16. 4
16. 4.
16. 4.
භික්ඛුනො විජිගුච්ඡතො භජතො රිත්තමාසනං, රුක්ඛමූලං සුසානං වා පබ්බතානං ගුහාසු වා.
ජාති ආදියෙන් ජුගුප්සා කරන රුක්මුල හෝ සොහොන හෝ පර්වතයන් සම්බන්ධි ගුහාවන්හි හෝ (පස්කම්ගුණයෙන්) විවික්ත (ඇඳ පුටු ආදි) ආසනය සෙවුනා මහණ හට -
භික්ඛුනො විජිගුච්ඡතොති - ‘භික්ඛුනො’ති පුථුජ්ජනකල්යාණකස්ස වා භික්ඛුනො, සෙඛස්ස වා භික්ඛුනො; විජිගුච්ඡතොති ජාතියා විජිගුච්ඡතො, ජරාය - බ්යාධිනා - මරණෙන - සොකෙහි - පරිදෙවෙහි - දුක්ඛෙහි - දොමනස්සෙහි - උපායාසෙහි විජිගුච්ඡතො, නෙරයිකෙන දුක්ඛෙන තිරච්ඡානයොනිකෙන දුක්ඛෙන පෙත්තිවිසයිකෙන දුක්ඛෙන මානුසකෙන දුක්ඛෙන ගබ්භොක්කන්තිමූලකෙන දුක්ඛෙන ජාතස්සුපනිබන්ධකෙන දුක්ඛෙන ජාතස්ස පරාධෙය්යකෙන දුක්ඛෙන අත්තූපක්කමෙන දුක්ඛෙන පරූපක්කමෙන දුක්ඛෙන දුක්ඛදුක්ඛෙන සඞ්ඛාරදුක්ඛෙන විපරිණාමදුක්ඛෙන චක්ඛුරොගෙන දුක්ඛෙන සොතරොගෙන දුක්ඛෙන ඝානරොගෙන දුක්ඛෙන ජිව්හාරොගෙන දුක්ඛෙන කායරොගෙන දුක්ඛෙන සීසරොගෙන දුක්ඛෙන කණ්ණරොගෙන දුක්ඛෙන මුඛරොගෙන දුක්ඛෙන දන්තරොගෙන දුක්ඛෙන කාසෙන සාසෙන පිනාසෙන ඩහෙන ජරෙන කුච්ඡිරොගෙන මුච්ඡාය පක්ඛන්දිකාය සූලාය විසූචිකාය කුට්ඨෙන ගණ්ඩෙන කිලාසෙන සොසෙන අපමාරෙන දද්දුයා කණ්ඩුයා කච්ඡුයා රඛසාය විතච්ඡිකාය ලොහිතෙන පිත්තෙන මධුමෙහෙන අංසාය පිළකාය භගන්දලෙන පිත්තසමුට්ඨානෙන ආබාධෙන සෙම්හසමුට්ඨානෙන ආබාධෙන වාතසමුට්ඨානෙන ආබාධෙන සන්නිපාතිකෙන ආබාධෙන උතුපරිණාමජෙන ආබාධෙන විසමපරිහාරජෙන ආබාධෙන ඔපක්කමිකෙන ආබාධෙන කම්මවිපාකජෙන ආබාධෙන සීතෙන උණ්හෙන ජිඝච්ඡාය පිපාසාය උච්චාරෙන පස්සාවෙන ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සෙන දුක්ඛෙන - මාතුමරණෙන දුක්ඛෙන පිතුමරණෙන දුක්ඛෙන භාතුමරණෙන - භගිනිමරණෙන - පුත්තමරණෙන - ධීතුමරණෙන - ඤාතිමරණෙන - භොගබ්යසනෙන - රොගබ්යසනෙන - සීලබ්යසනෙන - දිට්ඨිබ්යසනෙන දුක්ඛෙන විජිගුච්ඡතො අට්ටීයතො හරායතො ජිගුච්ඡතොති - භික්ඛුනො විජිගුච්ඡතො.
