14. 18
14. 18.
14. 18.
සුත්වා දූසිතො බහුං වාචං සමණානං වා පුථුවචනානං, ඵරුසෙන නෙ න පටිවජ්ජා න හි සන්තො පටිසෙනිං කරොන්ති.
බැහැරී මහණුන්ගේ හෝ බොහෝ ක්ෂත්රියාදීන්ගේ හෝ අනිටු වූ බොහෝ බස් අසා ගැටුණේ රළු බසින් ඔවුන්ට පෙරළා නො කියන්නේ යැ. යම් හෙයකින් සන්හුන් රාගාදි කෙලෙස් ඇත්තාහු ප්රතිපක්ෂ බව නො කෙරෙත් ද, එහෙයිනි.
සුත්වා දූසිතො බහුං වාචං සමණානං වා පුථුවචනානන්ති - ‘දූසිතො’ ති දූසිතො ඛුංසිතො ඝට්ටිතො වම්භිතො ගරහිතො උපවදිතො; සමණාති යෙ කෙචි ඉතො බහිද්ධා පරිබ්බාජූපගතා පරිබ්බාජසමාපන්නා; පුථුවචනානන්ති ඛත්තියා ච බ්රාහ්මණා ච වෙස්සා ච සුද්දා ච ගහට්ඨා ච පබ්බජිතා ච දෙවා ච මනුස්සා ච තෙ බහුකාහි වාචාහි අනිට්ඨාහි අකන්තාහි අමනාපාහි අක්කොසෙය්යුං පරිභාසෙය්යුං රොසෙය්යුං විරොසෙය්යුං හිංසෙය්යුං විහිංසෙය්යුං; හෙඨෙය්යුං විහෙඨෙය්යුං ඝාතෙය්යුං උපඝාතෙය්යුං උපඝාතං කරෙය්යුං; තෙසං බහුවාචං අනිට්ඨං අකන්තං අමනාපං සුත්වා සුණිත්වා උග්ගහිත්වා උපධාරයිත්වා උපලක්ඛයිත්වාති - සුත්වා දූසිතො බහුං වාචං සමණානං වා පුථුවචනානං.
සුත්වා දුසිතො බහුං වාචං සමණානං වා පුථුවචනානං - ‘දුසිතො’ යනු: දූෂ්‍ය වූයේ ආක්‍රෝශ කරන ලදුයේ ගටන ලදුයේ අවඥා කරන ලදුයේ ගර්හා කරන ලදුයේ නුගුණ කියන ලදුයේ; සමණ නම්: මෙ සස්නෙන් බැහැර පැවිද්දට පැමිණියාහු පරිව්‍රාජ බවට පැමිණියාහු; පුථුවචනානං - ක්ෂත්රියයෝ ද බ්‍රාහ්මණ - වෛශ්‍ය - ශුද්‍ර - ගෘහස්ථ - ප්‍රව්‍රජිත - දෙව - මනුෂ්‍යයෝ ද; ඔහු අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ බොහෝ වචනයන්ගෙන් ආක්‍රෝශ කරන්නාහු ය, පරිභව කරන්නාහු ය, කෝප කරන්නාහු ය, වෙසෙසින් කෝප කරන්නාහු ය, හිංසා කරන්නාහු ය, වෙහෙසන්නාහු ය, පෙළන්නාහු ය, වෙසෙසින් පෙළන්නාහු ය, නසන්නාහු ය, වෙසෙසින් නසන්නාහු ය, උපඝාත කරන්නාහු ය. ඔවුන්ගේ අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ බොහෝ බස් අසා, ශ්‍රවණය කොට, ගෙන, විමසා සලකා නුයි - ‘සුත්වා දුසිතො බහුං වාචං සමණානං වා පුථුවචනානං’ යනු වේ.
