16. 18
16. 18.
16. 18.
ඔක්ඛිත්තචක්ඛු න ච පාදලොලො ඣානානුයුත්තො බහුජාගර’ස්ස උපෙක්ඛමාරබ්භ සමාහිතත්තො තක්කාසයං කුක්කුච්චඤ්චුපච්ඡින්දෙ.
යට බලා හෙළු ඇස් ඇතියේ නො ද පාදලෞල්‍යයෙන් යුක්ත වූයේ ධ්‍යානයෙහි යෙදුණේ බොහෝ කොට නිදිවැරීමෙන් යුක්ත වූයේ වන්නේ යැ. චතුර්තථධ්යානොපෙක්ෂාව උපදවා එකඟ වූ සිත් ඇතියේ කාමාදි විතර්කය හා විතර්කාශ්රය ද කෞකෘත්‍යය ද සිඳින්නේ යි.
ඔක්ඛිත්තචක්ඛු න ච පාදලොලොති - කථං ඛිත්තචක්ඛු හොති: “ඉධෙකච්චො භික්ඛු චක්ඛුලොලො චක්ඛුලොලියෙන සමන්නාගතො හොති: ‘අදිට්ඨං දක්ඛිතබ්බං දිට්ඨං සමතික්කමිතබ්බ’න්ති ආරාමෙන ආරාමං උය්යානෙන උය්යානං ගාමෙන ගාමං නිගමෙන නිගමං නගරෙන නගරං රට්ඨෙන රට්ඨං ජනපදෙන ජනපදං දීඝචාරිකං අනිවත්තචාරිකං අනුයුත්තො හොති රූපදස්සනාය. එවම්පි ඛිත්තචක්ඛු හොති. අථවා භික්ඛු අන්තරඝරං පවිට්ඨො වීථිං පටිපන්නො අසංවුතො ගච්ඡති: හත්ථිං ඔලොකෙන්තො අස්සං ඔලොකෙන්තො රථං ඔලොකෙන්තො පත්තිං ඔලොකෙන්තො ඉත්ථියො ඔලොකෙන්තො පුරිසෙ ඔලොකෙන්තො කුමාරකෙ ඔලොකෙන්තො කුමාරිකායො ඔලොකෙන්තො අන්තරාපණං ඔලොකෙන්තො ඝරමුඛානි ඔලොකෙන්තො උද්ධං ඔලොකෙන්තො අධො ඔලොකෙන්තො දිසාවිදිසං පෙක්ඛමානො ගච්ඡති, එවම්පි ‘ඛිත්තචක්ඛු’ හොති. අථවා භික්ඛු චක්ඛුනා රූපං දිස්වා නිමිත්තග්ගාහී හොති අනුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය න පටිපජ්ජති, න රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ න සංවරං ආපජ්ජති. එවම්පි ඛිත්තචක්ඛු හොති. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං විසූකදස්සනං අනුයුත්තා විහරන්ති. සෙය්යථීදං: නච්චං ගීතං වාදිතං පෙක්ඛං අක්ඛානං පාණිස්සරං වෙතාළං කුම්භථූනං සොභනගරකං චණ්ඩාලං වංසං ධොවනං හත්ථියුද්ධං අස්සයුද්ධං මහිසයුද්ධං උසභයුද්ධං ගොයුද්ධං අජයුද්ධං මෙණ්ඩයුද්ධං කුක්කුටයුද්ධං වට්ටකයුද්ධං දණ්ඩයුද්ධං මුට්ඨියුද්ධං නිබ්බුද්ධං උය්යොධිකං බලග්ගං සෙනාබ්යූහං අණීකදස්සනං ඉති වා. එවම්පි ඛිත්තචක්ඛු හොති.
