යෙදුමෙන් කියවන්න

14. 7

14. 7.

14. 7.

අකිත‍්තයී විවටචක‍්ඛු සක‍්ඛිධම‍්මං පරිස‍්සයවිනයං, පටිපදං වදෙහි භද‍්දන‍්තෙ පාතිමොක‍්ඛමථවාපි සමාධිං.

අනාවරණ වූ පසැස් ඇතියේ උවදුරු දුරු කරන්නා වූ තමන් අයත් වූ නොහොත් තමන් විසින් ප්‍රත්‍යක්‍ෂ කළ ධර්‍මය වදාළේ ය. මුබට කල්‍යාණයෙක් වේවා. නොහොත් මුබගේ භද්‍ර වූ ප්‍රතිපදාව වදාළ මැනවි. ප්‍රතිමොක්‍ෂය ද යළි සමාධිය ද වදාළ මැනැවි.

අකිත‍්තයී විවටචක‍්ඛූති - ‘අකිත‍්තයී’ති කිත‍්තිතං ආචික‍්ඛිතං දෙසිතං පඤ‍්ඤපිතං පට‍්ඨපිතං විවටං විභත‍්තං උත‍්තානීකතං පකාසිතන‍්ති අකිත‍්තයී. විවටචක‍්ඛූති භගවා පඤ‍්චහි චක‍්ඛූහි විවටචක‍්ඛු; මංසචක‍්ඛුනාපි විවටචක‍්ඛු, දිබ‍්බචක‍්ඛුනාපි විවටචක‍්ඛු, පඤ‍්ඤාචක‍්ඛුනාපි විවටචක‍්ඛු, බුද‍්ධචක‍්ඛුනාපි විවටචක‍්ඛු, සමන‍්තචක‍්ඛුනාපි විවටචක‍්ඛු.

අකිත්තයී විවටචක්ඛු - ‘අකිත්තයී’ යනු: දක්වන ලද පවසන ලද දෙසන ලද පනවන ලද තබන ලද විවෘත කරන ලද විභාග කරනලද ප්‍රකට කරන ලද ප්‍රකාශ කරන ලද නුයි ‘අකිත්තයී’ යනු වේ. විවටචක්ඛු යනු: බුදුහු පසැසකින් විවටචක්ඛු වූහ: මසැසිනු දු විවටචක්ඛු යහ, දිවැසිනු දු විවටචක්ඛු යහ, පැනැසිනු දු විවටචක්ඛු යහ, බුදුඇසිනු දු විවටචක්ඛු යහ, සමතැසිනු දු විවටචක්ඛු වූහ.

කථං භගවා මංසචක‍්ඛුනාපි විවටචක‍්ඛු? මංසචක‍්ඛුම‍්හි භගවතො පඤ‍්චවණ‍්ණා සංවිජ‍්ජන‍්ති: නීලො ච වණ‍්ණො, පීතකො ච වණ‍්ණො, ලොහිතකො ච වණ‍්ණො, කණ‍්හො ච වණ‍්ණො, ඔදාතො ච වණ‍්ණො. අක‍්ඛිලොමානි ච භගවතො - යත්‍ථ ච අක‍්ඛිලොමානි පතිට‍්ඨිතානි තං නීලං හොති සුනීලං පාසාදිකං දස‍්සනෙය්‍යං, උම‍්මාපුප‍්ඵසමානං. තස‍්ස පරතො පීතං හොති සුපීතකං සුවණ‍්ණවණ‍්ණං පාසාදිකං දස‍්සනෙය්‍යං කණිකාරපුප‍්ඵසමානං. උභයතො ච අක‍්ඛිකූටානි භගවතො ලොහිතකානි හොන‍්ති සුලොහිතකානි පාසාදිකානි දස‍්සන්‍යොනි ඉන්‍දගොපකසමානානි. මජ‍්ඣෙ කණ‍්හං හොති සුකණ‍්හං අලූඛං සිනිද‍්ධං පාසාදිකං දස‍්සනෙය්‍යං අද‍්දාරිට‍්ඨකසමානං. තස‍්ස පරතො ඔදාතං හොති සුඔදාතං සෙතං පණ‍්ඩරං පාසාදිකං දස‍්සනෙය්‍යං ඔසධීතාරකාසමානං. තෙන භගවා පාකතිකෙන මංසචක‍්ඛුනා අත‍්තභාවපරියාපන‍්නෙන පුරිමසුචරිතකම‍්මාභිනිබ‍්බත‍්තෙන සමන‍්තා යොජනං පස‍්සති දිවා චෙව රත‍්තිඤ‍්ච. යදා හි චතුරඞ‍්ගසමන‍්නාගතො හොති: සුරියො ච අත්‍ථඞ‍්ගතො හොති, කාළපක‍්ඛො ච උපොසථො හොති, තිබ‍්බො ච වනසණ‍්ඩො හොති, මහා ච කාළමෙඝො අබ‍්භුට‍්ඨිතො හොති එවරූපෙපි චතුරඞ‍්ගසමන‍්නාගතෙ අන්‍ධකාරෙ සමන‍්තා යොජනං පස‍්සති, යත්‍ථ සො කුඩ‍්ඩො වා කවාටං වා පාකාරො වා පබ‍්බතො වා ගච‍්ඡං වා ලතා වා ආවරණං රූපානං දස‍්සනාය. එකඤ‍්චෙ තිලඵලං නිමිත‍්තං කත්‍වා තිලවාහෙ පක‍්ඛිපෙය්‍ය, තඤ‍්ඤෙව තිලඵලං උද‍්ධරෙය්‍ය. එවං පරිසුද‍්ධං භගවතො පාකතිකං මංසචක‍්ඛු එවං භගවා මංසචක‍්ඛුනාපි විවටචක‍්ඛු.

කිසෙයින් බුදුහු මසැසිනුදු ‘විවටචක්ඛු’ වූහ යත්: භාග්‍යවත්හුගේ මසැස්හි නිල්පැහැය ද රන්වන් පැහැය ද රත්පැහැය ද කළුපැහැය ද සුදුපැහැය ද යන පඤ්චවර්‍ණයෝ විද්‍යමාන වෙති. තවද බුදුන්ගේ අක්‍ෂිරොම යම් තැනෙක්හි පිහිටියේ ද එතැන දියමෙරළියමල් සිදිසි සුනිල් පිරිසුදු දැකුම්කලු නිල්පැහැ වෙයි. එ ඉක්බිති කිණිහිරිමල් සදිසි සුකසාවන් රන්වන් පිරිසුදු දැකුම්කලු කසාවන් පැහැ වෙයි. බුදුන්ගේ දෙනෙතග රතිඳුගොව් සදිසි සුරත් පිරිසිදු දැකුම්කලු රත්පැහැ වෙයි. මැද රුකපෙණල ඇට සදිසි ඉතා කළු මොළොක් සිනිඳු පිරිසිදු දැකුම්කලු කළුපැහැ වෙයි. ඉනික්බිති දවහත්තරු සදිසි ඉතා සුදු සිත පඬෙර පිරිසිදු දැකුම්කලු සුදුපැහැ වේ. බුදුහු අත්බැව ඇසුරු කළ පෙර පින්කමින් උපන් ඒ පියවි මසැසින් දහවල්හි දු රැයි දු හාත්පසින් යොදුනක් දකිති. යම් කලෙක චතුරඞ්ගසමන්‍වාගත අන්‍ධකාරය වේ ද; හිරු අස්තයට ගියේ වේ ද, කෘෂ්ණපක්‍ෂයෙහි පොහොයත් වේ ද, ගහන වූ වනලැහැබත් වේ ද, මහත් කළු වලාකුළු නැඟුණේත් වේ ද, මෙබඳු වූ චතුරඞ්ගසමන්‍වාගත අන්‍ධකාරයෙහි පවා හාත්පස යොදුනක් දකිති, එහි ඒ බිත්තියක් හෝ දොරක් පවුරක් ගලක් ගසක් වැලක් හෝ රූපදර්‍ශනයට ආවරණයෙක් නොවේ. ඉදින් එක් තලඇටයෙක් ලකුණු කොට තලගැලෙක බහාලන්නේ නම්, ඒ තලඇටය මැ නඟාගන්නා සේක. බුදුන්ගේ පියවි මැසැස මෙසේ පිරිසිදු වේ. මෙසේ බුදුහු මසැසිනුදු විවටචක්ඛු වන සේක.

කථං භගවා දිබ‍්බෙන චක‍්ඛුනාපි විවටචක‍්ඛු? භගවා දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සත‍්තෙ පස‍්සති චවමානෙ උප‍්පජ‍්ජමානෙ හීනෙ පණීතෙ සුවණ‍්ණෙ දුබ‍්බණ‍්ණෙ සුගතෙ දුග‍්ගතෙ, යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාති: ‘ඉමෙ වත භොන‍්තො සත‍්තා කායදුච‍්චරිතෙන සමන‍්නාගතා වචීදුච‍්චරිතෙන සමන‍්නාගතා මනොදුච‍්චරිතෙන සමන‍්නාගතා අරියානං උපවාදකා මිච‍්ඡාදිට‍්ඨිකා මිච‍්ඡාදිට‍්ඨිකම‍්මසමාදානා, තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපන‍්නා, ඉමෙ වා පන භොන‍්තො සත‍්තා කායසුචරිතෙන සමන‍්නාගතා වචීසුචරිතෙන සමන‍්නාගතා මනොසුචරිතෙන සමන‍්නාගතා අරියානං අනුපවාදකා සම‍්මාදිට‍්ඨිකා සම‍්මාදිට‍්ඨිකම‍්මසමාදානා, තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපන‍්නා’ති. ඉති දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සත‍්තෙ පස‍්සති චවමානෙ උපපජ‍්ජමානෙ හීනෙ පණීතෙ සුවණ‍්ණෙ දුබ‍්බණ‍්ණෙ සුගතෙ දුග‍්ගතෙ, යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාති. ආකඞ‍්ඛමානො ච භගවා එකම‍්පි ලොකධාතුං පස‍්සෙය්‍ය. ද‍්වෙපි ලොකධාතුයො පස‍්සෙය්‍ය. තිස‍්සොපි ලොකධාතුයො පස‍්සෙය්‍ය. චතස‍්සොපි ලොකධාතුයො පස‍්සෙය්‍ය. පඤ‍්චපි ලොකධාතුයො පස‍්සෙය්‍ය. දසපි ලොකධාතුයො පස‍්සෙය්‍ය. වීසම‍්පි ලොකධාතුයො පස‍්සෙය්‍ය. තිංසම‍්පි ලොකධාතුයො පස‍්සෙය්‍ය. චත‍්තාළීසම‍්පි ලොකධාතුයො පස‍්සෙය්‍ය. පඤ‍්ඤාසම‍්පි ලොකධාතුයො පස‍්සෙය්‍ය. චත‍්තාළීසම‍්පි ලොකධාතුයො පස‍්සෙය්‍ය. පඤ‍්ඤාසම‍්පි ලොකධාතුයො පස‍්සෙය්‍ය. සතම‍්පි ලොකධාතුයො පස‍්සෙය්‍ය. සහස‍්සිම‍්පි චූලනිකං ලොකධාතුං පස‍්සෙය්‍ය. ද‍්විසහස‍්සිම‍්පි මජ‍්ඣිමිකං ලොකධාතුං පස‍්සෙය්‍ය. තිසහස‍්සිං මහාසහස‍්සිම‍්පි ලොකධාතුං පස‍්සෙය්‍ය. යාවතා වා පන ආකඞ‍්ඛෙය්‍ය තාවතකං පස‍්සෙය්‍ය. එවං පරිසුද‍්ධං භගවතො දිබ‍්බං චක‍්ඛු. එවං භගවා දිබ‍්බෙන චක‍්ඛුනාපි විවටචක‍්ඛු.

