යෙදුමෙන් කියවන්න

16. 17

16. 17.

16. 17.

අන‍්නඤ‍්ච ලද‍්ධා වසනඤ‍්ච කාලෙ මත‍්තං ස ජඤ‍්ඤා ඉධ තොසනත්‍ථං, සො තෙසු ගුත‍්තො යතචාරි ගාමෙ රුසිතොපි වාචං ඵරුසං න වජ‍්ජා.

මේ ශාසනයෙහි ඒ මහණ තෙමෙ (සිඟායන) කාලයෙහි පිණ්ඩපාත සඞ්ඛ්‍යාත ආහාරය ද චීවර සඞ්ඛ්‍යාත වස්ත්‍රය ද ලැබ ඉතරෙතරප්‍රත්‍යයසන්තොෂය සඳහා (පටිග්ගහනපරිභොගයෙහි) පමණ දන්නේ යැ. හෙ තෙමෙ ඒ ප්‍රත්‍යයන්හි සංවර වූයේ ගම්හි සංවර වැ හැසිරෙනුයේ මෙරමා විසින් ගටන ලදුයේ නමුදු පරුෂවචන නො කියන්නේ යි.

අන‍්නඤ‍්ච ලද‍්ධා වසනඤ‍්ච කාලෙති - ‘අන‍්න’න‍්ති ඔදනො කුම‍්මාසො සත‍්තු මච‍්ඡො මංසං; වසනන‍්ති - ඡ චීවරානි: ඛොමං කප‍්පාසිකං කොසෙය්‍යං කම‍්බලං සාණං භඞ‍්ගං; අන‍්නඤ‍්ච ලද‍්ධා වසනඤ‍්ච කාලෙති - චීවරං ලභිත්‍වා පිණ‍්ඩපාතං ලභිත්‍වා, න කුහනාය න ලපනාය න නෙමිත‍්තිකතාය න නිප‍්පෙසිකතාය න ලාභෙන ලාභං නිජිගිංසනතාය න දාරුදානෙන න වෙළුදානෙන න පත‍්තදානෙන න පුප‍්ඵදානෙන න ඵලදානෙන න සිනානදානෙන න චුණ‍්ණදානෙන න මත‍්තිකාදානෙන න දන‍්තකට‍්ඨදානෙන න මුඛොදකදානෙන න චාටුකම්‍යතාය න මුග‍්ගසුප‍්පතාය න පාරිභට‍්ටතාය න පිට‍්ඨිමංසිකතාය න වත්‍ථුවිජ‍්ජාය න තිරච‍්ඡානවිජ‍්ජාය න අඞ‍්ගවිජ‍්ජාය න නක‍්ඛත‍්තවිජ‍්ජාය න දූතගමනෙන න පහිණගමනෙන න ජඞ‍්ඝපෙසනියෙන න වෙජ‍්ජකම‍්මෙන න පිණ‍්ඩපතිපිණ‍්ඩකෙන න දානානුප‍්පදානෙන ධම‍්මෙන සමෙන ලද‍්ධා ලභිත්‍වා අධිගන‍්ත්‍වා වින්‍දිත්‍වා පටිලභිත්‍වාති - අන‍්නඤ‍්ච ලද‍්ධා වසනඤ‍්ච කාලෙ.

