යෙදුමෙන් කියවන්න

16. 21

16. 21.

16. 21.

එතෙසු ධම‍්මෙසු විනෙය්‍ය ඡන්‍දං භික‍්ඛු සතිමා සුවිමුත‍්තචිත‍්තො, කාලෙන සො සම‍්මා ධම‍්මං පරිවීමංසමානො එකොදිභූතො විහනෙ තමං සො (ඉති භගවා).

එළැඹ සිටි සිහි ඇති කෙලෙසුන් කෙරෙන් මොනොවට මිදුණු සිත් ඇති මහණ තෙමේ තෙල රූපාදි ධර්‍මයන් කෙරෙහි කාමච්ඡන්‍දය දුරු කරන්නේ යැ. හෙතෙම සුදුසු කාලයෙහි සියලු සංස්කාරධර්‍මය මනා කොට අනිත්‍යාදිවශයෙන් විමසනුයේ එකඟ වූ සිත් ඇතියේ සියලු මෝහාදි අන්‍ධකාරය නසන්නේ යි. (බුදුහු මෙසේ වදාළ සේකි.)

එතෙසු ධම‍්මෙසු විනෙය්‍ය ඡන්‍දන‍්ති - ‘එතෙසූ’ති රූපෙසු සද‍්දෙසු ගන්‍ධෙසු රසෙසු ඵොට‍්ඨබ‍්බෙසු; ඡන්‍දොති “යො කාමෙසු කාමච‍්ඡන්‍දො කාමරාගො කාමනන්‍දි කාමතණ‍්හා කාමසිනෙහො කාමපරිළාහො කාමමුච‍්ඡා කාමජ‍්ඣොසානං කාමොඝො කාමයොගො කාමූපාදානං -පෙ- කාමච‍්ඡන්‍දනීවරණං. එතෙසු ධම‍්මෙසු විනෙය්‍ය ඡන්‍දන‍්ති එතෙසු ධම‍්මෙසු ඡන්‍දං විනෙය්‍ය පටිවිනෙය්‍ය පජහෙය්‍ය විනොදෙය්‍ය බ්‍යන‍්තීකරෙය්‍ය අනභාවං ගමෙය්‍යාති - එතෙසු ධම‍්මෙසු විනෙය්‍ය ඡන්‍දං.

එතෙසු ධම්මේසු විනෙය්‍ය ඡන්‍දං - ‘එතෙසු’ යනු: රූපයන්හි ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂටව්‍යයන්හි; ඡන්‍ද නම්: කාමවස්තූන් විෂයෙහි යම් කාමච්ඡන්‍දයෙක් කාමරාගයෙක් කාමනන්‍දියෙක් කාමතෘෂ්ණාවෙක් කාමස්නේහයෙක් කාමපරිදාහයෙක් කාමමූර්ඡායෙක් කාමාධ්‍යවසානයෙක් කාමෞඝයෙක් කාමයෝගයෙක් කාමූපාදානයෙක් … කාමච්ඡන්‍දනීවරණයෙක් වේ ද එය යි. එතෙසු ධම්මේසු විනෙය්‍ය ඡන්‍දං - තෙල රූපාදි ධර්‍මයන්හි කාමච්ඡන්‍දය දුරු කරන්නේ යැ වෙසෙසින් දුරු කරන්නේ යැ හැරැපියන්නේ යැ බැහැර කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනභාවයට පමුණුවන්නේ නුයි ‘එතෙසු ධම්මේසු විනෙය්‍ය ඡන්‍දං’ යනු වේ.

