යෙදුමෙන් කියවන්න

14. 12

14. 12.

14. 12.

නිද‍්දං න බහුලීකරෙය්‍ය ජාගරියං භජෙය්‍ය ආතාපී, තන්‍දිං මායං හස‍්සං ඛිඩ‍්ඩං මෙථුනං විප‍්පජහෙ සවිභූසං.

කෙලෙස් තවන වෙර ඇතියේ නිදි බහුල නො කරන්නේ යැ, නිදි වැරීම සෙවුනේ යැ, තන්‍ද්‍රා (අලස බව) ද මායාව ද හාස්‍යය ද ක්‍රීඩාව ද විභූෂණ සහිත වූ මෙවුන්දම් ද වෙසෙසින් දුරු කරන්නේ යි.

නිද‍්දං න බහුලීකරෙය්‍යාති රත‍්තින්‍දිවං ඡ කොට‍්ඨාසෙ කරිත්‍වා පඤ‍්ච කොට‍්ඨාසෙ පටිජග‍්ගෙය්‍ය එකං කොට‍්ඨාසං නිපජ‍්ජෙය්‍යාති - නිද‍්දං න බහුලීකරෙය්‍ය.

නිද්දං න බහුලීකරෙය්‍ය - රෑදාවල ස කොටසක් කොට පස් කොටසක් නිදි වරන්නේ යැ, එක් කොටසක් නිදන්නේ නුයි ‘නිද්දං න බහුලීකරෙය්‍ය’ යනු වේ.

ජාගරියං භජෙය්‍ය ආතාපීති - ඉධ භික‍්ඛු දිවසං චඞ‍්කමෙන නිසජ‍්ජාය ආවරණීයෙහි ධම‍්මෙහි චිත‍්තං පරිසොධෙය්‍ය, රත‍්තියා පඨමං යාමං චඞ‍්කමෙන නිසජ‍්ජාය ආවරණීයෙහි ධම‍්මෙහි චිත‍්තං පරිසොධෙය්‍ය, රත‍්තියා මජ‍්ඣිමං යාමං දක‍්ඛිණෙන පස‍්සෙන සීහසෙය්‍යං කප‍්පෙය්‍ය පාදෙ පාදං අච‍්චාධාය සතො සම‍්පජානො උට‍්ඨානසඤ‍්ඤං මනසි කරිත්‍වා; රත‍්තියා පච‍්ඡිමං යාමං පච‍්චුට‍්ඨාය චඞ‍්කමෙන නිසජ‍්ජාය ආවරණීයෙහි ධම‍්මෙහි චිත‍්තං පරිසොධෙය්‍ය. ජාගරියං භජෙය්‍යාති ජාගරියං භජෙය්‍ය සම‍්භජෙය්‍ය සෙවෙය්‍ය නිසෙවෙය්‍ය සංසෙවෙය්‍ය පටිසෙවෙය්‍යාති ‘ජාගරියං භජෙය්‍ය. ආතාපීති ආතප‍්පං වුච‍්චති විරියං. යො චෙතසිකො විරියාරම‍්භො නික‍්කමො පරක‍්කමො උය්‍යාමො වායාමො උස‍්සාහො උස‍්සොළ‍්හී ථාමො ධිති අසිථිලපරක‍්කමතා අනික‍්ඛිත‍්තඡන්‍දතා අනික‍්ඛිත‍්තධුරතා ධුරසම‍්පග‍්ගාහො විරියං විරියින්‍ද්‍රියං විරියබලං සම‍්මාවායාමො. ඉමිනා ආතාපෙන උපෙතො සමුපෙතො උපගතො සමුපගතො උපපන‍්නො සම‍්පන‍්නො සමන‍්නාගතො සො වුච‍්චති ආතාපීති - ජාගරියං භජෙය්‍ය ආතාපී.

