16. 13
16. 13.
16. 13.
ථෙය්‍යං න කරෙය්‍ය න මුසා භණෙය්‍ය මෙත‍්තාය ඵස්සෙ තසථාවරානි, යදාවිලත‍්තං මනසො විජඤ‍්ඤා කණ‍්හස‍්ස පක‍්ඛොති විනොදයෙය්‍ය.
සොරකම් නො කරන්නේ යැ. මුසවා නො කියන්නේ යැ. තෘෂ්ණා සහිත වූ ද ස්ථාවර වූ ද (-පෘථග්ජන ක්‍ෂීණාස්‍රව) පුද්ගලයන් මෙත්සිතින් පතුරුවන්නේ යැ. යම් චිත්තයාගේ කැලැඹුණු බවක් දන්නේ නම්, එය මාරයාගේ පක්‍ෂයෙහි වනැයි දුරු කරන්නේ යි.
ථෙය්‍යං න කරෙය්‍ය න මුසා භණෙය්‍යාති - ‘ථෙය්‍යං න කරෙය්‍යා’ති ඉධ භික‍්ඛු අදින‍්නාදානං පහාය අදින‍්නාදානා පටිවිරතො අස‍්ස, දින‍්නාදායී දින‍්නපාටිකඞ‍්ඛී අථෙනෙන සුචිභූතෙන අත‍්තනා විහරෙය්‍යාති - ථෙය්‍යං න කරෙය්‍ය. න මුසා භණෙය්‍යාති ඉධ භික‍්ඛු මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො අස‍්ස, සච‍්චවාදී සච‍්චසන්‍ධො ථෙතො පච‍්චයිකො අවිසංවාදකො ලොකස‍්සාති - ථෙය්‍යං න කරෙය්‍ය න මුසා භණෙය්‍ය.
ථෙය්‍යං න කරෙය්‍ය න මුසා භණෙය්‍ය - ‘ථෙය්‍යං න කරෙය්‍ය’ යනු මෙහි මහණ තෙමෙ අයිනාදන් හැරැපියා අයිනාදනින් වෙන් වූයේ වන්නේ ය, දුන් දැය ගන්නේ දුන් දෙය කැමැති වනුයේ සොර නො වූ පිවිතුරු වූ සිතින් යුතු වැ වාසය කරන්නේ නුයි ‘ථෙය්‍යං න කරෙය්‍ය’ යනු වේ. න මුසා භණෙය්‍ය යනු: මෙහි මහණ තෙමෙ මුසවා හැරැපියා මුසවායෙන් වෙන් වූයේ වන්නේ ය, සබවස කියනුයේ සැබැවින් සැබැව ගළපනුයේ තිර වූයේ හැදැහියැ යුතු බස් ඇතියේ ලොව නො රවටනුයේ වන්නේ නුයි ‘ථෙය්‍යං න කරෙය්‍ය න මුසා භණෙය්‍ය’ යනු වේ.
මෙත‍්තාය ඵස‍්සෙ තසථාවරානීති - ‘මෙත‍්තා’ති “යා සත‍්තෙසු මෙත‍්ති මෙත‍්තායනා මෙත‍්තායිතත‍්තං අනුද‍්දයා අනුද‍්දයතා අනුද‍්දයිතත‍්තං හිතෙසිතා අනුකම‍්පා අබ්‍යාපාදො අබ්‍යාපජ‍්ජො අදොසො කුසලමූලං. තසාති යෙසං තසිනා තණ‍්හා අප‍්පහීනා, යෙසඤ‍්ච භයභෙරවා අප‍්පහීනා. කිං කාරණා වුච‍්චන‍්ති තසා? තෙ තසන‍්ති උත‍්තසන‍්ති පරිතසන‍්ති භායන‍්ති සන‍්තාසං ආපජ‍්ජන‍්ති. තංකාරණා වුච‍්චන‍්ති තසා. ථාවරාති යෙසං තසිනා තණ‍්හා පහීනා, යෙසඤ‍්ච භයභෙරවා පහීනා. කිංකාරණා වුච‍්චන‍්ති ථාවරා? තෙ න තසන‍්ති න උත‍්තසන‍්ති න පරිතසන‍්ති න භායන‍්ති, සන‍්තාසං න ආපජ‍්ජන‍්ති, තංකාරණා වුච‍්චන‍්ති ථාවරා. මෙත‍්තාය ඵස‍්සෙ තසථාවරානීති - තසෙ ච ථාවරෙ ච මෙත‍්තාය ඵස‍්සෙය්‍ය ඵරෙය්‍ය, මෙත‍්තාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ජෙන ඵරිත්‍වා විහරෙය්‍යාති - මෙත‍්තාය ඵස්සෙ තසථාවරානි.
