවින් දැයි. කිසෙයින් (අකුශලය) කළ බැවින් හා (කුශලය) නො කළ බැවින් කුකුස සිත්හි විපිළිසර චිත්තවිලේඛය උපදී ද යත්: ‘මා විසින් කායදුශ්චරිතය කරන ලද, මා විසින් කායසුචරිතය නො කරන ලදැ’ යි කුකුස සිතේ විපිළිසර මනෝවිලේඛය උපදී; ‘මා විසින් වාග්දුශ්චරිතය කරන ලද, මා විසින් වාක්සුචරිතය නො කරන ලදැ’ යි කුකුස සිතේ විපිළිසර මනෝවිලේඛය උපදී; මා විසින් මනෝදුශ්චරිතය කරන ලද, මා විසින් මනස්සුචරිතය නො කරන ලදැ’ යි … ‘මා විසින් ප්‍රාණවධ කරන ලද, ‘මා විසින් ප්‍රාණඝාත විරමණය නො කරන ලදැ’ යි කුකුස් … උපදී; ‘මා විසින් අදත්තාදාන කරන ලද …‘මා විසින් කාමමිත්ථ්යාචාර කරන ලද … මා විසින් මෘෂාවාද කියන ලද … මා විසින් පෛශුන්යවාක් කියන ලද … මා විසින් පරුෂවචන කියන ලද … මා විසින් සම්ඵප්‍රලාප කියන ලද … මා විසින් අභිධ්‍යා කරන ලද … මා විසින් ව්‍යාපාද කරන ලද …. මා විසින් මිත්‍ථ්‍යාදෘෂ්ටි ගන්නා ලද, මා විසින් සම්‍යග්දෘෂ්ටි නො ගන්නා ලදැ’ යි කෞකෘත්‍යය චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදී. මෙසෙයින් කෘත හෙයින් ද අකෘත හෙයින් ද කෞකෘත්‍යය චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදී.
අථවා, සීලෙසුම්හි න පරිපූරකාරීති උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො. ඉන්ද්රියෙසුම්හි අගුත්තද්වාරොති - භොජනෙ අමත්තඤ්ඤූම්හීති - ජාගරියං අනනුයුත්තොම්හීති - න සතිසම්පජඤ්ඤෙන සමන්නාගතොම්හීති - අභාවිතා මෙ චත්තාරො සතිපට්ඨානාති - අභාවිතා මෙ චත්තාරො සම්මප්පධානාති - අභාවිතා මෙ චත්තාරො ඉද්ධිපාදාති - අභාවිතානි මෙ පඤ්චින්ද්රියානීති - අභාවිතානි මෙ පඤ්චබලානීති අභාවිතා මෙ සත්ත බොජ්ඣඞ්ගාති - අභාවිතො මෙ අරියො අට්ඨඞ්ගිකො මග්ගොති දුක්ඛං මෙ අපරිඤ්ඤාතන්ති සමුදයො මෙ අප්පහීණොති මග්ගො මෙ අභාවිතොති නිරොධො මෙ අසච්ඡිකතො’ති උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො.
නොහොත් ‘ප්‍රාතිමෝක්‍ෂශීලයෙහි පරිපූරකාරී නො වූයෙමී’ කෞකෘත්‍යය චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදී. ඉන්ද්රියයන්හි අගොපිතද්වාර ඇත්තෙම් වූයෙමී … භෝජනයෙහි අමාත්‍රඥයෙම් වීමි … නිදි දුරුකිරීමෙහි නො යෙදුණෙම් වීමි … ස්මෘතිසම්ප්‍රජන්‍යයෙන් යුක්තයෙම් නො වූයෙමී … මා විසින් සතර සතිපට්ඨානයෝ නො වඩන ලදහයි … මා විසින් සතර සම්‍යක්ප්‍රධානයෝ නො වඩන ලදහයි … මා විසින් සතර ඍද්ධිපාදයෝ නො වඩන ලදහයි … මා විසින් පඤ්චේන්‍ද්‍රියයෝ නො වඩන ලදහයි … මා විසින් පඤ්චබලයෝ නො වඩන ලදහයි … මා විසින් සප්තබෝධ්‍යඞ්ගයෝ නො වඩන ලදහයි … මා විසින් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය නො වඩන ලදැයි මා විසින් දුඃඛසත්‍යය අපරිඥාත යැයි … මා විසින් සමුදය අප්‍රහීණ යැයි … මා විසින් මාර්ගය නො වඩන ලදැයි … මා විසින් නිරෝධය ප්රත්යක්ෂ නො කරන ලදැයි කෞකෘත්‍යය චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදී.