කිසෙයින් බුදුහු දිවැසිනුදු ‘විවටචක්ඛු’ වූහ යත්: බුදුහු විශුද්ධ වූ මිනිසැස ඉක්මැ සිටියා වූ දිවැසින් ච්‍යුත වන්නාවූ ද උපදනා වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද අභිරූප වූ ද විරූප වූ ද සුගතියට ගියා වූ ද දුගතියට ගියා වූ ද සත්ත්‍වයන් බලන සේක: ‘යහහ, මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යයනට උපවාද කළාහු මිත්‍ථ්‍යාදෘෂ්ටි ඇත්තාහු මිත්‍ථ්‍යාදෘෂ්ටි වශයෙන් සමාදන් වූ විවිධ කර්‍ම ඇත්තාහු ය. ඔහු කය බිඳීමෙන් මරණින් මත්තෙහි අය රහිත වූ දුකට ගති වූ විවසව පතිත වන නිරයට පැමිණියාහු ය. යළි මේ භවත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් යුක්ත වූවාහු වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු මනස්සුචරිතයෙන් යුක්ත වූවාහු (බුද්ධාදි) ආර්‍ය්‍යයනට උපවාද නො කළාහු සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු සම්‍යග්දෘෂ්ටි වශයෙන් සමාදන් වූ විවිධ කර්‍ම ඇත්තාහු ය. ඔහු කාබුන් මරණින් මතු සුන්‍දර ගති ඇති සැපයෙන් අග්‍ර වූ ලෝකයට පැමිණියාහ’ යි කම් වූ පරිද්දෙන් පැමිණි සත්ත්‍වයන් දැනගන්නා සේක. මෙසේ විශුද්ධ වූ මිනිසැස ඉක්මැ සිටි දිවැසින් ච්‍යුත වන්නාවූ ද උපදනාවූ ද හීන වූ ද ප්‍රණීත වූ ද අභිරූප වූ ද විරූප වූ ද සුගතියට ගියා වූ ද දුගතියට ගියා වූ ද සත්ත්‍වයන් බලනා සේක. කම් වූ පරිදි (පරලොව) පැමිණි සත්ත්‍වයන් දැනගන්නා සේක. තවද බුදුහු කැමැති වන්නාහු නම් එක් ලෝකධාතුවකු දු බලන සේක. ලෝකධාතු දෙකක් ද - තුන් ලෝකධාතුවකුදු - සිවු ලෝකධාතුවකු දු - පස් ලෝකධාතුවකු දු බලන සේක. දස ලෝකධාතුවකු දු - විසි ලෝකධාතුවකු දු තිස් ලෝකධාතුවකු දු සතලිස් ලෝකධාතුවකු දු පනස් ලෝකධාතුවකු දු සියක් ලෝකධාතුහු ද බලන සේක, සහස්‍රී චූලතීලෝකධාතුව ද බලන සේක. ද්විසහස්‍රී මධ්‍යමලෝකධාතුව ද බලන සේක, ත්‍රිසහස්‍රීමහාසහස්‍රීලෝකධාතුව ද බලන සේක. තවද යම් පමණ කැමැති වන සේක් නම්, එපමණ බලන සේක. බුදුන්ගේ දිවැස මෙසේ පරිශුද්ධ වේ. මෙසේ බුදුහු දිවැසිනු දු ‘විවටටචක්ඛු’ වන සේක.

කථං භගවා පඤ‍්ඤාචක‍්ඛුනාපි විවටචක‍්ඛු? භගවා මහාපඤ‍්ඤො පුථුපඤ‍්ඤො හාසුපඤ‍්ඤො ජවනපඤ‍්ඤො තික‍්ඛපඤ‍්ඤො නිබ‍්බෙධිකපඤ‍්ඤො පඤ‍්ඤාපභෙදකුසලො පභින‍්නඤාණො අධිගතපටිසම‍්භිදො, චතුවෙසාරජ‍්ජප‍්පත‍්තො දසබලධාරී පුරිසාසභො පුරිසසීහො පුරිසනාගො පුරිසාජඤ‍්ඤො පුරිසධොරය‍්හො අනන‍්තඤාණො අනන‍්තතෙජො අනන‍්තයසො, අඩ‍්ඪො මහද‍්ධනො ධනවා, නෙතා විනෙතා අනුනෙතා පඤ‍්ඤාපෙතා නිජ‍්ඣාපෙතා පෙක‍්ඛෙතා පසාදෙතා. සො හි භගවා අනුප‍්පන‍්නස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදෙතා අසඤ‍්ජාතස‍්ස මග‍්ගස‍්ස සඤ‍්ජනෙතා, අනක‍්ඛාතස‍්ස මග‍්ගස‍්ස අක‍්ඛාතා. මග‍්ගඤ‍්ඤූ මග‍්ගවිදූ මග‍්ගකොවිදො. මග‍්ගානුගා ච පන එතරහි සාවකා විහරන‍්ති පච‍්ඡාසමන‍්නාගතා. සො හි භගවා ජානං ජානාති, පස‍්සං පස‍්සති. චක‍්ඛුභූතො ඤාණභූතො ධම‍්මභූතො බ්‍රහ‍්මභූතො වත‍්තා පවත‍්තා අත්‍ථස‍්ස නින‍්නෙතා අමතස‍්ස දාතා, ධම‍්මස‍්සාමි තථාගතො. නත්‍ථි තස‍්ස භගවතො අඤ‍්ඤාතං අදිට‍්ඨං අවිදිතං අසච‍්ඡිකතං අඵස‍්සිතං පඤ‍්ඤාය, අතීතං අනාගතං පච‍්චුප‍්පන‍්නං උපාදාය සබ‍්බෙ ධම‍්මා සබ‍්බාකාරෙන බුද‍්ධස‍්ස භගවතො ඤාණමුඛෙ ආපාථං ආගච‍්ඡන‍්ති, යං කිඤ‍්චි ඤෙය්‍යං නාම අත්‍ථි ධම‍්මං ජානිතබ‍්බං, අත‍්තත්‍ථො වා පරත්‍ථො වා උභයත්‍ථො වා දිට‍්ඨධම‍්මිකො වා අත්‍ථො සම‍්පරායිකො වා අත්‍ථෙ උත‍්තානො වා අත්‍ථො ගම‍්භීරො වා අත්‍ථො ගූළ‍්හො වා අත්‍ථො පටිච‍්ඡන‍්නො වා අත්‍ථො නෙය්‍යා වා අත්‍ථො නීතො වා අත්‍ථො අනවජ‍්ජො වා අත්‍ථො නික‍්කිලෙසො වා අත්‍ථො වොදානො වා අත්‍ථො පරමත්‍ථො වා අත්‍ථො, සබ‍්බං තං අන‍්තොබුද‍්ධඤාණෙ පරිවත‍්තති. සබ‍්බං කායකම‍්මං බුද‍්ධස‍්ස භගවතො ඤාණානුපරිවත‍්ති. සබ‍්බං වචීකම‍්මං - සබ‍්බං මනොකම‍්මං ඤාණානුපරිවත‍්ති. අතීතෙ බුද‍්ධස‍්ස භගවතො අප‍්පටිහතං ඤාණං අනාගතෙ - පච‍්චුප‍්පන‍්නෙ අප‍්පටිහතං ඤාණං. යාවතකං ඤෙය්‍යං තාවතකං ඤාණං, යාවතකං ඤාණං, තාවතකං ඤෙය්‍යං, ඤෙය්‍යපරියන‍්තිකං ඤාණං, ඤාණපරියන‍්තිකං ඤෙය්‍යං, ඤෙය්‍යං අතික‍්කමිත්‍වා ඤාණං නප‍්පවත‍්තති, ඤාණං අතික‍්කමිත්‍වා ඤෙය්‍යපථො නත්‍ථි, අඤ‍්ඤමඤ‍්ඤපරියන‍්තට‍්ඨායිනො තෙ ධම‍්මා. යථා ද‍්වින‍්නං සමුග‍්ගපටලානං සම‍්මා ඵස‍්සිතානං හෙට‍්ඨිමං සමුග‍්ගපටලං උපරිමං නාතිවත‍්තති, උපරිමං සමුග‍්ගපටලං හෙට‍්ඨිමං නාතිවත‍්තති, අඤ‍්ඤමඤ‍්ඤපරියන‍්තට‍්ඨායිනො තෙ, එවමෙවං බුද‍්ධස‍්ස භගවතො ඤෙය්‍යඤ‍්ච ඤාණඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤපරියන‍්තට‍්ඨායිනො. යාවතකං ඤෙය්‍යං තාවතකං ඤාණං, යාවතකං ඤාණං තාවතකං ඤෙය්‍යං, ඤෙය්‍යපරියන‍්තිකං ඤාණං, ඤාණපරියන‍්තිකං ඤෙය්‍යං, ඤෙයං අතික‍්කමිත්‍වා ඤාණං නප‍්පවත‍්තති, ඤාණං අතික‍්කමිත්‍වා ඤෙය්‍යපථො නත්‍ථි, අඤ‍්ඤමඤ‍්ඤපරියන‍්තට‍්ඨායිනො තෙ ධම‍්මා.

