යෙදුමෙන් කියවන්න

16. 20

16. 20.

16. 20.

අථාපරං පඤ‍්ච රජානි ලොකො යෙසං සතිමා විනයාය සික‍්ඛෙ, රූපෙසු සද‍්දෙසු අථො රසෙසු ගන්‍ධෙසු ඵස‍්සෙසු සහෙථ රාගං.

නැවත මෙයින් අනෙකක් ද කියමි: ස්මෘතිමත් වූයේ රූපරාගාදි යම් කෙනකුන්ගේ ප්‍රහාණවිනය පිණිස හික්මෙන්නේ නම්, ලොවැ එබඳු වූ පඤ්ච රජස් කෙනෙක් වෙති. රූපාලම්බනයෙහි ද ශබ්දාලම්බනයෙහි ද යළි රසාලම්බනයෙහි ද ගන්‍ධාලම්බනයෙහි ද ස්පර්‍ශාලම්බනයෙහි ද ඡන්‍දරාගය මඩනේ යි.

අථාපරං පඤ‍්ච රජානී ලොකෙති - ‘අථා’ති පදසන්‍ධි පදසංසග‍්ගො පදපාරිපූරි අක‍්ඛරසමවායො බ්‍යඤ‍්ජනසිලිට‍්ඨතා පදානුපුබ‍්බතාමෙතං අථාති. පඤ‍්ච රජානී’ති රූපරජො සද‍්දරජො ගන්‍ධරජො රසරජො ඵොට‍්ඨබ‍්බරජො.

අථාපරං පඤ්ච රජානි ලෝකේ - ‘අථ’ යනු: පදසන්‍ධි යැ පදසංසර්‍ග යැ පදපාරිපූරි යැ අක්‍ෂරසමවාය යැ ව්‍යඤ්ජනශ්ලිෂ්ටතා යැ පදානුපූර්‍වතා යි. තෙල ‘අථ’ යනු. පඤ්ච රජානි යනු: රූපාලම්බනය නිසා උපන් රාගාදි රජස් යැ ශබ්දරජස් යැ ගන්‍ධරජස් යැ රසරජස් යැ ස්ප්‍රෂ්ටව්‍යරජසි.

1. රාගො රජො න ච පන රෙණු වුච‍්චති රාගස‍්සෙතං අධිවචනං රජොති, එතං රජං විප‍්පජහිත්‍ව පණ‍්ඩිතා විහරන‍්ති තෙ විගතරජස‍්ස සාසනෙ.

1. රාගය රජස් යැ. රෙණු වැලිත් රජස් යී නො ද කියනු ලැබෙයි. තෙල ‘රජස්’ යනු රාගයට නමෙකි. ඒ පණ්ඩිත වූ භික්‍ෂූහු තෙල රාග නමැති රජස් වෙසෙසින් දුරු කොට විගත වූ රාගරජස් ඇති බුදුන්ගේ ශාසනයෙහි වාසය කෙරෙත්.

2. දොසො රජො න ච පන රෙණු වුච‍්චති දොසස‍්සෙතං අධිවචනං රජොති, එතං රජං විප‍්පජහිත්‍ව පණ‍්ඩිතා විහරන‍්ති තෙ විගතරජස‍්ස සාසනෙ.

2. ද්වේෂය රජස් යැ …

3. මොහො රජො න ච පන රෙණු වුච‍්චති මොහස‍්සෙතං අධිවචනං රජොති, එතං රජං විප‍්පජහිත්‍ව පණ‍්ඩිතා විහරන‍්ති තෙ විගතරජස‍්ස සාසනෙ”ති.

3. මෝහය රජසෙකි. රෙණු වැලිත් රජස් යයි නො ද කියනු ලැබෙයි. තෙල ‘රජස්’ යනු මෝහයට නමෙකි. ඒ පණ්ඩිත වූ භික්‍ෂූහු තෙල මෝහ නමැති රජස වෙසෙසින් දුරු කොට විගත වූ මොහරජස් ඇති බුදුන්ගේ ශාසනයෙහි වාසය කෙරෙත්.