ජාගරියං භජෙය්‍ය ආතාපී - මෙ සස්නෙහි මහණ දහවල සක්මනින් හා හිඳීමෙන් නීවරණධර්‍මයන්ගෙන් (හෝ සියලු අකුශලයන්ගෙන්) සිත පිරිසුදු කරන්නේ යැ, රෑ පෙරයම චඞ්ක්‍රමණයෙන් හා නිෂද්‍යාවෙන් ආවරණීය ධර්‍මයන්ගෙන් සිත විශුද්ධ කරන්නේ යැ, රෑ මැදියම දකුණු පයෙහි වම්පය මදක් ඇද තබා ස්මෘතිසම්‍යග්ඥානයෙන් යුක්ත වූයේ උත්‍ථාන සංඥාව මෙනෙහි කොට දකුණැලයෙන් සිංහශය්‍යාව කරන්නේ යැ, රෑ අලුයම නැගීසිට චඞ්ක්‍රමණයෙන් නිෂද්‍යාවෙන් ආවරණීය ධර්‍මයන්ගෙන් සිත පරිශුද්ධ කරන්නේ යි. ජාගරියං භජෙය්‍ය නිදිවැරීම බජනේ යැ මැනවින් බජනේ යැ, සෙවුනේ යැ නිරතුරු සෙවුනේ යැ වෙසෙසින් සෙවුනේ යැ පිළිසෙවුනේ නුයි ‘ජාගරියං භජෙය්‍ය’ යනු වේ. ආතාපී ‘ආතප්ප’ යී වීර්‍ය්‍යය කියනු ලැබෙයි. යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් කුසීතභාවයෙන් නික්මැයෑමෙක් පරාක්‍රමයෙක් උද්‍යෝගයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් අධිමාත්‍ර උත්සාහයෙක් ස්ථිර බවෙක් කුශලසන්තානය ධැරීමෙක් නො ලිහිල් වූ පරාක්‍රම ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යචඡන්දය ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යධුර ඇතිබවෙක් ධුරය දැඩි කොට ගැනීමෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද මේ ‘කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් උපේත වූ සමුපේත වූ යුක්ත වූ සංයුක්ත වූ නො වෙන් වූ සම්පූර්‍ණ වූ සමන්‍වාගත වූ හෙතෙම ‘ආතාපී’ යයි කියනු ලැබේ නුයි ‘ජාගරියං භජෙය්‍ය ආතාපී’ යනු වේ.

තන්‍දිං මායං හස‍්සං ඛිඩ‍්ඩං මෙථුනං විප‍්පජහෙ සවිභූසන‍්ති ‘තන්‍දි’න‍්ති ‘යා තන්‍දි තන්‍දියනා තන්‍දිමනකතා ආලස්‍යං ආලස්‍යායනා ආලස්‍යායිතත‍්තං, අයං වුච‍්චති තන්‍දි. මායාති මායා වුච‍්චති වඤ‍්චනිකා චරියා. ‘ඉධෙකච‍්චො කායෙන දුච‍්චරිතං චරිත්‍වා වාචාය - මනසා දුච‍්චරිතං චරිත්‍වා තස‍්ස පටිච‍්ඡාදනහෙතු පාපිකං ඉච‍්ඡං පණිදහති, මා මං ජඤ‍්ඤාති ඉච‍්ඡති, මා මං ජඤ‍්ඤාති සඞ‍්කප‍්පෙති, මා මං ජඤ‍්ඤාති වාචං භාසති, මා මං ජඤ‍්ඤාති කායෙන පරක‍්කමති, යා එවරූපා මායා මායාවිතා අච‍්චාසරා වඤ‍්චනා නිකති විකිරණා ගූහනා පරිගූහනා ඡාදනා පටිච‍්ඡාදනා අනුත‍්තානීකම‍්මං අනාවීකම‍්මං වොච‍්ඡාදනා පාපකිරියා, අයං වුච‍්චති මායා. ‘හස‍්සන‍්ති ඉධෙකච‍්චො අතිවෙලං දන‍්තවිදංසකං හසති. වුත‍්තං හෙතං භගවතා: “කොමාරකමිදං භික‍්ඛවෙ අරියස‍්ස විනයෙ යදිදං අතිවෙලං දන‍්තවිදංසකං හසිත”න‍්ති. ඛිඩ‍්ඩන‍්ති ද‍්වෙ ඛිඩ‍්ඩා කායිකා ච ඛිඩ‍්ඩා වාචසිකා ච ඛිඩ‍්ඩා. කතමා කායිකා ඛිඩ‍්ඩා? හත්‍ථිහිපි කීළන‍්ති, අස‍්සෙහිපි කීළන‍්ති, රථෙහිපි කීළන‍්ති, ධනූහිපි කීළන‍්ති, අට‍්ඨපදෙපි කීළන‍්ති, දසපදෙපි කීළන‍්ති, ආකාසෙපි කීළන‍්ති, පරිහාරපථෙපි කීළන‍්ති, සන‍්තිකායපි කීළන‍්ති, ඛලිකායපි කීළන‍්ති, ඝටිකායපි කීළන‍්ති.