ඔක්ඛිත්තචක්ඛු න ච පාදලොලො - කිසෙයින් ‘ඛිත්තචක්ඛු’ වේ ද යත්: මෙහි කිසි මහණෙක් (සක්දොර උපන් ලෝභ විසින්) ඇසින් ලොල් වූයේ චක්‍ෂුර්ලෞල්‍යයෙන් සමන්විත වූයේ වෙයි. ‘නුදුටු දෙය දැක්ක යුතු යැ, දුටුදෙය ඉක්මැවියැයුතු යැ’යි අරමින් අරමට උයනින් උයනට ගමින් ගමට නිගමින් නිගමට නුවරින් නුවරට රටින් රටට දනව්වෙන් දනව්වට දීර්‍ඝචාරිකාවෙහි නො නිමි චාරිකාවෙහි රූපදර්ශනය සඳහා යෙදුණේ වෙයි. මෙසේත් ‘ඛිත්තචක්ඛු’ වේ. නොහොත් මහණ තෙමේ ඇතුළුගමට පිවිසියේ වීදියට පිළිපන්නේ අසංවර වැ යෙයි: ඇතුන් බලමින් අසුන් බලමින් රිය බලමින් පාබලසෙන් බලමින් ගෑනුන් බලමින් පිරිමින් බලමින් කුමරුන් බලමින් කුමරියන් බලමින් අවුණුතුළ බලමින් ගෙදොර බලමින් උඩ බලමින් යට බලමින් දිශානුදිශා බලමින් යෙයි. මෙසේත් ‘ඛිත්තචක්ඛු’ වෙයි. නොහොත් මහණ තෙමේ ඇසින් රූපයක් දැක නිමිති ගන්නේ වෙයි, අනුව්‍යඤ්ජන ගන්නේ වෙයි. යම් අසංවරයක් හේතු කොට අසංවර වූ චක්‍ෂුරින්‍ද්‍රිය ඇති වැ වාසය කරන තෙල පුද්ගලයා අභිධ්‍යා දෞර්මනස්ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම් ඒ චක්ෂුරින්ද්රියයාගේ සංවරයට නො පැමිණෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො රක්නේ යැ, චක්ෂුරින්ද්රියයෙහි සංවරයට පැමිණේ. මෙසේත් ‘ඛිත්තචක්ඛු’ වේ. තවද යම්සේ ඇතැම් භවත් මහණබමුණු කෙනෙක් කම්පල හදහා සැදැහැයෙන් දුන් බොජුන් වළඳා ඔවුහු මෙබඳු වූ විසුළු දස්නෙහි යෙදී වාසය කරන්නාහු ද, ඒ මෙසේ යැ: නැටුම් ගැයුම් වැයුම් නළුමුළු භාරතාදිය කියන තැන කස්තල කුළුතාලම් කළ පිඹීම ප්‍රතිභානචිත්‍ර සැඬොලුන්ගේ සණදොවුන්කෙළි වස්කුලල් ඇට දෙවීම ඇත්පොර අස්පොර මිහිපොර වැහැප්පොර ගවපොර බැටළුපොර එළුපොර කුකුළුපොර වටුපොර දඬුපොර මිටුපොර මල්ලපොර යුදපෙරමුණ බලසෙන් ගණන තැන කඳවුර බලඇණි දැකීම යනු හෝ යැ. මෙසේත් ‘ඛිත්තචක්ඛු’ නම් වේ.
කථං න ඛිත්තචක්ඛු හොති: “ඉධෙකච්චො භික්ඛු න චක්ඛුලොලො න චක්ඛුලොලියෙන සමන්නාගතො හොති. ‘අදිට්ඨං දක්ඛිතබ්බං දිට්ඨං සමතික්කමිතබ්බ’න්ති න ආරාමෙන ආරාමං න උය්යානෙන උය්යානං න ගාමෙන ගාමං න නිගමෙන නිගමං න නගරෙන නගරං න රට්ඨෙන රට්ඨං න ජනපදෙන ජනපදං දීඝචාරිකං අනිවත්තචාරිකං අනුයුත්තො හොති රූපදස්සනාය. එවම්පි න ඛිත්තචක්ඛු හොති. අථවා භික්ඛු අන්තරඝරං පවිට්ඨො වීථිං පටිපන්නො සංවුතො ගච්ඡති: න හත්ථිං ඔලොකෙන්තො -පෙ- න දිසාවිදිසං පෙක්ඛමානො ගච්ඡති. එවම්පි න ඛිත්තචක්ඛු හොති. අථවා භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති -පෙ- චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. එවම්පි න ඛිත්තචක්ඛු හොති.
