15. 1
15. 1.
15. 1.
අත්තදණ්ඩා භයං ජාතං ජනං පස්සථ මෙධගං, සංවෙගං කිත‍්තයිස‍්සාමි යථා සංවිජිතං මයා.
ආත්මදණ්ඩය (-තමාගේ කායාදි දුශ්චරිතය) හේතු කොටගෙන දෘෂ්ටධාර්මිකාදි භය උපන. (එසේ කල්හි) ප්‍රතිවිරුද්ධ වූ ජනයා බලවු. මා විසින් යම්සේ (තමා මැ තම හට) සංවේග උපදවන ලද ද, (එපරිද්දෙන්) සංවේගය ප්‍රකාශ කරන්නෙමි.
අත‍්තදණ‍්ඩා භයං ජාතන‍්ති - ‘දණ‍්ඩා’ති තයො දණ‍්ඩා: කායදණ‍්ඩො වචීදණ‍්ඩෙ මනොදණ‍්ඩො. තිවිධං කායදුච‍්චරිතං කායදණ‍්ඩො. චතුබ‍්බිධං වචීදුච‍්චරිතං වචීදණ‍්ඩො, තිවිධං මනොදුච‍්චරිතං මනොදණ‍්ඩො. භයන‍්ති ද‍්වෙ භයානි: දිට‍්ඨධම‍්මිකඤ‍්ච භයං සම‍්පරායිකඤ‍්ච භයං. කතමං දිට‍්ඨධම‍්මිකං භයං? ඉධෙකච‍්චො කායෙන දුච‍්චරිතං චරති, වාචාය දුච‍්චරිතං චරති, මනසා දුච‍්චරිතං චරති. පාණම‍්පි හන‍්ති, අදින‍්නම‍්පි ආදියති, සන්‍ධිම‍්පි ඡින්‍දති, නිල‍්ලොපම‍්පි හරති, එකාගාරිකම‍්පි කරොති, පරිපන්‍ථෙපි තිට‍්ඨති, පරදාරම‍්පි ගච‍්ඡති, මුසාපි භණති. තමෙනං ගහෙත්‍වා රඤ‍්ඤො දස‍්සෙන‍්ති: ‘අයං දෙව’ චොරො ආගුචාරී. ඉමස‍්ස යං ඉච‍්ඡති, තං දණ‍්ඩං පණෙහීති. තමෙනං රාජා පරිභාසති. සො පරිභාසපච‍්චයා භයං උප‍්පාදෙති, දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. එතං භයං දුක‍්ඛං දොමනස‍්සං කුතො තස‍්ස: අත‍්තදණ‍්ඩතො ජාතං සඤ‍්ජාතං නිබ‍්බත‍්තං අභිනිබ‍්බත‍්තං පාතුභූතං. එත‍්තකෙනපි රාජා න තුස‍්සති. තමෙනං රාජා බන්‍ධාපෙති අන්‍දුබන්‍ධනෙන වා රජ‍්ජුබන්‍ධනෙන වා සඞ‍්ඛලිකබන්‍ධනෙන වා වෙත‍්තබන්‍ධනෙන වා ලතාබන්‍ධනෙන වා පක‍්ඛෙපබන්‍ධනෙන වා පරික‍්ඛෙපබන්‍ධනෙන වා ගාමබන්‍ධනෙන වා නිගමබන්‍ධනෙන වා නගරබන්‍ධනෙන වා රට‍්ඨබන්‍ධනෙන වා ජනපදබන්‍ධනෙන වා අන‍්තමසො සවචනීයම‍්පි කරොති ‘න තෙ ලබ‍්භා ඉතො පක‍්කමිතු’න‍්ති. සො බන්‍ධනපච‍්චයාපි දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. එවං භයං දුක‍්ඛං දොමනස‍්සං කුතො තස‍්ස: අත‍්තදණ‍්ඩතො ජාතං සඤ‍්ජාතං නිබ‍්බත‍්තං අභිනිබ‍්බත‍්තං පාතුභූතං. එත‍්තකෙනපි රාජා න තුස‍්සති. රාජා තස‍්ස ධනං ආහරාපෙති: සතං වා සහස‍්සං වා සතසහස‍්සං වා. සො ධනජානිපච‍්චයාපි දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. එතං භයං දුක‍්ඛං දොමනස‍්සං කුතො තස‍්ස: අත‍්තදණ‍්ඩතො ජාතං සඤ‍්ජාතං නිබ‍්බත‍්තං අභිනිබ‍්බත‍්තං පාතුභූතං. එත‍්තකෙනපි රාජා න තුස‍්සති. තමෙනං රාජා විවිධා කම‍්මකාරණා කාරාපෙති:
