යෙදුමෙන් කියවන්න

14. 8

14. 8.

14. 8.

චක‍්ඛූහි නෙව ලොලස‍්ස ගාමකථාය ආවරයෙ සොතං, රසෙ ච නානුගිජ‍්ඣෙය්‍ය න ච මමායෙථ කිඤ‍්චි ලොකස‍්මිං.

ඇසින් (රූපදර්‍ශනයට) ලොල් වූයේ නො මැ වන්නේ යැ. ග්‍රාම්‍ය (තිරශ්චීන) කථාවෙන් කන වළහන්නේ යැ. (මූලරසාදි) රසයෙහි දු නො ගිජු වන්නේ යැ. ලොවැ (රූපාදි) කිසිවක් (තෘෂ්ණා - දෘෂ්ටි) මමත්‍වයෙන් නො ගන්නේ යි.

චක‍්ඛූහි නෙව ලොලස‍්සාති - කථං ‘චක‍්ඛුලොලො’ හොති? ඉධෙකච‍්චො භික‍්ඛූ චක‍්ඛුලොලො චක‍්ඛුලොලියෙන සමන‍්නාගතො හොති: අදිට‍්ඨං දක‍්ඛිතබ‍්බං, දිට‍්ඨං සමතික‍්කමිතබ‍්බන‍්ති ආරාමෙන ආරාමං, උය්‍යානෙන උය්‍යානං, ගාමෙන ගාමං, නිගමෙන නිගමං, නගරෙන නගරං. රට‍්ඨෙන රට‍්ඨං, ජනපදෙන ජනපදං, දීඝචාරිකං අනවත්‍ථිතචාරිකං අනුයුත‍්තො හොති රූපදස‍්සනාය. එවම‍්පි චක‍්ඛුලොලො හොති.

චක්ඛුහි නේව ලොලස්ස - කිසෙයින් චක්ඛුලොල වෙයි යත්: මෙහි කිසි මහණෙක් (සක්දොර උපන් ලෝභ විසින්) ඇසින් ලොල්වූයේ චක්‍ෂුර්ලෞල්‍ය යෙන් සමන්‍විත වෙයි. ’නුදුටු රූපාලම්බනය දැක්ක යුතු යැ, දක්නා ලද්ද ඉක්මැවියැ යුතු යැ’ යි අරමින් අරමට උයනින් උයනට ගමින් ගමට නිගමයෙන් නිගමයට නුවරින් නුවරට රටින් රටට දනව්වෙන් දනව්වට දීර්‍ඝ චාරිකාවෙහි නො නිමි චාරිකාවෙහි යෙදුණේ රූපදර්‍ශනය සඳහා හැසිරෙයි. මෙසේත් චක්ඛුලොල වෙයි.

අථවා, භික‍්ඛු අන‍්තරඝරං පවිට‍්ඨො වීථිං පටිපන‍්නො අසංවුතො ගච‍්ඡති හත්‍ථිං ඔලොකෙන‍්තො. අස‍්සං ඔලොකෙන‍්තො, රථං ඔලොකෙන‍්තො, පත‍්තිං ඔලොකෙන‍්තො, ඉත්‍ථියො ඔලොකෙන‍්තො, පුරිසෙ ඔලොකෙන‍්තො, කුමාරකෙ ඔලොකෙන‍්තො, කුමාරිකායො ඔලොකෙන‍්තො, අන‍්තරාපණං ඔලොකෙන‍්තො, ඝරමුඛානි ඔලොකෙන‍්තො, උද‍්ධං ඔලොකෙන‍්තො, අධො ඔලොකෙන‍්තො, දිසාවිදිසං විපෙක‍්ඛමානො ගච‍්ඡති. එවම‍්පි චක‍්ඛුලොලො හොති-

නොහොත් මහණ තෙමේ ඇතුළුගමට පිවිසියේ වේමගට පිළිපන්නේ අසංවර වැ යෙයි: ඇතුන් බලමින් අසුන් බලමින් රිය බලමින් පාබළ සෙන් බලමින් ස්ත්‍රීන් බලමින් පුරුෂයන් බලමින් කුමරුන් බලමින් කුමරියන් බලමින් ඇතුළු අවුණ (- කඩතුළ) බලමින් ගෙදොර බලමින් උඩ බලමින් යට බලමින් දිශාවිදිශා බලමින් යෙයි. මෙසේත් චක්ඛුලොල වෙයි -

