යෙදුමෙන් කියවන්න

16. 8

16. 8.

16. 8.

කං සො සික‍්ඛං සමාදාය එකොදි නිපකො සතො, කම‍්මාරො රජතස‍්සෙව නිද‍්ධමෙ මලමත‍්තනො.

ඒ මහණ තෙමේ එකඟ වූ සිත් ඇතියේ (පාරිහාරියප්‍රඥාවෙන්) ප්‍රඥාවත් වූයේ ස්මෘතිමත් වූයේ කවර ශික්‍ෂාවක් සමාදන් වැ, කඹුරු තෙමේ ජාතරූපයාගේ මලය මෙන් තමාගේ කෙලෙස් මලය පිඹැ හරනේ ද?

කං සො සික‍්ඛං සමාදායාති - කං සො සික‍්ඛං ආදාය සමාදාය ආදියිත්‍වා සමාදියිත්‍වා ගණ‍්හිත්‍වා පරාමසිත්‍වා අභිනිවිසිත්‍වාති - කං සො සික‍්ඛං සමාදාය.

කං සො සික්ඛං සමාදාය - ඒ මහණ තෙමේ කවර ශික්‍ෂාවක් ගෙන සමාදන් වැ ආදානය කොට සමාදානය කොට ග්‍රහණය කොට පරාමර්‍ශ කොට අභිනිවේශ කොට නුයි ‘කං සො සික්ඛං සමාදාය’ යනු වේ.

එකොදි නිපකො සතොති - ‘එකොදී’ති එකග‍්ගචිත‍්තො අවික‍්ඛිත‍්තචිත‍්තො අවිසාහටමානසො, සමථො සමාධින්‍ද්‍රියං සමාධිබලං -පෙ- සම‍්මාසමාධි; නිපකොති නිපකො පණ‍්ඩිතො පඤ‍්ඤවා බුද‍්ධිමා ඤාණී විභාවී මෙධාවී; සතොති චතුහි කාරණෙහි සතො: කායෙ කායානුපස‍්සනාසතිපට‍්ඨානං භාවෙන‍්තො සතො; වෙදනාසු - චිත‍්තෙ - ධම‍්මෙසු ධම‍්මානුපස‍්සනාසතිපට‍්ඨානං භාවෙන‍්තො සතො; සෙ වුච‍්චති සතොති - සතො.

ඒකෝදි නිපකො සතෝ - ‘ඒකෝදි’ යනු: එකඟ වූ සිත් ඇතියේ නො විසුරුණු සිත් ඇතියේ, උඩඟු නො වූ සිත් ඇතියේ, ශමථය සමාධීන්‍ද්‍රිය සමාධිබලය … සම්‍යක්සමාධිය ඇතියේ; නිපකො යනු: නිපක වූයේ පණ්ඩිත වූයේ ප්‍රඥාවත් වූයේ බුද්ධිමත් වූයේ නුවණැතියේ තීරණප්‍රඥා ඇතියේ ධාරණප්‍රඥා ඇතියේ; සතෝ යනු: සතර කරුණෙකින් සිහි ඇතියේ රූපකායයෙහි කායානුපස්සනාසතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ, වේදනාවන්හි - චිත්තයෙහි - පඤ්චස්කන්‍ධාදි ධර්‍මයන්හි ධම්මානුපස්සනාසතිපට්ඨානය වඩමින් ස්මෘතිමත් වූයේ; හෙ තෙමෙ සිහි ඇතියේ යයි කියනු ලැබේ නුයි ‘සතෝ’ යනු වේ.

කං සො සික‍්ඛං සමාදායාති - අධිසීලසික‍්ඛං පුච‍්ඡති, නිපකොති අධිපඤ‍්ඤාසික‍්ඛං පුච‍්ඡති, සතොති පාරිසුද‍්ධිං පුච‍්ඡතීති - කං සො සික‍්ඛං සමාදාය එකොදි නිපකො සතො.

කං සො සික්ඛං සමාදාය යී - අධිශීලශික්‍ෂාව විචාරයි. නිපකො යී අධිප්‍රඥාශික්‍ෂාව විචාරයි, සතොයී පාරිශුද්ධිය විචාරා නුයි ‘කං සො සික්ඛං සමාදාය ඒකෝදි නිපකො සතෝ’ යනු වේ.

