14. 16
14. 16.
14. 16.
න ච කත්ථිකො සියා භික්ඛු න ච වාචං පයුත්තං භාසෙය්ය, පාගබ්භියං න සික්ඛෙය්ය කථං විග්ගාහිකං න කථයෙය්ය.
මහණ තෙමේ ආත්මවර්ණනා කරන්නෙක් නො ද වන්නේ යැ, ප්‍රත්‍යය සඳහා යොදන ලද බසක් නො ද කියන්නේ යැ, (කායාදි) බුහුටිබැව්හි නො හැසිරෙන්නේ යැ, විග්‍රාහික කථාව නො කියන්නේ යි.
න ච කත්ථිකො සියා භික්ඛූති - ඉධෙකච්චො කත්ථි හොති විකත්ථි. සො කත්ථති විකත්ථති “අහමස්මි සීලසම්පන්නො’ති වා, වතසම්පන්නො’ති වා, සීලබ්බතසම්පන්නො’ති වා, ජාතියා වා ගොත්තෙන වා කොලපුත්තියෙන වා වණ්ණපොක්ඛරතාය වා ධනෙන වා අජ්ඣෙනෙන වා කම්මායතනෙන වා සිප්පායතනෙන වා විජ්ජාට්ඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ්ඤතරඤ්ඤතරෙන වා වත්ථුනා, උච්චා කුලා පබ්බජිතොති වා මහාභොගකුලා පබ්බජිතොති වා උළාරභොගකුලා පබ්බජිතොති වා, සුත්තන්තිකොති වා විනයධරොති වා ධම්මකථිකොති වා ආරඤ්ඤිකොති වා -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා ලාභීති වා” කත්ථති විකත්ථති. එවං න කත්ථෙය්ය න විකත්ථෙය්ය, කත්ථනං පජහෙය්ය විනොදෙය්ය බ්යන්තීකරෙය්ය අනභාවං ගමෙය්ය. කත්ථනා ආරතො අස්ස විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො, විමරියාදීකතෙන චෙතසා විහරෙය්යාති - න ච කත්ථිකො සියා භික්ඛු.
න ච කත්ථිකො සියා භික්ඛු - මෙහි කිසිවෙක් කත්ථන විකත්ථන (-ආත්මවර්ණනාව) කරන්නේ වෙයි. හෙතෙම් කත්ථනය විකත්ථනය කෙරෙයි: ‘මම් ශීලසම්පන්නයෙමි හෝ ව්රතසම්පන්නයෙමි හෝ ශීලව්රතසම්පන්නයෙමි හෝ ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත් බැවින් හෝ පැහැපත් සිරුරු ඇති බැවින් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙන් හෝ ශිල්පයෙන් හෝ විද්‍යාවෙන් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුවකින් හෝ උසස් කුලයෙන් පැවිදි වූයෙමි’ හෝ ගැහැවිමහසල්කුලයෙන් පැවිදි වූයෙමි හෝ බොහෝ සැපත් ඇති කුලයෙන් පැවිදි වූයෙමි හෝ සෞත්රාන්තිකයෙමි හෝ විනයධරයෙමි හෝ ධර්මකථිකයෙමි හෝ ආරණ්‍යකයෙමි හෝ … නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිලාභී වෙමි හෝ’ තමාගේ ගුණ කියයි, වෙසෙසින් කියයි. මෙසේ සිය ගුණය නො කියන්නේ යැ, වෙසෙසින් නො කියන්නේ යැ, ගුණ කීම් හරනේ යැ දුරු කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ, අනභාවයට පමුණුවන්නේ යැ. ගුණ කථනයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ වන්නේ යැ. නික්මැගියේ ප්‍රහීණ වූයේ වෙසෙසින් මිදුණේ වියෝග වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වාසය කරන්නේ නුයි ‘න ච කත්ථිකො සියා භික්ඛු’ යනු වේ.
