16. 19
16. 19.
16. 19.
චුදිතො වචීහි සතිමාභිනන්‍දෙ සබ්‍රහ‍්මචාරීසු ඛිලං පභින්‍දෙ, වාචං පමුඤ්චෙ කුසලං නාතිවෙලං ජනවාදධම‍්මාය න චෙතයෙය්‍ය.
උපාධ්‍යායාදීන් විසින් වචනයෙන් චෝදනා කරන ලදුයේ ස්මෘතිමත් වැ සතුටු වන්නේ යැ. සබ්‍රම්සරුන් කෙරෙහි ගැටුණු සිත් ඇති බව බිඳපියන්නේ යැ. නුවණින් උපදවන ලද තෙපුල් බණන්නේ යැ. කාලවේලා ශීලවේලා ඉක්මැ නො බණන්නේ යැ. ජනයාගේ උපවාදකථාවෙහි සිතිවිලි නූපදවන්නේ යි.
චුදිතො වචීහි සතිමාභිනන්‍දෙති - ‘චුදිතො’ති උපජ‍්ඣායා වා ආචරියා වා සමානුපජ‍්ඣායකා වා සමානාචරියකා වා මිත‍්තා වා සන්‍දිට‍්ඨා වා සම‍්භත‍්තා වා සහායා වා චොදෙන‍්ති “ඉදං තෙ ආවුසො අයුත‍්තං, ඉදං තෙ අප‍්පත‍්තං, ඉදං තෙ අසාරුප‍්පං, ඉදං තෙ අසීලට‍්ඨන‍්ති සතිං උපට‍්ඨාපෙත්‍වා තං චොදනං නන්‍දෙය්‍ය අභිනන්‍දෙය්‍ය මොදෙය්‍ය අනුමොදෙය්‍ය ඉච‍්ඡෙය්‍ය සාදියෙය්‍ය පත්‍ථයෙය්‍ය පිහයෙය්‍ය අභිජප‍්පෙය්‍ය. යථා ඉත්‍ථි වා පුරිසො වා දහරො යුවා මණ‍්ඩනකජාතිකො සීසං නහාතො උප‍්පලමාලං වා වස‍්සිකමාලං වා අධිමුත‍්තිකමාලං වා ලභිත්‍වා උභොහි හත්‍ථෙහි පටිග‍්ගහෙත්‍වා උත‍්තමඞ‍්ගෙ සිරස‍්මිං පතිට‍්ඨාපෙත්‍වා නන්‍දෙය්‍ය අභිනන්‍දෙය්‍ය මොදෙය්‍ය අනුමොදෙය්‍ය ඉච‍්ඡෙය්‍ය සාදියෙය්‍ය පත්‍ථයෙය්‍ය පිහයෙය්‍ය අභිජප‍්පෙය්‍ය, එවමෙවං සතිං උපට‍්ඨාපෙත්‍වා තං චොදනං නන්‍දෙය්‍ය අභිනන්‍දෙය්‍ය මොදෙය්‍ය අනුමොදෙය්‍ය ඉච‍්ඡෙය්‍ය සාදියෙය්‍ය පත්‍ථයෙය්‍ය පිහයෙය්‍ය අභිජප‍්පෙය්‍ය.