කිසෙයින් ‘ඛිත්තචක්ඛු’ නො වේ ද යත්: මේ සස්නෙහි ඇතැම් මහණෙක් ඇසින් ලොල් නො වූයේ චක්‍ෂුර්ලෞල්‍යයෙන් යුක්ත නො වූයේ වෙයි. ‘නුදුටු දෙය දැක්ක යුතු යැ, දුටු දෙය ඉක්මැවිය යුතු ය’ යි අරමින් අරමට නො යෙයි, උයනින් උයනට - ගමින් ගමට - නිගමයෙන් නිගමයට - නුවරින් නුවරට - රටින් රටට - දනව්වෙන් දනව්වට රූපදර්ශනය පිණිස දීර්‍ඝචාරිකාවෙහි නො නිමි චාරිකාවෙහි නො යෙදුණේ වෙයි. මෙසේත් ‘ඛිත්තචක්ඛු’ නො වූයේ වේ. නොහොත් මහණ තෙමේ ගොදුරුගමට පිවිසියේ වීදියට පිළිපන්නේ සංවර වැ යෙයි: ඇතුන් නො බලමින් … දිශානුදිශා නො බලමින් යෙයි. මෙසේත් ‘ඛිත්තචක්ඛු’ නො වූයේ වේ. නොහොත් මහණ තෙමේ ඇසින් රූපයක් දැක නිමිත්තග්‍රාහී නො වූයේ වෙයි … චක්ෂුරින්ද්රියයෙහි සංවරයට පැමිණෙයි. මෙසේත් ‘ඛිත්තචක්ඛු’ නො වූයේ වෙයි.
යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා -පෙ- අණීකදස්සනං ඉති වා. එවරූපා විසූකදස්සනානුයොගා පටිවිරතො හොති. එවම්පි න ඛිත්තචක්ඛු හොතීතිඔක්ඛිත්තචක්ඛු.
තවද යම්සේ ඇතැම් භවත් මහණබමුණු කෙනෙක් කම්පල හදහා දුන් බොජුන් වළඳා … බලඇණි දැකීම යනාදිය හෝ යි. මෙ බඳු වූ විසුළු දස්නෙහි යෙදීමෙන් වැළැකුණේ වේ. මෙසේත් ‘ඛිත්තචක්ඛු’ නො වේ නුයි ‘ඔක්ඛිත්තචක්ඛු’ යනු වේ.
න ච පාදලොලොති - කථං පාදලොලො හොති: ඉධෙකච්චො භික්ඛු පාදලොලො පාදලොලියෙන සමන්නාගතො හොති: ආරාමෙන ආරාමං -පෙ- දීඝචාරිකං අනිවත්තචාරිකං අනුයුත්තො හොති රූපදස්සනාය. එවම්පි පාදලොලො හොති. අථවා භික්ඛු අන්තොපි සඞ්ඝාරාමෙ පාදලොලො පාදලොලියෙන සමන්නාගතො හොති: න අත්ථහෙතු න කාරණහෙතු උද්ධතො අවුපසන්තචිත්තො පරිවෙණතො පරිවෙණං ගච්ඡති. විහාරතො -පෙ- ඉති භවාභවකථං ඉති වා එවම්පි පාදලොලො හොති. න ච පාදලොලොති පාදලොලියං පජහෙය්ය විනොදෙය්ය බ්යන්තීකරෙය්ය අනභාවං ගමෙය්ය. පාදලොලියා ආරතො අස්ස විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්ය. පටිසල්ලානාරාමො අස්ස පටිසල්ලානරතො අජ්ඣත්තං චෙතොසමථමනුයුත්තො අනිරාකතජ්ඣානො විපස්සනාය සමන්නාගතො බ්රූහෙතා සුඤ්ඤාගාරානං, ඣායී ඣානරතො එකත්තමනුයුත්තො සදත්ථගරුකොති - ඔක්ඛිත්තචක්ඛු න ච පාදලොලො.
