16. 3
16. 3.
16. 3.
තං බුද්ධං අසිතං තාදිං අකුහං ගණිමාගතං, බහුන්නමිධ බද්ධානං අත්ථි පඤ්හෙන ආගමං.
මෙහි (-මේ ශාසනයෙහි) ක්ෂත්රියාදි බොහෝ ශිෂ්‍යයන් අතුරෙන් අර්ත්‍ථි වූ මම තෘෂ්ණා - දෘෂ්ටිනිඃශ්‍රය රහිත වූ ලාභාදියෙහි තාදී වූ කුහනවස්තු රහිත වූ ගණාචාර්‍ය්‍ය වූ සකස්පුරයට පැමිණි ඒ බුදුන් කරා ප්රශ්නහෙතුයෙන් පැමිණියෙමි.
තං බුද්ධං අසිතං තාදින්ති - ‘බුද්ධො’ති යො සො භගවා සයම්භූ අනාචරියකො පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු සාමං සච්චානි අභිසම්බුජ්ඣි. තත්ථ ච සබ්බඤ්ඤුතං පාපුණි. බලෙසු ච වසීභාවං පාපුණි. ‘බුද්ධොති’ කෙනට්ඨෙන බුද්ධො? බුජ්ඣිතා සච්චානීති බුද්ධො. බොධෙතා පජායාති බුද්ධො. සබ්බඤ්ඤුතාය බුද්ධො. සබ්බදස්සාවිතාය බුද්ධො. අනඤ්ඤනෙය්යතාය බුද්ධො. විසවිතාය බුද්ධො. ඛීණාසවසඞ්ඛාතෙන බුද්ධො. නිරුපක්කිලෙසසඞ්ඛාතෙන බුද්ධො. එකන්තවීතරාගොති බුද්ධො. එකන්තවීතදොසොති බුද්ධො. එකන්තවීතමොහොති බුද්ධො. එකන්තනික්කිලෙසොති බුද්ධො. එකායනමග්ගං ගතොති බුද්ධො. එකො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති බුද්ධො. අබුද්ධිවිහතත්තා බුද්දිපටිලාභා බුද්ධො. ‘බුද්ධො’ති නෙතං නාමං මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත්තාමච්චෙහි කතං, න ඤාතිසාලොහිතෙහි කතං, න සමණබ්රාහ්මණෙහි කතං, න දෙවතාහි කතං. විමොක්ඛන්තිකමෙතං බුද්ධානං භගවන්තානං බොධියා මූලෙ සහ සබ්බඤ්ඤුතඤාණස්ස පටිලාභා සච්ඡිකාපඤ්ඤත්ති යදිදං බුද්ධොති - තං බුද්ධං.
තං බුද්ධං අසිතං තාදිං - ‘බුද්ධ’ නම්: යම් ඒ භාග්‍යවත් කෙනෙක් තුමූ මැ සර්වඥ වූවාහු ආචාර්‍ය්‍යයකු රහිත වැ පෙර නො ඇසූවිරූ දහම් විෂයෙහි තුමූ මැ සිවුසස් අවබෝධ කළාහු ද, ඒ සත්‍යයන්හි දු සර්වඥ බවට පැමිණියාහු ද, බලයන්හි දු වශී බවට පැමිණියාහු ද, (ඔහු යැ) බුද්ධ යනු. කවර අර්‍තථයෙකින් ‘බුද්ධ’ නම් වී ද යත්? සිවුසස් අවබෝධ කෙළේ නුයි ‘බුද්ධ’ යැ, ප්‍රජාවට අවබෝධ කරවනුයේ නුයි ‘බුද්ධ’ යැ, සර්වඥ බැවින් ‘බුද්ධ’ යැ, සියල්ල දක්නා හෙයින් ‘බුද්ධ’ යැ, අනෙකක්හු විසින් අවබෝධ නො කැරැවිය යුතු හෙයින් ‘බුද්ධ’ යැ, විවිධගුණ පහළ කරන හෙයින් ‘බුද්ධ’ යැ, ක්ෂීණාස්රව සඞ්ඛ්‍යාවෙන් ‘බුද්ධ’ යැ, නිරුපක්ලේශ සඞ්ඛ්‍යාවෙන් ‘බුද්ධ’ යැ, ඒකාන්තයෙන් වීතරාග නුයි ‘බුද්ධ’ යැ, ඒකාන්තයෙන් වීතද්වේෂ නුයි ‘බුද්ධ’ යැ, ඒකාන්තයෙන් වීතමෝහ නුයි ‘බුද්ධ’ යැ ඒකාන්තයෙන් කෙලෙස් රහිත නුයි ‘බුද්ධ’ යැ, එකායනමාර්ගයට ගියේ නුයි ‘බුද්ධ’ යැ, එකලා වැ අනුත්තර වූ සම්‍යක්සම්බෝධිය අවබෝධ කෙළේ නුයි ‘බුද්ධ’ යැ, අබුද්ධිය නැසූ හෙයින් බුද්ධිප්‍රතිලාභය හේතු කොට ගෙන බුද්ධ යැ. ‘බුද්ධ’ යන තෙල නාමය මෑණියන් විසින් නො කරන ලද, පියාණන් විසින් නො කරන ලද, බෑයකු විසින් නො කරන ලද, බූනක විසින් නො කරන ලද, සගයහළුවන් විසින් නො කරන ලද, නෑසහලේනෑයන් විසින් නො කරන ලද, මහණබමුණන් විසින් නො කරන ලද, දෙවියන් විසින් නො කරන ලද. භාග්‍යවත් බුදුවරයනට යම් ‘බුද්ධ’ යන නාමයෙක් වේ නම්, අර්හත්ඵලයාගේ අන්තයෙහි උපන් තෙල නාමය මහබෝමැඬ දී සර්‍වඥතාඥානයාගේ ප්‍රතිලාභය සමඟ අර්හත්ඵලය ප්රත්යක්ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියකැ’ යි ‘තං බුද්ධං’ යනු වේ.
අසිතන්ති - ද්වෙ නිස්සයා: තණ්හානිස්සයො ච දිට්ඨිනිස්සයො ච. කතමො තණ්හානිස්සයො? යාවතා තණ්හාසඞ්ඛාතෙන සීමාකතං ඔධිකතං පරියන්තකතං පරිග්ගහිතං මමායිතං’ ‘ඉදං මම, එතං මම, එත්තකං මම, එත්තාවතා මම, මම රූපා සද්දා ගන්ධා රසා ඵොට්ඨබ්බා අත්ථරණා පාපුරණා දාසිදාසා අජෙළකා කුක්කුටසූකරා හත්ථිගවාස්සවළවා ඛෙත්තං වත්ථුං හිරඤ්ඤං සුවණ්ණං ගාමනිගමරාජධානියො රට්ඨඤ්ච ජනපදො ච කොසො ච කොට්ඨාගාරඤ්ච - කෙවලම්පි මහාපඨවිං තණ්හාවසෙන මමායති, යාවතා අට්ඨසතං තණ්හාවිචරිතං, අයං තණ්හානිස්සයො.