කිසෙයින් බුදුහු පැනැසිනු දු ‘විවටචක්ඛු’ වූහ යත්? බුදුහු මහත් ප්‍රඥා ඇතියහ. පතළ ප්‍රඥා ඇතියහ, ශීඝ්‍ර ප්‍රඥා ඇතියහ, දිවෙන ප්‍රඥා ඇතියහ, තියුණු ප්‍රඥා ඇතියහ, විනිවිද යන ප්‍රඥා ඇතියහ, ප්‍රඥාප්‍රභෙදයහි නිපුණයහ, ප්‍රභේදයට පැමිණි ඥාන ඇතියහ, අධිගම කළ ප්‍රතිසංවිද් ඇතියහ, චතුර්වෛශාරද්‍යයට පැමිණියහ, දශබලධාරීහ, පුරුෂශ්‍රේෂ්ඨයහ, පුරුෂසිංහයහ, පුරුෂනාගයහ, පුරුෂජානෙයහ, පුරුෂධෞරෙයහ, අනන්තඥානයහ, අනන්ත තේජස් ඇතියහ, අනන්ත යශස් ඇතියහ. (ප්‍රඥාධනයෙන්) ආඪ්‍යයහ, මහත් වූ ප්‍රඥාධන ඇතියහ, ප්‍රඥාධනවත්හ. (නිවනට පමුණුවන හෙයින්) නේතෘ වූහ, (වෛනෙයයන් විනයන කරන හෙයින්) විනේතෘ වූහ, (සැක සිඳුනා හෙයින්) අනුනෙතෘ වූහ. (අර්‍ත්‍ථය) පනවනුවහ, නිශ්චය කරවනුවහ, (පිළිවෙත්) දක්වනුවහ, (ප්‍රතිපත්තිඵලයෙන්) පහදනුවහ. තවද ඒ බුදුහු (නූපන් විරූ) අරීමඟ සිය සතන්හි ඉපැදවූහ, (වෛනෙය සන්තානයෙහි) අසඤ්ජාතමාර්‍ගය උපදවනුවහ, ප්‍රකාශ නො කළ මාර්‍ගය (විවරණ වශයෙන් ප්‍රකාශ කරනුවහ, (ප්‍රත්‍යවේක්‍ෂා වශයෙන්) මාර්‍ගය දතුවහ, මාර්‍ගය දන්නා සුල්ලහ, මාර්‍ගයෙහි විචක්‍ෂණයහ. තවද මෙකල්හි මාර්‍ගය අනුව යන ශ්‍රාවකයෝ (ශීලාදි ගුණයෙන්) පසුපස යමින් වෙසෙත්. ඒ බුදුහු දතයුතු ඥේය ධර්‍මය දනිති. දැක්ක යුතු ඥෙයපථය නුවණැසින් දකිති. (දර්‍ශන පරිණායක හෙයින්) ඇසක් මෙන් වූහ, ඥානමය වූහ, ධර්‍මමය වූහ, ශ්‍රේෂ්ඨ වූහ, (දහම් දෙසන හෙයින්) වක්තෘ වූහ, ප්‍රවක්තෘ වූහ, (අර්‍ත්‍ථය දක්වනුයෙන් නින්නෙතෘ වූහ, අමෘතය දෙනුවහ, ධර්‍මස්වාමීහ, තථාගත වූහ. ඒ බුදුන් විසින් (මඟනැණින්) නො දන්නා ලද්දක් (නුවණැසින්) නො දක්නා ලද්දක් අවිදිත වූවක් නො පසක් කරන ලද්දක් ප්‍රඥාවෙන් ස්පර්‍ශ නො කරන ලද්දක් නැති. ඥේය නම් වූ දතයුතු යම් කිසි ධර්‍මයෙක් වේ ද, අතීතානාගතප්‍රත්‍යුත්පන්නය ඇතුළු කොට සඞ්ඛතාසඞ්ඛත වූ සියලු ධර්‍මයෝ සර්‍වාකාරයෙන් භාග්‍යවත් බුදුන් ගේ ඥානමුඛයෙහි ආපාථයට පැමිණෙත්. ආත්මාර්‍ත්‍ථය ද පරාර්‍ත්‍ථය ද උභයාර්‍ත්‍ථය ද දෘෂ්ටධාර්මිකාර්‍තථය ද සාම්පරායිකාර්‍තථය ද උත්තානාර්‍තථය ද ගමභීරාර්‍තථය ද ගූඪාර්‍තථය ද ප්‍රතිච්ඡන්නාර්‍තථය ද නෙය්‍යාර්‍තථය ද නීතාර්‍තථය ද නිර්‍දෙෂාර්‍තථය ද නික්ලෙශාර්‍තථය ද පරිශුද්ධාර්‍තථය ද පරමාර්‍තථර්‍තථය ද යන ඒ සියල්ල බුද්ධඥානය තුළ පැතිර පවතී. භාග්‍යවත් බුදුන්ගේ සියලු කායකර්‍මය ඥානය අනුව පවතී. සියලු වාක්කර්‍මය ඥානය අනුව පවතී. සියලු මනඃකර්‍මය ඥානය අනුව පවතී. අතීතයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය අප්‍රතිහත (- අනාවරණ) යැ, අනාගතයෙහි ඥානය අනාවරණ යැ, ප්‍රත්‍යුත්පන්නයෙහි ඥානය අනාවරණ යැ. දතයුත්ත යම් පමණ ද ඥානය එ පමණ යැ. ඥානය යම් පමණ ද දතයුත්ත එ පමණ යැ. ඥානය ඥේය පර්‍ය්‍යන්තික යැ, ඥේයය ඥානපර්‍ය්‍යන්තික යැ, ඥේයය ඉක්මැ ඥානයෙක් නො පවතී, ඥානය ඉක්මැ ඥෙයපථයෙක් නැති, ඒ ධර්‍මයෝ අන්‍යොන්‍යපර්‍ය්‍යන්තයෙහි පවත්නා සුල්ලහ. යම්සේ මනාකොට පැහැසු සුමුගුපටල (- තහඩු) දෙකක්හුගේ යට සුමුගුපටල උපරිමය නො ඉක්මවා ද, උඩ සුමුගුපටල හෙට්ඨිමය නො ඉක්මැ සිටී ද, ඔවුහු ඔවුනොවුන්ගේ කෙළවර සිටුනා සුලු වෙත් ද, එසෙයින් භාග්‍යවත් බුදුන්ගේ ඥේයයත් ඥානයත් අන්‍යොන්‍යපර්‍ය්‍යන්තයෙහි පවත්නා සුල්ලහ; යම් තාක් ඥේයය ද ඒ තාක් ඥාන යැ, යම් තාක් ඥානය ද ඒ තාක් ඥේය යැ; ඥානය ඥෙයපර්‍ය්‍යන්තික යැ, ඥේයය ඥානපර්‍ය්‍යන්තික යැ; ඥේයය ඉක්මැ ඥානය නො පවතී, ඥානය ඉක්මැ ඥෙය්‍ය පථයෙක් නැති, ඒ දහම්හු අන්‍යොන්‍යපර්‍ය්‍යන්තයෙහි සිටුනා සුල්ලහ.

සබ‍්බධම‍්මෙසු බුද‍්ධස‍්ස භගවතො ඤාණං පරිවත‍්තති. සබ‍්බෙ ධම‍්මා බුද‍්ධස‍්ස භගවතො ආවජ‍්ජනපටිබද‍්ධා ආකඞ‍්ඛාපටිබද‍්ධා මනසිකාරපටිබද‍්ධා චිත‍්තුප‍්පාදපටිබද‍්ධා. සබ‍්බසත‍්තෙසු බුද‍්ධස‍්ස භගවතො ඤාණං පරිවත‍්තති. සබ‍්බෙසං සත‍්තානං භගවා ආසයං ජානාති, අනුසයං ජානාති, චරිතං ජානාති, අධිමුත‍්තිං ජානාති. අප‍්පරජක‍්ඛෙ මහාරජක‍්ඛෙ තික‍්ඛින්‍ද්‍රියෙ මුදින්‍ද්‍රියෙ ස‍්වාකාරෙ ද‍්වාකාරෙ සුවිඤ‍්ඤාපයෙ දුවිඤ‍්ඤාපයෙ භබ‍්බාභබ‍්බෙ සත‍්තෙ පජානාති. සදෙවකො ලොකො සමාරකො සබ්‍රහ‍්මකො සස‍්සමණබ්‍රාහ‍්මණී පජා සදෙවමනුස‍්සා අන‍්තො බුද‍්ධඤාණෙ පරිවත‍්තති. යථා යෙ කෙචි මච‍්ඡකච‍්ඡපා අන‍්තමසො තිමිතිමිඞ‍්ගලං උපාදාය අන‍්තොමහාසමුද‍්දෙ පරිවත‍්තන‍්ති, එවමෙවං සදෙවකො ලොකො සමාරකො සබ්‍රහ‍්මකො සස‍්සමණබ්‍රාහ‍්මණී පජා සදෙවමනුස‍්සා අන‍්තොබුද‍්ධඤාණෙ පරිවත‍්තති. යථා යෙ කෙචි පක‍්ඛී අන‍්තමසො ගරුළං වෙනතෙය්‍යං උපාදාය ආකාසස‍්ස පදෙසෙ පරිවත‍්තන‍්ති, එවමෙවං යෙපි තෙ සාරිපුත‍්තසමා පඤ‍්ඤාය, තෙපි බුද‍්ධඤාණස‍්ස පදෙසෙ පරිවත‍්තන‍්ති. බුද‍්ධඤාණං දෙවමනුස‍්සානං පඤ‍්ඤං ඵරිත්‍වා අභිභවිත්‍වා තිට‍්ඨති. යෙ ච තෙ ඛත‍්තියපණ‍්ඩිතා බ්‍රාහ‍්මණපණ‍්ඩිතා ගහපතිපණ‍්ඩිතා සමණපණ‍්ඩිතා නිපුණා කතපරප‍්පවාදා වාලවෙධිරූපා වොභින්‍දන‍්තා මඤ‍්ඤෙ චරන‍්ති පඤ‍්ඤාගතෙන දිට‍්ඨිගතානි, තෙ පඤ‍්හං අභිසඞ‍්ඛරිත්‍වා අභිසඞ‍්ඛරිත්‍වා තථාගතං උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡන‍්ති ගූළ‍්හානි ච පටිච‍්ඡන‍්නානි ච. කථිතා විස‍්සජ‍්ජිතා ච තෙ පඤ‍්හා භගවතා හොන‍්ති නිද‍්දිට‍්ඨකාරණා. උපක‍්ඛිත‍්තකාව තෙ භගවතො සම‍්පජ‍්ජන‍්ති. අථ ඛො භගවා ව තත්‍ථ අතිරොචති යදිදං පඤ‍්ඤායාති. එවං භගවා පඤ‍්ඤාචක‍්ඛුනාපි විවටචක‍්ඛු.