කම‍්මාරො රජතස‍්සෙව නිද‍්ධමෙ මලමත‍්තනොති - ‘කම‍්මාරො: වුච‍්චති සුවණ‍්ණකාරො; ‘රජතං’ වුච‍්චති ජාතරූපං. යථා සුවණ‍්ණකාරො ජාතරූපස‍්ස ඔළාරිකම‍්පි මලං ධමති සංධමති නිද‍්ධමති; මජ‍්ඣිමකම‍්පි මලං ධමති සංධමති නිද‍්ධමති; සුඛුමකම‍්පි මලං ධමති සංධමති නිද‍්ධමති; එවමෙවං භික‍්ඛු අත‍්තනො ඔළාරිකෙපි කිලෙසෙ ධමති සංධමති නිද‍්ධමති; එවමෙවං භික‍්ඛු අත‍්තනො ඔළාරිකෙපි කිලෙසෙ ධමති සංධමති නිද‍්ධමති පජහති විනොදෙති බ්‍යන‍්තීකරොති අනභාවං ගමෙති.

කම්මාරො රජතස්සෙව නිද්ධමෙ මලමත්තනො - රන්කරු තෙමෙ ‘කම්මාර’ යී කියනු ලැබෙයි. ජාතරූපය ‘රජත’ යී කියනු ලැබේ. යම්සේ රන්කරුවෙක් ජාතරූපයාගේ ඖදාරික වූ මලය බැහැර කෙරේ ද, මැනැවින් බැහැර කෙරේ ද, නිරවශේෂයෙන් බැහැර කෙරේ ද; මධ්‍යම වූ මලයත් ධමනය සන්‍ධමනය නිද්ධමනය කෙරේ ද, සියුම් වූ මලයත් බැහැර කෙරේ ද, මැනැවින් බැහැර කෙරේ ද, නිරවශේෂයෙන් බැහැර කෙරේ ද, එසෙයින් ම මහණ තෙමේ තමාගේ ඖදාරික වූ ක්ලේශයන් ද බැහැර කෙරෙයි, මැනැවින් බැහැර කෙරෙයි, නිරවශේෂයෙන් බැහැර කෙරෙයි; දුරු කෙරෙයි, හැරපියයි, විගතාන්ත කෙරෙයි, අනුඅභාවයට පමුණුවයි.

මජ‍්ඣිමකෙපි කිලෙසෙ - සුඛුමකෙපි කිලෙසෙ ධමති සංධමති නිද‍්ධමති පජහති විනොදෙති බ්‍යන‍්තීකරොති අනභාවං ගමෙති. අථ වා භික‍්ඛු අත‍්තනො රාගමලං දොසමලං මොහමලං මානමලං දිට‍්ඨිමලං කිලෙසමලං දුච‍්චරිතමලං අන්‍ධකරණං අචක‍්ඛුකරණං අඤ‍්ඤාණකරණං පඤ‍්ඤානිරොධිකං විඝාතපක‍්ඛිකං අනිබ‍්බානසංවත‍්තනිකං ධමති සංධමති නිද‍්ධමති පජහති විනොදෙති බ්‍යන‍්තීකරොති අනභාවං ගමෙති; අථ වා සම‍්මාදිට‍්ඨියා මිච‍්ඡාදිට‍්ඨිං ධමති සන්‍ධමති නිද‍්ධමති පජහති විනොදෙති බ්‍යන‍්තීකරොති අනභාවං ගමෙති; සම‍්මාසඞ‍්කප‍්පෙන මිච‍්ඡාසඞ‍්කප‍්පං - සම‍්මාවාචාය මිච‍්ඡාවාචං - සම‍්මාකම‍්මන‍්තෙන මිච‍්ඡාකම‍්මන‍්තං - සම‍්මාආජීවෙන මිච‍්ඡාආජීවං - සම‍්මාවායාමෙන මිච‍්ඡාවායාමං - සම‍්මාසතියා මිච‍්ඡාසතිං - සම‍්මාසමාධිනා මිච‍්ඡාසමාධිං - සම‍්මාඤාණෙන මිච‍්ඡාඤාණං - සම‍්මාවිමුත‍්තියා මිච‍්ඡාවිමුත‍්තිං ධමති සංධමති නිද‍්ධමති පජහති විනොදෙති බ්‍යන‍්තීකරොති අනභාවං ගමෙති. අථවා අරියෙන අට‍්ඨඞ‍්ගිකෙන මග‍්ගෙන සබ‍්බෙ කිලෙසෙ සබ‍්බෙ දුච‍්චරිතෙ සබ‍්බෙ දරථෙ සබ‍්බෙ පරිළාහෙ සබ‍්බෙ සන‍්තාපෙ සබ‍්බාකුසලාභිසඞ‍්ඛාරෙ ධමති සංධමති නිද‍්ධමති පජහති විනොදෙති බ්‍යන‍්තීකරොති අනභාවං ගමෙතීති - කම‍්මාරො රජතස‍්සෙව නිද‍්ධමෙ මලමත‍්තනො.

