16. 14
16. 14.
16. 14.
කොධාතිමානස්ස වසං න ගච‍්ඡෙ මූලම‍්පි තෙසං පලිඛඤ්ඤ තිට‍්ඨෙ, අථප‍්පියං වා පන අප්පියං වා අද්ධා භවන්තො අභිසම‍්භවෙය්‍ය.
ක්‍රෝධයාගේ හා අතිමානයාගේ වශයට නො යන්නේ යැ. ඒ ක්‍රෝධාතිමානයන්ගේ අවිද්‍යාදි මූලය ද උදුරාපියා සිටිනේ යැ. තවද (සත්ත්‍වසංස්කාර සඞ්ඛ්‍යාත) ප්‍රියවස්තුව ද යළි අප්‍රිය වස්තුව මඩිනුයේ ඒකාන්තයෙන් අභිභවනය කරන්නේ යි.
කොධාතිමානස‍්ස වසං න ගච‍්ඡෙති - ‘කොධො’ති “යො චිත‍්තස‍්ස ආඝාතො පටිඝාතො -පෙ- චණ‍්ඩික‍්කං අසුරොපො අනත‍්තමනතා චිත‍්තස‍්ස” අතිමානොති “ඉධෙකච‍්චො පරං අතිමඤ‍්ඤති ජාතියා වා ගොත‍්තෙන වා -පෙ- අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වා වත්‍ථුනා. කොධාතිමානස‍්ස වසං න ගච‍්ඡෙති කොධස‍්ස ච අතිමානස‍්ස ච වසං න ගච‍්ඡෙය්‍ය, කොධඤ‍්ච අතිමානඤ‍්ච පජහෙය්‍ය විනොදෙය්‍ය බ්‍යන‍්තීකරෙය්‍ය අනභාවං ගමෙය්‍යාති කොධාතිමානස‍්ස වසං න ගච‍්ඡෙ.
කොධාතිමානස්ස වසං න ගච්ඡෙ - ‘කෝධ’ නම්: චිත්තයාගේ යම් ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් - සැඬබවෙක් නො පිරුණු වචන ඇති බවෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද එය යි. අතිමාන නම්: මෙහි එකෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුවෙකින් හෝ මෙරමා ඉක්මවා සිතයි. කොධාතිමානස්ස වසං න ගච්ඡෙ - ක්‍රෝධයාගේ ද අතිමානයාගේ ද වශයට නො යන්නේ යැ; ක්‍රෝධය ද අතිමානය ද හරනේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනභාවයට පමුණුවන්නේ නුයි ‘කොධාතිමානස්ස වසං න ගච්ඡෙ’ යනු වේ.
මූලම‍්පි තෙසං පලිඛඤ‍්ඤ තිට‍්ඨෙති - කතමං කොධස‍්ස මූලං: අවිජ‍්ජා මූලං, අයොනිසොමනසිකාරො මූලං, අස‍්මිමානො මූලං, අහිරිකං මූලං, අනොත‍්තප‍්පං මූලං, උද‍්ධච‍්චං මූලං. ඉදං කොධස‍්ස මූලං. කතමං අතිමානස‍්ස මූලං: අවිජ‍්ජා මූලං, අයොනිසොමනසිකාරො මූලං, අස‍්මිමානො මූලං, අහිරිකං මූලං, අනොත‍්තප‍්පං මූලං, උද‍්ධච‍්චං මූලං. ඉදං අතිමානස‍්ස මූලං. මූලම‍්පි තෙසං පලිඛඤ‍්ඤ තිට‍්ඨෙති කොධස‍්ස ච අතිමානස‍්ස ච මූලං පලිඛණිත්‍වා උද‍්ධරිත්‍වා සමුද‍්ධරිත්‍වා උප‍්පාටයිත්‍වා සමුප‍්පාටයිත්‍වා පජහිත්‍වා විනොදෙත්‍වා බ්‍යන‍්තීකරිත්‍වා අනභාවං ගමෙත්‍වා තිට‍්ඨෙය්‍ය සන‍්තිට‍්ඨෙය්‍යාති - මූලම‍්පි තෙසං පලිඛඤ්ඤ තිට‍්ඨෙ.
