14. 6
14. 6.
14. 6.
මජ්ඣෙ යථා සමුද්දස්ස ඌමි නො ජායති ඨිතො හොති, එවං ඨිතො අනෙජස‍්ස උස‍්සදං භික්ඛු න කරෙය්‍ය කුහිඤ‍්චි.
මහාසාගරයාගේ (යොදුන් සාරදහසක් පමණ වූ) මධ්‍යභාගයෙහි යම් සේ රළ නො හටගනී ද, (නිශ්චල ව) සිටියේ වේ ද, එසෙයින් තෘෂ්ණා රහිත වූ ක්‍ෂීණාස්‍රව තෙම (අටලෝදහමින් නො සැලී) සිටියේ වන්නේ ය. එබඳු මහණ කිසිවෙක්හි (රාගාදි) උස්සදයක් නො කරන්නේ යි.
මජ‍්ඣෙ යථා සමුද්දස්ස ඌමි නො ජායති ඨිතො හොතීති - සමුද‍්දො චතුරාසීතියොජනසහස‍්සානි උබ‍්බෙධෙන ගම‍්භීරො. හෙට‍්ඨා චත‍්තාරීසයොජනසහස‍්සානි උදකං මච‍්ඡකච‍්ඡපෙහි කම‍්පති. උපරි චත‍්තාරීසසංයොජනසහස‍්සානි උදකං වාතෙහි කම‍්පති. මජ‍්ඣෙ චත‍්තාරි යොජනසහස‍්සානි උදකං න කම‍්පති න විකම‍්පති න චලති න වෙධති නප‍්පවෙධති න සම‍්පවෙධති අනෙරිතො අඝට‍්ටිතො අචලිතො අලුලිතො අභන‍්තො වූපසන‍්තො. තත්‍ර ඌමි නො ජායති ඨිතො හොති සමුද‍්දොති. එවම‍්පි යථා සමුද්දස්ස ඌමි නො ජායති ඨිතො හොති. අථවා සත‍්තන‍්නං පබ‍්බතානං අන‍්තරිකාසු සත‍්ත සීදන‍්තරා මහාසමුද‍්දා, තත්‍ර උදකං න කම‍්පති, න විකම‍්පති න චලති න වෙධති නප‍්පවෙධති න සම‍්පවෙධති. අනෙරිතො අඝට‍්ටිතො අචලිතො අලුලිතො අභන‍්තො වූපසන‍්තො. තත්‍ර ඌමි නො ජායති ඨිතො හොති සමුද‍්දොති. එවම‍්පි - මජ‍්ඣෙ යථා සමුද්දස්ස ඌමි නො ජායති ඨිතො හොති.
මජ්ඣෙ යථා සමුද්දස්ස ඌමි නො ජායති ඨිතො හොති - සමුද්‍රය යට පත්ලෙන් සූවාසුදහසක් යොදුන් ගැඹුරු යැ. යටින් සතලිස්දහසක් යොදුන් ජලය මස්කැස්බන්ගෙන් කම්පා වෙයි. මත්තෙහි සතලිස්දහසක් යොදුන් දිය වාතයෙන් කම්පා වෙයි. මැද සාරදහසක් යොදුන් දිය නො සැලෙයි, ඔබිනොබ නො සැලෙයි, නිශ්චල වෙයි, නො වෙවුලයි, නො පෙරැළෙයි, නො කැරැකෙයි, කම්පා නො වූයේ නො ගැටුණේ නො සැලුණේ නො කැලැඹුණේ නො කැරැකුණේ සන්හිඳුණේ වෙයි. එහි රළ නූපදී, සමුද්‍රය සිටියේ වේ නුයි මෙසේත් ‘මජ්ඣෙ යථා සමුද්දස්ස ඌමි නො ජායති ඨිතො හොති’ යනු වේ. නොහොත් (යුගන්‍ධරාදි) සත් පර්‍වයතයන් අතරැ සප්ත සීදන්තර මහාසමුද්‍රයෝ වෙති, එහි දිය කම්පන විකම්පන නො වෙයි, නො සැලෙයි, නො වෙවුලයි, නො පෙරැළෙයි, නො කැරැකෙයි. කම්පා නො වූයේ නො ගැටුණේ නො සැලුණේ නො කැලැඹුණේ නො බැමුණේ සන්හිඳුණේ වෙයි, එහි රළ නූපදී, සමුද්‍රය සිටියේ වේ නුයි මෙසේත් ‘මජ්ඣෙ යථා සමුද්දස්ස ඌමි නො ජායති ඨිතො හොති’ යනු වේ.
