යෙදුමෙන් කියවන්න

14. 17

14. 17.

14. 17.

මොසවජ‍්ජෙ න නිය්‍යෙථ සම‍්පජානො සඨානි න කයිරා, අථ ජීවිතෙන පඤ‍්ඤාය සීලබ‍්බතෙන නාඤ‍්ඤමතිමඤ‍්ඤෙ.

සම්‍යක් ප්‍රඥා ඇති මහණ තෙම මුසවා බිණීමෙහි නො යෙදෙන්නේ යැ කපටිකම් නො කරන්නේ යැ. යළි දිවි පැවැත්මෙන් ප්‍රඥාවෙන් හා ශීලව්‍රතයෙන් අන්‍යයන් ඉක්මවා නො සිතන්නේ යි.

මොසවජ‍්ජෙ න නිය්‍යෙථාති - මොසවජ‍්ජං වුච‍්චති මුසාවාදො; ඉධෙකච‍්චො සභාගතො වා පරිසගතො වා -පෙ- ආමිසකිඤ‍්චික‍්ඛහෙතු වා සම‍්පජානමුසා භාසති. ඉදං වුච‍්චති මොසවජ‍්ජං. අපි ච තීහාකාරෙහි මුසාවාදො හොති: පුබ‍්බෙවස‍්ස හොති ‘මුසා භණිස‍්ස’න‍්ති. භණන‍්තස‍්ස හොති ‘මුසා භණාමී’ති. භණිතස‍්ස හොති ‘මුසා මයා භණිත’න‍්ති. ඉමෙහි තීහාකාරෙහි මුසාවාදො හොති. අපි ච, චතූහාකාරෙහි - පඤ‍්චහාකාරෙහි - ඡහාකාරෙහි - සත‍්තහාකාරෙහි - අට‍්ඨහාකාරෙහි මුසාවාදො හොති: පුබ‍්බෙවස‍්ස හොති ‘මුසා භණිස‍්ස’න‍්ති. භණන‍්තස‍්ස හොති ‘මුසා භණාමී’ති. භණිතස‍්ස හොති ‘මුසා මයා භණිත’න‍්ති. විනිධාය දිට‍්ඨිං. විනිධාය ඛන‍්තිං, විනිධාය රුචිං, විනිධාය සඤ‍්ඤං, විනිධාය භාවං. ඉමෙහි අට‍්ඨහාකාරෙහි මුසාවාදො හොති.

මොසවජ්ජෙ න නිය්‍යෙථ - ‘මොසවජ්ජ’ යී මෘෂාවාදය කියනු ලැබෙයි. මෙහි කිසිවෙක් සභාවට ගියේ හෝ පිරිස් වෙත ගියේ හෝ … අල්පමාත්‍ර ලාභයක් හේතු කොට හෝ දැනැ දනැ බොරු කියන්නේ වෙයි. මේ ‘මොසවජ්ජ’යී කියනු ලැබේ. තවද තුන් අයුරෙකින් මෘෂාවාදය වෙයි: පළමු මැ ඔහුට ‘මෘෂා කියන්නෙමී’ සිත වෙයි, කියන්නහුට ‘මෘෂා කියමී’ සිත වෙයි, කීවහුට ‘මා විසින් මෘෂා කියන ලදැ’ යි සිත වේ යයි. මේ තුන් අයුරෙන් මෘෂාවාදය වේ. තවද සතර අයුරෙකින් - පස් අයුරෙකින් - ෂඩාකාරයෙකින් -සත් අයුරෙකින් - අට අයුරෙකින් මෘෂාවාදය වෙයි: පළමු මැ ඔහුට ‘මුසවා කියන්නෙමි’ සිත වෙයි. කියන්නහුට ‘මුසවා කියමි’ සිත වෙයි. කීවහුට ‘මා විසින් මුසවා කියන ලදැ’ යි සිත වෙයි. ලබ්ධිය සඟවා, කැමැත්ත සඟවා, රුචිය සඟවා, සංඥාව සඟවා, භාවය සඟවා; මේ අෂ්ටාකාරයෙන් මෘෂාවාදය වේ.

