යෙදුමෙන් කියවන්න

16. 7

16. 7.

16. 7.

ක්‍යාස‍්ස බ්‍යප‍්පථයො අස‍්සු ක්‍යාස‍්සස‍්සු ඉධ ගොචරා, කානි සීලබ‍්බතාන’ස‍්සු පහිතත‍්තස‍්ස භික‍්ඛුනො.

ආරබ්ධවීර්‍ය්‍ය ඇති ඒ මහණ හට කෙබඳු වචනයෝ වන්නාහු ද? මෙහි ඔහුට කෙබඳු ගෝචරයෝ වන්නාහු ද? ඔහුට කීදෘශ වූ ශීලව්‍රත කෙනෙක් වන්නාහු ද?

ක්‍යාස‍්ස බ්‍යප‍්පථයො අස‍්සූති - කීදිසෙන බ්‍යප‍්පථෙන සමන‍්නාගතො අස‍්ස, කිංසණ‍්ඨිතෙන කිංපකාරෙන කිංපටිභාගෙනාති වචීපාරිසුද‍්ධිං පුච‍්ඡති; කතමා වචීපාරිසුද‍්ධි? ඉධ භික‍්ඛු මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති: සච‍්චවාදී සච‍්චසන්‍ධො ථෙතො පච‍්චයිකො අවිසංවාදකො ලොකස‍්ස; පිසුනං වාචං පහාය පිසුනාය වාචාය පටිවිරතො හොති: ඉතො සුත්‍වා න අමුත්‍ර අක‍්ඛාතා ඉමෙසං භෙදාය; අමුත්‍ර වා සුත්‍වා න ඉමෙසං අක‍්ඛාතා අමූසං භෙදාය. ඉති භින‍්නානං වා සන්‍ධාතා සහිතානං වා අනුප‍්පදාතා සමග‍්ගාරාමො සමග‍්ගරතො සමග‍්ගනන්‍දී සමග‍්ගකරණිං වාචං භාසිතා හොති. ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති: යා සා වාචා නෙලා කණ‍්ණසුඛා පෙමනීයා හදයඞ‍්ගමා පොරී බහුජනකන‍්තා බහුජනමනාපා, තථාරූපිං වාචං භාසිතා හොති. සම‍්ඵප‍්පලාපං පහාය සම‍්ඵප‍්පලාපා පටිවිරතො හොති.

ක්‍යාස්ස බ්‍යාප්පථයො අස්සු - කෙබඳු වූ කෙසේ සිටි කවර ප්‍රකාර ඇති කවර ආකාර ඇති චවනයෙන් සමන්‍විත වූයේ වන්නේ දැ’ යි වාක් පාරිශුද්ධිය විචාරයි. වාක්පාරිශුද්ධිය කවර යත්: මෙහි මහණ තෙමේ මෘෂාවාදය හාරැපියා මුසවායෙන් වැළැකුණේ සැබෑ බස කියනුයේ සැබවින් සැබව ගළපනුයේ තිර වූයේ හැදැහිය යුතු බස් ඇතියේ ලොව නො රවටනුයේ වෙයි, පිසුනු බස් හැරැපියා පිසුනු බසින් වැළැකුණේ වෙයි: මෙතැනින් අසා මුන් ගේ බිඳුමට අතැන නො කියනුයේ, අතැනින් හෝ අසා අරුන් ගේ බිඳුමට මුන්ට නො කියනුයේ වෙයි. මෙසේ භින්න වූවන් හෝ සමඟ කරනුයේ සමඟ වූවන් හෝ දැඩි කරනුයේ සමඟියෙහි ඇලුම් ඇතියේ සමඟ වූවන් කෙරෙහි ඇලුණේ සමඟ වූවනට සතුටු වූයේ සමඟ කරන බස් කියනුයේ වෙයි, රළුබස් හැරැපියා රළුබසින් වැළැකුණේ වෙයි. යම් වචනයක් නිදොස් නම් කනට සුව නම් පෙම් උපදවා නම් සිතට වදී නම්, පුරෙහි වූවා නම් බොහෝ දෙනාට කැමැති නම් බොහෝ දෙනාගේ මන වඩා නම් එබඳු වචන කියන්නේ වෙයි.

කාලවාදී භූතවාදී අත්‍ථවාදී ධම‍්මවාදී විනයවාදී නිධානවතිං වාචං භාසිතා හොති කාලෙන සාපදෙසං පරියන‍්තවතිං අත්‍ථසංහිතං. චතූහි වචීසුචරිතෙහි සමන‍්නාගතො චතුදොසාපගතං වාචං භාසති. බත‍්තිංසාය තිරච‍්ඡානකථාය ආරතො අස‍්ස විරතො පටිවිරතො නික‍්ඛන‍්තො නිස‍්සටො විප‍්පමුත‍්තො විසඤ‍්ඤුත‍්තො විමරියාදිකතෙන චෙතසා විහරති. දස කථාවත්‍ථූනි කථෙති. සෙය්‍යථීදං: අප‍්පිච‍්ඡකථං සන‍්තුට‍්ඨිකථං පවිවෙකකථං අසංසග‍්ගකථං විරියාරම‍්භකථං සීලකථං සමාධිකථං පඤ‍්ඤාකථං විමුත‍්තිකථං විමුත‍්තිඤාණදස‍්සනකථං, සතිපට‍්ඨානකථං සම‍්මප‍්පධානකථං ඉද‍්ධිපාදකථං ඉන්‍ද්‍රියකථං බලකථං බොජ‍්ඣඞ‍්ගකථං මග‍්ගකථං ඵලකථං නිබ‍්බානකථං කථෙති. වාචාය යතො යත‍්තො පටියත‍්තො ගුත‍්තො ගොපිතො රක‍්ඛිතො සංවුතො. අයං වචීපාරිසුද‍්ධි. එදිසාය වචීපාරිසුද‍්ධියා සමන‍්නාගතො අස‍්සාති - ක්‍යාස‍්ස බ්‍යප‍්පථයො අස‍්සු.

