යෙදුමෙන් කියවන්න

16. 6

16. 6.

16. 6.

කති පරිස‍්සයා ලොකෙ ගච‍්ඡතො අගතං දිසං, යෙ භික‍්ඛු අභිසම‍්භවෙ පන‍්තම‍්හි සයනාසනෙ.

මහණ තෙම වනකෙළවර සෙනසුන්හි යම් උපද්‍රව කෙනකුන් මැඩපවත්වන්නේ නම්, නො ගියවිරූ අමාමහනිවන් දෙසට යනුවහුට ලොවැ කෙතෙක් උපද්‍රවයෝ වෙත් ද?

කති පරිස‍්සයා ලෙකෙති - ‘කතී’ති කතී කිත‍්තකා කීවතකා කීවබහුකා තෙ පරිස‍්සයාති? ද‍්වෙ පරිස‍්සයා: පාකටපරිස‍්සයා ච, පටිච‍්ඡන‍්නපරිස‍්සයා ච.

කති පරිස්සයා ලෝකේ - ‘කති’ යනු ඒ උවදුරු කීයක් ද? කෙතෙක් ද? කිපමණ ද? කිපමණ බොහෝ ද යත්: උපද්‍රවයෝ දෙදෙනෙකි: ප්‍රකට උපද්‍රවයෝ ද ප්‍රතිච්ඡන්න උපද්‍රවයෝ දැයි.

කතමෙ පාකටපරිස‍්සයා? සීහා බ්‍යග‍්ඝා දීපී අච‍්ඡා තරච‍්ඡා කොකා මහිසා හත්‍ථි අහී විච‍්ඡිකා සතපදී චොරා වා අස‍්සු මානවා වා කතකම‍්මා වා අකතකම‍්මා වා, චක‍්ඛුරොගො සොතරොගො ඝානරොගො ජිව‍්හාරොගො කායරොගො සීසරොගො කණ‍්ණරොගො මුඛරොගො දන‍්තරොගො කාසො සාසො පිනාසො ඩහො ජරො කුච‍්ඡිරොගො මුච‍්ඡා පක‍්ඛන්‍දිකා සූලං විසූචිකා කුට‍්ඨං ගණ‍්ඩො කිලාසො සොසො අපමාරො දද‍්දු කණ‍්ඩු කච‍්ඡු රඛසා විතච‍්ඡිකා ලොහිතපිත‍්තං මධුමෙහො අංසා පිළකා භගන්‍දලා පිත‍්තසමුට‍්ඨානා ආබාධා -පෙ- සීතං උණ‍්හං ජිඝච‍්ඡා පිපාසා උච‍්චාරො පස‍්සාවො ඩංසමකසවාතාතපසිරිංසපසම‍්ඵස‍්සා. ඉමෙ වුච‍්චන‍්ති පාකටපරිස‍්සයා.

ප්‍රකට උපද්‍රවයෝ කවරහ යත්: සිහ යැ වග යැ දිවි යැ වලස් යැ තරස් යැ වෘක යැ මිහි යැ ඇත් යැ නාග යැ නුහුසු යැ සියපා යැ කළ සොරකම් ඇති හෝ නැති හෝ සොරු හෝ සැහැසි මිනිස්සු වන්නාහු ය, චක්‍ෂුරොග යැ ශ්‍රෝත්‍රරෝග යැ ඝ්‍රාණරොග යැ ජිහ්වාරෝග යැ කායරොග යැ ශීර්‍ෂරොග යැ කර්‍ණරොග යැ මුඛරොග යැ දන්තරෝග යැ කාස යැ ශ්වාස යැ පීනස යැ දාහ යැ ජ්වර යැ කුක්‍ෂිරොග යැ මුර්ඡා යැ රක්තාතීසාර යැ ආමශූල යැ මහාවිරෙචන යැ කුෂ්ට යැ ගණ්ඩ යැ කිලාස යැ ක්‍ෂයරොග යැ අපස්මාර යැ දද්‍රැ යැ කණ්ඩුති යැ කුෂ්ට යැ නියහිරි යැ අතුල්පතුල් පැළීම යැ රක්තපිත්ත යැ මධුමේහ යැ අර්‍ශස් යැ පොළ යැ භගන්‍දරා යැ පිත්තසමුත්‍ථාන ආබාධ යැ … ශීත යැ උෂ්ණ යැ ජිඝත්සා යැ පිපාසා යැ උච්චාර යැ ප්‍රස්‍රාව යැ මැසිමදුරු - වා අව් දික්දෑපහස්හු යි; මොහු ප්‍රකට උපද්‍රවයෝ යයි කියනු ලැබෙත්.

