යෙදුමෙන් කියවන්න

15. 2

15. 2.

15. 2.

ඵන්‍දමානං පජං දිස‍්වා මච‍්ඡෙ අප‍්පොදකෙ යථා, අඤ‍්ඤමඤ‍්ඤෙහි බ්‍යාරුද‍්ධෙ දිස‍්වා මං භයමාවිසි.

දියත්තෙක මසුන් මෙන් (තෘෂ්ණාදියෙන්) සැලෙන සත්ත්‍වවර්‍ගයා දැක, ඔවුනොවුන් හා සමග විරුද්ධ වූවන් දැක, බිය මා කරා පැමිණියේ යැ. (- මට බිය උපන.)

ඵන්‍දමානං පජං දිස‍්වාති - ‘පජා’ති සත‍්තාධිවචනං; පජං තණ‍්හාඵන්‍දනාය ඵන්‍දමානං, දිට‍්ඨිඵන්‍දනාය ඵන්‍දමානං, කිලෙසඵන්‍දනාය ඵන්‍දමානං, දුච‍්චරිතඵන්‍දනාය ඵන්‍දමානං, පයොගඵන්‍දනාය ඵන්‍දමානං, විපාකඵන්‍දනාය ඵන්‍දමානං, රත‍්තං රාගෙන ඵන්‍දමානං, දුට‍්ඨං දොසෙන ඵන්‍දමානං, මූළ‍්හං මොහෙන ඵන්‍දමානං, විනිබද‍්ධං මානෙන ඵන්‍දමානං, වික‍්ඛෙපගතං උද‍්ධච‍්චෙන ඵන්‍දමානං, අනිට‍්ඨාගතං විචිකිච‍්ඡාය ඵන්‍දමානං, ථාමගතං අනුසයෙහි ඵන්‍දමානං, ලාභෙන ඵන්‍දමානං, අලාභෙන ඵන්‍දමානං, යසෙන ඵන්‍දමානං, අයසෙන ඵන්‍දමානං, පසංසාය ඵන්‍දමානං. නින්‍දාය ඵන්‍දමානං, සුඛෙන ඵන්‍දමානං, දුක‍්ඛෙන ඵන්‍දමානං. ජාතියා ඵන්‍දමානං, ජරාය ඵන්‍දමානං, බ්‍යාධිනා ඵන්‍දමානං, මරණෙන ඵන්‍දමානං, සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සූපායාසෙහි ඵන්‍දමානං, නෙරයිකෙන දුක‍්ඛෙන ඵන්‍දමානං, තිරච‍්ඡානයොනිකෙන දුක‍්ඛෙන ඵන්‍දමානං, පෙත‍්තිවිසයිකෙන දුක‍්ඛෙන ඵන්‍දමානං, -

ඵනදමානං පජං දිස්වා - ‘පජා’ යනු: සත්ත්‍වයනට නමෙකි. තෘෂ්ණාස්පන්දනයෙන් සැලෙන ප්‍රජාව දෘෂ්ටිස්පන්දනයෙන් සැලෙන ක්ලෙශස්පන්දනයෙන් සැලෙන දුශ්චරිතස්පන්දනයෙන් සැලෙන කායාදි ප්‍රයොගස්පන්දනයෙන් සැලෙන විපාකස්පන්දනයෙන් සැලෙන ප්‍රජාව, රාගයෙන් රත් වැ සැලෙන, ද්වේෂයෙන් දුෂ්ට වැ සැලෙන, මෝහයෙන් මූඪ වැ සැලෙන, මානයෙන් විනිබද්ධ වැ සැලෙන, ඖද්ධත්‍යයෙන් වික්‍ෂේපයට පැමිණැ සැලෙන, විචිකිත්සාවෙන් නිෂ්ඨාවට නො පැමිණැ සැලෙන, අනුශයෙන් තදබවට පැමිණැ සැලෙන, ලාභයෙන් සැලෙන, අලාභයෙන් සැලෙන, යශසින් සැලෙන, අයශසින් සැලෙන, ප්‍රශංසායෙන් සැලෙන, නින්‍දායෙන් සැලෙන, සුවයෙන් සැලෙන, දුකින් සැලෙන, ජාතියෙන් සැලෙන, ජරායෙන් සැලෙන, ව්‍යාධියෙන් සැලෙන, මරණයෙන් සැලෙන, ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් උපායාසයෙන් සැලෙන, නිරෑදුකින් සැලෙන, තිරිසන්යොන්හි වූ දුකින් සැලෙන, ප්‍රේතවිෂයෙහි වූ දුකින් සැලෙන, -