නන්දිං මායං හස්සං ඛිඩ්ඩං මෙථුනං විප්පජහෙ සවිභූසං - ‘නන්දිං’ යනු: යම් මැලිබවෙක් මැලි අයුරෙක් මැලියෙන් මඩනා ලද බවෙක් මැලියෙන් මැඩුණු සිත් ඇති බවෙක් අලසබවෙක් අලස අයුරෙක් ආලස්‍යයෙන් මඩනා ලද බවෙක් වේ ද, මෝ ‘නන්දි’ යී කියනු ලබයි; මායා නම්: වඤ්‍චනික ක්‍රියාව යැ, මෙහි කිසිවෙක් කයින් දුශ්චරිතයෙහි හැසිරැ, බසින් … සිතින් දුශ්චරිතයෙහි හැසිරැ ‘එය ප්‍රතිච්ඡාදන හේතුයෙන් ලාමක වූ ඉච්ඡාව පිහිටුවයි, ‘නහමක් මා දනීව’ යි කැමැති වෙයි, ‘නහමක් මා දනීව’ යි සලකයි, ‘නහමක් මා දනීව’ යි වචන බෙණෙයි, ‘නහමක් මා දනීව’ යි කයින් උත්සාහ කෙරෙයි; යම් මෙබඳු වූ මායාවක් මායා ඇතිබවෙක් ඉක්මවා යෑමෙක් වඤ්චනාවක් රැවැටීමෙක් පාපයන් යටපත් කිරීමෙක් බැහැර කිරීමෙක් සැඟවීමෙක් හාත්පසින් සැඟවීමෙක් වැසීමෙක් හාත්පසින් වැසීමෙක් ප්‍රකට නො කිරීමෙක් ප්‍රකාශ නො කිරීමෙක් මොනවට වැසීමෙක් පාපක්‍රියාවක් වේ ද, මේ ‘මායා’ යී කියනු ලබයි; හස්සං යනු: මෙහි කිසිවෙක් පමණ ඉක්මවා දත් විවෘත කොට සිනාසෙයි; මේ වදාරන ලද මැයැ, භාග්‍යවතුන් විසින්: “මහණෙනි, පමණ ඉක්මවා දත් විදහා යම් සිනාසීමෙක් වේ ද, මේ ආර්‍ය්‍යවිනයෙහි කුමරුන් කළයුතු දැය” යි. ඛිඩ්ඩං නම්: කායික ක්‍රීඩා ද වාචසික ක්‍රීඩා දැ’ යි ක්‍රීඩා දෙකෙකි: කායික ක්‍රීඩා කවර යත්: ඇතුන් සමග ද කෙළිති, අසුන් සමග ද කෙළිති, රිය සමග ද කෙළිති, දුනුවලිනු දු කෙළිති, අටපදයෙහි දු කෙළිති, දසපදයෙහි දු කෙළිති, අහස්හි දු කෙළිති, පරිහාරපථයෙහි දු කෙළිති, සන්තිකා කෙළි දු කෙළිති, පසැටිනු දු කෙළිති, ඝටිකායෙන් (- කල්ලි) ද කෙළිති,

සලාකහත්‍ථෙනපි කීළන‍්ති, අක‍්ඛෙනපි කීළන‍්ති, පඞ‍්ගචීරෙනපි කීළන‍්ති, වඞ‍්කකෙනපි කීළන‍්ති, මොක‍්ඛචිකායපි කීළන‍්ති, චිඞ‍්ගුලකෙනපි කීළන‍්ති, පත‍්තාළ‍්හකෙනපි කීළන‍්ති, රථකෙනපි කීළන‍්ති, ධනුකෙනපි කීළන‍්ති අක‍්ඛරිකායපි කීළන‍්ති, මනෙසිකායපි කීළන‍්ති, යථාවජ‍්ජෙනපි කීළන‍්ති. අයං කායිකඛිඩ‍්ඩා. කතමා වාචසිකා ඛිඩ‍්ඩා? මුඛභෙරිකං මුඛාලම‍්බරං මුඛදෙණ‍්ඩිමකං මුඛචලිමකං මුඛභෙරුලකං මුඛදද‍්දරිකං නාටකං ලාසං ගීතං දවකම‍්මං. අයං වාචසිකා ඛිඩ‍්ඩා.