නිසරු (- ප්‍රලාප) බස් හැරපියා නිසරු බසින් වැළැකුණේ වෙයි. කල් බලා කියනුයේ සැබවක් ම කියනුයේ වැඩදායක තෙපුල් කියනුයේ ධර්‍මවාදී වූයේ විනයවාදී වූයේ සුදුසු කල කරුණු සහිත වූ පිරිසිඳුම් ඇති වැඩ සහිත වූ ළෙහි ලා දැරිය යුතු වූ තෙපුලක් මැ කියන්නේ වෙයි. චතුර්විධ වාක්සුචරිතයෙන් යුක්ත වූයේ සතර දොසින් වෙන් වූ තෙපුලක් මැ කියයි. දෙතිස් තිරිසන් කථාවෙන් දුරු වූයේ වන්නේ යැ, වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ නික්මුණේ බැහැර වූයේ වෙසෙසින් මිදුණේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත වැ වෙසෙයි. දශ කථාවස්තූන් කියයි. ඒ මෙසේ යැ: අල්පෙච්ඡකථාව කියයි, ඉතරෙතරප්‍රත්‍යයසන්තොෂ කථාව - විවේකනිඃශ්‍රිත කථාව - අසංසර්‍ගකථාව - වීර්‍ය්‍යාරම්භකථාව - ශීලකථාව - සමාධිකථාව - ප්‍රඥාකථාව - විමුක්තිකථාව - විමුක්තිඥානදර්‍ශනකථාව - සතිපට්ඨානකථාව - සම්‍යක්ප්‍රධානකථාව - ඍද්ධිපාදකථාව - ඉන්ද්‍රියකථාව - බලකථාව - බොධ්‍යඞ්ගකථාව - මාර්‍ගකථාව - ඵලකථාව - නිර්‍වාණකථාව කියයි. වචනයෙන් සංයම වූයේ දැමුණේ වෙසෙසින් දැමුණේ ගෝපනය වූයේ ගෝපිත වූයේ රැකුණේ සංවර වූයේ වේ. මෝ තොමෝ වචීපාරිසුද්ධිය යි. මෙබඳු වාක්පාරිශුද්ධියෙන් සමන්‍විත වූයේ වන්නේ නුයි ‘ක්‍යාස්ස බ්‍යාප්පථයො අස්සු’ යනු වේ.

ක්‍යාස‍්සස‍්සු ඉධ ගොචරාති - කීදිසෙන ගොචරෙන සමන‍්නාගතො අස‍්ස, කිංසණ‍්ඨිතෙන කිංපකාරෙන කිංපටිභාගෙනාති ගොචරං පුච‍්ඡති. අත්‍ථි ගොචරො, අත්‍ථි අගොචරො:

ක්‍යාස්සස්සු ඉධ ගෝචරා - කෙබඳු වූ කවර පැවැතුම් ඇති, කවර ප්‍රකාර වූ කවර ආකාර ඇති, ගෝචරයෙන් සමන්‍විත වූයේ වන්නේදැ’ යි ගෝචරය විචාරයි. ගෝචරයෙක් ඇත, අගොචරයෙක් ඇත.

කතමො අගොචරො? ඉධෙකච‍්චො වෙසියගොචරො වා හොති, විධවාගොචරො වා හොති, ථුල‍්ලකුමාරීගොචරො වා හොති, පණ‍්ඩකගොචරො වා හොති, භික‍්ඛුනීගොචරො වා හොති, පානාගාරගොචරො වා හොති. සංසට‍්ඨො විහරති රාජූහි රාජමහාමත‍්තෙහි තිත්‍ථියෙහි තිත්‍ථියසාවකෙහි අනනුලොමිකෙන සංසග‍්ගෙන. යානි වා පන තානි කුලානි අස‍්සද‍්ධානි අප‍්පසන‍්නානි අනොපානභූතානි අක‍්කොසක පරිභාසකානි අනත්‍ථකාමානි අහිතකාමානි අඵාසුකාමානි අයොගක‍්ඛෙමකාමානි භික‍්ඛූනං භික‍්ඛුනීනං උපාසකානං උපාසිකානං, තථාරූපානි කුලානි සෙවති භජති පයිරුපාසති. අයං වුච‍්චති අගොචරො.

අගෝචරය කවරැ යත්: මෙහි එකෙක් වේශ්‍යාවන් ගෝචර (-යායුතු තැන්) කොට ඇත්තේ හෝ වේ ද, වැන්දඹුවන් ගෝචර කොට ඇත්තේ හෝ වේ ද, මැහැලි කුමාරිකාවන් ගෝචර කොට ඇත්තේ හෝ වේ ද, නපුංසකයන් ගෝචර කොට ඇත්තේ හෝ වේ ද, මෙහෙණන් ගෝචර කොට ඇත්තේ හෝ වේ ද, සුරාගෙය ගෝචර කොට ඇත්තේ හෝ වේ ද, රජුන් හා ද රජමහඇමැතියන් හා ද තීර්‍තථකයන් හා ද තීර්‍ත්‍ථකශ්‍රාවකයන් හා ද අනනුලෝමික වූ සංසර්‍ගයෙන් සංසෘෂ්ට වැ (- හැනී) වෙසේ ද, යළි යම් කුල කෙනෙක් (බුද්ධාදීන් කෙරෙහි) හැදැහිලි නැත්තාහු ද (එහෙයින් මැ) නො පහන් වූවාහු ද ඔපාන (-සතරමංසල කැණි ළිඳක්) මෙන් නො වූවාහු ද මහණුන්ට මෙහෙණන්ට උවසුවන්ට උවැසියන්ට අක්‍රොශ හා පරිභව කරන්නාහු ද අනර්‍තථ කැමැති වෙත් ද අහිත කැමැති වෙත් ද, නො සුව කැමති වෙත් ද අයොගක්ෂෙමය (භය) කැමැත්තාහු වෙත් ද, එබඳු වූ කුලයන් සේවනය කෙරේ ද එළැඹේ ද නැවත නැවත එළැඹේ ද, මේ ‘අගෝචරය’ යි කියනු ලැබේ.