අථවා, භික‍්ඛු චක‍්ඛුනා රූපං දිස‍්වා නිමිත‍්තග‍්ගාහී හොති අනුබ්‍යඤ‍්ජනග‍්ගාහී යත්‍වාධිකරණමෙනං චක‍්ඛුන්‍ද්‍රියං අසංවුතං විහරන‍්තං අභිජ‍්ඣා දොමනස‍්සා පාපකා අකුසලා ධම‍්මා අන්‍වාස‍්සවෙය්‍යුං, තස‍්ස සංවරාය න පටිපජ‍්ජති, න රක‍්ඛති චක‍්ඛුන්‍ද්‍රියං, චක‍්ඛුන්‍ද්‍රියෙ න සංවරං ආපජ‍්ජති. එවම‍්පි චක‍්ඛුලොලො හොති. යථා වා පනෙකෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා සද‍්ධාදෙය්‍යානි භොජනානි භුඤ‍්ජිත්‍වා තෙ එවරූපං විසූකදස‍්සනං අනුයුත‍්තා විහරන‍්ති. සෙය්‍යථීදං: නච‍්චං ගීතං වාදිතං පෙක‍්ඛං අක‍්ඛානං පාණිස‍්සරං වෙතාළං කුම‍්භථූනං සොභනගරකං චණ‍්ඩාලං වංසං ධොවනං හත්‍ථියුද‍්ධං අස‍්සයුද‍්ධං මහිසයුද‍්ධං උසභයුද‍්ධං ගොයුද‍්ධං අජයුද‍්ධං මෙණ‍්ඩයුද‍්ධං කුක‍්කුටයුද‍්ධං වට‍්ටකයුද‍්ධං දණ‍්ඩයුද‍්ධං මුට‍්ඨියුද‍්ධං නිබ‍්බුද‍්ධං උය්‍යොධිකං බලග‍්ගං සෙනාබ්‍යූහං අණීකදස‍්සනං ඉති වා. එවම‍්පි චක‍්ඛුලොලො හොති-

නොහොත් මහණ තෙම ඇසින් රූපයක් දැක (ක්ලේශවස්තු වූ) නිමිති ගන්නේ වෙයි, (හස්තපාදාදි) ආකාර විසින් ගන්නේ වෙයි, යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රියය අසංවෘත වැ වසන මොහු අභිධ්‍යා - දෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම් ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස නො පිළිපදී, චක්‍ෂුරින්‍ද්‍රියය නො රකී. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට නො පැමිණෙයි; මෙසේත් චක්ඛුලොල වෙයි. තවද යම්සේ ඇතැම් භවත් මහණ බමුණු කෙනෙක් කම්පල අදහා දුන් බොජුන් වළඳා ඔවුහු මෙබඳු වූ විසුළු දැකීමෙහි යෙදී වෙසෙති: ඒ මෙසේ යැ: නැටුම් ගැයුම් වැයුම් නළුමුළු භාරතාදිය කියන තැන කස්තල ඝනතාල (කුළු තාලම් හෝ මළසිරුර මන්ත්‍රයෙන් නඟාලීම) කළ පිඹීම (බුම්මංඩි?) ප්‍රතිභානචිත්‍ර සැඬොලුන්ගේ සණදොවුන්කෙළි වස්කුලල් ඇට දෙවීම ඇත්පොර අස්පොර මිහිපොර වැහැප්පොර ගවපොර බැටෙළුපොර එළුපොර කුකුළුපොර වටුපොර දඬුපොර මිටුපොර මල්ලපොර යුද පෙරමුණ බලසෙන් ගණන තැන කඳවුර බලඇණි දැකීම යනු හෝ යැ. මෙසේත් ‘චක්ඛුලොල’ වේ.