භික්ඛුනෝ විජිගුච්ඡතො - ‘භික්ඛුනෝ’ යනු පෘථග්ජනකල්‍යාණ භික්ෂුහට හෝ ශෛක්ෂ භික්ෂුහට හෝ; විජිගුච්ඡතො - ජාතියෙන් ජුගුප්සා කරන්නහුට, ජරාවෙන් - ව්‍යාධියෙන් - මරණයෙන් - ශෝකයෙන් - පරිදේවයෙන් - දුකින් - දොම්නසින් - උපායාසයෙන් ජුගුප්සා කරන්නහුට, නිරෑදුකින් - තිරිසන්යොන්හි දුකින් - ප්‍රේතවිෂයෙහි වූ දුකින් - මිනිස්ලොවැ (වධබන්ධනාදි) දුකින් - ගර්භාවක්රාන්තිමූලක දුකින් - ගර්භස්ථිතිමූලක දුකින් - ගර්භව්යුත්ථානමූලක දුකින් - උපන්නාහු පිළිජග්නා දුකින් - උපන්නහු පරා අයත් කොට ඇති දුකින් - පරොපක්‍රමයෙන් වූ දුකින් - දුඃඛදුඃඛයෙන් - සංස්කාරදුඃඛයෙන් - විපරිණාමදුඃඛයෙන් - චක්‍ෂුරෝගයෙන් වූ දුකින් - ශ්‍රොත්‍රරොගයෙන් වූ දුකින් - ඝ්‍රාණරොගයෙන් වූ දුකින් - ජිහ්වාරොගයෙන් වූ දුකින් - කායරොගයෙන් වූ දුකින් - ශීර්ෂරොගයෙන් වූ දුකින් - කර්‍ණරෝගයෙන් වූ දුකින් - මුඛරොගයෙන් වූ දුකින් - දන්තරොගයෙන් වූ දුකින් - කාසයෙන් ශ්වාසයෙන් පීනසින් දාහයෙන් ජ්වරයෙන් කුක්ෂිරොගයෙන් මුර්ඡායෙන් ලොහිතාතීසාරයෙන් ආමශූලයෙන් මහාවිරෙචනයෙන් කුෂ්ටයෙන් ගණ්ඩයෙන් කබරරොගයෙන් ක්‍ෂයරොගයෙන් අපස්මාරයෙන් දද්රෑයෙන් කණ්ඩුතියෙන් කුෂ්ටයෙන් නියහිරින් අතුල්පතුල් පැළීමෙන් රත්පිතින් මධුමෙහයෙන් අර්ශසින් පිළිකායෙන් භගන්දරායෙන් පිතින් උපදනා ආබාධයෙන් සෙමින් උපදනා ආබාධයෙන් වයින් උපදනා ආබාධයෙන් සාන්නිපාතික ආබාධයෙන් සෘතුවිපර්‍ය්‍යාසයෙන් උපදනා ආබාධයෙන් විෂමවිහරණයෙන් උපදනා ආබාධයෙන් උපක්‍රමයෙන් උපදනා ආබාධයෙන් කර්මවිපාකජ ආබාධයෙන් සිහිලෙන් උණුසුමින් සයින් පවසින් මලයෙන් මූයෙන් මැසි මදුරු වා අව් දිග්දෑපහසින් වූ දුකින්, මවගේ මරණයෙන් වූ දුකින් පියාගේ මරණයෙන් වූ දුකින් බෑයාගේ මරණයෙන් - බූනගේ මරණයෙන් - පුතා ගේ මරණයෙන් - දුව ගේ මරණයෙන් - නෑයන්ගේ විපතින් - භෝගයන් ගේ විපතින් - රොගව්‍යසනයෙන් - ශීලව්‍යසනයෙන් - දෘෂ්ටිව්‍යසනයෙන් වූ දුකින් ජුගුප්සා කරන්නහුට දුක්වන්නහුට පිළිකුල් වන්නහු නුයි ‘භික්ඛුනෝ විජිගුච්ඡතො’ යනුවේ.