කතමෙ පටිච‍්ඡන‍්නපරිස‍්සයා? කායදුච‍්චරිතං වචීදුච‍්චරිතං මනොදුච‍්චරිතං කාමඡන්‍දනීවරණං බ්‍යාපාදනීවරණං ථීනමිද‍්ධනීවරණං උද‍්ධච‍්චකුක‍්කුච‍්චනීවරණං විචිකිච‍්ඡානීවරණං, රාගො දොසො මොහො කොධො උපනාහො මක‍්ඛො පළාසො ඉස‍්සා මච‍්ඡරියං මායා සාඨෙය්‍යං ථම‍්භො සාරම‍්භො මානො අතිමානො මදො පමාදො, සබ‍්බෙ කිලෙසා සබ‍්බෙ දුච‍්චරිතා සබ‍්බෙ දරථා සබ‍්බෙ පරිළාහා සබ‍්බෙ සන‍්තාපා සබ‍්බාකුසලාභිසඞ‍්ඛාරා. ඉමෙ වුච‍්චන‍්ති පටිච‍්ඡන‍්නපරිස‍්සයා.

ප්‍රතිච්ඡන්න උපද්‍රවයෝ කවරහ යත්: කායදුශ්චරිත යැ වාග්දුශ්චරිත යැ මනෝදුශ්චරිත යැ, කාමච්ඡන්‍දනීවරණ යැ, ව්‍යාපාදනීවරණ යැ, ථීනමිද්ධනීවරණ යැ උද්ධච්චකුක්කුච්චනීවරණ යැ විචිකිච්ඡානීවරණ යැ රාග යැ ද්වේෂ යැ මෝහ යැ ක්‍රෝධ යැ බද්ධවෛර යැ මකුබව යැ යුගග්‍රාහ යැ ඊර්‍ෂ්‍යා යැ මාත්සර්‍ය්‍ය යැ මායා යැ ශඨබව යැ ස්තම්භ යැ සාරම්භ යැ මාන යැ අතිමාන යැ මද යැ ප්‍රමාද යැ සියලු ක්ලේශයෝ යැ, සියලු දුශ්චරිතයෝ යැ, සියලු දරථයෝ යැ, සියලු පරිදාහයෝ යැ, සියලු සන්තාපයෝ යැ, සියලු අකුශලාභිසංස්කාරයෝ යි. මොහු ප්‍රතිච්ඡන්න උපද්‍රවයෝ යයි කියනු ලැබෙත්.

පරිස‍්සයාති - කෙනට‍්ඨෙන පරිස‍්සයා? පරිසහන‍්තීති පරිස‍්සයා, පරිහානාය සංවත‍්තන‍්තීති පරිස‍්සයා, තත්‍රාසයාති පරිස‍්සයා. කථං පරිසහන‍්තීති පරිස‍්සයා? තෙ පරිස‍්සයා තං පුග‍්ගලං සහන‍්ති පරිසහන‍්ති අභිභවන‍්ති අජ‍්ඣොත්‍ථරන‍්ති පරියාදියන‍්ති මද‍්දන‍්ති. එවං පරිසහන‍්තීති පරිස‍්සයා. කථං පරිහානාය සංවත‍්තන‍්තීති පරිස‍්සයා? තෙ පරිස‍්සයා කුසලානං ධම‍්මානං අන‍්තරායාය පරිහානාය සංවත‍්තන‍්ති. කතමෙසං කුසලානං ධම‍්මානං? සම‍්මාපටිපදාය අනුලොමපටිපදාය අප‍්පච‍්චනීකපටිපදාය අන්‍වත්‍ථපටිපදාය ධම‍්මානුධම‍්මපටිපදාය සීලෙසු පරිපූරකාරිතාය ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරතාය භොජනෙ මත‍්තඤ‍්ඤුතාය ජාගරියානුයොගස‍්ස සතිසම‍්පජඤ‍්ඤස‍්ස, චතුන‍්නං සතිපට‍්ඨානානං භාවනානුයොගස‍්ස, චතුන‍්නං සම‍්මප‍්පධානානං - චතුන‍්නං ඉද‍්ධිපාදානං - පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං - පඤ‍්චන‍්නං බලානං - සත‍්තන‍්නං බොජ‍්ඣඞ‍්ගානං - අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස භාවනානුයොගස‍්ස. ඉමෙසං කුසලානං ධම‍්මානං අන‍්තරායාය පරිහානාය සංවත‍්තන‍්ති. එවං පරිහානාය සංවත‍්තන‍්තීති පරිස‍්සයා.