කථං න ‘චක‍්ඛුලොලො’ හොති? ඉධෙකච‍්චො භික‍්ඛූ න චක‍්ඛුලොලො න චක‍්ඛුලොලියෙන සමන‍්නාගතො හොති: අදිට‍්ඨං දක‍්ඛිතබ‍්බං, දිට‍්ඨං සමතික‍්කමිතබ‍්බන‍්ති න ආරාමෙන ආරාමං න, උය්‍යානෙන උය්‍යානං, න ගාමෙන ගාමං, න නිගමෙන නිගමං, න නගරෙන නගරං න රට‍්ඨෙන රට‍්ඨං, න ජනපදෙන ජනපදං, දීඝචාරිකං අනවත්‍ථිතචාරිකං අනුයුත‍්තො හොති රූපදස‍්සනාය. එවම‍්පි න චක‍්ඛුලොලො හොති. අථවා භික‍්ඛු අන‍්තරඝරං පවිට‍්ඨො වීථිං පටිපන‍්නො සංවුතො ගච‍්ඡති: න හත්‍ථිං ඔලොකෙන‍්තො. න අස‍්සං ඔලොකෙන‍්තො, න රථං ඔලොකෙන‍්තො, න පත‍්තිං ඔලොකෙන‍්තො, න ඉත්‍ථියො ඔලොකෙන‍්තො, න පුරිසෙ ඔලොකෙන‍්තො, න කුමාරකෙ ඔලොකෙන‍්තො, න කුමාරිකායො ඔලොකෙන‍්තො, න අන‍්තරාපණං ඔලොකෙන‍්තො, න ඝරමුඛානි ඔලොකෙන‍්තො, න උද‍්ධං ඔලොකෙන‍්තො, න අධො ඔලොකෙන‍්තො, න දිසාවිදිසං පෙක‍්ඛමානො ගච‍්ඡති. එවම‍්පි න චක‍්ඛුලොලො හොති -

කිසෙයින් ‘චක්ඛුලොල’ නො වෙයි යත්: මේ ශාසනයෙහි කිසි මහණෙක් ඇසින් ලොල් නො වූයේ චක්‍ෂුර්ලෞල්‍යයෙන් යුක්ත නො වූයේ වෙයි: නුදුටු දෙය දැක්ක යුතු යැ, දුටුදෙය ඉක්මැවිය යුතු යැයි අරමින් අරමට නො යෙයි, උයනින් උයනට - ගමින් ගමට - නිගමයෙන් නිගමයට - නුවරින් නුවරට - රටින් රටට - දනව්වෙන් දනව්වට රූපදර්‍ශනය පිණිස දීර්‍ඝචාරිකාවෙහි නො නිමි චාරිකාවෙහි නො යෙදුණේ වෙයි. මෙසේත් ‘චක්ඛුලොල’ නො වූයේ වෙයි. නොහොත් මහණ තෙමේ ඇතුළු ගමට පිවිසියේ වීදියට පිළිපන්නේ සංවර වැ යෙයි: ඇතුන් නො බලමින් අසුන් නො බලමින් රිය නො බලමින් පාබලසෙන් නො බලමින් ගෑනුන් නො බලමින් පිරම්නින් නො බලමින් කුමරුන් නො බලමින් කුමරියන් නො බලමින් ඇතුළු අවුණු නො බලමින් ගෙදොර නො බලමින් උඩ නො බලමින් යට නො බලමින් දිශාවිදිශා නො බලමින් යෙයි. මෙසේත් ‘චක්ඛුලොල’ නො වූයේ වෙයි. -

අථවා, භික‍්ඛු චක‍්ඛුනා රූපං දිස‍්වා න නිමිත‍්තග‍්ගාහී හොති නානුබ්‍යඤ‍්ජනග‍්ගාහී. යත්‍වාධිකරණමෙනං චක‍්ඛුන්‍ද්‍රියං අසංවුතං විහරන‍්තං අභිජ‍්ඣා දොමනස‍්සා පාපකා අකුසලා ධම‍්මා අන්‍වාස‍්සවෙය්‍යුං, තස‍්ස සංවරාය පටිපජ‍්ජති, රක‍්ඛති චක‍්ඛුන්‍ද්‍රියං, චක‍්ඛුන්‍ද්‍රියෙ සංවරං ආපජ‍්ජති. එවම‍්පි න චක‍්ඛුලොලො හොති. යථා වා පනෙකෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා සද‍්ධාදෙය්‍යානි භොජනානි භුඤ‍්ජිත්‍වා තෙ එවරූපං විසූකදස‍්සනං අනනුයුත‍්තා විහරන‍්ති. සෙය්‍යථීදං: නච‍්චං ගීතං වාදිතං පෙක‍්ඛං අක‍්ඛානං -පෙ- අණීකදස‍්සනං ඉති වා. එවරූපා විසූකදස‍්සනා පටිවිරතො හොති. එවම‍්පි චක‍්ඛුලොලො හොති-

