යෙදුමෙන් කියවන්න

16. 9

16. 9.

16. 9.

විජිගුච‍්ඡමානස‍්ස යදිදං ඵාසු (සාරිපුත‍්තාති භගවා) රිත‍්තාසනං සයනං සෙවතො වෙ, සම‍්බොධිකාමස‍්ස යථානුධම‍්මං තං තෙ පවක‍්ඛාමි යථා පජානං.

(ශාරීපුත්‍රය යී බුදුහු මෙසේ වදාළහ) ජාත්‍යාදියෙන් පිළිකුල් කරන්නා වූ ඒකාන්තයෙන් විවික්තාසනය ශයනය සෙවුණා වූ (සතර මාර්‍ගඥාන සඞ්ඛ්‍යාත) සම්බෝධිය කැමැත්තා වූ මහණ හට යම් ඒ ඵාසුවිහරණයෙක් වේ ද, යම් අනුධර්‍මයකුත් වේ ද, එය තොපට (ප්‍රත්‍යක්‍ෂ කොට) දතුවකු සෙයින් ප්‍රකාශ කරන්නෙමි.

විජිගුච‍්ඡමානස‍්ස යදිදං ඵාසූති - ‘විජිගුච‍්ඡමානස‍්සා’ති ජාතියා විජිගුච‍්ඡමානස‍්ස, ජරාය - බ්‍යාධිනා - මරණෙන - සොකෙහි - පරිදෙවෙහි - දුක‍්ඛෙහි - දොමනස‍්සෙහි - උපායාසෙහි -පෙ- දිට‍්ඨිබ්‍යසනෙන දුක‍්ඛෙන විජිගුච‍්ඡමානස‍්ස අට‍්ටීයමානස‍්ස හරායමානස‍්සාති - විජිගුච‍්ඡමානස‍්ස; යදිදං ඵාසූති යං ඵාසු ඵාසුවිහාරං තං කථයිස‍්සාමි; කතමො ඵාසුවිහාරො? සම‍්මාපටිපදා අනුලොමපටිපදා අපච‍්චනීකපටිපදා අන්‍වත්‍ථපටිපදා ධම‍්මානුධම‍්මපටිපදා සීලෙසු පරිපූරකාරිතා ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරතා භොජනෙසු මත‍්තඤ‍්ඤුතා ජාගරියානුයොගො සතිසම‍්පජඤ‍්ඤං චත‍්තාරො සතිපට‍්ඨානා චත‍්තාරො සම‍්මප‍්පධානා චත‍්තාරො ඉද‍්ධිපාදා පඤ‍්චින්‍ද්‍රියානි පඤ‍්ච බලානි සත‍්ත බොජ‍්ඣඞ‍්ගා අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො නිබ‍්බානඤ‍්ච නිබ‍්බානගාමිනී ච පටිපදා; අයං ඵාසුවිහාරොති - විජිගුච‍්ඡමානස‍්ස යදිදං ඵාසු.

විජිගුච්ඡමානස්ස යදිදං ඵාසු - ‘විජිගුච්ඡමානස්ස’ යනු: ජාතියෙන් ජුගුප්සා කරන්නහුට, ජරාවෙන් - ව්‍යාධියෙන් - මරණයෙන් - ශෝකයෙන් - පරිදේවයෙන් - දුකින් - දොම්නසින් - උපායාසයෙන් … දෘෂ්ටිව්‍යසනයෙන් වූ දුකින් ජුගුප්සා කරන්නහුට දුක් වන්නහුට ලජ්ජා වන්නහුට නුයි ‘විජිගුච්ඡමානස්ස’ යනුවේ. යදිදං ඵාසු යනු: යම් ඵාසුවිහරණයෙක් වේ නම්, එය කියන්නෙමි. ඵාසුවිහරණය කවරැ යත්: සම්‍යක්ප්‍රතිපත්ති යැ අනුලොමප්‍රතිපත්ති යැ අවිරුද්ධප්‍රතිපත්ති යැ අන්වර්‍තථප්‍රතිපත්ති යැ ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති යැ ප්‍රාතිමෝක්‍ෂශීලයෙහි පරිපූර්‍ණකාරී බව යැ ඉන්‍ද්‍රියයන්හි පියූ දොර ඇති බව යැ භෝජනයෙහි පමණ දන්නා බව යැ නිදි දුරු කිරීමෙහි යෙදීම යැ ස්මෘතිසම්ප්‍රඥානය යැ සතර සතිපට්ඨානයෝ යැ සතර ඍද්ධිපාදයෝ යැ පඤ්චේන්‍ද්‍රියයෝ යැ පඤ්ච බලයෝ යැ සප්ත බෝධ්‍යඞ්ගයෝ යැ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ග යැ නිර්‍වාණය ද නිර්‍වාණගාමිනී ප්‍රතිපත්තිය ද යන මේ ඵාසුවිහරණය නුයි ‘විජිගුච්ඡමානස්ස යදිදං ඵාසු’ යනු වේ.

