යෙදුමෙන් කියවන්න

14. 5

14. 5.

14. 5.

“අජ‍්ඣත‍්තමෙව උපසමෙ නාඤ‍්ඤතො භික‍්ඛු සන‍්තිමෙසෙය්‍ය, අජ‍්ඣත‍්තං උපසන‍්තස‍්ස නත්‍ථි අත‍්තා කුතො නිරත‍්තා වා.”

මහණ තෙමේ අධ්‍යාත්මයෙහි ම (රාගාදිය) සන්හිඳුවන්නේය. අන්‍ය වූ අශුද්ධිමාර්‍ගයෙන් ශාන්තිය නො සොයන්නේය. අධ්‍යාත්මයෙහි (රාගාදිය) සන්හිඳුණු (ක්‍ෂීණාස්‍රවහට) ආත්මදෘෂ්ටිය නැත. උච්ඡේදදෘෂ්ටිය හෝ කොයින් ද?

අජ‍්ඣත‍්තමෙව උපසමෙති - අජ‍්ඣත‍්තං රාගං සමෙය්‍ය, දොසං සමෙය්‍ය, මොහං සමෙය්‍ය, කොධං උපනාහං මක‍්ඛං පළාසං ඉස‍්සං මච‍්ඡරියං මායං සාඨෙය්‍යං ථම‍්භං සාරම‍්භං මානං අතිමානං මදං පමාදං සබ‍්බෙ කිලෙසෙ සබ‍්බෙ දුච‍්චරිතෙ සබ‍්බෙ දරථෙ සබ‍්බෙ පරිළාහෙ සබ‍්බෙ සන‍්තාපෙ සබ‍්බාකුසලාභිසඞ‍්ඛාරෙ සමෙය්‍ය උපසමෙය්‍ය වූපසමෙය්‍ය නිබ‍්බාපෙය්‍ය පටිප‍්පස‍්සම‍්භෙය්‍යාති - අජ‍්ඣත‍්තමෙව උපසමෙ.

අජ්ඣත්තමෙව උපසමෙ - අධ්‍යාත්මයෙහි රාගය සන්හිඳුවන්නේ ය, ද්වේෂය සන්හිඳුවන්නේ ය, මෝහය සන්හිඳුවන්නේ ය, ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පලාසය - ඊර්‍ෂ්‍යාව - මාත්සර්‍ය්‍යය - මායාව - සාඨ්‍යය - ස්තම්භය - සාරම්භය - මානය - අතිමානය - මදය - ප්‍රමාදය - සියලු ක්ලේශයන් - සියලු දුශ්චරිතයන් - සියලු දරථයන් - සියලු පරිදාහයන් - සියලු සන්තාපයන් -සියලු අකුශලාභිසංස්කාරයන් ශමනය කරන්නේය, ව්‍යුපශමනය කරන්නේය, නිවන්නේ ය, දුරලන්නේ නුයි ‘අජ්ඣත්තමෙව උපසමෙ’ යනු වේ.

නාඤ‍්ඤතො භික‍්ඛු සන‍්තිමෙසෙය්‍යාති - අඤ‍්ඤතො අසුද‍්ධිමග‍්ගෙන මිච‍්ඡාපටිපදාය අනිය්‍යානපථෙන අඤ‍්ඤත්‍ර සතිපට‍්ඨානෙහි අඤ‍්ඤත්‍ර සම‍්මප‍්පධානෙහි අඤ‍්ඤත්‍ර ඉද‍්ධිපාදෙහි අඤ‍්ඤත්‍ර ඉන්‍ද්‍රියෙහි අඤ‍්ඤත්‍ර බලෙහි අඤ‍්ඤත්‍ර බොජ‍්ඣඞ‍්ගෙහි අඤ‍්ඤත්‍ර අරියා අට‍්ඨඞ‍්ගිකා මග‍්ගා සන‍්තිං උපසන‍්තිං වූපසන‍්තිං නිබ‍්බුතිං පටිප‍්පස‍්සද‍්ධිං න එසෙය්‍ය න ගවෙසෙය්‍ය න පරියෙසෙය්‍යාති - නාඤ‍්ඤතො භික‍්ඛු සන‍්තිමෙසෙය්‍ය.