න ච වාචං පයුත්තං භාසෙය්යාති - කතමා පයුත්තවාචා? ඉධෙකච්චො චීවරපයුත්තං වාචං භාසති, පිණ්ඩපාතපයුත්තං වාචං භාසති, සෙනාසනපයුත්තං වාචං භාසති, ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරපයුත්තං වාචං භාසති. අයම්පි වුච්චති පයුත්තවාචා. අථ වා චීවරහෙතු පිණ්ඩපාතහෙතු සෙනාසනහෙතු ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරහෙතු සච්චම්පි භණති, මුසාපි භණති, පිසුනම්පි භණති, අපිසුනම්පි භණති, ඵරුසම්පි භණති, අඵරුසම්පි භණති, සම්ඵප්පලාපම්පි භණති, අසම්ඵප්පලාපම්පි භණති, මන්තාපි වාචං භාසති. අයම්පි වුච්චති පයුත්තවාචා. අථවා, පසන්නචිත්තො පරෙසං ධම්මං දෙසෙති: ‘අහො, වත මෙ ධම්මං සුණෙය්යුං, සුත්වා ච ධම්මෙ පසීදෙය්යුං, පසන්නා ච මෙ පසන්නාකාරං කරෙය්යු’න්ති. අයම්පි වුච්චති පයුත්තවාචා. න ච වාචං පයුත්තං භාසෙය්යාති - අන්තමසො ධම්මදෙසනං වාචං උපාදාය පයුත්තවාචං න භාසෙය්ය, න කථෙය්ය, න භණෙය්ය, න දීපයෙය්ය, න වොහරෙය්ය, පයුත්තං වාචං පජහෙය්ය, විනොදෙය්ය, බ්යන්තීකරෙය්ය, අනභාවං ගමෙය්ය, පයුත්තවාචාය ආරතො අස්ස විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්යාති - න ච වාචං පයුත්තං භාසෙය්ය.
න ච වාචං පයුත්ත භාසෙය්ය - ප්රයුක්තවාචා කවරී ද යත්: මෙහි කිසිවෙක් චීවරප්රයුක්ත වූ වචන කියයි, පිණ්ඩපාතප්රයුක්ත වචන කියයි, සෙනාසනප්රයුක්ත වචන කියයි, ගිලන්පසබෙහෙසත්පිරිකර හා යෙදුණු වචන කියයි. මෙ ද ‘පයුත්තවාචා’ යී කියනු ලබයි. නොහොත් සිවුරු හේතුයෙන් පිණ්ඩපාත හේතුයෙන් ගිලන්පස බෙහෙසත්පිරිකර හේතුයෙන් සැබව ද කියයි, බොරු ද කියයි, පිසුනු ද කියයි, නො පිසුනු ද කියයි, රළුබස් ද කියයි, නො රළුබස් ද කියයි, සිස් වදන් ද කියයි, නො සිස් වදන් ද කියයි, නුවණින් දැන ද වචන කියයි. මෙ ද ‘පයුත්තවාචා’ යී කියනු ලබයි. නොහොත් පහන් සිතැති ව අනුනට දහම් දෙසයි: ‘මා ගේ දහම් අසන්නාහු නම් ඉතා යෙහෙක, අසා දහම්හි පහදනාහු නම් යෙහෙක, පැහැදුණාහු පඬුරු එළවන්නාහු නම් යෙහෙකැ යි. මෙ ද ‘පයුත්තවාචා’ යී කියනු ලබයි. න ච වාචං පයුත්ත භාසෙය්ය - යටත් පිරිසෙයින් දම්දෙසුම් වචනය පටන් ප්‍රයුක්ත වචනය නො පවසන්නේ යැ නො කියන්නේ යැ නො බණන්නේ යැ නො දක්වන්නේ යැ නො වහරන්නේ යැ ප්‍රයුක්ත වචනය හරනේ යැ දුරු කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනභාවයට පමුණුවන්නේ යැ. ප්‍රයුක්ත වචනයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ වන්නේ යැ. නික්මැගියේ පහවැගියේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත වැ වාසය කරන්නේ යැ’ යි ‘න ච වාචං පයුත්ත භාසෙය්ය’ යනු වේ.
පාගබ්භියං න සික්ඛෙය්යාති - ‘පාගබ්භිය’න්ති තීණි පාගබ්භියානි: කායිකං පාගබ්භියං, වාචසිකං පාගබ්භියං, චෙතසිකං පාගබ්භියං. කතමං කායිකං පාගබ්භියං? ඉධෙකච්චො සඞ්ඝගතොපි කායිකං පාගබ්භියං දස්සෙති, ගණගතොපි කායිකං පාගබ්භියං දස්සෙති, භොජනසාලායපි කායිකං පාගබ්භියං දස්සෙති, ජන්තාඝරෙපි කායිකං පාගබ්භියං දස්සෙති, උදකතිත්ථෙපි කායිකං පාගබ්භියං දස්සෙති, අන්තරඝරං පවිසන්තොපි කායිකං පාගබ්භියං දස්සෙති, අන්තරඝරං පවිට්ඨොපි කායිකං පාගබ්භියං දස්සෙති.
