14. 19
14. 19.
14. 19.
එතඤ්ච ධම්මමඤ්ඤාය විචිනං භික්ඛු සදා සතො සික්ඛෙ, සන්තීති නිබ්බුතිං ඤත්වා සාසනෙ ගොතමස්ස නප්පමජ්ජෙය්ය.
මහණ තෙමේ තෙල (යථෝක්ත) ධර්මය දැන (අනිත්‍යාදිය) විමසනුයේ සියලු කල්හි ස්මෘතිමත් වූයේ (ත්‍රිවිධ ශික්ෂාවෙහි) හික්මෙන්නේ යැ. (රාගාදීන්ගේ) නිවීම ශාන්තිය යි දැන ගෞතමබුද්ධශාසනයෙහි නො පමා වන්නේ යි.
එතඤ්ච ධම්මමඤ්ඤායාති - ‘එත’න්ති ආචික්ඛිතං දෙසිතං පඤ්ඤාපිතං පට්ඨපිතං විවටං විභත්තං උත්තානීකතං පකාසිතං. ධම්මමඤ්ඤායාති ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වාති එවම්පි එතඤ්ච ධම්මමඤ්ඤාය. අථවා, සමඤ්ච විසමඤ්ච පථඤ්ච විපථඤ්ච සාවජ්ජඤ්ච අනවජ්ජඤ්ච හීනඤ්ච පණීතඤ්ච කණ්හඤ්ච සුක්කඤ්ච විඤ්ඤුගරහිතඤ්ච විඤ්ඤුප්පසත්ථඤ්ච ධම්මං අඤ්ඤාය ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වාති එවම්පි වතඤ්ච ධම්මමඤ්ඤාය. අථවා සම්මාපටිපදං අනුලොමපටිපදං අපච්චනීකපටිපදං අන්වත්ථපටිපදං ධම්මානුධම්මපටිපදං සීලෙසු පරිපූරකාරිතං ඉන්ද්රියෙසු ගුත්තද්වාරතං භොජනෙ මත්තඤ්ඤුතං ජාගරියානුයොගං සතිසම්පජඤ්ඤං චත්තාරො සතිපට්ඨානෙ චත්තාරො සම්මප්පධානෙ චත්තාරො ඉද්ධිපාදෙ පඤ්චින්ද්රියානි පඤ්ච බලානි සත්ත බොජ්ඣඞ්ගෙ අරියං අට්ඨඞ්ගිකං මග්ගං නිබ්බානඤ්ච නිබ්බානගාමිනිඤ්ච පටිපදං ධම්මං අඤ්ඤාය ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වාති එවම්පි - එතඤ්ච ධම්මමඤ්ඤාය.
එතඤ්ච ධම්මමඤ්ඤාය - ‘එතං’ යනු කියන ලද දෙසන ලද පනවන ලද පිහිටුවන ලද විවෘත කළ විභාග කළ ප්‍රකට කළ ප්‍රකාශ කළ; ධම්මමඤ්ඤාය - දැන තුලනය කොට තීරණය කොට විභාවනය කොට ප්‍රකාශ කොට නුයි මෙසේත් ‘එතඤ්ච ධම්මමඤ්ඤාය’ යනු වේ. නොහොත් (කායසුචරිතාදි) සමය ද (කායදුශ්චරිතාදි) විසමය ද දශකුශලකර්මපථය ද දශ අකුශලකර්මපථය ද සාවද්‍ය (අකුශල) අනවද්‍ය (කුශල) හීන - ප්‍රණීත - කෘෂ්ණ - ශුක්ල - විඥයන් විසින් ගර්හිත වූ විඥප්‍රශස්ත වූ ද ධර්මය දැන, දැනගෙන, තුලනය කොට, තීරණය කොට, විභාවනය කොට විභූත කොට නුයි මෙසේත් ‘එතඤ්ච ධම්මමඤ්ඤාය’ යනු වේ. නොහොත් සම්‍යක්ප්‍රතිපත්තිය අනුලෝම ප්‍රතිපත්තිය අවිරුද්ධප්‍රතිපත්තිය අන්වර්‍තථප්‍රතිපත්තිය ධර්මානුධර්මප්රතිපත්තිය ප්‍රාතිමෝක්‍ෂශීලයෙහි පරිපූරකාරිත්‍වය ඉන්ද්රියයන්හි ගොපිතද්වාරතාව භෝජනයෙහි මාත්‍රඥතාව ජාගර්‍ය්‍යානුයෝගය ස්මෘතිසම්ප්‍රජන්‍යය සතර සතිපට්ඨාන සතර සම්‍යක්ප්‍රධාන සතර ඍද්ධිපාද පඤ්චේන්ද්රිය පඤ්ච බල සප්ත බෝධ්‍යඞ්ග ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය නිර්වාණය ද නිර්වාණගාමිනී ප්‍රතිපත්තිය ද යන ධර්මය දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට නුයි මෙසේත් ‘එතඤ්ච ධම්මමඤ්ඤාය’ යනු වේ.