නාඤ්ඤතො භික්ඛු සන්තිමෙසෙය්‍ය - (සතිපට්ඨානාදියෙන්) අන්‍ය වූ අශුද්ධිමාර්‍ගයෙන් මිත්‍ථ්‍යාප්‍රතිපදායෙන් අනෛර්‍ය්‍යාණිකපථයෙන්, සතිපට්ඨානයන්ගෙන් වෙන් ව සම්‍යක්ප්‍රධානයන්ගෙන් වෙන් ව ඍද්ධිපාදයන්ගෙන් වෙන් ව ඉන්‍ද්‍රියයන්ගෙන් වෙන් ව බලයන්ගෙන් වෙන් ව බෝධ්‍යඞ්ගයන් ගෙන් වෙන් ව ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයෙන් වෙන් ව ශාන්තිය උපශාන්තිය ව්‍යුපශාන්තිය නිවන පටිප්පස්සද්ධිය නො සොයන්නේ ය, ගවේෂණය නො කරන්නේය, පර්‍ය්‍යෙෂණය නො කරන්නේ යි ‘නාඤ්ඤතො භික්ඛු සන්තිමෙසෙය්‍ය’ යනු වේ.

අජ‍්ඣත‍්තං උපසන‍්තස‍්සාති - අජ‍්ඣත‍්තං රාගං සන‍්තස‍්ස දොසං සන‍්තස‍්ස මොහං සන‍්තස‍්ස -පෙ- සබ‍්බාකුසලාභිසඞ‍්ඛාරෙ සන‍්තස‍්ස උපසන‍්තස‍්ස වූපසන‍්තස‍්ස නිබ‍්බුතස‍්ස පටිප‍්පස‍්සද‍්ධස‍්සාති - අජ‍්ඣත‍්තං උපසන‍්තස‍්ස.

අජ්ඣත්තං උපසන්තස්ස - අධ්‍යාත්මයෙහි රාගය සන්හුන්නහුට ද්වේෂය සන්හුන්නහුට මෝහය සන්හුන්නහුට … සියලු අකුශලාභිසංස්කාරයන් සන්හුන්නහුට උපශාන්ත වූවහුට ව්‍යුපශාන්ත වූවහුට නිවුණහුට දුරලුවහුට නුයි ‘අජ්ඣත්තං උපසන්තස්ස’ යනු වේ.

නත්‍ථි අත‍්තා කුතො නිරත‍්තා වාති - ‘නත්‍ථි’ති පටික‍්ඛෙපො. අත‍්තාති අත‍්තදිට‍්ඨි නත්‍ථි, නිරත‍්තාති උච‍්ඡෙදදිට‍්ඨි නත්‍ථි, අත‍්තාති ගහිතං නත්‍ථි, නිරත‍්තාති මුඤ‍්චිතබ‍්බං නත්‍ථි. යස‍්සත්‍ථි ගහිතං තස‍්සත්‍ථි මුඤ‍්චිතබ‍්බං, යස‍්ස නත්‍ථි මුඤ‍්චිතබ‍්බං තස‍්ස නත්‍ථි ගහිතං, ගාහමුඤ‍්චනසමතික‍්කන‍්තො අරහා වුද‍්ධිපරිහානිං වීතිවත‍්තො. සො වුත්‍ථවාසො චිණ‍්ණචරණො -පෙ- ජාතිමරණසංසාරො නත්‍ථි තස‍්ස පුනබ‍්භවොති - නත්‍ථි අත‍්තා කුතො නිරත‍්තා වා.

නත්‍ථි අත්තා කුතො නිරත්තා වා - ‘නත්‍ථි’ යනු ප්‍රතික්‍ෂේප යැ; අත්තා යනු: ආත්මදෘෂ්ටිය නැත. නිරත්තා යනු : උච්ඡේදදෘෂ්ටිය නැත. ‘ආත්ම යැ’ යි ගන්නා ලද්දක් නැත, ‘නිරාත්ම යැ’ යි හළ යුත්තක් නැත. යමකුට ගන්නා ලද්දක් ඇත් නම් ඔහුට හළයුත්තකු දු ඇත, යමකුට හළයුත්තක් නැත් නම් ඔහුට ගතයුත්තකු දු නැත. රහත් තෙම ගැනීම ද හැරීම ද ඉක්මවූයේ ය, වෘද්ධිය ද හානිය ද ඉක්මවා සිටියේ ය. හෙතෙම වැස නිම වූ දශ ආර්‍ය්‍යවාස ඇත්තේ ය. වසඟ කළ චරණධර්‍ම ඇත්තේ ය … ඔහුට ජාතිමරණසංසාරය පුනර්‍භවය නැත් නුයි ‘නත්‍ථි අත්තා කුතො නිරත්තා වා’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“අජ‍්ඣත‍්තමෙව උපසමෙ නාඤ‍්ඤතො භික‍්ඛු සන‍්තිමෙසෙය්‍ය, අජ‍්ඣත‍්තං උපසන‍්තස‍්ස නත්‍ථි අත‍්තා කුතො නිරත‍්තා වා”ති.

“අජ්ඣත්තමෙව උපසමෙ -පෙ- කුතො නිරත්තා වා” යී.