සාරිපුත‍්තාති - භගවා තං ථෙරං නාමෙනාලපති; භගවාති ගාරවාධිවචනං; අපිච, භග‍්ගරාගොති භගවා; භග‍්ගදොසොති භගවා; භග‍්ගමොහොති භගවා; භග‍්ගමානොති භගවා; භග‍්ගදිට‍්ඨීති භගවා; භග‍්ගකණ‍්ටකොති භගවා; භග‍්ගකිලෙසොති භගවා; භජි විභජි පටිවිභජි ධම‍්මරතනන‍්ති භගවා භවානං අන‍්තකරොති භගවා, භාවිතකායො භාවිතසීලො භාවිතචිත‍්තො භාවිතපඤ‍්ඤොති භගවා; භජි වා භගවා අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි අප‍්පසද‍්දානි අප‍්පනිග‍්ඝොසානි විජනවාතානි මනුස‍්සරාහසෙය්‍යකානි පටිසල‍්ලානසාරුප‍්පානී‘ති භගවා, භාගී වා භගවා චීවර පිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානන‍්ති භගවා, භාගී වා භගවා අත්‍ථරසස‍්ස ධම‍්මරසස‍්ස විමුත‍්තිරසස‍්ස අධිසීලස‍්ස අධිචිත‍්තස‍්ස අධිපඤ‍්ඤායාති භගවා. භාගී වා භගවා චතුන‍්නං ඣානානං චතුන‍්නං අප‍්පමඤ‍්ඤානං චතුන‍්නං අරූපසමාපත‍්තීනන‍්ති භගවා, භාගී වා භගවා අට‍්ඨන‍්නං විමොක‍්ඛානං අට‍්ඨන‍්නං අභිභායතනානං නවන‍්නං අනුපුබ‍්බවිහාරසමාපත‍්තීනන‍්ති භගවා; භාගී වා භගවා දසන‍්නං සඤ‍්ඤාභාවනානං දසන‍්නං කසිණසමාපත‍්තීනං, ආනාපානසතිසමාධිස‍්ස අසුභසමාපත‍්තියාති භගවා, භාගී වා භගවා චතුන‍්නං සතිපට‍්ඨානානං චතුන‍්නං සම‍්මප‍්පධානානං චතුන‍්නං ඉද‍්ධිපාදානං පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං පඤ‍්චන‍්නං බලානං සත‍්තන‍්නං බොජ‍්ඣඞ‍්ගානං අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්සාති භගවා; භාගී වා භගවා දසන‍්නං තථාගතබලානං චතුන‍්නං වෙසාරජ‍්ජානං චතුන‍්නං පටිසම‍්භිදානං ඡන‍්නං අභිඤ‍්ඤානං ඡන‍්නං බුද‍්ධධම‍්මානන‍්ති භගවා, භගවාති නෙතං නාමං මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත‍්තාමච‍්චෙහි කතං, න ඤාතිසාලොහිතෙහි කතං, න සමණබ්‍රාහ‍්මණෙහි කතං, න දෙවතාහි කතං, විමොක‍්ඛන‍්තිකමෙතං බුද‍්ධානං භගවන‍්තානං බොධියා මූලෙ සහ සබ‍්බඤ‍්ඤුතඤාණස‍්ස පටිලාභා සච‍්ඡිකා පඤ‍්ඤත‍්ති යදිදං භගවාති - සාරිපුත‍්තාති භගවා. ‘