භික‍්ඛු සතිමා සුවිමුත‍්තචිත‍්තොති - ‘භික‍්ඛූ’ති පුථුජ‍්ජනකල්‍යාණකො වා භික‍්ඛු සෙඛො වා භික‍්ඛු; සතිමාති “යා සති අනුස‍්සති -පෙ- සම‍්මාසති සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො එකායනමග‍්ගො,” අයං වුච‍්චති සති. ඉමාය සතියා උපෙතො සමුපෙතො -පෙ- සො වුච‍්චති සතිමා; භික‍්ඛු සතිමා සුවිමුත‍්තචිත‍්තොති පඨමං ඣානං සමාපන‍්නස‍්ස නීවරණෙහි චිත‍්තං මුත‍්තං විමුත‍්තං සුවිමුත‍්තං, දුතියං ඣානං සමාපන‍්නස‍්ස විතක‍්කවිචාරෙහි චිත‍්තං වුත‍්තං විමුත‍්තං සුවිමුත‍්තං. තතියං ඣානං සමාපන‍්නස‍්ස පීතියා ච චිත‍්තං මුත‍්තං විමුත‍්තං සුවිමුත‍්තං. චතුත්‍ථං ඣානං සමාපන‍්නස‍්ස සුඛදුක‍්ඛෙහි චිත‍්තං මුත‍්තං විමුත‍්තං සුවිමුත‍්තං. ආකාසානඤ‍්චායතනං සමාපන‍්නස‍්ස රූපසඤ‍්ඤාය පටිඝසඤ‍්ඤාය නානත‍්තසඤ‍්ඤාය චිත‍්තං මුත‍්තං විමුත‍්තං සුවිමුත‍්තං. විඤ‍්ඤාණඤ‍්චායතනං සමාපන‍්නස‍්ස ආකාසානඤ‍්චායතනසඤ‍්ඤාය චිත‍්තං -පෙ- ආකිඤ‍්චඤ‍්ඤායතනං සමාපන‍්නස‍්ස විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤාය චිත‍්තං -පෙ- නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමාපන‍්නස‍්ස ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤාය චිත‍්තං මුත‍්තං විමුත‍්තං සුවිමුත‍්තං. සොතාපන‍්නස‍්ස සක‍්කායදිට‍්ඨියා විචිකිච‍්ඡාය සීලබ‍්බතපරාමාසා දිට‍්ඨානුසයා විචිකිච‍්ඡානුසයා තදෙකට‍්ඨෙහි ච කිලෙසෙහි චිත‍්තං මුත‍්තං විමුත‍්තං සුවිමුත‍්තං. සකදාගාමිස‍්ස ඔළාරිකා කාමරාගානුසයා පටිඝානුසයා තදෙකට‍්ඨෙහි ච කිලෙසෙහි චිත‍්තං මුත‍්තං විමුත‍්තං සුවිමුත‍්තං. අනාගාමිස‍්ස අණුසහගතා කාමරාගසඤ‍්ඤොජනා පටිඝසඤ‍්ඤොජනා අණුසහගතා කාමරාගානුසයා පටිඝානුසයා තදෙකට‍්ඨෙහි ච කිලෙසෙහි චිත‍්තං මුත‍්තං විමුත‍්තං සුවිමුත‍්තං. අරහතො රූපරාගා අරූපරාගා මානා උද‍්ධච‍්චා අවිජ‍්ජාය මානානුසයා භවරාගානුසයා අවිජ‍්ජානුසයා තදෙකට‍්ඨෙහි ච කිලෙසෙහි බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙහි චිත‍්තං මුත‍්තං විමුත‍්තං සුවිමුත‍්තන‍්ති - භික‍්ඛු සතිමා සුවිමුත‍්තචිත‍්තො.