පාගබ්භියං න සික්ඛෙය්ය - ‘පාගබ්භිය’ නම්: ප්‍රාගල්භ්‍ය තුනෙකි: කායික ප්‍රාගල්භ්‍ය යැ වාචසික ප්‍රාගල්භ්‍ය යැ චෛතසික ප්‍රාගල්භ්‍ය යැයි කියායි. කායික ප්රාගල්භ්යය කවරැ යත්: මෙහි කිසිවෙක් සඟමැදට ගියේ ද කායික ප්‍රාගල්භ්‍ය ( -නො සරුප් බව) දක්වයි, ගණමැදට ගියේ ද කායික නො සරුප් බව දක්වයි, බොජුන්හලට ගියේ ද කායික නො සරුප් බව දක්වයි, ගිනිහල්හි දු කායික නො සරුප් බව දක්වයි, දිය තොට ද කායික නො සරුප් බව දක්වයි, ඇතුළුගමට පිවිසෙනුයේ ද කායික නො සරුප් බව දක්වයි, ඇතුළුගමට පිවිසියේ ද කායික නො සරුප් බව දක්වයි.
කථං සඞ්ඝගතො කායිකං පාගබ්භියං දස්සෙති? ඉධෙකච්චො සඞ්ඝගතො අචිත්තිකාරකතො ථෙරෙ භික්ඛූ ඝට්ටයන්තොපි තිට්ඨති, ඝට්ටයන්තොපි නිසීදති, පුරතොපි තිට්ඨති, පුරතොපි නිසීදති, උච්චෙපි ආසනෙ නිසීදති, සසීසං පාරුපිත්වාපි නිසීදති, ඨිතකොපි භණති, බාහාවික්ඛෙපකොපි භණති. එවං සඞ්ඝගතො කායිකං පාගබ්භියං දස්සෙති.
කිසෙයින් සඟමැදට ගියේ කායික නො සරුප් බව දක්වා ද යත්: මෙහි කිසිවෙක් සඟමැදට ගියේ බුහුමන් රහිත වැ ස්ථවිර භික්ෂූන් ගටමිනු දු සිටී, ගටමිනු දු හිඳී, ඉදිරියෙහි දු සිටී, ඉදිරියෙහි දු හිඳී, උසස්නෙහි දු හිඳී, හිස වසා පෙරෙවැගෙන ද හිඳී, සිට ද බෙණෙයි, අත් සලමිනු දු බෙණෙයි. මෙසේ සඟමැදට ගියේ කායික නො සරුප්බව දක්වයි.
කථං ගණගතො කායිකං පාගබ්භියං දස්සෙති? ඉධෙකච්චො ගණගතො අචිත්තිකාරකතො ථෙරානං භික්ඛූනං අනුපාහනානං චඞ්කමන්තානං සඋපාහනො චඞ්කමති, නීචෙ චඞ්කමෙ චඞ්කමන්තානං උච්චෙ චඞ්කමෙ චඞ්කමති, ඡමාය චඞ්කමන්තානං චඞ්කමෙ චඞ්කමති, ඝට්ටයන්තොපි තිට්ඨති, ඝට්ටයන්තොපි නිසීදති, පුරතොපි තිට්ඨති. පුරතොපි නිසීදති, උච්චෙපි ආසනෙ නිසීදති. සසීසං පාරුපිත්වාපි නිසීදති. ඨිතකොපි භණති. බාහාවික්ඛෙපකොපි භණති. එවං ගණගතො කායිකං පාගබ්භියං දස්සෙති.
කිසෙයින් ගණමැදට ගියේ කායික නො සරුප් බව දක්වා ද යත්: මෙහි කිසිවෙක් ගණමැදට ගියේ බුහුමන් රහිත වැ ස්ථවිර භික්ෂූන් වහන් නැති වැ සක්මන් කරද්දී වහන් ඇති වැ සක්මන් කෙරෙයි, පහත් සක්මනෙහි සක්මන් කරද්දී උසස් සක්මනෙහි සක්මන් කෙරෙයි, පියවි බිමැ සක්මන් කරද්දී සක්මනෙහි සක්මන් කෙරෙයි, ගටමිනිදු සිටී. ගටමිනුදු හිඳී, ඉදිරියෙහි දු සිටී, ඉදිරියෙහි දු හිඳී, උසස්නෙහි දු හිඳී, හිස වසා පෙරෙවැ ද හිඳී, සිට ද බෙණෙයි, අත් සලසලා ද බෙණෙයි. මෙසේ ගණමැදට ගියේ කායික නො සරුප්බව දක්වයි.