අසිතං - යනු: තෘෂ්ණානිඃශ්‍රය ද දෘෂ්ටිනිඃශ්‍රය දැ’ යි නිඃශ්‍රය දෙකෙකි. තෘෂ්ණානිඃශ්‍රය කවරැ යත්: යම්තාක් තෘෂ්ණා කොටසින් සීමා කරන ලද ද අවධි කරන ලද ද හිම් කරන ලද ද අයත් කරන ලද ද මමායන කරන ලද ද: ‘මේ මාගේ යැ, තෙල මාගේ යැ, මෙතෙක් මාගේ යැ, මාගේ රූපයෝ යැ, ශබ්දයෝ යැ ගන්ධයෝ යැ රසයෝ යැ ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ, අතුරුණු යැ පොරෝණා යැ දැසිදස්හු යැ එළුබැටළු යැ කුකුළුහූරු යැ ඇත්අස්ගවවෙළඹහු යැ, කෙත් යැ වතු යැ අමුරනැ රත්රනැ ගම්නියම්ගම්රජදහන්හු යැ රට දනව් කොටු හා කොටුගුළු ද - සියලු මැ මහපොළොව’ තෘෂ්ණාවශයෙන් මමායන කෙරෙයි, යම්තාක් අටතුරාසියක් තෘෂ්ණාවිචරිතය වේ ද, මේ තෘෂ්ණානිඃශ්‍රය යි.
කතමො දිට්ඨිනිස්සයො? වීසතිවත්ථුකා සක්කායදිට්ඨි, දසවත්ථුකා මිච්ඡාදිට්ඨි, දසවත්ථුකා අන්තග්ගාහිකා දිට්ඨි; යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරො දිට්ඨිවිසූකායිකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසඤ්ඤොජනං ගාහො පටිග්ගාහො අභිනිවෙසො පරාමාසො කුම්මග්ගො මිච්ඡාපථො මිච්ඡත්තං තිත්ථායතනං විපරියෙසගාහො විපරීතගාහො විපල්ලාසගාහො මිච්ඡාගාහො අයාථාවතස්මිං යාථාවතන්ති ගාහො, යාවතා ද්වාසට්ඨි දිට්ඨිගතානි, අයං දිට්ඨිනිස්සයො.
දෘෂ්ටිනිඃශ්‍රය කවරැ යත්: විංශතිවස්තුක සත්කායදෘෂ්ටි යැ, දශවස්තුක මිත්‍ථ්‍යාදෘෂ්ටි යැ, දශවස්තුක අන්තග්රාහිකාදෘෂ්ටි යැ, යන මෙබඳු වූ යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටි නමැති ගහනයෙක් දෘෂ්ටි නමැති කාන්තාරයෙක් දෘෂ්ටි නමැති විසූකායිකයෙක් ( -විලොමදෘෂ්ටියක්) දෘෂ්ටිචලනයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් දැඩිව ගැනීමෙක් පිහිටා ගැනීමෙක් (නිත්‍යාදිවශයෙන්) අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුත්සිතමාර්‍ගයෙක් අයථාමාර්ගයෙක් මිත්ථ්යාස්වභාවයෙක් තීර්තථායතනයෙක් විපර්‍ය්‍යාසයෙන් ගැනීමෙක් අස්වභාවයෙන් ගැනීමෙක් පරිවර්තන කොට ගැනීමෙක් මිත්ථ්යාග්රාහයෙක් අස්වභාවයෙහි ‘ස්වභාවයැ’ යි ගැනීමෙක් වේ ද, යම්තාක් ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ වෙත් ද, මේ දෘෂ්ටිනිඃශ්‍රය යි.
බුද්ධස්ස භගවතො තණ්හානිස්සයො පහීනො; දිට්ඨිනිස්සයො පටිනිස්සට්ඨො; තණ්හානිස්සයස්ස පහීනත්තා දිට්ඨිනිස්සයස්ස පටිනිස්සට්ඨත්තා භගවා චක්ඛුං අසිතො, සොතං - ඝානං - ජිව්හං - කායං - මනං - අසිතො, රූපෙ සද්දෙ ගන්ධෙ රසෙ ඵොට්ඨබ්බෙ කුලං ගණං ආවාසං ලාභං යසං පස්සං සුඛං චීවරං පිණ්ඩපාතං සෙනාසනං ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං කාමධාතුං රූපධාතුං අරූපධාතුං කාමභවං රූපභවං අරූපභවං සඤ්ඤාභවං අසඤ්ඤාභවං නෙවසඤ්ඤානාසඤ්ඤාභවං එකවොකාරභවං චතුවොකාරභවං පඤ්චවොකාරභවං අතීතං අනාගතං පච්චුප්පන්නං දිට්ඨසුතමුතවිඤ්ඤාතබ්බෙ ධම්මෙ අසිතො අනිස්සිතො අනල්ලීනො අනුපගතො අනජ්ඣොසිතො අනධිමුත්තො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරතී’ති - තං බුද්ධං අසිතං.
භාග්‍යවත් බුදුන් විසින් තෘෂ්ණානිඃශ්‍රය ප්‍රහීණ කරන ලද, දෘෂ්ටිනිඃශ්‍රය දුරු කරන ලද; තෘෂ්ණානිඃශ්‍රය ප්‍රහීණ කළ බැවින් දෘෂ්ටිනිඃශ්‍රය දුරැලූ බැවින් බුදුහු ඇස අශ්‍රිතයහ ( -ඇසිරි නො කළහ,) කන - නැහැය - දිව - කය - මනස අශ්‍රිතයහ, රූප - ශබ්ද - ගන්ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයන් - කුලය - ගණයා - ආවාසය - ලාභය - යශස - ප්‍රශංසාව - සුඛය - චීවර - පිණ්ඩපාත - ශයනාසන - ග්ලානප්රත්යයභෛෂජ්යපරිෂ්කාර - කාමධාතුව රූපධාතුව අරූපධාතුව කාමභවය රූපභවය අරූපභවය සංඥාභවය අසංඥාභවය නෛවසංඥානාසංඥාභවය එකවෝකාරභවය චතුවෝකාරභවය පඤ්චවෝකාරභවය අතීතය අනාගතය වර්තමානය - දෘෂ්ටශ්‍රැතමුත විඥාතව්‍යධර්‍මයන්හි අශ්‍රිතයහ, අනිඃශ්‍රිතයහ, නො ඇලුණාහ, නො පැමිණියහ, නො මැඩුණාහ, නො බැසගත්හ. බැහැර වූවාහු නික්මගියාහු වෙසෙසින් මිදුණාහු විසංයුක්ත වූවාහු විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වෙසෙත් නුයි ‘තං බුද්ධං අසිතං’ යනු වේ.
තාදින්ති - භගවා පඤ්චහාකාරෙහි තාදී: ඉට්ඨානිට්ඨෙ තාදී, චත්තාවීති තාදී, තිණ්ණාවී’ති තාදී, මුත්තාවීති තාදී, තන්නිද්දෙසා තාදී.
තාදිං - යනු: බුදුහු පස් අයුරෙකින් තාදීහ: ඉෂ්ටානිෂ්ටයෙහි තාදීහ, කෙලෙස් දුරුකළාහු නුයි තාදීහ, සසර තරණය කළාහු නුයි තාදීහ, රාගාදියෙන් මිදුණාහු නුයි තාදීහ, ශීලාදියෙන් නිර්දේශ කොට කියයුතු හෙයින් තාදීහ.
කථං භගවා ඉට්ඨානිට්ඨෙ තාදී? භගවා ලාභෙපි තාදී, අලාභෙපි තාදී, යසෙපි තාදී, අයසෙපි තාදී, පසංසායපි තාදී, නින්දායපි තාදී, සුඛෙපි තාදී දුක්ඛෙපි තාදී, එකං චෙ බාහං ගන්ධෙන ලිම්පෙය්යුං, එකං චෙ බාහං වාසියා තච්ඡෙය්යුං, අමුස්මිං නත්ථි රාගො, අමුස්මිං නත්ථි පටිඝං. අනුනයපටිඝවිප්පහීනො උග්ඝාතිනිඝාති වීතිවත්තො අනුරොධවිරොධං සමතික්කන්තො. එවං භගවා ඉට්ඨානිට්ඨෙ තාදී.