භික්ඛු සතිමා සුවිමුත්තචිත්තො - ‘භික්ඛු’ යනු: පෘථග්ජනකල්‍යාණ භික්‍ෂු හෝ ශෛක්‍ෂ භික්‍ෂු හෝ යැ. සතිමා යනු: යම් ස්මෘතියක් අනුස්මෘතියක් … සම්‍යක්ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් එකායනමාර්‍ගයෙක් වේ ද, මෝ ‘සති’ යයි කියනු ලබයි. මේ සතියෙන් උපේත වූයේ සමුපේත වූයේ … හෙතෙම ‘සතිමා’ යයි කියනු ලැබේ. භික්ඛු සතිමා සුවිමුත්තචිත්තො - ප්‍රථමධ්‍යානයට සමාපන්නයාගේ සිත නීවරණයන් ගෙන් මිදුණේ යැ, වෙසෙසින් මිදුණේ යැ, මොනොවට මිදුණේ යැ; දෙවැනි දැහැනට සමවන්හුගේ සිත විතර්‍කවිචාරයන්ගෙන් මුක්ත යැ විමුක්ත යැ සුවිමුක්ත යි; තුන්වැනි දැහැනට සමවන්හුගේ සිත ප්‍රීතියෙන් ද මුක්ත යැ විමුක්ත යැ සුවිමුක්ත යි; චතුර්‍තථ ධ්‍යානයට සමවන්හුගේ සිත සුඛදුඃඛයන්ගෙන් මුක්ත යැ විමුක්ත යැ සුවිමුක්ත යි. ආකාසානඤ්චායතන සමාපත්තියට සමවන්හුගේ සිත රූපසංඥාවෙන් ද ප්‍රතිඝසංඥාවෙන් නානාත්‍වසංඥාවෙන් ද මුක්ත යැ විමුක්ත යැ සුවිමුක්ත යි. විඤ්ඤාණඤ්චායතනයට සමවන්හුගේ සිත ආකාසානඤ්චායතන සංඥාවෙන් … ආකිඤ්චඤ්ඤායතනයට සමවන්හුගේ සිත විඤ්ඤාණඤ්චායතන සංඥාවෙන් … නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්හුගේ සිත ආකිඤ්චඤ්ඤායතනසංඥාවෙන් මුක්ත යැ විමුක්ත යැ සුවිමුක්ත යි. ස්‍රොතාපන්නයාගේ සිත සත්කායදෘෂ්ටියෙන් විචිකිත්සායෙන් ශීලව්‍රතපරාමර්‍ශයෙන් දෘෂ්ට්‍යානුශයෙන් විචිකිත්සානුශයෙන් හා තදෙකස්ථක්ලෙශයන්ගෙන් ද මුක්ත විමුක්ත සුවිමුක්ත යි. සකෘදාගාමීහුගේ සිත ඖදාරික කාමාරාගානුශයෙන් ප්‍රතිඝානුශයෙන් හා තදෙකස්ථක්ලෙශයන්ගෙන් ද මුක්ත විමුක්ත සුවිමුක්ත වෙයි. අනාගාමීහුගේ සිත අණුසහගත වූ කාමරාගසංයෝජනයෙන් ප්‍රතිඝසංයෝජනයෙන් අණුසහගත වූ කාමරාගානුශයෙන් ප්‍රතිඝානුශයෙන් හා තදේකස්ථ වූ ක්ලේශයන්ගෙන් ද මුක්ත විමුක්ත සුවිමුක්ත වෙයි. රහත්හුගේ සිත රූපරාගයෙන් අරූපරාගයෙන් මානයෙන් ඖද්ධත්‍යයෙන් අවිද්‍යාවෙන් මානානුශයෙන් භවරාගානුශයෙන් අවිද්‍යානුශයෙන් හා තදේකස්ථ වූ ක්ලේශයන්ගෙන් ද බාහ්‍ය වූ සියලු ක්ලෙශනිමිත්තයන්ගෙන් ද මුක්ත වූයේ විමුක්ත වූයේ සුවිමුක්ත වූයේ වේ නුයි ‘භික්ඛු සතිමා සුවිමුත්තචිත්තො’ යනු වේ.

කාලෙන සො සම‍්මා ධම‍්මං පරිවීමංසමානොති - ‘කාලෙනා’ති උද‍්ධතෙ චිත‍්තෙ සමාධිස‍්ස කාලො. සමාහිතෙ චිත‍්තෙ විපස‍්සනාය කාලො.

කාලෙන සො ධම්මං පරිවීමංසමානො - ‘කාලෙන’ යනු: සිත උද්ධත වූ කල්හි සමාධියට කාල යැ. සිත සමාහිත වූ කල්හි විදර්‍ශනාවට කාලය යි.

1. කාලෙ පග‍්ගණ‍්හති චිත‍්තං නිග‍්ගණ‍්හාති පුනාපරෙ, සංපහංසති කාලෙන කාලෙ චිත‍්තං සමාදහෙ, අජ‍්ඣුපෙක‍්ඛති කාලෙන සො යොගී කාලකොවිදො.

