වත්‍ථුගාථා
වත්‍ථුගාථා
වස්තු ගාථා
1. කොසලානං පුරා රම‍්මා-අගමා දක‍්ඛිණාපථං ආකිඤ‍්චඤ‍්ඤං පත්‍ථයානො-බ්‍රාහ‍්මණො මන‍්තපාරගූ.
1. වෙද මන්ත්‍රයෙහි පරතෙරට ගිය (බාවරි) බමුණු අකිඤ්චනභාවය (පරිග්‍රභොපකරණයන්ගෙන් විවික්ත බව) පතනුයේ කොසොල් රට රම්‍ය වූ (සැවැත්) නුවරින් නික්මැ දක්‍ෂිණාපථයට ගියේ යැ.
2. සො අස‍්සකස‍්ස විසයෙ-මූලකස‍්ස සමාසනෙ වසී ගොදාවරී කූලෙ-උඤ‍්ඡෙන ච ඵලෙන ච.
2. හෙ තෙම අස්සක රජහුගේ ද මූලක රජහුගේ දැයි දෙ රජුන් ගේ දෙ රට ආසන්න පෙදෙසෙහි (හෙවත් ඒ දෙරට අතුරෙහි) ගොදාවරී නදී තීරයෙහි (වූ අසපුයෙහි) කෙණෙසි අහරින් හා වෙනෙහි කඳු මුල් පලයෙන් හා (යැපෙමින්) විසී.
3. තස‍්සෙ ව උපනිස‍්සාය-ගාමො ච විපුලො අහු තතො ජාතෙන ආයෙන-මහායඤ‍්ඤමකප‍්පයී.
3. ඒ ගොදාවරී තීරය මැ (නොහොත් ඒ බමුණහු මැ) නිසා මහත් වූ ගමෙක් ද විය. හේ එගමින් උපන් කරවුවරින් මහා යඥයක් කෙළේ යැ (මහ දනක් දුන.)
4. මහායඤ‍්ඤං යජිත්‍වාන-පුන පාවිසි අස‍්සමං තස‍්මිං පතිපවිට‍්ඨම‍්හි-අඤ‍්ඤො ආගඤ‍්ඡි බ්‍රාහ‍්මණො.
4. හේ මහදන් දී යළි අසපුවට පිවිසියේ යැ. ඔහු පිවිසි කල්හි අන් බමුණෙක් (එහි) ආයේ යි.
5. උග‍්ඝට‍්ටපාදො තසිතො-පඞ‍්කදන‍්තො රජස‍්සිරො සො ච නං උපසංකම‍්ම-සතානි පඤ‍්ච යාචති.
5. (ගමන්හි) ගැටුණු පා ඇති පිපාසිත වූ මල බැඳුණු දත් ඇති දුහුලි වැකුණු හිස ඇති හෙ ද ඔහු කරා එළඹැ (කහවණු) පන්සියයක් ඉල්ලී යැ.
6. තමෙනං බාවරී දිස‍්වා-ආසනෙන නිමන‍්තයී සුඛං ච කුසලං පුච‍්ඡි-ඉදං වචනමබ්‍රවී.
6. බාවරී තවුස් ඔහු දැක අස්නෙකින් පැවැරී යැ, සුව ද අරෝග බව ද විචාළේ යැ, මෙවදන් ද කී:
7. යං ඛො මමං දෙය්‍යධම‍්මං-සබ‍්බං විස‍්සජ‍්ජිතං මයා අනුජානාහි මෙ බ්‍රහ‍්මෙ-නත්‍ථි පඤ‍්ච සතානි මෙ.
7. “මා සතු යම් දේයධර්‍මයෙක් වී නම් මා විසින් එ හැම දෙන ලද. බමුණ, මබස් හදහව, මට (කහවණු) පන්සියෙක් නැති.”
8. සචෙ මෙ යාචමානස‍්ස-භවං නානුපදස‍්සති සත‍්තමෙ දිවසෙ තුය‍්හං-මුද‍්ධා ඵලතු සත‍්තධා.
8. ඉදින් භවත් තෙමේ යදනා (ඉල්ලන) මට නො දෙන්නේ නම් (මින්) සත්වන දවසැ තා හිස් සත් කඬ වැ පැළේවා!