මූලම්පි තෙසං පලිඛඤ්ඤ තිට්ඨෙ - ක්‍රෝධයාගේ මූලය කවරැ යත්: අවිද්‍යාව මුල යැ, අයෝනිසෝ මනසිකාරය මුල යැ, අස්මිමානය මුල යැ, අහිරිකය මුල යැ, අනොත්තප්පය මුල යැ, ඖද්ධත්‍යය මුල යි. මේ ක්‍රෝධයාගේ මූලය යි. අතිමානයාගේ මූලය කවරැ යත්: අවිද්‍යාව මුල යැ, අයෝනිසෝ මනසිකාරය මුල යැ, ‘මම් වෙමියි’ යන මානය මුල යැ, අහිරිකය මුල යැ, අනොත්තප්පය මුල යැ, ඖද්ධත්‍යය මුල යි. මේ අතිමානයාගේ මූලය යි. මූලම්පි තෙසං පලිඛඤ්ඤ තිට්ඨෙ - ක්‍රෝධයාගේ ද අතිමානයාගේ ද මුල සාරා උදුරා මොනොවට උදුරා උපුටා මොනොවට උපුටා හැරැපියා දුරු කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා සිටින්නේ යැ, මොනොවට සිටින්නේ නුයි ‘මූලම්පි තෙසං පලිඛඤ්ඤ තිට්ඨෙ’ යනු වේ.
අථප‍්පියං වා පන අප්පියං වා අද්ධා භවන‍්තො අභිසම‍්භවෙය්‍යාති ‘අථා’ති පදසන්‍ධි පදසංසග‍්ගො පදපාරිපූරී අක‍්ඛරසමවායො බ්‍යඤ‍්ජනසිලිට‍්ඨතා පදානුපුබ‍්බතාමෙතං ‘අථා’ති. පියාති ද‍්වෙ පියා: සත‍්තා වා සඞ‍්ඛාරා වා, කතමෙ සත‍්තා පියා: ඉධ යා’ස‍්ස තෙ හොන‍්ති අත්‍ථකාමා හිතකාමා ඵාසුකාමා යොගක‍්ඛෙමකාමා මාතා වා පිතා වා භාතා වා භගිනී වා පුත‍්තො වා ධීතා වා මිත‍්තා වා අමච‍්චා වා ඤාතී වා සාලොහිතා වා, ඉමෙ සත‍්තා පියා. කතමෙ සඞ‍්ඛාරා පියා: මනාපිකා රූපා මනාපිකා සද‍්දා ගන්‍ධරසා ඵොට‍්ඨබ‍්බා, ඉමෙ සඞ‍්ඛාරා පියා. අප‍්පියාති ද‍්වෙ අප‍්පියා: සත‍්තා වා සඞ‍්ඛාරා වා. කතමෙ සත‍්තා අප‍්පියා: ඉධ යා’ස‍්ස තෙ හොන‍්ති අනත්‍ථකාමා, අහිතකාමා අඵාසුකාමා අයොගක‍්ඛෙමකාමා ජීවිතා වොරොපෙතුකාමා. ඉමෙ සත‍්තා අප‍්පියා. කතමෙ සඞ‍්ඛාරා අප‍්පියා: අමනාපිකා රූපා අමනාපිකා සද‍්දා ගන්‍ධා රසා ඵොට‍්ඨබ‍්බා, ඉමෙ සඞ‍්ඛාරා අප‍්පියා. අද‍්ධාති එකංසවචනං නික‍්කඞ‍්ඛවචනං අද‍්වෙජ‍්ඣවචනං අද‍්වෙළ‍්හකවචනං නියොගවචනං අපණ‍්ණකවචනං අවත්‍ථාපනවචනමෙතං ‘අද‍්ධා’ති; අථප‍්පියං වා පන අප්පියං වා අද්ධා භවන‍්තො අභිසම‍්භවෙය්‍යාති පියාප‍්පියං සාතාසා තං සුඛදුක‍්ඛං සොමනස‍්සදොමනස‍්සං ඉට‍්ඨානිට‍්ඨං අභිසම‍්භවන‍්තො වා අභිභවෙය්‍ය අධිභවන‍්තො වා අභිභවෙය්‍යාති - අථප‍්පියං වා පන අප්පියං වා අද්ධා භවන්තො අභිසම‍්භවෙය්‍ය.
