14. 14
14. 14.
14. 14.
නින්දාය නප‍්පවෙධෙය්‍ය න උන්නමෙය්ය පසංසිතො භික‍්ඛු, ලොභං සහ මච්ඡරියෙන කොධං පෙසුනියඤ්ච පනුදෙය්‍ය.
මහණ තෙම නින්දාවචනයෙන් නො කම්පා වන්නේ යැ. පසස්නා ලදුයේ උඩඟු නො වන්නේ යැ. මාත්සර්‍ය්‍ය සමග ලෝභය ක්‍රෝධය හා පෛශුන්‍යය ද දුරු කරන්නේ යි.
නින්‍දාය නප‍්පවෙධෙය්‍යාති - ඉධෙකච‍්චෙ භික‍්ඛුං නින්‍දන‍්ති: ජාතියා වා ගොත‍්තෙන වා කොලපුත‍්තියෙන වා වණ‍්ණපොක‍්ඛරතාය වා ධනෙන වා අජ‍්ඣෙනෙන වා කම‍්මායතනෙන වා සිප‍්පායතනෙන වා විජ‍්ජාට‍්ඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වා වත්‍ථුනා නින්‍දන‍්ති ගරහන‍්ති උපවදන‍්ති. නින්‍දිතො ගරහිතො උපවදිතො නින්‍දාය ගරහාය උපවාදෙන අකිත‍්තියා අවණ‍්ණහාරිකාය න වෙධෙය්‍ය නප‍්පවෙධෙය්‍ය න සම‍්පවෙධෙය්‍ය න තසෙය්‍ය න උත‍්තසෙය්‍ය න පරිත‍්තසෙය්‍ය න භායෙය්‍ය න සන‍්තාසං ආපජ‍්ජෙය්‍ය. අභීරු අස‍්ස අච‍්ඡම‍්භී අනුත්‍රාසී අපලායී පහීනභයභෙරවො විගතලොමහංසො විහරෙය්‍යාති නින්‍දාය නප‍්පවෙධෙය්‍ය.
නින්දාය නප්පවෙධෙය්‍ය - මෙහි ඇතැම් කෙනෙක් මහණ හට නින්‍දා කෙරෙති; ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙන් හෝ ශිල්පයෙන් හෝ විද්‍යාවෙන් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුයෙකින් හෝ නින්‍දා කෙරෙති, ගරහති නුගුණ කියත්. නිගා කරන ලදුයේ ගරහන ලදුයේ නුගුණ කියන ලදුයේ නින්දාවෙන් ගර්‍හාවෙන් උපවාදයෙන් අකීර්ත්තියෙන් නුගුණ එළැවීමෙන් කම්පා නො වන්නේ යැ , ප්‍රකම්පා නො වන්නේ යැ, පුනපුනා කම්පා නො වන්නේ යැ, ත්‍රස්ත - උත්ත්‍රස්ත - පරිත්‍රස්ත නො වන්නේ යැ භය නො වන්නේ යැ, සන්ත්‍රාසයට නො පැමිණෙන්නේ යැ. නො බියසුලු වූයේ නො සැලෙනසුලු වූයේ නො තැතිගන්නාසුලු වූයේ නො පලායන සුලු වූයේ වන්නේ යැ. ප්‍රහීණ වූ භය අරමුණු ඇතියේ පහ වූ ලොමුදහ ඇතියේ වාසය කරන්නේ නුයි ‘නින්දාය නප්පවධෙය්‍ය’ යනු වේ.
න උන්නමෙය්ය පසංසිතො භික‍්ඛූති - ඉධෙකච‍්චෙ භික‍්ඛුං පසංසන‍්ති: ජාතියා වා ගොත‍්තෙන වා කොලපුත‍්තියෙන වා වණ‍්ණපොක‍්ඛරතාය වා ධනෙන වා අජ‍්ඣෙනෙන වා කම‍්මායතනෙන වා සිප‍්පායතනෙන වා විජ‍්ජාට‍්ඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වා වත්‍ථුනා පසංසන‍්ති ථොමෙන‍්ති කිත‍්තෙන‍්ති වණ‍්ණෙන‍්ති. පසංසිතො ථොමිතො කිත‍්තිතො වණ‍්ණිතො පසංසාය ථොමනෙන කිත‍්තියා වණ‍්ණහාරිකාය උන‍්නතිං න කරෙය්‍ය, උන‍්නමං න කරෙය්‍ය, මානං න කරෙය්‍ය, ථම‍්භං න කරෙය්‍ය, න තෙන මානං ජනෙය්‍ය, න තෙන ථද‍්ධො අස‍්ස පත්‍ථද‍්ධො පග‍්ගහිතසිරොති - න උන්නමෙය්ය පසංසිතො භික‍්ඛු.