9. අභිසඞ‍්ඛරිත්‍වා කුහකො-භෙරවං සො අකිත‍්තයී තස‍්ස තං වචනං සුත්‍වා-බාවරී දුක‍්ඛිතො අහු.
9. ඒ කුහක බමුණු තෙම කොහොන් වත් සකස් කොට බිය දනවන වදන් තෙපලී යැ. ඔහුගේ එවදන් අසා බාවරී තවුස් දොම්නස් වී යැ.
10. උස‍්සුස‍්සති අනාහාරො-සොකසල‍්ලසමප‍්පිතො අථො’පි එවංචිත‍්තස‍්ස-ඣානෙ න රමතී මනො.
10. හේ ශෝකශල්‍යයෙන් විදුනා ලදුයේ නිරාහාර වැ වියැළෙයි, තවද මෙබඳු සිත් ඇති ඔහුගේ සිත ධ්‍යානයෙහි නො ඇලෙයි.
11. උත්‍රස‍්තං දුක‍්ඛිතං දිස‍්වා-දෙවතා අත්‍ථකාමිනී බාවරිං උපසඞ‍්කම‍්ම-ඉදං වචනමබ්‍රවී.
11. (එ අරම්හි අරක්ගත්) වැඩ කැමැති දෙවියෙක් බියපත් වූ දුකට පැමිණි බාවරී බමුණු කරා එළැඹ මෙ බස් කිව;
12. න සො මුද‍්ධං පජානාති-කුහකො සො ධනත්‍ථිකො මුද‍්ධනි මුද‍්ධපාතෙ වා-ඤාණං තස‍්ස න විජ‍්ජති.
12. “හේ මුදුන් (හිස) නො දනී, හේ ධන කැමැති කුහකයෙක, මුදුන්හි හෝ මුදුන් පැළුමෙහි නුවණෙක් ඔහුට නැති.”
13. භොතී චරහි ජානාති-තං මෙ අක‍්ඛාහි පුච‍්ඡිතා මුද‍්ධං මුද‍්ධාධිපාතං ච-තං සුණොම වචො තව.
13. “ඉදින් භවතී මුදුනුදු මුදුන් පැළුමුදු දනී නම් මා විසින් විචාරන ලද තෝ එය මට කියව. තී ගේ එ වදන් අසම්හ.”
14. අහම‍්පෙතං න ජානාමි-ඤාණං මෙත්‍ථ න විජ‍්ජති මුද‍්ධං මුද‍්ධාධිපාතො ච-ජිනානං හෙතදස‍්සනං.
14. “මම ද තෙල නො දන්මි. මට මෙහි ලා නුවණෙක් නැති. මුදුනුදු මුදුන් පැළුමුදු යන මෙය ජිනයන්ගේ මැ දර්‍ශනයෙකි.”
15. අථ කො චරහි ජානාති-අස‍්මිං පුථවි මණ‍්ඩලෙ මුද‍්ධං මුද‍්ධාධිපාතං ච-තං මෙ අක‍්ඛාහි දෙවතෙ,
15. “එසේ කලැ මේ පොළෝ මඬලෙහි කවරෙක් නම් මුදුනුදු මුදුන් පැළුමුදු දනී ද? දෙවිය, එය මට කියව.”
16. පුරා කපිලවත්‍ථුම‍්හා-නික‍්ඛන‍්තො ලොකනායකො අපච‍්චො ඔක‍්කාකරාජස‍්ස-සක්‍යපුත‍්තො පභඞ‍්කරො.
16. පෙරැ කිඹුල්වත් පුරයෙන් නික්මැ ගිය, ලොවට නායක වූ ඔක්කාක රජහු ගේ පරපුරෙහි වූ ලොවැ ප්‍රඥාලෝකය කරන යම් ශාක්‍යපුත්‍රයෙක් වේ ද,
17. සො හි බ්‍රාහ‍්මණ, සම‍්බුද‍්ධො-සබ‍්බධම‍්මාන පාරගු සබ‍්බාභිඤ‍්ඤාබලප‍්පත‍්තො-සබ‍්බධම‍්මෙසු චක‍්ඛුමා සබ‍්බකම‍්මක‍්ඛයං පත‍්තො-විමුත‍්තො උපධිසඞ‍්ඛයෙ.