1. අතිශිථිලවීර්‍ය්‍යතාදියෙන් ලීන සිත ඇති කල්හි ධර්‍මවිචය වීර්‍ය්‍ය ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග ඉපදවීමෙන් සිතට අනුග්‍රහ කෙරෙයි. යළි අත්‍යාරබ්ධවීර්‍ය්‍යතාදියෙන් උද්ධත සිත ඇති කල්හි ප්‍රශ්‍රබ්ධි සමාධි උපෙක්‍ෂාසම්බොධ්‍යඞ්ගයන් ඉපදවීමෙන් සිතට නිග්‍රහ කෙරෙයි. සිත නිරාස්වාද වූ කල්හි අෂ්ට සංවෙගවස්තු ප්‍රත්‍යවේක්‍ෂාවෙන් සංවේග කෙරෙයි. ශ්‍රද්ධාප්‍රඥාවන් හා සමාධිවීර්‍ය්‍යයන් සම ව ඇති කල්හි සිත අර්පණාවට පමුණුවන්නේ ය. සිත සමාධිවීථියට පිළිපන් කල්හි මධ්‍යස්ථ වෙයි. මෙබඳු වූ ඒ යොගී තෙමෙ කාලඥ වූයේ වේ.

2. කිම‍්හි කාලම‍්හි පග‍්ගාහො කිම‍්හි කාලෙ විනිග‍්ගහො. කිම‍්හි පහංසනා කාලෙ සමථකාලො ච කීදිසො, උපෙක‍්ඛාකාලං චිත‍්තස‍්ස කථං දස‍්සෙති යොගිනො?

2. කවර කලෙක චිත්තයාගේ ප්‍රග්‍රාහය වේ ද, කවර කලෙක නිග්‍රහය වේ ද, කවර කලෙක ප්‍රහර්‍ෂණය වේ ද, යළි ශමථකාලය කෙබඳු වූයේ ද, යෝගීහුගේ සිත පිළිබඳ උපෙක්‍ෂාකාලය කෙසේ දක්වා ද යත්:

3. ලීනෙ චිත‍්තම‍්හි පග‍්ගාහො උද‍්ධතස‍්මිං හි නිග‍්ගහො, නිරස‍්සාදගතං චිත‍්තං සංපහංසෙය්‍ය තාවදෙ.

3. අතිශිථිල වීර්‍ය්‍යතාදියෙන් සිත ලීන වූ (-හැකුළුණු) කල්හි අනුග්‍රහය වෙයි. අත්‍යාරබ්ධවීර්‍ය්‍යතාදියෙන් සිත වික්‍ෂිප්ත වූ කල්හි නිග්‍රහය වෙයි. යම් විටෙක සිත (ප්‍රඥාප්‍රයොගය මඳ බැවින් හෝ උපශමසුඛය නැතිවීමෙන් හෝ) නිරාස්වාදයට පැමිණියේ ද එ කෙණෙහි සංවෙගවස්තු සිහි කිරීමෙන් සංප්‍රහර්‍ෂණය කරන්නේ ය.

4. සම‍්පහට‍්ඨං යදා චිත‍්තං අලීනං භවතනුද‍්ධතං, සමථනිමිත‍්තස‍්ස සො කාලො අජ‍්ඣත‍්තං රමයෙ මනො.

4. යම් කලෙක සිත සංවෙගවස්තු ප්‍රත්‍යවේක්‍ෂාවෙන් හෝ රත්නත්‍රයගුණානුස්මරණයෙන් හෝ සම්ප්‍රහර්‍ෂිත වේ ද, වීර්‍ය්‍යය හා යෙදුණු හෙයින් අලීන වේ ද, සමාධිය හා යෙදුණු හෙයින් අනුද්ධත වේ ද, ශමථයට හා ශමථනිමිත්තට ඒ කල් වෙයි. (එකල්හි ධ්‍යානසම්ප්‍රයුක්ත වූ) සිත කසිණාදි ගෝචරාධ්‍යාත්මයෙහි අභිරමණය කරවන්නේ ය.

5. එතෙන මෙවුපායෙන යදා හොති සමාහිතං, සමාහිතං චිත‍්තමඤ‍්ඤාය අජ‍්ඣුපෙක‍්ඛෙය්‍ය තාවදෙ.

5. මේ යට කියන ලද උපායෙන් ම යම් කලෙක සිත උපචාර අර්‍පණාවන්ගෙන් සමාහිත වේ ද, එකල්හි සිත සමාහිත වී යයි දැන එකෙණෙහි අධ්‍යුපේක්‍ෂණය කරන්නේ ය.

