යෙදුමෙන් කියවන්න

14. 15

14. 15.

14. 15.

කයවික‍්කයෙ න තිට‍්ඨෙය්‍ය උපවාදං භික‍්ඛු න කරෙය්‍ය කුහිඤ‍්චි, ගාමෙ ච නාභිසජ‍්ජෙය්‍ය ලාභකම්‍යා ජනං න ලපයෙය්‍ය.

මහණ තෙමේ ක්‍රයවික්‍රෙයයෙහි නො පිහිටන්නේ යැ. (ඇතුළතැ පිටතැ) කිසි තැනෙක්හි (අනුන් ලවා) උපවාද නො කරවන්නේ යැ. ගම්හි දු නො ඇලෙන්නේ යැ ලාභහේතුයෙන් ජනයාට ලපනය නො කරන්නේ යි.

කයවික‍්කයෙ න තිට‍්ඨෙය්‍යාති - යෙ කයවික‍්කයා විනයෙ පටික‍්ඛිත‍්තා, න තෙ ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා. කථං කයවික‍්කයෙ තිට‍්ඨති? පඤ‍්චන‍්නං සද‍්ධිං පත‍්තං වා චීවරං වා අඤ‍්ඤං වා කඤ‍්චි පරික‍්ඛාරං වඤ‍්චනියං වා කරොන‍්තො උදයං වා පත්‍ථයන‍්තො පරිවත‍්තෙති, එවං කයවික‍්කයෙ තිට‍්ඨති, කථං කයවික‍්කයෙ න තිට‍්ඨති? පඤ‍්චන‍්නං සද‍්ධිං පත‍්තං වා චීවරං වා අඤ‍්ඤං වා කඤ‍්චි පරික‍්ඛාරං න වඤ‍්චනියං වා කරොන‍්තො න උදයං වා පත්‍ථයන‍්තො පරිවත‍්තෙති. එවං කයවික‍්කයෙ න තිට‍්ඨති. කයවික‍්කයෙ න තිට‍්ඨෙය්‍යාති කයවික‍්කයෙ න තිට‍්ඨෙය්‍ය, න සන‍්තිට‍්ඨෙය්‍ය, කයවික‍්කයං පජහෙය්‍ය, විනොදෙය්‍ය, බ්‍යන‍්තීකරෙය්‍ය, අනභාවං ගමෙය්‍ය, කයවික‍්කයා ආරතො අස‍්ස විරතො පටිවිරතො නික‍්ඛන‍්තො නිස‍්සටො විප‍්පමුත‍්තො විසඤ‍්ඤුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්‍යාති - කයවික‍්කයෙ න තිට‍්ඨෙය්‍ය.

කයවික්කයෙ න තිට්ඨෙය්‍ය - යම් ක්‍රයවික්‍රෙය කෙනෙක් විනයෙහි ප්‍රතික්‍ෂේප කරන ලද්දාහු නම්, ඔහු මේ අර්‍තථයෙහි අදහස් නො කරන ලදහ. කිසෙයින් ක්‍රයවික්‍රෙයයෙහි සිටී ද යත්: පස් සහධැමියන් සමග පාත්‍රයක් හෝ සිවුරක් හෝ අන් කිසි පිරිකරක් හෝ වඤ්ච කෙරෙමින් හෝ උදය (-වැඩියක්) පතමින් හෝ පරිවර්‍තන කෙරේ නම්, මෙසේ ක්‍රයවික්‍රෙයයෙහි සිටී. කිසෙයින් ක්‍රයවික්‍රෙයයෙහි නොසිටී ද යත්: පස් සහධැමියන් සමග පාත්‍රයක් හෝ සිවුරක් හෝ අන් කිසි පිරිකරක් හෝ වඤ්ච නො කෙරෙමින් හෝ උදය නො පතමින් හෝ පරිවර්‍තන කෙරේ නම්, මෙසේ ක්‍රයවික්‍රෙයයෙහි නො සිටී. කයවික්කයෙ න තිට්ඨෙය්‍ය - ක්‍රයවික්‍රෙයයෙහි නො සිටින්නේ යැ, නො පවත්නේ යැ, ක්‍රයවික්‍රෙය (-ගනුදෙනු) හරනේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනුඅභාවයට පමුණුවන්නේ යැ. ක්‍රයවික්‍රෙයයෙන් දුරු වූයේ වෙසෙසින් දුරු වූයේ හාත්පසින් දුරු වූයේ වන්නේ යැ, නික්මුණේ නික්මැගියේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වසන්නේ නුයි ‘කයවික්කයෙ න තිට්ඨෙය්‍ය’ යනු වේ.