පරිස්සයා - යනු: කවර අර්‍තථයෙකින් ‘පරිස්සය’ වූහ යත්: පරිසහනය කෙරෙත් නුයි පරිශ්‍රයෝ යැ පරිහාණයට වැටැත් නුයි පරිශ්‍රයයෝ යැ එහි වෙසෙත් නුයි පරිශ්‍රයයෝ යැ. කිසෙයින් පරිසහනය කෙරෙත් නුයි පරිශ්‍රය වූහ යත්: ඒ උපද්‍රවයෝ ඒ පුඟුල්හු සහනය කෙරෙති, හාත්පසින් සහනය කෙරෙති, අභිභවනය කෙරෙති, යටපත් කෙරෙති, හාත්පසින් ගනිති, මර්දනය කෙරෙත්; මෙසේ පරිසහනය කෙරෙත් නුයි පරිශ්‍රය වෙත්. කිසෙයින් පරිහාණයට වැටෙත් නුයි ‘පරිශ්‍රය’ වූහ යත්: ඒ උපද්‍රවයෝ කුශලධර්‍මයන්ගේ අන්තරාය පිණිස පිරිහීම් පිණිස පවත්නාහුය; කවර කුශලධර්‍මයන් ගේ ද යත්: සම්‍යක්ප්‍රතිපත්තිය අනුලෝම ප්‍රතිපත්තිය අවිරුද්ධ ප්‍රතිපත්තිය අන්වර්‍තථප්‍රතිපත්තිය ධර්‍මානුධර්‍මප්‍රතිපත්තිය ප්‍රාතිමෝක්‍ෂ ශීලයෙහි පරිපූරකාරිත්‍වය ඉන්‍ද්‍රියයන්හි පියු දොර ඇති බව භෝජනයෙහි පමණ දන්නා බව නිදි දුරු කිරීමෙහි යෙදීම ස්මෘතිසම්ප්‍රඥානය සතර සතිපට්ඨානභාවනාවෙහි යෙදීම සතර සම්‍යක්ප්‍රධානය සතර ඍද්ධිපාදය පඤ්චේන්‍ද්‍රියය පඤ්ච බලය සප්ත බෝධ්‍යඞ්ගය ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගභාවනානුයොගය යන මේ කුශලධර්‍මයන්ගේ අන්තරාය පිණිස පරිහාණය පිණිස පවත්නාහු ය. මෙසේ පරිහාණයට වැටෙත් නුයි ‘පරිශ්‍රය’ නම් වෙත්.

කථං තත්‍රාසයාති පරිස‍්සයා? තත්‍ථෙතෙ පාපකා අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති අත‍්තභාවසන‍්නිස‍්සයා යථා බිලෙ බිලාසයා පාණා සයන‍්ති, දකෙ දකාසයා පාණා සයන‍්ති, වනෙ වනාසයා පාණා සයන‍්ති, රුක‍්ඛෙ රුක‍්ඛාසයා පාණා සයන‍්ති, එවමෙවං තත්‍ථෙතෙ පාපකා අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති අත‍්තභාවසන‍්නිස‍්සයාති. එවම‍්පි තත්‍රාසයාති පරිස‍්සයා.