චුදිතො වචීහි සතිමාහිනන්දෙ - ‘චුදිතො’ යනු: උපධ්‍යායයෝ හෝ ආචාර්‍ය්‍යයෝ හෝ සමානොපාධ්‍යායයෝ හෝ සමානාචාර්‍ය්‍යයෝ හෝ මිත්‍රයෝ හෝ සංදෘෂ්ටයෝ හෝ සම්භක්තයෝ හෝ සහායයෝ හෝ ‘ඇවැත්නි, මේ තට අයුතු යැ, මේ තට නො පැමිණියේ යැ, මේ තට නො සරුප් යැ, තාගේ මෙය ශීලයෙහි නො සිටියේ වනැ’ යි චෝදනා කෙරෙත් නම්, සිහි එළවා ඒ චෝදනාවට සතුටු වන්නේ යැ, වෙසෙසින් සතුටු වන්නේ යැ, හටුවන්නේ යැ පහටුවන්නේ යැ කැමැති වන්නේ යැ ඉවසන්නේ යැ පතන්නේ යැ රුචි කරන්නේ යැ අභිජල්පනය කරන්නේ යැ. යම්සේ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ තරුණ වූයේ සැරැසෙන පියවි ඇතියේ ස්නානය කොට සිටියේ උපුල්මාලයක් හෝ දෑසමන්මාලයක් හෝ යොහොඹුමාලයක් හෝ ලැබ දෑතින් පිළිගෙන උතුමඟ හිසෙහි පිහිටුවා තුටුවන්නේ ද සතුටුවන්නේ ද හටුවන්නේ ද පහටුවන්නේ ද රිසිවන්නේ ද ඉවසන්නේ ද පතන්නේ ද කැමැතිවන්නේ ද අභිජල්පනය කරන්නේ ද එපරිද්දෙන් ම සිහි එළවා ඒ චෝදනාවට තුටුවන්නේ ය සතුටුවන්නේ ය හටුවන්නේ ය පහටුවන්නේ ය රිසිවන්නේ ය ඉවසන්නේ ය පතන්නේ ය කැමැතිවන්නේ ය අභිජල්පනය කරන්නේ යැ.
1. “නිධීනංව පවත‍්තාරං යං පස‍්සෙ වජ‍්ජදස‍්සිනං, නිග‍්ගය‍්හ වාදිං මෙධාවිං තාදිසං පණ‍්ඩිතං භජෙ. තාදිසං භජමානස‍්ස සෙය්‍යො හොති න පාපියො”ති.
1. “වරද දක්නාසුලු වූ නිග්‍රහ කොට බණන්නා වූ ප්‍රාඥ වූ යම් කල්‍යාණ මිත්‍රයකු නිදන්සැළ තුබූ තැන් දක්වන්නක්හු වැනි කොට දක්නේ වේ ද, එබඳු ප්‍රාඥයා සෙවුණේ යැ. එබඳු නුවණැත්තහු සෙවුණාහට ශ්‍රෙයස් (- වැඩෙක්) ම වන්නේ ය. අවැඩෙක් නො වන්නේ” යි.
2. “ඔවදෙය්‍යානුසාසෙය්‍ය අසබ‍්භා ච නිවාරයෙ, සතඤ‍්හි සො පියො හොති අසතං හොති අප‍්පියො”ති.
2. “(කල්‍යාණමිත්‍ර වූ යමෙක් අතැවැසි ආදි කිසිවක් හට) අවවාද කරන්නේ ද, අනුශාසනා කරන්නේ ද, අකුශලයෙන් වළහන්නේ ද, ඒ එබඳු පුද්ගල තෙමෙ බුද්ධාදි සත්පුරුෂයන්ට මැ ප්‍රිය වෙයි. අසත්පුරුෂයන්ට අප්‍රිය වේ.”
චුදිතො වචීභි සතිමාභිනන්‍දෙ.
එයින් ‘චුදිතො වචීහි සතිමාභිනන්දෙ’ යනු වේ.
සබ්‍රහ‍්මචාරීසු ඛීලං පභින්‍දෙති - ‘සබ්‍රහ‍්මචාරී’ති එකකම‍්මා එකුද‍්දෙසා සමසික‍්ඛකා. සබ්‍රහ‍්මචාරීසු ඛිලං පහින්‍දෙති සබ්‍රහ‍්මචාරීසු ආහතචිත‍්තතං ඛිලජාතතං පභින්‍දෙය්‍ය; පඤ‍්චපි චෙතො ඛිලෙ පභින්‍දෙය්‍ය; තයොපි චෙතොඛිලෙ පභින්‍දෙය්‍ය; රාගඛිලං දොසඛිලං මොහඛිලං භින්‍දෙය්‍ය පභින්‍දෙය්‍ය සම‍්භින්‍දෙය්‍යාති - සබ්‍රහ‍්මචාරීසු ඛිලං පභින්‍දෙ.
