16. 2
16. 2.
16. 2.
සදෙවකස්ස ලොකස්ස යථා දිස්සති චක්ඛුමා, සබ්බං තමං විනොදෙත්වා එකොව රතිමජ්ඣගා.
පසැස් ඇති බුදුහු සදේවක ලෝකයාට යම්සේ පැනෙන සේක් නම්, (මිනිසුන්ට ද එසේ පැනෙති) නොහොත් සදේවක ලෝකයාට අවිපරීත වැ පැනෙන සේක. එකලා වූවාහු මැ (රාගාදි) සියලු අඳුරු දුරු කොට (නෛෂ්ක්‍රම්‍යාදි) රතියට පැමිණි සේකි.
සදෙවකස්ස ලොකස්සාති - සදෙවකස්ස ලොකස්ස සමාරකස්ස සබ්රහ්මකස්ස සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සායාති - සදෙවකස්ස ලොකස්ස.
සදෙවකස්ස ලොකස්ස - දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ලොවට මහණබමුණන් සහිත වූ දෙවිමිනිසුන් සහිත වූ ප්‍රජාවට නුයි ‘සදෙවකස්ස ලොකස්ස’ යනු වේ.
යථා දිස්සති චක්ඛුමාති - යථා භගවන්තං තාවතිංසභවනෙ පාරිච්ඡත්තකමූලෙ පණ්ඩුකම්බලසිලායං නිසින්නං ධම්මං දෙසෙන්තං දෙවතා පස්සන්ති; තථා මනුස්සා පස්සන්ති; යථා මනුස්සා පස්සන්ති, තථා දෙවතා පස්සන්ති; යථා දෙවානං දිස්සති, තථා මනුස්සානං දිස්සති; යථා මනුස්සානං දිස්සති, තථා දෙවානං දිස්සතීති එවම්පි යථා දිස්සති චක්ඛුමා. යථා වා පනෙ’කෙ භොන්තො සමණබ්රාහ්මණා අදන්තා දන්තවණ්ණෙන දිස්සන්ති, අසන්තා සන්තවණ්ණෙන දිස්සන්ති, අනුපසන්තා උපසන්තවණ්ණෙන දිස්සන්ති, අනිබ්බුතා නිබ්බුතවණ්ණෙන දිස්සන්ති.
යථා දිස්සති චක්ඛුමා - තවුතිසාබවනෙහි පරසතුමුල පඬුඇඹුල් සලයෙහි වැඩහිඳ දහම් දෙසන බුදුන් දෙවියෝ යම්සේ දකිත් නම් එසෙයින් මිනිස්සු දකිති; මිනිස්සු යම්සේ දකිත් නම්, දෙවියෝ එසේ දකිත්; යම්සේ දෙවියනට පැනෙන සේක් නම්, එසේ මිනිස්නට පැනෙන සේක. යම්සේ මිනිසුන්ට පැනෙන සේක් නම්, එසෙයින් දෙවියනට පැනෙන සේක් නුයි මෙසේත් ‘යථා දිස්සති චක්ඛුමා’ යනු වේ. තවද යම්සේ ඇතැම් මහණබමුණු කෙනෙක් නො දැමුණාහු දැමුණු ලෙසින් දක්නා ලැබෙත් ද, නො සන්හිඳුණා හු සන්හුන් ලෙසින් දක්නා ලැබෙත් ද, අනුපශාන්ත වූවාහු උපශාන්ත ලෙසින් දක්නා ලැබෙත් ද, නො නිවුණාහු නිවුණු ලෙසින් දක්නා ලැබෙත් ද,
1. “පතිරූපකො මත්තිකාකුණ්ඩලොව ලොහඩ්ඪමාසොව සුවණ්ණඡන්නො, චරන්ති ලොකෙ පරිවාරඡන්නා අන්තො අසුද්ධා බහි සොභමානා”ති.
1. “ස්වර්ණප්රතිරූප වූ මැටියෙන් කළ කුණ්ඩලාභරණයක් සෙයින් ද, රනින් වැසූ ලොහොමස්සක් සෙයින් ද, ලොවැ පිරිවරින් වැසුණාහු ඇතුළත රාගාදියෙන් අශුද්ධ වූවාහු පිටත චීවරාදියෙන් ශෝභමාන වූවාහු හැසිරෙත්” යයි.
න භගවා එවං දිස්සති. භගවා භූතෙන තච්ඡෙන තථෙන යාථාවෙන අවිපරීතෙන සභාවෙන දන්තො දන්තවණ්ණෙන දිස්සති, සන්තො සන්තවණ්ණෙන දිස්සති, උපසන්තො උපසන්තවණ්ණෙන දිස්සති, නිබ්බුතො නිබ්බුතවණ්ණෙන දිස්සති; අකප්පිතඉරියාපථා ච බුද්ධා භගවන්තො පණිධිසම්පණ්ණාති එවම්පි - යථා දිස්සති චක්ඛුමා. අථවා භගවා විසුද්ධසද්දො ගතකිත්තිසද්දසිලොකො නාගභවනෙ ච සුපණ්ණභවනෙ චෙ යක්ඛභවනෙ ච අසුරභවනෙ ච ගන්ධබ්බභවනෙ ච මහාරාජභවනෙ ච ඉන්දභවනෙ ච බ්රහ්මභවනෙ ච දෙවභවනෙ ව එදිසො ච තාදිසො ච තතො ච භිය්යොති එවම්පි - යථා දිස්සති චක්ඛුමා. අථවා භගවා දසහි බලෙහි සමන්නාගතො චතූහි වෙසාරජ්ජෙහි චතූහි පටිසම්භිදාහි ඡහි අභිඤ්ඤාහි ඡහි බුද්ධධම්මෙහි තෙජෙන ච බලෙන ච ගුණෙන ච විරියෙන ච පඤ්ඤාය ච දිස්සති ඤායති පඤ්ඤායති.