කිසෙයින් තත්‍රාසය (-එහි වෙසෙත්) නුයි පරිශ්‍රය වූහ යත්: එ ආත්මභාවයෙහි තෙල ලාමක අකුශලධර්‍මයෝ ආත්මභාවය ඇසුරු කොට උපදිත්: යම්සේ බිලාශ්‍රය ප්‍රාණීහු බිලයෙහි වෙසෙත් ද, දිය ඇසුරු කරන ප්‍රාණීහු දියෙහි හොවිත් ද, වනය ඇසුරු කරන ප්‍රාණීහු වෙනෙහි හොවිත් ද, රුක ඇසුරු කරන ප්‍රාණීහු රුකෙහි හොවිත් ද, එපරිද්දෙන් ම ඒ ආත්මභාවයෙහි තෙල ලාමක අකුශලධර්‍මයෝ ආත්මභාවය ඇසුරු කොට උපදනාහු වෙත් නුයි මෙසේත් තත්‍රාසය නුයි ‘පරිශ්‍රය’ නම් වෙත්.

වුත‍්තං හෙතං භගවතා:

මේ වදාරන ලද මැ යැ භාග්‍යවත්හු විසින්:

“සාන‍්තෙවාසිකො භික‍්ඛවෙ භික‍්ඛු සාචරියකො දුක‍්ඛං න ඵාසු විහරති. කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු සාන‍්තෙවාසිකො සාචරියකො දුක‍්ඛං න ඵාසු විහරති?

“මහණෙනි, සාන්තේවාසික වූ ( -අතැවැසි කෙලෙසුන් සමඟ වසන) මහණ තෙමේ දුකසේ නො සුවසේ වෙසෙයි. මහණෙනි, කිසෙයින් සාන්තේවාසික වූ සාවාර්‍ය්‍යක වූ මහණ දුකසේ නො සුවසේ වෙසෙයි යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛුනො චක‍්ඛුනා රූපං දිස‍්වා උප‍්පජ‍්ජන‍්ති පාපකා අකුසලා ධම‍්මා සරසංකප‍්පා සඤ‍්ඤොජනියා, ත්‍යාස‍්ස අන‍්තො වසන‍්ති, අන්‍වාස‍්ස වසන‍්ති පාපකා අකුසලා ධම‍්මාති, තස‍්මා සාන‍්තෙවාසිකොති වුච‍්චති. තෙ නං සමුදාචරන‍්ති, සමුදාචරන‍්ති නං පාපකා අකුසලා ධම‍්මාති තස‍්මා සාචරියකොති වුච‍්චති. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛුනො සොතෙන සද‍්දං සුත්‍වා - ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා - ජිව‍්හාය රසං සායිත්‍වා - කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා - මනසා ධම‍්මං විඤ‍්ඤාය උප‍්පජ‍්ජන‍්ති පාපකා අකුසලා ධම‍්මා සරසඞ‍්කප‍්පා සඤ‍්ඤොජනියා, ත්‍යාස‍්ස අන‍්තො වසන‍්ති අන්‍වාස‍්ස වසන‍්ති පාපකා අකුසලා ධම‍්මාති, තස‍්මා සාන‍්තෙවාසිකොති වුච‍්චති. තෙ නං සමුදාචරන‍්ති, සමුදාචරන‍්ති නං පාපකා අකුසලා ධම‍්මාති තස‍්මා සාචරියකොති වුච‍්චති. පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛුනො සොතෙන සද‍්දං සුත්‍වා - ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා - ජිව‍්හාය - රසං සායිත්‍වා - කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා - මනසා ධම‍්මං විඤ‍්ඤාය උප‍්පජ‍්ජන‍්ති පාපකා අකුසලා ධම‍්මා සරසඞ‍්කප‍්පා සඤ‍්ඤොජනියා, ත්‍යාස‍්ස අන‍්තො වසන‍්ති, අන්‍වාස‍්ස වසන‍්ති පාපකා අකුසලා ධම‍්මා’ති තස‍්මා සාන‍්තෙවාසිකොති වුච‍්චති. තෙ නං සමුදාචරන‍්ති, සමුදාචරන‍්ති නං පාපකා අකුසලා ධම‍්මා’ති තස‍්මා සාචරියකොති වුච‍්චති. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු සාන‍්තෙවාසිකො සාචරියකො දුක‍්ඛං න ඵාසු විහරතී”ති එවම‍්පි තත්‍රාසයාති පරිස‍්සයා.

