3. පුණ්ණකමාණව පුච්ඡා
3. පුණ්ණකමාණව පුච්ඡා
3. පූර්ණක මාණව පෘච්ඡා
3-1 අනෙජං මූලදස්සාවිං (ඉච්චායස්මා පුණ්ණකො) අත්ථි පඤ්හෙන ආගමං කිංනිස්සිතා ඉසයො මනුජා ඛත්තියා බ්රාහ්මණා දෙවතානං යඤ්ඤමකප්පයිංසු පුථු ඉධ ලොකෙ පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං.
3-1. (ආයුෂ්මත් පුණ්ණක මෙසේ විචාරයි:) තෘෂ්ණා රහිත වූ (එහෙයින්) අටලෝදහම්හි කම්පා රහිත වූ අකුශල මූලාදිය දක්නා සුලු වූ භාග්‍යවතුන් වහන්සේ කරා ප්‍රශ්නයෙන් ප්‍රයෝජන ඇත්තමෝ ආම්හ, මෙලොවැ ඍෂිහු යැ මනුෂ්‍යයෝ යැ ක්ෂත්රියයෝ යැ බ්‍රාහ්මණයෝ යැ යන බොහෝ යාග කරුවෝ කුමක් ඇසිරි කළාහු දෙවියනට දෙය ධර්මය පර්‍ය්‍යෙෂණ කෙරෙත් ද? (යාග කෙරෙත් ද?) භාග්‍යවතුන් වහන්ස, එ කරුණ මුඹ වහන්සේ පුළුවුස්මි. තෙල වදාළ මැනැවි.
3-2 යෙ කෙචි ‘මෙ ඉසයො මනුජා (පුණ්ණකා’ති භගවා) ඛත්තියා බ්රාහ්මණා දෙවතානං යඤ්ඤමකප්පයිංසු පුථු ඉධ ලොකෙ ආසිංසමානා පුණ්ණක ඉත්ථභාවං ජරංසිතා යඤ්ඤමකප්පයිංසු.
3-2. (බුදුහු මෙසේ වදාළහ: පුණ්ණකය,) මෙලොවැ මේ ඍෂීහු යැ මනුෂ්‍යයෝ යැ ක්ෂත්රියයෝ යැ බ්‍රාහ්මණයෝ යැ යන යම් බොහෝ යාගකරුවෝ දෙවියනට යාග කෙරෙත් ද, පුණ්ණකය, ඔහු ජරාව (සසරදුක) නිසා මේ මනුෂ්‍යාදිභාවය පතන්නාහු (දෙවියනට) යාග කෙරෙත්.
3-3 යෙ කෙචි ‘මෙ ඉසයො මනුජා (ඉච්චායස්මා පුණ්ණකො) ඛත්තියා බ්රාහ්මණා දෙවතානං යඤ්ඤමකප්පයිංසු පුථු ඉධ ලොකෙ කච්චිස්සු තෙ භගවා යඤ්ඤපථෙ අප්පමත්තා අතාරු ජාතිං ච ජරං ච මාරිස පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං.
3-3. (ආයුෂ්මත් පුණ්ණක මෙසේ විචාරයි:) මෙලොවැ මේ ඍෂීහු යැ මනුෂ්‍යයෝ යැ ක්ෂත්රියෝ යැ බ්‍රාහ්මණයෝ යැ යන යම් බොහෝ යාගකරුවෝ දෙවියනට යාග කෙරෙත් ද, භාග්‍යවතුන් වහන්ස, කිම ඔහු යාගයෙහි අප්‍රමත්ත වූවාහු ජාතිය ත් ජරාව ත් තරණය කළාහු ද? නිදුකාණෙනි, එය මුඹ වහන්සේ විචාරමි. භාග්‍යවතුන් වහන්ස, තෙල මට වදාළ මැනැවි.
3-4 ආසිංසන්ති ථොමයන්ති අභිජප්පන්ති ජුහන්ති (පුණ්ණකාති භගවා) කාමාභිජප්පන්ති පටිච්ච ලාභං තෙ යාජයොගා භවරාගරත්තා නාතරිංසු ජාතිජරන්ති බ්රූමි.
3-4. (බුදුහු මෙසේ වදාළහ: පුණ්ණකය, ඔහු රූප ප්‍රතිලාභාදිය) ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, (යාගාදිය) පසසති, ජල්පනය කෙරෙති, පුදති, (රූපාදි) ලාභය සඳහා පුනපුනා කාමයන් මැ (අපට වන්නේ මැනැවැ’යි) කියත්. යාගයෙහි යෙදුණු භවරාගයෙන් රැඳුණු ඔහු ජාති ජරා (ආදි සසරදුක) තරණය නො කළාහ’යි කියමි.
3-5 තෙ චෙ නාතරිංසු යාජයොගා (ඉච්චායස්මා පුණ්ණකො) යඤ්ඤෙහි ජාතිඤ්ච ජරඤ්ච මාරිස අථ කො චරහි දෙවමනුස්සලොකෙ අතාරි ජාතිං ච ජරං ච මාරිස පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං.
3-5. (ආයුෂ්මත් පුණ්ණක මෙසේ විචාරයි:) නිදුකාණෙනි, යාගයෙහි යෙදුණු ඔහු ඉදින් යාගයන් කරණ කොට ජාතියත් ජරාවත් නො තරණය කළාහු නම් නිදුකාණෙනි, එකල්හි දෙව්මිනිසුලොවැ කවරෙක් ජාතියත් ජරාවත් තරණය කෙළේ ද? එකරුණ පුළුවුස්මි. භාග්‍යවතුන් වහන්ස, තෙල මට වදාළ මැනැවි.
3-6 සඞ්ඛාය ලොකස්මිං පරොවරානි (පුණ්ණකාති භගවා) යස්සිඤ්ජිතං නත්ථි කුහිඤ්චි ලොකෙ සන්තො විධූමො අනීඝො නිරාසො අතාරි සො ජාති ජරන්ති බ්රූමි’ති.
3-6. (බුදුහු මෙසේ වදාළහ: පුණ්ණකය,) සත්ලොවැ (පරාත්මභාව ස්වාත්මභාවාදී) පරාවරයන් නුවණින් විමසා (දත්) යම් ක්‍ෂීණාස්‍රවයක්හට ලොවැ කිසි තැනෙක්හි ඉඤ්ජිතයෙක් නැද්ද, (කෙලෙස් සන්හිඳීමෙන්) ශාන්ත වූ (කායදුශ්චරිතාදී) ධූම විරහිත වූ (රාගාදි) උපද්‍රව රහිත වූ ආශා රහිත වූ ඒ ක්ෂීණාස්රව තෙම ජාති ජරා තරණය කෙළේ යයි කියමි.
පුණ්ණකමාණව පුච්ඡා-නිට්ඨිතා
පූර්ණක මාණවකපෘච්ඡා නිමි.