එවං ඨිතො අනෙජස‍්සාති - ‘එව’න‍්ති ඔපම‍්මසම‍්පටිපාදනං; ඨිතොති ලාභෙපි න කම‍්පති, අලාභෙපි න කම‍්පති, යසෙපි න කම‍්පති, අයසෙපි න කම‍්පති, පසංසායපි න කම‍්පති, නින්‍දායපි න කම‍්පති, සුඛෙපි න කම‍්පති, දුක‍්ඛෙපි න කම‍්පති, න විකම‍්පති, න චලති, න වෙධති, නප‍්පවෙධති, න සම‍්පවෙධතීති එවං ඨිතො, අනෙජස‍්සාති ‘එජා’ වුච‍්චති තණ‍්හා, යො රාගො සාරාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලං. යස‍්සෙසා එජා තණ‍්හා පහීනා උච‍්ඡින‍්නා සමුච‍්ඡින‍්නා වූපසන‍්තා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තිකා, ඤාණග‍්ගිනා දඩ‍්ඪා, සො වුච‍්චති අනෙජො. එජාය පහීනත‍්තා අනෙජො. සො ලාභෙපි න ඉඤ‍්ජති, අලාභෙපි න ඉඤ‍්ජති, යසෙපි න ඉඤ‍්ජති, අයසෙපි න ඉඤ‍්ජති, පසංසායපි න ඉඤ‍්ජති, නින්‍දායපි න ඉඤ‍්ජති, සුඛෙපි න ඉඤ‍්ජති, දුක‍්ඛෙපි න ඉඤ‍්ජති, න චලති න වෙධති නප‍්පවෙධති න සම‍්පවෙධතීති - එවං ඨිතො අනෙජස්ස.
එවං ඨිතො අනෙජස්ස - ‘එවං’ යනු ඖපම්‍යසම්ප්‍රතිපාදන යැ, ඨිතො යනු: ලාභයෙහි දු නො සැලෙයි, අලාභයෙහිදු නො සැලෙයි, යශස්හි දු නො සැලෙයි, අයශස්හි දු නො සැලෙයි, ප්‍රශංසායෙහි දු නො සැලෙයි නින්‍දායෙහි දු නො සැලෙයි, සුවයෙහි දු නො සැලෙයි, දුකෙහි දු නො සැලෙයි, ඔබිනොබැ නොසැලෙයි, නිශ්චල වෙයි, නො වෙවුලයි, නො පෙරැළෙයි, පරිභ්‍රම නො වේ නුයි මෙසේ සිටියේ; අනෙජස්ස යනු: ‘එජා’ යී තෘෂ්ණාව කියනු ලබයි. යම් රාගයෙක් සංරාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එයයි. යමක්හු විසින් තෙල එජාව තෘෂ්ණාව ප්‍රහීණ කරන ලද්දී මුලුසුන් කරන ලද්දී සන්හිඳුවන ලද්දී දුරලන ලද්දී අභව්‍යොත්පත්තික වූවා නුවණගින්නෙන් දවන ලද්දී ද, හේ ‘අනෙජ’ යයි කියනු ලැබේ. එජාව ප්‍රහීණ බැවින් ‘අනෙජ’ යී. හේ ලාභයෙහි දු නො සැලෙයි, අලාභයෙහි දු - යශස්හි දු - අයශස්හි දු - ප්‍රශංසායෙහි දු - නින්‍දායෙහි දු - සුවයෙහි දු - දුකෙහි දු නො සැලෙයි, නිශ්චල වෙයි, නො වෙවුලයි, ඔබිනොබැ නො වෙවුලයි, නො පෙරැළේ නුයි ‘එවං ඨිතො අනෙජස්ස’ යනු වේ.
උස‍්සදං භික්ඛු න කරෙය්‍ය කුහිඤ‍්චීති - ‘උස‍්සදා’ති සත‍්තුස‍්සදා: රාගුස‍්සදං දොසුස‍්සදං මොහුස‍්සදං මානුස‍්සදං දිට‍්ඨුස‍්සදං කිලෙසුස‍්සදං කම‍්මුස‍්සදං න කරෙය්‍ය න ජනෙය්‍ය න සඤ‍්ජනෙය්‍ය න නිබ‍්බත‍්තෙය්‍ය නාභිනිබ‍්බත‍්තෙය්‍ය; කුහිඤ‍්චීති කුඤ‍්චි කිස‍්මිඤ‍්චි කත්‍ථචි අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා අජ‍්ඣත‍්තබහිද‍්ධා වාති - උස‍්සදං භික්ඛු න කරෙය්‍ය කුහිඤ‍්චි.
උස්සදං භික්ඛු න කරෙය්‍ය කුහිඤ්චි - ‘උස්සද’ යනු: උත්සද සතෙකි; රාගොත්සදය ද්වෙෂොත්සදය මොහොත්සදය මානොත්දය දෘෂ්ට්‍යුත්සදය ක්ලෙශොත්දය කර්‍මොත්සය නො කරන්නේ ය. නො පහළ කරන්නේ ය. කුහිඤ්චි යනු: කිසිවෙක්හි කිසි තැනෙක්හි කවර තැනෙක්හි අධ්‍යාත්මයෙහි හෝ බාහ්‍යයෙහි හෝ අධ්‍යාත්මබාහ්‍යයෙහි හෝ නුයි ‘උස්සදං භික්ඛු න කරෙය්‍ය කුහිඤ්චි’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“මජ‍්ඣෙ යථා සමුද්දස්ස ඌමි නො ජායති ඨිතො හොති, එවං ඨිතො අනෙජස‍්ස උස‍්සදං භික්ඛු න කරෙය්‍ය කුහිඤ‍්චී”ති.
“මජ්ඣෙ යථා සමුද්දස්ස -පෙ- උස්සදං භික්ඛු න කරෙය්‍ය කුහිඤ්චි” යී.