මානුසිකෙන දුක‍්ඛෙන ඵන්‍දමානං, ගබ‍්භොක‍්කන‍්තිමූලකෙන දුක‍්ඛෙන ගබ‍්භට‍්ඨිතිමූලකෙන දුක‍්ඛෙන - ගබ‍්භවුට‍්ඨානමූලකෙන දුක‍්ඛෙන - ජාතස‍්සූපනිබන්‍ධකෙන දුක‍්ඛෙන - ජාතස‍්ස පරාධෙය්‍යකෙන දුක‍්ඛෙන අත‍්තූපක‍්කමෙන දුක‍්ඛෙන - පරූපක‍්කමෙන දුක‍්ඛෙන - දුක‍්ඛදුක‍්ඛෙන සඞ‍්ඛාරදුක‍්ඛෙන - විපරිණාමදුක‍්ඛෙන - චක‍්ඛුරොගෙන දුක‍්ඛෙන සොතරොගෙන - ඝානරොගෙන - ජිව‍්හාරොගෙන - සීසරොගෙන - කායරොගෙන - කණ‍්ණරොගෙන, මුඛරොගෙන, දන‍්තරොගෙන - කාසෙන - සාසෙන - පිනාසෙන - ඩහෙන - ජරෙන - කුච‍්ඡිරොගෙන - මුච‍්ඡාය - පක‍්ඛන්‍දිකාය - සූලාය - විසූචිකාය - කුට‍්ඨෙන - ගණ‍්ඩෙන - කිලාසෙන - සොසෙන - අපමාරෙන - දද‍්දුයා - කණ‍්ඩුයා - කච‍්ඡුයා - නඛසාය - විතච‍්ඡිකාය - ලොහිතපිත‍්තෙන - මධුමෙහෙන - අංසාය - පිළකාය - භගන්‍දලෙන - පිත‍්තසමුට‍්ඨානෙන ආබාධෙන - සෙම‍්හසමුට‍්ඨානෙන ආබාධෙන - වාතසමුට‍්ඨානෙන ආබාධෙන - සන‍්නිපාතිකෙන ආබාධෙන - උතුපරිණාමජෙන ආබාධෙන - විසමපරිහාරජෙන ආබාධෙන - ඔපක‍්කමිකෙන ආබාධෙන -කම‍්මවිපාකජෙන ආබාධෙන - සීතෙන - උණ‍්හෙන - ජිඝච‍්ඡාය - පිපාසාය - උච‍්චාරෙන - පස‍්සාවෙන - ඩංසමකසවාතාතපසිරිංසප සම‍්ඵස‍්සෙන දුක‍්ඛෙන - මාතුමරණෙන දුක‍්ඛෙන - පිතුමරණෙන දුක‍්ඛෙන - භාතුමරණෙන දුක‍්ඛෙන - භගිනිමරණෙන දුක‍්ඛෙන - පුත‍්තමරණෙන දුක‍්ඛෙන - ධීතුමරණෙන දුක‍්ඛෙන - ඤාතිමරණෙන දුක‍්ඛෙන - භොගව්‍යසනෙන දුක‍්ඛෙන - රොගව්‍යසනෙන දුක‍්ඛෙන - සීලව්‍යසනෙන දුක‍්ඛෙන - දිට‍්ඨිව්‍යසනෙන දුක‍්ඛෙන ඵන්‍දමානං සම‍්ඵන්‍දමානං විඵන්‍දමානං වෙධමානං පවෙධමානං සම‍්පවෙධමානං; දිස‍්වාති දිස‍්වා පස‍්සිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වාති - ඵන්‍දමානං පජං දිස‍්වා.