න ච පාදලොලො - යනු: කිසෙයින් ‘පාදලොල’ වේ ද යත්: මෙහි කිසි මහණෙක් පාදලොල වූයේ පාදලෞල්‍යයෙන් යුක්ත වූයේ වෙයි: අරමින් අරමට … රූපදර්ශනය පිණිස දීර්‍ඝචාරිකාවෙහි නො නිමි චාරිකාවෙහි යෙදුණේ වෙයි. මෙසේත් ‘පාදලොල’ වේ. නොහොත් මහණ තෙමේ ඇතුළු සඟරම්හි ද පාදලොල වූයේ පාදලෞල්‍යයෙන් යුක්ත වූයේ වෙයි: ප්‍රයෝජන නැති වැ, කාරණ නැති වැ, උඩඟු වූයේ නො සන්හුන් සිත් ඇතියේ පිරිවෙනින් පිරිවෙනට යෙයි, වෙහෙරින් වෙහෙරට … වෘද්ධි හානි පිළිබැඳි කථා යැ යනාදිය හෝ යි. මෙසේත් ‘පාදලොල’ වූයේ වෙයි. න ච පාදලොලො යනු: පාදලෞල්‍යය හරනේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරනේ යැ, අනභාවයට පමුණුවන්නේ යැ, පාදලෞල්‍යයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ නික්මුණේ බැහැර වූයේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ වන්නේ යැ, විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත වැ වාසය කරන්නේ යැ, විවේකයෙහි ඇලුම් ඇතියේ විවේකයෙහි නිරත වූයේ ස්වකීය චිත්තසමාධියෙහි යෙදුණේ බැහැර නො කළ ධ්‍යාන ඇතියේ (සප්තවිධ) අනුපස්සනායෙන් යුක්ත වූයේ ශූන්යාගාරභාවනාව වඩන්නේ වන්නේ යැ, ධ්‍යාන කරනසුලු වූයේ ධ්‍යානයෙහි ඇලුණේ එකීභාවයෙහි යෙදුණේ උත්තමාර්‍ත්‍ථ ( - හෝ ස්වාර්තථ) ගරුක වූයේ වන්නේ නුයි ‘ඔක්ඛිත්තචක්ඛු න ච පාදලොලො’ යනු වේ.
ඣානානුයුත්තො බහුජාගරස්සාති - ‘ඣානානුයුත්තො’ති ද්වීහි කාරණෙහි ඣානානුයුත්තො: අනුප්පන්නස්ස වා පඨමස්ස ඣානස්ස උප්පාදාය යුත්තො පයුත්තො ආයුත්තො සමායුත්තො; අනුප්පන්නස්ස වා දුතියස්ස ඣානස්ස - තතියස්ස ඣානස්ස - චතුත්ථස්ස ඣානස්ස උප්පාදාය යුත්තො පයුත්තො ආයුත්තො සමායුත්තොති එවම්පි ඣානානුයුත්තො. අථවා උප්පන්නං වා පඨමං ඣානං ආසෙවති භාවෙති බහුලීකරොති; උප්පන්නං වා දුතියං ඣානං - තතියං ඣානං - චතුත්ථං ඣානං ආසෙවති භාවෙති බහුලීකරොතීති එවම්පි ඣානානුයුත්තො. බහුජාගරස්සාති ඉධ භික්ඛු දිවසං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති, රත්තියා පඨමං යාමං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති, රත්තියා මජ්ඣිමං යාමං දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙති පාදෙ පාදං අච්චාධාය සතො සම්පජානො උට්ඨානසඤ්ඤං මනසි කරිත්වා, රත්තියා පච්ඡිමං යාමං පච්චුට්ඨාය චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙතීති - ඣානානුයුත්තො බහුජාගරස්ස.
