යෙදුමෙන් කියවන්න

16. 11

16. 11.

16. 11.

පරධම‍්මිකානම‍්පි න සන‍්තසෙය්‍ය දිස‍්වාපි තෙසං බහුභෙරවානි, අථාපරානි අභිසම‍්භවෙය්‍ය පරිස‍්සයානි කුසලානුඑසී.

නො සහදැමියන්ට ද නො බිය වන්නේ යැ. ඔවුන්ගේ බොහෝ බිය උපදවන අරමුණු දැක ද නො තැතිගන්නේ යැ. තවද කුසල් දහම් සොයනුයේ අන් උවදුරු ද මැඩපවත්වන්නේ යි.

පරධම‍්මිකානම‍්පි න සන‍්තසෙය්‍ය දිස‍්වාපි තෙසං බහුභෙරවානීති - ‘පරධම‍්මිකා’ වුච‍්චන‍්ති සත‍්ත සහධම‍්මිකෙ ඨපෙත්‍වා යෙ කෙචි බුද‍්ධෙ ධම‍්මෙ සඞ‍්ඝෙ අප‍්පසන‍්නා. තෙ භික‍්ඛුං පඤ‍්හං වා පුච‍්ඡෙය්‍යුං වාදං වා ආරොපෙය්‍යුං, අක‍්කොසෙය්‍යුං පරිභාසෙය්‍යුං රොසෙය්‍යුං විරොසෙය්‍යුං හිංසෙය්‍යුං විහිංසෙය්‍යුං හෙඨෙය්‍යුං විහෙඨෙය්‍යුං ඝාතෙය්‍යුං උපඝාතෙය්‍යුං උපඝාතං වා කරෙය්‍යුං. තෙසං බහුභෙරවෙ පස‍්සිත්‍වා වා සුණිත්‍වා වා න වෙධෙය්‍ය න පවෙධෙය්‍ය න සම‍්පවෙධෙය්‍ය, න තසෙය්‍ය න සන‍්තසෙය්‍ය න උත‍්තසෙය්‍ය න පරිත‍්තසෙය්‍ය න භායෙය්‍ය න සන‍්තාසං ආපජ‍්ජෙය්‍ය, අභීරු අස‍්ස අච‍්ඡම‍්භී අනුත්‍රාසී අපලායී, පහීනභයභෙරවො විගතලොමහංසො විහරෙය්‍යාති - පරධම‍්මිකානම‍්පි න සන‍්තසෙය්‍ය දිස‍්වාපි තෙසං බහුභෙරවානි.

පරධම්මිකානම්පි න සන්තසෙය්‍ය දිස්වාපි තෙසං බහුභෙරවානි - සත් සහදැමියන් තබා බුදුන් දහම් සඟුන් කෙරෙහි නො පහන් වූ යම් කිසි කෙනෙක් ‘පරධම්මිකයෝ’ යැයි කියනු ලැබෙත්. ඔහු භික්‍ෂුහුගෙන් පැන හෝ පුළුවුස්නාහු ය, වාදාරෝපණය හෝ කරන්නාහු ය, ආක්‍රෝශ කරන්නාහු ය, පරිභව බණන්නාහු ය, කෝප කරන්නාහු ය, වෙසෙසින් කෝප කරන්නාහු ය, හිංසා කරන්නාහු ය, විහිංසා කරන්නාහු ය, පෙළන්නාහු ය, වෙසෙසින් පෙළන්නාහු ය, නසන්නාහු ය, වෙහෙසන්නාහු ය, උපඝාත හෝ කරන්නාහු ය. ඔවුන්ගේ බොහෝ වූ බිය උපදවන අරමුණු දැක හෝ අසා හෝ නො සැලෙන්නේ යැ, වෙසෙසින් නො සැලෙන්නේ යැ, හාත්පසින් නො සැලෙන්නේ යැ, නො තැතිගන්නේ යැ, සන්ත්‍රස්ත - උත්‍රස්ත - පරිත්‍රස්ත නො වන්නේ යැ, නො බියවන්නේ යැ, සන්ත්‍රාසයට නො පැමිණෙන්නේ යැ; නො බියසුලු නො සැලෙනසුලු නො තැතිගන්නා සුලු නො පලායනසුලු වන්නේ යැ, ප්‍රහීණ වූ බියඅරමුණු ඇතියේ පහවූ ලොමුදහ ඇතිව වාසය කරන්නේ නුයි ‘පරධම්මිකානම්පි න සන්තසෙය්‍ය දිස්වා පි තෙසං බහුභෙරවානි’ යනු වේ.