6. එවං කාලවිදූ ධීරො කාලඤ‍්ඤූ කාලකොවිදො, කාලෙන කාලං චිත‍්තස‍්ස නිමිත‍්තමුපලක‍්ඛයෙ”ති.

6. මෙසේ කාලය දන්නා වූ කාලඥ වූ කාලයෙහි ඡේක වූ ප්‍රාඥ තෙමේ කලින් කල සමාධිසම්ප්‍රයුක්ත වූ චිත්තයාගේ නිමිත්ත (අරමුණ) සලකන්නේ යි.

කාලෙන සො සම‍්මා ධම‍්මං පරිවීමංසමානොති - ‘සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා’ති සම‍්මා ධම‍්මං පරිවීමංසමානො, සබ‍්බෙ සඞ‍්ඛාරා දුක‍්ඛාති සම‍්මා ධම‍්මං පරිවීමංසමානො. සබ‍්බෙ ධම‍්මා අනත‍්තාති සම‍්මා ධම‍්මං පරිවීමංසමානො -පෙ- යං කිඤ‍්චි සමුදයධම‍්මං සබ‍්බං තං නිරොධධම‍්මන‍්ති සම‍්මා ධම‍්මං පරිවීමංසමානොති - කාලෙන සො සම‍්මා ධම‍්මං පරිවීමංසමානො.

කාලෙන සො සම්මා ධම්මං පරිවීමංසමානො - සියලු සප්‍රත්‍යය ධර්‍ම සඞ්ඛ්‍යාත ත්‍රෛභූමක සංස්කාරයෝ ඇති වැ නැති වන හෙයින් අනිත්‍ය වූවාහු යයි මනා කොට සියලු සංස්කෘතධර්‍මය නුවණින් විමසනුයේ, භවත්‍රයපර්‍ය්‍යාපන්න සියලු සංස්කාර යෝ ප්‍රතිපීඩනාර්‍තථයෙන් දුක් වූවාහුය යි මනා කොට සියලු ප්‍රත්‍යයොත්පන්නධර්‍මය නුවණින් විමසනුයේ, සඞ්ඛතාසඞ්ඛත වූ සියලු ධර්‍මයෝ අවශයෙහි පවත්නා හෙයින් අනාත්ම වූවාහු යයි මනා කොට සියලු ධර්‍මය නුවණින් විමසනුයේ … යම් කිසිවෙක් සමුදයධර්‍ම වූයේ නම් ඒ සියල්ල නිරුද්ධ වන ( -නැසෙන) ස්වභාව ඇත්තේ යයි මනා කොට දහම් නුවණින් විමසනුයේ නුයි ‘කාලෙන සො සම්මා ධම්මං පරිවීමංසමානො’ යනු වේ.

එකොදිභූතො විහනෙ තමං සොති භගවාති - ‘එකොදී’ති එකග‍්ගචිත‍්තො අවික‍්ඛිත‍්තචිත‍්තො අවිසාහටමානසො සමථො සමාධින්‍ද්‍රියං සමාධිබලං සම‍්මාසමාධීති එකොදිභූතො. විහනෙ තමං සොති රාගතමං දොසතමං මොහතමං දිට‍්ඨිතමං මානතමං කිලෙසතමං දුච‍්චරිතතමං අන්‍ධකරණං අචක‍්ඛුකරණං අඤ‍්ඤාණකරණං පඤ‍්ඤානිරොධිකං විඝාතපක‍්ඛිකං අනිබ‍්බානසංවත‍්තනිකං හනෙය්‍ය විහනෙය්‍ය පජහෙය්‍ය විනොදෙය්‍ය බ්‍යන‍්තීකරෙය්‍ය අනභාවං ගමෙය්‍ය.