අත්තදණ්ඩා භයං ජාතං - ‘දණ්ඩා’ යනු: දණ්ඩයෝ තිදෙනෙකි: කායදණ්ඩ යැ, වාග්දණ්ඩ යැ, මනොදණ්ඩ යැයි. ත්‍රිවිධ කායදුශ්චරිතය කායදණ්ඩ යැ, චතුර්විධ වාග්දුශ්චරිතය වාග්දණ්ඩ යැ, ත්‍රිවිධ මනෝදුශ්චරිතය මනොදණ්ඩ යි. භයං යනු: භය දෙකෙකි: දෘෂ්ටධාර්මිකභය යැ සාම්පරායිකභය යි. දෘෂ්ටධාර්මිකභය කවරැ යත්: මෙලොවැ කිසිවෙක් කයින් දුශ්චරිතයෙහි හැසිරෙයි, වචනයෙන් දුශ්චරිතයෙහි හැසිරෙයි, සිතින් දුශ්චරිතයෙහි හැසිරෙයි, ප්‍රාණවධ දු කෙරෙයි, නුදුන් දෙය ද ගනී, ගෘහසන්‍ධි දු සිඳී, ගම් පැහැරීම ද ගෙවල් පැහැරීම ද මං පැහැරීම ද කෙරෙයි, පරඹුන් කරා ද යෙයි, මුසවා ද බෙණේ. ඒ තුලුහු අල්වාගෙන ‘දේවයිනි, මේ අපරාධකාරී සොරෙක, මොහුට යමක් කැමැති නම් ඒ දඬුවම් පැණවුව මැනැවැ’ යි රජුට දක්වති. රජ ඔහුට පරිභව බෙණෙයි. හෙතෙම පරිභව හේතුවෙන් බිය උපදවයි, දුක් දොම්නස් විඳී. තෙල බිය දුක් දොම්නස් ඔහුට කොයිනැ යත්: ආත්මදණ්ඩයෙන් (- තම පවින්) උපන හටගත නිපන වෙසෙසින් නිපන පහළ වී. මෙතෙකිනුදු රජ නො සතුටු වෙයි. රජ ඒ තුලුහු සිරබැඳුමෙන් හෝ රැහැන් බැඳුමෙන් හෝ හැකිලි බැඳුමෙන් හෝ වේවැල් බැඳුමෙන් හෝ ලතාබන්‍ධනයෙන් හෝ ප්‍රක්‍ෂෙපබන්‍ධනයෙන් හෝ පරික්‍ෂෙපබන්‍ධනයෙන් හෝ ග්‍රාමබන්‍ධනයෙන් හෝ නිගමබන්‍ධනයෙන් හෝ නගරබන්‍ධනයෙන් හෝ රාෂ්ට්‍රබන්‍ධනයෙන් හෝ ජනපදබන්‍ධනයෙන් හෝ බන්දවයි, යටත් පිරිසෙයින් ‘තට මෙයින් බැහැර යන්නට නො ලැබේ’ යයි (පළිබෝධ සඳහා) කියැයුතු ද කෙරෙයි. හෙතෙම බන්‍ධන හේතුවෙන් ද දුක් දොම්නස් විඳී. තෙල බිය දුක් දොම්නස් ඔහුට කොයිනැ යත්: ආත්මදණ්ඩයෙන් උපන හටගත නිපන වෙසෙසින් නිපන පහළ විය. තෙල පමණෙකිනු දු රජ නො සතුටු වෙයි. රජ ඔහුගේ ධනය සියයක් හෝ දහසක් හෝ සියදහසක් හෝ ගෙන්වා ගනී. හෙතෙම ධනහානිය හේතු කොටගෙන ද දුක් දොම්නස් විඳී. තෙල බිය දුක් දොම්නස් ඔහුට කොයිනැ යත්: ආත්මදණ්ඩයෙන් උපන, හටගත නිපන වෙසෙසින් නිපන පහළ විය. මෙතෙකිනු දු රජ නො සතුටු වෙයි. රජ ඔහුට විවිධ කම්කටොලු කරවයි.