17. බමුණ හේ සම්බුද්ධ යැ, සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගියේ යැ, සියලු අභිඥාබලයට පැමිණියේ යැ, සියලු දහම්හි නුවණැස් ඇත්තේ යැ, සියලු කර්‍මයන්ගේ ක්‍ෂයට පැමිණියේ යැ, නිවන් අරමුණෙහි (අරමුණු කොට) (භව විමුක්තියෙන්) මිදුණේ යැ.
18. බුද‍්ධො සො භගවා ලොකෙ-ධම‍්මං දෙසෙති චක‍්ඛුමා තං ත්‍වං ගන‍්ත්‍වාන පුච‍්ඡස‍්සු-සො තෙ තං ව්‍යාකරිස‍්සති.
18. පසැස් ඇති ඒ භාග්‍යවත් බුදුරජ ලොවැ දහම් දෙසයි. මුඹ උන් වහන්සේ වෙත ගොස් විචාරන්නැ. උන් වහන්සේ එය මුඹට හෙළි කරන සේක.
19. සම‍්බුද‍්ධොති වචො සුත්‍වා-උදග‍්ගො බාවරී අහු සොකස‍්ස තනුකො ආසි-පීතිඤ‍්ච විපුලං ලභි.
19. බාවරී තෙම ‘බුදුහු’ යන වදන් අසා ඔද වැඩි සිතැත්තේ විය. ඔහු ගේ ශෝකය ද තුනී විය, විපුල වු ප්‍රීතියට ද පැමිණියේ යි.
20. සො බාවරී අත‍්තමනො උදග‍්ගො තං දෙවතං පුච‍්ඡති වෙදජාතො කතමම‍්හි ගාමෙ නිගමම‍්හි වා පුන කතමම‍්හි වා ජනපදෙ ලොකනාථො යත්‍ථ ගන‍්ත්‍වා නමස‍්සෙමු-සම‍්බුද‍්ධං දිපදුත‍්තමං.
20. ඒ බාවරී බමුණු සතුටු වූයේ ඔදවැඩි සිතැත්තේ උපන් සොම්නස් ඇත්තේ “යම් තැනකට ගොස් ද්විපදෝත්තම වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර කරන්නමෝ නම් ඒ ලෝකනායකයෝ කිනම් ගමෙකැ හෝ නියම්ගමෙකැ හෝ යළි කිනම් දනව්වෙකැ හෝ වසන සේක් දැ?” යි එ දෙවියා පිළිවිසී යැ.
21. සාවත්‍ථියං කොසලමන්‍දිරෙ ජිනො පහූතපඤ‍්ඤො වරභූරිමෙධසො සො සක්‍යපුත‍්තො විධුරො අනාසවො මුද‍්ධාධිපාතස‍්ස විදූ නරාසභො.
21. “පස්මරුන් දිනූ මහාප්‍රාඥ වූ උත්තම විපුල ප්‍රඥා ඇති අප්‍රතිම වූ අනාස්‍රව වූ නරශ්‍රේෂ්ඨ වූ මුදුන් පළාලීම දන්නා වූ ඒ ශාක්‍ය පුත්‍රයන් වහන්සේ කොසොල්රට සැවැත් නුවරැ වසන සේ කැ”යි.
22. තතො ආමන‍්තයී සිස‍්සෙ-බ්‍රාහ‍්මණො මන‍්තපාරගෙ එථ මාණවා අක‍්ඛිස‍්සං-සුණොථ වචනං මම.
22. ඉක්බිති බාවරී බමුණු වේදමන්ත්‍රයෙහි පරතෙරට ගිය අතැවැස්සන් ඇමැතී: එව මාණවකයෙනි, මම් තොපට කියනෙම් මා ගේ වචනය අසවු.
23. යස‍්සෙසො දුල‍්ලභො ලොකෙ-පාතුභාවො අභිණ‍්හසො ස‍්වජ‍්ජ ලොකම‍්හි උප‍්පන‍්නො-සම‍්බුද‍්ධො ඉති විස‍්සුතො ඛිප‍්පං ගන‍්ත්‍වාන සාවත්‍ථිං-පස‍්සව‍්හො දිපදුත‍්තමං.
23. “ලෝකයෙහි තෙල යමක්හුගේ එක්වන් පහළවීම දුර්‍ලභ වේ ද, ‘සම්බුදුහු’යි ප්‍රසිද්ධ වූ උන් වහන්සේ දැන් ලොවැ පහළ වූහු ල. තෙපි වහා සැවැතට ගොස් ඒ ද්විපදෝත්තමයන් වහන්සේ දකිවු”(යි කී යැ).