නොහොත් මහණ තෙමේ ඇසින් රූපයක් දැක නිමිති වශයෙන් නො ගන්නේ අනුව්‍යඤ්ජන වශයෙන් නො ගන්නේ වෙයි. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රියය අසංවර වැ වසන මොහු අභිධ්‍යා දොම්නස් සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම්, ඒ චක්‍ෂරින්ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදී, චක්‍ෂුරින්‍ද්‍රියය රකී, චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි: මෙසේත් ‘චක්ඛුලොල’ නො වූයේ වෙයි. තවද යම්සේ ඇතැම් භවත් මහණ බමුණු කෙනෙක් කම්පල අදහා දෙන ලද බොජුන් වළඳා ඔවුහු මෙබඳු වූ විසුළු දස්නෙහි නො යෙදී වෙසෙති. ඒ මෙසේ යැ; නැටුම් ගැයුම් වැයුම් රඟමඬුලු (හාරතාදිය) පැවසීම … බල ඇණි දැකීම යනාදිය යි. මෙබඳු විසුළු දස්නෙන් වැළැකුණේ වෙයි. මෙසේත් ‘චක්ඛුලොල’ නො වූයේ වේ.

චක‍්ඛූහි නෙව ලොලස‍්සාති - චක‍්ඛුලොලියං පජහෙය්‍ය විනොදෙය්‍ය බ්‍යන‍්තීකරෙය්‍ය අනභාවං ගමෙය්‍ය. චක‍්ඛුලොලියා ආරතො අස‍්ස විරතො පටිවිරතො නික‍්ඛන‍්තො නිස‍්සටො විප‍්පමුත‍්තො විසඤ‍්ඤුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්‍යාති - චක‍්ඛූහි නෙව ලොලස‍්ස.

චකඛූහි නේව ලොලස්ස - චක්‍ෂුර්ලෞල්‍යය (ඇසින් රූප දැක්මෙහි ලොල් බව) බැහැර කරන්නේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනුඅභාවයට පමුණුවන්නේ යැ. චක්‍ෂුර්ලෞල්‍යයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ නික්මුණේ නික්මැගියේ වෙසෙසින් මිදුණේ නො යෙදුණේ වන්නේ යැ, විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වාසය කරන්නේ නුයි ‘චකඛූහි නේව ලොලස්ස’ යනු වේ.

ගාමකථාය ආවරයෙ සොතන‍්ති - ගාමකථා වුච‍්චති බත‍්තිංස තිරච‍්ඡානකථා. සෙය්‍යථීදං: රාජකථා චොරකථා මහාමත‍්තකථා සෙනාකථා භයකථා යුද‍්ධකථා අන‍්නකථා පානකථා වත්‍ථකථා යානකථා සයනකථා මාලාකථා ගන්‍ධකථා ඤාතිකථා ගාමකථා නිගමකථා නගරකථා ජනපදකථා ඉත්‍ථිකථා පුරිසකථා සූරකථා විසිඛාකථා කුම‍්භට‍්ඨානකථා පුබ‍්බපෙතකථා නානත‍්තකථා ලොකක‍්ඛායිකා සමුද‍්දක‍්ඛායිකා ඉතිභවාභවකථා ඉති වා.