න උන්නමෙය්ය පසංසිතො භික්ඛු - මෙහි ඇතැම් කෙනෙක් මහණ හට ප්‍රශංසා කෙරෙති: ජාතියෙන් හෝ ග්‍රොත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙන් හෝ ශිල්පයෙන් හෝ විද්‍යාවෙන් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතර කාරණයෙකින් හෝ පසසති, තුති කෙරෙති, ප්‍රකට කෙරෙති, ගුණ කියත්. ප්‍රශංසිත - ස්තුත - කිර්‍තතිත - වර්ණණිත වූයේ ප්‍රශංසායෙන් ස්තුතියෙන් කීර්‍තතියෙන් ගුණ ප්‍රකාශ කිරීමෙන් උන්නතිය නො කරන්නේ යැ, උන්නාමය නො කරන්නේ යැ, මානය නො කරන්නේ යැ, ස්තම්භය නො කරන්නේ යැ, එයින් මානය නූපදවන්නේ යැ. එයින් තද වූයේ අතිශයින් තද වූයේ නැඟු හිස ඇත්තේ නො වන්නේ ය යි - ‘න උන්නමෙය්ය පසංසිතො භික්ඛු’ යනු වේ.
ලොභං සහ මච්ඡරියෙන කොධං පෙසුනියඤ‍්ච පනුදෙය්‍යාති ලොභොති “යො ලොභො ලුබ‍්භනා ලුබ‍්භිතත‍්තං සාරාගො සාරජ‍්ජනා සාරජ‍්ජිතත‍්තං අභිජ‍්ඣා ලොභො අකුසලමූලං;” මච‍්ඡරියන‍්ති පඤ‍්ච මච‍්ඡරියානි: ආවාසමච‍්ඡරියං -පෙ- ගාහො වුච‍්චති මච‍්ඡරියං; කොධොති “යො චිත‍්තස‍්ස ආඝාතො පටිඝාතො පටිඝං පටිවිරොධො කොපො පකොපො සම‍්පකොපො, දොසො පදොසො සම‍්පදොසො චිත‍්තස‍්ස බ්‍යාපත‍්ති මනොපදොසො, කොධො කුජ‍්ඣනා කුජ‍්ඣිතත‍්තං, දොසො දුස‍්සනා දුස‍්සිතත‍්තං, බ්‍යාපත‍්ති බ්‍යාපජ‍්ජනා බ්‍යාපජ‍්ජිතත‍්තං, විරොධො පටිවිරොධො චණ‍්ඩික‍්කං අසුරොපො අනත‍්තමනතා චිත‍්තස‍්ස.”
ලොභං සහ මච්ඡරියෙන කොධං පෙසුනියඤ්ච පනුදෙය්‍ය - ලෝභ නම්: යම් ලොභයෙක් ලෝභාකාරයෙක් ලෝභ කළ බවෙක් අධිකාරාගයෙක් ඇලෙන අයුරෙක් ඇලුණු බවෙක් අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. මච්ඡරිය නම් - මාත්සර්‍ය්‍ය පසෙකි: ආවාසමාත්සර්‍ය්‍යය … ග්‍රාහයමාත්සර්‍ය්‍ය යයි කියනු ලැබේ. කෝධ නම්: චිත්තයාගේ යම් ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරොධයෙක් කෝපයෙක් සම්ප්‍රකෝපයෙක් ද්වේෂයෙක් ප්‍රද්වෙෂයෙක් සම්ප්‍රද්වෙෂයෙක් වේ ද, සිත පෙරළුණු බවෙක් සිත දූෂ්‍ය වීමෙක් ක්‍රෝධයෙක් ක්‍රෝධාකාරයෙක් කිපුණු බවෙක් ද්වේෂයෙක් දූෂ්‍යාකාරයෙක් දූෂිත බවෙක් විපර්‍ය්‍යාසයෙක් විපර්‍ය්‍යාසකාරයෙක් විපර්‍ය්‍යස්ත බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරෝධයෙක් සැඩ බවෙක් නො පිරුණු වචන ඇති බවෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද එය යි.