ඣානානුයුත්තො බහුජාගරස්ස - ‘ඣානානුයුත්තො’ යනු: දෙ කරුණෙකින් ධ්‍යානයෙහි යෙදුණේ වෙයි: නූපන් ප්‍රථමධ්‍යානයාගේ ඉපදීම පිණිස යෙදුණේ වෙසෙසින් යෙදුණේ හාත්පසින් යෙදුණේ මොනොවට යෙදුණේ වෙයි; නූපන් ද්විතීයධ්‍යානයාගේ-තෘතියධ්‍යානයාගේ - චතුර්තථධ්යානයාගේ ඉපදීම පිණිස යුක්ත - ප්‍රයුක්ත - ආයුක්ත - සමායුක්ත වූයේ වේ නුයි මෙසේත් ‘ඣානානුයුත්තො’ යනු වේ. නොහොත් උපන් ප්‍රථමධ්‍යානය හෝ ඇසුරු කෙරෙයි වඩයි බහුල කෙරෙයි, උපන් ද්විතීයධ්‍යානය හෝ … තෘතීයධ්‍යානය හෝ … චතුර්‍ත්‍ථධ්‍යානය හෝ ආසෙවනය කෙරෙයි වඩයි බහුල කෙරේ නුයි මෙසේත් ‘ඣානානුයුත්තො’ යනු වේ. බහුජාගරස්ස යනු: මෙ සස්නෙහි මහණ තෙමෙ දහවල සක්මනින් හා හිඳීමෙන් නීවරණධර්මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි, රෑ පෙරයම සක්මනින් හිඳීමෙන් නීවරණධර්මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි, රෑ මැදියම දකුණුපයෙහි වම්පය මඳක් ඇද තබා සිහි ඇතියේ නුවණැතියේ උත්‍ථානසංඥාව මෙනෙහි කොට දකුණැළයෙන් ශයන කෙරෙයි; රෑ අලුයම නැගීසිට සක්මන් කිරීමෙන් හා හිඳීමෙන් නීවරණධර්මයන්ගෙන් සිත පිරිසුදු කෙරේ නුයි ‘ඣානානුයුත්තො බහුජාගරස්ස’ යනු වේ.
උපෙක්ඛමාරබ්භ සමාහිතත්තොති - ‘උපෙක්ඛා’ති යා චතුත්ථෙ ඣානෙ උපෙක්ඛා උපෙක්ඛනා අජ්ඣුපෙක්ඛනා චිත්තසමතා චිත්තපස්සද්ධතා මජ්ඣත්තතා චිත්තස්ස,
උපෙක්ඛමාරබ්භ සමාහිතත්තො - ‘උපෙක්ඛා’ යනු: චතුර්තථධ්යානයෙහි යම් උපේක්ෂාවක් උපෙක්ෂාකාරයෙක් අධික වූ උපෙක්ෂාකාරයෙක් චිත්තයාගේ සම බවෙක් චිත්තයාගේ සැහැල්ලු බවෙක් චිත්තයාගේ මධ්‍යස්ථ බවෙක් වේ ද එය යි.
සමාහිතත්තොති “යා චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්රියං සමාධිබලං සම්මාසමාධි”. උපෙක්ඛමාරබ්භ සමාහිතත්තොති චතුත්ථෙ ඣානෙ උපෙක්ඛං ආරබ්භ එකග්ගචිත්තො අවික්ඛිත්තචිත්තො අවිසාහටමානසොති උපෙක්ඛමාරබ්භ සමාහිතත්තො.