කිසෙයින් බුදුහු ඉෂ්ටානිෂ්ටයෙහි තාදී වූහ යත්: බුදුහු ලාභයෙහි දු තාදී වූහ, අලාභයෙහි දු - යශස්හි දු - අයශස්හි දු - ප්‍රශංසායෙහි දු - නින්දායෙහි දු - සුඛයෙහි දු - දුඃඛයෙහි දු තාදී (-සදෘශ) වූහ. ඉදින් එක් බාහුවක් සුවඳින් ගල්වන්නාහු නම්, ඉදින් එක් බාහුවක් වෑයෙන් සස්නාහු නම්, අර සුවඳ ගල්වන්නහු කෙරෙහි ස්නේහයෙක් නැත, අර වෑයෙන් සස්නහු කෙරෙහි කොපයකු ත් නැත; ස්නේහය හා කෝපය දුරු කළහ, අනුග්‍රහ නිග්‍රහ ඉක්මවූහ, ස්නෙහකොප වෙසෙසින් ඉක්මවූහ. මෙසේ බුදුහු ඉෂ්ටානිෂ්ට ආලම්බනයෙහි තාදී (-සමාන) වූ සේක.
කථං භගවා චත්තාවීති තාදී? භගවතො රාගො චත්තො වන්තො මුත්තො පහීනො පටිනිස්සට්ඨො, දොසො - මොහො - කොධො - උපනාහො - මක්ඛො - පළාසො - ඉස්සා මච්ඡරියං - මායා - සාඨෙය්යං - ථම්භො - සාරම්භො - මානො - අතිමානො - මදො - පමාදො - සබ්බෙ කිලෙසා - සබ්බෙ දුච්චරිතා - සබ්බෙ දරථා - සබ්බෙ පරිළාහා - සබ්බෙ සන්තාපා -සබ්බාකුසලාභිසඞ්ඛාරා චත්තා වන්තා මුත්තා පහීනා පටිනිස්සට්ඨා, එවං භගවා ‘චත්තාවී’ති තාදී.
කිසෙයින් බුදුහු ත්යක්තවත් නුයි තාදී වූහ යත්: භාග්‍යවත්හු විසින් රාගය ත්‍යක්ත යැ වාන්ත යැ මුක්ත යැ ප්‍රහීණ කරන ලද, දුරලන ලද්දේ ය, ද්වේෂය - මෝහය - ක්‍රෝධය - බද්ධවරය - මකුබව - යුගග්‍රාහය - ඊර්ෂ්‍යාව - මාත්සර්‍ය්‍යය - මායාව - ශඨබව - තදබව - කරණුත්තරියකරණය - මානය - අතිමානය - මදය - ප්‍රමාදය - සියලු ක්ලේශයෝ - සියලු දුශ්චරිතයෝ - සියලු දරථයෝ - සියලු පරිදාහයෝ - සියලු සන්තාපයෝ - සියලු අකුශලාභිසංස්කාරයෝ හරන ලද්දාහු ය, වමනය කරන ලද්දාහු ය, මුදන ලද්දාහු ය, ප්‍රහීණ කරන ලද්දාහු ය, හාත්පසින් දුරලන ලද්දාහු යි. මෙසේ බුදුහු ත්යක්තවත් ( -කෙලෙස් දුරුකළාහු) නුයි තාදී වූ සේක.
කථං භගවා තිණ්ණාවීති තාදී? භගවා කාමොඝං තිණ්ණො භවොඝං තිණ්ණො දිට්ඨොඝං තිණ්ණො අවිජ්ජොඝං තිණ්ණො, සබ්බං සංසාරපථං තිණ්ණො, උත්තිණ්ණො නිත්තිණ්ණො අතික්කන්තො සමතික්කන්තො වීතිවත්තො. සො වුත්ථවාසො චිණ්ණචරණො ගතද්ධො ගතදිසො ගතකොටිකො පාලිතබ්රහ්මචරියො උත්තමදිට්ඨිප්පත්තො භාවිතමග්ගො පහීනකිලෙසො පටිවිද්ධාකුප්පො සච්ඡිකතනිරොධො.
කිසෙයින් බුදුහු තීර්ණවත් නුයි තාදී වූහ යත්: බුදුහු කාමෝඝය තරණය කළහ, භවොඝය තරණය කළහ, දිට්ඨොඝය තරණය කළහ, අවිජ්ජෝඝය තරණය කළහ, සියලු සසරමඟ තරණය කළහ, උත්තීර්ණ වූහ, නිස්තීර්ණ වූහ, ඉක්මවූහ, මැනැවින් ඉක්මවූහ, වෙසෙසින් ඉක්මවූහ. ඒ බුදුහු වුසූ මඟබඹසර ඇතියහ, පසළොස් චරණධර්මයෙහි චීර්ණවශී වූහ, ඉක්මවූ සසරමඟ ඇතියහ, නිවන්දෙසට ගියහ, නිවන්කෙළ පැමිණියහ, රැකි බඹසර ඇතියහ, උත්තම සම්‍යග්දෘෂ්ටියට පැමිණියහ, වැඩූ මාර්ග ඇතියහ, පුහුන් කෙලෙස් ඇතියහ, පිළිවිදි රහත්පල ඇතියහ, පසක්කළ නිවන ඇතියහ.
දුක්ඛං තස්ස පරිඤ්ඤාතං, සමුදයො පහීනො, මග්ගො භාවිතො, නිරොධො සච්ඡිකතො. අභිඤ්ඤෙය්යං අභිඤ්ඤාතං, පරිඤ්ඤෙය්යං පරිඤ්ඤාතං, පහාතබ්බං පහීනං, භාවෙතබ්බං භාවිතං, සච්ඡිකාතබ්බං සච්ඡිකතං. සො උක්ඛිත්තපළිඝො සංකිණ්ණපරිඛො අබ්බූළ්හෙසිකො නිරග්ගලො අරියො පන්නද්ධජො පන්නභාරො විසඤ්ඤුත්තො පඤ්චඞ්ගවිප්පහීනො ඡළඞ්ගසමන්නාගතො එකාරක්ඛො චතුරපස්සෙනො පනුන්නපච්චෙකසච්චො සමවයසට්ඨෙසනො අනාවිලසඞ්කප්පො පස්සද්ධකායසඞ්ඛාරො සුවිමුත්තචිත්තො සුවිමුත්තපඤ්ඤො කෙවලී වුසිතවා උත්තමපුරිසො පරමපුරිසො පරමප්පත්තිපත්තො. සො නෙවාචිනාති, න අපචිනාති අපචිනිත්වා ඨිතො. නෙව පජහති, න උපාදියති, පජහිත්වා ඨිතො. නෙව සංසිබ්බති, න විසිනෙති, විසිනෙත්වා ඨිතො. නෙව විධූපෙති, න සන්ධූපෙති, විධූපෙත්වා ඨිතො. අසෙඛෙන සීලක්ඛන්ධෙන සමන්නාගතත්තා ඨිතො, අසෙඛෙන සමාධික්ඛන්ධෙන සමන්නාගතත්තා ඨිතො, අසෙඛෙන පඤ්ඤාක්ඛන්ධෙන සමන්නාගතත්තා ඨිතො, අසෙඛෙන විමුත්තික්ඛන්ධෙන සමන්නාගතත්තා ඨිතො, අසෙඛෙන විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙන සමන්නාගතත්තා ඨිතො. සච්චං සම්පටිපාදියිත්වා ඨිතො, එජං සමතික්කමිත්වා ඨිතො, කිලෙසග්ගිං පරියාදියිත්වා ඨිතො, අපරිගමනතාය ඨිතො, කථං සමාදාය ඨිතො, මුත්තපටිසෙවනතාය ඨිතො, මෙත්තාය පාරිසුද්ධියා ඨිතො, කරුණාය පාරිසුද්ධියා ඨිතො, මුදිතාය පාරිසුද්ධියා ඨිතො, උපෙක්ඛාය පාරිසුද්ධියා ඨිතො, අච්චන්තපාරිසුද්ධියා ඨිතො, අතම්මයතාය පාරිසුද්ධියා ඨිතො, විමුත්තත්තා ඨිතො, සන්තුසිතත්තා ඨිතො, ඛන්ධපරියන්තෙ ඨිතො, ධාතුපරියන්තෙ ඨිතො, ආයතනපරියන්තෙ ඨිතො, ගතිපරියන්තෙ ඨිතො, උපපත්තිපරියන්තෙ ඨිතො, පටිසන්ධිපරියන්තෙ ඨිතො, භවපරියන්තෙ ඨිතො, සංසාරපරියන්තෙ ඨිතො, වට්ටපරියන්තෙ ඨිතො, අන්තිමෙ භවෙ ඨිතො, අන්තිමෙ සමුස්සයෙ ඨිතො. අන්තිමදෙහධරො භගවා.