මහණෙනි, මෙහි මහණක් හට ඇසින් රූපයක් දැක (නොයෙක් අරමුණෙහි හැසිරීම් වශයෙන් උපන්) සඞ්කල්පනා ඇති සංයෝජනයන්ට හිත වූ ලාමක අකුශලධර්‍ම කෙනෙක් උපදනාහු නම්, ඒ ලාමක අකුශලධර්‍මයෝ ඔහුගේ සිත තුළ වෙසෙති, ඔහුගේ සන්තානය අනුව ගොස් වෙසෙත් නුයි එහෙයින් ‘සාන්තේවාසික’ යී කියනු ලැබෙයි. ඒ ලාමක අකුශලධර්‍මයෝ ඒ පුද්ගලයා හසුරුවති, ඔහු කෙරෙහි පවතිත් නුයි එහෙයින් ‘සාචරියක’ යි කියනු ලැබේ. නැවත ද මහණෙනි, මහණ හට කනින් ශබ්දයක් අසා නැහැයෙන් ගඳක් ආඝ්‍රාණය කොට - දිවින් රසයක් විඳ - කයින් පහසක් පැහැස - මනසින් දහමක් දැන අරමුණෙහි හැසිරීමෙන් උපන් සඞ්කල්පනා ඇති සංයෝජනයන්ට හිත වූ ලාමක අකුශලධර්‍ම කෙනෙක් උපදනාහු නම්, ඒ ලාමක අකුශලධර්‍මයෝ ඔහු ගේ සිත තුළ වෙසෙති, ඔහු ගේ සන්තානය අනුව ගොස් වෙසෙත් නුයි එහෙයින් ‘සාන්තේවාසික’ යී කියනු ලැබෙයි. ඒ ලාමක අකුශලධර්‍මයෝ ඒ පුද්ගලයා හසුරුවති, ඔහු කෙරෙහි පවතිත් නුයි එහෙයින් ‘සාචරියක’ යී කියනු ලැබේ. මහණෙනි, මෙ පරිද්දෙන් මහණ තෙමේ සාන්තේවාසික වූයේ සාචරියක වූයේ දුකසේ නො සුවසේ වෙසේ” යයි. මෙසේත් තත්‍රාසය නුයි ‘පරිශ්‍රය’ නම් වෙත්.

වුත‍්තං හෙතං භගවතා:

මේ වදාරන ලද මැයැ බුදුන් විසින්:

“තයො’මෙ භික‍්ඛවෙ අන‍්තරා මලා අන‍්තරා අමිත‍්තා අන‍්තරා සපත‍්තා අන‍්තරා වධකා අන‍්තරා පච‍්චත්‍ථිකා. කතමෙ තයො? ලොභො භික‍්ඛවෙ අන‍්තරා මලං අන‍්තරා අමිත‍්තො අන‍්තරා සපත‍්තො අන‍්තරා වධකො අන‍්තරා පච‍්චත්‍ථිකො. දොසො භික‍්ඛවෙ -පෙ- මොහො භික‍්ඛවෙ අන‍්තරාමලං අන‍්තරා අමිත‍්තො අන‍්තරා සපත‍්තො අන‍්තරා වධකො අන‍්තරා පච‍්චත්‍ථිකො. ඉමෙ ඛො භික‍්ඛවෙ, තයො අන‍්තරා මලං අන‍්තරා අමිත‍්තා අන‍්තරා සපත‍්තා අන‍්තරා වධකා අන‍්තරා පච‍්චත්‍ථිකා.”