මොසවජ‍්ජෙ න නිය්‍යෙථාති - මොසවජ‍්ජෙන යායෙය්‍ය න නිය්‍යායෙය්‍ය න වුය‍්හෙය්‍ය න සංහරෙය්‍ය, මොසවජ‍්ජං පජහෙය්‍ය විනොදෙය්‍ය බ්‍යන‍්තීකරෙය්‍ය අනභාවං ගමෙය්‍ය; මොසවජ‍්ජා ආරතො අස‍්ස විරතො පටිවිරතො නික‍්ඛන‍්තො නිස‍්සටො විප‍්පමුත‍්තො විසඤ‍්ඤුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්‍යාති - මොසවජ‍්ජෙ න නිය්‍යෙථ.

මොසවජ්ජෙ න නිය්‍යෙථ - මෘෂාවාදයෙහි නො යවනු ලබන්නේ යැ නො කියනු ලබන්නේ යැ නො වහනු ලබන්නේ යැ නො හරිනු ලබන්නේ යැ මෘෂාවාදය හරනේ යැ දුරු කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනභාවයට පමුණුවන්නේ යැ, මෘෂාවාදයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ වන්නේ යැ, නික්මුණේ බැහැර වූයේ විප්‍රමුක්ත වූයේ විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත ව වෙසෙන්නේ නුයි ‘මොසවජ්ජෙ න නිය්‍යෙථ’ යනු වේ.

සම‍්පජානො සඨානි න කයිරාති - කතමං සාඨෙය්‍යං? ඉධෙකච‍්චො සඨො හොති පරිසඨො. යං තත්‍ථ සඨං සඨතා සාඨෙය්‍යං කක‍්ඛරතා කක‍්ඛරියං පරික‍්ඛත‍්තතා පාරික‍්ඛත‍්තියං, ඉදං වුච‍්චති සාඨෙය්‍යං.

සම්පජානෝ සඨානි න කයිරා - ‘සාඨෙය්‍ය’ කවරැ යත්: මෙහි කිසිවෙක් ශඨ වූයේ හාත්පසින් ශඨ වූයේ වෙයි. එහි යම් (අසද්ගුණ දක්වන) කෛරාටික බවෙක් ශඨබවෙක් ශඨ්‍යයෙක් කර්‍කශබවෙක් ඉතා කර්‍කශ බවෙක් දැඩි කර්‍කශ බවෙක් ඉතා දැඩි කර්‍කශ බවෙක් වේ ද, මේ ‘සාඨෙය්‍ය’ යී කියනු ලැබෙයි.

සම‍්පජානො සඨානි න කයිරාති - සම‍්පජානො හුත්‍වා සාඨෙය්‍යං න කරෙය්‍ය න ජනෙය්‍ය න සඤ‍්ජනෙය්‍ය න නිබ‍්බත‍්තෙය්‍ය නාභිනිබ‍්බත‍්තෙය්‍ය, සාඨෙය්‍යං පජහෙය්‍ය විනොදෙය්‍ය බ්‍යන‍්තීකරෙය්‍ය අනභාවං ගමෙය්‍ය; සාඨෙය්‍යා ආරතො අස‍්ස විරතො පටිවිරතො නික‍්ඛන‍්තො නිස‍්සටො විප‍්පමුත‍්තො විසඤ‍්ඤුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්‍යාති - සම‍්පජානො සඨානි න කයිරා.

සම්පජානෝ සඨානි න කයිරා - දැනගෙන් ශඨබව නො කරන්නේ යැ නො දනවන්නේ යැ නූපදවන්නේ යැ වෙසෙසින් නූපදවන්නේ යැ ශාඨ්‍යය හරනේ යැ දුරු කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනභාවයට පමුණුවන්නේ යැ; ශාඨ්‍යයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ වන්නේ යැ, නික්මුණේ පහවැගියේ විප්‍රමුක්ත විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත වැ වාසය කරන්නේ නුයි ‘සම්පජානෝ සඨානි න කයිරා’ යනු වේ.