ඔවුන් විසින් දුක පිරිසිඳින ලද, සමුදය ප්‍රහීණ කරන ලද, මාර්ගය වඩන ලද, නිරෝධය ප්රත්යක්ෂ කරන ලද; (ස්වභාවලක්‍ෂණාවබෝධයෙන්) දතයුත්ත වෙසෙසින් දැනගන්නා ලද, (සාමාන්‍යලක්‍ෂණාවබෝධයෙන්) දතයුත්ත හාත්පසින් දැනගන්නා ලද, හළයුත්ත හරනා ලද, වැඩිය යුත්ත වඩනා ලද, පසක්කළයුත්ත පසක්කරන ලද. ඒ බුදුහු නඟාපී අවිද්යාපරිඝය ඇතියහ, විසුරවාලූ (කර්මාභිසංස්කාර නමැති) පරිඛාව ඇතියහ, උදුරාපී (තෘෂ්ණා නමැති) එසිකාව ඇතියහ, (ඕරම්භාගිය සංයෝජන නමැති) අගුළු රහිතයහ, ආර්‍ය්‍ය (- පරිශුද්ධ) යහ, හෙළළූ මානධ්වජ ඇතියහ, බහාතැබූ (ස්කන්ධාදි) බර ඇතියහ, සතර යෝගයෙන් විසංයුක්තයහ, (කාමච්ඡන්දාදි) පසඟ උපායෙන් ප්‍රහීණ කළහ, ෂඩඞ්ගොපෙක්ෂාවෙන් සමන්විතයහ, ස්මෘති සඞ්ඛ්‍යාත උත්තම ආරක්ෂා ඇතියහ, (පටිසෙවනාදි) චතුර්විධ අපාශ්‍රය ඇතියහ, ප්‍රහීණ කළ ප්‍රත්‍යෙකසත්‍ය ඇතියහ, මැනැවින් දුරුකළ සියලු ඒසනා ඇතියහ, නො කැලැඹුණු සඞ්කල්ප ඇතියහ, දුරැලූ කායසංස්කාර ඇතියහ, මොනොවට මිදුණු සිත් ඇතියහ, මොනොවට මිදුණු ප්‍රඥා ඇතියහ, පරිපූර්‍ණයහ, වුසූ බඹසරවස් ඇතියහ, උත්තමපුරුෂයහ, පරමපුරුෂයහ, පරමප්‍රාප්තියට පැමිණියහ. ඒ බුදුහු (කුශලාකුශලවිපාකය) නො මැ රැස් කෙරෙති, නො වනසති, (කෙලෙස්) වනසා සිටියහ; (ප්රහාතව්යයක් නැති හෙයින්) නො මැ දුරු කෙරෙති, (තෘෂ්ණාදි විසින්) දැඩි වැ නො ගනිති, දුරලා සිටියහ; (තෘෂ්ණාවශයෙන්) නො මැ සීවනය කෙරෙති, (මානවශයෙන්) උත්කංසනය නො කෙරෙති, විගතබන්ධන වැ සිටියහ; (කෙලෙස්ගිනි) නො මැ නිවති, නො දල්වති, නිවා සිටියහ; අශෛක්ෂ වූ ශීලස්කන්ධයෙන් සමන්විත වන බැවින් (නො පිරිහී) සිටියහ, අශෛක්ෂ වූ සමාධිස්කන්ධයෙන් සමන්විත වන හෙයින් සිටියහ, අශෛක්ෂ වූ ප්රඥාස්කන්ධයෙන් සමන්විත වන හෙයින් සිටියහ, අශෛක්ෂ විමුක්තිස්කන්ධයෙන් සමන්විත වන හෙයින් සිටියහ, අශෛක්ෂ විමුක්තිඥානදර්ශනස්කන්ධයෙන් සමන්විත වන හෙයින් සිටියහ, චතුරාර්‍ය්‍යසත්‍යය (සිය සතන්හි) සම්පාදනය කොට සිටියහ, තෘෂ්ණාව ඉක්මවා සිටියහ, කෙලෙස්ගිනි ගෙවා සිටියහ, සසර යළි නො යන බැවින් සිටියහ, (නයග්රාහික) කථාව ගෙන සිටියහ, (කෙලෙසුන් කෙරෙන්) මිදුණු පලසමවත් සෙවුණා බැවින් සිටියහ, මෛත්රීපාරිශුද්ධියෙහි සිටියහ, කරුණාපාරිශුද්ධියෙහි සිටියහ, මුදිතාපාරිශුද්ධියෙහි සිටියහ, උපෙක්ෂාපාරිශුද්ධියෙහි සිටියහ. අත්යන්තපාරිශුද්ධියෙහි සිටියහ, තෘෂ්ණාදි අතම්මයභාවයෙන් පාරිශුද්ධියෙහි සිටියහ, කෙලෙසුන් කෙරෙන් මිදුණු බැවින් සිටියහ, (යථාලාභාදියෙන්) සන්තුෂ්ට වන බැවින් සිටියහ, ස්කන්ධයන්ගේ පර්‍ය්‍යන්තයෙහි සිටියහ, ධාතුපර්‍ය්‍යන්තයෙහි සිටියහ, ආයතනපර්‍ය්‍යන්තයෙහි සිටියහ, ගතිපර්‍ය්‍යන්තයෙහි සිටියහ, උත්පත්තිපර්‍ය්‍යන්තයෙහි සිටියහ, ප්රතිසන්ධිපර්ය්යන්තයෙහි සිටියහ, භවපර්ය්යන්තයෙහි සිටියහ, සංසාරපර්‍ය්‍යන්තයෙහි සිටියහ, වෘත්තපර්‍ය්‍යන්තයෙහි සිටියහ, අන්තිමභවයෙහි සිටියහ, අන්තිමශරීරයෙහි සිටියහ, බුදුහු අන්තිමදේහය ධරන සේක.
1. “තස්සා’යං පච්ඡිමකොටි චරිමො’යං සමුස්සයො, ජාතිමරණසංසාරො නත්ථි තස්ස පුනබ්භවො”ති.
1 “මේ ඒ භාග්‍යවත්හුගේ පශ්චිම කෙළවර යැ. මේ අවසාන ශරීරය වෙයි, උන් වහන්සේට ජාතිය මරණය හා පුනර්භව සඞ්ඛ්‍යාත සංසාරප්‍රවෘත්තිය ද නැතැ” යි.
එවං භගවා තිණ්ණාවීති තාදී.
මෙසේ බුදුහු තීර්ණවූහු නුයි ‘තාදී’ වූ සේක.