එකොදිභූතො විහනෙ තමං සො’ති භගවා - ‘ඒකෝදි’ යනු: එකඟ වූ (එක අරමුණෙහි පැවැති) සිත් ඇතියේ, ඖද්ධත්‍යවිරහිත හෙයින් නො විසිරුණු සිත් ඇතියේ,(ඖද්ධත්‍යවිචිකිත්සා වශයෙන්) නො කැලැඹුණු සිත් ඇතියේ ශමථය සමාධින්‍ද්‍රිය සමාධිබලය සම්‍යක්සමාධිය ඇත් නුයි ‘එකොදිභූතො’ යනු වේ. විහනෙ තමං සො යනු: ප්‍රඥාලෝකය වළහන හෙයින් අන්‍ධ කරන ප්‍රඥාචක්‍ෂුස නො කරන අඥානයෙන් නො දැනීම කරන, ප්‍රඥා නමැති ඇස නිරුද්ධ කරන, පීඩා කොට්ඨාසයෙහි වූ, අප්‍රත්‍යය අමෘතමහානිර්‍වාණය පිණිස නො පවත්නා වූ රාග නමැති තමස (- අන්‍ධකාරය) ද්වේෂ නමැති තමස මෝහ නමැති තමස දෘෂ්ටි නමැති තමස මාන නමැති තමස ක්ලේශ නැමති තමස දුශ්චරිත නමැති තමස නසන්නේ යැ වෙසෙසින් නසන්නේ යැ ස්වකීය සන්තානයෙන් දුරු කරන්නේ යැ නසාපියන්නේ යැ විගතාන්ත වූවක් කරන්නේ යැ අනුඅභාවයට පමුණුවන්නේ යි.

භගවාති ගාරවාධිවචනං. අපි ච භග‍්ගරාගොති භගවා, භග‍්ගදොසොති භගවා, භග‍්ගමොහොති භගවා, භග‍්ගමානොති භගවා, භග‍්ගදිට‍්ඨීති භගවා, භග‍්ගකණ‍්ටකොති භගවා, භග‍්ගකිලෙසොති භගවා, භජි විභජි පවිභජි ධම‍්මරතනන‍්ති භගවා. භවානං අන‍්තකරොති භගවා. භාවිතකායොති භගවා, භාවිතසීලො භාවිතචිත‍්තො භාවිතපඤ‍්ඤොති භගවා. භජි වා භගවා අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි අප‍්පසද‍්දානි අප‍්පනිග‍්ඝොසානි විජනවාතානි මනුස‍්සරාහසෙය්‍යකානි පටිසල‍්ලානසාරුප‍්පානීති භගවා. භාගී වා භගවා චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානන‍්ති භගවා. භාගී ව භගවා අත්‍ථරසස‍්ස ධම‍්මරසස‍්ස විමුත‍්තිරසස‍්ස අධිසීලස‍්ස අධිචිත‍්තස‍්ස අධිපඤ‍්ඤායාති භගවා. භාගී වා භගවා චතුන‍්නං ඣානානං චතුන‍්නං අප‍්පමඤ‍්ඤානං චතුන‍්නං අරූපසමාපත‍්තීනන‍්ති භගවා. භාගී වා භගවා අට‍්ඨන‍්නං විමොක‍්ඛානං අට‍්ඨන‍්නං අභිභායතනානං නවන‍්නං අනුපුබ‍්බවිහාරසමාපත‍්තීනන‍්ති භගවා. භාගී වා භගවා දසන‍්නං සඤ‍්ඤාභාවනානං දසන‍්නං කසිණසමාපත‍්තීනං ආනාපානසතිසමාධිස‍්ස අසුභසමාපත‍්තියාති භගවා. භාගී වා භගවා චතුන‍්නං සතිපට‍්ඨානානං චතුන‍්නං සම‍්මප‍්පධානානං චතුන‍්නං ඉද‍්ධිපාදානං පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං පඤ‍්චන‍්නං බලානං සත‍්තන‍්නං බොජ‍්ඣඞ‍්ගානං අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්සාති භගවා. භාගී වා භගවා දසන‍්නං තථාගතබලානං චතුන‍්නං වෙසාරජ‍්ජානං චතුන‍්නං පටිසම‍්භිදානං ඡන‍්නං අභිඤ‍්ඤානං ඡන‍්නං බුද‍්ධධම‍්මානන‍්ති භගවා. -