කසාහිපි තාළෙති වෙත‍්තෙහිපි තාළෙති. අද‍්ධදණ‍්ඩකෙහිපි තාළෙති. හත්‍ථම‍්පි ඡින්‍දති. පාදම‍්පි ඡින්‍දති. හත්‍ථපාදම‍්පි ඡින්‍දති. කණ‍්ණම‍්පි ඡින්‍දති. නාසම‍්පි ඡින්‍දති. කණ‍්ණනාසම‍්පි ඡින්‍දති. බිලඞ‍්ගථාලිකම‍්පි කරොති. සඞ‍්ඛමුණ‍්ඩිකම‍්පි කරොති. රාහුමුඛම‍්පි කරොති. ජොතිමාලිකම‍්පි කරොති හත්‍ථපජ‍්ජොතිකම‍්පි කරොති. එරකවත‍්තිකම‍්පි කරොති. චීරකවාසිකම‍්පි කරොති. එණෙය්‍යකම‍්පි කරොති. බලිසමංසිකම‍්පි කරොති. කහාපණිකම‍්පි කරොති. ඛාරාපතච‍්ඡිකම‍්පි කරොති. පලිඝපරිවත‍්තිකම‍්පි කරොති පලාලපිට‍්ඨිකම‍්පි කරොති. තත‍්තෙනපි තෙලෙන ඔසිඤ‍්චති. සුනඛෙහිපි ඛාදාපෙති. ජීවන‍්තම‍්පි සූලෙ උත‍්තාසෙති. අසිනාපි සීසං ඡින්‍දති. සො කම‍්මකාරණපච‍්චයාපි. දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. එතං භයං දුක‍්ඛං දොමනස‍්සං කුතො තස‍්ස? අත‍්තදණ‍්ඩතො ජාතං සඤ‍්ජාතං නිබ‍්බත‍්තං අභිනිබ‍්බත‍්තං පාතුභූතං. රාජා ඉමෙසං චතුණ‍්ණං දණ‍්ඩානං ඉස‍්සරො.
කසයෙනු දු තළවයි, වේවැලිනු දු තළවයි, අඩදඬියෙනු දු තළවයි, අත ද සිඳී, පය ද සිඳී, අත්පා ද සිඳී, කන ද සිඳී, නැහැය ද සිඳී, කන්නාසා ද සිඳී, බිලඞ්ගථාලික කම්කටොලු දු කෙරෙයි, සක්මුඬු දු කෙරෙයි, රාහුමුඛ කම්කටොලු ද කෙරෙයි, ජෝතිමාලික කම්කටොලු ද කෙරෙයි, හත්‍ථපජ්ජෝතික කම්කටොලු දු කෙරෙයි, එරුවතු කම්කටොලු දු කෙරෙයි, තිහිරිවත් කම්කටොලු දු කෙරෙයි එණෙය්‍යක කම්කටොලු දු කෙරෙයි, බිලියෙන් සම්මස්නහර ද උපුටයි, කහවණුවම් ද කෙරෙයි, කාරමු දු ගල්වයි, පරිඝපරිවර්තන කම්කටොලු ද කෙරෙයි පලාලපිට්ඨික කම්කටොලු ද කෙරෙයි, රත්කළ තෙලු දු ඉසී, ශුනකයන් ලවා ද කවයි, දිවස්හුල ද හිඳුවයි, කඩුවෙනු දු හිස සිඳී; හෙතෙම කම්කටොලු හෙතුයෙනු දු දුක් දොම්නස් විඳී. තෙල බියදුක් දොම්නස් ඔහුට කොයින් උපනැ යත්: ආත්මදණ්ඩයෙන් උපන, හටගත නිපන වෙසෙසින් නිපන පහළ වූයේ වන. රජ මේ සතර දඩුවමට පොහොසත් (-සමර්‍ත්‍ථ) වේ.
