යෙදුමෙන් කියවන්න

16. 12

16. 12.

16. 12.

ආතඞ‍්කඵස‍්සෙන ඛුදාය ඵුට‍්ඨො සීතං අථුණ‍්හං අධිවාසයෙය්‍ය. සො තෙහි ඵුට‍්ඨො බහුධා අනොකො විරියපරක‍්කමං දළ‍්හං කරෙය්‍ය.

රෝගස්පර්‍ශයෙන් ද ක්‍ෂුධායෙන් ද ස්පර්‍ශ කරන ලදුයේ ශීතය ද යළි උෂ්ණය ද ඉවසන්නේ ය. හෙ තෙමෙ ඒ රොගස්පර්‍ශාදියෙන් බොහෝ සෙයින් පහස්නා ලදුයේ අභිසංස්කාර සහගතවිඥානයට හෝ දුශ්චරිතයට අවකාශ නො කරනුයේ චෛතසික වීර්‍ය්‍යාරම්භය දැඩි ව කරන්නේ යි.

ආතඞ‍්කඵස‍්සෙන ඛුදාය ඵුට‍්ඨොති - ‘ආතඞ‍්කඵස‍්සො’ වුච‍්චති රොගඵස‍්සො. රොගඵස‍්සෙන ඵුට‍්ඨො පරෙතො සමොහිතො සමන‍්නාගතො අස‍්ස; චක‍්ඛුරොගෙන ඵුට‍්ඨො පරෙතො සමොහිතො සමන‍්නාගතො අස‍්ස; සොතරොගෙන - ඝානරොගෙන - ජිව‍්හාරොගෙන - කායරොගෙන -පෙ- ඩංසමකසවාතාතපසිරිංසපසම‍්ඵස‍්සෙන ඵුට‍්ඨො පරෙතො සමොහිතො සමන‍්නාගතො අස‍්ස. ‘ඛුදා’ වුච‍්චති ඡාතකො. ඡාතකෙන ඵුට‍්ඨො පරෙතො සමොහිතො සමන‍්නාගතො අස‍්සාති - ආතඞ‍්කඵස‍්සෙන ඛුදාය ඵුට‍්ඨො.

ආතඞ්කඵස්සෙන ඛුදාය ඵුට්ඨො - රොගස්පර්‍ශය ‘ආතඞ්කඵස්ස’ යී කියනු ලැබෙයි. රෝගස්පර්‍ශයෙන් පහස්නා ලදුයේ මඩනා ලදුයේ බැසගන්නා ලදුයේ සමන්‍විත වූයේ වන්නේ ය; චක්‍ෂුරෝගයෙන් පහස්නා ලදුයේ පෙළුණේ බැසගන්නා ලදුයේ සමන්‍විත වූයේ වන්නේ ය, ශ්‍රොත්‍රරොගයෙන් - ඝ්‍රාණරොගයෙන් - ජිහ්වාරොගයෙන් - කායරොගයෙන් … මැසි - මදුරු - වා - අව් - දිග්දෑපහසින් පහස්නා ලදුයේ මඩනා ලදුයේ යුක්ත වූයේ සමන්‍විත වූයේ වන්නේ ය. සාදුක ‘ඛුදා’යී කියනු ලැබේ. සාදුකින් පහස්නා ලදුයේ මඩනා ලදුයේ යුක්ත වූයේ සමන්‍විත වූයේ වන්නේ නුයි ‘ආතඞ්කඵස්සෙන ඛුදාය ඵුට්ඨො’ යනු වේ.

සීතං අථුණ‍්හං අධිවාසයෙය්‍යාති - ‘සීත’න‍්ති ද‍්වීහි කාරණෙහි සීතං හොති: අබ‍්භන‍්තරධාතුපකොප වසෙන වා සීතං හොති. බහිද‍්ධා උතුවසෙන වා සීතං හොති. උණ‍්හන‍්ති ද‍්වීහි කාරණෙහි උණ‍්හං හොති. අබ‍්භන‍්තරධාතුපකොපවසෙන වා උණ‍්හං හොති. බහිද‍්ධා උතුවසෙන වා උණ‍්හං හොතීති - සීතං අථුණ‍්හං. අධිවාසයෙය්‍යාති ඛමො අස‍්ස සීතස‍්ස උණ‍්හස‍්ස ජිඝච‍්ඡාය පිපාසාය ඩංසමකසවාතාතපසිරිංසපසම‍්ඵස‍්සානං, දුරුත‍්තානං දුරාගතානං වචනපථානං, උප‍්පන‍්නානං සාරීරිකානං වෙදනානං දුක‍්ඛානං තිප‍්පානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසකජාතිකො අස‍්සාති - සීතං අථුණ‍්හං අධිවාසයෙය්‍ය.

සිතං අථුණ්හං අධිවාසයෙය්‍ය - ‘සීතං’ යනු: දෙකරුණෙකින් ශීතය වෙයි: අභ්‍යන්තරධාතුකොපවශයෙන් හෝ ශීතය වේ. බාහිර ඍතුවශයෙන් හෝ ශීතය වේ. උණ්හං යනු: දෙකරුණෙකින් උෂ්ණය වෙයි: අභ්‍යන්තරධාතුකොපවශයෙන් හෝ උෂ්ණය වෙයි. බාහිර ඍතුවශයෙන් හෝ උෂ්ණය වේ නුයි ‘සීතං අථුණ්හං’ යනු වේ. අධිවාසයෙය්‍ය යනු: ශීත උෂ්ණ සා පවස් මැසිමදුරුවාඅව්දිග්දෑපහස් ඉවසනුයේ වන්නේ ය, නපුරු කොට කියන ලද දුක් උපදවන අයුරින් පැමිණි වචනයන් ද දුක් වූ ත්‍රීව්‍ර වූ රළු වූ කටුක වූ අමධුර වූ අමනාප වූ දිවි පැහැරගන්නා වූ උපන් ශාරීරික වේදනාවන් ඉවසන ස්වභාව ඇත්තේ වන්නේ නුයි ‘සීතං අථුණ්හං අධිවාසයෙය්‍ය’ යනු වේ.