අථවා අන‍්තරඝරං පවිට‍්ඨො වීථිං පටිපන‍්නො අසංවුතො ගච‍්ඡති: හත්‍ථිං ඔලොකෙන‍්තො අස‍්සං ඔලොකෙන‍්තො රථං ඔලොකෙන‍්තො පත‍්තිං ඔලොකෙන‍්තො ඉත්‍ථියො ඔලොකෙන‍්තො පුරිසෙ ඔලොකෙන‍්තො කුමාරිකායො ඔලොකෙන‍්තො කුමාරකෙ ඔලොකෙන‍්තො අන‍්තරාපණං ඔලොකෙන‍්තො ඝරමුඛානි ඔලොකෙන‍්තො උද‍්ධං ඔලොකෙන‍්තො අධො ඔලොකෙන‍්තො දිසාවිදිසං පෙක‍්ඛමානො ගච‍්ඡති. අයම‍්පි වුච‍්චති අගොචරො.

නොහොත් ඇතුළුගමට පිවිසියේ වීදියට පිළිපන්නේ අසංවර වැ යේ ද, ඇතුන් බලමින් අසුන් බලමින් රිය බලමින් පාබලසෙන් බලමින් ගැහැනුන් බලමින් පිරිමින් බලමින් කුමරියන් බලමින් කුමරුන් බලමින් ඇතුළුසල්පිල් බලමින් ගෙදොර බලමින් උඩ බලමින් යට බලමින් දසනුදස බලමින් යේ ද, මෙ ද ‘අගොචර’ යයි කියනු ලැබේ.

අථ වා චක‍්ඛුනා රූපං දිස‍්වා නිමිත‍්තග‍්ගාහී හොති අනුබ්‍යඤ‍්ජනග‍්ගාහී යත්‍වාධිකරණමෙනං -පෙ- මනින්‍ද්‍රියං අසංවුතං විහරන‍්තං අභිජ‍්ඣා දොමනස‍්සා පාපකා අකුසලා ධම‍්මා අන්‍වාස‍්සවෙය්‍යුං; තස‍්ස අසංවරාය පටිපජ‍්ජති. න රක‍්ඛති මනින්‍ද්‍රියං, මනින්‍ද්‍රියෙ අසංවරං ආපජ‍්ජති. අයම‍්පි වුච‍්චති අගොචරො.

නොහොත් ඇසින් රූපයක් දැක නිමිති වශයෙන් ගන්නා සුලු වූයේ (හත්‍ථපාදාදි) අනුව්‍යඤ්ජන වශයෙන් ගන්නා සුලු වූයේ වෙයි. යම් හෙයකින් මොහු … මනෙන්ද්‍රියය අසංවෘත වැ වාසය කරන්නහු අභිධ්‍යා - දෞර්‍මනස්‍යසඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ ලුහුබඳනාහු ද, ඒ මනෙන්ද්‍රියයාගේ අසංවරයට පිළිපදී ද, මනෙන්ද්‍රියය නො රකී ද, මනෙන්ද්‍රියයෙහි අසංවරයට පැමිණේ ද, මෙ ද ‘අගෝචරය’ යි කියනු ලැබේ.

යථා වා පනෙකෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා සද‍්ධාදෙය්‍යානි භොජනානි භුඤ‍්ජිත්‍වා තෙ එවරූපං විසූකදස‍්සනං අනුයුත‍්තා විහරන‍්ති. සෙය්‍යථීදං: නච‍්චං ගීතං වාදිතං පෙක‍්ඛං අක‍්ඛානං පාණිස‍්සරං වෙතාළං කුම‍්භථූනං සොභනගරං චණ‍්ඩාලං වංසං ධොවනං හත්‍ථියුද‍්ධං අස‍්සයුද‍්ධං මහිසයුද‍්ධං උසභයුද‍්ධං ගොයුද‍්ධං අජයුද‍්ධං මෙණ‍්ඩයුද‍්ධං කුක‍්කුටයුද‍්ධං වට‍්ටයුද‍්ධං දණ‍්ඩයුද‍්ධං මුට‍්ඨියුද‍්ධං නිබ‍්බුද‍්ධං උය්‍යොධිකං බලග‍්ගං සෙනාබ්‍යූහං අණීකදස‍්සනං ඉති වා. ඉති එවරූපං විසූකදස‍්සනං අනුයුත‍්තො හොති. අයම‍්පි වුච‍්චති අගොචරො. පඤ‍්චපි කාමගුණා අගොචරා.

තවද යම්සේ ඇතැම් භවත් මහණබමුණු කෙනෙක් කම්පල හදහා දුන් බොජුන් වළඳා ඔහු මෙබඳු වූ විසුළු දැකීමෙහි යෙදී වෙසෙති; ඒ මෙසේ යැ: නැටුම් ගැයුම් වැයුම් නළුමුළු භාරතරාමායණාදිය කියන තැන කස්තාලම් කුළුතාලම් (හෝ මන්ත්‍රයෙන් මළ සිරුර නැගුටුවීම) කළ පිඹීම ප්‍රතිභානචිත්‍රය සැඬලුන්ගේ සණදොවුන් කෙළි වස්කුලල් ඇටදෙවීම ඇත්පොර අස්පොර මියුපොර වැහැප්පොර ගවපොර බැටළුපොර එළුපොර කුකුළුපොර වටුපොර දඬුපොර මිටුපොර මල්ලපොර යුදපෙරමුණ බලසෙන් ගණන තැන කඳවුර බලඇණි දැකීම යනු හෝ යැ. මෙසේ මෙබඳු විසුළු දැකීමෙහි යෙදුණේ වෙයි. මෙ ද ‘අගොචර’ යයි කියනු ලැබේ. පස්කම් ගුණයෝ ද අගොචරයෝ යැ.