ගාමකථාය ආවරයෙ සොතං - දෙතිස් තිරශ්චීනකථාව ‘ග්‍රාමකථා යැ’ යි කියනු ලැබෙයි. ඒ මෙසේ යැ: රජුන් පිළිබඳ (ගෘහාශ්‍රිත) කථා යැ චෝරකථා යැ මහාමාත්‍යකථා යැ සේනාකථා යැ භයකථා යැ යුද්ධකථා යැ ආහාර පිළිබැඳි කථා යැ පානකථා යැ වස්ත්‍රකථා යැ යානකථා යැ ශයනකථා යැ මාලාකථා යැ ගන්‍ධකථා යැ ඥාතිකථා යැ ග්‍රාමකථා යැ නිගමකථා යැ නගරකථා යැ ජනපදකථා යැ ස්ත්‍රීකථා යැ පුරුෂකථා යැ ශූරකථා යැ වීථි පිළිබැඳි කථා යැ දියතොට (හෝ කළදැසින්) පිළිබැඳි කථා යැ පූර්‍වප්‍රෙත (- පෙර නෑයන්) පිළිබැඳි කථා යැ නන්වැදෑරුම් (නිරර්‍ත්‍ථක) කථා යැ ලෝකායතකථා යැ සමුද්‍රාඛ්‍යානකථා යැ වෘද්ධි - හානි පිළිබැඳි කථා යැ යනාදිය යි.

ගාමකථාය ආවරයෙ සොතන‍්ති - ගාමකථාය සොතං ආවරෙය්‍ය නිවාරෙය්‍ය සන‍්නිවාරෙය්‍ය රක‍්ඛෙය්‍ය ගොපෙය්‍ය පිදහෙය්‍ය පච‍්ඡින්‍දෙය්‍යාති - ගාමකථාය ආවරයෙ සොතං.

ගාමකථාය ආවරයෙ සොතං - ගම්වැසියන්ගේ කථාවෙන් ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ආවරණය කරන්නේ යැ වළහන්නේ යැ මොනොවට වළහන්නේ යැ රක්නේ යැ ගෝපනය කරන්නේ යැ වසන්නේ යැ පසිඳින්නේ නුයි ‘ගාමකථාය ආවරයෙ සොතං’ යනු වේ.

රසෙ ච නානුගිජ‍්ඣෙය්‍යාති - ‘රසො’ති මූලරසො ඛන්‍ධරසො තචරසො පත‍්තරසො පුප‍්ඵරසො ඵලරසො අම‍්බිලං මධුරං තිත‍්තකං කටුකං ලොණිකං ඛාරිකං ලපිලං කසාවො සාදුං අසාදුං සීතං උණ‍්හං. සන‍්තෙකෙ සමණබ්‍රාහ‍්මණා රසගිද‍්ධා. තෙ ජිව‍්හග‍්ගෙන රසග‍්ගානි පරියෙසන‍්තා ආහිණ‍්ඩන‍්ති. තෙ අම‍්බිලං ලභිත්‍වා අනම‍්බිලං පරියෙසන‍්ති, අනම‍්බිලං ලභිත්‍වා අම‍්බිලං පරියෙසන‍්ති -පෙ- සීතං ලභිත්‍වා උණ‍්හං පරියෙසන‍්ති, උණ‍්හං ලභිත්‍වා සීතං පරියෙසන‍්ති. තෙ යං යං ලභිත්‍වා තෙන තෙන න තුස‍්සන‍්ති, අපරාපරං පරියෙසන‍්ති. මනාපිකෙසු රසෙසු රත‍්තා ගිද‍්ධා ගථිතා මුච‍්ඡිතා අජ‍්ඣොපන‍්නා ලග‍්ගා ලග‍්ගිතා පලිබුද‍්ධා. යස‍්සෙසා රසතණ‍්හා පහීනා සමුච‍්ඡින‍්නා -පෙ- ඤාණග‍්ගිනා දඩ‍්ඪා. සො පටිසඞ‍්ඛායොනිසො ආහාරං ආහාරෙති: නෙව දවාය -පෙ- ඵාසුවිහාරො චා’ති. යථා වණං ආලිම‍්පෙය්‍ය යාවදෙව ආරුහණත්‍ථාය, යථා වා අක‍්ඛං අබ‍්භඤ‍්ජෙය්‍ය යාවදෙව භාරස‍්ස නිත්‍ථරණත්‍ථාය, යථා වා පුත‍්තමංසං ආහාර ආහාරෙය්‍ය යාවදෙව කන‍්තාරස‍්ස නිත්‍ථරණත්‍ථාය, යථා වා පුත‍්තමංසං ආහාර ආහාරෙය්‍ය යාවදෙව කන‍්තාරස‍්ස නිත්‍ථරණත්‍ථාය, එවමෙව භික‍්ඛු පටිසඞ‍්ඛායොනිසො ආහාර ආහාරෙති: නෙව දවාය -පෙ- අනවජ‍්ජතා ච ඵාසුවිහාරො චාති. රසතණ‍්හං පජහෙය්‍ය විනොදෙය්‍ය බ්‍යන‍්තීකරෙය්‍ය අනභාවං ගමෙය්‍ය, රසතණ‍්හාය ආරතො අස‍්ස විරතො විරතො පටිවිරතො නික‍්ඛන‍්තො නිස‍්සටො විප‍්පමුත‍්තො විසඤ‍්ඤුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්‍යාති - රසෙ ච නානුගිජ‍්ඣෙය්‍ය.