විචිනං භික්ඛු සදා සතො සික්ඛෙති - ‘විචින’න්ති විචිනන්තො පවිචිනන්තො තුලයන්තො තීරයන්තො විභාවයන්තො විභූතං කරොන්තො සබ්බෙ සඞ්ඛාරා අනිච්චාති -පෙ- යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්මන්ති විචිනන්තො පවිචිනන්තො තුලයන්තො තීරයන්තො විභාවයන්තො. විභූතං කරොන්තොති විචිනං භික්ඛු; ‘සදා’ති සදා සබ්බදා සබ්බකාලං -පෙ- පච්ඡිමෙ වයොඛන්ධෙ; සතො ති චතුහි කාරණෙහි සතො: කායෙ කායානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො; -පෙ- සො වුච්චති සතො.
විචිනං භික්ඛු සදා සතෝ සික්ඛෙ - ‘විචිනං’ යනු: (සිවුසස්) සොයනුයේ වෙන වෙන ම සොයනුයේ (වඩනුයේ) තුලනය කරනුයේ තීරණය කරනුයේ විභාවන කරනුයේ විභූත කරනුයේ සියලු සංස්කාරයෝ අනිත්‍යයහ’ යි … යම් කිසිවක් සමුදයධර්‍ම නම්, ඒ සියල්ල නැසෙන සුලු යයි වඩනුයේ වෙන වෙනම වඩනුයේ තුලනය කරනුයේ තීරණය කරනුයේ විභාවනය කරනුයේ විභූත කරනුයේ නුයි ‘විචිනං භික්ඛු’ යනු වේ. සදා යනු : සැමදා සියලු කල … පශ්චිම වයස්හි; සතෝ යනු : සතර කරුණෙකින් සිහි ඇතියේ කයෙහි කායානුපස්සනා සතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ … හෙතෙම ‘සිහි ඇතියේ’ යයි කියනු ලැබේ.
සික්ඛෙති - තිස්සො සික්ඛායො: අධිසීලසික්ඛා අධිචිත්තසික්ඛා අධිපඤ්ඤාසික්ඛා. -පෙ- අයං අධිපඤ්ඤාසික්ඛා. ඉමා තිස්සො සික්ඛායො ආවජ්ජන්තො සික්ඛෙය්ය -පෙ- සික්ඛෙය්ය, ආචරෙය්ය, සමාචරෙය්ය, සමාදාය වත්තෙය්යාති - ‘විචිනං භික්ඛු සදා සතො සික්ඛෙ’.
සික්ඛෙ යනු: ශික්ෂා තුනෙකි: අධිශීලශික්‍ෂා යැ. අධිචිත්තශික්ෂා යැ, අධිප්රඥාශික්ෂා යැයි. මෝ අධිප්රඥාශික්ෂා නමු. මේ ත්‍රිවිධ ශික්ෂාවන් ආවර්ජන කෙරෙමින් හික්මෙන්නේ යැ, … හික්මෙන්නේ යැ හැසිරෙන්නේ යැ මැනැවින් හැසිරෙන්නේ යැ සමාදන් වැ පවත්නේ නුයි ‘විචිනං භික්ඛු සදා සතෝ සික්ඛෙ’ යනු වේ.
සන්තීති නිබ්බුතං ඤත්වාති - රාගස්ස නිබ්බුතිං සන්තීති ඤත්වා, දොසස්ස - මොහස්ස -පෙ- සබ්බාකුසලාභිසඞ්ඛාරානං නිබ්බුතිං සන්තීති ඤත්වා ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වාති - සන්තීති නිබ්බුතිං ඤත්වා.