අන්නඤ්ච ලද්ධා වසනඤ්ච කාලෙ - ‘අන්නං’ යනු: බත් කොමුපිඬු හත්වට මාළු මස් යන මේ යි. වසනං යනු: ෂට් චීවරයෝ යැ: කොමුපිළී කපුපිළී තිහිරිපිළී කම්බලපිළී සණපිළී මුසුපිළී යැ. අන්නඤ්ච ලද්ධා වසනඤ්ච කාලෙ - සිවුරු ලැබ පිණ්ඩපාතය ලැබ, විස්මය කරවීමෙන් නො වැ උසස් කොට බිණීමෙන් නො වැ නිමිති කරන බැවින් නො වැ මෙරමා ගුණ නසන බැවින් නො වැ ලාභයෙන් ලාභ සොයන බැවින් නො වැ දැව දීමෙන් නො වැ හුණදඬු දීමෙන් නො වැ (තල් ආදි) පත්‍රදානයෙන් නො වැ පුෂ්පදානයෙන් නො වැ ඵලදානයෙන් නො වැ නහනු දීමෙන් නො වැ සුණු දීමෙන් නො වැ මැටි දීමෙන් නො වැ දැහැටිදඬු දීමෙන් නො වැ මුව දෝනා දිය දීමෙන් නො වැ චාටුබස් කියන බැවින් නො වැ මුද්ගසූපයක් වැනි වීමෙන් නො වැ (දරුවන් වැඩීමාදි) පරිහටභාවයෙන් නො වැ මෙරමා පිටුමස් කනබැවින් නො වැ වාස්තවිද්‍යාවෙන් නො වැ තිරශ්චීනවිද්‍යාවෙන් නො වැ අඞ්ගවිද්‍යාවෙන් නො වැ නක්‍ෂත්‍රවිද්‍යාවෙන් නො වැ දූතමෙහෙවරින් නො වැ පණිවුඩ ගෙනයෑමෙන් නො වැ පාමෙහෙවරින් නො වැ වෙදකමින් නො වැ පිණ්ඩප්‍රතිපිණ්ඩකයෙන් නො වැ දානානුප්‍රදානයෙන් නො වැ දැහැමින් සෙමෙන් ලැබ, ලබා, පැමිණ. විඳ, ප්‍රතිලාභ කොට නුයි ‘අන්නඤ්ච ලද්ධා වසනඤ්ච කාලෙ’ යනු වේ.

මත‍්තං ස ජඤ‍්ඤා ඉධ තොසනත්‍ථන‍්ති - ‘මත‍්තං ස ජඤ‍්ඤා’ති ද‍්වීහි කාරණෙහි මත‍්තං ජානෙය්‍ය; පටිග‍්ගහනතො වා පරිභොගතො වා. කථං පටිග‍්ගහනතො මත‍්තං ජානාති? ථොකෙපි දිය්‍යමානෙ කුලානුද‍්දයාය කුලානුරක‍්ඛාය කුලානුකම‍්පාය පටිග‍්ගණ‍්හාති. බහුකෙපි දිය්‍යමානෙ කායපරිහාරිකං චීවරං පටිගණ‍්හාති, කුච‍්ඡිපරිහාරිකං පිණ‍්ඩපාතං පටිගණ‍්හාති. එවං පටිග‍්ගහනතො මත‍්තං ජානාති.

මත්තං ස ජඤ්ඤා ඉධ තොසනත්‍ථං - ‘මත්තං ස ජඤ්ඤා’ යනු: දෙ කරුණෙකින් පමණ දන්නේ යැ: ප්‍රතිග්‍රහණ හෙයින් හෝ පරිභෝග හෙයින් හෝ යැ. කිසෙයින් ප්‍රතිග්‍රහණ හෙයින් මාත්‍රඥ වේ ද යත්: මඳක් නමුදු දෙනු ලබන කල්හි කුලයන්ට කරුණා සඳහා කුලයන් රක්නා සඳහා කුලයන්ට අනුකම්පා සඳහා පිළිගනී ද, බොහෝවකුදු දෙනු ලබන කල්හි කයට යෙහෙන පමණ සිවුරු පිළිගනී ද, කුසට යැපෙන පමණ පිණ්ඩපාතය පිළිගනී ද, මෙසේ ප්‍රතිග්‍රහණ හෙයින් මාත්‍රඥ වේ.