අථප්පියං වා පන අප්පියං වා අද්ධා භවන්තො අභිසම්භවෙය්‍ය - ‘අථ’ යනු : පදසන්‍ධි යැ පදසංසර්‍ග යැ පදපාරිපූරි යැ අක්‍ෂරයන්ගේ සමවාය යැ ව්‍යඤ්ජනයන්ගේ සිලුටුබව යැ පදානුපූර්‍වතා යැ, තෙල ‘අථ’ යනු. පියා යනු: ප්‍රියයෝ දෙදෙනෙකි: සත්ත්‍වයෝ හෝ සංස්කාරයෝ හෝ යැ. ප්‍රිය සත්ත්‍වයෝ කවරහ යත්: මෙහි යම් සත්ත්‍ව කෙනෙක් ඔහුට වැඩ කැමැත්තාහු හිත කැමැත්තාහු සුව කැමැත්තාහු නිර්‍භය කැමැත්තාහු වෙත් ද, මව හෝ පියා හෝ බෑයා හෝ බූන හෝ පුතා හෝ දුව හෝ යහළුවෝ හෝ සගයෝ හෝ නෑයෝ හෝ සහලේනෑයෝ හෝ යන මේ සත්ත්‍වයෝ ප්‍රියයෝ යි. ප්‍රියසංස්කාරයෝ කවරහ යත්: මනවඩන රූපයෝ යැ මන වඩන ශබ්දයෝ යැ ගන්‍ධයෝ යැ රසයෝ යැ ස්ප්‍රෂ්ටව්‍යයෝ යි; මේ සංස්කාරයෝ ප්‍රියයෝ යි. අප්පියා යනු: අප්‍රියයෝ දෙදෙනෙකි: සත්ත්‍වයෝ හෝ සංස්කාරයෝ හෝ යැ. අප්‍රිය සත්ත්‍වයෝ කවරහ යත්: මෙහි යම් සත්ත්‍ව කෙනෙක් ඔහුට අවැඩ කැමැත්තාහු අහිත කැමැත්තාහු නො සුව කැමැත්තාහු අයොගක්‍ෂෙමය කැමැත්තාහු දිවි තොර කරනු කැමැත්තාහු වෙද් ද, මේ සත්ත්‍වයෝ අප්‍රියයෝ යි. අප්‍රිය සංස්කාරයෝ කවරහ යත්: අමනාප වූ රූපයෝ යැ අමනාප වූ ශබ්දයෝ යැ ගන්‍ධයෝ යැ රසයෝ යැ ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ යන මේ සංස්කාරයෝ අප්‍රියයෝ යි. අද්ධා යනු: ඒකාන්ත වචන යැ නිස්සංශය වචන යැ නිසැක වචන යැ අද්වෛත වචන යැ නිස්සන්දෙහවචන යැ නියෝග වචන යැ අවිරුද්ධ වචන යැ සන්නිට්ඨාපන (-නිමවන) වචනයෙකි, තෙල ‘අද්ධා’ යනු. අථප්පියං වා පන අප්පියං වා අද්ධා භවන්තො අභිසම්භවෙය්‍ය - ප්‍රියාප්‍රියය මධුරාමධුරය සූඛදුඃඛය සොම්නස්දොම්නස ඉෂ්ටානිෂ්ටය මොනොවට මඩමින් හෝ අභිභවනය කරන්නේ යැ, අතිශයින් මඩමින් හෝ අභිභවනය කරන්නේ නුයි ‘අථප්පියං වා පන අප්පියං වා අද්ධා භවන්තො අභිසම්භවෙය්‍ය’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“කොධාතිමානස‍්ස වසං න ගච‍්ඡෙ මූලම‍්පි තෙසං පලිඛඤ්ඤ තිට‍්ඨෙ, අථප‍්පියං වා පන අප්පියං වා අද්ධා භවන‍්තො අබිසම‍්භවෙය්‍යා”ති.
“කොධාතිමානස්ස -පෙ- අද්ධා භවන්තො අභිසම්භවෙය්‍ය” යී.