24. කථං චරහි ජානෙමු-දිස‍්වා බුද‍්ධොති බ්‍රාහ‍්මණ අජානතං නො පබ්‍රූහි-යථා ජානෙමු තං මයං.
24. “බමුණාණෙනි, ඔවුන් දැක ‘මේ බුදුහ’යි කිසේ දනුම්හ. ඇපි ඔවුන් යම්සේ දත හෙන්නමෝ නම් නො දන්නා අපට එසෙයින් කිව මැනැවැ”යි (කීහ.)
25. ආගතානි හි මන‍්තෙසු-මහාපුරිසලක‍්ඛණා ද‍්වත‍්තිංස ච ව්‍යාඛ්‍යාතා-සමත‍්තා අනුපුබ‍්බසො.
25. පිළිවෙළින් විස්තර කරන ලද පරිපූර්‍ණ වූ දෙතිස් මහපුරිස් ලකුණු වේදයෙහි ආයේ යැ,
26. යස‍්සෙතෙ හොන‍්ති ගත‍්තෙසු-මහාපුරිසලක‍්ඛණා ද‍්වෙයෙව තස‍්ස ගතියො-තතියා හි න විජ‍්ජති.
26. යමක්හුගේ සිරුරෙහි තෙල දෙතිස් මහපුරිස් ලකුණු ඇද්ද, ඔහුට දෙගතියෙක් මැ වෙයි, තෙ වැන්නෙක් නැති.
27. සචෙ අගාරං ආවසති-විජෙය්‍ය පඨවිං ඉමං අදණ‍්ඩෙන අසත්‍ථෙන-ධම‍්මෙනමනුසාසති.
27. ඉදින් හේ ගිහිගෙයි වෙසේ නම් නො දඬින් නො සැතින් මේ පොළොව දිනා දැහැමින් අනුශාසනා කෙරෙයි (සක්විති රජ වෙයි).
28. සචෙ ච සො පබ‍්බජති-අගාරා අනගාරියං විවට‍්ටච‍්ඡද‍්දො සම‍්බුද‍්ධො-අරහා භවති අනුත‍්තරො.
28. තවද, ඉදින් හේ ගිහිගෙන් නික්මැ සසුන්හි පැවිදි වේ නම් විවට කළ කෙලෙස් සෙවෙණි ඇති වැ අනුත්තර වූ අර්‍හත් සම්බුද්ධ වෙයි.
29. ජාතිං ගොත‍්තං ච ලක‍්ඛණං-මන‍්තෙ සිස‍්සෙ පුනාපරං මුද‍්ධං මුද‍්ධාධිපාතං ච-මනසායෙව පුච‍්ඡථ.
29. (තෙපි මාගේ) ජාති (වයස්) දු ගොතුදු ලක්‍ෂණ දු උගත් වෙදයනුදු සිසුනු දු යළි අන්‍ය වූ මුදුනුදු මුදුන් පැළුමුදු සිතින් මැ පුළුවුස්ව.
30. අනාවරණදස‍්සාවී-යදි බුද‍්ධො භවිස‍්සති මනසා පුච‍්ඡිතෙ පඤ‍්හෙ-වාචාය විස‍්සජෙස‍්සති.
30. ඉදින් හේ අනාවරණඥානදර්ශන ඇති බුදු වේ නම් (තොප) සිතින් පුළුවුත් පැන තෙපුලින් විසඳයි යනු කී යැ.
31. බාවරිස‍්ස වචො සුත්‍වා-සිස‍්සා සොළස බ්‍රාහ‍්මණා අජිතො තිස‍්සමෙත‍්තෙය්‍යො-පුණ‍්ණකො අථ මෙත‍්තගු.