රසෙ ච නානුගිජ්ඣෙය්‍ය - ‘රස’ නම් මූලරස යැ ස්කන්‍ධරස යැ ත්‍වක් රස යැ පත්‍රරස යැ පුෂ්පරස යැ ඵලරස යැ, අම්බිල යැ මධුර යැ තික්ත යැ කටුක යැ ලවණ යැ ක්‍ෂාර යැ ලපිල ( - ඇඹුල්මුසු) යැ කසට යැ මිහිරි යැ අමිහිරි යැ ශීත යැ උෂ්ණරස යි. රසයෙහි ගිජු වූ ඇතැම් මහණ බමුණු කෙනෙක් වෙති. ඔවුහු දිවගින් අග්‍රරස සොයමින් ඇවිදිති. ඔවුහු ඇඹුලක් ලැබ නො ඇඹුලක් සොයති. නො ඇඹුලක් ලැබ ඇඹුලක් සොයති … සිහිලක් ලැබ උණුසුමක් සොයති, උණුසුමක් ලැබ සිහිලක් සොයති. ඔවුහු යමක් යමක් ලැබ ඒ ඒ ලද දෙයින් නො සතුටු වෙති: මතුමත්තෙහි සොයත්. මනවඩන රසයන්හි ඇලුණාහු ගිජු වූවාහු ගෙතුණාහු මුසපත් වූවාහු බැසගත්තාහු ලග්න වූවාහු ලග්නිත වූවාහු වෙළුණාහුය. යමක්හු විසින් තෙල රසතෘෂ්ණාව ප්‍රහීණ කරන ලද්දී සිඳින ලද්දී .. නුවණගින්නෙන් දවන ලද්දී ද, හෙතෙම නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට ආහාරය වළඳයි: ක්‍රීඩා පිණිස නො වෙයි … පහසුවිහරණය ද වේ යයි. යම්සේ ආරුහණය පමණින් ව්‍රණය ආලේප කරන්නේ ද, තවද යම්සේ බර ඇද ගන්නා පමණින් ගැල්අකුර තෙල් ගල්වන්නේ ද, යම්සේ කාන්ත්තාරය තරණය කරන පමණින් පුත්‍රමාංසාහාරය හෝ අනුභව කරන්නේ ද, එසෙයින් ම මහණ තෙමේ නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට ආහාරය වළඳයි: ක්‍රීඩා පිණිස නො මැ වෙයි … අනවද්‍යභාවය ද පහසුවිහරණය ද වන්නේ යැයි. රසතෘෂ්ණාව හරනේ යැ දුරු කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනභාවයට පමුණුවන්නේ යැ. රසතෘෂ්ණාවෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ නික්මුණේ නික්මැගියේ වෙසෙසින් මිදුණ් විසංයෝග වූයේ වන්නේ යැ, විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වාසය කරන්නේ නුයි ‘රසෙ ච නානුගිජ්ඣෙය්‍ය’ යනු වේ.