ලාවටිනු දු කෙළිති, ගුළ (- පන්දු) යෙනු දු කෙළිති, පත්නළයෙනු දු කෙළිති, කුඩා නඟුලිනු දු කෙළිති, පරිවර්‍තන කෙළි දු කෙළිති, පත් බමරිනු දු කෙළිති, පත්නැළියෙනු දු කෙළිති, කුඩා රියෙනු දු කෙළිති, කුඩා දුන්නෙනු දු කෙළිති, අකුරුකෙළි දු කෙළිති, සිතැඟිකෙළියෙනු දු කෙළිති, යථාවද්‍යයෙනු දු කෙළිත්. මෝ කායික ක්‍රීඩා යැ. වාචසිකක්‍රීඩා කවර යත්: මුවබෙරය මුවපණාබෙරය මුවපටහය මුඛවාලිකය (- සීරුසන්) මුවඩමරුය නාටකය ඔල්වරහඬය ගායනය සිනාකෙළිය යන මේ වාචසික ක්‍රීඩා යි.

මෙථුනධම‍්මො නාම: යො සො අසද‍්ධම‍්මො ගාමධම‍්මො වසලධම‍්මො දුට‍්ඨුල‍්ලො ඔදකන‍්තිකො රහස‍්සො ද‍්වයංද‍්වයසමාපත‍්ති. කිං කාරණා වුච‍්චති මෙථුනධම‍්මො? උභින‍්නං රත‍්තානං සාරත‍්තානං අවස‍්සුතානං පරියුට‍්ඨිතානං පරියාදින‍්නචිත‍්තානං උභින‍්නං සදිසානං ධම‍්මොති තං කාරණා වුච‍්චති මෙථුනධම‍්මො; යථා උභො කලහකාරකා මෙථුනකාති වුච‍්චන‍්ති උභො භණ‍්ඩනකාරකා - උභො භස‍්සකාරකා - උභො අධිකරණකාරකා - උභො විවාදකාරා - උභො වාදිනො - උභො සල‍්ලාපකා මෙථුනකාති වුච‍්චන‍්ති, එවමෙවං උභින‍්නං රත‍්තානං සාරත‍්තානං අවස‍්සුතානං පරියුට‍්ඨිතානං පරියාදින‍්නචිත‍්තානං උභින‍්නං සදිසානං ධම‍්මොති තං කාරණා වුච‍්චති මෙථුනධම‍්මො.

මෙථුනධම්ම නම්: යම් ඒ අසද්ධර්‍මයෙක් ග්‍රාමධර්‍මයෙක් වසලධර්‍මයෙක් දුළුල් දහමෙක් ඖදකාන්තිකධර්‍මයෙක් රහස්‍යධර්‍මයෙක් ද්වයංද්වයසමාපත්තියක් වේ ද එයයි. කවර කරුණෙකින් ‘මෙථුනධම්ම’ යී කියනු ලැබෙයි යත්: රාගයෙන් රත් වූ වෙසෙසින් රත් වූ කෙලෙසින් තෙත් වූ කුසල් සිත මැඩගෙන් සිටියා වූ කුසල්සිත ගෙවාගෙන සිටියා වූ (ස්ත්‍රී - පුරුෂ) දෙදෙනාගේ කෙලෙසුන්ගෙන් සම වූ දෙදෙනාගේ ස්වභාවය නුයි - එකරුණෙන් ‘මෙථුනධම්ම’ යී කියනු ලැබෙයි. යම් සේ කලහකරුවෝ දෙදෙන මෙථුනකයෝ ( - සදෘශයෝ) යයි කියනු ලැබෙත් ද, ඩබරකරුවෝ දෙදෙන - බසින් කලහ කරනුවෝ දෙදෙන - අධිකරණකාරකයෝ (- නඩු කියනුවෝ) දෙදෙන - විවාදකරුවෝ දෙදෙන - වාදීහු දෙදෙන - කථා කරනුවෝ දෙදෙන සමානයෝ යැයි කියනු ලැබෙත් ද, එසෙයින් ම රත් වූ වෙසෙසින් රත් වූ ක්ලේශයෙන් තෙත් වූ කුසල් සිත යටපත් වූ කුසල් සිත ගෙවාගෙන සිටි දෙදෙනාගේ සදෘශ වූ දෙදෙනාගේ ස්වභාව නුයි - එ කරුණෙන් ‘මෙථුනධම්ම’ යී කියනු ලැබේ.