සියලු දහම් විෂයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය පවතී. සියලු දහම්හු භාග්‍යවත් බුදුන්ගේ මනෝද්වාරාවර්‍ජනයට අයත්හු වෙති, රුචිය ප්‍රතිබද්ධයහ, මනසිකාර ප්‍රතිබද්ධයහ, චිත්තෝත්පාද ප්‍රතිබද්ධයහ, සියලු සතුන් විෂයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය පවතී. බුදුහු සියලු සතුන් ගේ ආශය දනිති, අනුශය දනිති, චරිතය දනිති, අධිමුක්තිය දනිති. (නුවණැසෙහි) අල්ප වූ රාගාදි රජස් ඇති මහත් වූ රජස් ඇති තියුණු වූ (ශ්‍රද්ධාදි) ඉඳුරන් ඇති මෘදු වූ ඉඳුරන් ඇති සුන්‍දර වූ (ශ්‍රද්ධාදි) ආකාර ඇති ගර්හිත වූ (අශ්‍රද්ධාදි) ආකාර ඇති සුවිඥාප්‍ය වූ දුර්විඥාප්‍ය වූ භව්‍යාභව්‍ය සත්ත්‍වයන් දැනගනිත්. මරුන් බඹුන් සහිත වූ දෙවියන් සහිත ලෝවැසි තෙම - දෙවිමිනිසුන් සහිත වූ මහණබමුණන් සහිත ප්‍රජාව, ඇතුළු බුදුනුවණෙහි පවතී. තිමි - තිමිඞ්ගල පටන් යම් මස් - කැසුබු කෙනෙක් වෙත් නම්, ඔහු යම් සේ ඇතුළු මහමුහුදෙහි හැසිරෙත් ද, එසෙයින් මරුන් බඹුන් සහිත වූ සදේවක ලෝක තෙමේ - ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත සදෙවමනුෂ්‍යප්‍රජාව ඇතුළු බුදුනුවණෙහි පවතී. යම්සේ වීනතා පුත් ගුරුළුරජහු පටන් යම් කිසි පක්‍ෂි කෙනෙක් වෙත් නම්, ඔහු අහසැ පෙදෙසෙකැ හැසිරෙත්ද, එසෙයින් මැ යම් කෙනෙක් නුවණින් සැරියුත් තෙරුන් සම වූවාහු නම්, ඔවුහු ද බුද්ධඥානයාගේ පෙදෙසෙක පවත්නා හුය. බුද්ධඥානය දෙවිමිනිසුන්ගේ ප්‍රඥාව පැතිරැ මැඩගෙනැ සිටී. නිපුණ වූ කළ පරවාද ඇති වල්විදුනා දුනුවායන් බඳු ප්‍රසිද්ධ වූ යම් ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ - ගෘහපති - ශ්‍රමණපණ්ඩිත කෙනෙක් ප්‍රඥාවෙන් දෘෂ්ටිගතයන් බිඳිමින් මෙන් හැසිරෙත් නම් ඔහු ගුඪ වූ ද ප්‍රතිච්ඡන්න වූ ද බොහෝ ප්‍රශ්න රචනා කොට බුදුන් වෙත පැමිණ විචාරත් ද, භාග්‍යවතුන් විසින් ඒ ප්‍රශ්නයෝ සකාරණ ව කියන ලද්දාහු විසඳන ලද්දාහු මැ වෙත්. ඔවුහු භාග්‍යවතුන්ගේ ශ්‍රාවක බවට (උපාසක බවට හෝ) පැමිණියාහු මැ වෙත්. යළි බුදුහු මැ එහි ප්‍රඥාවෙන් අතිශයින් ප්‍රකාශ වෙත් නුයි මෙසේ බුදුහු පැනැසිනු දු ‘විවටචක්ඛු’ වූහ.

කථං භගවා බුද‍්ධචක‍්ඛුනාපි විවටචක‍්ඛු? භගවා බුද‍්ධචක‍්ඛුනා ලොකං ඔලොකෙන‍්තො අද‍්දස සත‍්තෙ අප‍්පරජක‍්ඛෙ මහාරජක‍්ඛෙ තික‍්ඛින්‍ද්‍රියෙ මුදින්‍ද්‍රියෙ ස‍්වාකාරෙ ද‍්වාකාරෙ සුවිඤ‍්ඤාපයෙ දුවිඤ‍්ඤාපයෙ, අප‍්පෙකච‍්චෙ පරලොකවජ‍්ජභයදස‍්සාවිනො විහරන‍්තෙ, අප‍්පෙකච‍්චෙ න පරලොකවජ‍්ජභයදස‍්සාවිනො විහරන‍්තෙ. සෙය්‍යථාපි නාම උප‍්පලිනියං වා පදුමිනියං වා පුණ‍්ඩරීකිනියං වා අප‍්පෙකච‍්චානි උප‍්පලානි වා පදුමානි වා පුණ‍්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද‍්ධානි උදකා අනුග‍්ගතානි අන‍්තොනිමුග‍්ගපොසීනි, අප‍්පෙකච‍්චානි උප‍්පලානි වා පදුමානි වා පුණ‍්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද‍්ධානි සමොදකං ඨිතානි, අප‍්පෙකච‍්චානි උප‍්පලානි වා පදුමානි වා පුණ‍්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද‍්ධානි උදකා අච‍්චුග‍්ගම‍්ම තිට‍්ඨන‍්ති අනුපලිත‍්තානි උදකෙන, එවමෙවං භගවා බුද‍්ධචක‍්ඛුනා ලොකං ඔලොකෙන‍්තො අද‍්දස සත‍්තෙ අප‍්පරජක‍්ඛෙ මහාරජක‍්ඛෙ තික‍්ඛින්‍ද්‍රියෙ මුදින්‍ද්‍රියෙ ස‍්වාකාරෙ ද‍්වාකාරෙ සුවිඤ‍්ඤාපයෙ දුවිඤ‍්ඤාපයෙ, අප‍්පෙකච‍්චෙ පරලොකවජ‍්ජභයදස‍්සාවිනො විහරන‍්තෙ, අප‍්පෙකච‍්චෙ න පරලොකවජ‍්ජභයදස‍්සාවිනො විහරන‍්තෙ.

කිසෙයින් බුදුහු බුදුඇසිනු දු ‘විවටචක්ඛු’ වූහ යත්: බුදුහු බුදුඇසින් ලොව බලන සේක් (නුවණැස්හි) අල්ප වූ (රාගාදි) කෙලෙස්රජස් ඇති මහත් වූ කෙලෙස්රජස් ඇති තියුණු වූ (ශ්‍රද්ධාදි) ඉඳුරන් ඇති මෘදු වූ ඉඳුරන් ඇති (ශ්‍රද්ධාදි) සුන්දරාකාර ඇති ගර්හිත වූ (අශ්‍රද්ධාදි) ආකාර ඇති සුවිඥාප්‍ය වූ දුර්විඥාප්‍ය වූ සත්ත්‍වයන්, ඇතැම් කෙනකුන් පරලොව හා වද්‍යයන් භයවශයෙන් දක්නා සුලු වැ වසනුවන්, ඇතැම් කෙනකුන් පරලොව හා වද්‍යයන් භයවශයෙන් දක්නා සුලු වැ නො වසනුවන් දුටු සේක. යම්සේ උපුල්විලකැ හෝ පියුම්විලකැ හෝ නෙළුඹුවිලකැ හෝ ඇතැම් උපුල් පියුම් හෝ නෙළුම් දියෙහි හටගත්තාහු දියෙහි වැඩුණාහු දියෙන් නො නැඟුණාහු ඇතුළත ගැලී පොහොනි වූවාහු ද, ඇතැම් උපුල් පියුම් හෝ නෙළුම් දියෙහි හටගත්තාහු දියෙහි වැඩුණාහු දිය හා සම වැ සිටියාහු ද, ඇතැම් උපුල් හෝ පියුම් හෝ නෙළුම් හෝ දියෙහි හටගත්තාහු දියෙහි වැඩුණාහු දියෙන් උඩට නැගී දිය හා නො වැකුණාහු සිටිත් ද, එසෙයින් ම බුදුහු බුදුඇසින් ලොව බලන සේක් අල්පරජස්ක වූ ද මහාරජස්ක වූ ද තියුණු ඉඳුරන් ඇත්තාවූ ද මෘදු ඉඳුරන් ඇත්තාවූ ද සුන්දරාකාර වූ ද ගර්හිතාකාර වූ ද සුවිඥාප්‍ය වූ ද දුර්විඥාප්‍ය වූ ද සත්ත්‍වයන්, පරලෝකයෙහිත් වද්‍යයෙහිත් භය දක්නාසුලු වැ වසනුවන්, ඇතැම් කෙනකුන් පරලෝක වද්‍යයෙහි භය දක්නාසුලු වැ නො වසනුවන් දුටු සේක.

