4. මෙත්තගූමාණව පුච්ඡා
4. මෙත්තගූමාණව පුච්ඡා
4. මෙත්තගූ මාණව පෘච්ඡා
4-1 පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං (ඉච්චායස්මා මෙත්තගූ) මඤ්ඤාමි තං වෙදගුං භාවිතත්තං කුතොනු දුක්ඛා සමුදාගතා ඉමෙ යෙ කෙචි ලොකස්මිං අනෙකරූපා.
4-1. (ආයුෂ්මත් මෙත්තගූ මෙසේ විචාරයි:) භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ විචාරමි. වදාළ මැනවි. මුඹ වහන්සේ ඥාන - වේදයාගේ පරතෙරට පැමිණි කෙනකුන් කොට වැඩූ සිත් ඇති කෙනකුන් කොට හඟිමි. ලොවැ අනේක ස්වභාව වූ යම් කිසි දුක් කෙනෙක් වෙත් ද, මේ දුඃඛයෝ කොයින් උපන්නාහු ද?
4-2 දුක්ඛස්ස වෙ මං පභවං අපුච්ඡසි (මෙත්තගූ’ති භගවා) තං තෙ පවක්ඛාමි යථා පජානං උපධිනිදානා පභවන්ති දුක්ඛා යෙ කෙචි ලොකස්මිං අනෙකරූපා.
4-2. (බුදුහු මෙසේ වදාළහ: මෙත්තගූ මාණවකය,) ජාත්‍යාදි දුකට කාරණය (තෙපි) මා විචාරව, එය ප්රත්යක්ෂ කොට දැනගත්තකු සෙයින් තොපට ප්‍රකාශ කරම්හ. ලොවැ අනෙක ස්වරූප වූ යම් දුක් කෙනෙක් ඇද්ද එ හැම දුඃඛයෝ (තෘෂ්ණාදී) උපධි හේතුයෙන් උපදනාහ.
4-3 යො වෙ අවිද්වා උපධිං කරොති පුනප්පුනං දුක්ඛමුපෙති මන්දො තස්මා පජානං උපධිං න කයිරා දුක්ඛස්ස ජාතිප්පභවානුපස්සී.
4-3. අපණ්ඩිත වූ යමෙක් (තෘෂ්ණාදි) උපධිය කෙරේ ද, අඥාන වූ හෙතෙම පුනපුනා සසර දුකට පැමිණෙයි. එහෙයින් (සංස්කාරයන් අනිත්‍යාදි විසින්) දන්නේ සසරදුක ජාතිය ප්‍රභව කොට ඇතැ’යි දක්නේ (තෘෂ්ණාදි) උපධිය නො කරන්නේ යි.
4-4 යන්තං අපුච්ඡිම්හ අකිත්තයී නො (ඉච්චායස්මා මෙත්තගූ) අඤ්ඤං තං පුච්ඡාම තදිඞ්ඝ බ්රූහි කථන්නු ධීරා විතරන්ති ඔඝං ජාති ජරං සොකපරිද්දවං ච තං මෙ මුනී සාධු වියාකරොහි තථා හි තෙ විදිතො එස ධම්මො.
4-4. (ආයුෂ්මත් මෙත්තගූ මෙසේ විචාරයි:) ඇපි යමක් විචාළමෝ ද එය මුඹ වහන්සේ අපට වදාළ සේක. අන් කරුණකුදු මුඹ වහන්සේ විචාරම්හ, එය දැන් වදාළ මැනැව, නුවණැත්තෝ (කාමාදි චතුර්විධ) ඕඝයත්, ජාති, ජරා, ශෝක, පරිදේව දුකත් කෙසේ ඉක්මවත් ද? සර්වඥ මුනිවූ මුඹ වහන්සේ අයදිමි. එය මට විසඳා වදාළ මැනැව. යම් හෙයකින් මුඹ වහන්සේ විසින් තෙල දහම (සත්ත්වයන් විසින් අවබෝධ කරන සේ පැනවීම් වශයෙන්) දන්නා ලද ද එහෙයිනි.
4-5 කිත්තයිස්සාමි තෙ ධම්මං (මෙත්තගූති භගවා) දිට්ඨෙ ධම්මෙ අනීතිහං යං විදිත්වා සතො චරං තරෙ ලොකෙ විසත්තිකං.
4-5. (බුදුහු මෙසේ වදාළහ: “මෙත්තගූ මාණවකය,) ස්මෘතිමත් වැ හැසිරෙනුයේ දක්නාලද දුඃඛාදි ධර්මයෙහි නොහොත් මෙ අත්බැව්හි මැ ආත්ම ප්රත්යක්ෂ වූ යම් දහමක් දැන ලොවැ විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව තරණය කරන්නේ නම් ඒ නිර්වාණධර්මය ද (නිර්වාණගාමිනී ප්‍රතිපද්ධර්‍මය ද) තොපට ප්‍රකාශ කරන්නෙමි”යි.
4-6 තං චාහං අභිනන්දාමි මහෙසී ධම්මමුත්තමං යං විදිත්වා සතො චරං තරෙ ලොකෙ විසත්තිකං.
4-6. මහර්ෂීන් වහන්ස, ස්මෘතිමත් වැ හැසිරෙනුයේ යම් දහමක් දැන ලොවැ විසත්තිකා (තෘෂ්ණා)ව තරණය කරන්නේ නම්, මම මුඹ වහන්සේ ගේ ඒ (ධර්මද්යොතක) වචනය ද රුස්මි, උත්තම වූ ඒ ධර්මය ද රුස්මි.