සාරිපුත්ත - යනු: බුදුහු ඒ තෙරුන් නමින් අමතන සේක. භගවා යනු: ගෞරවාධිවචන යැ; තවද, බුන් රාග ඇත් නුයි භගවත් යැ, බුන් ද්වේෂ ඇත් නුයි භගවත් යැ, බුන් මෝහ ඇත් නුයි භගවත් යැ, බුන් මාන ඇත් නුයි භගවත් යැ, බුන් දෘෂ්ටි ඇත් නුයි භගවත් යැ, බුන් කෙලෙස් කටු ඇත් නුයි භගවත් යැ, බුන් කෙලෙස් ඇත් නුයි භගවත් යැ, දහම්රුවන් භාග - විභාග - ප්‍රවිභාග කළාහු නුයි භගවත් යැ, භවයන් කෙළවර කළාහු නුයි භගවත් යැ, භාවිත ( - වඩන ලද) කය ඇත් නුයි, භාවිත ශීල - භාවිතචිත්ත - භාවිතප්‍රඥා ඇත්තාහු නුයි භගවත් යැ; නොහොත් බුදුහු අල්පශබ්ද වූ අල්පනිර්ඝෝෂ වූ ජනවාත රහිත වූ මිනිසුන් ගේ රහස් කරුණුවලට තැන් වූ විවේකයට අනුරූප වූ වනයෙහි දුර සෙනසුන් ඉතා දුර සෙනසුන් වනපර්‍ය්‍යන්ත සෙනසුන් භජනය කළාහු නුයි භගවත් යැ, නොහොත් බුදුහු චීවර පිණ්ඩපාතසෙනාසන ග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාරයනට හිමි වූවාහු නුයි භගවත් යැ, නොහොත් බුදුහු අර්‍තථරසයට ධර්‍මරසයට විමුක්තිරසයට අධිශීලයට අධිචිත්තයට අධිප්‍රඥාවට හිමි වූවාහු නුයි භගවත් යැ, නොහොත් බුදුහු සතර ධ්‍යානයන්ට සතර අප්‍රාමාණ්‍යයන්ට සතර අරූපසමාපත්තීන්ට හිමි වූවාහු නුයි භගවත් යැ, නොහොත් බුදුහු අෂ්ට විමෝක්‍ෂයන්ට සතර අභිභායතනයන්ට නව අනුපූර්‍වවිහාරසමාපත්තීන්ට හිමි වූවාහු නුයි භගවත් යැ, නොහොත් බුදුහු දශ සංඥාභාවනාවන්ට දශ කෘත්ස්නසමාපත්තීන්ට අනාපානස්මෘතිසමාධියට අශුභ සමාපත්තියට හිමි වූවාහු නුයි භගවත් යැ, නොහොත් බුදුහු සතර සතිපට්ඨානයන්ට සතරසම්‍යක්ප්‍රධානයන්ට සතර ඍද්ධිපාදයන්ට පඤ්ච බලයන්ට සප්ත බොධ්‍යඞ්ගයන්ට ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයට හිමි වූවාහු නුයි භගවත් යැ, නොහොත් බුදුහු දශ තථාගතබලයන්ට චතුර්වෛශාරද්‍යයන්ට සතර ප්‍රතිසංවිද්ධර්‍මයන්ට ෂඩභිඥාවන්ට ෂඩ්බුද්ධධර්‍මයන්ට හිමි වූවාහු නුයි භගවත් නම් වූහ. ‘භගවත්’ යන තෙල නාමය මෑණියන් විසින් නො කරන ලද, පියාණන් විසින් නො කරන ලද, බෑයකු විසින් නො කරන ලද, බූනක විසින් නො කරන ලද, සගයහළුවන් විසින් නො කරන ලද, නෑයන් විසින් නො කරන ලද, මහණබමුණන් විසින් නො කරන ලද, දෙවියන් විසින් නො කරන ලද, යම් මේ ‘භගවත්’ යන නාමයෙක් වී නම්, තෙල භාග්‍යවත් වූ බුදුවරයන්ට අර්‍හන්මාර්‍ගයාගේ අන්තයෙහි බෝමුල දී සර්‍වඥතාඥානය ලැබීම සමඟ රහත්ඵලය (හෝ සර්‍වධර්‍මයන්) ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියක් වී නුයි ‘සාරිපුත්තාති භගවා’ යනු වේ.

රිත‍්තාසනං සයනං සෙවතො වෙති - ‘ආසනං’ වුච‍්චති යත්‍ථ නිසීදති මඤ‍්චො පීඨං භිසි තට‍්ටිකා චම‍්මඛණ‍්ඩො තිණසන්‍ථාරො පණ‍්ණසන්‍ථාරො පලාල සන්‍ථාරො; ‘සයනං’ වුච‍්චති සෙනාසනං: විහාරො අඩ‍්ඪයොගො පාසාදො හම‍්මියං ගුහා, තං සයනාසනං අසප‍්පායරූපදස‍්සනෙන රිත‍්තං විවිත‍්තං පවිවිත‍්තං, අසප‍්පායසද‍්දසවණෙන -පෙ- අසප‍්පායෙහි පඤ‍්චහි කාමගුණෙහි රිත‍්තං විවිත‍්තං පවිවිත‍්තං; රිත‍්තං සයනාසනං සෙවතො නිසෙවතො සංසෙවතො පටිසෙවතොති - රිත‍්තාසනං සයනං සෙවතො වෙ.