ලොකෙති - අපායලොකෙ මනුස‍්සලොකෙ දෙවලොකො ඛන්‍ධලොකෙ ධාතුලොකෙ ආයතනලොකෙති - අථාපරං පඤ‍්ච රජානි ලොකෙ.

ලෝකේ - යනු: අපායලෝකයෙහි මනුෂ්‍යලොකයෙහි දෙවලොකයෙහි ස්කන්‍ධලෝකයෙහි ධාතුලොකයෙහි ආයතනලෝකයෙහි නුයි ‘අථාපරං පඤ්ච රජානි ලෝකේ’ යනු වේ.

යෙසං සතිමා විනයාය සික‍්ඛෙති - ‘යෙස’න‍්ති රූපරාගස‍්ස සද‍්දරාගස‍්ස ගන්‍ධරාගස‍්ස රසරාගස‍්ස ඵොට‍්ඨබ‍්බරාගස‍්ස; සතිමාති “යා සති අනුස‍්සති පටිස‍්සති සති සරණතා ධාරණතා අපිලාපනතා අසම‍්මුස‍්සනතා සති සතින්‍ද්‍රියං සතිබලං සම‍්මාසති සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො එකායනමග‍්ගො; අයං වුච‍්චති සති. ඉමාය සතියා උපෙතො සමුපෙතො උපගතො සමුපගතො උපපන‍්නො සම‍්පන‍්නො සමන‍්නාගතො, සො වුච‍්චති සතිමා. සික‍්ඛෙති තිස‍්සො සික‍්ඛා: අධිසීලසික‍්ඛා අධිචිත‍්තසික‍්ඛා අධිපඤ‍්ඤාසික‍්ඛා. කතමා අධිසීලසික‍්ඛා -පෙ- අයං අධිපඤ‍්ඤාසික‍්ඛා. යෙසං සතිමා විනයාය සික‍්ඛෙති සතිමා පුග‍්ගලො යෙසං රූපරාගස‍්ස සද‍්දරාගස‍්ස ගන්‍ධරාගස‍්ස රසරාගස‍්ස ඵොට‍්ඨබ‍්බරාගස‍්ස විනයාය පටිවිනයාය පහානාය වූපසමාය පටිනිස‍්සග‍්ගාය පටිප‍්පස‍්සද‍්ධියා අධිසීලම‍්පි සික‍්ඛෙය්‍ය, අධිචිත‍්තම‍්පි සික‍්ඛෙය්‍ය, අධිපඤ‍්ඤම‍්පි සික‍්ඛෙය්‍ය, ඉමා තිස‍්සො සික‍්ඛායො ආවජ‍්ජන‍්තො සික‍්ඛෙය්‍ය, ජානන‍්තො සික‍්ඛෙය්‍ය, -පෙ- සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකරොන‍්තො සික‍්ඛෙය්‍ය ආචරෙය්‍ය සමාචරෙය්‍ය සමාදාය වත‍්තෙය්‍යාති - යෙසං සතිමා විනයාය සික‍්ඛෙ.