සො සකෙන කම‍්මෙන කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති. තමෙනං නිරයපාලා පඤ‍්චවිධබන්‍ධනං නාම කාරණං කාරෙන‍්ති. තත‍්තං අයොඛීලං හත්‍ථෙ ගමෙන‍්ති. තත‍්තං අයොඛීලං දුතියෙ හත්‍ථෙ ගමෙන‍්ති. තත‍්තං අයොඛීලං පාදෙ ගමෙන‍්ති. තත‍්තං අයොඛීලං දුතියෙ පාදෙ ගමෙන‍්ති. තත‍්තං අයොඛීලං මජ‍්ඣෙ උරස‍්මිං ගමෙන‍්ති. සො තත්‍ථ දුක‍්ඛා කටුකා තිප‍්පා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති. යාව න තං පාපං කම‍්මං බ්‍යන‍්තී හොති. එතං භයං දුක‍්ඛං දොමනස‍්සං කුතො තස‍්ස: අත‍්තදණ‍්ඩතො ජාතං සඤ‍්ජාතං නිබ‍්බත‍්තං අභිනිබ‍්බත‍්තං පාතුභූතං. තමෙනං නිරයපාලා සංවෙසෙත්‍වා කුඨාරීහි තච‍්ඡෙන‍්ති. සො තත්‍ථ දුක‍්ඛා තිප‍්පා කටුකා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති. යාව න තං පාපං කම‍්මං බ්‍යන‍්තී හොති. තමෙනං නිරයපාලා උද‍්ධපාදං අධොසිරං ගහෙත්‍වා වාසීහි තච‍්ඡෙන‍්ති. තමෙනං නිරයපාලා රථෙ යොජෙත්‍වා ආදිත‍්තාය පඨවියා සම‍්පජ‍්ජලිතාය සජොතිභූතාය සාරෙන‍්තිපි පච‍්චාසාරෙන‍්තිපි -පෙ- තමෙනං නිරයපාලා මහන‍්තං අඞ‍්ගාරපබ‍්බතං ආදිත‍්තං සම‍්පජ‍්ජලිතං සජොතිභූතං ආරොපෙන‍්තිපි ඔරොපෙන‍්තිපි -පෙ- තමෙනං නිරයපාලා උද‍්ධපාදං අධොසිරං ගහෙත්‍වා තත‍්තාය ලොහකුම‍්භියා පක‍්ඛිපන‍්ති ආදිත‍්තාය සම‍්පජ‍්ජලිතාය සජොතිභූතාය. සො තත්‍ථ ඵෙණුද‍්දෙහකං පච‍්චති. සො තත්‍ථ ඵෙණුද‍්දෙහකං පච‍්චමානො සකිම‍්පි උද‍්ධං ගච‍්ඡති. සකිම‍්පි අධො ගච‍්ඡති. සකිම‍්පි තිරියං ගච‍්ඡති. සො තත්‍ථ දුක‍්ඛා තිප‍්පා කටුකා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති. යාව න තං පාපං කම‍්මං බ්‍යන‍්තීහොති. එතං භයං දුක‍්ඛං දොමනස‍්සං කුතො තස‍්ස: අත‍්තදණ‍්ඩතො ජාතං සඤ‍්ජාතං නිබ‍්බත‍්තං අභිනිබ‍්බත‍්තං පාතුභූතං. තමෙනං නිරයපාලා මහානිරයෙ පක‍්ඛිපන‍්ති. සො ඛො පන මහානිරයො:
