16. 10
16. 10.
16. 10.
පඤ්චන්න ධීරො භයානං න භායෙ භික්ඛු සතො සප්පරියන්තචාරී, ඩංසාධිපාතාන සිරිංසපානං මනුස්සඵස්සාන චතුප්පදානං.
ධීර වූ ස්මෘතිමත් වූ (ශීලාදි සතර) පර්‍ය්‍යන්තයෙහි හැසිරෙනසුලු ඒ මහණ තෙමෙ (මතු දක්වන) පඤ්ච භීතීන්ට නො බියවන්නේ යැ: ඇට මැස්සන් හා සෙසු මැස්සන්ට ද, දීර්ඝජාතීන්ට ද, චෞරාදි මනුෂ්යස්පර්ශයන්ට ද, සිංහාදි සිවුපාවුන්ට ද -
පඤ්චන්න ධීරො භයානං න භායෙති - ‘ධීරො’ති ධීරො පණ්ඩිතො පඤ්ඤවා බුද්ධිමා - ඤාණී විභාවී මෙධාවී වීරො පඤ්චන්නං භයානං න භායෙය්ය න තසෙය්ය න සන්තසෙය්ය න උත්තසෙය්ය න උත්තසෙය්ය න පරිත්තසෙය්ය න සන්තාසං ආපජ්ජෙය්ය, අභීරූ අස්ස අච්ඡම්භී අනුත්රාසී අපලායී පහීනභයභෙරවො විගතලොමහංසො විහරෙය්යාති - පඤ්චන්න ධීරො භයානං න භායෙ.
පඤ්චන්ත ධීරො භයානං න භායෙ - ‘ධීරො’ යනු ධීර වූයේ පණ්ඩිත වූයේ ප්‍රඥාවත් වූයේ බුද්ධිමත් වූයේ නුවණැතියේ තීරණප්‍රඥා ඇතියේ ධාරණප්‍රඥා ඇතියේ වීර වූයේ පඤ්ච භීතීන්ට නො බිය වන්නේ යැ, නො තැති ගන්නේ යැ, සන්ත්‍රස්ත නො වන්නේ යැ, උත්‍රස්ත නො වන්නේ යැ, හාත්පසින් නො තැති ගන්නේ යැ, සන්ත්‍රාසයට නො පැමිණෙන්නේ යැ, නො බියසුලු නො සැලෙනසුලු නො තැතිගන්නාසුලු නො පලායනසුලු වන්නේ යැ, ප්‍රහීණ වූ බිය අරමුණු ඇතියේ පහවූ ලොමුදහ ඇතියේ වෙසෙන්නේ නුයි ‘පඤ්චන්ත ධීරො භයානං න භායෙ’ යනු වේ.
භික්ඛු සතො සප්පරියන්තචාරීති - ‘භික්ඛූ’ති පුථුජ්ජනකල්යාණකො වා භික්ඛු, සෙඛො වා භික්ඛු; සතොති චතුහි කාරණෙහි සතො: කායෙ කායානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො, වෙදනාසු - චිත්තෙ - ධම්මෙසු ධම්මානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො; සො වුච්චති සතො; සප්පරියන්තචාරීති චත්තාරො පරියන්තා: සීලසංවරපරියන්තො, ඉන්ද්රියසංවරපරියන්තො, භොජනෙ මත්තඤ්ඤුතාපරියන්තො, ජාගරියානුයොගපරියන්තො; කතමො සීලසංවරපරියන්තො? ඉධ භික්ඛු සීලවා හොති. පාතිමොක්ඛසංවරසංවුතො විහරති, ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු, අන්තොපූතිභාවං පච්චවෙක්ඛමානො, අන්තො සීලසංවරපරියන්තෙ චරති; මරියාදං න භින්දති, අයං සීලසංවරපරියන්තො. කතමො ඉන්ද්රියසංවරපරියන්තො? ඉධ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී යත්වාධිකරණමෙනං -පෙ- චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා ඝානෙන ගන්ධං ඝායිත්වා - ජිව්හාය රසං සායිත්වා - කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා - මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති; රක්ඛති මනින්ද්රියං, මනින්ද්රියෙ සංවරං ආපජ්ජති ආදින්නපරියායං පච්චවෙක්ඛමානො අන්තො ඉන්ද්රියසංවරපරියන්තෙ චරති, මරියාදං න භින්දති, අයං ඉන්ද්රියසංවරපරියන්තො. කතමො භොජනෙ මත්තඤ්ඤුතාපරියන්තො? ඉධ භික්ඛු පටිසඞ්ඛා යොනිසො ආහාරං ආහාරෙති, නෙව දවාය, න මදාය, න මණ්ඩනාය, න විභූසණාය; යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය, විහිංසූපරතියා බ්රහ්මචරියානුග්ගහාය, ඉති පුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාමි, නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි, යාත්‍රා ච මෙ භවිස්සති. අනවජ්ජතා ච ඵාසුවිහාරො චාති. අක්ඛබ්භඤ්ජන - වණපටිච්ඡාදන - පුත්තමංසූපමං පච්චවෙක්ඛමානො අන්තො භොජනෙ මත්තඤ්ඤුතාපරියන්තෙ චරති, මරියාදං න භින්දති; අයං භොජනෙ මත්තඤ්ඤුතාපරියන්තො.