සන්තීති නිබ්බුතිං ඤත්වා - රාගයාගේ නිවීම ශාන්තිය යි දැන ද්වේෂයාගේ මෝහයාගේ … සියලු අකුශලාභිසංස්කාරයන්ගේ නිවීම ‘ශාන්තිය’ යි දැන දැනගෙන තුලනය - තීරණය - විභාවනය - විභූත කොට නුයි ‘සන්තීති නිබ්බුතිං ඤත්වා’ යනු වේ.
සාසනෙ ගොතමස්ස නප්පමජ්ජෙය්යාති - ගොතමස්ස සාසනෙ බුද්ධසාසනෙ ජිනසාසනෙ තථාගතසාසනෙ දෙවදෙවසාසනෙ අරහන්තසාසනෙ; නප්පමජ්ජෙය්යාති සක්කච්චකාරී අස්ස සාතච්චකාරී අට්ඨිතකාරී අනොලීනවුත්තිකො අනික්ඛිත්තඡන්දො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු ‘කදාහං අපරිපූරං වා සීලක්ඛන්ධං පරිපූරෙය්යං -පෙ- අපරිපූරං වා සමාධික්ඛන්ධං - පඤ්ඤාක්ඛන්ධං විමුත්තික්ඛන්ධං - විමුත්තිඤාණදස්සනක්ඛන්ධං - කදාහං අපරිඤ්ඤාතං වා දුක්ඛං පරිජානෙය්යං, අප්පහීනෙ වා කිලෙසෙ පජහෙය්යං, අභාවිතං වා මග්ගං භාවෙය්යං, අසච්ඡිකතං නිරොධං සච්ඡිකරෙය්ය’න්ති. යො තත්ථ ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච ථාමො ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤඤ්ච ආතප්පං පධානං අධිට්ඨානං අනුයොගො අප්පමාදො කුසලෙසු ධම්මෙසූති - සාසනෙ ගොතමස්ස නප්පමජ්ජෙය්ය.
සාසනෙ ගොතමස්ස නප්පමජ්ජෙය්ය - ගෞතමයන්ගේ ශාසනයෙහි බුද්ධශාසනයෙහි ජිනශාසනයෙහි තථාගතශාසනයෙහි දෙවදෙවයන්ගේ ශාසනයෙහි අර්‍හත්ශාසනයෙහි; නප්පමජ්ජෙය්ය - සකස් කොට කරන සුලු වන්නේ යැ සතතභාවයෙන් කරන සුලු වූයේ නො නැවත කරන සුලු වූයේ නො හැකුළුණු පැවතුම් ඇතියේ කුශලධර්මයන්හි නො තැබූ වීර්‍ය්‍යච්ඡන්ද ඇතියේ නො තැබූ වීර්‍ය්‍යධුර ඇතියේ ‘කවදා මම නො පිරිපුන් ශීලස්කන්ධය හෝ පුරම් ද … නො පිරිපුන් සමාධිස්කන්ධය හෝ ප්රඥාස්කන්ධය - විමුක්තිස්කන්ධය - විමුක්තිඥානදර්ශනස්කන්ධය - කවදා මම් (මඟනැණින්) නො දැනගත් දුක හෝ දානගනිම් ද, නොපුහුන් කෙලෙසුන් හෝ දුරු කෙරෙම් ද, නො වැඩූ මඟ හෝ වඩම් ද, නො පසක් කළ නිවන හෝ පසක් කෙරෙම් දැ’ යි එහි යම් ඡන්දයකුත් වෑයමකුත් උත්සාහයකුත් දැඩි උත්සාහයකුත් නොනැවැත්මකුත් සිහියකුත් නුවණකුත් වේ ද, (එබඳු වූ) කෙලෙස් තවන වීර්‍ය්‍ය උත්තමවීර්ය්යය අධිෂ්ඨානය නැවත නැවත යෙදීම කුශලධර්මයන්හි අප්‍රමාදය නුයි ‘සාසනෙ ගොතමස්ස නප්පමජ්ජෙය්ය’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“එතඤ්ච ධම්මමඤ්ඤාය විචිනං භික්ඛු සදා සතො සික්ඛෙ, සන්තීති නිබ්බුතිං ඤත්වා සාසනෙ ගොතමස්ස නප්පමජ්ජෙය්යා”ති.
එතඤ්ච ධම්මමඤ්ඤාය -පෙ- සාසනෙ ගොතමස්ස නප්පමජ්ජෙය්ය” යී.