පෙසුනියන‍්ති ඉධෙකච‍්චො පිසුනවාචො හොති: ඉතො සුත්‍වා අමුත්‍ර අක‍්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්‍ර වා සුත්‍වා ඉමෙසං අක‍්ඛාතා අමූසං භෙදාය. ඉති සමග‍්ගානං වා භෙත‍්තා භින‍්නානං වා අනුප‍්පදාතා වග‍්ගාරාමො වග‍්ගරතො වග‍්ගනන්‍දී වග‍්ගකරණිං වාචං භාසිතා හොති. ඉති වුච‍්චති පෙසුඤ‍්ඤං. අපි ච ද‍්වීහි කාරණෙහි පෙසුඤ‍්ඤං උපසංහරති: පියකම්‍යතාය වා භෙදාධිප‍්පායෙන වා. කථං පියකම්‍යතාය පෙසුඤ‍්ඤං උපසංහරති? ‘ඉමස‍්ස පියො භවිස‍්සාමි, මනාපො භවිස‍්සාමි, විස‍්සාසිකො භවිස‍්සාමි, අබ‍්භන‍්තරිකො භවිස‍්සාමි, සුහදයො භවිස‍්සාමී’ති එවං පියකම්‍යතාය පෙසුඤ‍්ඤං උපසංහරති. කථං භෙදාධිප‍්පායෙන පෙසුඤ‍්ඤං උපසංහරති? ‘කථං ඉමෙ නානා අස‍්සු, වග‍්ගා අස‍්සු, ද‍්විධා අස‍්සු, ද‍්වෙජ‍්ඣා අස‍්සු, ද‍්වෙ පක‍්ඛා අස‍්සු, භිජ‍්ජෙය්‍යුං න සමාගච‍්ඡෙය්‍යුං, දුක‍්ඛං න ඵාසු විහරෙය්‍යු’න‍්ති එවං භෙදාධිප‍්පායෙන පෙසුඤ‍්ඤං උපසංහරති. ලොභං සහ මච්ඡරියෙන කොධං පෙසුනියඤ‍්ච පනුදෙය්‍යාති ලොභඤ‍්ච මච‍්ඡරියඤ‍්ච කොධඤ‍්ච පෙසුඤ‍්ඤඤ‍්ච නුදෙය්‍ය පනුදෙය්‍ය පජහෙය්‍ය විනොදෙය්‍ය බ්‍යන‍්තීකරෙය්‍ය අනභාවං ගමෙය්‍යාති - ලොභං සහ මච්ඡරියෙන කොධං පෙසුනියඤ්ච පනුදෙය්‍ය.
පෙසුනියං යනු මෙහි කිසිවෙක් පිසුනුබස් ඇතියේ වෙයි: මෙතැනින් අසා මොවුන්ගේ බිඳීමට එතැන කියන්නේ වෙයි, එතැන හෝ අසා අරුන්ගේ බිඳීමට මුන්ට කියන්නේ වෙයි. මෙසේ සමග වූවන් හෝ බිඳිනුයේ භින්න වූවන් හෝ සන්‍ධානය නො කරනුයේ වර්‍ග වීමෙහි සතුටු වූයේ වර්‍ග වීමෙහි ඇලුණේ වර්‍ගයෙහි සතුටු වූයේ වර්‍ග කරන බස් කියන්නේ වෙයි. එහෙයින් පෛශුන්‍ය යැයි කියනු ලැබේ. තවද දෙකරුණෙකින් පිසුනු එළවා කියයි: ප්‍රියකාම්‍යතායෙන් හෝ භෙදාධිප්‍රායෙන් හෝ යැ. කිසෙයින් ප්‍රියකාම්‍යතායෙන් පිසුනු කියා ද යත්: ‘මොහුට ප්‍රිය වූයෙම් වන්නෙමි, මනාප වූයෙම් වන්නෙමි, විස්වැසියෙම් වන්නෙමි, ආභ්‍යන්තරිකයෙම් වන්නෙමි, සුහෘද් වන්නෙමි, මෙ සෙයින් ප්‍රියකාම්‍යතායෙන් පිසුනු කියයි. කිසෙයින් භෙදාධිප්‍රායෙන් පිසුනු කියා ද යත්: ‘කෙසේ නම් මොහු වෙන් වන්නාහු ද, වර්‍ග වන්නාහු ද, දෙ කොටස් වන්නාහු ද, දෙ කඩ වන්නාහු ද, දෙ පක්‍ෂ වන්නාහු ද, බිඳෙන්නාහු ද, නො සමග වන්නාහු ද, දුකසේ නො සුවසේ වසන්නාහු දැ’ යි මෙසේ බිඳෙන අදහසින් පෙහෙසුන් බස් කියයි. ලොභං සහ මච්ඡරියෙන කොධං පෙසුනියඤ්ච පනුදෙය්‍ය - ලෝභය ද මාත්සර්‍ය්‍යය ද ක්‍රෝධය ද පෛශුන්‍යය ද දුරු කරන්නේ යැ වෙසෙසින් දුරු කරන්නේ යැ හරණේ යැ බැහැර කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනභාවයට පමුණුවන්නේ ය යි ‘ලොභං සහ මච්ඡරියෙන කොධං පෙසුනියඤ්ච පනුදෙය්‍ය’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“නින්‍දාය නප‍්පවෙධෙය්‍ය න උන්නමෙය්ය පසංසිතො භික‍්ඛු, ලොභං සහ මච්ඡරියෙන කොධං පෙසුනියඤ‍්ච පනුදෙය්‍යා”ති.
“නින්දාය නප්පවෙධෙය්‍ය -පෙ- කොධං පෙසුනියඤ්ච පනුදෙය්‍ය” යී.