කථං භොජනසාලාය කායිකං පාගබ්භියං දස්සෙති? ඉධෙකච්චො භොජනසාලාය අචිත්තීකාරකතො ථෙරෙ භික්ඛූ අනුපඛජ්ජ නිසීදති, නවෙපි භික්ඛූ ආසනෙන පටිබාහති, ඝට්ටයන්තොපි තිට්ඨති, ඝට්ටයන්තොපි නිසීදති, පුරතොපි තිට්ඨති, පුරතොපි නිසීදති, උච්චෙපි ආසනෙ නිසීදති, සසීසං පාරුපිත්වාපි නිසීදති, ඨිතකොපි භණති, බාහාවික්ඛෙපකොපි භණති. එවං භොජනසාලාය කායිකං පාගබ්භියං දස්සෙති.
කිසෙයින් බොජුන්හලැ කායික නො සරුප්බව දක්වා ද යත්: මෙහි කිසිවෙක් බොජුන්හලැ බුහුමන් රහිත වූයේ ස්ථවිර භික්ෂූන් මැදට පිවිස හිඳී, නවක භික්ෂූන් ද අසුනෙන් බැහැර කෙරෙයි, ගටමිනු දු සිටී, ගටමිනු දු හිඳී, ඉදිරියෙහි දු සිටී, ඉදිරියෙහි දු හිඳී, උසස්නෙහි දු හිඳී, හිස වසා පෙරෙවැගෙන ද හිඳී, සිට ද බෙණෙයි, අත් සලසලා ද බෙණෙයි. මෙසේ බොජුන්හලැ කායික නො සරුප් බව දක්වයි.
කථං ජන්තාඝරෙ කායිකං පාගබ්භියං දස්සෙති? ඉධෙකච්චො ජන්තාඝරෙ අචිත්තීකාරකතො ථෙරෙ භික්ඛූ ඝට්ටයන්තොපි තිට්ඨති, ඝට්ටයන්තොපි නිසීදති, පුරතොපි තිට්ඨති, පුරතොපි නිසීදති, උච්චෙපි ආසනෙ නිසීදති, අනාපුච්ඡාපි කට්ඨං පක්ඛිපති, අනාපුච්ඡාපි ද්වාරං පිදහති. එවං ජන්තාඝරෙ කායිකං පාගබ්භියං දස්සෙති.
කිසෙයින් ගිනිහල්හි කායික ප්රාගල්භ්යය දක්වා ද යත්: මෙහි කිසිවෙක් ගිනිහල්හි බුහුමන් රහිත වැ ස්ථවිර භික්ෂූන් ගටමිනු දු සිටී, ගටමිනු දු හිඳී, ඉදිරියෙහි දු සිටී, ඉදිරියෙහි දු හිඳී, උසස්නෙහි දු හිඳී, නො පිළිවිසැ දර ඔවයි, නො පිළිවිසැ දොර පියයි. මෙසෙයින් ගිනිහල්හි කායික ප්රාගල්භ්යය දක්වයි.
කථං උදකතිත්ථෙ කායිකං පාගබ්භියං දස්සෙති? ඉධෙකච්චො උදකතිත්ථෙ අචිත්තිකාරකතො ථෙරෙ භික්ඛූ ඝට්ටයන්තොපි ඔතරති, පුරතොපි ඔතරති, ඝට්ටයන්තොපි නහායති පුරතොපි නහායති, උපරිතොපි නහායති, ඝට්ටයන්තොපි උත්තරති, පුරතොපි උත්තරති, උපරිපි උත්තරති. එවං උදකතිත්ථෙ කායිකං පාගබ්භියං දස්සෙති.
කිසෙයින් දියතොටැ කායික නො සරුප්බව දක්වා ද යත්: මෙහි කිසිවෙක් දියතොටැ බුහුමන් නැති වැ ස්ථවිරභික්‍ෂූන් ගටමිනු දු (තොටට) බසී, ඉදිරියෙහි දු බසී, ගැටෙමිනු දු නහයි, ඉදිරියෙහි දු නහයි, උඩගඟ ද නහයි, ගැටෙමිනු දු ගොඩ නඟී, ඉදිරියෙනු දු ගොඩ නඟී, උඩතොටිනු දු ගොඩ නඟී. මෙසෙයින් දියතොටැ කායික නො සරුප්බව දක්වයි.