“මහණෙනි, මේ ඇතුළත මලයෝ ඇතුළත අමිත්‍රයෝ ඇතුළත සතුරෝ ඇතුළත වධකයෝ ඇතුළත පසමිතුරෝ තිදෙනෙක් වෙති: කවර තිදෙනෙක යත්? මහණෙනි, ලෝභය ඇතුළත මලයෙක, ඇතුළත අමිත්‍රයෙක, ඇතුළත සතුරෙක, ඇතුළත වධකයෙක, ඇතුළත පසමිතුරෙකි, මහණෙනි, ද්වේෂය … මහණෙනි, මෝහය ඇතුළත මලයෙක, ඇතුළත අමිත්‍රයෙක, ඇතුළත සතුරෙක, ඇතුළත වධකයෙක, ඇතුළත පසමිතුරෙකි. මහණෙනි, මොහු තිදෙනා ඇතුළත මලයෝ යැ, ඇතුළත අමිත්‍රයෝ යැ, ඇතුළත සතුරෝ යැ, ඇතුළත වධකයෝ යැ, ඇතුළත පසමිතුරෝ” යි.

1. අනත්‍ථජනනො ලොභො ලොභො චිත‍්තප‍්පකොපනො, භයමන‍්තරතො ජාතං තං ජනො නාවබුජ‍්ඣති.

1. ලෝභය අනර්‍තථජනක යැ, ලෝභය කුසල්සිත වළහන්නේ යැ, ඇතුළත උපන් භයෙකැ, බාලජන තෙමෙ එය අවබෝධ නො කෙරෙයි.

2. ලුද‍්ධො අත්‍ථං න ජානාති ලුද‍්ධො ධම‍්මං න පස‍්සති, අන්‍ධන‍්තමං තදා හොති යං ලොභො සහතෙ නරං.

2. ලෝභී තෙමේ (ලොවි - ලොවුතුරු) අර්‍ත්‍ථය නො දනී. ලෝභී තෙමෙ දහම් නො දකී. යම් හෙයකින් ලෝභය තෙමෙ මිනිසා මැඩගනී ද එකල්හි බහල වූ අන්‍ධකාරය වේ.

3. අනත්‍ථජනනො දොසො දොසො චිත‍්තප‍්පකොපනො, භයමන‍්තරතො ජාතං තං ජනො නාවබුජ‍්ඣති.

3. ද්වේෂය අනර්‍තථජනක යැ. ද්වේෂය කුසල්සිත වළහන්නේ යැ. ඇතුළත උපන් භයෙකැ. බාලජන තෙමෙ එය අවබෝධ නො කෙරෙයි.

4. කුද‍්ධො අත්‍ථං න ජානාති කුද‍්ධො ධම‍්මං න පස‍්සති, අන්‍ධන‍්තමං තදා හොති යං කොධො සහතෙ නරං.

4. කිපියේ අර්‍ත්‍ථය නො දැනගනී. කිපියේ දහම් නො දකී. යම් කලෙක ක්‍රෝධය මිනිසා අභිභවා ද, එකල්හි බහලාන්‍ධකාරය වේ.

5. අනත්‍ථජනනො මොහො මොහො චිත‍්තප‍්පකොපනො, භයමන‍්තරතො ජාතං තං ජනො නාවබුජ‍්ඣති.

5. මෝහය අනර්‍තථ උපදවන්නේ යැ. මෝහය කුසල්සිත වළහන්නේ යැ. සිත තුළ උපන් භයෙකැ. බාලජන තෙමෙ එය අවබෝධ නො කෙරේ.

6. මූළ‍්හො අත්‍ථං න ජානාති මූළ‍්හො ධම‍්මං න පස‍්සති, අන්‍ධන‍්තමං තදා හොති යං මොහො සහතෙ නර”න‍්ති.

6. මූඪ වූයේ ලොවි - ලොවුතුරු අර්‍ත්‍ථය නො දනී. මූඪ තෙමෙ දහම් (- අනර්‍තථහෙතුව) නො දකී. යම් කලෙක මෝහය තෙමෙ මිනිසා අභිභවා ද එකල්හි බහල වූ මෝහාන්‍ධකාරය වේ යයි.

එවම‍්පි තත්‍රාසයාති පරිස‍්සයා.

මෙසේ ත් තත්‍රාසය නුයි ‘පරිස්සය’ නම් වෙත්.