හෙතෙම සිය පව්කැමින් කාබුන් මරණින් මතු සැප නැති දුකට ගති වූ විවසව පතිත වන නිරයට පැමිණෙයි; ඔහුට නිරයපාලයෝ පඤ්චවිධ බන්‍ධන නම් කම්කටොලු කරවති: රත් වූ යවුලක් අතෙහි ගසති, රත් යවුලක් දෙවැනි අතෙහි ගසති, රත් යවුලක් පයෙහි ගසති, රත් යවුලක් දෙවැනි පයෙහි ගසති, රත් යවුලක් ළමැද ගසත්. හේ එහි තියුණු වූ කටුක වූ දුක් වේදනා විඳී. යම් තාක් ඒ පව්කම් නො ගෙවේ නම්, ඒ තාක් නො ද මියෙයි. තෙල බිය දුක් දොම්නස් ඔහුට කොයින් උපනැ යත්: ආත්මදණ්ඩ හේතුවෙන් ජාත යැ සඤ්ජාත යැ නිර්‍වෘත යැ අභිනිර්‍වෘත යැ ප්‍රාදුර්භූත යි. යමපල්හු ඒ පව්කම් කළහු බිමැ හොවා කෙටේරියෙන් සස්ති; හේ එහි තියුණු කටුක දුක් වේදනා විඳී. යම් තාක් ඒ පව්කම් නො ගෙවේ නම්, ඒ තාක් නො ද මියෙයි. යමපල්හු ඒ පව්කම් කළහු ඌර්ධ්වපාද කොට අධඃශීර්‍ෂ කොට ගෙන වෑයෙන් සස්ති. ඒ පව්කම් කළහු නිරයපාලයෝ (ගින්නෙන් දිලියෙන) රියෙහි යොදා හාත්පසින් දැල්වෙන අතිශයින් දිලියෙන ගිනිදැල් සහිත වූ පොළොවෙහි ඉදිරියට ඇවිදුවන්නාහු ද නවතන්නාහු ද වෙති, පව්කම් කළ ඔහු යමපල්හු ආදීප්ත වූ සම්ප්‍රජ්වලිත වූ ජ්වාලා සහිත වූ මහත් අඞ්ගාරපර්‍වතයට නංවති. බස්වන්නාහු ද වෙත් … යමපල්හු පව්කම් කළ ඔහු ඌර්ධ්වපාද අධඃශීර්‍ෂ කොට ගෙන තප්ත වූ ආදීපත් වූ සම්ප්‍රජ්වලිත වූ ජ්වාලා සහිත වූ ලෝහකුම්භියෙහි ප්‍රක්‍ෂේප කෙරෙත්. හේ එහි පෙණපිඬක් බඳු දේහ ඇති වැ පැසෙයි. හේ එහි පෙණපිඬක් බඳු දේහ ඇති වැ පැස්නේ වරක් උඩට ද නැඟෙයි, වරක් යටට ද බසී. වරක් සරස ද ඇවිදී. හේ එහි තීව්‍ර වූ කටුක වූ දුක් වේදනා විඳී. යම් තාක් ඒ පව්කමේ නො ගෙවේ නම්, ඒ තාක් නො ද මියෙයි. තෙල බිය දුක් දොම්නස් ඔහුට කොයින් උපනැ යත්: ආත්මදණ්ඩයෙන් (සිය කැමින්) උපන, සඤ්ජාත යැ නිර්‍වෘත යැ ප්‍රාදුර්භූත යි. ඒ පව්කම් කළ ඔහු යමපල්හු මහානිරයෙහි ප්‍රක්‍ෂේප කෙරෙත්. ඒ මහානිරය වූ කලි:
1. චතුක‍්කණ‍්ණො චතුද‍්වාරො විභත‍්තො භාගසො මිතො, අයොපාකාරපරියන‍්තො අයසා පටිකුජ‍්ජිතො.
1. (ඒ මහානිරය) සතර කන් ඇත්තේ යැ, සතර දොර යැ, වෙන වෙන මැ කොටස් වශයෙන් බෙදන ලද, යපවුරෙන් පරික්‍ෂිප්ත යැ, යපියනින් වසන ලද.
2. තස‍්ස අයොමයා භූමි ජලිතා තෙජසා යුතා, සමන‍්තා යොජනසතං ඵරිත්‍වා තිට‍්ඨති සබ‍්බදා.
2. ඒ මහානරකයාගේ යපොළොව ජ්වලිත වූවා තේජසින් යුක්ත යැ. හාත්පස සියක් යොදුන් තැනැ සියලු කල්හි පැතිරැ සිටී.