කථං භගවා මුත්තාවීති තාදී? භගවතො රාගා චිත්තං මුත්තං විමුත්තං සුවිමුත්තං; දොසා චිත්තං - මොහා චිත්තං - කොධා - උපනාහා - මක්ඛා - පළාසා - ඉස්සාය - මච්ඡරියා - මායාය - සාඨෙය්යා - ථම්භා - සාරම්භා - මානා - අතිමානා - මදා - පමාදා - සබ්බකිලෙසෙහි - සබ්බදුච්චරිතෙහි - සබ්බදරථෙහි - සබ්බපරිළාහෙහි - සබ්බසන්තාපෙහි - සබ්බාකුසලාභිසඞ්ඛාරෙහි චිත්තං මුත්තං විමුත්තං සුවිමුත්තං. එවං භගවා මුත්තාවීති තාදී.
කිසෙයින් බුදුහු මුක්තවූහු නුයි ‘තාදී’ වූහ යත්: භාග්‍යවත්හුගේ සිත රාගයෙන් මුක්ත යැ විමුක්ත යැ සුවිමුක්ත යි, ද්වේෂයෙන් - මෝහයෙන් - ක්‍රෝධයෙන් - බද්ධවෛරයෙන් - මකු බැවින් - යුගග්‍රාහයෙන් - ඊර්ෂ්යායෙන් - මාත්සර්ය්යයෙන් - මායාවෙන් - ශාඨ්යයයෙන් - ස්තම්භයෙන් - සාරම්භයෙන් - මානයෙන් - අතිමානයෙන් - මදයෙන් - ප්‍රමාදයෙන් - සියලු කෙලෙසුන් ගෙන් - සියලු දුශ්චරිතයන් ගෙන් - සියලු දරථයන් ගෙන් - සියලු පරිදාහයන් ගෙන් - සියලු සන්තාපයන් ගෙන් - සියලු අකුශලාභිසංස්කාරයන් ගෙන් සිත මුක්ත යැ, විමුක්ත යැ, සුවිමුක්ත යි. මෙසේ බුදුහු මුක්තවත් නුයි - ‘තාදී’ වූ සේක.
කථං භගවා තන්නිද්දෙසා තාදී? භගවා සීලෙ සති සීලවාති තන්නිද්දෙසා තාදී, සද්ධාය සති සද්ධොති තන්නිද්දෙසා තාදී. විරියෙ සති විරියවාති තන්නිද්දෙසා තාදී, සතියා සති සතිමාති තන්නිද්දෙසා තාදී, සමාධිස්මිං සති සමාහිතො’ති තන්නිද්දෙසා තාදී, පඤ්ඤාය සති පඤ්ඤවාති තන්නිද්දෙසා තාදී, විජ්ජාය සති තෙවිජ්ජොති තන්නිද්දෙසා තාදී, අභිඤ්ඤාය සති ඡළභිඤ්ඤොති තන්නිද්දෙසා තාදී, දසබලෙ සති දසබලො’ති තන්නිද්දෙසා තාදී. එවං භගවා තන්නිද්දෙසා තාදී’ති - තං බුද්ධං අසිතං තාදිං.
කිසෙයින් බුදුහු තන්නිර්‍දෙශ්‍ය හෙයින් තාදී වූහ යත්: බුදුහු ශීලය ඇති කල්හි සිල්වත්හ’යි තන්නිර්‍දෙශ්‍ය හෙයින් තාදීහ, ශ්‍රද්ධාව ඇති කල්හි ශ්රද්ධාවත්හ’ යි එයින් දැක්වියයුතු හෙයින් තාදීහ, වීර්‍ය්‍යය ඇති කල්හි වීර්ය්යවත්හ’ යි එයින් දැක්වියයුතු හෙයින් තාදීහ, ස්මෘතිය ඇති කල්හි ස්මෘතිමත්හ’ යි එයින් දැක්වියයුතු හෙයින් තාදීහ, සමාධිය ඇති කල්හි සමාහිතයහ’ යි තන්නිර්‍දෙශ්‍ය හෙයින් තාදීහ, ප්‍රඥාව ඇති කල්හි ප්‍රඥාවත්හ’ යි තන්නිර්‍දෙශ්‍ය හෙයින් තාදීහ, විද්‍යාව ඇති කල්හි ත්රෛවිද්යහ’ යි තන්නිර්‍දෙශ්‍ය හෙයින් තාදීහ, අභිඥාව ඇති කල්හි ෂඩභිඥ වූහ’ යි තන්නිර්‍දෙශ්‍ය හෙයින් තාදීහ, දශබලය ඇති කල්හි දශබලධාරීහ’ යි තන්නිර්‍දෙශ්‍ය හෙයින් තාදී වූහ. මෙසේ බුදුහු තන්නිර්‍දෙශ්‍ය හෙයින් තාදී වූ සේකැයි ‘තං බුද්ධං අසිතං තාදිං’ යනු වේ.
අකුහං ගණිමාගතන්ති - ‘අකුහො’ති තීණි කුහනවත්ථූනි; පච්චයපටිසෙධනසඞ්ඛාතං කුහනවත්ථු, ඉරියාපථසඞ්ඛාතං කුහනවත්ථු, සාමන්තජප්පනසඞ්ඛාතං කුහනවත්ථු.
අකුහං ගණීමාගතං - ‘අකුහ’ නම්: කුහනවස්තු තුනෙකි: ප්රත්යයප්රතිෂෙධන සඞ්ඛ්‍යාත කුහනවස්තුව යැ, ඊර්‍ය්‍යාපථ සඞ්ඛ්‍යාත කුහනවස්තුව යැ සාමන්තජල්පන සඞ්ඛ්‍යාත කුහනවස්තුව යැයි.