අථ ජීවිතෙන පඤ‍්ඤාය සීලබ‍්බතෙන නාඤ‍්ඤමතිමඤ‍්ඤෙති - ‘අථා’ති පදසන්‍ධි -පෙ- පදානුපුබ‍්බතා එතං අථාති; ඉධෙකච‍්චො ලූඛජීවිකං ජීවන‍්තො පරං පණීතජීවිකං ජීවන‍්තං අතිමඤ‍්ඤති: කිං පනායං බහුලාජීවො සබ‍්බං සම‍්භක‍්ඛෙති, සෙය්‍යථීදං: මූලබීජං ඛන්‍ධබීජං එළුබිජං අග‍්ගබීජං බීජබීජමෙව පඤ‍්චමං, අසනිවිචක‍්කං දන‍්තකූටං සමණප‍්පවාදෙනාති. සො තාය ලූඛජීවිකාය පරං පණීතජීවිකං ජීවන‍්තං අතිමඤ‍්ඤති. ඉධෙකච‍්චො පණීතජීවිකං ජීවන‍්තො පරං ලූඛජීවිකං ජීවන‍්තං අතිමඤ‍්ඤති: “කිං පනායං අප‍්පපුඤ‍්ඤො අප‍්පෙසක‍්ඛො න ලාභී චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානප‍්පච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානන‍්ති.” සො තාය පණීතජීවිකාය පරං ලූඛජීවිකං ජීවන‍්තං අතිමඤ‍්ඤති. ඉධෙකච‍්චො පඤ‍්ඤාසම‍්පන‍්නො හොති, සො පුට‍්ඨො පඤ‍්හං විස‍්සජ‍්ජෙති. තස‍්ස එවං හොති: අහමස‍්මි පඤ‍්ඤාසම‍්පන‍්නො; ඉමෙ පනඤ‍්ඤෙ න පඤ‍්ඤසම‍්පන‍්නාති. සො තාය පඤ‍්ඤාසම‍්පදාය පරං අතිමඤ‍්ඤති. ඉධෙකච‍්චො සීලසම‍්පන‍්නො හොති පාතිමොක‍්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම‍්පන‍්නො අණුමත‍්තෙසු වජ‍්ජෙසු භයදස‍්සාවී සමාදාය සික‍්ඛාපදෙසු. තස‍්ස එවං හොති: ‘අහමස‍්මි සීලසම‍්පන‍්නො ඉමෙ පනඤ‍්ඤෙ භික‍්ඛූ දුස‍්සීලා පාපධම‍්මා’ති. සො තාය සීලසම‍්පදාය පරං අතිමඤ‍්ඤති. ඉධෙකච‍්චො වතසම‍්පන‍්නො හොති: ආරඤ‍්ඤිකො වා පිණ‍්ඩපාතිකො වා පංසුකූලිකො වා තෙචීවරිකො වා සපදානචාරිකො වා ඛලුපච‍්ඡාභත‍්තිකො වා නෙසජ‍්ජිකො වා යථාසන්‍ථතිකො වා, තස‍්ස එවං හොති: ‘අහමස‍්මි වතසම‍්පන‍්නො. ඉමෙ පනඤ‍්ඤෙ න වතසම‍්පන‍්නා’ති. සො තාය වතසම‍්පදාය පරං අතිමඤ‍්ඤති.