සබ්‍රහ්මචාරීසු ඛීලං පහින්දෙ - ‘සබ්‍රහ්මචාරී’ යනු: ඒකකර්‍ම එකොද්දෙශ්‍ය සමානශික්‍ෂා ඇත්තාහු යැ. සබ්‍රහ්මචාරීසු ඛිලං පහින්දෙ - සබ්‍රම්සරුන් කෙරෙහි ගැටුණු සිත් ඇති බව, හටගත් හුල් ඇති බව (- තද බව) බිඳපියන්නේ ය, පඤ්ච චේතෝඛිලයන් ද සිඳිනේ ය, ත්‍රිවිධ චේතෝඛිලයන් ද සිඳිනේ ය, රාගකීලය ද්වෙෂකීලය මොහකීලය බිඳිනේ ය, වෙසෙසින් බිඳිනේ ය, මොනොවට බිඳිනේ නුයි ‘සබ්‍රහ්මචාරීසු ඛිලං පහින්දෙ’ යනු වේ.
වාචං පමුඤ්චෙ කුසලං නාතිවෙලන‍්ති - ඤාණසමුට‍්ඨිතං වාචං මුඤ‍්චෙය්‍ය. අත්‍ථූපසංහිතං ධම‍්මූපසංහිතං කාලෙන සාපදෙසං පරියන‍්තවතිං වාචං මුඤ‍්චෙය්‍ය පමුඤ‍්චෙය්‍යාති - වාචං පමුඤ්චෙ කුසලං; නාතිවෙලන‍්ති ‘වෙලා’ති ද‍්වෙ වෙලා: කාලවෙලා ච සීලවෙලා ච. කතමා කාලවෙලා? කාලාතික‍්කන‍්තං වාචං න භාසෙය්‍ය, වෙලාතික‍්කන‍්තං වාචං න භාසෙය්‍ය, කාලවෙලාතික‍්කන‍්තං වාචං න භාසෙය්‍ය, කාලං අසම‍්පත‍්තං වාචං න භාසෙය්‍ය, වෙලං අසම‍්පත‍්තං වාචං න භාසෙය්‍ය, කාලවෙලං අසම‍්පත‍්තං වාචං න භාසෙය්‍ය.
වාචං පමුඤ්චෙ කුසලං නාතිවෙලං - ඥානසම්ප්‍රයුක්ත සිතින් උපදවන ලද වචනය නිකුත් කරන්නේ ය, අර්‍ත්‍ථයෙන් යුක්ත වූ ධර්‍මයෙන් යුක්ත වූ කරුණු සහිත වූ පර්‍ය්‍යන්තවත් වූ වචනය සුදුසු කාලයෙහි නිකුත් කරන්නේ ය, වෙසෙසින් නිකුත් කරන්නේ නුයි ‘වාචං පමුඤ්චෙ කුසලං’ යනු වේ. නාතිවෙලං යනු: කාලවෙලාව ද සීලවෙලාව දැයි ‘වෙලා’ දෙකෙකි. කාලවේලා කවරැ යත්: කල් ඉක්මැගිය වචනය නො කියන්නේ යැ හිම් ඉක්මැගිය වචනය නො කියන්නේ යැ, කල්හිම් ඉක්මැගිය වචනය නො කියන්නේ යැ, කල් නො පැමිණි වචනය නො කියන්නේ යැ, හිම් නො පැමිණි වචනය නො කියන්නේ යැ, කල්හිම් නො පත් වචනය නො කියන්නේ ය.
3. “යො වෙ කාලෙ අසම‍්පත‍්තෙ අතිවෙලං පභාසති, එවං සො නිහතො සෙති කොකිලායෙව අත්‍රජො”ති
3. “යමෙක් නියමයෙන් තමහට බණන කාලය නො පැමිණි කල්හි හිම් ඉක්මවා බෙහෙවින් බෙණේ ද, මෙසේ හෙතෙම (කැවිඩියගේ කැදැල්ලෙහි වැඩුණු) කෙවිලියගේ පැටියා සෙයින් නසන ලදුයේ හෝනේ” යි.
අයං කාලවෙලා.
මෝ තොමෝ කාලවේලා යැ.