කථං පරිභොගතො මත‍්තං ජානාති? පටිසඞ‍්ඛා යොනිසො චීවරං පටිසෙවති: යාවදෙව සීතස‍්ස පටිඝාතාය උණ‍්හස‍්ස පටිඝාතාය ඩංසමකසවාතාතපසිරිංසපසම‍්ඵස‍්සානං පටිඝාතාය, යාවදෙව හිරිකොපීනපටිච‍්ඡාදනත්‍ථං. පටිසඞ‍්ඛා යොනිසො පිණ‍්ඩපාතං පටිසෙවති: නෙව දවාය න මදාය න මණ‍්ඩනාය න විභූසනාය, යාවදෙව ඉමස‍්ස කායස‍්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්‍රහ‍්මචරියානුග‍්ගහාය, ඉති පුරාණඤ‍්ච වෙදනං පටිහඞ‍්ඛාමි, නවඤ‍්ච වෙදනං න උප‍්පාදෙස‍්සාමි, යාත්‍රා ච මෙ භවිස‍්සති අනවජ‍්ජතා ච ඵාසුවිහාරො ච. පටිසඞ‍්ඛා යොනිසො සෙනාසනං පටිසෙවති: යාවදෙව සීතස‍්ස පටිඝාතාය උණ‍්හස‍්ස පටිඝාතාය ඩංසමකසවාතාතපසිරිංසපසම‍්ඵස‍්සානං පටිඝාතාය, යාවදෙව උතුපරිස‍්සයවිනොදනං පටිසල‍්ලානාරාමත්‍ථං. පටිසඞ‍්ඛා යොනිසො ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං පටිසෙවති: යාවදෙව උප‍්පන‍්නානං වෙය්‍යාබාධිකානං වෙදනානං පටිඝාතාය අබ්‍යාපජ‍්ඣපරමතාය. එවං පරිභොගතො මත‍්තං ජානාති. මත‍්තං ස ජඤ‍්ඤාති ඉමෙහි ද‍්වීහි කාරණෙහි මත‍්තං ජානෙය්‍ය ආජානෙය්‍ය පටිවිජානෙය්‍ය පටිවිජ‍්ඣෙය්‍යාති - මත‍්තං ස ජඤ‍්ඤා.

කිසෙයින් පරිභෝග හෙයින් මාත්‍රඥ වේ ද යත්: නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට සිවුරු පරිභෝග කෙරෙයි: ශීත නසනු පිණිස උෂ්ණ නසනු පිණිස මැසි මදුරු වා අව් දිග්දෑපහස් නසනු පිණිස මැ යැ, ලජ්ජාකොපනය මුවහ කරනු පිණිස මැ යි. නුවණින් විමසා පිණ්ඩපාතය වළඳයි: කෙළි පිණිස නො වළඳයි, මද පිණිස නො වළඳයි, අලඞ්කාර පිණිස නො වළඳයි, සැරැසුම් පිණිස නො වළඳයි, මේ සිරුර පවත්නා සඳහා යැපීම පිණිස බඩගිනිවෙදනා නසනු පිණිස බඹසරට අනුග්‍රහ පිණිස මැ යැ. මෙසේ පැරණි බඩගිනි වේදනා ත් නසමි, අලුත් වේදනා ත් නූපදවමි, මාගේ ජීවිතයාත්‍රාව ද අනවද්‍යභාව ද ඵාසුවිහරණය ද වන්නේ යයි. නුවණින් විමසා සෙනසුන් සෙවන කෙරෙයි: ශීත නසනු පිණිස උෂ්ණ නසනු පිණිස මැසි මදුරු වා අව් දිග්දෑපහස් නසනු පිණිස මැ යැ, ඍතුපීඩා නසනු පිණිස හා විවෙකසුව පිණිස මැයි. නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට ගිලන්පස බෙහෙසත් පිරිකර වළඳ කරයි: රොගපීඩාවෙන් උපන් වේදනාවන් නසනු පිණිස නිදුක් පරමබව පිණිස මැයි. මෙසේ පරිභෝග හෙයින් මාත්‍රඥ වේ. මත්තං ස ජඤ්ඤා - මේ දෙ කරුණෙන් පමණ දන්නේ යැ, හාත්පසින් දන්නේ යැ වෙසෙසින් දන්නේ යැ අවබෝධ කරන්නේ නුයි ‘මත්තං ස ජඤ්ඤා’ යනු වේ.