31-33. බාවරී බමුණුගේ බස් අසා අජිත යැ තිස්සමෙත්තෙය්‍ය යැ පුණ්ණක යැ මෙත්තගූ යැ ධෝතක යැ උපසීව යැ නන්‍ද යැ යළි හේමක යැ තෝදෙය්‍ය, කප්ප දෙදෙනා යැ පණ්ඩිත වූ ජතුකණ්ණී යැ. භද්‍රාවුධ යැ උදය යැ පෝසාල නම් බමුණු යැ ප්‍රාඥ වූ මෝඝරාජ යැ පිංගිය මහතවුස් යැ යන සොළොස් බමුණු අතැවැසියෝ-
32. ධොතකො උපසීවො ච-නන්‍දො ච අථ හෙමකො තොදෙය්‍යකප‍්පා දුභයො-ජතුකණ‍්ණී ච පණ‍්ඩිතො.
33. භද්‍රාවුධො උදයො ච-පොසාලො චාපි බ්‍රාහ‍්මණො මොඝරාජා ච මෙධාවී-පිංගියො ච මහාඉසි.
34. පච‍්චෙකගණිනො සබ‍්බෙ-සබ‍්බලොකස‍්ස විස‍්සුතා ඣායී ඣානරතා ධීරා-පුබ‍්බවාසනවාසිතා.
34. හැම දෙන වෙන වෙන ශිෂ්‍යගණයා ඇත්තාහු සියලු ලොවැ ප්‍රකට වූවාහු ධ්‍යාන කරන්නාහු ධ්‍යානයෙහි ඇලුණාහු ධෘති සම්පන්න වූවාහු පූර්‍වපුණ්‍යවාසනා ගුණයෙන් වාසිත සිත් ඇත්තාහු-
35. බාවරිං අභිවන්‍දිත්‍වා-කත්‍වා ච නං පදක‍්ඛිණං ජටාජිනධාරා සබ‍්බෙ-පක‍්කාමුං උත‍්තරාමුඛා.
35. බාවරීහු අභිවාදන කොට යළි ඔහු පැදකුණු කොට සියල්ලෝ දළ මඬුලු අඳුන් දිවිසම් දරන්නාහු උතුරු දෙසට මුහුණලා නික්මැ ගියෝ.
36. මූලකස‍්ස පතිට‍්ඨානං-පුරිමං මාහිස‍්සතිං තථා උජ‍්ජෙනිං චාපි ගොනද‍්ධං-වෙදිසං වනසව‍්හයං.
36. මූලක ජනපදයට අයත් පතිට්ඨාන නගරයට ද, මාහිස්සතී නම් පළමු නගරයට ද, එසේ මැ උදේනී නුවරට ද ගෝනද්ධ (ගෝධ) පුරයට ද, වේදිස නුවරට ද, වස්සැවැතට ද-
37. කොසම‍්බිං චාපි සාකෙතං-සාවත්‍ථිං ච පුරුත‍්තමං සෙතව්‍යං කපිලවත්‍ථුං-කුසිනාරං ච මන්‍දිරං.
37. කොසොඹෑ නුවරට ද, සාකේත පුරයට ද, සැවැත් පුරවරයට ද, සේතව්‍ය නුවරට ද, කිඹුල්වත් පුරයට ද, කුසිනාරා පුරයට ද-
38. පාවං ච භොගනගරං-වෙසාලිං මාගධං පුරං පාසාණකං චෙතියං ච-රමණීයං මනොරමං.
38. පාවා නුවරට ද, භොග නගරයට ද, විසල් පුරට ද, මගධ රට අගනුවර වූ රජගහ නුවරට ද, සිත්කලු වූ මනරම් වූ පහණ සෑ වෙහෙරට ද-
39. තසිතොවුදකං සීතං-මහාලාභං ව වාණිජො ඡායං ඝම‍්මාභිතත‍්තොව-තුසිතා පබ‍්බතමාරහුං.
39. පවස් ඇතියකු සිහිල් දියකට මෙන්, වෙළෙඳක්හු මහත් ලාභයකට මෙන්, ගිමින් තැවුණක්හු සෙවණකට මෙන් හටගත් සොම්නස් ඇත්තාහු පව්වට නැංගාහ.
40. භගවා ච තස‍්මිං සමයෙ-භික‍්ඛුසඞ‍්ඝපුරක‍්ඛතො භික‍්ඛූනං ධම‍්මං දෙසෙති-සීහොව නදතී වනෙ.
40. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ ද භික්‍ෂුසංඝයා විසින් පුරස්කෘත වූවාහු වනයෙහි සිංහයකු නාද කරන්නා සේ භික්‍ෂූනට දහම් දෙසන සේක.