විභූසාති ද‍්වෙ විභූසා: අත්‍ථි අගාරියස‍්ස විභූසා; අත්‍ථි පබ‍්බජිතස‍්ස විභූසා. කතමා අගාරියස‍්ස විභූසා? කෙසා ච මස‍්සු ච මාලා ච ගන්‍ධා ච විලෙපනා ච ආභරණා ච පිළන්‍ධනා ච වත්‍ථඤ‍්ච සාරසාටනඤ‍්ච වෙඨනඤ‍්ච උච‍්ඡාදනං පරිමද‍්දනං නහාපනං සම‍්බාහනං ආදාසං අඤ‍්ජනං මාලාවිලෙපනං මුඛචුණ‍්ණකං මුඛලෙපං හත්‍ථබන්‍ධනං සිඛාබන්‍ධනං දණ‍්ඩනාලියං ඛග‍්ගං ඡත‍්තං චිත්‍රා උපාහනා උණ‍්හීසං මණිං වාළවීජනී ඔදාතානි වත්‍ථානි දීඝදසානි ඉති වා, අයං අගාරියස‍්ස විභූසා කතමා පබ‍්බජිතස‍්ස විභූසා? චීවරමණ‍්ඩනා පත‍්තමණ‍්ඩනා සෙනාසනමණ‍්ඩනා ඉමස‍්ස වා පූතිකායස‍්ස බාහිරානං වා පරික‍්ඛාරානං මණ‍්ඩනා විභූසනා කෙළනා පරිකෙළනා ගෙධිතතා ගෙධිතත‍්තං චපලතා චාපල්‍යං. අයං පබ‍්බජිතස‍්ස විභූසා.

විභූස නම්: සැරැසුම් දෙකෙකි: ගිහිගේ වැසියාගේ සැරසුමෙක් ඇත. පැවිද්දාගේ සැරැසුමෙක් ඇත. ගිහිගේවැසියාගේ සැරැසුම කවරැ යත්: (කතුරෙන්) හිසකෙස් කැපීම ද (දැළි තබා) රවුළු බෑම ද මල් ගඳ විලෙවුන් ද අබරණ ද පළඳනා ද වස්ත්‍ර ද බඳපට ද (හෝ රසන්දම) හිස්වෙළුම ද, ඇඟ ඉළීම ඇඟ මැඩීම (දරුවන්) නැහැවීම සම්බාහනය කැඩපත අඳුන් මල් විලෙවුන් මුවසුණු මුඛාලෙප හස්තබන්‍ධන සිළුබැඳුම දඬුනළ කඩු ඡත්‍රය විසිතුරු වහන් නළල්පට සිළුමිණ විල්විදුනා දික්දාවලු ඇති සුදු වත් යනාදිය යි. මේ ගිහි වැසියාගේ සැරැසුමැ. පැවිද්දාගේ සැරසුම් කවරැ යත්: චීවරමණ්ඩනය පාත්‍රමණ්ඩනය ශයනාසනමණ්ඩනය මේ කුණු කය හෝ බාහිර පරිෂ්කාරයන් හෝ මණ්ඩනය සැරැසීම කෙළැවීම හාත්පසින් කෙළැවීම කැමැති බව ගිජු බව චපල බව චාපල්‍යය යන මේ පැවිද්දාගේ සැරසුමි.

තන්‍දිං මායං හස‍්සං ඛිඩ‍්ඩං මෙථුනං විප‍්පජහෙ සවිභූසන‍්ති - තන්‍දිං ච මායං ච හස‍්සං ච ඛිඩ‍්ඩං ච මෙථුනධම‍්මං ච සවිභූසං සපරිවාරං සපරිභණ‍්ඩං සපරික‍්ඛාරං පජහෙය්‍ය විනොදෙය්‍ය බ්‍යන‍්තීකරෙය්‍ය අනභාවං ගමෙය්‍යාති - තන්‍දිං -පෙ- සවිභූසං.

තන්දිං මායං හස්සං ඛිඩ්ඩං මෙථුනං විප්පජහෙ සවිභූසං - මැලිබව ද මායා (-වංචා) ව ද හාස්‍යය ද ක්‍රීඩාව ද සැරැසුම් සහිත වූ පිරිවර සහිත වූ පිරිබඩ සහිත වූ පිරිකර සහිත වූ මෙවුන්දම් ද හරනේ යැ දුරු කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනභාවයට පමුණුවන්නේ නුයි ‘තන්දිං … සවිභූසං’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“නිද‍්දං න බහුලීකරෙය්‍ය ජාගරියං භජෙය්‍ය ආතාපී, තන්‍දිං මායං හස‍්සං ඛිඩ‍්ඩං මෙථුනං විප‍්පජහෙ සවිභූස”න‍්ති.

“නිද්දං න බහුලීකරෙය්‍ය -පෙ- මෙථුනං විප්පජහෙ සවිභූසං” යී.