කතමං පච්චයපටිසෙධනසඞ්ඛාතං කුහනවත්ථු: ඉධ ගහපතිකා භික්ඛුං නිමන්තෙන්ති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙහි. සො පාපිච්ඡො ඉච්ඡාපකතො අත්ථිකො චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං භිය්යොකම්යතං උපාදාය චීවරං පච්චක්ඛාති, පිණ්ඩපාතං පච්චක්ඛාති, සෙනාසනං පච්චක්ඛාති, ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පච්චක්ඛාති. සො එවමාහ: ‘කිං සමණස්ස මහග්ඝෙන චීවරෙන? එතං සාරුප්පං: යං සමණො සුසානා වා සඞ්කාරකූටා වා පාපණිකා වා නන්තකානි උච්චිනිත්වා සඞ්ඝාටිං කරිත්වා ධාරෙය්ය. කිං සමණස්ස මහග්ඝෙන පිණ්ඩපාතෙන? එතං සාරුප්පං: යං සමණො උඤ්ඡාචරියාය පිණ්ඩියාලොපෙන ජීවිකං කප්පෙය්ය. කිං සමණස්ස මහග්ඝෙන සෙනාසනෙන? එතං සාරුප්පං: යං සමණො රුක්ඛමූලිකො වා අස්ස අබ්භොකාසිකො වා. කිං සමණස්ස මහග්ඝෙන ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන? එතං සාරුප්පං: යං සමණො පූතිමුත්තෙන හරිතකීඛණ්ඩෙන ඔසධං කරෙය්යා’ති. තදුපාදාය ලූඛං චීවරං ධාරෙති, ලූඛං පිණ්ඩපාතං පරිභුඤ්ජති, ලූඛං සෙනාසනං පටිසෙවති, ලූඛං ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පටිසෙවති. තමෙනං ගහපතිකා එවං ජානන්ති:
ප්රත්යයප්රතිෂෙධන සඞ්ඛ්‍යාත කුහනවස්තුව කවරැ යත්: මෙහි ගෘහපතියෝ සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙසත්පිරිකරින් මහණක්හු පවරති. හෙතෙම ලාමක ආශා ඇතියේ ආශායෙන් මඩනා ලදුයේ සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙසත්පිරිකර කැමැති වූයේ වැඩියක් කැමැතිබව නිසා සිවුර ප්‍රතික්ෂේප කෙරෙයි, පිණ්ඩපාතය ප්‍රතික්ෂේප කෙරෙයි, සෙනස්න ප්‍රතික්ෂේප කෙරෙයි, ගිලන්පස බෙහෙසත් පිරිකර ප්‍රතික්ෂේප කෙරෙයි. හෙතෙම මෙසේ කියයි: මහණ හට මාහැඟි සිවුරෙන් කිම? ඉදින් මහණ තෙම සොහොනින් හෝ කසළගොඩින් හෝ අවුණුදොරින් හෝ කඩරෙදි අවුළා සඟළ කොට දරන්නේ නම්, තෙල සරුප් යැ. මහණහට මාහැඟි පිණ්ඩපාතයෙන් කිම? ඉදින් මහණ සිඟා හැසිරීමෙන් ලද පිඬුඅහරින් දිවි පවත්වන්නේ නම්, තෙල සරුප් යැ. මහණ හට මාහැඟි සෙනස්නෙන් කිම? ඉදින් මහණ රුක්ඛමූලික හෝ අබ්භෝකාසික හෝ වන්නේ නම්, තෙල සරුප් යැ. මහණ හට මාහැඟි වූ ගිලන්පස බෙහෙසත්පිරිකරින් කිම? ඉදින් මහණ පූතිමුත්‍රයෙන් අරළුකඩෙකින් බෙහෙත් කරන්නේ නම්, තෙල සරුප් යැයි. එතැන් පටන් රළු සිවුරු දරයි, රළු පිණ්ඩපාතය වළඳයි, රළු සෙනසුන් ඇසුරු කෙරෙයි, රළු වූ ගිලන්පස බෙහෙසත්පිරිකර සේවනය කෙරෙයි. ගෘහපතියෝ ඔහු මෙසේ දැනගනිති:
අයං සමණො අප්පිච්ඡො සන්තුට්ඨො පවිවිත්තො අසංසට්ඨො ආරද්ධවිරියො ධුතවාදොති භිය්යො නිමන්තෙන්ති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙහි. සො එවමාහ: “තිණ්ණං සම්මුඛීභාවා සද්ධො කුලපුත්තො බහුං පුඤ්ඤං පසවති: සද්ධාය සම්මුඛීභාවා සද්ධො කුලපුත්තො බහුං පුඤ්ඤං පසවති. දෙය්යධම්මස්ස සම්මුඛීභාවා සද්ධො කුලපුත්තො බහුං පුඤ්ඤං පසවති. දෙය්යධම්මස්ස සම්මුඛීභාවා සද්ධො කුලපුත්තො බහුං පුඤ්ඤං පසවති. දක්ඛිණෙය්යානං සම්මුඛීභාවා සද්ධො කුලපුත්තො බහුං පුඤ්ඤං පසවති. තුම්හාකඤ්චෙවායං සද්ධා අත්ථි. දෙය්යධම්මො ච සංවිජ්ජති. අහඤ්ච පටිග්ගාහකො. සචෙ අහං න පටිග්ගහෙස්සාමි, එවං තුම්හෙ පුඤ්ඤෙන පරිබාහිරා භවිස්සථ. න මය්හං ඉමිනා අත්ථො. අපි ච තුම්හාකං යෙව අනුකම්පාය පටිගණ්හාමී’ති”. තදුපාදාය බහුම්පි චීවරං පටිගණ්හාති, බහුම්පි පිණ්ඩපාතං පටිගණ්හාති, බහුම්පි සෙනාසනං පටිගණ්හාති, බහුම්පි ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පටිගණ්හාති. යා එවරූපා භාකුටිතා භාකුටියං කුහනා කුහායනා කුහිතත්තං; ඉදං පච්චයපටිසෙධන සඞ්ඛාතං කුහනවත්ථු.
‘මේ මහණ අල්පෙච්ඡ යැ සන්තුෂ්ට යැ උතුම් විවෙක ඇත්තෙකැ කුලයා හා සසඟ නැත්තෙකැ පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තෙකැ ධූතාඞ්ගගුණ කියන්නෙකැ’ යි මතුමත්තෙහි චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙසත්පිරිකරින් පවරත්. හෙතෙම මෙසේ කියයි: තිදෙනකුන්ගේ හමුවීමෙන් සැදැහැති කුලපුත් තෙම බොහෝ කුසල් රැස් කෙරෙයි: ශ්‍රද්ධාව හමුවීමෙන් (- ඇතිබැවින්) සැදැහැති කුලපුත් තෙම බොහෝ කුසල් රැස් කෙරෙයි. දේයධර්‍මය ඇතිබැවින් සැදැහැති කුලපුත් තෙම බොහෝ කුසල් රැස් කෙරෙයි. දක්ෂිණාර්හයන් ඇතිබැවින් සැදැහැති කුලපුත් තෙම බොහෝ කුසල් රැස් කෙරෙයි. තවද තොපට මැ මේ ශ්‍රද්ධාව ඇත. දේයධර්‍මය ද විද්‍යාමාන වෙයි. මම ද ප්‍රතිග්‍රාහකයෙමි. ඉදින් මම් නො පිළිගනිම් නම්, මෙසේ තෙපි පිනින් පරිබාහිර වන්නහු යැ. මට මෙයින් ප්‍රයෝජන නැත. මෙසේ තෙපි පිනින් පරිබාහිර වන්නහු යැ. මට මෙයින් ප්‍රයෝජන නැත. එහෙත් තොපට මැ අනුකම්පා සඳහා පිළිගනිමි’. එතැන් පටන් බොහෝ සිවුරු ද පිළිගනී, බොහෝ පිණ්ඩපාතය ද පිළිගනී, බොහෝ සෙනසුන් ද පිළිගනී, බොහෝ ගිලන්පස බෙහෙසත්පිරිකර ද පිළිගනී. මෙබඳු වූ යම් බැම බිඳීමෙක් බැම බිඳින බවෙක් කුහනයෙක් කොහොන් බවෙක් විස්මාපිත බවෙක් වේ ද. මේ ‘පච්චයපටිසෙධන සඞ්ඛ්‍යාත කුහනවස්තුව’ යැ.
කතමං ඉරියාපථසඞ්ඛාතං කුහනවත්ථු? ඉධෙකච්චො පාපිච්ඡො ඉච්ඡාපකතො සම්භාවනාධිප්පායො ‘එවං මං ජනො සම්භාවෙස්සතී’ති ගමනං සණ්ඨපෙති, ඨානං සණ්ඨපෙති, නිසජ්ජං සණ්ඨපෙති, සයනං සණ්ඨපෙති, පණිධාය ගච්ඡති, පණිධාය තිට්ඨති, පණිධාය නිසීදති, පණිධාය සෙය්යං කප්පෙති, සමාහිතො විය ගච්ඡති, සමාහිතො විය තිට්ඨති, සමාහිතො විය නිසීදති, සමාහිතො විය සෙය්යං කප්පෙති, ආපාථකජ්ඣායීව හොති. යා එවරූපා ඉරියාපථස්ස අට්ඨපනා ඨපනා සණ්ඨපනා භාකුටිතා භාකුටියං කුහනා කුහායනා කුහිතත්තං, ඉදං ඉරියාපථසඞ්ඛාතං කුහනවත්ථු.