භික්ඛු සතෝ සප්පරියන්තචාරී - ‘භික්ඛු’ යනු: පෘථග්ජනකල්‍යාණක මහණ හෝ ශෛක්ෂ මහණ හෝ යැ; සතෝ යනු: කරුණු සතරෙකින් සිහි ඇතියේ: කයෙහි කායානුපස්සනාසතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ, වේදනාවන්හි - චිත්තයෙහි - ධර්මයන්හි ධම්මානුපස්සනාසතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ, හෙ තෙම සිහි ඇතියේ යයි කියනු ලැබේ. සප්පරියන්තචාරී පර්ය්යන්තයෝ සතර දෙනෙකි: ශීලසංවරපර්ය්යන්ත යැ, ඉන්ද්රියසංවරපර්ය්යන්ත යැ, භෝජනයෙහි මාත්රඥතාපර්ය්යන්ත යැ, ජාගර්ය්යානුයොගපර්ය්යන්ත යැයි. ශීලසංවරපර්‍ය්‍යන්තය කවරැ යත්: මෙ සස්නෙහි මහණ තෙමෙ සිල්වත් වෙයි, ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවර වැ වෙසෙයි, ආචාරයෙන් හා ගෝචරයෙන් සම්පූර්ණ වූයේ මදපමණ වරදෙහි බිය දක්නාසුලු වූයේ සමාදන් වැ ශික්ෂාපදයන්හි හික්මෙයි, අභ්‍යන්තරයෙහි පූතිභාවය (-සිල් රහිත බව) ප්රත්යවේක්ෂා කෙරෙමින්, ශීලසංවරපරිච්ඡෙදයාගේ ඇතුළත හැසිරෙයි; ශීලමර්ය්යාදාව නො බිඳී. මේ තෙමෙ ශීලසංවරපර්‍ය්‍යන්තය යි. ඉන්ද්‍රියසංවරපර්‍ය්‍යන්තය කවරැ යත්? මේ සස්නෙහි මහණ තෙමෙ ඇසින් රූපයක් දැක (ක්ලේශවස්තු වූ) නිමිති නො ගන්නේ වෙයි. (හස්තපාදාදී ආකාර සඞ්ඛ්‍යාත) අනුව්‍යඤ්ජන නො ගන්නේ වෙයි, යම් කරුණෙකින් මොහු ... චක්ෂුරින්ද්රියයෙහි සංවරයට පැමිණෙයි, කනින් ශබ්දයක් අසා - නැහැයෙන් ගඳක් අගා - දිවින් රසයක් විඳ - කයින් පහසක් පැහැස - මනසින් දහමක් දැන නිමිති නො ගන්නේ වෙයි, අනුව්‍යඤ්ජන නො ගන්නේ වෙයි, යම් කරුණෙකින් මනෙන්ද්රියය අසංවෘත වැ වාසය කරන මොහු අභිධ්‍යා දොම්නස් සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම්, ඒ මනෙන්ද්රියයා ගේ සංවරය පිණිස පිළිපදී, මනෙන්ද්රියය රකී, මනෙන්ද්රියයෙහි සංවරයට පැමිණේ. ආදීප්තපර්ය්යාය දේශනාව ප්රත්යවේක්ෂා කෙරෙමින් ඉන්ද්රියසංවරපරිච්ඡෙදය අභ්‍යන්තරයෙහි හැසිරෙයි, ඉන්ද්රියසංවරමර්ය්යාදාව නො බිඳී. මේ තෙමෙ ඉන්ද්‍රියසංවරපර්‍ය්‍යන්තය යි භෝජනයෙහි මාත්‍රඥතාපර්‍ය්‍යන්තය කවරැ යත්? මෙ ශාසනයෙහි මහණ තෙමෙ නුවණින් ප්රත්යවේක්ෂා කොට අහර වළඳයි, කෙළි පිණිස නො වළඳයි, මද පිණිස - අලඞ්කාර පිණිස - සැරැසුම් පිණිස නො වළඳයි, යම්තාක් මේ කයෙහි පැවැත්ම පිණිස යැපීම පිණිස බඩගිනි වේදනා නැසීම පිණිස බඹසරට අනුග්‍රහ පිණිස වළඳයි, මෙසේ ‘පැරණි බඩගිනි වේදනාව නසමි, අලුත් වේදනාත් නූපදවමි, මාගේ යැපීම ද වන්නේය, නිවරද බව ද සුඛවිහරණය ද වන්නේ ය’ යි අක්ෂාභ්යඞ්ගොපමාව ද ව්රණප්රතිච්ඡාදනොපමාව ද පුත්රමාංසොපමාව ද ප්රත්යවේක්ෂා කෙරෙමින් භෝජනයෙහි මාත්රඥතාපරිච්ඡෙදය අභ්‍යන්තරයෙහි හැසිරෙයි, මර්‍ය්‍යාදාව නො බිඳී. මේ තෙමෙ භෝජනයෙහි මාත්‍රඥතාපර්‍ය්‍යන්තය යි.