මෙත්තාය ඵස්සෙ තසථාවරානි - ‘මෙත්තා’ නම්: සත්ත්‍වයන් කෙරෙහි යම් මෛත්‍රියෙක් මෛත්‍රී ආකාරයෙක් මෛත්‍රීසහගත සිත් ඇති බවෙක් අනුද්දයාවක් අනුද්දයාකාරයෙක් අනුද්දයා ඇති බවෙක් හිතෛෂී බවෙක් අනුකම්පාවක් අව්‍යාපාදයෙක් අව්‍යාපාද බවෙක් අද්වෙෂකුශලමූලයෙක් වේ ද එය යි. තස නම්: යම් කෙනකුන්ගේ තසිනාව තෘෂ්ණාව අප්‍රහීණ වූවා ද, තවද යම් කෙනකුන්ගේ බිය හා බියඅරමුණු අප්‍රහීණ වූවාහු ද, (ඔහු යැ.) කවර කරුණෙකින් ‘තසයෝ’ යැයි කියනු ලැබෙත් ද? ඔහු ත්‍රස්ත වෙති, උත්‍රස්ත වෙති, පරිත්‍රස්ත වෙති, බිය වෙති, සන්ත්‍රාසයට පැමිණෙත්; එකරුණෙන් ‘තස’ යී කියනු ලැබත්. ථාවරා යනු: යම් කෙනකුන්ගේ තසිනාව තෘෂ්ණාව ප්‍රහීණ වූවා ද, තවද යම් කෙනකුන්ගේ බිය හා බියඅරමුණු ප්‍රහීණ වූවාහු ද, (ඔහු යැ.) කවර කරුණෙකින් ‘ථාවරයෝ’ යැයි කියනු ලැබත් ද? ඔහු ත්‍රස්ත නො වෙති, උත්‍රස්ත නො වෙති, පරිත්‍රස්ත නො වෙති, බිය නො වෙති, සන්ත්‍රාසයට නො පැමිණෙත්; එ කරුණෙන් ‘ථාවරයෝ’ යැයි කියනු ලැබෙත්. මෙත්තාය ඵස්සෙ තසථාවරානි - ත්‍රස්තයන් ද ස්ථාවරයන් ද මෙත්සිතින් ස්පර්‍ශ කරන්නේ ය, පතුරුවන්නේ ය, විපුල වූ මහද්ගත වු අප්‍රමාණ වූ අවෛර වූ ව්‍යාපාද රහිත වූ මෛත්‍රීසහගත සිතින් පතුරුවා වාසය කරන්නේ නුයි ‘මෙත්තාය ඵස්සෙ තසථාවරානි’ යනු වේ.
යදාවිලත‍්තං මනසො විජඤ‍්ඤාති - ‘යදා’ති යං මනසොති “යං චිත‍්තං මනො මානසං හදයං පණ‍්ඩරං මනො මනායතනං මනින්‍ද්‍රියං විඤ‍්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො තජ‍්ජාමනොවිඤ‍්ඤාණධාතු” කායදුච‍්චරිතෙන චිත‍්තං ආවිලං හොති ලුළිතං එරිතං ඝට‍්ටිතං චලිතං භන‍්තං අවුපසන‍්තං, වචීදුච‍්චරිතෙන - මනොදුච‍්චරිතෙන - රාගෙන - දොසෙන - මොහෙන - කොධෙන - උපනාහෙන - මක‍්ඛෙන - පලාසෙන - ඉස‍්සාය - මච‍්ඡරියෙන - මායාය - සාඨෙය්‍යෙන - ථම‍්භෙන - සාරම‍්භෙන - මානෙන - අතිමානෙන - මදෙන - පමාදෙන - සබ‍්බකිලෙසෙහි - සබ‍්බදුච‍්චරිතෙහි - සබ‍්බදරථෙහි - සබ‍්බපරිළාහෙහි - සබ‍්බසන‍්තාපෙහි - සබ‍්බාකුසලාභිසඞ‍්ඛාරෙහි චිත‍්තං ආවිලං හොති ලුළිතං එරිතං ඝට‍්ටිතං චලිතං භන‍්තං අවුපසන‍්තං. යදාවිලත‍්තං මනසො විජඤ‍්ඤාති - චිත‍්තස‍්ස ආවිලභාවං ජානෙය්‍ය ආජානෙය්‍ය විජානෙය්‍ය පටිවිජානෙය්‍ය පටිවිජ‍්ඣෙය්‍යාති - යදාවිලත‍්තං මනසො විජඤ‍්ඤා.