කථං අන්තරඝරං පවිසන්තො කායිකං පාගබ්භියං දස්සෙති? ඉධෙකච්චො අන්තරඝරං පවිසන්තො අචිත්තීකාරකතො ථෙරෙ භික්ඛූ ඝට්ටයන්තොපි ගච්ඡති, පුරතොපි ගච්ඡති. වොක්කම්මපි ථෙරානං භික්ඛූනං පුරතො පුරතො ගච්ඡති. එවං අන්තරඝරං පවිසන්තො කායිකං පාගබ්භියං දස්සෙති.
කිසෙයින් ඇතුළුගමට වදනේ කායික නො සරුප්බව දක්වා ද යත්: මෙහි කිසිවෙක් ඇතුළුගමට පිවිසෙනුයේ බුහුමන් රහිත වැ ස්ථවිර භික්ෂූන් ගටමිනු දු යෙයි, ඉදිරියෙහි දු යෙයි, පසු කොට ද ස්ථවිර භික්ෂූන් ඉදිරියෙහි යෙයි. මෙසෙයින් ඇතුළුගමට පිවිසෙනුයේ කායික නො සරුප්බව දක්වයි.
කථං අන්තරඝරං පවිට්ඨො කායිකං පාගබ්භියං දස්සෙති? ඉධෙකච්චො අන්තරඝරං පවිට්ඨො ‘න පවිසථ භන්තෙ’ති වුච්චමානො පවිසති. ‘න තිට්ඨථ භන්තෙ’ති වුච්චමානො තිට්ඨති. ‘න නිසීදථ භන්තෙ’ති වුච්චමානො නිසීදති. අනොකාසම්පි පවිසති, අනොකාසෙපි තිට්ඨති, අනොකාසෙපි නිසීදති. යානිපි තානි හොන්ති කුලානං ඔවරකානි ගූළ්හානි ච පටිච්ඡන්නානි ච යත්ථ කුලිත්ථියො කුලධීතරො කුලසුණ්හායො කුලකුමාරියො නිසීදන්ති, තත්ථපි සහසා පවිසති. කුමාරකස්සපි සීසං පරාමසති. එවං අන්තරඝරං පවිට්ඨො කායිකං පාගබ්භියං දස්සෙති. ඉදං කායිකං පාගබ්භියං.
කිසෙයින් ඇතුළුගමට පිවිසියේ කායික නො සරුප්බව දක්වා ද යත්: මෙහි කිසිවෙක් ඇතුළුගමට පිවිසියේ ‘නො යව වහන්සැ’ යි කියනු ලබනුයේ පිවිසෙයි, ‘නො සිටිනු මැනවැ වහන්සැ’යි කියනු ලබනුයේ සිටී, ‘නො හිඳිනු මැනවැ වහන්සැ’ යි කියනු ලබනුයේ හිඳී, අනවකාශ ව ද පිවිසෙයි, අනවකාශයෙහි දු සිටී, අනවකාශයෙහි දු හිඳී. කුලස්ත්‍රීන් කුලධීතෲන් කුලවධූන් කුලකුමාරිකාවන් හිඳිනා පිළිසන් වූ (අන්‍යයන් ගෙන්) පිළිසන් කරන ලද කුලයන්ගේ යහන්ගෙවල් වෙත් නම් එහි දු සැහැසි වැ පිවිසෙයි. ළදරුවන්ගේ හිස ද පිරිමදී. මෙසෙයින් ඇතුළුගමට පිවිසියේ කායික නො සරුප්බව දක්වයි. මේ කායික ප්‍රාගල්භ්‍ය යයි.
කතමං වාචසිකං පාගබ්භියං? ඉධෙකච්චො සඞ්ඝගතොපි වාචසිකං පාගබ්භියං දස්සෙති, ගණගතොපි වාචසිකං පාගබ්භියං දස්සෙති, අන්තරඝරං පවිට්ඨොපි වාචසිකං පාගබ්භියං දස්සෙති.
වාචසික ප්රාගල්භ්යය කවරැ යත්: මෙහි කිසිවෙක් සඟමැදට ගියේ ද වාචසික නො සරුප්බව දක්වයි, ගණමැදට ගියේ ද වාචසික නො සරුප්බව දක්වයි, ඇතුළුගමට ගියේ ද වාචසික නො සරුප්බව දක්වයි.
