16. 16
16. 16.
16. 16.
කිංසු අසිස‍්සං කුවං වා අසිස‍්සං දුක‍්ඛං වත සෙත්‍ථ කුවජ්ජ සෙස‍්සං, එතෙ විතක‍්කෙ පරිදෙවනෙය්‍යෙ විනයෙථ සෙඛො අනිකෙතචාරී.
කුමක් වළඳම් ද, කොහි හෝ වළඳම් ද, මේ රෑ ඒකාන්තයෙන් දුකසේ ශයනය කෙළෙම්, අද රෑ කොහි හොවිම් ද, යන වැලැපියයුතු වූ මේ සතර විතර්‍කයන් අපරිබොධ වැ හැසිරෙනසුලු ශෛක්‍ෂ තෙමේ දුරුකරන්නේ යි.
කිං සු අසිස්සං කුවං වා අසිස‍්සන‍්ති - ‘කිංසු අසිස‍්ස’න‍්ති කිං භුඤ‍්ජිස‍්සාමි ඔදනං වා කුම‍්මාසං වා සත‍්තුං වා මච‍්ඡං වා මංසං වාති - කිං සු අසිස්සං. කුවං වා අසිස‍්සන‍්ති කත්‍ථ භුඤ‍්ජිස‍්සාමි ඛත‍්තියකුලෙ වා බ්‍රාහ‍්මණකුලෙ වා වෙස‍්සකුලෙ වා සුද‍්දකුලෙ වාති - කිං සු අසිස්සං කුවං වා අසිස්සං.
කිං සු අසිස්සං කුවං වා අසිස්සං - ‘කිං සු අසිස්සං’ යනු: කුමක් වළඳම් ද, බත් හෝ කොමු හෝ හත්වට හෝ මාළු හෝ මස් හෝ යැයි ‘කිං සු අසිස්සං’ යනු වේ. කුවං වා අසිස්සං යනු: කොහි වළඳම් ද ක්‍ෂත්‍රියකුලයෙහි හෝ බ්‍රාහ්මණකුලයෙහි හෝ වෛශ්‍යකුලයෙහි හෝ ශුද්‍රකුලයෙහි හෝ යැයි ‘කිං සු අසිස්සං කුවං වා අසිස්සං’ යනු වේ.
දුක‍්ඛං වත සෙත්‍ථ කුවජ‍්ජ සෙස‍්සන‍්ති - ඉමං රත‍්තිං දුක‍්ඛං සයිත්‍ථ ඵලකෙ වා තට‍්ටිකාය වා චම‍්මඛණ‍්ඩෙ වා තිණසන්‍ථාරෙ වා පණ‍්ණසන්‍ථාරෙ වා පලාලසන්‍ථාරෙ වා, ආගාමිරත‍්තිං කත්‍ථ සුඛං සයිස‍්සාමි මඤ‍්චෙ වා පීඨෙ වා භිසියා වි බිම‍්බොහනෙ වා විහාරෙ වා අඩ‍්ඪයොගෙ වා පාසාදෙ වා හම‍්මියෙ වා ගුහාය වාති - දුක‍්ඛං වත සෙත්‍ථ කුවජ්ජ සෙස‍්සං.
දුක්ඛං වත සෙත්‍ථ කුවජ්ජ සෙස්සං - මේ රෑ දුකසේ ශයනය කෙළෙමි, පුවරුයෙහි හෝ තට්ටිකාවෙහි හෝ සම්කඩෙහි හෝ තණඇතිරියෙහි හෝ පන්ඇතිරියෙහි හෝ පිදුරුඇතිරියෙහි හෝ යැ; අද පැමිණෙන රෑ කොහි සුවසේ හොවිම් ද; ඇඳෙක හෝ පුටුවෙක හෝ බිස්සෙක හෝ බිම්බොහනයෙක හෝ විහාරෙයක හෝ ගුරුළුවක්ගෙයෙක හෝ පහයෙක හෝ සඳලුගෙයෙක හෝ ගුහාවෙක හෝ යැයි ‘දුක්ඛං වත සෙත්‍ථ කුවජ්ජ සෙස්සං’ යනු වේ.
එතෙ විතක‍්කෙ පරිදෙවනෙය්‍යෙති - ‘එතෙ විතක‍්කෙ’ති ද‍්වෙ පිණ‍්ඩපාතපටිසඤ‍්ඤුත‍්තෙ විතක‍්කෙ, ද‍්වෙ සෙනාසනපටිසඤ‍්ඤුත‍්තෙ විතක‍්කෙ; පරිදෙවනෙය්‍යෙති ආදෙවනෙය්‍යෙ පරිදෙවනෙය්‍යෙති - එතෙ විතක‍්කෙ පරිදෙවනෙය්‍යෙ.