රිත්තාසනං සයනං සෙවතො චෙ - යම් තැනෙක හිඳී නම්, එය ‘ආසන’ යී කියනු ලැබෙයි: ඇඳ පුටු බිසි තට්ටිකා සම්කඩ තණඇතිරිය පන්ඇතිරිය පිදුරුඇතිරිය යි, සේනාසනය ‘සයන’ යී කියනු ලැබෙයි: විහාර යැ ගුරුළුවක් ගෙයැ ප්‍රාසාදය යැ හර්‍ම්‍ය යැ ගුහා යි; ඒ ශයනාසනය අසත්ප්‍රායරූපදර්‍ශනයෙන් රික්ත යැ විවික්ත යැ ප්‍රවිවික්ත යි; අසත්ප්‍රාය ශබ්දශ්‍රවණයෙන් … අසත්ප්‍රාය වූ පඤ්චකාමගුණයන් ගෙන් සිස් යැ විවෙක යැ අතිශයින් විවෙක යි. විවෙක වූ ශයනාසනය සෙවුණාහට නිති සෙවුණාහට මැනැවින් සෙවුණාහට වෙසෙසින් සෙවුණාහට නුයි ‘රිත්තාසනං සයනං සෙවතො වෙ’ යනු වේ.

සම‍්බොධිකාමස‍්ස යථානුධම‍්මන‍්ති - ‘සම‍්බොධි’ වුච‍්චති චතූසු මග‍්ගෙසු ඤාණං පඤ‍්ඤා පඤ‍්ඤින්‍ද්‍රියං පඤ‍්ඤාබලං -පෙ- ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො වීමංසා විපස‍්සනා සම‍්මාදිට‍්ඨි; තං සම‍්බොධිං බුජ‍්ඣිතුකාමස‍්ස අනුබුජ‍්ඣිතුකාමස‍්ස පටිවිජ‍්ඣිතුකාමස‍්ස සම‍්බුජ‍්ඣිතුකාමස‍්ස අධිගන‍්තුකාමස‍්ස ඵස‍්සිතුකාමස‍්ස සච‍්ඡිකාතුකාමස‍්සාති - සම‍්බොධිකාමස‍්ස; යථානුධම‍්මන‍්ති කතමෙ බොධියා අනුධම‍්මා? සම‍්මාපටිපදා අනුලොමපටිපදා අපච‍්චනීකපටිපදා අන්‍වත්‍ථපටිපදා ධම‍්මානුධම‍්මපටිපදා සීලෙසු පරිපූරකාරිතා ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරතා භොජනෙසු මත‍්තඤ‍්ඤුතා ජාගරියානුයොගො සතිසම‍්පජඤ‍්ඤං; ඉමෙ වුච‍්චන‍්ති බොධියා අනුධම‍්මා; අථවා චතුන‍්නං මග‍්ගානං පුබ‍්බභාගෙ විපස‍්සනා, ඉමෙ වුච‍්චන‍්ති බොධියා අනුධම‍්මාති - සම‍්බොධිකාමස‍්ස යථානුධම‍්මං.

සම්බොධිකාමස්ස යථානුධම්මං - සතර මාර්‍ගඥානය ප්‍රඥාව ප්‍රඥෙන්ද්‍රියය ප්‍රඥාබලය … ධර්‍මවිචයසමෙබාධ්‍යඞ්ගය වීමංසාව විදර්‍ශනාව සම්‍යග්දෘෂ්ටිය ‘සම්බෝධි’ යී කියනු ලැබෙයි. ඒ සම්බෝධිය අවබෝධ කරනු කැමැත්තහුට අනුරූපප්‍රතිපත්තියෙන් අවබෝධ කරනු කැමැත්තහුට ප්‍රතිවේධ කරනු කැමැත්තහුට මැනැවින් අවබෝධ කරනු කැමැත්තහුට අධිගමය කරනු කැමැත්තහුට ස්පර්‍ශ කරනු කැමැත්තහුට ප්‍රත්‍යක්‍ෂ කරනු කැමැත්තහුට නුයි ‘සම්බොධිකාමස්ස’ යනු වේ. යථානුධම්මං යන (මෙහි) බෝධියට අනුධර්‍මයෝ කවරහ යත්: සම්‍යක්ප්‍රතිපත්තිය අනුලොමප්‍රතිපත්තිය අප්‍රත්‍යනීකප්‍රතිපත්තිය අන්වර්‍තථප්‍රතිපත්තිය ධර්‍මානුධර්‍මප්‍රතිපත්තිය ප්‍රාතිමෝක්‍ෂශීලයෙහි සම්පූර්‍ණ කරන සුලු බව ඉන්‍ද්‍රියයන්හි ගොපිතද්වාර ඇති බව භෝජනයෙහි පමණ දන්නා බව නිදි දුරු කිරීමෙහි යෙදීම ස්මෘතිය හා සම්‍යක් ප්‍රඥාව යන මොහු මාර්‍ගඥාන සඞ්ඛ්‍යාත බෝධියට අනුධර්‍මයෝ යයි කියනු ලැබෙත්; නොහොත් සතර ආර්‍ය්‍යමාර්‍ගයන්ගේ පූර්‍වභාගයෙහි උපන් විදර්‍ශනාව යි. මොහු මාර්‍ගඥාන බෝධියට අනුධර්‍මයෝ යයි කියනු ලැබෙත් නුයි ‘සම්බොධිකාමස්ස යථානුධම්මං’ යනු වේ.