3. කදරියා තපනා ඝොරා අච‍්චිමන‍්තො දුරාසදා, ලොමහංසනරූපා ච භිස‍්මා පටිභයා දුඛා.
3. (ඒ අෂ්ට මහානරකයෝ) නිරතුරු තවන්නාහු ඝෝර වූවාහු (කල්පස්ථායී) ගිනිසිළු ඇත්තාහු ළංවියැ නො හැක්කාහු ලොමුදහන පියවි ඇත්තාහු බිහිසුණු වූවාහු බිය උපදවන්නාහු දුක් වූවාහු ද වෙත්.
4. පුරත්‍ථිමාය ච භිත‍්තියා අච‍්චික‍්ඛන්‍ධො සමුට‍්ඨිතො, දහන‍්තො පාපකම‍්මන‍්තෙ පච‍්ඡිමාය පටිහඤ‍්ඤති.
4. පෙරදිග බිතින් නැගුණු ගිනිකඳ පව්කම් කළ සත්ත්‍වයන් දවමින් (ගොස්) පැසුළු බිතැ වැදෙයි.
5. පච‍්ඡිමාය ච භිත‍්තියා අච‍්චික‍්ඛන්‍ධො සමුට‍්ඨිතො, දහන‍්තො පාපකම‍්මන‍්තෙ පුරත්‍ථිමාය පටිහඤ‍්ඤති.
5. පශ්චිම භිත්තියෙන් නැගුණු ගිනිකඳ පව්කම් කළ සත්ත්‍වයන් දවමින් ගොස් පූර්‍වභිත්තියෙහි වැදෙයි.
6. උත‍්තරාය ච භිත‍්තියා අච‍්චික‍්ඛන්‍ධො සමුට‍්ඨිතො, දහන‍්තො පාපකම‍්මන‍්තෙ දක‍්ඛිණාය පටිහඤ‍්ඤති.
6. උතුරු බිතින් නැගුණු ගිනිකඳ පව්කම් කළවුන් දවමින් ගොස් දකුණු බිතැ වැදෙයි.
7. දක‍්ඛිණාය ච භිත‍්තියා අච‍්චික‍්ඛන්‍ධො සමුට‍්ඨිතො. දහන‍්තො පාපකම‍්මන‍්තෙ උත‍්තරාය පටිහඤ‍්ඤති.
7. දකුණු බිතින් නැගුණු ගිනිකඳ පව්කම් කළවුන් දවමින් ගොස් උතුරු බිතැ වැදෙයි.
8. හෙට‍්ඨතො ච සමුට‍්ඨාය අච‍්චික‍්ඛන්‍ධො භයානකො, දහන‍්තො පාපකම‍්මන‍්තෙ ඡදනස‍්මිං පටිහඤ‍්ඤති.
8. යට පොළොවිනු දු බිය එළවන ගිනිකඳ නැඟී පව්කම් කළවුන් දවමින් ගොස් ඡදනයෙහි (- සියන්හි) පැහැරැ සිටී.
9. ඡදනම‍්හා සමුට‍්ඨාය අච‍්චික‍්ඛන්‍ධො භයානකො, දහන‍්තො පාපකම‍්මන‍්තෙ භූමියං පටිහඤ‍්ඤති.
9. ඡදනයෙන් බිය එළවන ගිනිකඳ නැඟී පාපකර්‍ම කළ සත්ත්‍වයන් දවමින් ගොස් බිම පැහැරැ සිටී.
10. අයොකපාලමාදිත‍්තං සන‍්තත‍්තං ජලිතං යථා, එවං අවීචිනිරයො හෙට‍්ඨා උපරි පස‍්සතො.
10. අවීචිනරකය උඩ යට බලනුවහුට හාත්පසින් දිලියෙන අතිශයින් තැවුණු දැල්වුණු යකබලක් මෙනි.
11. තත්‍ථ සත‍්තා මහාලුද‍්දා මහාකිබ‍්බිසකාරිනො, අච‍්චන‍්තපාපකම‍්මන‍්තා පච‍්චන‍්ති න ච මිය්‍යරෙ.