උපවාදං භික‍්ඛු න කරෙය්‍ය කුහිඤ‍්චීති - කතමෙ උපවාදකරා කිලෙසා? සන‍්තෙකෙ සමණබ්‍රාහ‍්මණා ඉද‍්ධිමන‍්තො දිබ‍්බචක‍්ඛුකා පරචිත‍්තවිදුනො, තෙ දූරතොපි පස‍්සන‍්ති, ආසන‍්නාපි න දිස‍්සන‍්ති, චෙතසාපි චිත‍්තං පජානන‍්ති. දෙවතාපි ඛො සන‍්ති ඉද‍්ධිමන‍්තිනියො දිබ‍්බචක‍්ඛුකා පරචිත‍්තවිදුනියො. තා දූරතොපි පස‍්සන‍්ති, ආසන‍්නාපි න දිස‍්සන‍්ති, චෙතසාපි චිත‍්තං පජානන‍්ති. තෙ ඔළාරිකෙහි වා කිලෙසෙහි මජ‍්ඣිමෙහි වා කිලෙසෙහි සුඛුමෙහි වා කිලෙසෙහි උපවදෙය්‍යුං. කතමෙ ඔළාරිකා කිලෙසා? කායදුච‍්චරිතං වචීදුච‍්චරිතං මනොදුච‍්චරිතං. ඉමෙ වුච‍්චන‍්ති ඔළාරිකා කිලෙසා. කතමෙ මජ‍්ඣිමා කිලෙසා? කාමවිතක‍්කො ව්‍යාපාදවිතක‍්කො විහිංසාවිතක‍්කො. ඉමෙ වුච‍්චන‍්ති මජ‍්ඣිමා කිලෙසා. කතමෙ සුඛුමා කිලෙසා? ඤාතිවිතක‍්කො ජනපදවිතක‍්කො අමරවිතක‍්කො පරානුද‍්දයතාපටිසඤ‍්ඤුත‍්තො විතක‍්කො ලාභසක‍්කාරසිලොකපටිසඤ‍්ඤුත‍්තො විතක‍්කො අනවඤ‍්ඤත‍්තිපටිසඤ‍්ඤුත‍්තො විතක‍්කො. ඉමෙ වුච‍්චන‍්ති සුඛුමා කිලෙසා. තෙහි ඔළාරිකෙහි වා කිලෙසෙහි මජ‍්ඣිමෙහි වා කිලෙසෙහි සුඛුමෙහි වා කිලෙසෙහි න උපවදෙය්‍ය, උපවාදං න කරෙය්‍ය, උපවාදකරෙ කිලෙසෙ න කරෙය්‍ය, න ජනෙය්‍ය, න සඤ‍්ජනෙය්‍ය, න නිබ‍්බත‍්තෙය්‍ය නාභිනිබ‍්බත‍්තෙය්‍ය. උපවාදකරෙ කිලෙසෙ පජහෙය්‍ය විනොදෙය්‍ය බ්‍යන‍්තීකරෙය්‍ය අනභාවං ගමෙය්‍ය. උපවාදකරෙහි කිලෙසෙහි ආරතො අස‍්ස විරතො පටිවිරතො නික‍්ඛන‍්තො නිස‍්සටො විප‍්පමුත‍්තො විසඤ‍්ඤුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්‍ය. කුහිඤ‍්චීති කුහිඤ‍්චි කිම‍්හිචි කත්‍ථචි අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා අජ‍්ඣත‍්තබහිද‍්ධා වාති ‘උපවාදං භික‍්ඛු න කරෙය්‍ය කුහිඤ‍්චි’