සො තෙහි ඵුට‍්ඨො බහුධා අනොකොති - ‘සො තෙහී’ති ආතඞ‍්කඵස‍්සෙන ච ඛුදාය ච සීතෙන ච උණ‍්හෙන ච ඵුට‍්ඨො පරෙතො සමොහිතො සමන‍්නාගතො අස‍්සාති - සො තෙහි ඵුට‍්ඨො. බහුධාති අනෙකවිධෙහි ආකාරෙහි ඵුට‍්ඨො පරෙතො සමොහිතො සමන‍්නාගතො අස‍්සාති - සො තෙහි ඵුට‍්ඨො බහුධා. අනොකොති අභිසඞ‍්ඛාරසහගතවිඤ‍්ඤාණස‍්ස ඔකාසං න කරොතීතිපි - අනොකො. අථවා, කායදුච‍්චරිතස‍්ස වචීදුච‍්චරිතස‍්ස මනොදුච‍්චරිතස‍්ස ඔකාසං න කරොතීතිපි අනොකොති - සො තෙහි ඵුට‍්ඨො බහුධා අනොකො.

සො තෙහි ඵුට්ඨො බහුධා අනොකො - ‘සො තෙහි’ යනු: රෝගස්පර්‍ශයෙන් ද ක්‍ෂුධායෙන් ද ශීතයෙන් ද උෂ්ණයෙන් ද පහස්නා ලදුයේ මඩනා ලදුයේ යුක්ත වූයේ සමන්‍විත වූයේ වන්නේ නුයි ‘සො තෙහි ඵුට්ඨො’ යනු වේ. බහුධා යනු: නන්වැදෑරුම් අයුරින් පහස්නා ලදුයේ මඩනා ලදුයේ යුක්ත වූයේ සමන්‍විත වූයේ වන්නේ නුයි ‘සො තෙහි ඵුට්ඨො බහුධා’ යනු වේ. අනොකො යනු: කුශලාකුශල චෙතනාසම්ප්‍රයුක්ත විඥානයට අවකාශ නො කෙරේ නුයි ද ‘අනෝක’ යැ. නොහොත් කායදුශ්චරිතයට වාග්දුශ්චරිතයට මනොදුශ්චරිතයට අවකාශ නො කෙරේ නුයි ද ‘අනෝක’ නුයි ‘සො තෙහි ඵුට්ඨො බහුධා අනොකො’ යනු වේ.

විරියපරක‍්කමං දළ‍්හං කරෙය්‍යාති - ‘විරියපරක‍්කමො’ වුච‍්චති: “යො චෙතසිකො විරියාරම‍්භො නික‍්කමො පරක‍්කමො උය්‍යාමො වායාමො උස‍්සාහො උස‍්සොළ‍්හී අප‍්පටිවානී ථාමො ධිති අසිථිලපරක‍්කමතා අනික‍්ඛිත‍්තඡන්‍දතා අනික‍්ඛිත‍්තධුරතා ධුරසම‍්පග‍්ගාහො විරියං විරියින්‍ද්‍රියං විරියබලං සම‍්මාවායාමො”a. විරියපරක‍්කමං දළ‍්හං කරෙය්‍යාති - විරියපරක‍්කමං දළ‍්හං කරෙය්‍ය, ථිරං කරෙය්‍ය, දළ‍්හසමාදානො අස‍්ස අවත්‍ථිතසමාදානොති - විරියපරක‍්කමං දළ‍්හං කරෙය්‍ය.

විරියපරක්කමං දළ්හං කරෙය්‍ය - යම් චෛතසිකවීර්‍ය්‍යාරම්භයෙක් කෞසීද්‍යයෙන් නික්මැ යෑමෙක් පරාක්‍රමයෙක් උද්‍යමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් අධික උත්සාහයෙක් නො පසුබස්නා බවෙක් ස්ථිර බවෙක් කුශලසන්තානය ධරා සිටීමෙක් නො ලිහිල් පරාක්‍රම ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යච්ඡන්ද ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් වීර්‍ය්‍යධුරය දැඩිව ගැනීමෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද, එය ‘විරියපරක්කම’ යී කියනු ලැබේ. විරියපරක්කමං දළ්හං කරෙය්‍ය - චෛතසිකවීර්‍ය්‍යාරම්භය දැඩි කරන්නේ ය, ස්ථිර කරන්නේ ය, දෘඪසමාදාන ඇත්තේ බැසගන්නා ලද සමාදාන ඇත්තේ වන්නේ නුයි ‘විරියපරක්කමං දළ්හං කරෙය්‍ය’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“ආතඞ‍්කඵස‍්සෙන ඛුදාය ඵුට‍්ඨො සීතං අථුණ‍්හං අධිවාසයෙය්‍ය, සො තෙහි ඵුට‍්ඨො බහුධා අනොකො විරියපරක‍්කමං දළ‍්හං කරෙය්‍යා”ති.

“ආතඞ්කඵස්සෙන -පෙ- විරියපරක්කමං දළ්හං කරෙය්‍ය” යී.