අථ ජීවිතෙන පඤ්‍ඤාය සීලබ්බතෙන නාඤ්‍ඤමතිමඤ්ඤෙ - ‘අථ’ යනු පදසන්‍ධි යැ … පදානුපූර්‍වතා යැ තෙල ‘අථ’ යනු. මෙහි කිසිවෙක් රූක්‍ෂ ජීවිකාවෙන් ජීවත්වනුයේ මෙරමා ප්‍රණීතජිවිකාවෙන් ජීවත්වන්නහුට අවමන් කෙරෙයි: ‘මේ කවරෙක් ද? බහුලාජීව ඇතියේ සියල්ල කාදමයි. ඒ මෙසේයැ: මූලබීජ යැ ස්කන්‍ධබීජ යැ පර්‍වබීජ යැ අග්‍රබීජ යැ බීජබීජය මැ පස්වැනි වෙයි. මොහුගේ දත්කුළ සෙනවළල්ලෙකි. එහෙත් ප්‍රවාදයෙන් ශ්‍රමණ ය’ යි. හෙතෙම ඒ රූක්‍ෂජීවිකාව හේතු කොට ගෙන ප්‍රණීතජීවිකාවෙන් ජීවත්වන මෙරමා ඉක්මවා සිතයි. මෙහි කිසිවෙක් ප්‍රණීතජීවිකාවෙන් ජීවත්වනුයේ රළුදිවියෙන් ජීවත්වන මෙරමා ඉක්මවා සිතයි: ‘මේ කවරෙක් ද? මදපිනැත්තෙක අල්පයශස්කයෙක චීවරපිණ්ඩපාත - සේනාසන - ගිලන්පසබෙහෙසත්පිරිකර නො ලබන සුල්ලෙකැ යි. හෙතෙම ඒ ප්‍රණීතජීවිකාව හේතු කොටගෙන රළුදිවියෙන් ජීවත්වන මෙරමා ඉක්මවා සිතයි. මෙහි කිසිවෙක් නුවණැත්තේ වෙයි. හෙතෙම විචාරන ලදුයේ පැන විසඳයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මම් ප්‍රඥාසම්පන්නයෙම් වෙමි. මේ අන්‍යයෝ වැලිත් ප්‍රඥාසම්පන්නයෝ නො වෙති’ යි. හේ ඒ ප්‍රඥාසම්පත්තියෙන් මෙරමා ඉක්මවා සිතයි. මෙහි කිසිවෙක් ශීලසම්පන්න වෙයි. ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවර වූයේ ආචාරගෝචර දෙකින් යුක්ත වූයේ අණුමාත්‍ර දෝෂයෙහි භයදක්නා සුලු වැ වෙසෙයි. ශික්‍ෂාකොට්ඨාසයන් සමාදන් වැ හික්මෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මම් ශීලසම්පන්නයෙම් වෙමි. මේ අන්‍යයෝ දුශ්ශීලයෝ යැ, පාපධර්‍ම ඇත්තාහ’ යි. හේ ඒ ශීලසම්පත්තියෙන් මෙරමා ඉක්මවා සිතයි. මෙහි කිසිවෙක් ව්‍රතසම්පන්න වෙයි: ආරණ්‍යක හෝ පිණ්ඩපාතික හෝ පාංශුකූලික හෝ තෙචීවරික හෝ සපදානචාරික හෝ බලුපච්ඡාභත්තික හෝ නෙසජ්ජික හෝ යථාසන්‍ථතික හෝ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මම් ව්‍රතසම්පන්නයෙම් වෙමි, මේ අන්‍යයෝ ව්‍රතසම්පන්නයෝ නො වෙතී’ යි. හේ ඒ ව්‍රතසම්පත්තියෙන් මෙරමා ඉක්මවා සිතයි.

අථ ජීවිතෙන පඤ‍්ඤාය සීලබ‍්බතෙන නාඤ‍්ඤමතිමඤ‍්ඤෙති - ලූඛජීවිකාය වා පණීතජීවිකාය වා පඤ‍්ඤාසම‍්පදාය වා සීලසම‍්පදාය වා වතසම‍්පදාය වා පරං නාතිමඤ‍්ඤෙය්‍ය නාවජානෙය්‍ය, න තෙන මානං ජනෙය්‍ය, න තෙන ථද‍්ධො අස‍්ස පත්‍ථද‍්ධො පග‍්ගහිතසිරොති - අථ ජීවිතෙන පඤ‍්ඤාය සීලබ‍්බතෙන නාඤ‍්ඤමතිමඤ‍්ඤෙ.

අථ ජීවිතෙන පඤ්‍ඤාය සීලබ්බතෙන නාඤ්‍ඤමතිමඤ්ඤෙ - රූක්‍ෂ ජීවිකාවෙන් හෝ ප්‍රණීතජීවිකාවෙන් හෝ ප්‍රඥාසම්පත්තියෙන් හෝ ශීලසම්පත්තියෙන් හෝ ව්‍රතසම්පත්තියෙන් හෝ මෙරමා ඉක්මවා නොසිතන්නේ යැ, අවමන් නො කරන්නේ යැ, ඒ රූක්‍ෂජීවිකාදිය හේතු කොටගෙන මානය නූපදවන්නේ යැ, එයින් තද වූයේ වෙසෙසින් තද වූයේ නැඟු හිස ඇතියේ නො වන්නේ යැයි - ‘අථ ජීවිතෙන පඤ්‍ඤාය සීලබ්බතෙන නාඤ්‍ඤමතිමඤ්ඤෙ’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“මොසවජ‍්ජෙ න නිය්‍යෙථ සම‍්පජානො සඨානි න කයිරා, අථ ජීවිතෙන පඤ‍්ඤාය සීලබ‍්බතෙන නාඤ‍්ඤමතිමඤ‍්ඤෙ”ති.

“මොසවජ්ජෙ න නිය්‍යෙථ -පෙ- සීලබ්බතෙන නාඤ්‍ඤමතිමඤ්ඤෙ” යී.