භජතො රිත්තමාසනන්ති - ‘ආසනං’ වුච්චති යත්ථ නිසීදති, මඤ්චො පීඨං භිසි තට්ටිකා චම්මඛණ්ඩො තිණසන්ථාරො පණ්ණසන්ථාරො පලාසසන්ථාරො; තං ආසනං අසප්පායරූපදස්සනෙන රිත්තං විවිත්තං පවිවිත්තං; අසප්පායසද්දසවණෙන රිත්තං විවිත්තං පවිවිත්තං; අසප්පායෙහි පඤ්චහි කාමගුණෙහි රිත්තං විවිත්තං පවිවිත්තං; තං පවිවිත්තං ආසනං භජතො සම්භජතො සෙවතො නිසෙවතො සංසෙවතො පටිසෙවතොති - භජතො රිත්තමාසනං.
භජතො රිත්තමාසනං - යම් තැනෙක හිඳී නම්, ඇඳ පුටුව බිස්ස තට්ටිකාව සම්කඩ තණඇතිරිය පන්ඇතිරිය කොළඇතිරිය යන මෙය ‘ආසන’ යි කියනු ලැබේ. ඒ ආසනය අසත්ප්‍රාය ( - ඉෂ්ට) වූ රූප දැකීමෙන් තුච්ඡ යැ ශුන්‍ය යැ අතිශයින් ශුන්‍ය යි; අසත්ප්‍රාය වූ ශබ්දශ්‍රවණයෙන් රික්ත යැ විවික්ත යැ අතිශයින් විවික්ත යි; අසත්ප්‍රාය වූ පඤ්චකාමගුණයන් ගෙන් රික්ත යැ විවික්ත යැ ප්‍රවිවික්ත යි. ඒ අතිශයින් විවික්ත (-වෙන්) වූ ආසනය භජනය කරන්නහුට මැනැවින් භජනය කරන්නහුට සෙවුනහුට වෙසෙසින් සෙවුනහුට පුනපුනා සෙවුනහුට එළැඹ සෙවුනහුට නුයි ‘භජතො රිත්තමාසනං’ යනු වේ.
රුක්ඛමූලං සුසානං වාති - රුක්ඛමූලං යෙව රුක්ඛමූලං; සුසානං යෙව ‘සුසාන’න්ති - රුක්ඛමූලං සුසානං වා.
රුක්ඛමූලං සුසානං වා - රුක්මුල මැ ‘රුක්ඛමූල’ යැ, සොහොන මැ ‘සුසානය’ නුයි ‘රුක්ඛමූලං සුසානං වා’ යනු වේ.
පබ්බතානං ගුහාසු වාති - පබ්බතායෙව පබ්බතා; කන්දරායෙව කන්දරා; ගිරිගුහායෙව ගිරිගුහා; පබ්බතන්තරිකායො වුච්චන්ති පබ්බතපබ්භාරාති පබ්බතානං ගුහාසු වා.
පබ්බතානං ගුහාසු වා - පර්වතයෝ මැ, ‘පබ්බත’ යැ, කඳුරැලි මැ ‘කන්දර’ යැ, ගල්ගුහා මැ ‘ගිරිගුහා’ යැ, පර්වතකුක්ෂීහු ‘පබ්බතන්තරිකා’ යී කියනු ලැබෙත් නුයි ‘පබ්බතානං ගුහාසු වා’ යනු වේ.
තෙනාහ ථෙරො සාරිපුත්තො:
එයින් වදාළහ ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ:
“භික්ඛුනො විජිගුච්ඡතො භජතො රිත්තමාසනං, රුක්ඛමූලං සුසානං වා පබ්බතානං ගුහාසු වා”ති.
“භික්ඛුනෝ විජිගුච්ඡතො -පෙ- පබ්බතානං ගුහාසු වා” යී.