භගවා යනු: ගුණවිශිෂ්ට වූ සත්ත්‍වොත්තමයා කෙරෙහි ගරුභාවවාචක වූ වචනයෙකි. තවද භග්න කළ ( -බිඳින ලද) රාග ඇත්තේ නුයි භගවත් යැ, භග්න කළ ද්වේෂ ඇත්තේ නුයි භගවත් යැ, භග්න කළ මෝහ ඇත්තේ නුයි භගවත් යැ, භග්න කළ නවවිධ මානය ඇත්තේ නුයි භගවත් යැ, භග්න කළ දෘෂ්ටි ඇත්තේ නුයි භගවත් යැ, භග්න කළ (විනිවිද අර්‍ත්‍ථයෙන්) කෙලෙස් නමැති කණ්ටක ඇත්තේනුයි භගවත් යැ, භග්න කළ (රාගාදි) කෙලෙස් ඇත්තේ නුයි භගවත් යැ. චිත්තීකෘතාදි අර්‍ත්‍ථයෙන් රතන සඞ්ඛ්‍යාත ධර්‍මය උද්දෙශවශයෙන් භාග කෙළේ යැ, නිර්දේශ වශයෙන් විවිධ වැ විභාග කෙළේ යැ, ප්‍රතිනිර්‍දෙශවශයෙන් ප්‍රවිභාග කෙළේ නුයි භගවත් යැ. (නොහොත් ධර්‍මරත්නය උද්ඝටිතඥයන්ගේ වශයෙන් භාග කෙළේ යැ, විපඤ්චිතඥයන්ගේ වශයෙන් විභාග කෙළේ යැ. නෙයපුද්ගලයන්ගේ වශයෙන් ප්‍රවිභාග කෙළේ නුයි භගවත් යැ.) කාමභවාදි නවවිධ භවයන්ගේ පරිච්ඡෙදය (අන්තය) කෙළේ නුයි භගවත් යැ. භාවිත වූ (- වඩනා ලද) කය ඇත්තේ නුයි භගවත් යැ, වඩනා ලද (සංවරාදි ප්‍රභේද වූ) ශීල ඇත්තේ නුයි භගවත් යැ. වඩනා ලද ලෞකික ලෝකෝත්තර ප්‍රඥා ඇත්තේ නුයි භගවත් යැ, බුදුහු වනයෙහි (වාක් ශබ්දයෙන්) අල්පශබ්ද වූ (ග්‍රාම නගරයන් පිළිබඳ නිර්ඝොෂාදි ශබ්දයෙන්) අල්පනිර්‍ඝොෂ වූ (ඇතුළත හැසිරෙන ජනයාගේ ශරීරවාතයෙන්) ජනවාත විරහිත වූ මිනිසුන්ගේ රහස්‍යකාරණයන්ට ස්ථාන වූ විවේකයට අනුරූප වූ මනුෂ්‍යොපචාරය ඉක්මවා සිටි වානප්‍රස්ත (-වනයෙහි දුරු) සෙනාසනයන් ද මිනිසුන්ගේ කෘෂි වපනාදිය රහිත වූ වනපර්‍ය්‍යන්ත ( -වනයෙහි ඉතා දුර) සෙනාසනයන් ද සේවනය කළාහු නුයි ‘භගවත්’ යැ. නොහොත් බුදුහු චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාර සඞ්ඛ්‍යාත සිවුපසයට හිමි වූවාහු නුයි ‘භගවත්’ යැ. නොහොත් බුදුහු හෙතුඵලසම්පත්ති සඞ්ඛ්‍යාත අර්‍තථරසයඩ හෙතුසම්පත්ති සඞ්ඛ්‍යාත ධර්‍මරසයට අර්‍හත් ඵලසඞ්ඛ්‍යාත විමුක්තිරසයට අධිශීලයට අධිචිත්තයට අධිප්‍රඥාවට හිමි වූවාහු නුයි ‘භගවත්’ යැ. බුදුහු (ප්‍රථමධ්‍යානාදි) චතුර්විධ ධ්‍යානයන්ට (මෛත්‍ර්‍යාදි සඵරණප්‍රමාණ විරහිත වූ) සතර බ්‍රහ්මවිහාරයන්ට (ආකාසානඤ්චායතනාදි) චතුර්විධ අරූපධ්‍යානයන්ට හිමි වූවාහු නුයි හෝ ‘භගවත්’ යැ. නොහොත් බුදුහු (‘රූපී රූපානි පස්සති’ යනාදීන් වදාළ ආලම්බන විමුක්ත වූ) අෂ්ට විමෝක්‍ෂයට (අභිභවනය කළ කසිණාරම්මණ ඇති) අෂ්ට අභිභායතනයට (අනුපරිපාටියෙන් සමවැදියැ යුතු) නව අනුපූර්‍වවිහාරසමාපත්තීන්ට හිමි වූවාහු නුයි ‘භගවත්’ යැ. බුදුහු (අනිත්‍යසංඥාදි) දශ සංඥාභාවනාවන්ට දශ කෘත්සනසමාපත්තීන්ට ආනාපානස්මෘති සම්ප්‍රයුක්ත සමාධියට අශුභධ්‍යානසමාපත්තියට හිමි වූවාහු නුයි හෝ ‘භගවත්’ යැ. බුදුහු සතර සතිපට්ඨානයන්ට සතර සම්‍යක්ප්‍රධානයන්ට සතර ඍද්ධිපාදයන්ට පඤ්චේන්‍ද්‍රියයන්ට පඤ්ච බලයන්ට සප්ත බොධ්‍යඞ්ගයන්ට ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයට හිමි වූවාහු නුයි හෝ ‘භගවත්’ යැ. බුදුහු දශ තථාගතබලයන්ට චතුර්වෛශාරද්‍යන්ට සතර ප්‍රතිසංවිද්ධර්‍මයන්ට ෂඩභිඥාවන්ට ෂඩ්බුද්ධධර්‍මයන්ට හිමි වූවාහු නුයි හෝ භගවත් යැ.