සමාහිතත්තො යනු: චිත්තයාගේ යම් ස්ථිතියක් සංස්ථිතියක් අවස්ථිතියක් නො කැලැඹීමෙක් නො විසිරීමෙක් නො කැලැඹුණු සිත් ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක්සමාධියෙක් වේ ද එය යි. උපෙක්ඛමාරබ්භ සමාහිතත්තො - චතුර්තථධයානයෙහි තත්රමධ්යස්ථොපෙක්ෂාව නිසා එකඟ වූ සිත් ඇතියේ නො විසුරුණු සිත් ඇතියේ නො කැලැඹුණු සිත් ඇතියේ නුයි ‘උපෙක්ඛමාරබ්භ සමාහිතත්තො’ යනු වේ.
තක්කාසයං කුක්කුච්චඤ්චුපච්ඡින්දෙති - ‘තක්කා’ති “නව විතක්කා: කාමවිතක්කො බ්යාපාදවිතක්කො විහිංසාවිතක්කො ඤාතිවිතක්කො ජනපදවිතක්කො අමරවිතක්කො පරානුද්දයතාපටිසඤ්ඤුත්තො විතක්කො ලාභසක්කාරසිලොකපටිසඤ්ඤුත්තො විතක්කො අනවඤ්ඤත්තිපටිසඤ්ඤුත්තො විතක්කො. ඉමෙ වුච්චන්ති නව විතක්කා.” කාමවිතක්කානං කාමසඤ්ඤාසයො, බ්යාපාදවිතක්කානං බ්යාපාදසඤ්ඤාසයො, විහිංසාවිතක්කානං විහිංසාසඤ්ඤාසයො; අථවා තක්කානං විතක්කානං සඞ්කප්පානං අවිජ්ජාසයො, අයොනිසො මනසිකාරො ආසයො, අස්මිමානො ආසයො, අනොත්තප්පං ආසයො, උද්ධච්චං ආසයො. කුක්කුච්චන්ති හත්ථකුක්කුච්චම්පි කුක්කුච්චං පාදකුක්කුච්චම්පි කුක්කුච්චං, හත්ථපාදකුක්කුච්චම්පි කුක්කුච්චං, අකප්පියෙ කප්පියසඤ්ඤිතා කප්පියෙ අකප්පියසඤ්ඤිතා අවජ්ජෙ වජ්ජසඤ්ඤිතා වජ්ජෙ අවජ්ජසඤ්ඤිතා, යං එවරූපං කුක්කුච්චං කුක්කුච්චායනා කුක්කුච්චායිතත්තං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො, ඉදං වුච්චති කුක්කුච්චං.”
තක්කාසයං කුක්කුච්චඤ්චුපච්ඡින්දෙ - ‘තක්ක’ නම්: නව විතර්කයෝ යැ: කාමවිතර්ක යැ ව්යාපාදවිතර්ක යැ විහිංසාවිතර්ක යැ ඥාතිවිතර්‍ක යැ ජනපදවිතර්‍ක යැ අමරවිතර්‍ක යැ පරානුද්දයතාප්රතිරූප වූ ගෘහනිඃශ්රිතප්රෙමයෙන් ප්‍රතිසංයුක්ත විතර්ක යැ ලාභසත්කාරකීර්තතිප්රතිසංයුක්ත වූ විතර්ක යැ අනවඥතාප්රතිසංයුක්ත විතර්ක යැ යන මොහු නව විතර්කයෝ යයි කියනු ලැබෙත්. කාමවිතර්කයන්ට කාමසංඥාව ආශය (- වාසස්ථාන) වෙයි. ව්යාපාදවිතර්කයන්ට ව්‍යාපාදසංඥාව ආශය යැ, විහිංසාවිතර්කයන්ට විහිංසාසංඥාව ආශය යැ, නොහොත් තර්කයන්ට විතර්කයන්ට සංකල්පයන්ට අවිද්‍යාව ආශය යැ. අයෝනිසෝමනසිකාරය ආශය යැ, අස්මිමානය ආශය යැ, අනපත්‍රපාව ආශය යැ, ඖද්ධත්‍යය ආශය - වාසස්ථාන යි. කුක්කුච්චං යනු: අත්කුකුස ද කුකුසැ, පාකුකුස ද කුකුසැ, අත්පාකුකුස ද කුකුසැ, අකප්යයෙහි කප්යසංඥා ඇති බව යැ, කප්යයෙහි අකප්‍යසංඥා ඇති බව යැ, අවද්යායෙහි වද්‍යසංඥා ඇති බව යැ, වද්‍යයෙහි අවද්‍යසංඥා ඇති බව යැ යන මෙබඳු වූ යම් කුකුසෙක් කුකුස්අයුරෙක් කුකුස් කරන බවෙක් සිතෙහි විපිළිසරයෙක් මනෝවිලේඛයෙක් වේ ද, මේ ‘කුක්කුච්ච’ යයි කියනු ලැබේ.