උපවාදං භික්ඛු න කරෙය්‍ය කුහිඤ්චි - උපවාදකර ක්ලේශයෝ කවරහු ද යත්: ඍද්ධිමත් වූ දිවැස් ඇති පරසිත් දන්නා ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත්තාහු ය, ඔහු දුර සිටියාහු ද දකිති. ළං වූවාහු ද නො පැනෙති. තමන්ගේ සිතින් අනුන්ගේ සිත දැන ගනිත්. ඍද්ධිමත් වූ දිවැස් ඇති පරසිත් දන්නා වූ දේවතාවෝ ද ඇත්තාහු යැ. ඔහු දුර සිට ද දකිති. සමීප වූවාහු ද නො පැනෙති. තම සිතින් මෙරමා සිත ද දැන ගනිත්. ඔහු (කායදුශ්චරිතාදි) ඖදාරික ක්ලේශයන්ගෙන් හෝ (කාමවිතර්‍කාදි) මධ්‍යම ක්ලේශයන්ගෙන් හෝ (ඥාතිවිතර්‍කාදි) සූක්‍ෂම ක්ලේශයන්ගෙන් හෝ උපවාද කරන්නාහු ය. ඖදාරික ක්ලේශයෝ කවරහු ද යත්: කායදුශ්චරිතය වාග්දුශ්චරිතය මනෝදුශ්චරිතය යන මොහු ඖදාරික ක්ලේශයෝ’ යි කියනු ලැබෙත්. මධ්‍යම ක්ලේශයෝ කවරහු ද යත්: කාමවිතර්‍ක යැ ව්‍යාපාදවිතර්‍ක යැ විහිංසාවිතර්‍ක යැ යන මොහු මධ්‍යම ක්ලේශයෝ යි කියනු ලැබෙත්. සූක්‍ෂම ක්ලේශයෝ කවරහු ද යත්: ඥාතිවිතර්‍ක යැ ජනපදවිතර්‍ක යැ අමරවිතර්‍ක යැ පරානුද්දයතාප්‍රතිසංයුක්ත වූ විතර්‍ක යැ ලාභසත්කාරකීර්‍තති ප්‍රතිසංයුක්ත වූ විතර්‍ක යැ අනවඥාත බව ප්‍රතිසංයුක්ත වූ විතර්‍ක යැ යන මොහු සූක්‍ෂමක්ලෙශයෝ යි කියනු ලැබෙත්. ඒ ඖදාරික ක්ලේශයන්ගෙන් හෝ මධ්‍යම ක්ලේශයන්ගෙන් හෝ සූක්‍ෂම ක්ලේශයන්ගෙන් හෝ ’න උපවදෙය්‍ය, උපවාද නො කරන්නේ යැ, උපවාදකර ක්ලේශයන් නො කරන්නේ යැ, නො දනවන්නේ යැ, නූපදවන්නේ යැ, නො නිපදවන්නේ යැ, නො පහළ කරන්නේ යැ. උපවාදකර ක්ලේශයන් හරනේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනභාවයට පමුණුවන්නේ යැ. උපවාදකර ක්ලේශයන්ගෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ වන්නේ යැ, නික්මුණේ නික්මැගියේ වෙසෙසින් මිදුණේ නො යෙදුණේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වාසය කරන්නේ යි. කුහිඤ්චි යනු: අධ්‍යාත්මයෙහි හෝ බාහ්‍යයෙහි හෝ අධ්‍යාත්මබාහ්‍යයෙහි හෝ කොහි කිසිවෙක්හි කොතැනෙක්හි නුයි ‘උපවාදං භික්ඛු න කරෙය්‍ය කුහිඤ්චි’ යනු වේ.