ඊර්‍ය්‍යාපථ සඞ්ඛ්‍යාත කොහොන් වස්තුව කවරැ යත්: මෙහි කිසිවෙක් පාපේච්ඡ වූයේ ඉච්ඡාවෙන් මඩනා ලදුයේ බුහුමන් කැමැති වූයේ ‘ජනයා මෙසේ මට බුහුමන් කරන්නේ යැ’ යි ගමන සකස් කෙරෙයි, සිටීම - හිඳීම - ශයනය සකස් කෙරෙයි, පතාගෙන යයි, පතාගෙන සිටී, පතාගෙන හිඳී, පතාගෙන ශයනය කෙරෙයි. සමාධියට පැමිණියකු සෙයින් යෙයි, සමාහිතයකු සෙයින් හිඳී, සමාහිතයකු සෙයින් ශයනය කෙරෙයි; ජනයා හමුයෙහි ධ්‍යාන කරනුයේ මැ වෙයි. මෙබඳු වූ ඊර්ය්යාපථයාගේ යම් ආදි කොට තැබීමෙක් තබන අයුරෙක් සකස් කොට තැබීමෙක් මුහුණු හකුළුවන බවෙක් මුහුණු හකුළුවන සුලු බවෙක් විස්මාපනයෙක් විස්මාපනාකාරයෙක් විස්මාපිත බවෙක් වේ ද; මේ ඊර්ය්යාපථසඞ්ඛ්යාත කුහනවස්තුව යැ.
කතමං සාමන්තජප්පනසඞ්ඛාතං කුහනවත්ථු? ඉධෙකච්චො පාපිච්ඡො ඉච්ඡාපකතො සම්භාවනාධිප්පායො ‘එවං මං ජනො සම්භාවෙස්සතී’ති අරියධම්මසන්නිස්සිතං වාචං භාසති. යො එවරූපං චීවරං ධාරෙති, සො සමණො මහෙසක්ඛොති භණති. යො එවරූපං පත්තං ධාරෙති, ලොහථාලකං ධාරෙති, ධම්මකරකං ධාරෙති, පරිස්සාවනං ධාරෙති, කුඤ්චිකං ධාරෙති, උපාහනං ධාරෙති, කායබන්ධනං ධාරෙති, ආයොගං ධාරෙති, සො සමණො මහෙසක්ඛොති භණති. යස්ස එවරූපො උපජ්ඣායො, සො සමණො මහෙසක්ඛොති භණති. යස්ස එවරූපො ආචරියො සමානුපජ්ඣායකා - සමානාචරියකා - මිත්තා - සන්දිට්ඨා - සම්භත්තා - සහායා, සො සමණො මහෙසක්ඛොති භණති. යො එවරූපෙ විහාරෙ වසති, සො සමණො මහෙසක්ඛොති භණති. යො එවරූපෙ අඩ්ඪයොගෙ වසති - පාසාදෙ වසති - හම්මියෙ වසති - ගුහාය වසති - ලෙණෙ වසති - කුටියා වසති - කූටාගාරෙ වසති - අට්ටෙ වසති - මාළෙ වසති - උද්දණ්ඩෙ වසති - උපට්ඨානසාලාය වසති - මණ්ඩපෙ වසති - රුක්ඛමූලෙ වසති - සො සමණො මහෙසක්ඛොති භණති.
සාමන්තජල්පනසඞ්ඛ්යාත කොහොන්වන කවරැ යත්: මෙහි කිසිවෙක් පාපේච්ඡ වූයේ ඉච්ඡාවෙන් මඩනා ලදුයේ බුහුමන් කැමැති වූයේ ‘ජනයා මට මෙසේ බුහුමන් කරන්නේය’ යි ලොවුතුරුදහම් පිළිබඳ වූ වදන් බෙණෙයි: යමෙක් මෙබඳු සිවුරු ධරා නම්, ඒ මහණ මහේශාක්‍ය (මහායශස්ක) යෙකැ’ යි බෙණෙයි. යමෙක් මෙබඳු පාත්‍රයක් ධරා නම් - ලෝතලියක් ධරා නම් - දියඩබරාවක් ධරා නම් - පෙරහනක් ධරා නම් - කෙස්සක් ධරා නම් - වහන්සඟළක් ධරා නම් - කාබහනක් ධරා නම් - ආයොගපට ධරා නම්, ඒ මහණ මහත් අනුභාව ඇත්තෙකැ’ යි, බෙණෙයි. යමක් හට මෙබඳු උපාධ්‍යාය කෙනෙක් වෙත් නම්, ඒ මහණ අනුභාව ඇත්තෙකැයි බෙණෙයි, යමකුට මෙබඳු ආචාර්ය්ය කෙනෙක් වෙත් නම් - සමානොපාධ්යායයෝ - සමානාචාර්ය්යයෝ - මිත්‍රයෝ - සංදෘෂ්ටයෝ - සම්භක්තයෝ - සහායයෝ වෙත් නම්, ඒ මහණ අනුභාව ඇත්තෙකැයි බෙණෙයි, යමෙක් මෙබඳු විහාරයෙක වෙසේ නම්, ඒ මහණ අනුභාව ඇත්තෙකැ’යි බෙණෙයි, යමෙක් මෙබඳු ගුරුළුවක්ගෙයෙක වෙසේ නම් - පහයෙක වෙසේ නම් - සඳලුපහයෙක වෙසේ නම් - ගුහායෙක වෙසේ නම් - ලෙනක වෙසේ නම් - කිළියෙක වෙසේ නම් - කුළුගෙයෙක වෙසේ නම් - අටල්ලෙක වෙසේ නම් - මළියෙක වෙසේ නම් - උද්දණ්ඩයෙක වෙසේ නම් - උවටැන්හලෙක වෙසේ නම් - මඬුයෙක වෙසේ නම් - රුක්මුලෙක වෙසේ නම්, ඒ මහණ අනුභාව ඇතියෙකැයි බෙණෙයි.
අථවා කොරඤ්ජිකකොරඤ්ජිකො භාකුටිකභාකුටිකො කුහකකුහකො ලපකලපකො මුඛසම්භාවිතො - අයං සමණො ඉමාසං එවරූපානං සන්තානං විහාරසමාපත්තීනං ලාභී’ති තාදිසං ගම්භීරං ගූළ්හං නිපුණං පටිච්ඡන්නං ලොකුත්තරං සුඤ්ඤතාපටිසඤ්ඤුත්තං කථං කථෙති. යා එවරූපා භාකුටිතා භාකුටියං කුහනා කුහායනා කුහිතත්තං, ඉදං සාමන්තජප්පනසඞ්ඛාතං කුහනවත්ථු.
නොහොත් අතිශයින් හැකුළුණේ අතිශයින් මුහුණ හකුළුවනසුලු වූයේ අතිශයින් විස්මය කරවනුයේ අතිශයින් ප්‍රලාප කථා කරනුයේ තමාගේ මුඛමාත්රයෙන් ම අනුන් විසින් බුහුමන් කරන ලදුයේ ‘මේ මහණ තෙම මේ මෙබඳු වූ ශාන්ත වූ විහාරසමාපත්තිලාභී’ යයි එබඳු ගැඹුරු වූ ගූඪ වූ සියුම් වූ ප්‍රතිච්ඡන්න වූ ලෝකෝත්තර වූ ශුන්‍යතාප්‍රතිසංයුක්ත වූ කථාව කෙරෙයි. මෙබඳු වූ යම් බැමි බිඳීමෙක් කුහනයෙක් කොහොන් අයුරෙක් කොහොන්බවෙක් වේ ද, මේ සාමන්තජල්පන සඞ්ඛ්‍යාත කොහොන්වත යි.