4-7 යං කිඤ්චි සම්පජානාසි (මෙත්තගූ’ති භගවා) උද්ධං අධො තිරියං චාපි මජ්ඣෙ එතෙසු නන්දිං ච නිවෙසනං ච පනුජ්ජ විඤ්ඤාණං භවෙ න තිට්ඨෙ.
4-7. (බුදුහු මෙසේ වදාළහ: මෙත්තගූ මාණවකය, අනාගතකාලාදි) උඩ ද (අතීතකාලාදි) යට ද (වර්තමාන කාලාදි) මැද සරස ද වූ යම් කිසි ධර්‍මජාතයක් තෙපි දන්නවු නම් තෙල උද්ධාදි ධර්මයෙහි තෘෂ්ණාව ද දෘෂ්ටිනිවේසනය ද අභිසංස්කාර විඥානය ද දුරු කරව, දුරු කොට (දෙවැදෑරුම්) භවයෙහි නො සිටිනේ යි.
4-8 එවංවිහාරී සතො අප්පමත්තො භික්ඛු චරං හිත්වා මමායිතානි ජාතිං ජරං සොකපරිද්දවඤ්ච ඉධෙව විද්වා පජහෙය්ය දුක්ඛං.
4-8. මෙසේ වාසය කරනසුලු ස්මෘතිමත් වූ අප්‍රමත්ත වූ මහණ තෙම මමත්වයන් හැරපියා හැසිරෙනුයේ විද්වත් වූයේ මෙ සස්නෙහි මැ නොහොත්, මෙ අත්බව්හි මැ ජාතිය ද ජරාව ද සෝක-පරිදේව දුක ද දුරැලන්නේ යි.
4-9 එතාභිනන්දාමි වචො මහෙසිනො (ඉච්චායස්මා මෙත්තගූ) සුකිත්තිතං ගොතම නූපධීකං අද්ධා හි භගවා පහාසි දුක්ඛං තථා හි තෙ විදිතො එස ධම්මො.
4-9. (ආයුෂ්මත් මෙත්තගූ මෙසේ විචාරයි:) මහර්ෂි වූ මුඹ වහන්සේ ගේ තෙල වචනය පිළිගතිමි. ගෞතමයන් වහන්ස, (මුඹ වහන්සේ විසින් නිරුපධි වූ නිර්වාණය මොනොවට ප්‍රකාශ කරනලද. යම් හෙයින් බුදුහු ඒකාන්තයෙන් වෘත්තදුඃඛය දුරැලූහු ද එහෙයින් මැ මුඹ වහන්සේ විසින් තෙල දහම දන්නාලද.
4-10 තෙ චාපි නූන පජහෙය්යු දුක්ඛං යෙ ත්වං මුනී අට්ඨිතං ඔවදෙය්ය තං තං නමස්සාමි සමෙච්ච නාග අප්පෙව මං (භගවා) අට්ඨිතං ඔවදෙය්ය.
4-10. මුනි වූ සර්වඥයන් වහන්ස, මුඹ වහන්සේ යම් කෙනකුන්ට සකසා (හැම කල්හි හෝ) ඔවා දෙන සේක් ද, ඔහුදු දුක් දුරැලන්නාහ’යි හඟිමි. බුද්ධනාගයන් වහන්ස, එහෙයින් එළඹ මුඹ වහන්සේ නමදිමි. භාග්‍යවතුන් වහන්සේ මට එක්වන් අවවාද කරන්නාහු නම් මැනැව.
4-11 යං බ්රාහ්මණං වෙදගුං ආභිජඤ්ඤා (මෙත්තගූ’ති භගවා) අකිඤ්චනං කාමභවෙ අසත්තං අද්ධා හි සො ඔඝමිමං අතාරී තිණ්ණො ච පාරං අඛිලො අකඞ්ඛො.
4-11. (බුදුහු මෙසේ වදාළහ: මෙත්තගූ මාණවකය,) තෙපි බාහිතපාපී බ්‍රාහ්මණ වූ යමක්හු මාර්ග ඥානයෙන් නිවනට පැමිණියකු කොට (රාගාදි) කිඤ්චන රහිතයකු කොට කාමයෙහි ද භවයෙහි ද නො ඇලුණාක්හු කොට දන්නවු ද, ඒකාන්තයෙන් හෙතෙම මේ (කාමාදි) චතුරෝඝය තරණය කෙළේ යැ. ඕඝතරණය කළා වූ ද (රාගාදි) ඛිල රහිත වූ (දුඃඛාදියෙහි) කාංක්ෂා රහිත වූ හෙතෙම නිර්‍වාණපාරයට ගියේ ය.
4-12 විද්වා ච යො වෙදගූ නරො ඉධ භවාභවෙ සඞ්ගමිමං විසජ්ජ සො වීතතණ්හො අනීඝො නිරාසො අතාරි සො ජාතිජරන්ති බ්රූමී ති.
4-12. තවද මෙ සස්නෙහි (ආත්මභවයෙහි හෝ) විද්වත් වූ ඥාන වේදයෙන් නිවනට පැමිණි යම් සත්ත්වයෙක් කුදුමහත් භවයෙහි මේ (රාගාදි) සඞ්ගය දුරැලා සිටියේ ද විගත තෘෂ්ණා ඇති හෙතෙම අනුපද්‍රව වූයේ ආශා රහිත වූයේ වෙයි. හෙතෙම ජාති ජරා (මරණය) තරණය කෙළේ යයි කියමි.
මෙත්තගූමාණව පුච්ඡා-නිට්ඨිතා
මෙත්තගූ මාණවක පෘච්ඡා නිමි.