යෙසං සතිමා විනයාය සික්ඛෙ - ‘යෙසං’ යනු: රූපරාගයාගේ ශබ්දරාගයාගේ ගන්‍ධරාගයාගේ රසරාගයාගේ ස්ප්‍රෂ්ටව්‍යරාගයාගේ; සතිමා: යම් ස්මෘතියක් අනුස්මෘතියක් ප්‍රතිස්මෘතියක් සිහියක් සිහි කරන බවෙක් දරන බවෙක් සිහි කරවනබවෙක් නො මුළා වන බවෙක් ස්මෘතියක් ස්මෘතීන්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක්ස්මෘතියෙක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් එකායනමාර්‍ගයෙක් වේ ද මෝ තොමෝ ‘සති’ යයි කියනු ලබයි. මේ සතියෙන් යුක්ත වූයේ සමුපේත වූයේ උපගත වූයේ සමුපගත වූයේ සිද්ධියට පැමිණියේ සමෘද්ධ වූයේ සමන්‍වාගත වූයේ හෙතෙම ‘සතිමා’ යයි කියනු ලැබේ. සික්ඛෙ යනු: ශික්‍ෂා තුනෙකි: අධිශීලශික්‍ෂා යැ අධිචිත්තශික්‍ෂා යැ අධිප්‍රඥා ශික්‍ෂා යැයි. අධිශීලශික්‍ෂා කවරැ … මෝ අධිප්‍රඥාශික්‍ෂා යි. යෙසං සතිමා විනයාය සික්ඛෙ ස්මෘතිමත් පුද්ගල තෙමේ යම් රාග කෙනකුන්ගේ රූපරාගයාගේ ශබ්දරාගයාගේ ගන්‍ධරාගයාගේ රසරාගයාගේ ස්ප්‍රෂ්ටව්‍යරාගයාගේ විනය පිණිස දුරලීම පිණිස ප්‍රහාණය පිණිස සන්හිඳුවීම පිණිස බැහැරලීම පිණිස විගතභාවය පිණිස අධිශීලයෙහි ද හික්මෙන්නේ යැ අධිචිත්තයෙහි ද හික්මෙන්නේ යැ අධිප්‍රඥාවෙහි ද හික්මෙන්නේ යැ. මේ ත්‍රිවිධ ශික්‍ෂාවන් ආවර්‍ජනා කෙරෙමින් හික්මෙන්නේ යැ, දැනගනිමින් හික්මෙන්නේ යැ … ප්‍රත්‍යක්‍ෂ කළයුතු නිවන ප්‍රත්‍යක්‍ෂ කෙරෙමින් හික්මෙන්නේ යැ, හැසිරෙන්නේ යැ මොනොවට හැසිරෙන්නේ යැ සමාදන් වැ පවත්නේ නුයි ‘යෙසං සතිමා විනයාය සික්ඛෙ’ යනු වේ.

රූපෙසු සද‍්දෙසු අථො රසෙසු ගන්‍ධෙසු ඵස‍්සෙසු සහෙථ රාගන‍්ති රූපෙසු සද‍්දෙසු ගන්‍ධෙසු රසෙසු ඵොට‍්ඨබ‍්බෙසු රාගං සහෙය්‍ය පරිසහෙය්‍ය අභිභවෙය්‍ය අජ‍්ඣොත්‍ථරෙය්‍ය පරියාදියෙය්‍ය මද‍්දෙය්‍යාති - රූපෙසු සද‍්දෙසු අථො රසෙසු ගන්‍ධෙසු ඵස‍්සෙසු සහෙථ රාගං.

රූපෙසු සද්දෙසු අථො රසෙසු ගන්‍ධෙසු ඵස්සෙසු සහෙථ රාගං - රූපයන්හි ශබ්දයන්හි ගන්‍ධයන්හි රසයන්හි ස්ප්‍රෂ්ටව්‍යවයන්හි රාගය මඩනේ යැ හාත්පසින් මඩනේ යැ අභිභවනය කරන්නේ යැ වතුරුවන්නේ යැ හාත්පසින් ගන්නේ යැ මර්දනය කරන්නේ නුයි ‘රූපෙසු සද්දෙසු අථො රසෙසු ගන්‍ධෙසු ඵස්සෙසු සහෙථ රාගං’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“අථාපරං පඤ‍්ච රජානි ලොකෙ යෙසං සතිමා විනයාය සික‍්ඛෙ, රූපෙසු සද‍්දෙසු අථො රසෙසු ගන්‍ධෙසු ඵස‍්සෙසු සහෙථ රාග”න‍්ති.

“අථාපරං පඤ්ච රජානි ලෝකේ -පෙ- ගන්‍ධෙසු ඵස්සෙසු සහෙථ රාගං” යී.