ගාමෙ ච නාභිසජ‍්ජෙය්‍යාති - කථං ගාමෙ සජ‍්ජති? ඉධ භික‍්ඛු ගාමෙ ගිහීහි සංසට‍්ඨො විහරති සහනන්‍දී සහසොකී සුඛිතෙසු සුඛිතො දුක‍්ඛිතෙසු දුක‍්ඛිතො. උප‍්පන‍්නෙසු කිච‍්චකරණීයෙසු අත‍්තනා වොයොගං ආපජ‍්ජති. එවම‍්පි ගාමෙ සජ‍්ජති. අථවා භික‍්ඛු පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය ගාමං වා නිගමං වා පිණ‍්ඩාය පවිසති අරක‍්ඛිතෙනෙව කායෙන අරක‍්ඛිතාය වාචාය අරක‍්ඛිතෙන චිත‍්තෙන අනුපට‍්ඨිතාය සතියා අසංවුතෙහි ඉන්‍ද්‍රියෙහි. සො තත්‍ර තත්‍ර සජ‍්ජති. තත්‍ර තත්‍ර ගණ‍්හාති. තත්‍ර තත්‍ර බජ‍්ඣති. තත්‍ර තත්‍ර අනයබ්‍යසනං ආපජ‍්ජති. එවම‍්පි ගාමෙ සජ‍්ජති.

ගාමෙ ච නාභිසජ්ජෙය්‍ය - කිසෙයින් ගම්හි ඇලෙයි යත්: මෙහි මහණ තෙම ගම්හි ගිහින් සමග සංසෘෂ්ට වැ වෙසෙයි, සමග සතුටු වනුයේ සමග ශෝක ඇතියේ (ඔවුන්) සුඛිත කල්හි සුඛිත වූයේ දුඃඛිත කල්හි දුඃඛිත වූයේ වෙයි. උපන් කළයුතු කිස ඇති කල්හි තමා උපයොගයට (කිස කළ යුතු බවට) පැමිණෙයි. මෙසේත් ගම්හි ඇලෙයි. නොහොත් මහණ තෙම පෙරවරුයෙහි හැඳපෙරෙවැ පාසිවුරු ගෙන නො රක්නා ලද කයින් නො රක්නා ලද වචනයෙන් නො රක්නා ලද සිතින් යුක්ත වැ නො එළැඹ සිටි සිහියෙන් අසංවර වූ ඉඳුරන්ගෙන් යුක්ත වැ ගමට හෝ නියම්ගමට හෝ පිඬු සිඟා යෙයි. හෙතෙම ඒ ඒ අරමුණෙහි ඇලෙයි. ඒ ඒ අරමුණට පිවිසෙයි, ඒ ඒ අරමුණෙහි බැඳෙයි. ඒ ඒ අරමුණෙහි අනයව්‍යසනයට පැමිණේ. මෙසේත් ගම්හි ඇලෙයි.

කථං ගාමෙ න සජ‍්ජති? ඉධ භික‍්ඛු ගාමෙ ගිහීහි අසංසට‍්ඨො විහරති: න සහනන්‍දී න සහසොකී න සුඛිතෙසු සුඛිතො, න දුක‍්ඛිතෙසු දුක‍්ඛිතො. උප‍්පන‍්නෙසු කිච‍්චකරණීයෙසු න අත‍්තනා වොයොගං ආපජ‍්ජති. එවම‍්පි ගාමෙ න සජ‍්ජති. අථවා භික‍්ඛු පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය ගාමං වා නිගමං වා පිණ‍්ඩාය පවිසති රක‍්ඛිතෙනෙව කායෙන රක‍්ඛිතාය වාචාය රක‍්ඛිතෙන චිත‍්තෙන උපට‍්ඨිතාය සතියා සංවුතෙහි ඉන්‍ද්‍රියෙහි. සො තත්‍ර තත්‍ර න සජ‍්ජති. තත්‍ර තත්‍ර න ගණ‍්හාති. තත්‍ර තත්‍ර න බජ‍්ඣති. තත්‍ර තත්‍ර න අනයබ්‍යසනං ආපජ‍්ජති එවම‍්පි ගාමෙ න සජ‍්ජති, ගාමෙ ච නාභිසජ‍්ජෙය්‍යාති ගාමෙ න සජ‍්ජෙය්‍ය න ගණ‍්හෙය්‍ය න බජ‍්ඣෙය්‍ය න පලිබජ‍්ඣෙය්‍ය. අගිද‍්ධො අස‍්ස අගථිතො අමුච‍්ඡිතො අනජ‍්ඣොපන‍්නො වීතගෙධො විගතගෙධො වන‍්තගෙධො -පෙ- බ්‍රහ‍්මභූතෙන අත‍්තනා විහරෙය්‍යාති - ගාමෙ ච නාභිසජ‍්ජෙය්‍ය.