කථං සඞ්ඝගතො වාචසිකං පාගබ්භියං දස්සෙති? ඉධෙකච්චො සඞ්ඝගතො අචිත්තීකාරකතො ථෙරෙ භික්ඛූ අනාපුච්ඡා වා අනජ්ඣිට්ඨො වා ආරාමගතානං භික්ඛූනං ධම්මං භණති. පඤ්හං විස්සජ්ජෙති. පාතිමොක්ඛං උද්දිසති. ඨිතකොපි භණති, බාහාවික්ඛෙපකොපි භණති. එවං සඞ්ඝගතො වාචසිකං පාගබ්භියං දස්සෙති.
කිසෙයින් සඟමැදට ගියේ වාචසික නො සරුප්බව දක්වා ද යත්: මෙහි කිසිවෙක් සඟමැදට ගියේ බුහුමන් රහිත වැ ස්ථවිර භික්ෂූන් නො පිළිවිසැ හෝ නො ඇණවන ලදු වැ හෝ අරමට ගිය භික්ෂූන්ට බණ කියයි, පැන විසඳයි, පාමොක් උදෙසයි, සිටගෙන ද බෙණෙයි අත් සලසලා ද බෙණෙයි, මෙසෙසින් සඟමැදට ගියේ වාචසික නො සරුප්බව දක්වයි.
කථං ගණගතො වාචසිකං පාගබ්භියං දස්සෙති? ඉධෙකච්චො ගණගතො අචිත්තිකාරකතො ථෙරෙ භික්ඛූ අනාපුච්ඡා වා අනජ්ඣිට්ඨො වා ආරාමගතානං භික්ඛූනං ධම්මං භණති. පඤ්හං විස්සජ්ජෙති. ඨිතකොපි භණති. බාහාවික්ඛෙපකොපි භණති. ආරාමගතානං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං ධම්මං භණති. පඤ්හං විස්සජ්ජෙති. ඨිතකොපි භණති. බාහාවික්ඛෙපකොපි භණති. එවං ගණගතො වාචසිකං පාගබ්භියං දස්සෙති.
කිසෙයින් ගණමැදට ගියේ වාචසික නො සරුප්බව දක්වා ද යත්: මෙහි කිසිවෙක් ගණමැදට ගියේ බුහුමන් රහිත වැ ස්ථවිර භික්ෂූන් නො පිළිවිසැ හෝ නො ඇණවන ලදු වැ හෝ අරමට ගිය භික්ෂූන්ට බණ කියයි, පැන විසඳයි, සිටගෙන ද බෙණෙයි, අත් සලසලා ද බෙණෙයි. ... අරමට ගිය මෙහෙණනට -උවසුන්ට - උවැසියනට බණ කියයි, පැන විසඳයි, සිටගෙන ද බෙණෙයි, අත් සලසලා ද බෙණෙයි. මෙසෙසින් ගණමැදට ගියේ වාචසික නො සරුප්බව දක්වයි.
කථං අන්තරඝරං පවිට්ඨො වාචසිකං පාගබ්භියං දස්සෙති? ඉධෙකච්චො අන්තරඝරං පවිට්ඨො ඉත්ථිං වා කුමාරිං වා එවමාහ: ඉත්ථන්නාමෙ, ඉත්ථං ගොත්තෙ. කිං අත්ථි? යාගු අත්ථි? භත්තං අත්ථි? ඛාදනීයං අත්ථි? කිං පිවිස්සාම? කිං භුඤ්ජිස්සාම? කිං ඛාදිස්සාම? කිං වා අත්ථි කිං වා මෙ දස්සථාති විප්පලපති. එවං අන්තරඝරං පවිට්ඨො වාචසිකං පාගබ්භියං දස්සෙති ඉදං වාචසිකං පාගබ්භියං.
කිසෙයින් ඇතුළුගමට පිවිසියේ වාචසික නො සරුප්බව දක්වා ද යත්: මෙහි කිසිවෙක් ඇතුළුගමට පිවිසියේ ගැහැනියකට හෝ කුමරියකට හෝ මෙසේ කියයි: ‘මේ නම් ඇත්තිය, මේ ගොත් ඇත්තිය, කුමක් ඇද් ද? කැඳ ඇද් ද? බත් ඇත් ද? කෑයුතු ඇත් ද? කුමක් බොන්නමෝ ද? කුමක් වළඳන්නමෝ ද? කුමක් කන්නමෝ ද? කුමක් හෝ ඇත් ද? කුමක් හෝ මට දෙවු දැ’ යි නන් දොඩයි. මෙසේ ඇතුළුගමට පිවිසියේ වාචසික නො සරුප්බව දක්වයි. මේ වාචසික ප්රාගල්භ්යය යි.