වුත‍්තං හෙතං භගවතා:

තෙල වදාරන ලද මැය බුදුන් විසින්:

“මා භික‍්ඛවෙ අගොචරෙ චරථ පරවිසයෙ. අගොචරෙ භික‍්ඛවෙ චරතං පරවිසයෙ ලච‍්ඡති මාරො ඔතාරං, ලච‍්ඡති මාරො ආරම‍්මණං කො ච භික‍්ඛවෙ භික‍්ඛුනො අගොචරො පරවිසයො? යදිදං පඤ‍්ච කාමගුණා. කතමෙ පඤ‍්ච? චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා; සොතවිඤ‍්ඤෙය්‍යා සද‍්දා - ඝානවිඤ‍්ඤෙය්‍යා ගන්‍ධා - ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා රසා - කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. අයං වුච‍්චති භික‍්ඛවෙ භික‍්ඛුනො අගොචරො පරවිසයො” අයම‍්පි වුච‍්චති අගොචරො.

මහණෙනි, අගෝචරයෙහි (- නො හැසිරියැ යුතු තැන) සතුරන් විෂයෙහි නහමක් හැසිරෙවු. මහණෙනි, අගෝචරයෙහි පරවිෂයෙහි හැසිරෙනුවන්ට (ක්ලේශ) මාර තෙමේ අවකාශ (සිදුරු) ලබන්නේ යැ. මාර තෙමෙ අරමුණු ලබන්නේ ය. මහණෙනි, මහණහට අගෝචරය පරවිෂය කවරේ ද? යම් පස්කම්ගුණ කෙනෙක් වෙත් ද, (ඔහු යැ.) කවර පසෙක් ද යත්: ඉෂ්ට වූ කමනීය වූ මනවඩන්නාවු ප්‍රියස්වභාව ඇති කාමය හා යෙදුණු රාගෝත්පත්තියට කාරණ වූ චක්‍ෂුර්විඥානයෙන් දැක්කයුතු රූපයෝ යැ, ශ්‍රොත්‍රවිඥානයෙන් ඇසියයුතු ශබ්දයෝ යැ - ඝ්‍රාණවිඥානයෙන් ඇගි යැ යුතු ගන්‍ධයෝ යැ - ජිහ්වාවිඥානයෙන් වින්දයුතු රසයෝ යැ - කායවිඥානයෙන් ස්පර්‍ශ කළ යුතු ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව ඇති කාමූපසංහිත වූ රජනීය වූ ස්ප්‍රෂ්ටව්‍යයෝ යි. මහණෙනි, මේ මහණහට ‘අගොචර යැ පරවිෂය’ යි කියනු ලැබේ. මෙ ද ‘අගොචර’ යයි කියනු ලැබේ.

කතමො ගොචරො? “ඉධෙකච‍්චො වෙසියගොචරො හොති, න විධවාගොචරො හොති, න ථුල‍්ලකුමාරීගොචරො හොති, න පණ‍්ඩකගොචරො හොති, න භික‍්ඛුනීගොචරො හොති, පානාගාරගොචරො හොති. අසංසට‍්ඨො විහරති රාජූහි රාජමහාමත‍්තෙහි තිත්‍ථියෙහි තිත්‍ථියසාවකෙහි අනනුලොමිකෙන සංසග‍්ගෙන. යානි වා පන තානි කුලානි සද‍්ධානි පසන‍්නානි ඔපානභූතානි කාසාවපජ‍්ජොතානි ඉසිවාතපටිවාතානි අත්‍ථකාමාති හිතකාමානි ඵාසුකාමානි යොගක‍්ඛෙමකාමානි භික‍්ඛූනං භික‍්ඛුනීනං උපාසකානං උපාසිකානං, තථාරූපානි කුලානි සෙවති භජති පයිරුපාසති.”. අයම‍්පි වුච‍්චති ගොචරො.

ගෝචරය කවරැ යත්: මෙ සස්නෙහි මහණ තෙමෙ චෙශ්‍යාවන් ගෝචර (- යායුතු තැන්) කොට නැත්තේ වේ ද, වැන්දඹුවන් ගෝචර කොට නැත්තේ වේ ද, මැහැලි කුමාරිකාවන් ගෝචර කොට නැත්තේ වේ ද, නපුංසකයන් ගෝචර කොට නැත්තේ වේ ද, භික්‍ෂුණීන් ගෝචර කොට නැත්තේ වේ ද, සුරාගාරය ගෝචර කොට නැත්තේ වේ ද, රජුන් හා රජමහමැතියන් හා තිර්‍තථකයන් හා තීර්‍ත්‍ථකශ්‍රාවකයන් හා අනනුලෝමික වූ සංසර්‍ගයෙන් අසංසෘෂ්ට වැ වෙසේ ද, යළි යම් ඒ කුල කෙනෙක් (බුද්ධාදීන් කෙරෙහි) හැදැහිලි ඇත්තාහු ද ප්‍රසන්න වූවාහු ද (සතර මංසල කැණි) ළිඳක් වැනි වෙත් ද, (මහණ මෙහෙණන් හන් පෙරැවි) කහවත්හි ප්‍රභායෙන් එකාලොක වෙද්ද, ගෙට වදන නික්මෙන මහණ මෙහෙණ සඞ්ඛ්‍යාත ඍෂීන් ගේ චීවරවාතයෙන් පරිවාත වෙද්ද, මහණ මෙහෙණ උවසු උවැසියනට වැඩ කැමැත්තාහු හිත කැමැත්තාහු සුව කැමැත්තාහු නිර්‍භය කැමැත්තාහු වෙද්ද, එබඳු කුලයන් සෙවන භජන පර්‍ය්‍යුපාසන කෙරේ ද මෙ ද ‘ගෝචර’ යයි කියනු ලැබේ.

අථ වා භික‍්ඛු අන‍්තරඝරං පවිට‍්ඨො වීථිං පටිපන‍්නො සංවුතො ගච‍්ඡති: න හත්‍ථිං ඔලොකෙන‍්තො න අස‍්සං ඔලොකෙන‍්තො න රථං ඔලොකෙන‍්තො න පත‍්තිං ඔලොකෙන‍්තො -පෙ- න දිසාවිදිසං විපෙක‍්ඛමානො ගච‍්ඡති, අයම‍්පි වුච‍්චති ගොචරො. අථවා භික‍්ඛු චක‍්ඛුනා රූපං දිස‍්වා න නිමිත‍්තග‍්ගාහී හොති -පෙ- මනින්‍ද්‍රියෙ සංවරං ආපජ‍්ජති; අයම‍්පි වුච‍්චති ගොචරො. යථා වා පනෙකෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා සද‍්ධාදෙය්‍යානි භොජනානි භුඤ‍්ජිත්‍වා තෙ එවරූපං විසූකදස‍්සනං අනුයුත‍්තා විහරන‍්ති. සෙය්‍යථීදං? නච‍්චං ගීතං වාදිතං -පෙ- අණීකදස‍්සනං ඉති වා. ඉති එවරූපං විසූකදස‍්සනං පටිවිරතො හොති. අයම‍්පි වුච‍්චති ගොචරො. චත‍්තාරොපි සතිපට‍්ඨානා ගොචරො.