ජානාති භගවා අයං පුග‍්ගලො රාගචරිතො, අයං දොසචරිතො, අයං මොහචරිතො, අයං විතක‍්කචරිතො, අයං සද‍්ධාචරිතො, අයං ඤාණචරිතොති. රාගචරිතස‍්ස භගවා පුග‍්ගලස‍්ස අසුභකථං කථෙති. දොසචරිතස‍්ස භගවා පුග‍්ගලස‍්ස මෙත‍්තාභාවනං ආචික‍්ඛති. මොහචරිතං භගවා පුග‍්ගලං උද‍්දෙසෙ පරිපුච‍්ඡාය කාලෙන ධම‍්මසවනෙ කාලෙන ධම‍්මසාකච‍්ඡාය ගරුසංවාසෙ නිවෙසෙති. විතක‍්කචරිතස‍්ස භගවා පුග‍්ගලස‍්ස ආනාපානසතිං ආචික‍්ඛති සද‍්ධාචරිතස‍්ස භගවා පුග‍්ගලස‍්ස පසාදනීයං නිමිත‍්තං ආචික‍්ඛති බුද‍්ධසුබොධිං ධම‍්මසුධම‍්මතං සඞ‍්ඝසුප‍්පටිපත‍්තිං සීලානි ච අත‍්තනො. ඤාණචරිතස‍්ස භගවා පුග‍්ගලස‍්ස ආචික‍්ඛති විපස‍්සනානිමිත‍්තං අනිච‍්චාකාරං දුක‍්ඛාකාරං අනත‍්තාකාරං.

‘මේ පුද්ගල තෙම රාගචරිතයෙක, මේ ද්වෙෂචරිතයෙක, මේ මොහචරිතයෙක, මේ විතර්‍කචරිතයෙක, මේ ශ්‍රද්ධාචරිතයෙක, මේ ඥානචරිතයෙකැ’ යි බුදුහු දැනගන්නා සේක. බුදුහු රාග බහුල පුද්ගලයාහට අශුභකථාව වදාරති. ද්වෙෂබහුල පුද්ගලයාහට බුදුහු මෛත්‍රීභාවනාව පවසති. බුදුහු මෝහ බහුල පුද්ගලයා උදෙසීමෙහි ද පරිපෘච්ඡා (- අටුවා) යෙහි කලෙක (-සුදුසු කල්හි) ධර්‍මශ්‍රවණයෙහි ද කලෙක ධර්‍මසාකච්ඡාවෙන් ගුරුන් ඇසුරු කිරීමෙහි ද (ඇදුරන් වෙත) සිටුවන සේක. බුදුහු විතර්‍ක බහුල පුද්ගලයාහට ආනාපානසතිය දෙසන සේක. ශ්‍රද්ධා බහුල පුද්ගලයාට බුදුහු ප්‍රසාද උපදවන සූත්‍රයක් ද බුදුන්ගේ බුදධත්ත්‍වප්‍රතිවෙධය ද ධර්‍මය ස්වාඛ්‍යාත බව ද සඞ්ඝයා සුප්‍රතිපන්න බව ද තමා සතු ශීලයන් ද පවසන සේක. ඥානචරිත පුද්ගලයාහට බුදුහු (උදයව්‍යයාදි) විදර්‍ශනානිමිත්ත වූ අනිත්‍යාකාරය දුඃඛාකාරය අනාත්මාකාරය පවසන සේකි.

1. “සෙලෙ යථා පබ‍්බතමුද‍්ධනිට‍්ඨිතො යථාපි පස‍්සෙ ජනතං සමන‍්තතො. තථූපමං ධම‍්මමයං සුමෙධ, පාසාදමාරුය‍්හ සමන‍්තචක‍්ඛු, සොකාවතිණ‍්ණං ජනතමපෙතසොකො අවෙක‍්ඛස‍්සු ජාතිජරාභිභූත”න‍්ති.

1. යම්සේ සෙල්මුවා පව්වක් මත සිටි යේ මැ (ඇස් ඇති පුරුෂයෙක්) හාත්පස ජනතාව බලන්නේ ද, එසෙයින් ඔබ ද සුන්‍දර ප්‍රඥා ඇති සමන්තචක්‍ෂුස් වූ භාග්‍යවත්නි, දහම්මුවා පහයට නැඟී (තුමූ) පහවූ ශෝක ඇත්තහු ශෝකයට බල ජාතිජරායෙන් මඩනා ලද ජනතාව බලනු මැනැවැ’ යි.

එවං භගවා බුද‍්ධචක‍්ඛුනාපි විවටචක‍්ඛු.

මෙසේ බුදුහු බුදුඇසිනුදු ‘විවටචක්ඛු’ වූහ.

කථං භගවා සමන‍්තචක‍්ඛුනාපි විවටචක‍්ඛු? සමන‍්තචක‍්ඛු වුච‍්චති සබ‍්බඤ‍්ඤුතඤාණං; භගවා සබ‍්බඤ‍්ඤුතඤාණෙන උපෙතො සමුපෙතො උපගතො සමුපගතො උපපන‍්නො සම‍්පන‍්නො සමන‍්නාගතො.

කිසෙයින් බුදුහු සමන්තාත් චක්‍ෂුසිනු දු ‘විවටචක්ඛු’ වූහ යත්: ‘සමන්ත චක්ඛු’ යි සර්‍වඥතාඥානය කියනු ලැබෙයි. බුදුහු සර්‍වඥතාඥානයෙන් උපෙතයහ, සමුපෙතයහ, උපගතයහ, සමූපගතයහ, නො වෙන් වූහ, පරිපූර්‍ණයහ සමන්‍විත වූහු.

2. “න තස‍්ස අද‍්දිට‍්ඨමිධත්‍ථි කිඤ‍්චි අථො අවිඤ‍්ඤාතමජානිතබ‍්බං, සබ‍්බං අභිඤ‍්ඤාසි යදත්‍ථි ඤෙය්‍යං තථාගතො තෙන සමන‍්තචක‍්ඛූ”ති.

2. ඒ තථාගතයන් විසින් මේ ත්‍රෛධාතුකලෝකයෙහි (මෙ කල හෝ පැනැසින් නුදුටු කිසිවක් නැත, යළි (අතීත වූ) නො දත් කිසිවක් නැත, (අනාගත වූ) නො දැනෙන කිසි (ධර්‍මජාතයෙකු) දු නැත. දතයුතු වූ යම් ධර්‍මජාතයෙක් වේ නම් ඒ සියල්ල අවබෝධ කළහ. එහෙයින් තථාගතයෝ ‘සමන්තචක්ඛු’ වූහ.

එවං භගවා සමන‍්තචක‍්ඛුනාපි විවටචක‍්ඛූති - අකිත‍්තයී විවටචක‍්ඛු.

මෙසේ බුදුහු සර්‍වඥතාඥානයෙනු දු ‘විවටචක්ඛු’ වූවාහු නුයි ‘අකිත්තයී විවටචක්ඛු’ යනු වේ.

සක‍්ඛිධම‍්මං පරිස‍්සයවිනයන‍්ති - ‘සක‍්ඛිධම‍්ම’න‍්ති න ඉතිහිතිහං න ඉතිකිරාය න පරම‍්පරාය න පිටකසම‍්පදාය න තක‍්කහෙතු න නයහෙතු න ආකාරපරිවිතක‍්කෙන න දිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්තියා සාමං සයමභිඤ‍්ඤාතං අත‍්තපච‍්චක‍්ඛං ධම‍්මන‍්ති සක‍්ඛිධම‍්මං.

සක්ඛිධම්මං පරිස්සයවිනයං - ‘සක්ඛිධම්මං’ යනු: ‘මෙසේ මෙසේ වී ලැ’යි නො වැ, ‘තෙල මෙසේ ලැ’ යි නො වැ, පරම්පරාකථාවෙනු දු නො වැ. ‘පිටක සම්ප්‍රදාය හා සම වේ යැ’ යි නො වැ, තර්‍කහේතුවෙනු දු නො වැ, නයග්‍රහණයෙනු දු නො වැ, (‘මේ සොඳුරු යැ’ යි ) කරුණු සැලකීමෙනු දු නො වැ ‘අපට රුචි වූ දෘෂ්ටිය හා සම වේ යැ’ යි නො වැ, තෙමේ මැ තමා විසින් නුවණින් අවබෝධ කළ, තමා විසින් ප්‍රත්‍යවේක්‍ෂා කළ ධර්‍මය නුයි ‘සක්ඛිධම්මං’ යනු වේ.

පරිස‍්සයවිනයන‍්ති ‘පරිස‍්සයා’ති ද‍්වෙ පරිස‍්සයා: පාකටපරිස‍්සයා ච පටිච‍්ඡන‍්නපරිස‍්සයා ච.

පරිස්සයවිනයං - පරිස්සය යනු: ප්‍රකට උපද්‍රවයෝ ද, ප්‍රතිච්ඡන්න උපද්‍රවයෝ දැයි පරිශ්‍රය දෙකෙකි:

කතමෙ පාකටපරිස‍්සයා? සීහා ව්‍යග‍්ඝා දීපී අච‍්ඡා තරච‍්ඡා කොකා මහිසා හත්‍ථි අහී විච‍්ඡිකා සතපදී චොරා වා අස‍්සු මානවා වා කතකම‍්මා වා අකතකම‍්මා වා, චක‍්ඛුරොගො සොතරොගො ඝානරොගො ජිව‍්හාරොගො කායරොගො සීසරොගො කණ‍්ණරොගො මුඛරොගො දන‍්තරොගො කාසො සාසො පිනාසො ඩහො ජරො කුච‍්ඡිරොගො මුච‍්ඡා පක‍්ඛන්‍දිකා සූලා විසූචිකා කුට‍්ඨං ගණ‍්ඩො කිලාසො සොසො අපමාරො, දද‍්දු කණ‍්ඩු කච‍්ඡු රඛසා විතච‍්ඡිකා ලොහිතපිත‍්තං මධුමෙහො අංසා පිළකා භගන්‍දලා, පිත‍්තසමුට‍්ඨානා ආබාධා, සෙම‍්හසමුට‍්ඨානා ආබාධා, වාතසමුට‍්ඨානා ආබාධා, සන‍්නිපාතිකා ආබාධා, උතුපරිණාමජා ආබාධා විසමපරිහාරජා ආබාධා, ඔපක‍්කමිකා ආබාධා, කම‍්මවිපාකජා ආබාධා, සීතං උණ‍්හං ජිඝච‍්ඡා පිපාසා උච‍්චාරො පස‍්සාවො, ඩංසමකසවාතාතපසිරිංසපසම‍්ඵස‍්සා ඉති වා, ඉමෙ වුච‍්චන‍්ති පාකටපරිස‍්සයා.