විරමෙ කුක්කුච්චාති - කුක්කුච්චා ආරමෙය්ය විරමෙය්ය පටිවිරමෙය්ය, කුක්කුච්චං පජහෙය්ය විනොදෙය්ය බ්යන්තීකරෙය්ය අනභාවං ගමෙය්ය, කුක්කුච්චා ආරතො අස්ස විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්යාති - විරමෙ කුක්කුච්චා.
විරමෙ කුක්කුච්චා - කෞකෘත්‍යයෙන් හාත්පසින් වෙන් වන්නේ යැ, වෙසෙසින් වෙන් වන්නේ යැ, සර්වප්රකාරයෙන් වෙන් වන්නේ යැ, කුකුස දුරු කරන්නේ යැ බැහැර කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනභාවයට පමුණුවන්නේ යැ; කුකුසින් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් දුරු වූයේ නික්මුණේ නික්මැගියේ වෙසෙසින් මිදුණේ නො යෙදුණේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වාසය කරන්නේ නුයි ‘විරමෙ කුක්කුච්චා’ යනු වේ.
නප්පමජ්ජෙය්යාති සක්කච්චකාරී අස්ස සාතච්චකාරී අට්ඨිතකාරී අනොලීනවුත්තිකො අනික්ඛිත්තඡන්දො අනික්ඛිත්තධුරො අප්පමත්තො කුසලෙසු ධම්මෙසු; ‘කදාහං අපරිපූරං වා සීලක්ඛන්ධං පරිපූරෙය්යං, පරිපූරං වා සීලක්ඛන්ධං තත්ථ තත්ථ පඤ්ඤාය අනුග්ගණ්හෙය්ය’න්ති; යො තත්ථ ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච ථාමො ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤඤ්ච, ආතප්පං පධානං අධිට්ඨානං අනුයොගො අප්පමාදො කුසලෙසු ධම්මෙසු; ‘කදාහං අපරිපූරං වා සමාධික්ඛන්ධං පඤ්ඤාක්ඛන්ධං විමුත්තික්ඛන්ධං විමුත්තිඤාණදස්සනක්ඛන්ධං, කදාහං අපරිඤ්ඤාතං වා දුක්ඛං පරිජානෙය්යං, අප්පහීනෙ වා කිලෙසෙ පජහෙය්යං, අභාවිතං වා මග්ගං භාවෙය්යං, අසච්ඡිකතං නිරොධං සච්ඡිකරෙය්ය’න්ති යො තත්ථ ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච ථාමො ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤඤ්ච ආතප්පං පධානං අධිට්ඨානං අනුයොගො අප්පමාදො කුසලෙසු ධම්මෙසූති - විරමෙ කුක්කුච්චා නප්පමජ්ජෙය්ය.
නප්පමජ්ජෙය්ය - සත්කාර කොට කරන සුලු වන්නේ යැ සතතභාවයෙන් කරන සුලු වන්නේ යැ නො නැවැත කරන සුලු වන්නේ යැ, නො හැකුළුණු පැවැතුම් ඇතියේ නො තැබූ වීර්ය්යච්ඡන්දය ඇතියේ නො තැබූ වීර්‍ය්‍යධුර ඇතියේ කුශලධර්මයන්හි නො පමා වූයේ වන්නේ යැ; කවර දවසෙක මම් අපරිපූර්ණ වූ ශීලස්කන්ධය හෝ පුරන්නෙම් ද, පරිපූර්ණ වූ ශීලස්කන්ධය හෝ ඒ ඒ තැන්හි ප්‍රඥාවෙන් අනුග්‍රහණය කරන්නෙම් දැ’ යි, එහි යම් ඡන්දයෙක් වෑයමෙක් උත්සාහයෙක් අධික උත්සාහයෙක් ස්ථිර බවෙක් නො නැවැත්මෙක් ස්මෘතියක් හා