ඉධ තොසනත්‍ථන‍්ති “ඉධ භික‍්ඛු සන‍්තුට‍්ඨො හොති ඉතරීතරෙන චීවරෙන, ඉතරීතරචීවරසන‍්තුට‍්ඨියා ච වණ‍්ණවාදී, න ච චීවරහෙතු අනෙසනං අප‍්පතිරූපං ආපජ‍්ජති, අලද‍්ධා ච චීවරං න පරිතස‍්සති, ලද‍්ධා ච චීවරං අගථිතො අමුච‍්ඡිතො අනජ‍්ඣාපන‍්නො ආදීනවදස‍්සාවී නිස‍්සරණපඤ‍්ඤො පරිභුඤ‍්ජති, තාය ච පන ඉතරීතරචීවරසන‍්තුට‍්ඨියා නෙවත‍්තානුක‍්කංසෙති, නො පරං වම‍්භෙති. යො හි තත්‍ථ දක‍්ඛො අනලසො සම‍්පජානො පතිස‍්සතො, අයං වුච‍්චති භික‍්ඛු පොරාණෙ අග‍්ගඤ‍්ඤෙ අරියවංසෙ ඨිතො. පුන ච පරං භික‍්ඛු සන‍්තුට‍්ඨො හොති ඉතරීතරෙන පිණ‍්ඩපාතෙන, ඉතරීතරපිණ‍්ඩපාතසන‍්තුට‍්ඨියා ච වණ‍්ණවාදී, න ච පිණ‍්ඩපාතහෙතු අනෙසනං අප‍්පතිරූපං ආපජ‍්ජති, අලද‍්ධා ච පිණ‍්ඩපාතං න පරිතස‍්සති, ලද‍්ධා ච පිණ‍්ඩපාතං අගථිතො අමුච‍්ඡිතො අනජ‍්ඣාපන‍්නො ආදීනවදස‍්සාවී නිස‍්සරණපඤ‍්ඤො පරිභුඤ‍්ජති; තාය ච පන ඉතරීතරපිණ‍්ඩපාතසන‍්තුට‍්ඨියා නෙවත‍්තානුක‍්කංසෙති, නො පරං වම‍්භෙති. යො හි තත්‍ථ දක‍්ඛො අනලසො සම‍්පජානො පතිස‍්සතො, අයං වුච‍්චති භික‍්ඛු පොරාණෙ අග‍්ගඤ‍්ඤෙ අරියවංසෙ ඨිතො. පුන ච පරං භික‍්ඛු සන‍්තුට‍්ඨො හොති ඉතරීතරෙන සෙනාසනෙන, ඉතරීතරසෙනාසනසන‍්තුට‍්ඨියා ච වණ‍්ණවාදී, න ච සෙනාසනහෙතු අනෙසනං අප‍්පතිරූපං ආපජ‍්ජති, අලද‍්ධා ච සෙනාසනං න පරිතස‍්සති, ලද‍්ධා ච සෙනාසනං අගථිතො අමුච‍්ඡිතො අනජ‍්ඣාපන‍්නො ආදීනවදස‍්සාවී නිස‍්සරණපඤ‍්ඤො පරිභුඤ‍්ජති. තාය ච පන ඉතරීතරසෙනාසනසන‍්තුට‍්ඨියා නෙවත‍්තානුක‍්කංසෙති, නො පරං වම‍්භෙති.