ප්‍රකට උපද්‍රවයෝ කවරහ යත්: සිහ යැ වග යැ දිවි යැ වලස් යැ තරස් යැ වෘක යැ මහිෂ යැ ඇත් යැ අහි යැ නුහුසු යැ කළ සොරකම් ඇති හෝ නැති හෝ සොරු හෝ සහැසියෝ හෝ වන්නාහුය. චක්‍ෂුරොග යැ ශ්‍රෝත්‍රරෝග යැ ඝ්‍රාණරොග යැ ජිහ්වාරෝග යැ කායරොග යැ ශීර්‍ෂරොග යැ මුඛරොග යැ දන්තරෝග යැ කාශ යැ ශ්වාස යැ පීනස යැ දාහ යැ ජව ර යැ කුක්‍ෂිරොග යැ මුර්ඡා යැ ලොහිතාතීසාර යැ ආමශූල යැ මහාවිරේචන යැ කුෂ්ට යැ ගණ්ඩ යැ කබර යැ ක්‍ෂයරොග යැ වස්මර යැ දද යැ කණ්ඩුති යැ මහාකුෂ්ට යැ නියහිරි යැ අතුල් පතුල් පැළීම යැ රත්පිත යැ මධුමේහ යැ අර්ශස් යැ පොළ යැ භගන්‍දරා යැ පිතින් උපදනා රෝග යැ සෙමින් උපදනා රෝග යැ වයින් උපදනා රෝග යැ තුන්දොසින් උපදනා රෝග යැ, ඍතු විපර්‍ය්‍යාසයෙන් උපදනා රෝග යැ විෂම පැවැත්මෙන් උපදනා රෝග යැ උපක්‍රමයෙන් හටගන්නා රෝග යැ කර්‍මවිපාකයෙන් හටගන්නා රෝග යැ, ශීත - උෂ්ණ - සා - පවස් - මල - මූ යැ, මැසි - මදුරු - වා - අව් - දික්දැපහස් යැ යන මොහු හෝ යි. මොහු ප්‍රකට උපද්‍රවයෝ යැයි කියනු ලැබෙත්.

කතමෙ පටිච‍්ඡන‍්නපරිස‍්සයා? කායදුච‍්චරිතං වචීදුච‍්චරිතං මනොදුච‍්චරිතං, කාමච‍්ඡන්‍දනීවරණං ව්‍යාපාදනීවරණං ථීනමිද‍්ධනීවරණං උද‍්ධච‍්චකුක‍්කුච‍්චනීවරණං විචිකිච‍්ඡානීවරණං, රාගො දොසො මොහො කොධො උපනාහො මක‍්ඛො පළාසො ඉස‍්සා මච‍්ඡරියං මායා සාඨෙය්‍යං ථම‍්භො සාරම‍්භො මානො අතිමානො මදො පමාදො සබ‍්බෙ කිලෙසා සබ‍්බානි දුච‍්චරිතානි සබ‍්බෙ දරථා සබ‍්බෙ පරිළාහා සබ‍්බෙ සන‍්තාපා සබ‍්බාකුසලාභිසඞ‍්ඛාරා. ඉමෙ වුච‍්චන‍්ති පටිච‍්ඡන‍්නපරිස‍්සයා.

ප්‍රතිච්ඡන්න උපද්‍රවයෝ කවරහ යත්: කායදුශ්චරිත යැ වාග්දුශ්චරිත යැ මනෝදුශ්චරිත යැ, කාමච්ඡන්‍දනීවරණ යැ ව්‍යාපාදනීවරණ යැ ථීනමිද්ධනීවරණ යැ උද්ධච්චකුක්කුච්චනීවරණ යැ විචිකිච්ඡානීවරණ යැ, රාග යැ ද්වේෂ යැ මෝහ යැ ක්‍රෝධ යැ බද්ධවෛර යැ මකුබව යැ යුගග්‍රාහ යැ ඊර්‍ෂ්‍යා යැ මාත්සර්‍ය්‍ය යැ මායා යැ ශාඨ්‍ය යැ ස්තබ්ධ යැ කරණුත්තරියකරණ යැ මාන යැ අතිමාන යැ මද යැ ප්‍රමාද යැ, සියලු ක්ලේශයෝ යැ, සියලු දුශ්චරිතයෝ යැ, සියලු දරථයෝ යැ, සියලු පරිදාහයෝ යැ, සිලු සන්තාපයෝ යැ සියලු අකුශලාභිසංස්කාරයෝ යැ, යන මොහු ප්‍රතිච්ඡන්න උපද්‍රවයෝ යැයි කියනු ලැබෙත්.

පරිස‍්සයාති - කෙනට‍්ඨෙන පරිස‍්සයා? පරිසහන‍්තීති පරිස‍්සයා, පරිහානාය සංවත‍්තන‍්තීති පරිස‍්සයා, තත්‍රාසයාති පරිස‍්සයා. කථං පරිසහන‍්තීති පරිස‍්සයා? තෙ පරිස‍්සයා තං පුග‍්ගලං සහන‍්ති පරිසහන‍්ති අභිභවන‍්ති අජ‍්ඣොත්‍ථරන‍්ති පරියාදියන‍්ති මද‍්දන‍්ති. එවං පරිසහන‍්තීති පරිස‍්සයා. කථං පරිහානාය සංවත‍්තන‍්තීති පරිස‍්සයා? තෙ පරිස‍්සයා කුසලානං ධම‍්මානං අන‍්තරායාය පරිහානාය සංවත‍්තන‍්ති. කතමෙසං කුසලානං ධම‍්මානං? සම‍්මාපටිපදාය අනුලොමපටිපදාය අප‍්පච‍්චනිකපටිපදාය අන්‍වත්‍ථපටිපදාය ධම‍්මානුධම‍්මපටිපදාය සීලෙසු පරිපූරකාරිතාය ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරතාය භොජනෙසු මත‍්තඤ‍්ඤුතාය ජාගරියානුයොගස‍්ස සතිසම‍්පජඤ‍්ඤස‍්ස, චතුන‍්නං සතිපට‍්ඨානානං භාවනානුයොගස‍්ස, චතුන‍්නං සම‍්මප‍්පධානානං - චතුන‍්නං ඉද‍්ධිපාදානං - පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං - පඤ‍්චන‍්නං බලානං - සත‍්තන‍්නං බොජ‍්ඣඞ‍්ගානං - අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස භාවනානුයොගස‍්ස. ඉමෙසං කුසලානං ධම‍්මානං අන‍්තරායාය පරිහානාය සංවත‍්තන‍්ති. එවම‍්පි පරිහානාය සංවත‍්තන‍්තීති පරිස‍්සයා.

පරිස්සයා යනු: කවර අරුතෙකින් පරිශ්‍රය වූවාහු ද යත්: පරිසහනය කෙරෙත් නුයි පරිශ්‍රයයෝ යැ, පරිහාණයට වැටෙත් නුයි පරිශ්‍රයයෝ යැ එහි වෙසෙත් නුයි පරිශ්‍රයයෝ යි. කිසෙයින් පරිසහනය කෙරෙත් නුයි පරිශ්‍රය වූහ යත්? ඒ උපද්‍රවයෝ ඒ පුඟුල්හු සහනය කෙරෙති, හාත්පසින් සහනය කෙරෙති, අභිභවනය කෙරෙති, යටපත් කෙරෙති, හාත්පසින් අල්වාගනිති, මර්දනය කෙරෙත්. මෙසෙයින් පරිසහනය කෙරෙත් නුයි පරිශ්‍රය නම් වෙත්. කිසෙයින් පරිහාණයට වැටෙත් නුයි පරිශ්‍රය වූහ යත්? ඒ උපද්‍රවයෝ කුශලධර්‍මයන්ගේ අන්තරාය පිණිස පිරිහීම පිණිස පවත්නාහුය. කවර කුශලධර්‍මයන්ගේ ද යත්? සම්‍යක්ප්‍රතිපත්තිය අනුලොමප්‍රතිපත්තිය අවිරුද්ධප්‍රතිපත්තිය අනවර්‍තථප්‍රතිපත්තිය ධර්‍මානුධර්‍මප්‍රතිපත්තිය ප්‍රාතිමොක්‍ෂසීලයෙහි පරිපූරකාරිත්‍වය ඉන්‍ද්‍රියයන්හි ගොපිනද්වාර ඇතිබව භෝජනයෙහි මාත්‍රඥ බව නිදි දුරුකිරීමෙහි යෙදීම ස්මෘතිසම්ප්‍රඥානය, සතර සීවටන් භාවනාවෙයි යෙදීම සතර සම්‍යක්ප්‍රධානය සතර ඍද්ධිපාදය පඤ්චේන්‍ද්‍රියය පඤ්චබලය සප්ත බෝධ්‍යඞ්ගය ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය (යන මොවුන්ගේ) භාවනාවෙහි යෙදීම - (යන) මේ කුශලධර්‍මයන් ගේ අන්තරාය පිණිස පිරිහීම පිණිස පවතිත්. මෙසේත් පරිහාණයට වැටෙත් නුයි පරිශ්‍රය නම් වෙත්.

කථං තත්‍රාසයාති පරිස‍්සයා: තත්‍ථෙතෙ පාපකා අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති අත‍්තභාවසන‍්නිස‍්සයා. යථා බිලෙ බිලාසයා පාණා සයන‍්ති, දකෙ දකාසයා පාණා සයන‍්ති, වනෙ වනාසයා පාණා සයන‍්ති, රුක‍්ඛෙ රුක‍්ඛාසයා පාණා සයන‍්ති, එවමෙවං තත්‍ථෙතෙ පාපකා අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති අත‍්තභාවසන‍්නිස‍්සයාති. එවම‍්පි තත්‍රාසයාති පරිස‍්සයා.

කිසෙයින් එහි වෙසෙත් නුයි පරිශ්‍රය වූහ යත්: ඒ ආත්මභාවයෙහි තෙල ලාමක අකුශලධර්‍මයෝ ආත්මභාවය ඇසුරු කොට උපදිත්. යම්සේ බිලයෙහි බිලාශ්‍රය ප්‍රාණීහු හොවිත් ද, දියෙහි ජලාශ්‍රය ප්‍රාණීහු හොවිත් ද, වෙනෙහි වනාශ්‍රය ප්‍රාණීහු හොවිත් ද, රුකෙහි වෘක්‍ෂාශ්‍රය ප්‍රාණීහු හොවිත් ද, එසෙයින් ම ඒ අත්බවෙහි තෙල ලාමක අකුශලධර්‍මයෝ ආත්මභාවය ඇසුරු කොට උපදිත් නුයි මෙසේත් එහි වෙසෙත් නුයි පරිශ්‍රය නම් වෙත්.