41. අජිතො අද‍්දස සම‍්බුද‍්ධං-සතරංසිං’ව භානුමං චන්‍දං යථා පණ‍්ණරසෙ-පරිපූරිමුපාගතං
41. අජිත මාණව සම්බුදුන් සියගණන් රස් ඇති හිරු සෙයින් පණුරැසි පොහොදවස් සොළොස් කලා පිරුණු සඳු සෙයින් දිටී.
42. අථස‍්ස ගත‍්තෙ දිස‍්වාන-පරිපූරං ව බ්‍යඤ‍්ජනං එකමන‍්තං ඨිතො හට‍්ඨො-මනොපඤ‍්හෙ අපුච‍්ඡථ.
42. ඉක්බිති උන් වහන්සේගේ සිරුරෙහි පිරිපුන් පුරිස් ලකුණු දැක සතුටු වූයේ එකත්පස් වැ සිටියේ මනසින් පැන පුළුවුත් :
43. ආදිස‍්ස ජම‍්මනං බ්‍රූහි-ගොත‍්තං බ්‍රූහි සලක‍්ඛණං මන‍්තෙසු පාරමිං බ්‍රූහි-කති වාචෙති බ්‍රාහ‍්මණො.
43. “අප ඇදුරන් උදෙසා උන්ගේ ජාති (වයස්) කියනු මැන. පුරිස්ලකුණු සහිත කොට ගොත් කියනු මැන, වෙදයන්හි නිමාවට පැමිණීම ද කියනු මැන, හේ කෙතෙක් අතැවැසියන් හදාරවා ද”යි (විචාළේ යැ.)
44. වීසං වස‍්සසතං ආයු-සො ච ගොත‍්තෙන බාවරී තීණස‍්ස ලක‍්ඛණා ගත‍්තෙ-තිණ‍්ණං වෙදාන පාරගූ.
44. ‘(තොප ඇදුරු උපතින්) එක්සියවිසි හවුරුදු ඇත්තේ යැ, හෙ ද ගෝත්‍රයෙන් ප්‍රාවරී (බාවරී) නමැ, ඔහු ගත මහපුරිස් ලකුණු තුනෙක, ත්‍රිවේදයෙහි පරතෙරට ගියේ යැ.
45. ලක‍්ඛණෙ ඉතිහාසෙ ච-සනිඝණ‍්ඩු සකෙටුහෙ පඤ‍්ච සතානි වාචෙති-සධම‍්මෙ පාරමිං ගතො.
45. (මහාපුරුෂ) ලක්‍ෂණශාස්ත්‍රයෙහි ද, නිඝණ්ටු සහිත කෙටූහ ශාස්ත්‍ර සහිත ඉතිහාසයෙහි ද, ස්වකීය බ්‍රාහ්මණ ධර්‍මයෙහි ද පරතෙරට ගියේ පන්සියක් අතැවැසියන් හදාරවයි.
46. ලක‍්ඛණානං පවිචයං-බාවරිස‍්ස නරුත‍්තම තණ‍්හච‍්ඡිද පකාසෙහි-මා නො කඞ‍්ඛායිතං අහු.
46. තෘෂ්ණාව සිඳ හළ නරශ්‍රේෂ්ඨයන් වහන්ස, බාවරී බමුණුගේ පුරුෂලක්ෂණයන් ගේ විස්තරය පවසන්නැ, අපට නහමක් සැක වේවා’යී (සිතින් පුළුවුත්.)
47. මුඛං ජිව‍්හාය ඡාදෙති-උණ‍්ණස‍්ස භමුකන‍්තරෙ කොසොහිතං වත්‍ථගුය‍්හං-එවං ජානාහි මාණව.
47. මාණවකය, හේ (තමා) දිවින් මුහුණ වසයි. උහුගේ දෙබැම අතුරෙහි උණුලොම් වෙයි. අඞ්ගජාතය කෝෂාවහිත වේ. මෙසේ මෙ කරුණු දනැ’යි (වදාළහ.)
48. පුච‍්ඡම‍්හි කඤ‍්චි අසුණන‍්තො-සුත්‍වා පඤ‍්හෙ ව්‍යාකතෙ විචින‍්තෙති ජනො සබ‍්බො-වෙදජාතො කතඤ‍්ජලී.