අථාපරානි අභිසම‍්භවෙය්‍ය පරිස‍්සයානි කුසලානුඑසීති - අථාපරානිපි අත්‍ථි අභිසම‍්භොතබ‍්බානි අභිභවිතබ‍්බානි අජ‍්ඣොත්‍ථරිතබ‍්බානි පරියාදියිතබ‍්බානි මද‍්දිතබ‍්බානි. පරිස‍්සයාති ද‍්වෙ පරිස‍්සයා: පාකටපරිස‍්සයා ච පටිච‍්ඡන‍්නපරිස‍්සයා ච -පෙ- එවම‍්පි තත්‍රාසයාති පරිස‍්සයා. කුසලානුඵසීති සම‍්මාපටිපදං අනුලොමපටිපදං අපච‍්චනීකපටිපදං අන්‍වත්‍ථපටිපදං -පෙ- අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං නිබ‍්බානඤ‍්ච නිබ‍්බානගාමිනිඤ‍්ච පටිපදං එසන‍්තෙන ගවෙසන‍්තෙන පරියෙසන‍්තෙන පරිස‍්සයා අභිසම‍්භොතබ‍්බා අභිභවිතබ‍්බා අජ‍්ඣොත්‍ථරිතබ‍්බා පරියාදියිතබ‍්බා මද‍්දිතබ‍්බාති - අථාපරානි අභිසම‍්භවෙය්‍ය පරිස‍්සයානි කුසලානුඑසී.

අථාපරානි අභිසම්භවෙය්‍ය පරිස්සයානි කුසලානුඵසි - තවද අන්‍ය වූ ත් මැඩියැ යුතු අභිභවනය කළ යුතු යටපත් කළයුතු හාත්පසින් ගත යුතු මර්දනය කළ යුත්තාහු ඇති. පරිස්සය නම්: ප්‍රකට පරිශ්‍රයෝ ද ප්‍රතිච්ඡන්න පරිශ්‍රයෝ දැයි පරිශ්‍රය (-උපද්‍රව) දෙකෙකි … මෙසේත් ‘තත්‍රාසය’ නුයි පරිශ්‍රය නම් වෙත්. කුසලානුඵසී යනු: සම්‍යක් ප්‍රතිපත්තිය අනුලොමප්‍රතිපත්තිය අවිරුද්ධප්‍රතිපත්තිය අන්වර්‍තථප්‍රතිපත්තිය … ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය නිර්‍වාණය ද නිර්‍වාණගාමිනීප්‍රතිපත්තිය ද සොයන්නහු විසින් ගවේෂණය කරන්නහු විසින් පර්‍ය්‍යෙෂණය කරන්නහු විසින් උපද්‍රවයෝ මැඩිය යුත්තාහු ය, අභිභවනය කළ යුත්තාහු ය, යටපත් කළ යුත්තාහු ය, හාත්පසින් ගත යුත්තාහු ය, මර්දනය කළ යුත්තාහු නුයි ‘අථාපරානි අභිසම්භවෙය්‍ය පරිස්සයානි කුසලානුඵසි’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“පරධම‍්මිකානම‍්පි න සන‍්තසෙය්‍ය දිස‍්වාපි තෙසං බහුභෙරවානි. අථාපරානි අභිසම‍්භවෙය්‍ය පරිස‍්සයානි කුසලානුඑසී”ති.

“පරධම්මිකානම්පි -පෙ- පරිස්සයානි කුසලානුඵසි” යී.