වුත‍්තඤ‍්හෙතං භගවතා:

මේ වදාරන ලද මැයි බුදුන් විසින්:

“සාන‍්තෙවාසිකො භික‍්ඛවෙ, භික‍්ඛු සාචරියකො දුක‍්ඛං න ඵාසු විහරති. කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු සාන‍්තෙවාසිකො සාචරියකො දුක‍්ඛං න ඵාසු විහරති? ඉධ භික‍්ඛවෙ, භික‍්ඛුනො චක‍්ඛුනා රූපං දිස‍්වා උප‍්පජ‍්ජන‍්ති පාපකා අකුසලා ධම‍්මා සරසඞ‍්කප‍්පා සඤ‍්ඤොජනියා, ත්‍යාස‍්ස අන‍්තො වසන‍්ති අන්‍වාස‍්සවසන‍්ති පාපකා අකුසලා ධම‍්මාති, තස‍්මා සාන‍්තෙවාසිකොති වුච‍්චති. තෙ නං සමුදාචරන‍්ති, සමුදාචරන‍්ති නං පාපකා අකුසලා ධම‍්මාති, තස‍්මා සාචරියකොති වුච‍්චති. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛුනො සොතෙන සද‍්දං සුත්‍වා - ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා - ජිව‍්හාය රසං සායිත්‍වා - කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා - මනසා ධම‍්මං විඤ‍්ඤාය උප‍්පජ‍්ජන‍්ති පාපකා අකුසලා ධම‍්මා සරසඞ‍්කප‍්පා සඤ‍්ඤොජනියා. ත්‍යාස‍්ස අන‍්තො වසන‍්ති, අන්‍වාස‍්ස වසන‍්ති පාපකා අකුසලා ධම‍්මාති, තස‍්මා සාන‍්තෙවාසිකොති වුච‍්චති. තෙ නං සමුදාචරන‍්ති, සමුදාචරන‍්ති නං පාපකා අකුසලා ධම‍්මාති, තස‍්මා සාචරියකොති වුච‍්චති. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු සාන‍්තෙවාසිකො සාචරියකො දුක‍්ඛං න ඵාසු විහරතී”ති. එවම‍්පි තත්‍රාසයාති පරිස‍්සයා.

“මහණෙනි, සාන්තේවාසික වූ (- අන්තේවාසික කෙලෙස් සමග වසන ) සාචාර්‍ය්‍යක වූ (- සමුදාචරණ කෙලෙස් සමග වසන) මහණ තෙමේ දුකසේ නො සුවසේ වෙසෙයි. මහණෙනි, කිසෙයින් සාන්තේවාසික වූ සාචාර්‍ය්‍යක වූ මහණ දුකසේ නො සුවසේ වෙසෙයි යත්: ‘මහණෙනි, මෙහි මහණක් හට ඇසින් රූපයක් දැක, (නොයෙක් අරමුණෙහි හැසිරීම් වශයෙන් උපන්) සඞ්කල්පනා ඇති සංයෝජනයන්ට හිත වූ ලාමක අකුශලධර්‍ම කෙනෙක් උපදනාහු නම්, ඒ ලාමක අකුශලධර්‍මයෝ ඔහුගේ සිත තුළ වෙසෙති, ඔහුගේ සන්තානය අනුව ගොස් වෙසෙත් නුයි එහෙයින් සාන්තේවාසික යී කියනු ලැබෙයි. ඒ ලාමක අකුශලධර්‍මයෝ ඔහු කෙරෙහි නිරතුරු හැසිරෙති, ඔහු හෝ හසුරුවත් නුයි එහෙයින් ’සාචරියක’ යී කියනු ලැබේ. තවද මහණෙනි, මහණක්හට කනින් ශබ්දයක් අසා නැහැයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණය කොට - දිවින් රසයක් විඳ - කයින් පහසක් පැහැස - මනසින් දහමක් දැන අරමුණෙහි හැසිරීමෙන් උපන් සඞ්කල්පනා ඇති සංයෝජනයන්ට හිත වූ ලාමක අකුශලධර්‍ම කෙනෙක් උපදනාහු නම් ඒ ලාමක අකුශලධර්‍මයෝ ඔහුගේ සිත තුළ වෙසෙති, ඔහුගේ සන්තානය අනුව ගොස් වෙසෙත් නුයි එහෙයින් ‘සාන්තේවාසික’ යි කියනු ලැබෙයි. ඒ ලාමක අකුශලධර්‍මයෝ ඔහු කෙරෙහි හැසිරෙති. ඔහු හෝ හසුරුවත් නුයි එහෙයින් ‘සාචරියක’ යයි කියනු ලැබේ. මෙසේත් මහණෙනි, සාන්තේවාසික වූ සාචරියක වූ මහණ දුකසේ නො සුවසේ වෙසේ යයි. මෙසේත් එහි වෙසෙත් නුයි පරිශ්‍රය වෙත්.

වුත‍්තඤ‍්හෙතං භගවතා;

වදාරන ලද මැය බුදුන් විසින්:

“තයො’මෙ භික‍්ඛවෙ අන‍්තරා මලා අන‍්තරා අමිත‍්තා අන‍්තරා සපත‍්තා අන‍්තරා වධකා අන‍්තරා පච‍්චත්‍ථිකා. කතමෙ තයො? ලොභො භික‍්ඛවෙ, අන‍්තරාමලං අන‍්තරාමිත‍්තො අන‍්තරාසපත‍්තො අන‍්තරාවධකො අන‍්තරාපච‍්චත්‍ථිකො. දොසො භික‍්ඛවෙ - මොහො භික‍්ඛවෙ අන‍්තරාමලං අන‍්තරාමිත‍්තො අන‍්තරාසපත‍්තො අන‍්තරාවධකො අන‍්තරාපච‍්චත්‍ථිකො. ඉමෙ ඛො භික‍්ඛවෙ, තයො අන‍්තරා මලා අන‍්තරා මිත‍්තා අන‍්තරා සපත‍්තා අන‍්තරා වධකා අන‍්තරා පච‍්චත්‍ථිකාති.

“මහණෙනි, මේ ඇතුළත මලයෝ ඇතුළත අමිත්‍රයෝ ඇතුළත සතුරෝ ඇතුළත වධකයෝ ඇතුළත පසමිතුරෝ තිදෙනෙක් වෙති. කවර තිදෙනෙක් ද යත්: මහණෙනි, ලෝභය ඇතුළත මල යැ ඇතුළත අමිත්‍ර යැ ඇතුළත සතුරු යැ ඇතුළත වධක යැ ඇතුළත පසමිතුරු යි. මහණෙනි, ද්වේෂය - මහණෙනි, මෝහය අන්තර්මල යැ අන්තරමිත්‍ර යැ අන්තර් සපත්න යැ අන්තර් වධක යැ අන්තර් ප්‍රත්‍යනීක යි. මහණෙනි, මොහු තිදෙන අන්තර් මලයෝ යැ අන්තරමිත්‍රයෝ යැ අන්තර් සපත්නයෝ යැ අන්තර් වධකයෝ යැ අන්තර් ප්‍රත්‍යනීකයෝ යැ” යි.

3. අනත්‍ථජනනො ලොභො ලොභො චිත‍්තප‍්පකොපනො, භයමන‍්තරතො ජාතං තං ජනො නාවබුජ‍්ඣති.

3. ලෝභය අනර්‍තථ උපදවන්නේ යැ. ලෝභය (කුසල්) සිත වළහන්නේ යැ. අභ්‍යන්තරයෙහි උපන් භයෙකැ. බාලජන තෙමේ එය නොදනී.

4. ලුද‍්ධො අත්‍ථං න ජානාති ලුද‍්ධො ධම‍්මං න පස‍්සති, අන්‍ධන‍්තමං තදා හොති යං ලොභො සහතෙ නරං.

4. ලෝභී තෙමේ (ලොවී - ලොවුතුරා) අර්‍ත්‍ථය නො දනී. ලුබ්ධ තෙමේ දහම් නො දකී. යම් හෙයකින් ලෝභය තෙමේ මිනිසා අභිභවා ද එකල්හි බහලාන්‍ධකාරය වේ.

5. අනත්‍ථජනනො දොසො දොසො චිත‍්තප‍්පකොපනො, භයමන‍්තරතො ජාතං තං ජනො නාවබුජ‍්ඣති.

5. ද්වේෂය අනර්‍තථජනක යැ. ද්වේෂය කුසල් සිත වළහන්නේ යැ. ඇතුළත උපන් භයෙකැ. බාලජන තෙමේ එය නො දැනගනී.

6. කුද‍්ධො අත්‍ථං න ජානාති කුද‍්ධො ධම‍්මං න පස‍්සති, අන්‍ධන‍්තමං තදා හොති යං කොධො සහතෙ නරං.

6. කිපියේ අර්‍ත්‍ථය නො මැ දනී. කිපියේ අනර්‍තථහේතුව නො දකී. යම් හෙයකින් ක්‍රෝධය මිනිසා අභිභවා ද එකල්හි බහලාන්‍ධකාරය වේ.

7. අනත්‍ථජනනො මොහො මොහො චිත‍්තප‍්පකොපනො, භයමන‍්තරතො ජාතං තං ජනො නාවබුජ‍්ඣති.

7. මෝහය අනර්‍තථජනක යැ. මෝහය කුසල්සිත වළහන්නේ යැ. සිත තුළ උපන් භයෙකැ. බාලජන තෙමේ එය අවබෝධ නො කෙරේ.

8. මූළ‍්හො අත්‍ථං න ජානාති මූළ‍්හො ධම‍්මං න පස‍්සති, අන්‍ධන‍්තමං තදා හොති යං මොහො සහතෙ නර”න‍්ති.

8. මූඪ වූයේ ලෞකික - ලෝකොත්තරාර්‍තථය නො දනී. මූඪ තෙමේ අනර්‍තථහේතුව නො දකී. යම් හෙයකින් මෝහය තෙමේ මිනිසා අභිභවා ද එකල්හි බහල වූ මෝහාන්‍ධකාරය වේ යයි.

එවම‍්පි තත්‍රාසයාති පරිස‍්සයා.