කිසෙයින් ගම්හි නො ඇලෙයි යත්: මේ සස්නෙහි මහණ තෙමේ ගම්හි ගිහීන් හා අසංසෘෂ්ට වූයේ වෙසෙයි: සමග සතුටු නො වනුයේ සමග ශෝකී නො වනුයේ (ඔවුන්) සුවපත් කල්හි සුවපත් නො වනුයේ දුප්පත් කල්හි දුප්පත් නො වනුයේ වෙයි, උපන් කළයුතු කිස ඇති කල්හි එය තමා විසින් කළ යුතු බවට නො පැමිණෙයි. මෙසේත් ගම්හි නො ඇලෙයි. නොහොත් මහණ තෙමේ පෙරවරුයෙහි හැඳපෙරෙවැ පාසිවුරු ගෙන රක්නා ලද කායද්වාරයෙන් යුක්ත වැ රක්නා ලද වාග්ද්වාරයෙන් යුක්ත වැ රක්නා ලද මනෝද්වාරයෙන් යුක්ත වැ එළැඹසිටි සිහියෙන් සංවර කළ ඉඳුරන් ගෙන් යුක්ත වැ ගමට හෝ නියම් ගමට හෝ පිඬු සිඟා යෙයි. හෙතෙම ඒ ඒ අරමුණෙහි නො ඇලෙයි. ඒ ඒ අරමුණෙහි නො පිවිසෙයි. ඒ ඒ අරමුණෙහි නො බැඳෙයි, ඒ ඒ අරමුණෙහි අනයව්‍යසනයට නො පැමිණේ. මෙසේත් ගම්හි නො ඇලේ. ගාමෙ ච නාභිසජ්ජෙය්‍ය - ගම්හි නො ඇලෙන්නේ යැ නො ගන්නේ යැ, නො බැඳෙන්නේ යැ, හාත්පසින් නො බැඳෙන්නේ යැ. (රාගයෙන්) නො ගෙතුණේ මුසපත් නො වූයේ නො මඩනා ලදුයේ වන්නේ යැ. පහවූ තෘෂ්ණා ඇතියේ විගත තෘෂ්ණා ඇතියේ වමනය කළ තෘෂ්ණා ඇතියේ … ශ්‍රේෂ්ඨ වූ සිතින් යුක්ත වැ වාසය කරන්නේ නුයි ‘ගාමෙ ච නාභිසජ්ජෙය්‍ය’ යනු වේ.