යදාවිලත්තං මනසො විජඤ්ඤා - ‘යදා’ යනු: යම් ; මනසො යනු: යම් සිතෙක් මනසෙක් මානසයෙක් හෘදයයෙක් පණ්ඩර වූ භවාඞ්ගසිතෙක් මනසෙක් මනසඞ්ඛ්‍යාත ආයතනයෙක් මනෙන්ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, එය යි. කායදුශ්චරිතයෙන් සිත කැලැඹුණේ ක්‍ෂෝභ වූයේ කම්පිත වූයේ ගැටුණේ සැලුණේ භ්‍රාන්ත වූයේ නො සන්හිඳුනේ වෙයි; වාග්දුශ්චරිතයෙන් - මනෝදුශ්චරිතයෙන් - රාගයෙන් - ද්වේෂයෙන් - මෝහයෙන් - ක්‍රෝධයෙන් - උපනාහයෙන් - මකුබැවින් - පලාසයෙන් - ඊර්‍ෂ්‍යායෙන් - මාත්සර්‍ය්‍යයෙන් - මායායෙන් - ශාඨ්‍යයෙන් - ස්තම්භයෙන් - සාරම්භයෙන් - මානයෙන් - අතිමානයෙන් - මදයෙන් - ප්‍රමාදයෙන් - සියලු ක්ලේශයන් ගෙන් - සියලු දුශ්චරිතයන් ගෙන් සියලු දරථයන් ගෙන් - සියලු පරිදාහයන් ගෙන් - සියලු සන්තාපයන් ගෙන් සියලු අකුශලාභිසංස්කාරයන් ගෙන් සිත ආවිල වූයේ ලුලිත වූයේ කම්පිත වූයේ ඝට්ටිත වූයේ චලිත වූයේ භ්‍රාන්ත වූයේ අව්‍යුපශාන්ත වූයේ වෙයි; යදාවිලත්තං මනසො විජඤ්ඤා - චිත්තයාගේ කැලැඹුණු බව දන්නේ නම් හාත්පසින් දන්නේ නම්, වෙසෙසින් දන්නේ නම්, සර්‍වප්‍රකාරයෙන් දන්නේ නම්, ප්‍රතිවේධ කරන්නේ නම් යී ‘යදාවිලත්තං මනසො විජඤ්ඤා’ යනු වේ.
කණ‍්හස‍්ස පක‍්ඛොති විනොදයෙය්‍යාති - ‘කණ‍්හො’ති යො සො මාරො කණ‍්හො අධිපති අන‍්තගූ නමුචි පමත‍්තබන්‍ධු. කණ‍්හස‍්ස පක‍්ඛො මාරපක‍්ඛො මාරපාසො මාරබලිසං මාරාමිසං මාරවිසයො මාරනිවාපො මාරගොචරො මාරබන්‍ධනන‍්ති පජහෙය්‍ය විනොදෙය්‍ය බ්‍යන‍්තීකරෙය්‍ය අනභාවං ගමෙය්‍යාති - එවම‍්පි කණ‍්හස‍්ස පක‍්ඛොති විනොදයෙය්‍ය. අථවා කණ‍්හස‍්ස පක‍්ඛො - මාරපක‍්ඛො අකුසලපක‍්ඛො දුක‍්ඛුද්‍රයො දුක‍්ඛවිපාකො නිරයසංවත‍්තනිකො තිරච‍්ඡානයොනිසංවත‍්තනිකො පෙත‍්තිවිසයසංවත‍්තනිකොති පජහෙය්‍ය විනොදෙය්‍ය බ්‍යන‍්තීකරෙය්‍ය අනභාවං ගමෙය්‍යාති - එවම‍්පි කණ‍්හස‍්ස පක‍්ඛොති විනොදයෙය්‍ය.
කණ්හස්ස පක්ඛොති විනොදෙයෙය්‍ය - ‘කණ්හ’ නම්: යම් ඒ මාරයෙක් කෘෂ්ණයෙක් අධිපතියෙක් අන්ත (-මරණ) යට පමුණුවන්නෙක් නමුචි (-අකුශල් නො හරිනු) යෙක් ප්‍රමත්තබන්‍ධුයෙක් වේ ද, හේ යැ . කණ්හස්ස පක්ඛො - මාරපාක්‍ෂයෙක මාරපාශයෙක මාරබලිශයෙක මාරයාගේ ආමිෂයෙක් මාරවිෂයෙක මාර නිවාපයෙක මාරයාගේ ගෝචරයෙක මාරබන්‍ධනයෙකැ’ යි හරනේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනභාවයට පමුණුවන්නේ නුයි මෙසේත් ‘කණ්හස්ස පක්ඛොති විනොදෙයෙය්‍ය’ යනු වේ. නොහොත් කණ්හස්ස පක්ඛො - මාර - පක්‍ෂයෙහි වූයේ යැ, අකුශලපක්‍ෂයෙහි වූයේ යැ, දුක් උපදවන්නේ යැ, දුඃඛවිපාක යැ, නිරයෙහි ඉපදීම පිණිස පවත්නේ යැ, තිරිසන්යොන්හි ඉපදීම පිණිස පවත්නේ යැ, ප්‍රේතවිෂයෙහි ඉපදීම පිණිස පවත්නේ යැයි හරනේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනභාවයට පමුණුවන්නේ නුයි මෙසේත් ‘කණ්හස්ස පක්ඛොති විනොදෙයෙය්‍ය’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“ථෙය්‍යං න කරෙය්‍ය න මුසා භණෙය්‍ය මෙත‍්තාය ඵස්සෙ තසථාවරානි, යදාවිලත‍්තං මනසො විජඤ‍්ඤා කණ‍්හස‍්ස පක‍්ඛොති විනොදයෙය්‍යා”ති.
“ථෙය්‍යං න කරෙය්‍ය -පෙ- කණ්හස්ස පක්ඛොති විනොදෙයෙය්‍ය” යී.