48. සියලු ජන තෙමේ විචාරනු ලබන කිසි පැනයක් නො අසනුයේ විසැඳූ පැන අසා උපන් සොම්නස් ඇත්තේ බඳැදිලි ව මෙසේ සිතයි ;
49. කො නු දෙවො වා බ්‍රහ‍්මා වා-ඉන්‍දො වාපි සුජම‍්පති මනසා පුච‍්ඡිතෙ පඤ‍්හෙ-කමෙතං පටිභාසති.
49. “කවර දෙවියෙක් හෝ බඹෙක් හෝ සුජාපති වූ ඉන්‍ද්‍ර හෝ සිතින් විචාළ පැන විසඳා ද? (ඔවුනතුරෙහි) කවරක්හට තෙල පැන වැටහේ දැ”යි.
50. මුද‍්ධං මුද‍්ධාධිපාතං ච-බාවරී පරිපුච‍්ඡති තං ව්‍යාකරොහි භගවා-කඞ‍්ඛං විනය නො ඉසෙ,
50. “භාග්‍යවතුන් වහන්ස, බාවරී තෙම මුදුනුදු මුදුන් පැළුමුදු පුළුවුසි. එය විසඳන්නැ, ඍෂීන් වහන්ස, අපගේ සැකය දුරැලන්නැ”යී.
51. අවිජ‍්ජා මුද‍්ධාති ජානාහි-විජ‍්ජා මුද‍්ධාධිපාතිනී සද‍්ධා සති සමාධීහි-ඡන්‍දවිරියෙන සංයුතා,
51. අවිද්‍යාව (සසර හිස් වන බැවින්) මුදු නැ, ශ්‍රද්ධා ස්මෘති සමාධි ඡන්‍ද වීර්‍ය්‍ය යන මොවුන් හා සමග යෙදුණු (අර්හන්මාර්ග) විද්‍යාව මුදුන් පළන යයි දනැ”යි.
52. තතො වෙදෙන මහතා-සන්‍ථම‍්භිත්‍වාන මාණවො එකංසං අජිනං කත්‍වා-පාදෙසු සිරසා පතී.
52. ඉක්බිති අජිත මාණව මහත් ප්‍රීතියෙන් සංස්තබ්ධ වැ අඳුන් දිවිසම් එකස් කොටැ ලැ (බුදුන්) පාපිට හිස් තබා වැඳ වැටුණේ යැ.
53. බාවරී බ්‍රාහ‍්මණො භොතො-සහ සිස‍්සෙහි මාරිස උදග‍්ගචිත‍්තො සුමනො-පාදෙ වන්‍දති චක‍්ඛුම,
53. නිදුකාණෙනි, පසැස් ඇතියාණෙනි, බාවරී බ්‍රාහ්මණ තෙම ඔද වැඩි සිත් ඇති වැ සොම්නස් වැ භවත්හු පා වඳී යි.
54. සුඛිතො බාවරී හොතු-සහ සිස‍්සෙහි බ්‍රාහ‍්මණො ත්‍වං චාපි සුඛිතො හොහි-චිරං ජීවාහි මාණව,
54. “බාවරී බමුණු තෙම සිසුන් හා සමග සුවපත් වේවා! මාණවය තො ද සුවපත් වෙයි! සැරදෙයී!” (වදාළෝ.)
55. බාවරිස‍්ස ව තුම‍්හං වා-සබ‍්බෙසං සබ‍්බසංසයං කතාවකාසා පුච‍්ඡව‍්හො-යං කිඤ‍්චි මනසිච‍්ඡථ.
55. “තෙපි කළ අවකාශ ඇතියවු, යම් කිසිවක් පුළුවුස්නට සිතින් කැමැතියවු නම් බාවරිහු ගේ වේවයි තොප හැම ගේ වේවයි එ හැම සංශය පුළුවුස්ව”යි (වදාළෝ.)
56. සම‍්බුද‍්ධෙන කතොකාසො-නිසීදිත්‍වාන පඤ‍්ජලී අජිතො පඨමං පඤ‍්හං-තත්‍ථ පුච‍්ඡි තථාගතං.
56. සම්බුදුන් විසින් කළ අවකාශ ඇති අජිත මාණව ඇඳිලි බැඳ හිඳ එහි පළමු පැනය බුදුන් පිළිවිත්.
වත්‍ථුගාථා නිට‍්ඨිතා
වස්තුගාථා නිමි.