එතෙ විතක්කෙ පරිදෙවතෙය්‍යෙ - ‘එතෙ විතක්කෙ’ යනු: පිණ්ඩපාත ප්‍රතිසංයුක්ත වූ විතර්‍ක දෙක යැ, සෙනාසනප්‍රතිසංයුක්ත වූ විතර්‍ක දෙක යි. පරිදෙවනෙය්‍යෙ යනු: වැලැපියයුතු හාත්පසින් වැලැපියයුත්තේ නුයි ‘එතෙ විතක්කෙ පරිදෙවතෙය්‍යෙ’ යනු වේ.
විනයෙථ සෙඛො අනිකෙතචාරීති - ‘සෙඛො’ති කිං කාරණා වුච‍්චති සෙඛො? සික‍්ඛතීති සෙඛො; කිඤ‍්ච සික‍්ඛති: කිඤ‍්ච සික‍්ඛති: අධිසීලම‍්පි සික‍්ඛති, අධිචිත‍්තම‍්පි සික‍්ඛති, අධිපඤ‍්ඤම‍්පි සික‍්ඛති. කතමා අධිසීලසික‍්ඛා? -පෙ- අයං අධිපඤ‍්ඤාසික‍්ඛා. ඉමා තිස‍්සො සික‍්ඛායො ආවජ‍්ජන‍්තො සික‍්ඛති, ජානන‍්තො - පස‍්සන‍්තො - පච‍්චවෙක‍්ඛන‍්තො - චිත‍්තං අධිට‍්ඨහන‍්තො සික‍්ඛති, සද‍්ධාය අධිමුච‍්චන‍්තො සික‍්ඛති, විරියං පග‍්ගණ‍්හන‍්තො - සතිං උපට‍්ඨපෙන‍්තො - චිත‍්තං සමාදහන‍්තො - පඤ‍්ඤාය පජානන‍්තො සික‍්ඛති. අභිඤ‍්ඤෙය්‍යං අභිජානන‍්තො සික‍්ඛති, පරිඤ‍්ඤෙය්‍යං පරිජානන‍්තො - පහාතබ‍්බං පජහන‍්තො - භාවෙතබ‍්බං භාවෙන‍්තො - සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකරොන‍්තො සික‍්ඛති, ආචරති සමාචරති සමාදාය සික‍්ඛති. තං කාරණා වුච‍්චති සෙඛො. සෙඛො විනයාය පටිවිනයාය පහානාය වූපසමාය පටිනිස‍්සග‍්ගාය පටිප‍්පස‍්සද‍්ධියා අධිසීලම‍්පි සික‍්ඛෙය්‍ය, අධිචිත‍්තම‍්පි සික‍්ඛෙය්‍ය, අධිපඤ‍්ඤම‍්පි සික‍්ඛෙය්‍ය, ඉමා තිස‍්සො සික‍්ඛායො ආවජ‍්ජන‍්තො සික‍්ඛෙය්‍ය, ජානන‍්තො -පෙ- සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකරොන‍්තො සික‍්ඛෙය්‍ය, ආචරෙය්‍ය සමාචරෙය්‍ය සමාදාය වත‍්තෙය්‍යාති - විනයෙථ සෙඛො. අනිකෙතචාරීති කථං නිකෙතචාරී හොති: ඉධෙකච‍්චො කුලපළිබොධෙන සමන‍්නාගතො හොති. ගණපළිබොධෙන - ආවාසපළිබොධෙන - චීවරපළිබොධෙන - පිණ‍්ඩපාතපළිබොධෙන - සෙනාසනපළිබොධෙන - ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරපළිබොධෙන සමන‍්නාගතො හොති. එවං නිකෙතචාරී හොති. කථං අනිකෙතචාරී හොති: ඉධ භික‍්ඛු න කුලපළිබොධෙන සමන‍්නාගතො න ගණ - න ආවාස - න චීවර - න පිණ‍්ඩපාත - න සෙනාසන - න ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරපළිබොධෙන සමන‍්නාගතො හොති. එවං අනිකෙතචාරී හොති.