ඉධ තොසනත්‍ථං යනු: මෙහි මහණ තෙමේ ඉතරෙතර චීවරයෙන් සතුටු වූයේ වෙයි, ඉතරෙතර චීවරසන්තොෂයාගේ ගුණ කියන සුලු වූයේත් වේ, චීවරහේතුයෙන් අයුතු වූ අනෙසනයට නො ද පැමිණෙයි, සිවුරු නො ලැබ ද පීඩාවට නො පැමිණෙයි, සිවුරු දැහැමින් සෙමෙන් ලැබ ද (ලෝභයෙන්) නො ගෙතුණේ නො මුසපත් වූයේ තෘෂ්ණායෙන් නො වැතුරුණේ ආදීනව දක්නාසුලු වූයේ නිස්සරණප්‍රඥාවෙන් යුක්ත වැ පරිභෝග කෙරෙයි. තවද ඒ ඉතරෙතරචීවරසන්තොෂය හේතු කොටගෙන නො මැ ආත්මොත්කර්‍ෂණය කෙරෙයි, පරවම්භනය නො කෙරේ. තවද යම් මහණෙක් ඒ චීවරසන්තොෂයෙහි දක්‍ෂ වූයේ අනලස් වූයේ සම්‍යක්ප්‍රඥාවෙන් යුක්ත වූයේ සිහි ඇතියේ වේ ද, මේ මහණ තෙමෙ පැරණි වූ ද අග්‍ර යයි දතයුතු වූ ද ආර්‍ය්‍යවංශයෙහි සිටියේ වේ. නැවැත ද මහණ තෙමෙ ඉතරෙතර පිණ්ඩපාතයෙන් සතුටු වූයේ වෙයි, ඉතරෙතර පිණ්ඩපාතසන්තෝෂයෙහි ගුණ කියන සුලු වූයේ ත් වෙයි, පිණ්ඩපාතය නිසා අයුතු වූ අනෙසනයට නොද පැමිණෙයි, පිණ්ඩපාතය නො ලැබ ද නො තැවෙයි, පිණ්ඩපාතය ලැබ ද නො ගෙතුණේ නො මුසපත් වූයේ නො මඩනා ලදුයේ ආදීනව දක්නා සුලු වූයේ නිස්සරණප්‍රඥාවෙන් යුක්ත වැ පරිභෝග කෙරෙයි. තවද ඒ ඉතරෙතරපිණ්ඩපාතසන්තොෂය හේතු කොටගෙන නො මැ ආත්මොත්කර්‍ෂණය කෙරෙයි, පරවම්භනය නො කෙරේ. තවද යමෙක් ඒ පිණ්ඩපාතසන්තෝෂයෙහි දක්‍ෂ වූයේ අලස නො වූයේ නුවණැතියේ සිහි ඇතියේ වේ ද, මේ මහණ තෙමෙ පෞරාණික වූ අග්‍රගණ්‍ය වූ ආර්‍ය්‍යවංශයෙහි සිටියේ යයි කියනු ලැබේ. නැවැත ද මහණ තෙමෙ ඉතරෙතර සේනාසනයෙන් සතුටු වූයේ වෙයි, ඉතරෙතර සෙනාසනසන්තොෂයෙහි ගුණ කියන සුලු වූයේත් වෙයි, සේනාසනය නිසා අයුතු වූ අනෙසනයට නො ද පැමිණෙයි, සෙනසුන් නො ලැබ ද නො තැවෙයි, යළි සෙනසුන් ලබා නො ගෙතුණේ නො මුසපත් වූයේ නො මඩනා ලදුයේ ආදීනව දක්නාසුලු වූයේ නිස්සරණ ප්‍රඥාවෙන් යුක්ත වැ පරිභෝග කෙරෙයි, තවද ඒ ඉතරෙතර සෙනාසනසන්තොෂය හේතු කොටගෙන නො මැ ආත්මොත්කර්‍ෂණය කෙරෙයි, පරවම්භනය නො කෙරේ.

යො හි තත්‍ථ දක‍්ඛො අනලසො සම‍්පජානො පතිස‍්සතො, අයං වුච‍්චති භික‍්ඛු පොරාණෙ අග‍්ගඤ‍්ඤෙ අරියවංසෙ ඨිතො. පුන ච පරං භික‍්ඛු සන‍්තුට‍්ඨො හොති ඉතරීතරෙන ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරෙන ඉතරීතරගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරසන‍්තුට‍්ඨියා ච වණ‍්ණවාදී, න ච ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරහෙතු අනෙසනං අප‍්පතිරූපං ආපජ‍්ජති, අලද‍්ධා ච ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං න පරිතස‍්සති, ලද‍්ධා ච ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං අගථිතො අමුච‍්ඡිතො අනජ‍්ඣාපන‍්නො ආදීනවදස‍්සාවී නිස‍්සරණපඤ‍්ඤො පරිභුඤ‍්ජති. තාය ච පන ඉතරීතරගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරසන‍්තුට‍්ඨියා නෙවත‍්තානුක‍්කංසෙති. නො පරං වම‍්භෙති. යො හි තත්‍ථ දක‍්ඛො අනලසො සම‍්පජානො පතිස‍්සතො අයං වුච‍්චති භික‍්ඛු පොරාණෙ අග‍්ගඤ‍්ඤෙ අරියවංසෙ ඨිතො”ති - මත‍්තං ස ජඤ‍්ඤා ඉධ තොසනත්‍ථං.