කතමං චෙතසිකං පාගබ්භියං? ඉධෙකච්චො න උච්චාකුලා පබ්බජිතො සමානො උච්චාකුලා පබ්බජිතෙන සද්ධිං සදිසං අත්තානං කරොති චිත්තෙන, න මහාභොගකුලා පබ්බජිතො සමානො මහාභොගකුලා පබ්බජිතෙන සද්ධිං සදිසං අත්තානං කරොති චිත්තෙන, න උළාරභොගකුලා පබ්බජිතො සමානො උළාරභොගකුලා පබ්බජිතෙන සද්ධිං සදිසං අත්තානං කරොති චිත්තෙන. න සුත්තන්තිකො සමානො සුත්තන්තිකෙන සද්ධිං සදිසං අත්තානං කරොති චිත්තෙන. න සුත්තන්තිකො සමානො සුත්තන්තිකෙන සද්ධිං සදිසං අත්තානං කරොති චිත්තෙන, න විනයධරො සමානො, න ධම්මකථිකො සමානො, න ආරඤ්ඤිකො සමානො, න පිණ්ඩපාතිකො සමානො, න පංසුකූලිකො සමානො, න තෙචීවරිකො සමානො, න සපදානචාරිකො සමානො, න ඛලුපච්ඡාභත්තිකො සමානො, න නෙසජ්ජිකො සමානො, න යථාසන්ථතිකඞ්ගො සමානො යථාසන්ථතිකෙන සද්ධිං සදිසං අත්තානං කරොති චිත්තෙන. න පඨමස්ස ඣානස්ස ලාභී සමානො පඨමස්ස ඣානස්ස ලාභිනා සද්ධිං සදිසං අත්තානං කරොති චිත්තෙන න දුතියස්ස ඣානස්ස - න තතියස්ස ඣානස්ස - න චතුත්ථස්ස ඣානස්ස ලාභී සමානො න ආකාසානඤ්චායතනසමාපත්තියා ලාභී සමානො - න විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා - න ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා - න නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා ලාභී සමානො නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා ලාභිනා සද්ධිං සදිසං අත්තානං කරොති චිත්තෙන. ඉදං චෙතසිකං පාගබ්භියං.
චෛතසික ප්රාගල්භ්යය කවරැ යත්: මෙහි කිසිවෙක් උසස් කුලයෙන් නො පැවිදි වූයේ උසස් කුලයෙන් පැවිදි වූවහු සමග සිතින් තමා සදෘශයකු කෙරෙයි. ගැහැවිමහසල්කුලයෙන් නො පැවිදි වූයේ ගැහැවිමහසල්කුලයෙන් පැවිදි වූවකු සමග සිතින් තමා සමාන කෙරෙයි. බොහෝ සැපත් ඇති කුලයෙන් නො පැවිදි වූයේ බොහෝ සැපත් ඇති කුලයෙන් පැවිදි වූවකු හා සිතින් සමාන කෙරෙයි. සෞත්‍රාන්තික නො වූයේ සූත්‍රාන්තයෙහි යෙදුණාහු හා සිතින් තමා සමාන කෙරෙයි. විනයධර නොවූයේ - ධර්මකථික නො වූයේ - ආරණ්‍යක නො වූයේ - පිණ්ඩපාතික නො වූයේ - පාංශුකූලික නො වූයේ - ත්‍රෛචීවරික නො වූයේ - සපදානචාරික නො වූයේ - ඛලුපච්ඡාභත්තික නො වූයේ - නෛසජ්ජික නො වූයේ - යථාසන්ථතිකාඞ්ග නො වූයේ යථාසන්ථතිකාඞ්ග ඇත්තහු හා සිතින් තමා සමාන කෙරෙයි. ප්‍රථමධ්‍යානලාභී නො වූයේ ප්‍රථමධ්‍යානලාභී වූවහු හා සිතින් තමා සමාන කෙරෙයි. ද්විතීයධ්‍යානලාභී නො වූයේ - තෘතීයධ්‍යානලාභී නො වූයේ - චතුර්තථධ්යානලාභී නො වූයේ - ආකාසානඤ්චායතනසමාපත්තිලාභී නො වූයේ - විඤ්ඤාණඤ්චායතනසමාපත්තිලාභී නො වූයේ - ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිලාභී නො වූයේ - නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිලාභී නො වූයේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිලාභී වූවහු හා සිතින් තමා සමාන කෙරෙයි. මේ චෛතසික ප්රාගල්භ්යය යි.