ලාභකම්‍යා ජනං න ලපයෙය්‍යාති - කතමා ලපනා? ලාභසක‍්කාරසිලොකසන‍්නිස‍්සිතස‍්ස පාපිච‍්ඡස‍්ස ඉච‍්ඡාපකතස‍්ස ආමිසචක‍්ඛුකස‍්ස ලොකධම‍්මගරුකස‍්ස යා පරෙසං ආලපනා ලපනා සල‍්ලපනා උල‍්ලපනා සමුල‍්ලපනා උන‍්නහනා සමුන‍්නහනා උක‍්කාචනා සමුක‍්කාචනා අනුප‍්පියභාණීතා චාටුකම්‍යතා මුග‍්ගසුප්‍යතා පාරිභට‍්ටතා පරපිට‍්ඨිමංසිකතා, යා තත්‍ථ සණ‍්හවාචතා සඛිලවාචතා සිථිලවාචතා අඵරුසවාචතා, අයං වුච‍්චති ලපනා, අපි ච ද‍්වීහි කාරණෙහි ජනං ලපති: අත‍්තානං වා නීචං ඨපෙන‍්තො පරං උච‍්චං ඨපෙන‍්තා ජනං ලපති. අත‍්තානං වා උච‍්චං ඨපෙන‍්තො පරං නීචං ඨපෙන‍්තො ජනං ලපති. කථං අත‍්තානං නීචං ඨපෙන‍්තො පරං උච‍්චං ඨපෙන‍්තො ජනං ලපති? ‘තුම‍්හෙ මෙ බහූපකාරා, අහං තුම‍්හෙ නිස‍්සාය ලභාමි චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං. යෙපිමෙ අඤ‍්ඤෙ දාතුං වා කාතුං වා මඤ‍්ඤන‍්ති, තුම‍්හෙ නිස‍්සාය තුම‍්හෙ සම‍්පස‍්සන‍්තා. යම‍්පි මෙ පුරාණං මාතාපෙත‍්තිකං නාමධෙයං, තම‍්පි මෙ අන‍්තරහිතං. තුම‍්හෙහි අහං ඤායාමි අසුකස‍්ස කුලූපකො අසුකාය කුලූපකො’ති. එවං අත‍්තානං නීචං ඨපෙන‍්තො පරං උච‍්චං ඨපෙන‍්තො ජනං ලපති. කථං අත‍්තානං උච‍්චං ඨපෙන‍්තො පරං නීචං ඨපෙන‍්තො ජනං ලපති? ‘අහං තුම‍්හාකං බහූපකාරො, තුම‍්හෙ මං ආගම‍්ම බුද‍්ධං සරණං ගතා, ධම‍්මං සරණං ගතා, සඞ‍්ඝං සරණං ගතා, පාණාතිපාතා පටිවිරතා, අදින‍්නාදානා පටිවිරතා, කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතා, මුසාවාදා පටිවිරතා, සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා පටිවිරතා. අහං තුම‍්හාකං උද‍්දෙසං දෙමි. පරිපුච‍්ඡං දෙමි.

ලාභකම්‍යා ජනං න ලපයෙය්‍ය - ‘ලපනා’ කවරී ද යත්: ලාභසත්කාරකීර්ති ඇසුරු කළ ලාමක ඉච්ඡා (- ආශා) ඇති ඉච්ඡායෙන් මඩනා ලද ආමිෂයෙහි ලොල් වූ (රූපාදි) ලෝකධර්‍ම ගරු කොට වසන්නහුගේ අන්‍යයන්ට යම් ආදියෙහි බිණීමෙක් ලපනයෙක් මොනවට බිණීමෙක් උසස් කොට බිණීමෙක් හාත්පසින් උසස් කොට බිණීමෙක් උස් කොට බැඳීමෙක් හාත්පසින් පුනපුනා බැඳීමෙක් උසස් කොට දැක්වීමෙක් හාත්පසින් උසස් කොට දැක්වීමෙක් පුනපුනා ප්‍රිය වදන් කියන බවෙක් චාටුවචන ඇති බවෙක් මුද්ගසූපය වැනි වචන ඇති බවෙක් පරිහට (- දරුවන් නළවන) බවෙක් මෙරමා පිටුමස් කන බවෙක් වේ ද, එහි යම් මොළොක් වචන ඇති බවෙක් සිලුටු වචන ඇති බවෙක් ලිහිල් වචන ඇති බවෙක් මිහිරි වචන ඇති බවෙක් වේ ද, මෝ ‘ලපනා’ යයි කියනු ලබයි. තවද දෙ කරුණෙකින් ජනයාට බෙණෙයි: තමා හෝ පහත් කොට තබමින් මෙරමා උස් කොට තබමින් ජනයාට බෙණෙයි, තමා හෝ උස් කොට තබමින් මෙරමා පහත් කොට තබමින් ජනයාට බෙණෙයි. කිසෙයින් තමා නීච කොට තබමින් පරා උච්ච කොට තබමින් ජනලපනය කෙරෙයි යත්: ‘තෙපි මට බොහෝ උපකාර ඇතියව, මම් තොප නිසා සිවුරු පිණ්ඩපාත සෙනසුන් බෙහෙසත්පිරිකර ලැබෙමි, මේ අන්නු ද දෙන්නට හෝ කරන්නට හෝ සිතත් නම්, තොප නිසා තොප බලමින් (දෙන්නට සිතති) පැරණි මවු පියන් සතු මාගේ යම් නමෙක් වී නම්: මාගේ ඒ නම ද වැසිණි, තොප හේතු කොටගෙන මම ‘අසවල්හුගේ කුලුපග යැ, අසුවලගේ කුලුපග යැ’ යි ප්‍රකට වෙමි. මෙසෙයින් තමා නීච කෙරෙමින් පරා උසස් කෙරෙමින් ජනලපනය කෙරෙයි. කිසෙයින් තමා උසස් කෙරෙමින් පරා පහත් කෙරෙමින් ජනලපනය කෙරෙයි යත්: ‘මම තොපට බොහෝ උපකාරයෙමි, තෙපි මා කරා අවුත් බුදුන් සරණ ගියව, දහම් සරණ ගියව, සඟුන් සරණ ගියව, ප්‍රාණවධයෙන් වැළැක්කවු යැ, අදත්තාදානයෙන් කාමමිත්‍ථ්‍යාචාරයෙන් - මෘෂාවාදයෙන් - මදප්‍රමාදයට කාරණ වූ රහමෙර පීමෙන් වැළැක්කවු යැ, මම තොපට උදෙස් දෙමි, පරිපෘච්ඡා දෙමි,