අපි ච ද්වීහි කාරණෙහි උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො: කතත්තා ච අකතත්තා ච. කථං කතත්තා ච අකතත්තා ච උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො? ‘කතං මෙ කායදුච්චරිතං අකතං මෙ කායසුචරිත’න්ති උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො. ‘කතං මෙ වචීදුච්චරිතං - කතං මෙ මනො දුච්චරිතං - කතො මෙ පාණාතිපාතො, අකතා මෙ පාණාතිපාතා වෙරමණී’ති උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො. ‘කතං මෙ අදින්නාදානං - කතො මෙ කාමෙසු මිච්ඡාචාරො - කතො මෙ මුසාවාදො - කතා මෙ පිසුනා වාචා - කතා මෙ ඵරුසා වාචා - කතො මෙ සම්ඵප්පලාපො - කතා මෙ අභිජ්ඣා - කතො මෙ බ්යාපාදො - කතා මෙ මිච්ඡාදිට්ඨි - අකතා මෙ සම්මාදිට්ඨි’ති උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො. එවං කතත්තා ච අකතත්තා ච උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො.
තවද දෙ කරුණෙකින් කෞකෘත්‍ය චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදී. කළ බැවින් හා නො කළ බැවිනි. කිසෙයින් කළ බැවින් හා නො කළ බැවින් කුකුස සිතෙහි විපිළිසර මනෝවිලේඛය උපදී ද යත්: “මා විසින් කායදුශ්චරිතය කරන ලද, මා විසින් කායසුචරිතය නො කරන ලදැ’ යි කුකුස සිතෙහි විපිළිසර මනෝවිලේඛය උපදී, මා විසින් වාග්දුශ්චරිතය කරන ලද - මා විසින් මනෝදුශ්චරිතය කරන ලද - මා විසින් ප්‍රාණවධ කරන ලද, මා විසින් ප්‍රාණඝාතවිරමණය නො කරන ලදැ” යි කුකුස චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදී. “මා විසින් අදත්තාදානය කරන ලද - මා විසින් කාමමිත්ථ්යාචාරය කරන ලද - මා විසින් මුසවා කියන ලද, මා විසින් පිසුනුබස් කියන ලද - මා විසින් පරුෂවාක් කියන ලද - මා විසින් ප්‍රලාප කියන ලද - මා විසින් අභිධ්‍යාව කරන ලද - මා විසින් ව්‍යාපාදය කරන ලද - මා විසින් මිත්‍ථ්‍යාදෘෂ්ටි ගන්නා ලද, - සම්‍යග්දෘෂ්ටි නො ගන්නා ලදැ”යි කෞකෘත්‍යය චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදී. මෙසේ කළ බැවින් ද නො කළ බැවින් ද කුකුස සිතෙහි විපිළිසර මනෝවිලේඛය උපදී.