මධ්‍යම වූ ක්ලේශයන් ද - සියුම් වූ ක්ලේශයන් ද ධමනය සන්‍ධමනය නිද්ධමනය කෙරෙයි, දුරු කෙරෙයි, හැරපියයි, විගතාන්ත කෙරෙයි, අනභාවයට පමුණුවයි. නොහොත් මහණ තෙමේ තමාගේ ප්‍රඥාලෝකය නසන ප්‍රඥාචක්‍ෂුස නො කරන නො දැනීම කරන පැනැස නසන පීඩාකොටසෙහි වූ අමාමහනිවන පිණිස නො පවත්නා වූ රාගමලය ද්වෙෂමලය මොහමලය මානමලය දෘෂ්ටිමලය ක්ලෙශමලය දුශ්චරිතමලය බැහැර කෙරෙයි, වෙසෙසින් බැහැර කෙරෙයි, නිරවශේෂයෙන් බැහැර කෙරෙයි, දුරු කෙරෙයි, හැරපියයි, විගතාන්ත කෙරෙයි, අනභාවයට පමුණුවයි. නොහොත් (විදර්‍ශනා සහිත මාර්‍ගසම්ප්‍රයුක්ත) සම්‍යග්දෘෂ්ටියෙන් මිත්‍ථ්‍යාදෘෂ්ටිය ධමනය සන්‍ධමනය නිද්ධමනය කෙරෙයි, දුරු කෙරෙයි, හැරපියයි, විගතාන්ත කෙරෙයි, අනභාවයට පමුණුවයි. සම්‍යක්සංකල්පයෙන් මිත්‍ථ්‍යාසඞ්කල්පය - සම්‍යග්වචනයෙන් මිත්‍ථ්‍යාවචනය - සම්‍යක්කර්‍මාන්තයෙන් මිත්‍ථ්‍යාකර්‍මාන්තය - සම්‍යගාජීවයෙන් මිත්‍ථ්‍යාජීවය - සම්‍යග්ව්‍යායාමයෙන් මිත්‍ථ්‍යාව්‍යායාමය - සම්‍යක්ස්මෘතියෙන් මිත්‍ථ්‍යාස්මෘතිය - සම්‍යක්සමාධියෙන් මිත්‍ථ්‍යාසමාධිය - සම්‍යග්ඥානයෙන් මිත්‍ථ්‍යාඥානය - සම්‍යග්විමුක්තියෙන් මිත්‍ථ්‍යාවිමුක්තිය ධමනය සන්‍ධමනය නිද්ධමනය කෙරෙයි, දුරු කෙරෙයි, හැරපියයි, විගතාන්ත කෙරෙයි, අනභාවයට පමුණුවයි. නොහොත් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයෙන් සියලු ක්ලේශයන් සියලු දුශ්චරිතයන් සියලු දරථයන් සියලු පරිදාහයන් සියලු සන්තාපයන් සියලු අකුශලාභිසංස්කාරයන් බැහැර කෙරෙයි, වෙසෙසින් බැහැර කෙරෙයි, නිරවශේෂයෙන් බැහැර කෙරෙයි, දුරු කෙරෙයි, හැරපියයි, විගතාන්ත කෙරෙයි, අනභාවයට පමුණුවා නුයි ‘කම්මාරො රජතස්සෙව නිද්ධමෙ මලමත්තනො’ යනු වේ.

තෙනාහ ථෙරො සාරිපුත‍්තො:

එයින් වදාළහ ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ:

“කං සො සික‍්ඛං සමාදාය එකොදි නිපකො සතො, කම‍්මාරො රජතස‍්සෙව නිද‍්ධමෙ මලමත‍්තනො”ති.

“කං සො සික්ඛං සමාදාය -පෙ- නිද්ධමෙ මලමත්තනො” යී.