නොහොත් මහණ තෙමේ ඇතුළුගමට පිවිසියේ වීදියට පිළිපන්නේ සංවර වැ යේ ද: ඇතුන් නො බලමින්, අසුන් නො බලමින්, පාබලසෙන් නො බලමින් … දසනුදස නො බලමින් යේ ද; මෙ ද ‘ගෝචර’ යයි කියනු ලැබේ. නොහොත් මහණ තෙමේ ඇසින් රූපයක් දැක නිමිති වශයෙන් නො ගන්නේ වේ ද … මනෙන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ ද; මෙ ද ‘ගෝචර’ යයි කියනු ලැබේ. තවද යම්සේ ඇතැම් භවත් මහණ බමුණු කෙනෙක් සැදැහැයෙන් දුන් බොජුන් වළඳා ඔහු මෙබඳු වූ විසුළු දස්නෙහි යෙදී වාසය කෙරෙද්ද, එ මෙසේ යැ: නැටුම් ගැයුම් වැයුම් … බලඇණි දැකීම ආදිය හෝ යැ; මෙසේ මෙබඳු වූ විසුළු දස්නෙන් වැළැකුණේ වේ ද; මෙ ද ‘ගෝචර’ යයි කියනු ලැබේ. සතර සීවටන්හු ද ‘ගොචරයැ’.

වුත‍්තං හෙතං භගවතා:

තෙල වදාරන ලද මැය, භාග්‍යවත්හු විසින්:

“ගොචරෙ භික‍්ඛවෙ චරථ සකෙ පෙත‍්තිකෙ විසයෙ. ගොචරෙ භික‍්ඛවෙ චරතං සකෙ පෙත‍්තිකෙ විසයෙ න ලච‍්ඡති මාරො ඔතාරං, න ලච‍්ඡති මාරො ආරම‍්මණං. කො ච භික‍්ඛවෙ භික‍්ඛුනො ගොචරො සකො පෙත‍්තිකො විසයො: යදිදං චත‍්තාරො සතිපට‍්ඨානා. කතමෙ චත‍්තාරො: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති, වෙදනාසු -පෙ- චිත‍්තෙ - ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣා දොමනස‍්සං. අයං වුච‍්චති භික‍්ඛවෙ භික‍්ඛුනො ගොචරො සකො පෙත‍්තිකො විසයො. අයම‍්පි වුච‍්චති ගොචරො. එදිසෙන ගොචරෙන සමන‍්නාගතො අස‍්සාති - ක්‍යාස‍්සස‍්සු ඉධ ගොචරා.

මහණෙනි, ගෝචර (- හැසිරීමට යුක්තස්ථාන) වූ ස්වකීය පෛතෘක (- පියාගෙන් පැමිණි) විෂයෙහි හැසිරෙවු, මහණෙනි, ගෝචර වූ තමා සතු පියාගෙන් පැමිණි විෂයෙහි හැසිරෙනුවන්ට මාර තෙමේ සිදුරු නො ලබන්නේ යැ. මාර තෙමේ අරමුණු නො ලබන්නේ යැ. මහණෙනි, ගෝචර වූ ස්වකීය පෛතෘකවිෂය කවරෙ යත්: යම් මේ සතර සීවටන් කෙනෙක් වෙත් ද, කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙමේ රූපකයෙහි කය නැවත නැවත බලමින් වෙසෙයි, වේදනාවන්හි … චිත්තයෙහි … ස්කන්‍ධාදි ධර්‍මයන්හි ධර්‍මයන් නැවත නැවත බලමින් කෙලෙස් තවන වැර ඇති වැ සම්‍යක්ප්‍රඥා ඇති වැ ස්මෘතිමත් වූයේ ස්කන්‍ධාදි ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට වාසය කෙරෙයි. මහණෙනි, මෙ මහණහට ගෝචර වූ තමා සතු වූ පියා කෙරෙන් පැමිණි විෂය යයි කියනු ලැබේ. මෙ ද ගෝචරය යි කියනු ලැබේ. මෙබඳු වූ ගෝචරයෙන් සමන්‍විත වූයේ වන්නේ නුයි ‘ක්‍යාස්සස්සු ඉධ ගෝචරා’ යනු වේ.

කානි සීලබ‍්බතානස‍්සූති - කීදිසෙන සීලබ‍්බතෙන සමන‍්නාගතො අස‍්ස, කිංසණ‍්ඨිතෙන කිංපකාරෙන කිංපටිභාගෙනාති සීලබ‍්බතපාරිසුද‍්ධිං පුච‍්ඡති; කතමා සීලබ‍්බතපාරිසුද‍්ධි: අත්‍ථි සීලඤ‍්චෙව වතඤ‍්ච, අත්‍ථි වතං න සීලං. කතමං සීලඤ‍්චෙව වතඤ‍්ච? ඉධ භික‍්ඛු සීලවා හොති පාතිමොක‍්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම‍්පන‍්නො අණුමත‍්තෙසු වජ‍්ජෙසු භයදස‍්සාවී සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු, යො තත්‍ථ සඤ‍්ඤමො සංවරො අවීතික‍්කමො ඉදං සීලං යං සමාදානං, තං වතං. සංවරට‍්ඨෙන සීලං, සමාදානට‍්ඨෙන වතං. ඉදං වුච‍්චති සීලඤ‍්චෙව වතඤ‍්ච. කතමං වතං න සීලං? අට‍්ඨ ධුතඞ‍්ගානි: ආරඤ‍්ඤිකඞ‍්ගං පිණ‍්ඩපාතිකඞ‍්ගං පංසුකූලිකඞ‍්ගං තෙචීවරිකඞ‍්ගං සපදානචාරිකඞ‍්ගං ඛලුපච‍්ඡාභත‍්තිකඞ‍්ගං නෙසජ‍්ජිකඞ‍්ගං යථාසන්‍ථතිකඞ‍්ගං, ඉදං වුච‍්චති වතං, න සීලං. විරියසමාදානම‍්පි වුච‍්චති වතං, න සීලං. ‘කාමං තචො ච නහාරු ච අට‍්ඨි ච අවසිස‍්සතු, උපසුස‍්සතු සරීරෙ මංසලොහිතං, යං තං පුරිසථාමෙන පුරිසබලෙන පුරිසවිරියෙන පුරිසපරක‍්කමෙන පත‍්තබ‍්බං, න තං අපාපුණිත්‍වා විරියස‍්ස සන්‍ථානං භවිස‍්සතී”ති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති. එවරූපම‍්පි විරියසමාදානං වුච‍්චති වතං, න සීලං.