විනයෙථ සේඛො අනිකෙතචාරී - ‘සේඛො’ යනු: කවර කරුණෙකින් ‘සේඛ’ යී කියනු ලැබේ ද යත්: හික්මේ නුයි ‘සේඛ’ යැ. කුමක් හික්මෙයි යත් : අධිශීලයෙහි ද හික්මෙයි, අධිචිත්තයෙහි ද හික්මෙයි, අධිප්‍රඥාවෙහි ද හික්මෙයි. අධිශීලශික්‍ෂා කවර යත් … මෝ අධිප්‍රඥාශික්‍ෂා යි. මේ ත්‍රිවිධ ශික්‍ෂාවන් ආවර්‍ජන කෙරෙමින් හික්මෙයි, දැනගනිමින් - නුවණින් දකිමින් - ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින් - සිත්හි පිහිටුවමින් හික්මෙයි,සැදැහැයෙන් නිෂ්ඨාවට පැමිණෙමින් හික්මයි, වීර්‍ය්‍යය දැඩි ව ගනිමින් - සිහි එළවමින් - සිත පිහිටුවමින් - ප්‍රඥාවෙන් දැනගනිමින් හික්මෙයි, ස්වභාවලක්‍ෂණවශයෙන් වෙසෙසින් දතයුත්ත දැනගනිමින් හික්මෙයි, සාමාන්‍යලක්‍ෂණවශයෙන් ව්‍යාප්ත කොට දතයුත්ත හාත්පසින් දැනගනිමින් - ප්‍රහීණ කළයුත්ත ප්‍රහීණ කෙරෙමින් - වැඩියැ යුත්ත වඩමින් - ප්‍රත්‍යක්‍ෂ කළ යුත්ත ප්‍රත්‍යක්‍ෂ කෙරෙමින් හික්මෙයි, හැසිරෙයි මොනොවට හැසිරෙයි සමාදන් වැ හික්මෙයි. එකරුණෙන් ‘සේඛ’ යී කියනු ලැබේ. ශෛක්‍ෂ තෙමෙ (කෙලෙසුන්ගේ) විනය පිණිස දුරුකිරීම පිණිස ප්‍රහාණය පිණිස සන්හිඳීම පිණිස දුරැලීම පිණිස පරිත්‍යාගය පිණිස අධිශීලයෙහි ද හික්මෙන්නේ යැ, අධිචිත්තයෙහි ද හික්මෙන්නේ ය, අධිප්‍රඥාවෙහි ද හික්මෙන්නේ ය; මේ ත්‍රිවිධශික්‍ෂාවන් ආවර්‍ජන කෙරෙමින් හික්මෙන්නේ යැ, දැනගනිමින් … ප්‍රත්‍යක්‍ෂ කළයුත්ත ප්‍රත්‍යක්‍ෂ කෙරෙමින් හික්මෙන්නේ යැ, හැසිරෙන්නේ යැ, මොනොවට හැසිරෙන්නේ යැ, සමාදන් වැ පවත්නේ නුයි ‘විනයෙථ සේඛො’ යනු වේ. අනිකෙතචාරී යනු: කිසෙයින් නිකෙතචාරී වේ ද යත්: මෙහි කිසිවෙක් කුලපළිබොධයෙන් යුක්ත වූයේ වේ ද; ගණපළිබොධයෙන් - ආවාසපළිබොධයෙන් චීවරපළිබොධයෙන් - පිණ්ඩපාතපළිබොධයෙන් - සෙනාසනපළිබොධයෙන් - ගිලානපච්වයභෙසජ්ජපරික්ඛාර පළිබොධයෙන් යුක්ත වූයේ වේ ද, මෙ පරිද්දෙන් ‘නිකෙතචාරී’ වේ. කිසෙයින් ‘අනිකෙතචාරී’ වේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙමේ කුලපළිබොධයෙන් යුක්ත වූයේ නො වේ ද, ගණ - ආවාස - චීවර - පිණ්ඩපාත - සේනාසන - ගිලන්පස බෙහෙසත්පිරිකර පිළිබඳ පළිබොධයෙන් යුක්ත වූයේ නො වේ ද, මෙසේ ‘අනිකෙතචාරී’ වේ.
1. “මගධං ගතා කොසලං ගතා එකච‍්චියා පන වජ‍්ජිභූමියා, මිගා විය අසඞ‍්ගචාරිනො අනිකෙතා විහරන‍්ති භික‍්ඛවො.
1. (ඒ භික්‍ෂූහු) කිසිකෙනෙක් මගධරටට ගියාහු ය, කොසොල්රටට ගියාහු ය. යළි කිසි කෙනෙක් වැදෑරටට අභිමුඛ ව ගියාහු ය. කිසිකෙනෙක් යම් මැ තැනෙකැ නො ඇලී හැසිරෙන මුවන් මෙන් ගෘහපරිරොධ රහිත වැ වෙසෙත්.
2. සාධු චරිතකං සාධු සුචරිතං සාධු සදා අනිකෙතවිහාරො, අත්‍ථපුච‍්ඡනං පදක‍්ඛිණකම‍්මං එතං සාමඤ‍්ඤං අකිඤ‍්චනස‍්සා”ති
2. අල්පෙච්ඡතාදි චරිතය මැනැව. සුචරිතය මැනැව. සියලු කල්හි පඤ්චකාමගුණනිකෙත රහිත වූ විහරණය මැනැව. අර්‍ත්‍ථ විචාරීම ද අවවාදය ආදර කොට ගැනීම ද මැනව. තෙල කිඤ්චන රහිත වූවහුගේ ශ්‍රමණ බව වේ.
විනයෙථ සෙඛො අනිකෙතචාරී.
‘විනයෙථ සේඛො අනිකෙතචාරී’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“කිං සු අසිස්සං කුවං වා අසිස‍්සං දුක‍්ඛං වත සෙත්‍ථ කුවජ්ජ සෙස‍්සං, එතෙ විතක‍්කෙ පරිදෙවනෙය්‍යෙ විනයෙථ සෙඛො අනිකෙතචාරී”ති.
“කිං සු අසිස්සං -පෙ- විනයෙථ සේඛො අනිකෙතචාරී” යී.