උපොසථං ආචික‍්ඛාමි. නවකම‍්මං අධිට‍්ඨාමි. අථ ච පන තුම‍්හෙ මං උජ‍්ඣිත්‍වා අඤ‍්ඤෙ සක‍්කරොථ ගරුකරොථ මානෙථ පූජෙථා’ති එවම‍්පි අත‍්තානං උච‍්චං ඨපෙන‍්තො පරං නීචං ඨපෙන‍්තො ජනං ලපති. ලාභකම්‍යා ජනං න ලපයෙය්‍යාති ලාභහෙතු ලාභපච‍්චයා ලාභකාරණා ලාභාභිනිබ‍්බත‍්තියා ලාභං පරිපාචෙන‍්තො ජනං න ලපෙය්‍ය ලපනං පජහෙය්‍ය, විනොදෙය්‍ය බ්‍යන‍්තීකරෙය්‍ය අනභාවං ගමෙය්‍ය, ලපනා ආරතො අස‍්ස විරතො පටිවිරතො නික‍්ඛන‍්තො නිස‍්සටො විප‍්පමුත‍්තො විසඤ‍්ඤුත‍්තො. විමරියාදීකතෙන චෙතසා විහරෙය්‍යාති - ලාභකම්‍යා ජනං න ලපයෙය්‍ය.

පොහොය පවසමි, නවගම්හි පිහිට වෙමි. එතෙකු දු වත් තෙපි මා හැරපියා අනුනට සත්කාර කරව, ගරු කරව, බුහුමන් කරව, පුදව’ යි මෙසේත් තමා උසස් කෙරෙමින් පරා පහත් කෙරෙමින් ජනලපනය කෙරේ. ලාභකම්‍යා ජනං න ලපයෙය්‍ය - ලාභ හේතුයෙන් ලාභප්‍රත්‍යයෙන් ලාභ කාරණයෙන් ලාභ උපදවනු පිණිස ලාභ වඩනුයේ ජනලපනය නො කරන්නේ යැ, ලපනය හරනේ යැ දුරු කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනභාවයට පමුණුවන්නේ යැ. ලපනයෙන් දුරු වූයේ වෙන් වූයේ හාත්පසින් වෙන් වූයේ වන්නේ යැ, නික්මුණේ නික්මැගියේ වෙසෙසින් මිදුණේ නො යෙදුණේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වාසය කරන්නේ නුයි ‘ලාභකම්‍යා ජනං න ලපයෙය්‍ය’ යනු වේ.

තෙනාහ භගවා;

එයින් වදාළහ බුදුහු:

“කයවික‍්කයෙ න තිට‍්ඨෙය්‍ය උපවාදං භික‍්ඛු න කරෙය්‍ය කුහිඤ‍්චි, ගාමෙ ච නාභිසජ‍්ජෙය්‍ය ලාභකම්‍යා ජනං න ලපයෙය්‍යා”ති.

“කය වික්කයෙ න තිට්ඨෙය්‍ය -පෙ- ලාභකම්‍යා ජනං න ලපයෙය්‍ය” යී.