වුත‍්තං හෙතං භගවතා:

මේ වදාරන ලද මැය බුදුන් විසින්:

“තයො ඛො’මෙ මහාරාජ, පුරිසස‍්ස ධම‍්මා අජ‍්ඣත‍්තං උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජන‍්ති අහිතාය දුක‍්ඛාය අඵාසුවිහාරාය. කතමෙ තයො: ලොභො ඛො මහාරාජ, පුරිසස‍්ස ධම‍්මො අජ‍්ඣත‍්තං උප‍්පජ‍්ජමානො උප‍්පජ‍්ජති අහිතාය දුක‍්ඛාය අඵාසුවිහාරාය, දොසො ඛො මහාරාජ -පෙ- මොහො ඛො මහාරාජ, පුරිසස‍්ස ධම‍්මො අජ‍්ඣත‍්තං උප‍්පජ‍්ජමානො උප‍්පජ‍්ජති අහිතාය දුක‍්ඛාය අඵාසුවිහාරාය. ඉමෙ ඛො මහාරාජ, තයො පුරිසස‍්ස ධම‍්මා අජ‍්ඣත‍්තං උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජන‍්ති අහිතාය දුක‍්ඛාය අඵාසුවිහාරායා”ති.

“මහරජ, මේ ධර්‍මයෝ තිදෙනෙක් පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදනාහු අහිත පිණිස දුක් පිණිස නො සුවසේ වාසය පිණිස උපදිත්. කවර තිදෙනෙක් ද යත්: මහරජ, ලෝභය පුරුෂයාගේ සිත තුළ උපදනේ අහිතට දුකට අඵාසුවිහරණයට උපදී, මහරජ, ද්වේෂය … මහරජ, මෝහය පුරුෂයාගේ සිත තුළ උපදනේ අහිතට දුකට අඵාසුවිහරණයට උපදී. මහරජ, මේ ධර්‍මයෝ තිදෙන පුරුෂයාගේ සිත තුළ උපදනාහු අහිතයට දුකට අඵාසුවිහරණයට උපදනාහුය” යි.

7. “ලොභො දොසො ච මොහො ච පුරිසං පාපචෙතසං, හිංසන‍්ති අත‍්තසම‍්භූතා තචසාරංව සම‍්ඵල”න‍්ති.

7. ලෝභය ද ද්වේෂය ද මෝහය ද තම සිත තුළ උපන්නාහු ස්වකීය ඵලය හුණගස සෙයින් පව්සිත් ඇති මිනිසා වනසත්’ යයි.

එවම‍්පි තත්‍රාසයාති පරිස‍්සයා.

මෙසේත් තත්‍රාසය නුයි ‘පරිස්සය’ නම් වෙත්.

වුත‍්තං හෙතං භගවතා:

තෙල බුදුන් විසින් වදාරන ලද මැය:

8. “රාගො ච දොසො ච ඉතො නිදානා අරතී රතී ලොමහංසා ඉතොජා, ඉතො සමුට‍්ඨාය මනොවිතක‍්කා කුමාරකා ධඞ‍්කමිවොස‍්සජන‍්තී”ති.

8. රාගය ත් ද්වේෂය ත් මේ ආත්මභාවය නිදාන කොට ඇත්තාහු ය. අරතිය රතිය හා රොමහර්‍ෂයෝ මේ අත්බවින් උපන්නාහ. පාපවිතර්‍කයෝ මේ අත්බවින් ඉපද කුමරහු හුයින් පය බැඳි කවුඩක්හු සෙයින් හැරපියත්.

එවම‍්පි තත්‍රාසයාති පරිස‍්සයා. ලොකෙති මනුස‍්සලොකෙ -පෙ- ආයතනලොකෙ’ති - කති පරිස‍්සයා ලොකෙ?

මෙසේ ත් තත්‍රාසය නුයි ‘පරිස්සය’ නම් වෙත්. ලෝකේ යනු: මිනිස්ලොවැ ආයතනලෝකයෙහි නුයි ‘කති පරිස්සයා ලෝක’ යනු වේ.