කතමා සීලවෙලා? රත‍්තො වාචං න භාසෙය්‍ය, දුට‍්ඨො වාචං න භාසෙය්‍ය, මූළ‍්හො වාචං න භාසෙය්‍ය, මුසාවාදං න භාසෙය්‍ය, පිසුනං වාචං න භාසෙය්‍ය, ඵරුසං වාචං න භාසෙය්‍ය, සම‍්ඵප‍්පලාපං න භාසෙය්‍ය න කථෙය්‍ය න භණෙය්‍ය න දීපයෙය්‍ය න වොහරෙය්‍ය. අයං සීලවෙලාති - වාචං පමුඤ්චෙ කුසලං නාතිවෙලං.
සීලවෙලා කවරැ යත්: රාගයෙන් රත් වූයේ තෙපුල් නො බණන්නේ යැ ද්වේෂයෙන් දුෂ්ට වූයේ වචන නො බණන්නේ යැ, මෝහයෙන් මූඪ වූයේ වචන නො බණන්නේ යැ, මුසවා නො බණනේනේ යැ, පිසුනු බස් නො බණන්නේ යැ, රළුබස් නො බණන්නේ යැ, ප්‍රලාප නො බණන්නේ යැ, නො කියන්නේ යැ, නො පවසන්නේ යැ නො දක්වන්නේ යැ ව්‍යවහාර නො කරන්නේ යි. මෝ තොමෝ සීලවෙලා වූ යැයි ‘වාචං පමුඤ්චෙ කුසලං නාතිවෙලං’ යනු වේ.
ජනවාදධම‍්මාය න චෙතයෙය්‍යාති - ‘ජනා’ති ඛත‍්තියා ච බ්‍රාහ‍්මණා ච වෙස‍්සා ච සුද‍්දා ච ගහට‍්ඨා ච පබ‍්බජිතා ච දෙවා ච මනුස‍්සා ච, ජනස‍්ස වාදාය උපවාදාය නින්‍දාය ගරහාය අකිත‍්තියා අවණ‍්ණහාරිකාය සීලවිපත‍්තියා වා ආචාරවිපත‍්තියා දිට‍්ඨිවිපත‍්තියා වා ආජීවවිපත‍්තියා වා න චෙතයෙය්‍ය චෙතනං න උප‍්පාදෙය්‍ය චිත‍්තං න උප‍්පාදෙය්‍ය සඞ‍්කප‍්පං න උප‍්පාදෙය්‍ය මනසිකාරං න උප‍්පාදෙය්‍යාති - ජනවාදධම‍්මාය න චෙතයෙය්‍ය.
ජනවාදධම්මාය න චෙතයෙය්‍ය - ‘ජන’ නම්: ක්‍ෂත්‍රියයෝ ද බ්‍රාහ්මණයෝ ද වෛශ්‍යයෝ ද ශුද්‍රයෝ ද ගෘහස්ථයෝ ද ප්‍රව්‍රජිතයෝ ද දේවයෝ ද මනුෂ්‍යයෝ ද වෙත්. ශීලවිපත්තියෙන් හෝ ආචාරවිපත්තියෙන් හෝ දෘෂ්ටි විපත්තියෙන් හෝ ආජීවවිපත්තියෙන් හෝ ජනයාගේ වචනයට උපවාදයට නින්‍දාවට ගර්‍හාවට අකීර්‍තතියට නුගුණ එළැවීමට නො සිතන්නේ යැ සිතිවිලි නූපදවන්නේ යැ සිත් නූපදවන්නේ යැ කල්පනා නූපදවන්නේ යැ මෙනෙහි කිරීම නූපදවන්නේ නුයි ‘ජනවාදධම්මාය න චෙතයෙය්‍ය’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“චුදිතො වචීහි සතිමාභිනන්‍දෙ සබ්‍රහ‍්මචාරීසු ඛීලං පභින්‍දෙ, වාචං පමුඤ්චෙ කුසලං නාතිවෙලං ජනවාදධම‍්මාය න චෙතයෙය්‍යා”ති.
“චුදිතො වචීහි -පෙ- ජනවාදධම්මාය න චෙතයෙය්‍ය” යී.