සම්ප්‍රජන්‍යයකුත් වේ ද, (එබඳු වූ) කෙලෙස් තවන වීර්‍ය්‍යය උත්තම වීර්‍ය්‍යය අධිෂ්ඨානය නැවත නැවත යෙදීම කුශලධර්මයන්හි අප්‍රමාදය වන්නේ යැ; කවර දවසෙක මම අපරිපූර්ණ වූ සමාධිස්කන්ධය - ප්රඥාස්කන්ධය - විමුක්තිස්කන්ධය - විමුක්තිඥානදර්ශනස්කන්ධය - ‘කවර දවසෙක මම් අපරිඥාත වූ දුක හෝ අශෙෂයෙන් දැන ගන්නෙම් ද, අප්‍රහීණ වූ ක්ලේශයන් හෝ ප්‍රහීණ කරන්නෙම් ද, අභාවිත වූ මාර්ගය හෝ වඩන්නෙම් ද, ප්රත්යක්ෂ නො කළ නිරෝධය ප්රත්යක්ෂ කරන්නෙම් දැ’ යි එහි යම් ඡන්දයෙක් වෑයමෙක් උත්සාහයෙක් අධික උත්සාහයෙක් ස්ථිර බවෙක් නො නවත්නා බවෙක් ස්මෘතියක් හා සම්ප්‍රජන්‍යයකුත් වේ ද, (එබඳු වූ) කෙලෙස් තවන වීර්‍ය්‍යය උත්තම වීර්‍ය්‍යය අධිෂ්ඨානය අනුයෝගය කුශලධර්මයන්හි අප්‍රමාදය වන්නේ නුයි ‘විරමෙ කුක්කුච්චා නප්පමජ්ජෙය්ය’ යනු වේ.
අථාසනෙසු සයනෙසු අප්පසද්දෙසු භික්ඛු විහරෙය්යාති - ‘අථා’ති පදසන්ධි -පෙ- ආසනං වුච්චති යත්ථ නිසීදති මඤ්චො පීඨං භිසි තට්ටිකා චම්මඛණ්ඩො තිණසන්ථාරො පණ්ණසන්ථාරො පලාලසන්ථාරො; සයනං වුච්චති සෙනාසනං විහාරො අඩ්ඪයොගො පාසාදො හම්මියං ගුහාති අථාසනෙසු සයනෙසු.
අථාසනෙසු සයනෙසු අප්පසද්දෙසු භික්ඛූ විහරෙය්ය - ‘අථ’ යනු පදසන්ධි යැ … ඇඳ පුටුව බිස්ස තට්ටිකාව සම්කඩ තණඇතිරිය පන් ඇතිරිය පිදුරුඇතිරිය (යන) යම් තැනෙක හිඳී නම් (එය) ‘ආසන’ යයි කියනු ලැබෙයි; විහාරය අර්ධයොගය ප්‍රාසාදය සඳලුගෙය ගුහාව (යන මේ) සෙනස්න ‘සයන’ යයි කියනු ලැබේ නුයි ‘අථාසනෙසු සයනෙසු’ යනු වේ.
අප්පසද්දෙසු භික්ඛු විහරෙය්යාති අප්පසද්දෙසු අප්පනිග්ඝොසෙසු විජනවාතෙසු මනුස්සරාහසෙය්යකෙසු පටිසල්ලානසාරුප්පෙසු සෙනාසනෙසු චරෙය්ය විචරෙය්ය විහරෙය්ය ඉරීයෙය්ය වත්තෙය්ය පාලෙය්ය යපෙය්ය යාපෙය්යාති - අථාසනෙසු සයනෙසු අප්පසද්දෙසු භික්ඛු විහරෙය්ය.
අප්පසද්දෙසු භික්ඛු විහරෙය්ය - අල්පශබ්ද වූ අල්පනිර්‍ඝොෂ වූ ජනවාත රහිත වූ මිනිසුන්ගේ රහස්යකාරණයට යෝග්‍ය වූ විවේකයට සුදුසු වූ සෙනසුන්හි හැසිරෙන්නේ යැ වෙසෙන්නේ යැ වාසය කරන්නේ යැ ඉරියව් පවත්වන්නේ යැ වැටෙන්නේ යැ රැකෙන්නේ යැ යපන යාපනය වන්නේ නුයි ‘අථාසනෙසු සයනෙසු අප්පසද්දෙසු භික්ඛු විහරෙය්ය’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“ඣායී න පාදලොලස්ස විරමෙ කුක්කුච්චා නප්පමජ්ජෙය්ය, අථාසනෙසු සයනෙසු අප්පසද්දෙසු භික්ඛු විහරෙය්යා”ති.
“ඣායී න පාදලොලස්ස -පෙ- අප්පසද්දෙසු භික්ඛු විහරෙය්ය” යී.