ඵරුසෙන නෙ න පටිවජ්ජාති - ‘ඵරුසෙනා’ති ඵරුසෙන කක්ඛලෙන; න පටිවජ්ජා න පටිභණෙය්ය, අක්කොසන්තං න පච්චක්කොසෙය්ය, රොසන්තං නප්පටිරොසෙය්ය, භණ්ඩන්තං න පටිභණ්ඩෙය්ය, න කලහං කරෙය්ය, න භණ්ඩනං කරෙය්ය, න විග්ගහං කරෙය්ය, න විවාදං කරෙය්ය, න මෙධගං කරෙය්ය, කලහභණ්ඩනවිග්ගහවිවාදමෙධගං පජහෙය්ය, විනොදෙය්ය, බ්යන්තීකරෙය්ය, අනභාවං ගමෙය්ය, කලහභණ්ඩනවිග්ගහවිවාදමෙධගා ආරතො අස්ස විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්යාති ඵරුසෙන නෙ න පටිවජ්ජා.
ඵරුසෙන නෙ න පටිවජ්ජා - ‘ඵරුසෙන’ යනු: පරුෂ වූ කර්කශ වූ බසින්; න පටිවජ්ජා - පෙරළා නො කියන්නේ යැ, ආක්‍රෝශ කරන්නහුට පෙරළා ආක්‍රෝශ නො කරන්නේ යැ, කෝප කරන්නහුට පෙරළා කෝප නො කරන්නේ යැ, ඩබර කරන්නහුට පෙරළා ඩබර නො කරන්නේ යැ, කලහ නො කරන්නේ යැ, භණ්ඩන - විග්රහ - මෙධග නො කරන්නේ යැ, කලහභණ්ඩනවිග්රහවිවාදමෙධග හරනේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්න යැ, අනභාවයට පමුණුවන්නේ යැ, කලහභණ්ඩනවිග්‍රහවිවාදමෙධගයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ වන්නේ යැ, නික්මුණේ නික්මැගියේ විප්‍රමුක්ත විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත සිතින් වෙසෙන්නේ නුයි ‘ඵරුසෙන නෙ න පටිවජ්ජා’ යනු වේ.
න හි සන්තො පටිසෙනිං කරොන්තීති - ‘සන්තො’ති රාගස්ස සන්තත්තා සන්තො, දොසස්ස - මොහස්ස - කොධස්ස උපනාහස්ස -පෙ- සබ්බාකුසලාභිසඞ්ඛාරානං සන්තත්තා සමිතත්තා වූපසමිතත්තා විජ්ඣාතත්තා නිබ්බුතත්තා විගතත්තා පටිප්පස්සද්ධො සන්තො උපසන්තො වූපසන්තො නිබ්බුතො පටිප්පස්සද්ධොති ‘සන්තො’.
න හි සන්තෝ පටිසෙනිං කරොන්ති - ‘සන්තෝ’ යනු: රාගය ශාන්ත වන බැවින් ශාන්ත යැ, ද්වේෂය - මෝහය - උපනාහය … සියලු අකුශලාභිසංස්කාරයන් ශාන්ත - ශමිත - ව්‍යුපශමිත වන බැවින් දවන ලද - නිවන ලද - විගත කළ - උරලන ලද බැවින් ශාන්ත - උපශාන්ත - ව්‍යුපශාන්ත - නිර්වෘත - පටිප්පස්සද්ධ නුයි ශාන්ත යැ.
න හි සන්තො පටිසෙනිං කරොන්තීති සන්තො පටිසෙනිං පටිමල්ලං පටිභණ්ඩනං පටිපක්ඛං න කරොන්ති න ජනෙන්ති න සඤ්ජනෙන්ති න නිබ්බත්තෙන්ති නාභිනිබ්බත්තෙන්තීති - න හි සන්තො පටිසෙනිං කරොන්ති.
න හි සන්තෝ පටිසෙනිං කරොන්ති - ශාන්ත වූවාහු ප්රතිවිරොධය ප්රතිමල්ල බව ප්රතිභණ්ඩනය ප්රතිපක්ෂ බව නො කෙරෙති, නො දනවති, නූපදවති, නො නිපදවති, නො පහළ කෙරෙත් නුයි ‘න හි සන්තෝ පටිසෙනිං කරොන්ති’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“සුත්වා දූසිතො බහුං වාචං සමණානං පුථුවචනානං, ඵරුසෙන නෙ න පටිවජ්ජා න හි සන්තො පටිසෙනිං කරොන්තී”ති.
සුත්වා දුසිතො බහුං වාචං -පෙ- න හි සන්තෝ පටිසෙනිං කරොන්ති” යී