යමෙක් එ මැ සෙනාසනසන්තොෂයෙහි දක්‍ෂ වූයේ නො ලස් වූයේ නුවණැතියේ සිහි ඇතියේ වේ ද, මේ මහණ තෙමෙ පෞරාණික වූ අග්‍රගණ්‍ය වූ ආර්‍ය්‍යවංශයෙහි සිටියේ යයි කියනු ලැබේ. නැවැත ද මහණ තෙමේ ඉතරෙතර ගිලානපච්චයභෙසජජපරික්ඛාරයෙන් සතුටු වූයේ වෙයි. ඉතරෙතර ග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යසන්තොෂයෙහි ගුණ කියනසුලු වූයේත් වෙයි, ගිලන්පස බෙහෙසත් පිරිකරහෙතුයෙන් අයුතු වූ අනෙසනයට නො ද පැමිණෙයි. ගිලන්පස බෙහෙසත්පිරිකර නො ලැබ ද නො තැවෙයි. ගිලන්පස බෙහෙසත් පිරිකර ලැබ ද නො ගෙතුණේ නො මුසපත් වූයේ නො මඩනා ලදුයේ ආදීනව දක්නාසුලු වූයේ නිස්සරණප්‍රඥා ඇති ව වළඳයි. තවද ඒ ඉතරෙතරග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාරසන්තොෂය හේතු කොටගෙන නො මැ ආත්මොත්කර්‍ෂණය කෙරෙයි, පරවම්භනය නො කෙරේ. යමෙක් එමැ ග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාරසන්තොෂයෙහි දක්‍ෂ වූයේ අනලස් වූයේ නුවණැතියේ සිහි ඇතියේ වේ ද, මේ මහණ තෙමෙ පෞරාණික වූ අග්‍ර යයි දන්නා ලද ආර්‍ය්‍යවංශයෙහි සිටියේ යයි කියනු ලැබේ නුයි ‘මත්තං ස ජඤ්ඤා ඉධ තොසනත්‍ථං’ යනු වේ.

සො තෙසු ගුත‍්තො යතචාරි ගාමෙති - ‘සො තෙසු ගුත‍්තො’ති චීවරෙ පිණ‍්ඩපාතෙ සෙනාසනෙ ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරෙ ගුත‍්තො ගොපිතො රක‍්ඛිතො සංවුතොති එවම‍්පි සො තෙසු ගුත‍්තො. අථවා ආයතනෙසු ගුත‍්තො ගොපිතො රක‍්ඛිතො සංවුතොති එවම‍්පි සො තෙසු ගුත‍්තො. යතචාරි ගාමෙති - ගාමෙ යතො යතත‍්තො පටියතත‍්තො ගුත‍්තො ගොපිතො රක‍්ඛිතො සංවුතොති - සො තෙසු ගුත‍්තො යතචාරි ගාමෙ.