කතමො ජාගරියානුයොගපරියන්තො? ඉධ භික්ඛු දිවසං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති, රත්තියා පඨමං යාමං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති. රත්තියා මජ්ඣිමං යාමං දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙති පාදෙ පාදං අච්චාධාය සතො සම්පජානො උට්ඨානසඤ්ඤං මනසි කරිත්වා, රත්තියා පච්ඡිමං යාමං පච්චුට්ඨාය චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති. භද්දෙකරත්තවිහාරං පච්චවෙක්ඛමානො අන්තොජාගරියානුයොගපරියන්තෙ චරති, මරියාදං න භින්දති; අයං ජාගරියානුයොගපරියන්තොති - භික්ඛු සතො සප්පරියන්තචාරී.
ජාගර්‍ය්‍යානුයොගපර්‍ය්‍යන්තය කවරැ යත්: මේ ශාසනයෙනි මහණ තෙමෙ දහවල සක්මනින් හා හිඳීමෙන් නීවරණධර්‍මයන් කෙරෙන් (හෝ සියලු අකුශලධර්‍මයන්ගෙන්) සිත පිරිසුදු කරන්නේ යැ. රෑ පෙරයම සක්මනින් හා හිඳීමෙන් නීවරණධර්‍මයන් කෙරෙන් සිත පිරිසුදු කරන්නේ යැ. රෑ මැදියම දකුණු පයෙහි වම්පය මඳක් ඇදතබා සිහි නුවණින් ‘නැඟීසිටිමි’ යන සංඥාව මෙනෙහි කොට දකුණුපසින් සිංහශය්‍යාව කෙරෙයි. රෑ අලුයම නැඟීසිට සක්මනින් හා හිඳීමෙන් නීවරණධර්මයන්ගෙන් සිත පිරිසුදු කෙරෙයි. භද්රෛකරාත්රවිහරණය ප්රත්යවේක්ෂා කෙරෙමින් ජාගර්‍ය්‍යානුයෝග පරිච්ඡෙදය අභ්‍යන්තරයෙහි හැසිරෙයි. මර්‍ය්‍යාදාව නො බිඳී. මේ තෙමෙ ජාගර්‍ය්‍යානුයොගපර්‍ය්‍යන්තය වේ යයි ‘භික්ඛු සතෝ සප්පරියන්තචාරී’ යනු වේ.
ඩංසාධිපාතාන සිරිංසපානන්ති - ‘ඩංසා’ වුච්චන්ති පිඞ්ගලමක්ඛිකායො; ‘අධිපාතකා’ වුච්චන්ති සබ්බාපි මක්ඛිකායො; කිං කාරණා අධිපාතකා වුච්චන්ති සබ්බාපි මක්ඛිකායො? තා උප්පතිත්වා උප්පතිත්වා ඛාදන්ති; තංකාරණා අධිපාතකා වුච්චන්ති සබ්බාපි මක්ඛිකායො. ‘සිරිංසපා’ වුච්චන්ති අහීති - ඩංසාධිපාතාන සිරිංසපානං
ඩංසාධිපාතාන සිරිංසපානං - පිඞ්ගල මැස්සෝ ‘ඩංස’ යී කියනු ලැබෙත්: සියලු මැ මැස්සෝ ‘අධිපාතක’ යී කියනු ලැබෙත්. කවර කරුණෙකින් සියලු මැ මැස්සෝ ‘අධිපාතකයෝ’ යැයි කියනු ලැබෙත් ද යත්: ඔහු නැඟී නැඟී කති. එ කරුණෙන් සියලු මැ මැස්සෝ ‘අධිපාතකයෝ’ යැයි කියනු ලැබෙත්. සර්පයෝ ‘සිරිංසප’ යී කියනු ලැබෙත් නුයි ‘ඩංසාධිපාතාන සිරිංසපානං’ යනු වේ.