මිනිස්ලොවැ වූ දුකින් සැලෙන, ගර්‍භාවක්‍රාන්තිමූලක දුකින් සැලෙන, ගර්‍භස්ථිතිමූලක දුකින් - ගර්‍භව්‍යුත්‍ථානමූලක දුකින් - උපන්නහු පිළිදග්නා දුකින් - උපන්නහු පරා අයත් දුකින් - ආත්මොපක්‍රම දුකින් - පරොපක්‍රම දුකින් - දුඃඛදුඃඛයෙන් - සංස්කාරදුඃඛයෙන් - විපරිණාම - දුඃඛයෙන් - චක්‍ෂුරෝගයෙන් වූ දුකින් - ශ්‍රොත්‍රරොගයෙන් - ඝ්‍රාණරොගයෙන් - ජිහ්වාරොගයෙන් - කායරොගයෙන් - ශිර්‍ෂරොගයෙන් - කර්‍ණරෝගයෙන් - මුඛරොගයෙන් - දන්තරොගයෙන් - කාසයෙන් - ශ්වාසයෙන් - පීනසින් - දාහයෙන් - ජ්වරයෙන් - කුක්‍ෂිරොගයෙන් - මුර්ඡායෙන් - ලොහිතාතීසාරයෙන් - ආමශූලයෙන් - විරෙචනයෙන් - කුෂ්ටරෝගයෙන් - ගණ්ඩරොගයෙන් - කබරයෙන් - ක්‍ෂයරොගයෙන් - අපස්මාරයෙන් - දදපොළින් - කුඩා පොළින් - මහපොළින් - නියහිරින් - අතුල් පතුල් පැළීමෙන් - රත්පිතින් - මධුමෙහයෙන් - අර්‍ශසින් - ලේපොළින් - භගන්දරයෙන් - පිතින් උපදනා රෝගයෙන් - සෙමින් උපදනා රෝගයෙන් - වයින් උපදනා රෝගයෙන් - සාන්නිපාතික රෝගයෙන් - ඍතුවිපර්‍ය්‍යාසයෙන් උපදනා රෝගයෙන් - විෂමවිහරණයෙන් උපදනා රෝගයෙන් - විෂම විහරණයෙන් උපදනා රෝගයෙන් - උපක්‍රමයෙන් හටගන්නා රෝගයෙන් - කර්‍මවිපාකයෙන් උපදනා රෝගයෙන් - ශීතයෙන් - උෂ්ණයෙන් - ජිඝත්සායෙන් - පිපාසායෙන් - උච්චාරයෙන් - ප්‍රස්‍රාවයෙන් - මැසි මදුරු වා අව් දික්දෑ පහසින් වූ දුකින් - මවගේ මරණයෙන් වූ දුකින් - පියාගේ මරණයෙන් වූ දුකින් - බෑයාගේ මරණයෙන් වූ දුකින් - බුනගේ මරණයෙන් වූ දුකින් - පුතා මළ දුකින් - දූ මළ දුකින් - නෑයන් මළ දුකින් - භොග විපත්ති දුකින් - රොගවිපත්ති දුකින් - ශීලවිපත්ති දුකින් - දෘෂ්ටිවිපත්ති දුකින් සැලෙන මොනොවට සැලෙන වෙසෙසින් සැලෙන වෙවුලන වෙසෙසින් වෙවුලන අතිශයින් වෙවුලන ප්‍රජාව; දිස්වා - දැක පෙනී තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට නුයි ‘ඵනදමානං පජං දිස්වා’ යනු වේ.

මච‍්ඡෙ අප‍්පොදකෙ යථාති - යථා මච‍්ඡා අප‍්පොදකෙ උදකපරියාදානෙ කාකෙහි වා කුලලෙහි වා බලාකාහි වා පරිපාතියමානා උක‍්ඛිපියමානා ඛජ‍්ජමානා ඵන්‍දන‍්ති සම‍්ඵන්‍දන‍්ති විප‍්ඵන්‍දන‍්ති වෙධන‍්ති පවෙධන‍්ති සම‍්පවෙධන‍්ති; එවමෙවං පජා තණ‍්හාඵන්‍දනාය ඵන්‍දන‍්ති -පෙ- දිට‍්ඨිබ්‍යසනෙන දුක‍්ඛෙන ඵන්‍දන‍්ති සම‍්ඵන්‍දන‍්ති විප‍්ඵන්‍දන‍්ති වෙධන‍්ති පවෙධන‍්ති සම‍්පවෙධන‍්තීති - මච‍්ඡෙ අප‍්පොදකෙ යථා.

මච්ඡෙ අප්පොදකෙ යථා - මඳ දියෙහි දිය සිඳුණු කල්හි කවුඩන් විසින් හෝ උකුස්සන් විසින් හෝ කොකුන් විසින් හෝ නසනු ලබන්නාවූ නඟනු ලබන්නා වූ කනු ලබන්නා වූ මත්ස්‍යයෝ යම් සේ සැලෙත්ද සර්‍වාකාරයෙන් සැලෙත් ද විවිධ වැ සැලෙත් ද, වෙවුලත් ද, වෙසෙසින් වෙවුලත් ද අතිශයින් වෙවුලත් ද, එපරිද්දෙන් ම ප්‍රජාව තෘෂ්ණාස්පන්දනයෙන් සැලෙති … දෘෂ්ටිව්‍යසන දුකින් සැලෙති සර්‍වාකාරයෙන් සැලෙති විවිධ වැ සැලෙති, වෙවුලති වෙසෙසින් වෙවුලති අතිශයින් වෙවුලත් නුයි ‘මච්ඡෙ අප්පොදකෙ යථා’ යනු වේ.

