යෙදුමෙන් කියවන්න

1. අජිතමාණව පුච‍්ඡා

1. අජිතමාණව පුච‍්ඡා.

1. අජිත මාණව පෘච්ඡා

1-1 කෙනස‍්සු නිවුතො ලොකො (ඉච‍්චායස‍්මා අජිතො) කෙනස‍්සු නප‍්පකාසති කිස‍්සාභිලෙපනං බ්‍රූහි කිං සු තස‍්ස මහබ‍්භයං.

1-1. (ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්: ලෝවැසි තෙම කිමෙකින් නිවෘත (වැසුණේ) ද? කවර හෙයින් නො පැනේ ද? කිමෙක් ඔහට අභිලේපන (ලහටු) යැ යි වදාරන සේක් ද? කිමෙක් ඔහට මහද්භය වේ ද?

1-2 අවිජ‍්ජාය නිවුතො ලොකො (අජිතාති භගවා) වෙවිච‍්ඡා පමාදා නප‍්පකාසති ජප‍්පාභිලෙපනං බ්‍රූමි දුක‍්ඛමස‍්ස මහබ‍්භයං.

1-2. (අජිත යැ යි අමතා බුදුහු මෙසේ වදාළහ:) ලෝවැසි තෙම අවිද්‍යායෙන් නිවෘත යැ. මාත්සර්‍ය්‍ය හෙයින් ප්‍රමාද හෙයින් නො පැනෙයි (ප්‍රකාශ නො වෙයි) තෘෂ්ණාව අභිලේපන යැ යි කියමි, (ජාත්‍යාදි) දුක ඔහට මහද්භය වෙයි.

1-3 සවන‍්ති සබ‍්බධි සොතා (ඉච‍්චායස‍්මා අජිතො) සොතානං කිං නිවාරණං සොතානං සංවරං බ්‍රූහි කෙන සොතා පිථියරෙ.

1-3. (ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්:) හැම තන්හි (රූපාදි ආයතනයන්හි තෘෂ්ණාදි) ස්‍රෝතස්හු ගලා යෙති , ස්‍රෝතසුන්ගේ ආවරණය කවරැ? ස්‍රෝතසුන් ගේ සංවරය වදාළ මැනැව. කවර දහමෙකින් ස්‍රෝතස්හු පියනු ලැබෙත් ද (පසිඳිනු ලැබෙත් ද)?

1-4 යානි සොතානි ලොකස‍්මිං (අජිතාති භගවා) සති තෙසං නිවාරණං සොතානං සංවරං බ්‍රූමි පඤ‍්ඤායෙතෙ පිථියරෙ.

1-4. (අජිත යැ යි අමතා බුදුහු මෙසේ වදාළහ:) ලොවැ යම් ස්‍රෝතස් කෙනෙක් වෙත් ද, ස්මෘතිය ඔවුනට ආවරණ වෙයි, (එ මැ ස්මෘතිය) ස්‍රෝතසුන්ගේ ‘සංවරය’ යි කියමි, (මාර්‍ග) ප්‍රඥාව විසින් තුලුහු පියනු (පසිඳිනු) ලැබෙත්.

1-5 පඤ‍්ඤා චෙව සතී චාපි (ඉච‍්චායස‍්මා අජිතො) නාමරූපං ච මාරිස එතං මෙ පුට‍්ඨො පබ්‍රූහි කත්‍ථෙතං උපරුජ‍්ඣති.

1-5. (ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්.) ප්‍රඥාව ද ස්මෘතිය ද (තදවශේෂ) නාමරූපය ද යන තෙල සියල්ල කොහි නිරුද්ධ වේ ද? නිදුකාණෙනි, මා විසින් පුළුවුස්නා ලද මුඹ වහන්සේ තෙල කරුණ මට වදාළ මැනව.

1-6 යමෙතං පඤ‍්හං අපුච‍්ඡි අජිත තං වදාමි තෙ යත්‍ථ නාමං ච රූපං ච අසෙසං උපරුජ‍්ඣති විඤ‍්ඤාණස‍්ස නිරොධෙන එත්‍ථෙතං උපරුජ‍්ඣති.

1-6. අජිත තෙපි යම් පැනයක් විචාළ වු ද, එය තොපට කියමි. යම් තැනෙක්හි නාමයත් රූපයත් නිරවශේෂයෙන් නිරුද්ධ වේ ද, (පශ්චිම) විඥානයාගේ නිරෝධය හා මැ (පෙර පසු නො වැ) තෙල විඥාන නිරෝධයෙහි මැ තෙල නාමරූපය උපරුද්ධ වෙයි (විඥාන නිරෝධය ඉක්ම නො යෙයි.)

1-7 යෙ ච සඞ‍්ඛාතධම‍්මා සෙ යෙ ච සෙඛා පුථූ ඉධ තෙසං මෙ නිපකො ඉරියං පුට‍්ඨො පබ්‍රූහි මාරිස.

1-7. නිදුකාණෙනි, මෙ ලොවැ (අනිත්‍යාදි විසින්) විමසන ලද ධර්‍ම ඇති යම් (අශෛක්‍ෂ) කෙනෙකුත් වෙත් ද, බොහෝ වූ යම් ශෛක්‍ෂ කෙනෙකුත් වෙත් ද, මා විසින් පුළුවුස්නා ලද (ශෛක්‍ෂාශෛක්‍ෂ ධර්‍මයෙහි) පණ්ඩිත වූ මුඹ වහන්සේ ඔවුන්ගේ ප්‍රතිපත්තිය මට වදාළ මැනැව.

1-8 කාමෙසු නාභිගිජ‍්ඣෙය්‍ය මනසා නාවිලො සියා කුසලො සබ‍්බ ධම‍්මානං සතො භික‍්ඛු පරිබ‍්බජෙ.

1-8. කාමයෙහි ගිජු නො වන්නේ යැ, සිතින් නො කැළඹුණෙක්, වන්නේ යැ, මහණ තෙම සියලු ධර්‍මයන්හි දක්‍ෂ වූයේ ස්මෘතිමත් වැ හැසිරෙන්නේ යි.

අජිතමාණව පුච‍්ඡා-නිට‍්ඨිතා

අජිත මාණව පෘච්ඡා නිමි.