මනුස්සඵස්සාන චතුප්පදානන්ති - ‘මනුස්සඵස්සා’ වුච්චන්ති චොරා වා අස්සු මානවා වා කතකම්මා වා අකතකම්මා වා; තෙ භික්ඛුං පඤ්හං වා පුච්ඡෙය්යුං, වාදං වා ආරොපෙය්යුං, අක්කොසෙය්යුං පරිභාසෙය්යුං රොසෙය්යුං විරොසෙය්යුං හිංසෙය්යුං විහිංසෙය්යුං හෙඨෙය්යුං විහෙඨෙය්යුං ඝාතෙය්යුං උපඝාතෙය්යුං උපඝාතං වා කරෙය්යුං. යො කොචි මනුස්සතො උපඝාතො මනුස්සඵස්සො; චතුප්පදානන්ති සීහා බ්යග්ඝා දීපී අච්ඡා තරච්ඡා කොකා මහිසා හත්ථි; තෙ භික්ඛුං මද්දෙය්යුං ඛාදෙය්යුං හිංසෙය්යුං විහිංසෙය්යුං හෙඨෙය්යුං විහෙඨෙය්යුං ඝාතෙය්යුං උපඝාතෙය්යුං උපඝාතං වා කරෙය්යුං, චතුප්පදතො උපඝාතො යං කිඤ්චි චතුප්පදභයන්ති - මනුස්සඵස්සාන චතුප්පදානං.
මනුස්සඵස්සාන චතුප්පදානං - කළ සොරකම් ඇති හෝ නො කළ සොරකම් ඇති හෝ සොරු හෝ සැහැසි මනුෂ්‍යයෝ වන්නාහුය. (ඔහු) ‘මනුස්සඵස්ස’ යී කියනු ලැබෙත්. ඔහු මහණහු පැන හෝ පුළුවුස්නාහු ය, වාදාරෝපණය හෝ කරන්නාහු ය, ආක්‍රෝශ කරන්නාහු ය, පරිභව කරන්නාහු ය, කෝප කරන්නාහු ය, වෙසෙසින් කෝප කරන්නාහු ය, හිංසා කරන්නාහු ය, විහිංසා කරන්නාහු ය, පෙළන්නාහු ය, වෙසෙසින් පෙළන්නාහු ය, නසන්නාහු ය, වෙහෙසන්නාහු ය, උපඝාත හෝ කරන්නාහු ය. මිනිසුන් කෙරෙන් යම් කිසි උපඝාතයෙක් වේ නම් එය ‘මනුස්සඵස්ස’ නමි. ‘චතුපපදානං’ යනු සිංහයෝ යැ ව්‍යාඝ්‍රයෝ යැ දිවියෝ යැ වලස්සු යැ තරස්හු යැ වෘකයෝ යැ මිහිවෝ යැ හස්තීහු යි. ඔහු භික්ෂුහු මඩනාහු ය, කන්නාහු ය, හිංසා කරන්නාහු ය, විහිංසා කරන්නාහු ය, පෙළන්නාහු ය, වෙසෙසින් පෙළන්නාහු ය, නසන්නාහු ය, වෙහෙසන්නාහු ය, උපඝාත හෝ කරන්නාහු ය. සිවුපාවුන් කෙරෙන් උපඝාතයෙක් යම් කිසි සිවුපාබියෙක් නුයි ‘මනුස්සඵස්සාන චතුප්පදානං’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“පඤ්චන්න ධීරො භයානං න භායෙ භික්ඛු සතො සප්පරියන්තචාරී, ඩංසාධිපාතාන සිරිංසපානං මනුස්සඵස්සාන චතුප්පදාන”න්ති.
“පඤ්චන්ත ධීරො භයානං -පෙ- මනුස්සඵස්සාන චතුප්පදානං” යී.