පාගබ්භියං න සික්ඛෙය්යාති - පාගබ්භියං න සික්ඛෙය්ය න චරෙය්ය න ආචරෙය්ය න සමාචරෙය්ය න සමාදාය වත්තෙය්ය, පාගබ්භියං පජහෙය්ය විනොදෙය්ය බ්යන්තීකරෙය්ය අනභාවං ගමෙය්ය, පාගබ්භියා ආරතො අස්ස විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්යාති - පාගබ්භියං න සික්ඛෙය්ය.
පාගබ්භියං න සික්ඛෙය්ය - ප්රගල්භ බවෙහි නො හික්මෙන්නේ යැ, නො හැසිරෙන්නේ යැ, හාත්පසින් නො හැසිරෙන්නේ යැ, මොනවට නො හැසිරෙන්නේ යැ, සමාදන් වැ නො පවත්නේ යැ. ප්රගල්භ බව හරනේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනභාවයට පමුණු වන්නේ යැ. ප්රාගල්භ්යයෙන් දුරු වූයේ වෙන්වූයේ වෙසෙසින් වෙන් වූයේ වන්නේ යැ, බැහැර වූයේ පහව ගියේ විප්‍රමුක්ත - විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත වැ වසන්නේ නුයි ‘පාගබ්භියං න සික්ඛෙය්ය’ යනු වේ.
කථං විග්ගාහිකං න කථයෙය්යාති - කතමා විග්ගාහිකා කථා? ඉධෙකච්චො එවරූපිං කථං කත්තා හොති: න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි -පෙ- නිබ්බෙඨෙහි වා සචෙ පහොසී’ති. වුත්තං හෙතං භගවතා: “විග්ගාහිකාය ඛො මොග්ගල්ලාන කථාය සති කථාබාහුල්ලං පාටිකඞ්ඛං, කථාබාහුල්ලෙ සති උද්ධච්චං, උද්ධතස්ස අසංවරො, අසංවුතස්ස ආරා චිත්තං සමාධිම්හා”ති.
කථං විග්ගාහිකං න කථයෙය්ය - විග්‍රාහික කථාව කවරැ යත්: මෙහි කිසිවෙක් මෙබඳු කථාව කරන්නේ වෙයි: ‘තෙපි මේ ධර්මවිනය නො දනිවු... ඉදින් පොහොනවු නම් මුදාගනිවු’ යැයි. මේ වදාරන ලද මැය බුදුන් විසින්: “මුගලන, විග්‍රාහික කථාව ඇති කල්හි කථාබාහුල්යය කැමැති විය යුතු යැ. කථාබාහුල්යය ඇති කල්හි ඖද්ධත්‍යය වෙයි. උද්ධතයා හට අසංවරය වේ. සංවර රහිත වූවහු ගේ සිත සමාධියෙන් දුරු වේ යැ” යි.
කථං විග්ගාහිකං න කථයෙය්යාති විග්ගාහිකං කථං න කථෙය්ය න භණෙය්ය න දීපෙය්ය න වොහරෙය්ය; විග්ගාහිකං කථං පජහෙය්ය විනොදෙය්ය බ්යන්තීකරෙය්ය අනභාවං ගමෙය්ය; විග්ගාහිකකථාය ආරතො අස්ස විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්යාති - කථං විග්ගාහිකං න කථයෙය්ය.
කථං විග්ගාහිකං න කථයෙය්ය - විග්‍රාහික කථාව නො කියන්නේ යැ, නො බණන්නේ යැ, නො දක්වන්නේ යැ, නො වහරන්නේ යැ, විග්‍රාහික කථාව හරනේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනභාවයට පමුණුවන්නේ යැ. විග්‍රාහික කථාවෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ වන්නේ යැ, නික්මැගියේ පහවැගියේ වෙසෙසින් මිදුණේ වන්නේ යැ. විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත වැ වාසය කරන්නේ නුයි ‘කථං විග්ගාහිකං න කථයෙය්ය’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“න ච කත්ථිකො සියා භික්ඛු න ච වාචං පයුත්තං භාසෙය්ය, පාගබ්භියං න සික්ඛෙය්ය කථං විග්ගාහිකං න කථයෙය්යා”ති.
“න ච කත්ථිකො සියා භික්ඛු -පෙ- කථං විග්ගාහිකං න කථයෙය්ය” යී.