ගච‍්ඡතො අගතං දිසන‍්ති - ‘අගතා දිසා’ වුච‍්චති අමතං නිබ‍්බානං, “යො සො සබ‍්බසඞ‍්ඛාරසමථො සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගො තණ‍්හක‍්ඛයො විරාගො නිරොධො නිබ‍්බානං” අගතපුබ‍්බා සා දිසා, න සා දිසා ගතපුබ‍්බා ඉමිනා දීඝෙන අද‍්ධුනා.

ගච්ඡතො අගතං දිසං - අමාමහ නිවන ‘අගතදිසා’ යී කියනු ලැබෙයි. යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාව ක්‍ෂය කිරීමෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද, ඒ දිග (සිහිනෙන් පවා) නො ගියවිරූ යැ. මේ දීර්‍ඝකාලයෙහි ඒ දිශාව ගියවිරූ නො වෙයි.

9. “සමතිත‍්තිකං අනවසෙසකං තෙලපත‍්තං යථා පරිහරෙය්‍ය, එවං සචිත‍්තමනුරක‍්ඛෙ පත්‍ථයානො දිසං අගතපුබ‍්බ”න‍්ති.

9. “මුවවිට ගසා පිරුණු තෙල් පාත්‍රයක් නො වැගිරෙනු කොට ගෙන යන්නාක් මෙන් නො ගිය විරූ නිවන්දෙස පතනුයේ ස්වකීය චිත්තය රක්නේයැ” යි.

අගතපුබ‍්බං දිසං වජතො ගච‍්ඡතො අභික‍්කමතොති ගච‍්ඡතො අගතං දිසං.

අගතපූර්‍ව වූ නිර්‍වාණදිශාවට යනුවහුට ගමන් කරනුවහුට අභිමුඛයට යනුවහුට නුයි ‘ගච්ඡතො අගතං දිසං’ යනු වේ.

යෙ භික‍්ඛු අභිසම‍්භවෙති - ‘යෙ’ති යෙ පරිස‍්සයෙ අභිසම‍්භවෙය්‍ය අභිභවෙය්‍ය අජ‍්ඣොත්‍ථරෙය්‍ය පරියාදියෙය්‍ය මද‍්දෙය්‍යාති - යෙ භික‍්ඛු අභිසම‍්භවෙ.

යෙ භික්ඛු අභිසම්භවෙ - ‘යෙ’ යනු: යම් පරිශ්‍රය කෙනකුන් මැඩපවත්වන්නේ නම්, අභිභවනය කරන්නේ නම්, වතුරුවන්නේ නම්’ හාත්පසින් ගන්නේ නම්, මඩින්නේ නම් යී ‘යෙ භික්ඛු අභිසම්භවෙ’ යනු වේ.

පන‍්තම‍්හි සයනාසනෙති - අන‍්තෙ පන‍්තෙ පරියන‍්තෙ සෙලන‍්තෙ වා වනන‍්තෙ වා නදන‍්තෙ වා උදකන‍්තෙ වා යත්‍ථ න කසීයති න වපීයති, වනන‍්තං අතික‍්කමිත්‍වා මනුස‍්සානං අනුපචාරෙ සෙනාසනෙති - පන‍්තම‍්හි සයනාසනෙ.

පන්තම්හි සයනාසනෙ - අන්තයෙහි ප්‍රාන්තයෙහි පර්‍ය්‍යන්තයෙහි පර්‍වතයන්ගේ අන්තයෙහි හෝ වනාන්තයෙහි හෝ නදීඅන්තයෙහි හෝ උදකාන්තයෙහි හෝ යම් තැනෙක නො සානු ලැබේ ද, නො වපුරනු ලැබේ ද, (එබඳු) වනාන්තය ඉක්මවා සිටි, මිනිසුන්ගේ හැසිරීම් රහිත වූ සෙනස්නෙහි නුයි ‘පන්තම්හි සයනාසනෙ’ යනු වේ.

තෙනාහ ථෙරො සාරිපුත‍්තො:

එයින් වදාළහ ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ:

“කති පරිස‍්සයා ලොකෙ ගච‍්ඡතො අගතං දිසං, යෙ භික‍්ඛු අභිසම‍්භවෙ පන‍්තම‍්හි සයනාසනෙ”ති.

“කති පරිස්සයා ලෝකේ -පෙ- පන්තම්හි සයනාසනෙ” යී.