11. එහි මහද්රෞද්‍ර වූ මහදරුණුකම් කරන සුලු වූ අතිශයින් පව්කම් ඇති සත්ත්‍වයෝ පැසෙති, නො ද මියෙත්.
12. ජාතවෙදසමො කායො තෙසං නිරයවාසිනං. පස‍්ස කම‍්මානං දළ‍්හත‍්තං න භස‍්මා හොති න මසි.
12. ඒ නිරෑවැසියන්ගේ කය ගිනි වැන්න. කර්‍මයන්ගේ දැඩි සේ බල හළු නො වෙයි, දැලි නො වේ.
13. පුරත්‍ථිමෙනපි ධාවන‍්ති තතො ධාවන‍්ති පච‍්ඡිමං, උත‍්තරෙනපි ධාවන‍්ති තතො ධාවන‍්ති දක‍්ඛිණං.
13. (කිසි කලෙක පූර්‍වද්වාරය විවෘත වූ කල්හි) ඒ දිගට ද දිවෙති, යළි පශ්චිමද්වාරයට දිවෙති, උත්තරද්වාරයට දිවෙති, යළි දක්‍ෂිණද්වාරයට දිවෙත්.
14. යං යං දිසං පධාවන‍්ති තං තං ද‍්වාරං පිථීයති, අභිනික‍්ඛමිතාසා තෙ සත‍්තා මොක‍්ඛගවෙසිනො.
14. යම් යම් දිශාවකට වේගයෙන් දිවෙත් නම්, (සම්ප්‍රාප්ත කල්හි) ඒ ඒ ද්වාරය වැසෙයි. නික්මැ යන ආශා ඇති ඒ නිරිසත්හු මිදෙන උපාය සොයන්නාහු වෙත්.
15. න තෙ තතො නික‍්ඛමිතුං ලභන‍්ති කම‍්මපච‍්චයා, තෙසං ච පාපකම‍්මන‍්තං අවිපක‍්කං කතං බහු”න‍්ති.
15. කර්‍මහේතුයෙන් ඔහු එයින් නික්මෙන්නට නො ලැබෙති. යම් හෙයකින් ඔවුන් විසින් නො පැසුණු විපාක ඇති පාපකර්‍මය බොහෝ කොට කරන ලද ද එහෙයිනි.
එතං භයං දුක‍්ඛං දොමනස‍්සං කුතො තස‍්ස: අත‍්තදණ‍්ඩතො ජාතං සඤ‍්ජාතං නිබ‍්බත‍්තං අභිනිබ‍්බත‍්තං පාතුභූතං. යානි ච නෙරයිකානි දුක‍්ඛානි යානි ච තිරච‍්ඡානයොනිකානි දුක‍්ඛානි යානි ච පෙත‍්තිවිසයිකානි දුක‍්ඛානි යානි ච මානුසිකානි දුක‍්ඛානි, තානි කුතො ජාතානි, කුතො සඤ‍්ජාතානි, කුතො නිබ‍්බත‍්තානි, කුතො අභිනිබ‍්බත‍්තානි, කුතො පාතුභූතානි: අත‍්තදණ‍්ඩතො ජාතානි සඤ‍්ජාතානි නිබ‍්බත‍්තානි අභිනිබ‍්බත‍්තානි පාතුභූතානි.
තෙල බිය දුක් දොම්නස් ඔහුට කොයින් උපනැ යත්: ආත්මදණ්ඩය හේතු කොට ජාත යැ සඤ්ජාත යැ නිර්‍වෘත යැ අභිනිර්‍වෘත යැ ප්‍රාදුර්භූත යි. යම් නිරයදුකක් තිරිසන්යොන්හි යම් දුකක් ප්‍රේතවිෂයෙහි යම් දුකක් මානුෂ වූ යම් දුකකුත් වෙත් නම්, එ දුක් කොයින් උපන්නාහු ද, කොයින් හටගත්තාහු ද, කොයින් නිපන්නාහු ද, කොයින් වෙසෙසින් නිපන්නාහු ද, කොයින් පහළ වූවාහු ද යත්: ආත්මදණ්ඩයෙන් ජාත - සඤ්ජාත - නිර්‍වෘත -අභිනිර්‍වෘත - ප්‍රාදුර්භූත වූවාහුය.