මෙසේත් තත්‍රාශය නුයි පරිශ්‍රයයෝ යි.

වුත‍්තං හෙතං භගවතා’

මේ වදාරන ලද මැය බුදුන් විසින්:

“තයො ඛො’මෙ මහාරාජ, පුරිසස‍්ස ධම‍්මා අජ‍්ඣත‍්තං උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජන‍්ති අහිතාය දුක‍්ඛාය අඵාසුවිහාරාය. කතමෙ තයො: ලොභො ඛො මහාරාජ, පුරිසස‍්ස ධම‍්මො අජ‍්ඣත‍්තං උප‍්පජ‍්ජමානො උප‍්පජ‍්ජති අහිතාය දුක‍්ඛාය අඵාසුවිහාරාය, දොසො ඛො මහාරාජ - මොහො ඛො මහාරාජ, පුරිසස‍්ස ධම‍්මො අජ‍්ඣත‍්තං උප‍්පජ‍්ජමානො උප‍්පජ‍්ජති අහිතාය දුක‍්ඛාය අඵාසුවිහාරාය. ඉමෙ ඛො මහාරාජ තයො පුරිසස‍්ස ධම‍්මා අජ‍්ඣත‍්තං උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජන‍්ති අහිතාය දුක‍්ඛාය අඵාසුවිහාරාය.

“මහරජ, මේ ධර්‍මයෝ තිදෙනෙක් පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදනාහු අහිත පිණිස දුක් පිණිස නො සුවසේ වාසය පිණිස උපදනාහුය. කවර තිදෙනෙක් ද යත්: මහරජ, ලෝභය පුරුෂයාගේ සිත තුළ උපදනේ අහිතට දුකට නො සුවවිහරණයට උපදී. මහරජ, ද්වේෂය … මහරජ, මෝහය පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදනේ අහිතට දුකට අඵාසුවිහරණයට උපදී. මහරජ, මේ තුන් ධර්‍මයෝ පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදනාහු අහිතට දුකට අඵාසුවිහරණයට උපදනාහු” යි.

9. “ලොභො දොසො ච මොහො ච පුරිසං පාපචෙතසං, හිංසන‍්ති අත‍්තසම‍්භූතා තචසාරං ‘ව සම‍්ඵල”න‍්ති

9. ලෝභය ද ද්වේෂය ද මෝහය ද තම සිත තුළ උපන්නාහු ස්වකීය ඵලය හුණගස සෙයින් පව්සිත් ඇති මිනිසා වනසත්.

එවම‍්පි තත්‍රාසයාති පරිස‍්සයා.

මෙසේත් තත්‍රාශය නුයි පරිශ්‍රය නම් වෙත්.

වුත‍්තඤ‍්හෙතං භගවතා:

මේ වදාරන ලද මැයි බුදුන් විසින්:

10. “රාගො ච දොසො ච ඉතොනිදානා අරතී රතී ලොමහංසා ඉතොජා, ඉතො සමුට‍්ඨාය මනොවිතක‍්කා කුමාරකා ධඞ‍්කමිවොස‍්සජන‍්තී”ති.

10. රාගයත් ද්වේෂයත් මේ ආත්මභාවය නිදාන කොට ඇත්තාහුය. අරතිය රතිය හා රොමහර්‍ෂයෝ මේ අත්බවින් උපන්නාහ. පාපවිතර්‍කයෝ මේ අත්බවින් ඉපිද කුමරහු හුයින් පා බැඳි කවුඩක්හු සෙයින් හැරපියත්.

එවම‍්පි තත්‍රාසයාති පරිස‍්සයා.

මෙසේත් තත්‍රාශය නුයි පරිශ්‍රය නම් වෙත්.

පරිස‍්සය විනයන‍්ති - පරිස‍්සයවිනයං පරිස‍්සයපහානං පරිස‍්සයවූපසමං පරිස‍්සයපටිනිස‍්සග‍්ගං පරිස‍්සයපටිප‍්පස‍්සද‍්ධිං අමතං නිබ‍්බානන‍්ති - සක‍්ඛිධම‍්මං පරිස‍්සයවිනයං.

පරිස්සයවිනයං - උපද්‍රවප්‍රහාණය උපද්‍රව සන්හිඳීම උපද්‍රව හැරැපීම උපද්‍රව දුරැලීම වූ අමාමහ නිවන නුයි ‘සක්ඛිධම්මං පරිස්සයවිනයං’ යනු වේ.

පටිපදං වදෙහි භද‍්දන‍්තෙති - පටිපදං වදෙහි සම‍්මාපටිපදං අනුලොමපටිපදං අපච‍්චනීකපටිපදං අන්‍වත්‍ථපටිපදං ධම‍්මානුධම‍්මපටිපදං සීලෙසු පරිපූරකාරිතං ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරතං භොජනෙ මත‍්තඤ‍්ඤුතං ජාගරියානුයොගං සතිසම‍්පජඤ‍්ඤං චත‍්තාරො සතිපට‍්ඨානෙ චත‍්තාරො සම‍්මප‍්පධානෙ චත‍්තාරො ඉද‍්ධිපාදෙ පඤ‍්චින්‍ද්‍රියානි පඤ‍්ච බලානි සත‍්තබොජ‍්ඣඞ‍්ගෙ අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං නිබ‍්බානඤ‍්ච නිබ‍්බානගාමිනිඤ‍්ච පටිපදං; වදෙහි ආචික‍්ඛ දෙසෙහි පඤ‍්ඤපෙහි පට‍්ඨපෙහි විවර විභජ උත‍්තානීකරොහි පකාසෙහීති - පටිපදං වදෙහි; භද‍්දන‍්තෙති සො නිම‍්මිතො බුද‍්ධං භගවන‍්තං ආලපති. අථවා, යං ත්‍වං ධම‍්මං ආචික‍්ඛි දෙසෙසි පඤ‍්ඤපෙසි පට‍්ඨපෙසි විවරි විභජි උත‍්තානීඅකාසි පකාසෙසි, සබ‍්බං තං සුන්‍දරං භද‍්දකං කල්‍යාණං අනවජ‍්ජං සෙවිතබ‍්බන‍්ති - පටිපදං වදෙහි භද‍්දන‍්තෙ.

පටිපදං වදෙහි භද්දන්තෙ - ප්‍රතිපත්තිය වදාළ මැනැව, සම්‍යක් ප්‍රතිපත්තිය අනුලොමප්‍රතිපත්තිය අවිරුද්ධප්‍රතිපත්තිය අනවර්‍තථප්‍රතිපත්තිය ධර්‍මානුධර්‍මප්‍රතිපත්තිය ප්‍රාතිමෝක්‍ෂශීලයෙහි පරිපූරකාරිත්‍වය ඉන්‍ද්‍රියයන්හි ගොපිතද්වාරතාව භෝජනයෙහි මාත්‍රඥතාව ජාගර්‍ය්‍යානුයෝගය ස්මෘතිසම්ප්‍රජන්‍යය සතර සතිපට්ඨාන සතර සම්‍යක්ප්‍රධාන සතර ඍද්ධිපාද පඤ්චේන්‍ද්‍රිය පඤ්ච බල සප්ත බෝධ්‍යඞ්ග ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය හා නිර්‍වාණය ද නිර්‍වාණගාමිනීප්‍රතිපත්තිය ද, වදෙහි - පැවසුව මැනව, දෙසුව මැනව, පැනවුව මැනව, තැබුව මැනව, විවෘත කළ මැනව, විභාග කළ මැනව, ප්‍රකට කළ මැනව, ප්‍රකාශ කළ මැනවැ යි ‘පටිපදං වදෙහි’ යනු වේ. භද්දන්තෙ යනු ඒ නිර්මිත බුදුහු භාග්‍යවත් බුදුන් ආමන්ත්‍රණය කෙරෙති. නොහොත් නුඹ වහන්සේ යම් දහමක් පැවසූහු ද පැනවූහු ද තැබූහු ද විවෘත කළහු ද විභාග කළහු ද ප්‍රකට කළහු ද දෙසූහු ද, ඒ සියල්ල සුන්‍දර යැ භද්‍ර යැ කල්‍යාණ යැ අනවද්‍ය යැ සේවිතව්‍ය නුයි ‘පටිපදං වදෙහි භද්දන්තෙ’ යනු වේ.

පාතිමොක‍්ඛමථවාපි සමාධින‍්ති - පාතිමොක‍්ඛන‍්ති: සීලං පතිට‍්ඨා ආදි චරණං සංයමො සංවරො මුඛං පමුඛං කුසලානං ධම‍්මානං සමාපත‍්තියා. අථවාපි සමාධින‍්ති යා චිත‍්තස‍්ස ඨිති සණ‍්ඨිති අවට‍්ඨිති අවිසාහාරො අවික‍්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්‍ද්‍රියං සමාධිබලං සම‍්මාසමාධීති. - පාතිමොක‍්ඛමථවාපි සමාධිං.

පාතිමොක්ඛමථවාපි සමාධිං ‘පාතිමෝක්ඛං’ යනු: කුශලධර්‍මයන්ගේ සමාපත්තියට ( - ලැබීමට) ශීලය ප්‍රතිෂ්ඨා යැ ආදි යැ පාද යැ සංයම යැ සංවර යැ ද්වාර යැ ප්‍රමුඛ යි. අථවාපි සමාධිං - සිත (අරමුණෙහි නිශ්චලව) යම් සිටීමෙක් මොනවට සිටීමෙක් බැසගෙන සිටීමෙක් (උද්ධච්ච - විචිකිච්ඡා වසයෙන්) චිත්තයාගේ නො පැතිරීමෙක් සිත නො විසිරීමෙක් චිත්තයාගේ නො පැතුරුණු බවෙක් සමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක්සමාධියෙක් නුයි ‘පාතිමොක්ඛමථවාපි සමාධිං’ යනු වේ.

තෙනාහ සො නිම‍්මිතො:

එයින් කීහ ඒ නිර්මිත බුදුහු:

“අකිත‍්තයී විවටචක‍්ඛු - සක‍්ඛිධම‍්මං පරිස‍්සයවිනයං, පටිපදං වදෙහි භද‍්දන‍්තෙ - පාතිමොක‍්ඛමථවාපි සමාධි”න‍්ති.

“අකිත්තයි විවටචක්ඛු -පෙ- පාතිමොක්ඛමථවාපි සමාධිං” යී.