අඤ‍්ඤමඤ‍්ඤෙහි බ්‍යාරුද‍්ධෙති - අඤ‍්ඤමඤ‍්ඤං සත‍්තා විරුද‍්ධා පටිවිරුද‍්ධා ආහතා පච‍්චාහතා ආඝාතිතා පච‍්චාඝාතිතා රාජානොපි රාජූහි විවදන‍්ති, ඛත‍්තියාපි ඛත‍්තියෙහි විවදන‍්ති, බ්‍රාහ‍්මණාපි බ්‍රාහ‍්මණෙහි විවදන‍්ති, ගහපතීපි ගහපතීහි විවදන‍්ති, මාතාපි පුත‍්තෙන විවදති, පුත‍්තොපි මාතරා විවදති, පිතාපි පුත‍්තෙන විවදති, පුත‍්තොපි පිතරා විවදති, භාතාපි භාතරා විවදති, භගිනීපි භගිනියා විවදති, භාතාපි භගිනියා විවදති, භගිනීපි භාතරා විවදති, සහායොපි සහායෙන විවදති.

අඤ්ඤමඤ්ඤෙහි බ්‍යාරුද්ධෙ - සත්ත්‍වයෝ ඔවුනොවුන් විරුද්ධ වූවාහු ප්‍රතිවිරුද්ධ වූවාහු කෝපයෙන් පහළාහු වෙසෙසින් පහළාහු ගැටුණාහු වෙසෙසින් ගැටුණාහු රජුහු දු රජුන් සමග විවාද කෙරෙති, ක්‍ෂත්‍රියයෝත් ක්‍ෂත්‍රියයන් සමග විවාද කෙරෙති, බමුණෝත් බමුණන් සමග විවාද කෙරෙති, ගැහැවියෝත් ගැහැවියන් සමග විවාද කෙරෙති, මවු ද පුතා සමග විවාද කෙරෙයි, පුතාත් මව සමග විවාද කෙරෙයි, පියාත් පුතු සමග විවාද කෙරෙයි, පුතාත් පියා සමග විවාද කෙරෙයි, බෑයාත් බෑයා සමග විවාද කෙරෙයි, භගිනිය (-බූන) ද භගිනිය සමග විවාද කෙරෙයි, බෑයාත් බූන සමග විවාද කෙරෙයි, බූන ද බෑයා සම විවාද කෙරෙයි, යහලුවාත් යහලුවා සමග විවාද කෙරෙයි.

තෙ තත්‍ථ කලහවිග‍්ගහවිවාදාපන‍්නා අඤ‍්ඤමඤ‍්ඤං පාණීහිපි උපක‍්කමන‍්ති, ලෙඩ‍්ඩූහිපි උපක‍්කමන‍්ති, දණ‍්ඩෙහිපි උපක‍්කමන‍්ති, සත්‍ථෙහිපි උපක‍්කමන‍්ති. තෙ තත්‍ථ මරණම‍්පි නිගච‍්ඡන‍්ති. මරණමත‍්තම‍්පි දුක‍්ඛන‍්ති - අඤ‍්ඤමඤ‍්ඤෙහි බ්‍යාරුද‍්ධෙ.

ඔවුහු එහි කලහ - විග්‍රහ - විවාදයට පැමිණියාහු ඔවුනොවුන්ට අතිනු දු පහර දෙති, කැටිනු දු පහර දෙති, දඬියෙනු දු පහර දෙති, අවියෙනු දු පහර දෙත්. ඔවුහු එහි මරණයට ද මරණමාත්‍ර වූ දුකට ද පැමිණෙත් නුයි ‘අඤ්ඤමඤ්ඤෙහි බ්‍යාරුද්ධෙ’ යනු වේ.

දිස‍්වා මං භයමාවිසීති - ‘දිස‍්වා’ති දිස‍්වා පස‍්සිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා භයං පීළනං ඝට‍්ටනං උපද‍්දවො උපස‍්සග‍්ගො ආවිසීති - දිස‍්වා මං භයමාවිසි.

දිස්වා මං භයමාවිසි - ‘දිස්වා’ යනු: දැක පෙනී තුලනය - තීරණය - විභාවනය - විභූත කොට, බිය පෙළුම ගැටුම උපද්‍රවය උපසර්‍ගය පැමිණියේ නුයි ‘දිස්වා මං භයමාවිසි’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“ඵන්‍දමානං පජං දිස‍්වා මච‍්ඡෙ අප‍්පොදකෙ යථා, අඤ‍්ඤමඤ‍්ඤෙහි බ්‍යාරුද‍්ධෙ දිස‍්වා මං භයමාවිසී”ති.

“ඵනදමානං පජං දිස්වා -පෙ- දිස්වා මං භයමාවිසි” යී.