’භගවා’ති නෙතං නාමං මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත‍්තාමච‍්චෙහි කතං. න ඤාතිසාලොහිතෙහි කතං, න සමණබ්‍රාහ‍්මණෙහි කතං, න දෙවතාහි කතං. විමොක‍්ඛන‍්තිකමෙතං බුද‍්ධානං භගවන‍්තානං බොධියා මූලෙ සහ සබ‍්බඤ‍්ඤුතඤාණස‍්ස පටිලාභා සච‍්ඡිකාපඤ‍්ඤත‍්ති යදිදං භගවාති - එකොදිභූතො විහනෙ තමං සොති භගවා.

‘භගවත්’ යන තෙල නාමය මෑණියන් විසින් නො කරන ලද, පියාණන් විසින් නො කරන ලද, බෑණන් විසින් නො කරන ලද, බූණන් විසින් නො කරන ලද, සගයහළුවන් විසින් නො කරන ලද, නෑසහලේනෑයන් විසින් නො කරන ලද, මහණ බමුණන් විසින් නො කරන ලද, දෙවියන් විසින් නො කරන ලද. මේ ‘භගවත්’ යන යම් නාමයෙක් වී නම්, තෙල භාග්‍යවත් බුදුවරයන්ට අර්‍හන්මාර්‍ගයාගේ අන්තයෙහි බොධිමණ්ඩයෙහි දී සර්‍වඥතාඥාන ප්‍රතිලාභය සමඟ අර්‍හත්ඵලය (හෝ සර්‍වධර්‍මයන්) ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියක් වී නුයි ‘ඒකෝදි භූතො විහනෙ තමං සො’ති භගවා’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“එතෙසු ධම‍්මෙසු විනෙය්‍ය ඡන්‍දං භික‍්ඛු සතිමා සුවිමුත‍්තචිත‍්තො, කාලෙන සො සම‍්මා ධම‍්මං පරිවීමංසමානො එකොදිභූතො විහනෙ තමං සො (ති භගවා”ති. )

“එතෙසු ධම්මේසු විනෙය්‍ය ඡන්‍දං භික්ඛු සතිමා සුවිමුත්තචිත්තො, කාලෙන සො සම්මා ධම්මං පරිවීමංසමානො එකොදිභූතො විහනෙ තමං සො (ඉති භගවා” ති.)

සොළසමො සාරිපුත‍්තසුත‍්තනිද‍්දෙසො සමත‍්තො.

සොළොස් වැනි වූ සාරිපුත්ත සූත්‍රනිර්දේශය සමාප්ත යි.

මහානිද‍්දෙසපාළි නිට‍්ඨිතා.

මහනිදෙස්පෙළ නිමි.