අත‍්තදණ‍්ඩා භයං ජාතං ජනං පස‍්සථ මෙධගන‍්ති ඛත‍්තියා ච බ්‍රාහ‍්මණා ච වෙස‍්සා ච සුද‍්දා ච ගහට‍්ඨා ච පබ‍්බජිතා ච දෙවතා ච මනුස‍්සා ච මෙධගං ජනං කලහං ජනං විරුද‍්ධං ජනං පටිවිරුද‍්ධං ජනං ආහතං ජනං පච‍්චාහතං ජනං ආඝාතිකං ජනං පච‍්චාඝාතිතං ජනං පස‍්සථ දක‍්ඛථ ඔලොකෙථ නිජ‍්ඣායෙථ උපපරික‍්ඛථාති - ජනං පස්සථ මෙධගං.
අත්තදණ්ඩං භයං ජාතං ජනං පස්සථ මෙධගං - ක්‍ෂත්‍රියයෝ ද බ්‍රාහ්මණයෝ ද වෛශ්‍යයෝ ද ශුද්‍රයෝ ද ගෘහස්ථයෝ ද ප්‍රව්‍රජිතයෝ ද දේවතාවෝ ද මනුෂ්‍යයෝ ද යන හිංසාවට පැමිණි ජනයා කලහ කරන - විරුද්ධ වූ - ප්‍රතිවිරුද්ධ වූ - ආහත වූ - ප්‍රත්‍යාහත වූ - පීඩිත වූ - ප්‍රතිපීඩිත වූ ජනයා බලවු, දකිවු, අවලොකනය කරවු, නැවත නැවත සිතවු, නැවත නැවත පරීක්‍ෂා කරවු යයි ‘ජනං පස්සථ මෙධගං’ යනු වේ.
සංවෙගං කිත‍්තයිස‍්සාමීති - සංවෙගං උබ‍්බෙගං උත්‍රාසං භයං පීළනං ඝට‍්ටනං උපද‍්දවං උපස‍්සග‍්ගං; කිත‍්තයිස‍්සාමි පකිත‍්තයිස‍්සාමි ආචික‍්ඛිස‍්සාමි දෙසිස‍්සාමි පඤ‍්ඤපිස‍්සාමි පට‍්ඨපිස‍්සාමි විචරිස‍්සාමි විභජිස‍්සාමි උත‍්තානීකරිස‍්සාමි පකාසිස‍්සාමීති - සංවෙගං කිත‍්තයිස‍්සාමි.
සංවෙගං කිත්තයිස්සාමි - සංවේගය උද්වෙගය තැතිගැනීම භය පෙළීම ගැටීම උපද්‍රවය උපසර්‍ගය (-ඇවිරීම) කීර්‍තනය කරන්නෙමි, ප්‍රකීර්‍තනය කරන්නෙමි, පවසන්නෙමි දෙසන්නෙමි පනවන්නෙමි පිහිටුවන්නෙමි විවරණය කරන්නෙමි විභාග කරන්නෙමි ප්‍රකට කරන්නෙමි ප්‍රකාශ කරන්නෙම් නුයි ‘සංවෙගං කිත්තයිස්සාමි’ යනු වේ.
යථා සංවිජිතං මයාති - යථා මයා අත‍්තනායෙව අත‍්තා සංවෙජිතො උබ‍්බෙජිතො සංවෙගමාපාදිතොති - යථා සංවිජිතං මයා.
යථා සංවිජිතං මයා - යම්සේ මා විසින් තමා මැ තෙමේ සංවේගයට පත් කරන ලදුයේ උද්වෙග කරන ලදුයේ සංවේගයට පමුණුවන ලදුයේ නුයි ‘යථා සංවිජිතං මයා’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“අත‍්තදණ‍්ඩා භයං ජාතං ජනං පස්සථ මෙධගං, සංවෙගං කිත‍්තයිස‍්සාමි යථා සංවිජිතං මයා”ති.
“අත්තදණ්ඩං භයං ජාතං -පෙ- යථා සංවිජිතං මයා” යී.