කානි සීලබ්බතානස්සු - කෙබඳු වූ කවර පැවැතුම් ඇති කවර ප්‍රකාර වූ කවර ආකාර ඇති ශීලව්‍රතයෙකින් යුක්ත වූයේ වන්නේ දැ’ යි ශීලව්‍රතපාරිශුද්ධිය විචාරයි. ශීලව්‍රතපාරිශුද්ධිය කවරැ යත්: ශීලය මැ වූ ව්‍රතයකුත් ඇත, ශීල නො වූ ව්‍රතයකුත් ඇත; ශීලය මැ වූ ව්‍රතය කවරැ යත්: මේ සස්නෙහි මහණ තෙමේ සිල්වත් වේ ද, ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවර වූයේ ආචාරයෙන් හා ගෝචරයෙන් සම්නවිත වූයේ මඳ පමණ දොසෙයි දු බිය දක්නාසුලු වූයේ වාසය කෙරේ ද, ශික්‍ෂාකොට්ඨාසයන්හි සමාදන් වැ හික්මේ ද, එහි ය සංයමයෙක් සංවරයෙක් නො ඉක්මැවීමෙක් වේ නම්, මේ ශීල යැ; යම් සමාදානයෙක් වී නම්, එය ව්‍රත යැ. සංවරාර්‍තථයෙන් ශීල යැ,සමාදානාර්‍තථයෙන් ව්‍රත යි. මේ ශීලය ද ව්‍රතය දැ’ යි කියනු ලැබේ. ශීල නො වූ ව්‍රතය කවරැ යත්: අෂ්ට ධුතාඞ්ගයෝ යැ: ආරණ්‍යකාඞ්ග යැ පිණ්ඩපාතිකාඞ්ග යැ පංසුකූලිකාඞ්ග යැ තෙචීවරිකාඞ්ග යැ සපදානචාරිකාඞ්ග යැ ඛලුපච්ඡාභත්තිකාඞ්ග යැ නෙසජ්ජිකාඞ්ග යැ යථාසන්ථතිකාඞ්ගය යි. මේ ශීල නො වූ ව්‍රත යැ යි කියනු ලැබේ. වීර්‍ය්‍යසමාදානයත් ශීල නො වූ ව්‍රත යැයි කියනු ලැබේ: ‘ඒකාන්තයෙන් සමත් නහරත් ඇටත් ඉතිරිවන්නේ නමුදු සිරුරෙහි මස් ලේ වියැළෙන්නේ නමුදු පුරුෂශක්තියෙන් පුරුෂබලයෙන් පුරුෂවීර්‍ය්‍යයෙන් පුරුෂපරාක්‍රමයෙන් පැමිණියැ යුතු ඒ උත්තමාර්‍තථයට නො පැමිණැ වීර්‍ය්‍යයා ගේ ලිහිල්බවෙක් නො වන්නේ යැ’ යි සිත උත්සාහ ගන්වයි, පිහිටුව යි; මෙබඳු වූ වීර්‍ය්‍යසමාදානය ද ශීල නො වූ ව්‍රතය’ යි කියනු ලැබේ.

1. “නාසිස‍්සං න පිවිස‍්සාමි විහාරතො න නික‍්ඛමෙ නපි පස‍්සං නිපාතෙස‍්සං තණ‍්හාසල‍්ලෙ අනූහතෙ”ති

1. “තෘෂ්ණාශල්‍යය උපුටා නො ලූ කල්හි (මේ ඛාද්‍යාදිය) නො කමි, (යාගු ආදිය) නො බොමි, වෙහෙරින් නො නික්මෙමි, (ඇඳපුටු ආදියෙහි) ඇලය නො තබමි”.

චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති, එවරූපම‍්පි විරියසමාදානං වුච‍්චති වතං න සීලං. ‘න තාවාහං ඉමං පල‍්ලඞ‍්කං භින්‍දිස‍්සාමි, යාව මෙ න අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුච‍්චිස‍්සතී”ති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති. එවරූපම‍්පි විරියසමාදානං වුච‍්චති වතං න සීලං. ‘න තාවාහං ඉමම‍්හා ආසනා වුට‍්ඨහිස‍්සාමි, න තාවාහං ඉමම‍්හා චඞ‍්කමා ඔරොහිස‍්සාමි, විහාරා නික‍්ඛමිස‍්සාමි, අඩ‍්ඪයොගා නික‍්ඛමිස‍්සාමි, පාසාදා නික‍්ඛමිස‍්සාමි, හම‍්මියා - ගුහාය - ලෙණා - කුටියා - කූටාගාරා - අට‍්ටා - මාළා - උද‍්දණ‍්ඩා - උපට‍්ඨානසාලාය - මණ‍්ඩපා - රුක‍්ඛමූලා නික‍්ඛමිස‍්සාමි, යාව මෙ න අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුච‍්චිස‍්සතී’ති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති. එවරූපං විරියසමාදානං වුච‍්චති වතං න සීලං. ‘ඉමස‍්මිඤ‍්ඤෙව පුබ‍්බන‍්හසමයං අරියධම‍්මං ආහරිස‍්සාමි සමාහරිස‍්සාමි අධිගච‍්ඡිස‍්සාමි ඵස‍්සයිස‍්සාමි සච‍්ඡිකරිස‍්සාමී’ති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති. එවරූපම‍්පි විරියසමාදානං වුච‍්චති වතං න සීලං, ඉමස‍්මිඤ‍්ඤෙව මජ‍්ඣන‍්තිකසමයං - සායන‍්හසමයං - පුරෙභත‍්තං - පච‍්ඡාභත‍්තං - පුරිමයාමං - පච‍්ඡිමයාමං - කාළෙ - ජුණ‍්හෙ - වස‍්සෙ - හෙමන‍්තෙ - ගිම‍්හෙ - පුරිමෙ වයොඛන්‍ධෙ - මජ‍්ඣිමෙ වයොඛන්‍ධෙ - පච‍්ඡිමෙ වයොඛන්‍ධෙ අරියධම‍්මං ආහරිස‍්සාමි සමාහරිස‍්සාමි අධිගච‍්ඡිස‍්සාමි සච‍්ඡිකරිස‍්සාමි ඵස‍්සයිස‍්සාමීති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති. එවරූපම‍්පි විරියසමාදානං වුච‍්චති වතං න සීලං.

සිත උත්සාහ ගන්වයි, පිහිටුවයි. මෙබඳු වීර්‍ය්‍යසමාදානය ද ‘ශීල නො වූ ව්‍රතය’ යි කියනු ලැබේ. ‘යම් තාක් මාගේ සිත උපාදාන රහිත වැ (කාමාදි) ආස්‍රවයන් කෙරෙන් සමුච්ඡෙදවිමුක්තියෙන් නො මිදේ නම්, ඒ තාක් මේ පලඟ නො බිඳින්නෙමී’ සිත දැඩි වැ ගනී ද, පිහිටුවා ද; මෙබඳු වීර්‍ය්‍යසමාදානයත් ශීල නො වූ ව්‍රතයයි කියනු ලැබේ. (සිත කෙලෙසුන් කෙරෙන් මිදෙන) තාක් මම මේ ආසනයෙන් නො නැගීසිටින්නෙමි, ‘ඒ තාක් මම මේ සක්මනින් නො බස්නෙමි - විහාරයෙන් නො නික්මෙමි - අඞ්ඪයොග (ගුරුළුවක් ගෙයින්) නො නික්මෙමි - පහයෙන් නො නික්මෙමි - සඳලුගෙයින් - ගුහායෙන් - උද්දණ්ඩයෙන් - උවටැන්හලින් - මණ්ඩපයෙන් - යම්තාක් මාගේ සිත උපාදාන රහිත වැ ආස්‍රවයන් කෙරෙන් නො මිදෙන්නේ නම්, ඒ තාක් මේ රුක්මුලින් නො නික්මෙමී’ සිතට වැරගන්වා නම් සිත පිහිටුවා නම්, මෙබඳු වීර්‍ය්‍යසමාදානයත් ශීල නොවූ ව්‍රතයැ’ යි කියනු ලැබේ. ‘මේ පෙරවරුයෙහි මැ ආර්‍ය්‍යධර්‍මය (මාගේ සිතට) එළවමි, මොනවට එළවමි, අධිගමය කෙරෙමි, ස්පර්‍ශ කෙරෙමි, ප්‍රත්‍යක්‍ෂ කෙරෙමි’ යි සිතට වැර ගන්වා ද, පිහිටුවා ද, මෙබඳු වීර්‍ය්‍යසමාදානය ත් ශීල නො වූ ව්‍රතය’ යි කියනු ලැබේ. මේ මැදිදහවල්හි මැ - පස්වරුයෙහි - පෙරබත්හි - පසුබත්හි - පෙරයමැ - මැදියමැ - අලුයමැ - අවපසැ - පුරපසැ - වැසිකලැ - හිමත්කලැ - ගිම්කලැ - ප්‍රථමවයස්හි - මධ්‍යමවයස්හි - පශ්චිමවයස්හි ආර්‍ය්‍යධර්‍මය එළවමි, මොනොවට එළවමි, අධිගමය කෙරෙමි, ස්පර්‍ශ කෙරෙමි, ප්‍රත්‍යක්‍ෂ කරන්නෙමී’ සිත දැඩිව ගනී ද, පිහිටුවා ද, මෙබඳු වීර්‍ය්‍යසමාදානයත් ‘ශීල නො වූ ව්‍රතය’ යි කියනු ලැබේ.

අයං සීලබ‍්බතපාරිසුද‍්ධි; එදිසාය සීලබ‍්බතපාරිසුද‍්ධියා සමන‍්නාගතො අස‍්සාති - කානි සීලබ‍්බතානස‍්සු.

මෝ තොමෝ ශීලව්‍රතපාරිශුද්ධිය යි. මෙබඳුවූ ශීලව්‍රතපාරිශුද්ධියෙන් සමන්‍විත වූයේ වන්නේ නුයි ‘කානි සීලබ්බතාන’ස්සු’ යනු වේ.