තං තෙ පවක‍්ඛාමි යථා පජානන‍්ති - ‘ත’න‍්ති බොධියා අනුධම‍්මං පවක‍්ඛාමීති පවක‍්ඛාමි ආචික‍්ඛිස‍්සාමි දෙසෙස‍්සාමි පඤ‍්ඤපෙස‍්සාමි පට‍්ඨපෙස‍්සාමි විචරිස‍්සාමි විභජිස‍්සාමි උත‍්තානීකරිස‍්සාමි පකාසිස‍්සාමි; යථා පජානන‍්ති යථා පජානං යථා පජානන‍්තො ආජානන‍්තො විජානන‍්තො පටිවිජානන‍්තො පටිවිජ‍්ඣන‍්තො, න ඉතිහිතිහං න ඉතිකිරාය න පරම‍්පරාය න පිටකසම‍්පදාය න තක‍්කහෙතු න නයහෙතු න ආකාරපරිවිතක‍්කෙන න දිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්තියා සාමං සයං අභිඤ‍්ඤාතං අත‍්තපච‍්චක‍්ඛං ධම‍්මං තං කථයිස‍්සාමීති - තං තෙ පවක‍්ඛාමි යථා පජානං.

තං තෙ පවක්ඛාමි යථා පජානං - ‘තං’ යනු: බෝධියට අනුධර්‍මය; පවක්ඛාමි යනු: කියන්නෙමි දක්වන්නෙමි දෙසන්නෙමි පනවන්නෙමි පිහිටුවන්නෙමි විවෘත කරන්නෙමි විභාග කරන්නෙමි ප්‍රකට කරන්නෙමි ප්‍රකාශ කරන්නෙමි. යථා පජානං දතුවකු සෙයින් දැනගත්තකු හාත්පසින් දැනගත්තකු වෙසෙසින් දැනගත්තකු සර්‍වප්‍රකාරයෙන් දැනගත්තකු ප්‍රතිවේධ කළ එකක්හු යම්සේ එපරිද්දෙන්, මෙසේ මෙසේ වී ලැ’ යි නො වැ, තෙල මෙසේ ලැ’ යි නො වැ, පරම්පරාකථාවෙන් නො වැ පිටකසම්ප්‍රදාය හා සම වේ ලැ’ යි නො වැ, තර්‍කහෙතුවෙන් නො වැ, නයග්‍රාහ හේතුයෙන් නො වැ, (මේ සොඳුරු යැයි) කරුණු සැලැකීමෙන් නො වැ, අපට රුචි වූ දෘෂ්ටිය හා සම වේ යැයි නො වැ, තෙමේ මැ තමා විසින් නුවණින් අවබෝධ කළ තමහට ප්‍රත්‍යක්‍ෂ වූ ඒ ධර්‍මය කියන්නෙම් නුයි ‘තං තෙ පවක්ඛාමි යථා පජානං’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“විජිගුච‍්ඡමානස‍්ස යදිදං ඵාසු (සාරිපුත‍්තාති භගවා) රිත‍්තාසනං සයනං සෙවතො ව, සම‍්බොධිකාමස‍්ස යථානුධම‍්මං තං තෙ පවක‍්ඛාමි යථා පජාන”න‍්ති.

“විජිගුච්ඡමානස්ස -පෙ- තං තෙ පවක්ඛාමි යථා පජානං” යී.