අථවා සීලෙසුම්භි න පරිපූරකාරීති උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො. ඉන්ද්රියෙසුම්හි අගුත්තද්වාරොති - භොජනෙ අමත්තඤ්ඤුම්හීති - ජාගරියං අනනුයුත්තොම්හීති - න සතිසම්පජඤ්ඤෙන සමන්නාගතොම්හීති - අභාවිතා මෙ චත්තාරො සතිපට්ඨානාති - අභාවිතා මෙ චත්තාරො සම්මප්පධානාති - අභාවිතා මෙ චත්තාරො ඉද්ධිපාදාති - අභාවිතානි මෙ පඤ්චින්ද්රියානීති - අභාවිතානි මෙ පඤ්ච බලානීති - අභාවිතා මෙ සත්තබොජ්ඣඞ්ගාති - අභාවිතො මෙ අරියො අට්ඨඞ්ගිකො මග්ගොති - දුක්ඛං මෙ අපරිඤ්ඤාතන්ති - දුක්ඛසමුදයො මෙ අප්පහීනොති - මග්ගො මෙ අභාවිතොති - නිරොධො මෙ අසච්ඡිකතොති උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො. තක්කාසයං කුක්කුච්චඤ්චුපච්ඡින්දෙති තක්කං ච තක්කාසයඤ්ච කුක්කුච්චඤ්චුපච්ඡින්දෙය්ය ඡින්දෙය්ය උච්ඡින්දෙය්ය සමුච්ඡින්දෙය්ය පජහෙය්ය විනොදෙය්ය බ්යන්තීකරෙය්ය අනභාවං ගමෙය්යාති තක්කාසයං කුක්කුච්චඤ්චුපච්ඡින්දෙ.
නොහොත් ‘ශීලයෙහි පරිපූරකාරී නො වූයෙමි’ කුකුස චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදී. ඉන්ද්රියයන්හි අපිහිතද්වාර වූයෙමි - භෝජනයෙහි අමාත්‍රඥ වූයෙමි - ජාගර්ය්යාවෙහි නො යෙදුණෙමි - ස්මෘතිසම්ප්‍රඥානයෙන් සමන්විත නො වූයෙමි - මා විසින් සතර සතිපට්ඨානයෝ නො වඩනා ලදහ’ යි - සතර සම්‍යක්ප්‍රධානයෝ නො වඩනා ලදහ’ යි - සතර ඍද්ධිපාදයෝ නො වඩනා ලදහ’ යි - පඤ්චේන්‍ද්‍රියයෝ නො වඩනා ලදහ’ යි - පඤ්ච බලයෝ නො වඩනා ලදහ’ යි - සප්ත බෝධ්‍යඞ්ගයෝ නො වඩනා ලදහ’ යි - මා විසින් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය නො වඩනා ලදැ’ යි - මා විසින් දුඃඛසත්‍යය අපරිඥාත යැ’ යි - මා විසින් දුඃඛසමුදය අප්‍රහීණ යැ’යි - මා විසින් මාර්ගය නො වඩනා ලදැ’ යි - මා විසින් නිරෝධය ප්රත්යක්ෂ නො කරන ලදැ’ යි කෞකෘත්‍යය චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදී. තක්කාසයං කුක්කුච්චඤ්චුපච්ඡින්දෙ - විතර්කය ද විතර්කයන්ගේ ආශය ද කෞකෘත්‍යය ද පසිඳිනේ යැ සිඳිනේ යැ වෙසෙසින් සිඳිනේ යැ මොනොවට සිඳින්නේ යැ දුරු කරන්නේ යැ බැහැර කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනුඅභාවයට පමුණුවන්නේ නුයි ‘තක්කාසයං කුක්කුච්චඤ්චුපච්ඡින්දෙ’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“ඔක්ඛිත්තචක්ඛු න ච පාදලොලො ඣානානුයුත්තො බහුජාගරස්ස. උපෙක්ඛමාරබ්භ සමාහිතත්තො තක්කාසයං කුක්කුච්චඤ්චුපච්ඡින්දෙ”ති.
“ඔක්ඛිත්තචක්ඛු -පෙ- තක්කාසයං කුක්කුච්චඤ්චුපච්ඡින්දෙ” යී.