පහිතත‍්තස‍්ස භික‍්ඛුනොති - ‘පහිතත‍්තස‍්සා’ති ආරද‍්ධවිරියස‍්ස; ථාමවතො දළ‍්හපරක‍්කමස‍්ස අනික‍්ඛිත‍්තඡන්‍දස‍්ස අනික‍්ඛිත‍්තධුරස‍්ස කුසලෙසු ධම‍්මෙසු; අථවා පෙසිතත‍්තස‍්ස, යස‍්සත්‍ථාය පෙසිතො අත‍්තත්‍ථෙ ච ඤායෙ ච ලක‍්ඛණෙ ච කාරණෙ ච ඨානාඨානෙ ච සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චාති පෙසිතත‍්තස‍්ස; සබ‍්බෙ සඞ‍්ඛාරා දුක‍්ඛාති පෙසිතත‍්තස‍්ස; සබ‍්බෙ ධම‍්මා අනත‍්තාති පෙසිතත‍්තස‍්ස; අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරාති පෙසිතත‍්තස‍්ස; -පෙ- ජාතිපච‍්චයා ජරාමරණන‍්ති පෙසිතත‍්තස‍්ස; අවිජ‍්ජානිරොධා සඞ‍්ඛාරනිරොධොති පෙසිතත‍්තස‍්ස -පෙ- ජාතිනිරොධා ජරාමරණනිරොධොති පෙසිතත‍්තස‍්ස; ඉදං දුක‍්ඛන‍්ති පෙසිතත‍්තස‍්ස -පෙ- අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති පෙසිතත‍්තස‍්ස; ඉමෙ ආසවාති පෙසිතත‍්තස‍්ස -පෙ- අයං ආසවනිරොධගාමිනී පටිපදාති පෙසිතත‍්තස‍්ස; ඉමෙ ධම‍්මා අභිඤ‍්ඤෙය්‍යාති පෙසිතත‍්තස‍්ස -පෙ- ඉමෙ ධම‍්මා සච‍්ඡිකාතබ‍්බාති පෙසිතත‍්තස‍්ස; ඡන‍්නං ඵස‍්සායතනානං සමුදයඤ‍්ච අත්‍ථඞ‍්ගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච පෙසිතත‍්තස‍්ස;

පහිතත්තස්ස භික්ඛුනෝ - ‘පහිතත්තස්ස’ යනු: රුකුළු වැර ඇත්තහුට කුසල්දහම්හි ශක්තිය ඇත්තහුට දැඩි පරාක්‍රම ඇත්තහුට තැබූ වීර්‍ය්‍යච්ඡන්ද ඇත්තහුට නො තැබූ වීර්‍ය්‍යධුර ඇත්තහුට; නොහොත් මෙහෙයු සිත් ඇත්තහුට, යම් රහත් බවක් සඳහා ආත්මභාවය පරිත්‍යාග කරන ලද ද, අර්‍හත් ඵල සඞ්ඛ්‍යාත ආත්මාර්‍තථයෙහි ද න්‍යාය (ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ග) යෙහි ද අනිත්‍යාදි ලක්‍ෂණප්‍රතිවෙධයෙහි ද හේතුයෙහි ද ස්ථානාස්ථානයෙහි ද (- කාරණයෙහි ද අකාරණයෙහි ද;) ‘සියලු සංස්කාරයෝ අනිත්‍ය වූහ’ යි මෙහෙයු සිත් ඇත්තහුට, ‘සියලු සංස්කාරයෝ දුක් වූහ’ යි මෙහෙයු සිත් ඇත්තහුට, ‘සියලු ධර්‍මයෝ අනාත්ම වූහ’ යි මෙහෙයු සිත් ඇත්තහුට, ‘අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙතී’ මෙහෙයු සිත් ඇත්තහුට, … ‘ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණය වේ’ යි මෙහෙයු සිත් ඇත්තහුට; අවිද්‍යාවගේ නිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ යයි මෙහෙයු සිතැත්තහුට, … ජාතිනිරෝධයෙන් ජරාමරණනිරෝධය වේ යයි මෙහෙයු සිතැත්තහුට; ‘මේ දුඃඛසත්‍ය යැ’යි මෙහෙයු සිතැත්තහුට, … ‘මෝ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපත්තිය’යි මෙහෙයු සිතැත්තහුට; ‘මොහු ආස්‍රවයෝ ය’යි මෙහෙයු සිතැත්තහුට; … ‘මෝ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපත්තිය යි මෙහෙයු සිතැත්තහුට, ‘මේ ධර්‍මයෝ දතයුත්තාහ’යි මෙහෙයු සිතැත්තහුට… ’මේ ධර්‍මයෝ ප්‍රත්‍යක්‍ෂ කළයුත්තාහ’යි මෙහෙයු සිතැත්තහුට; සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ පහළවීමට ද නැසීමට ද ආස්වාදයට ද ආදීනවයට ද නිසස්රණයට ද මෙහෙයු සිතැත්තහුට,

පඤ‍්චන‍්නං උපාදානක‍්ඛන්‍ධානං - චතුණ‍්ණං මහාභූතානං සමුදයඤ‍්ච අත්‍ථඞ‍්ගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච පෙසිතත‍්තස‍්ස; යං කිඤ‍්චි සමුදයධම‍්මං සබ‍්බං තං නිරොධධම‍්මන‍්ති පෙසිතත‍්තස‍්ස. භික‍්ඛුනොති පුථුජ‍්ජනකල්‍යාණකස‍්ස වා භික‍්ඛුනො සෙඛස‍්ස වා භික‍්ඛුනොති - පහිතත‍්තස‍්ස භික‍්ඛුනො.

පඤ්චොපාදානස්කන්‍ධයන්ගේ - සතර මහාභූතයන්ගේ සමුදයට ද අස්තඞ්ගමයට ද ආස්වාදයට ද ආදීනවයට ද නිස්සරණයට ද මෙහෙයු සිතැත්තහු, ‘යම් කිසිවක් සමුදයධර්‍ම නම්, ඒ සියල්ල නැසෙන පියවි ඇතැ’යි මෙහෙයු සිතැත්තහුට. භික්ඛුනෝ යනු: පෘථග්ජනකල්‍යාණක භික්‍ෂුහුගේ හෝ, ශෛක්‍ෂභික්‍ෂුහුගේ හෝ නුයි ‘පහිතත්තස්ස භික්ඛුනෝ’ යනු වේ.

තෙනාහ ථෙරො සාරිපුත‍්තො:

එයින් වදාළහ ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ:

“ක්‍යාස‍්ස බ්‍යප‍්පථයො අස‍්සු ක්‍යාස‍්සස‍්සු ඉධ ගොචරා, කානි සීලබ‍්බතානස‍්සු පහිතත‍්තස‍්ස භික‍්ඛුනො”ති.

“ක්‍යාස්ස බ්‍යප්පථයො අස්සු -පෙ- පහිතත්තස්ස භික්ඛුනෝ” යී.