යෙදුමෙන් කියවන්න

2. තිස‍්සමෙත‍්තෙය්‍යමාණව පුච‍්ඡා

2. තිස‍්සමෙත‍්තෙය්‍යමාණව පුච‍්ඡා

2. තිස්සමෙත්තෙය්‍ය මාණව පෘච්ඡා

2-1 කො’ධ සන‍්තුසිතො ලොකෙ (ඉච‍්චායස‍්මා තිස‍්ස මෙත‍්තෙය්‍යො) කස‍්ස නො සන‍්ති ඉංජිතා කො උභන‍්තමභිඤ‍්ඤාය මජ‍්ඣෙමන‍්තා න ලිප‍්පති කං බ්‍රූසි මහාපුරිසො’ති කො’ධ සිබ‍්බනිමච‍්චගා?

2-1. (ආයුෂ්මත් තිස්ස මෙත්තෙය්‍ය මෙසේ පිළිවිත්:) මෙලොවැ කවරෙක් සතුටු වූයේ ද, කවරක්හට (තෘෂ්ණා-දෘෂ්ටි) ඉඤ්ජනයෝ (කම්පනයෝ) නැද්ද, කවරෙක් අන්තද්වය විශිෂ්ටඥානයෙන් දැනැ ම්‍යධයෙහි ප්‍රඥායෙන් නො ඇලේ ද, කවරක්හු ‘මහාපුරුෂ’ යයි කියනු සේක් ද, කවරෙක් මෙහි තෘෂ්ණා සිබ්බනිය (ගෙතුම) ඉක්මැ ගියේ දැ? යි”

2-2 කාමෙසු බ්‍රහ‍්මචරියවා (මෙත‍්තෙය්‍යා’ති භගවා) වීතතණ‍්හො සදා සතො සඞ‍්ඛාය නිබ‍්බුතො භික‍්ඛු තස‍්ස නො සන‍්ති ඉඤ‍්ජිතා.

2-2. (‘මෙත්තෙය්‍ය’ යි අමතා බුදුහු මෙසේ වදාළහ:) කාමයෙහි (ආදීනව දැක) බඹසර ඇති පහ වූ තෘෂ්ණා ඇති හැම කල්හි ස්මෘතිමත් වූ (අනිත්‍යාදි විසින්) දහම් විමසා (රාගාදිය නිවීමෙන්) නිවුණු යම් මහණෙක් වේ ද, ඔහට ඉඤ්ජිතයෝ නැත්තාහ.

2-3 සො උභන‍්තමභිඤ‍්ඤාය මජ‍්ඣෙ මන‍්තා න ලිප‍්පති තං බ්‍රූමි මහා පුරිසො’ති සො’ධ සිබ‍්බනිමච‍්චගා.

2-3. හේ අන්තද්වය විශිෂ්ටඥානයෙන් දැනැ මධ්‍යයෙහි ප්‍රඥායෙන් නො ඇලෙයි, ඔහු ‘මහාපුරුෂ’ යයි කියමි. හේ මෙ ලොව්හි තෘෂ්ණා සිබ්බනිය ඉක්මැ ගියේ යි.

තිස‍්සමෙත‍්තෙය්‍යමාණවපුච‍්ඡා නිට‍්ඨිතා.

තිස්සමෙත්තෙය්‍යමාණව පෘච්ඡා නිමි.