න ච මමායෙථ කිඤ‍්චි ලොකස‍්මින‍්ති - ‘මමත‍්තා’ති ද‍්වෙ මමත‍්තා: තණ‍්හාමමත‍්තඤ‍්ච දිට‍්ඨිමමත‍්තඤ‍්ච -පෙ- ඉදං තණ‍්හාමමත‍්තං. -පෙ- ඉදං දිට‍්ඨිමමත‍්තං. තණ‍්හාමමත‍්තං පහාය දිට‍්ඨිමමත‍්තං පටිනිස‍්සජිත්‍වා චක‍්ඛුං න මමායෙය්‍ය, න ගණ‍්හෙය්‍ය, න පරාමසෙය්‍ය, නාභිනිවිසෙය්‍ය, සොතං, ඝානං, ජිව‍්හං. කායං, රූපෙ, සද‍්දෙ, ගන්‍ධෙ, රසෙ, ඵොට‍්ඨබ‍්බෙ, කුලං, ගණං, ආවාසං, ලාභං, යසං, පසංසං, සුඛං, චීවරං, පිණ‍්ඩපාතං, සෙනාසනං, ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං, කාමධාතුං, රූපධාතුං, අරූපධාතුං, කාමභවං, රූපභවං, අරූපභවං, සඤ‍්ඤාභවං, අසඤ‍්ඤාභවං, නෙවසඤ‍්ඤානාසඤ‍්ඤාභවං, එකවොකාරභවං, චතුවොකාරභවං, පඤ‍්චවොකාරභවං, අතීතං, අනාගතං, පච‍්චුප‍්පන‍්නං, දිට‍්ඨසුතමුතවිඤ‍්ඤාතබ‍්බෙ ධම‍්මෙ න මමායෙය්‍ය, න ගණ‍්හෙය්‍ය, න පරාමසෙය්‍ය, නාභිනිවිසෙය්‍ය. කිඤ‍්චීති කිඤ‍්චි රූපගතං වෙදනාගතං සඤ‍්ඤාගතං සඞ‍්ඛාරගතං විඤ‍්ඤාණගතං; ලොකස‍්මින‍්ති අපායලොකෙ -පෙ- ආයතනලොකෙති - න ච මමායෙථ කිඤ‍්චි ලොකස‍්මිං.

න ච මමායෙථ කිඤ්චි ලෝකස්මිං - ‘මමත්ත’ යනු: තෘෂ්ණාමමත්‍වය ද, දෘෂ්ටිමමත්‍වය දැයි මමත්‍ව දෙකෙකි … මේ දෘෂ්ටිමමත්‍වය යි. තෘෂ්ණාමමත්‍වය හැර දෘෂ්ටිමමත්‍වය දුරලා ඇස මමායනය නො කරන්නේ යැ, නො ගන්නේ යැ, පරාමර්‍ශ නො කරන්නේ යැ, අභිනිවේශය නො කරන්නේ යැ, කන - දිව - කය - රූප - ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය - කුලය - ගණයා - ආවාසය - ලාභ - යශස් - ප්‍රශංසාව - සුවය - සිවුර - පිණ්ඩපාත - සෙනසුන් - ගිලන්පස බෙහෙසත් පිරිකර - කාමධාතුව - රූපධාතුව - අරූපධාතුව - කාමභවය - රූපභවය - අරූපභවය - සංඥාභවය - අසංඥාභවය - නෛවසංඥා - නාසංඥාභවය - එකවෝකාරභවය - චතුවෝකාරභවය - පඤ්චවෝකාරභවය - අතීතය - අනාගතය - වර්තමානය - දෘෂ්ට - ශ්‍රැත - මුත - විඥාතව්‍යධර්‍මයන් මමායන නො කරන්නේ යැ, නො ගන්නේ යැ. නො පරාමර්‍ශ කරන්නේ යැ, අභිනිවේශය නො කරන්නේ යි. කිඤ්චි යනු: කිසි රූපගතයක වෙදනාගතයක් සංඥාගතයක් සංස්කාරගතයක් විඥානගතයක්; ලෝකස්මිං යනු : අපායලෝකයෙහි … අනාගතලෝකයෙහි නුයි ‘න ච මමායෙථ කිඤ්චි ලෝකස්මිං’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“චක‍්ඛූහි නෙව ලොලස‍්ස ගාමකථාය ආවරයෙ සොතං, රසෙ ච නානුගිජ‍්ඣෙය්‍ය න ච මමායෙථ කිඤ‍්චි ලොකස‍්මි”න‍්ති.

“චකඛූහි නේව ලොලස්ස -පෙ- න ච මමායෙථ කිඤ්චි ලෝකස්මිං” යී.