බුද්ධස්ස භගවතො ඉමානි තීණි කුහනවත්ථූනි පහීනානි සමුච්ඡින්නානි වූපසන්තානි පටිප්පස්සද්ධානි අභබ්බුප්පත්තිකානි ඤාණග්ගිනා දඩ්ඪානි. තස්මා බුද්ධො අකුහොති - අකුහං.
භාග්‍යවත් බුදුන් විසින් මේ තුන් කොහොන්වත් ප්‍රහීණ කරන ලද්දාහු ය, සිඳින ලද්දාහු ය, සන්හිඳුවන ලද්දාහු ය, දුරලන ලද්දාහු ය, (ඔහු) උපතට නුසුදුසු වූවාහු ය, නුවණගින්නෙන් දවන ලද්දාහු ය. එහෙයින් බුදුහු අකුහනුයි ‘අකුහං’ යනු වේ.
ගණිමාගතන්ති - ‘ගණී’ති ගණී භගවා; ගණාචරියොති ගණී, ගණස්ස සත්ථාති ගණී; ගණං පරිහරතීති ගණී, ගණං ඔවදතීති ගණී, ගණං අනුසාසතීති ගණී, විසාරදො ගණං උපසංකමතීති ගණී, ගණො’ස්ස සුස්සූසති සොතං ඔදහති අඤ්ඤා චිත්තං උපට්ඨපෙතීති ගණී, ගණං අකුසලා වුට්ඨාපෙත්වා කුසලෙ පතිට්ඨාපෙතීති ගණී, භික්ඛුගණස්ස ගණී, භික්ඛුනීගණස්ස ගණී, උපාසකගණස්ස ගණී, උපාසිකාගණස්ස ගණී, රාජගණස්ස ගණී, ඛත්තියගණස්ස ගණී, බ්රාහ්මණගණස්ස ගණී, වෙස්සගණස්ස ගණී, සුද්දගණස්ස ගණී, දෙවගණස්ස ගණී, බ්රහ්මගණස්ස ගණී, සඞ්ඝී, ගණී, ගණාචරියො. ආගතන්ති ආගතං උපාගතං සමුපාගතං සම්පත්තං සඞ්කස්සනගරන්ති - අකුහං ගණිමාගතං.
ගණීමාගතං - ‘ගණී’ යනු: බුදුහු ගණී වූහ; ගණාචාර්‍ය්‍ය නුයි ගණී යැ, ගණයා හට ශාස්තෘ නුයි ‘ගණී’ යැ ගණයා පරිහරණය කෙරෙත් නුයි ‘ගණී’ යැ, ගණයා හට අවවාද කෙරෙත් නුයි ‘ගණී යැ, ගණයා හට අනුශාසනා කෙරෙත් නුයි - ‘ගණී’ යැ, විශාරද වැ ගණයා වෙත එළැඹෙත් නුයි ‘ගණී’ යැ. ගණ තෙමේ ඔවුන්ගේ බස් අසනු රිසි වෙයි, (ඇසීමට) කන නමයි, දැනගැනීමට සිත එළවා නුයි ‘ගණී’ යැ. ගණයා අකුශලයෙන් නඟා කුශලයෙහි පිහිටුවාලන සේක් නුයි ‘ගණී’ යැ, භික්ෂුගණයට ‘ගණී’ යැ, භික්ෂුණී ගණයට ගණී යැ, උපාසකගණයට ගණී යැ, උපාසිකාගණයට ගණී යැ, රාජගණයට ගණී යැ, ක්ෂත්රියගණයට ගණී යැ, බ්රාහ්මණගණයට ගණී යැ, වෛශ්යගණයට ගණී යැ, ශුද්රගණයට ගණී යැ, දෙවගණයට ගණී යැ, බ්රහ්මණගණයට ගණී වූ සේක. සමූහ ඇතියහ, ගණයා ඇතියහ, ගණාචාර්‍ය්‍ය වූහ, ආගතං යනු සකස්පුරයට ආගත උපාගත සමුපාගත සම්ප්‍රාප්ත වූවාහු නුයි ‘අකුහං ගණීමාගතං’ යනු වේ.
බහුන්නමිධ බද්ධානන්ති - ‘බහුන්න’න්ති බහුන්නං ඛත්තියානං බ්රාහ්මණානං වෙස්සානං සුද්දානං ගහට්ඨානං පබ්බජිතානං දෙවානං මනුස්සානං; බද්ධානන්ති බද්ධානං බද්ධචරානං පරිචාරකානං සිස්සානන්ති - බහුන්නමිධ බද්ධානං.
බහුන්නමිධ බද්ධානං - බොහෝ වූ ක්ෂත්රියයන් අතුරෙන් බ්‍රාහ්මණ - වෛශ්‍ය - ශුද්‍ර - ගෘහස්ථ - ප්‍රව්‍රජිත - දෙව - මනුෂ්‍යයන් අතුරෙන්; බද්ධානං - බද්ධ වූ ( -බැඳුණු) බැඳී හැසිරෙන පරිවාරක වූ ශිෂ්‍යයන් අතුරෙන් නුයි ‘බහුන්නමිධ බද්ධානං’ යනු වේ.
අත්ථි පඤ්හෙන ආගමන්ති - පඤ්හෙන අත්ථිකාම්හ ආගතා පඤ්හං පුච්ඡිතුකාමම්හ ආගතා; පඤ්හං සොතුකාමා ආගතම්හාති එවම්පි අත්ථි පඤ්හෙන ආගමං. අථවා පඤ්හත්ථිකානං පඤ්හං පුච්ඡිතුකාමානං පඤ්හං සොතුකාමානං ආගමනං අභික්කමනං උපසඞ්කමනං පයිරුපාසනං අත්ථිති එවම්පි අත්ථි පඤ්හෙන ආගගමං. අථවා පඤ්හාගමො තුය්හං අත්ථි, ත්වම්පි පහූ, ත්වමසි අලමත්ථො මයා පුච්ඡිතං කථෙතුං විස්සජ්ජෙතුං; වහස්සෙතං භාරන්ති එවම්පි - අත්ථි පඤ්හෙන ආගමං.
අත්ථි පඤ්හෙන ආගමං - ප්‍රශ්නයෙන් අර්ත්‍ථි වැ (- ප්‍රයෝජන ඇති වැ) පැමිණියම්හ, පැන පුළුවුස්නා කැමැති වැ පැමිණියම්හ, පැන අසනු කැමැති වැ පැමිණියම්හ’ යි - මෙසේ ත් ‘අත්ථි පඤ්හෙන ආගමං’ යනු වේ. නොහොත් ප්රශ්නාර්ත්ථි වූ පැන පුළුවුස්නා වූ පැන අසනු කැමැතියන්ගේ ඊම අභිමුඛයට පැමිණීම එළැඹීම පර්ය්යුපාසනය වන්නේ ය, ඇත් නුයි මෙසේත් ‘අත්ථි පඤ්හෙන ආගමං’ යනු වේ. නොහොත් ප්‍රශ්නයාගේ පැමිණීම නුඹ වහන්සේට ඇත, නුඹ වහන්සේත් ප්‍රභූ වූහු යැ, නුඹ වහන්සේ මා විසින් පුළුවුස්නා ලද්ද කියන්නට විසඳන්නට සමර්ත්ථ වූවහු ය, තෙල භාරය උසුලනු මැනැවැ’ යි ‘අත්ථි පඤ්හෙන ආගමං’ යනු වේ.
තෙනාහ ථෙරො සාරිපුත්තො:
එයින් වදාළහ ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ:
“තං බුද්ධං අසිතං තාදිං අකුහං ගණිමාගතං, බහුන්නමිධ බද්ධානං අත්ථි පඤ්හෙන ආගම”න්ති.
“තං බුද්ධං අසිතං තාදිං -පෙ- අත්ථි පඤ්හෙන ආගමං” යී.