සො තෙසු ගුත්තො යතචාරි ගාමෙ - ‘සො තෙසු ගුත්තො’ යනු: සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත්පිරිකරෙහි පිහිත වූයේ ගෝපිත වූයේ රැකුණේ සංවර වූයේ නුයි මෙසේත් ‘සො තෙසු ගුත්තො’ යනු වේ. නොහොත් ආයතනයන්හි පිහිත වූයේ ගෝපිත වූයේ රක්‍ෂිත වූයේ සංවර වූයේ නුයි මෙසේත් ‘සො තෙසු ගුත්තො’ යනු වේ. යතචාරි ගාමෙ යනු: ගම්හි සංයත වූයේ සංයත වූ සිත් ඇතියේ අතිශයින් සංයත වූ සිත් ඇතියේ පිහිත වූයේ ගෝපිත වූයේ රක්‍ෂිත වූයේ සංවර වූයේ නුයි ‘සො තෙසු ගුත්තො යතචාරි ගාමෙ’ යනු වේ.

රුසිතොපි වාචං ඵරුසං න වජ‍්ජාති - රුසිතො ඛුංසිතො වම‍්භිතො ඝට‍්ටිතො ගරහිතො උපවදිතො ඵරුසෙන කක‍්ඛළෙන නප‍්පටිවජ‍්ජා, නප‍්පටිභණෙය්‍ය, අක‍්කොසන‍්තං න පච‍්චක‍්කොසෙය්‍ය, රොසන‍්තං නප‍්පටිරොසෙය්‍ය, භණ‍්ඩන‍්තං නප‍්පටිභණ‍්ඩෙය්‍ය, න කලහං කරෙය්‍ය, න භණ‍්ඩනං කරෙය්‍ය, න විග‍්ගහං කරෙය්‍ය, න විවාදං කරෙය්‍ය, න මෙධගං කරෙය්‍ය, කලහං භණ‍්ඩනං විග‍්ගහං විවාදං මෙධගං පජහෙය්‍ය විනොදෙය්‍ය බ්‍යන‍්තීකරෙය්‍ය අනභාවං ගමෙය්‍ය. කලහභණ‍්ඩනවිග‍්ගහවිවාදමෙධගා ආරතො අස‍්ස විරතො පටිවිරතො නික‍්ඛන‍්තො නිස‍්සටො විප‍්පමුත‍්තො විසඤ‍්ඤුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්‍යාති - රුසිතොපි වාචං ඵරුසං න වජ‍්ජා.

රුසිතො පි වාචං ඵරුසං න වජ්ජා - කෝප කරන ලදුයේ ආක්‍රෝශ කරන ලදුයේ අවමන් කරන ලදුයේ ගටන ලදුයේ ගරහන ලදුයේ නුගුණ කියන ලදුයේ පරුෂ වූ කර්‍කශ වූ වචනයෙන් පෙරළා නො කියන්නේ යැ, පෙරළා නො බණන්නේ යැ, ආක්‍රෝශ කරන්නහුට ප්‍රත්‍යාක්‍රොශ නො කරන්නේ යැ, කෝප කරන්නහුට ප්‍රතිකොප නො කරන්නේ යැ, ඩබර කරන්නහුට පෙරළා ඩබර නො කරන්නේ යැ, කලහ නො කරන්නේ යැ, ඩබර නො කරන්නේ යැ, විග්‍රහ නො කරන්නේ යැ, විවාද නො කරන්නේ යැ, හිංසා නො කරන්නේ යැ, කලහ භණ්ඩන විග්‍රහ විවාද මෙධගය හරනේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනභාවයට පමුණුවන්නේ යැ. කලහ - භණ්ඩන - විග්‍රහ - විවාද - මෙධගයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ නික්මුණේ බැහැර වූයේ වෙසෙසින් මිදුණේ නො යෙදුණේ වන්නේ යැ, විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වාසය කරන්නේ නුයි ‘රුසිතො පි වාචං ඵරුසං න වජ්ජා’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“අන‍්නඤ‍්ච ලද‍්ධා වසනඤ‍්ච කාලෙ මත‍්තං ස ජඤ‍්ඤා ඉධ තොසනත්‍ථං, සො තෙසු ගුත‍්තො යතචාරි ගාමෙ රුසිතොපි වාචං ඵරුසං න වජ‍්ජා”ති.

“අන්නඤ්ච ලද්ධා -පෙ- රුසිතො පි වාචං ඵරුසං න වජ්ජා” යී.