බුදුහු එසේ නො දක්නා ලැබෙත්. බුදුහු විද්‍යාමාන වූ සැබෑ වූ තතු වූ යථාවත් වූ අවිපරීත වූ ස්වභාවයෙන් දැමුණාහු දැමුණු වණින් දක්නා ලැබෙති, සන්හුන් සේක් ශාන්තවර්ණයෙන් දක්නා ලැබෙති, උපශාන්ත වූ සේක් උපශාන්තවර්ණයෙන් දක්නා ලැබෙති, (ක්ලේශපරිනිර්‍වාණයෙන්) නිවුණාහු නිවුණු වණින් දක්නා ලැබෙත්. තවද භාග්‍යවත් බුදුවරයෝ අකල්පිත (- නො සැරසූ) ඉරියවු ඇත්තාහු පරිපූර්ණ ප්‍රාර්‍ත්‍ථනා ඇත්තාහු නුයි මෙසේත් ‘යථා දිස්සති චක්ඛුමා’ යනු වේ. නොහොත් බුදුහු පවිත්‍ර වූ කීර්‍තතිඝෝෂ ඇති සේක් පැතිරැගිය කීර්‍තතිඝෝෂ හා ප්‍රශංසා ඇත්තාහු නාවිමන්හි දු ගුරුළුවිමන්හි දු යක්විමන්හි දු අසුරවිමන්හි දු ගදඹවිමන්හි දු සිවුවරමුන්ගේ විමන්හි දු දෙව්රදවිමන්හි දු බඹවිමන්හි දු දෙව්විමන්හි දු එබඳු වූවාහු දු එයින් අතිරේක වූවාහු දු දක්නා ලැබෙත් නුයි මෙසේත් ‘යථා දිස්සති චක්ඛුමා’ යනු වේ. නොහොත් බුදුහු දශබලයෙන් චතුර්වෛශාරද්යයෙන් සිවුපිළිසිඹියාවෙන් ෂඩභිඥාවෙන් ෂඩ්විධ බුද්ධධර්මයෙන් ද තේජසින් ද බලයෙන් ද ගුණයෙන් ද වීර්‍ය්‍යයෙන් ද ප්‍රඥාවෙන් ද සමන්විත වූවාහු දක්නා ලැබෙති, දන්නා ලැබෙති, පැනෙන සේකි.
2. “දූරෙ සන්තො පකාසෙන්ති හිමවන්තොව පබ්බතො, අසන්තෙත්ථ න දිස්සන්ති රත්ති ඛිත්තා යථා සරා”
2. (උත්සන්න කුශලමූල ඇති) සත්පුරුෂයෝ දුර සිටියාහු නමුදු හිමවත් පර්වතය සෙයින් ප්‍රකාශ වෙති. මෙ ලොවැ (ආමිෂගරුක වූ) අසජ්ජනයෝ රෑ වීදි හී සෙයින් නො පැනෙන්නාහු යි.
එවම්පි යථා දිස්සති චක්ඛුමා. චක්ඛුමාති භගවා පඤ්චහි චක්ඛූහි චක්ඛුමා: මංසචක්ඛුනාපි චක්ඛුමා, දිබ්බචක්ඛුනාපි චක්ඛුමා, පඤ්ඤාචක්ඛුනාපි චක්ඛුමා, බුද්ධචක්ඛුනාපි චක්ඛුමා, සමන්තචක්ඛුනාපි චක්ඛුමා.
මෙසේත් ‘යථා දිස්සති චක්ඛුමා’ යනු වේ. චක්ඛුමා යනු බුදුහු පසැසකින් චක්ෂුර්මත් වූහ: මසැසිනු දු චක්ෂුර්මත්හ, දිවැසිනු දු චක්ෂුර්මත්හ, පැනැසිනු දු චක්ෂුර්මත්හ, බුදුඇසිනු දු චක්ෂුර්මත්හ, සමතැසිනු දු චක්ෂුර්මත්හු යි.
කථං භගවා මංසචක්ඛුනාපි චක්ඛුමා? මංසචක්ඛුම්හි භගවතො පඤ්ච වණ්ණා සංවිජ්ජන්ති: නීලො ච වණ්ණො පීතකො ච වණ්ණො ලොහිතකො ච වණ්ණො කණ්හො ච වණ්ණො ඔදාතො ච වණ්ණො. අක්ඛිලොමානි ච භගවතො - යත්ථ ච අක්ඛිලොමානි පතිට්ඨිතානි තං නීලං හොති සුනීලං පාසාදිකං දස්සනෙය්යං උම්මාපුප්ඵසමානං. තස්ස පරතො පීතකං හොති සුපීතකං සුවණ්ණවණ්ණං පාසාදිකං දස්සනෙය්යං කණිකාරපුප්ඵසමානං. උභතො අක්ඛිකූටානි භගවතො ලොහිතකානි හොන්ති සුලොහිතකානි, පාසාදිකානි දස්සනෙය්යානි ඉන්දගොපකසමානානි. මජ්ඣෙ කණ්හං හොති සුකණ්හං අලූඛං සිනිද්ධං පාසාදිකං දස්සනෙය්යං අද්දාරිට්ඨකසමානං. තස්ස පරතො ඔදාතං හොති සුඔදාතං සෙතං පණ්ඩරං පාසාදිකං දස්සනෙය්යං ඔසධීතාරකාසමානං. තෙන භගවා පාකතිකෙන මංසචක්ඛුනා අත්තභාවපරියාපන්නෙන පුරිමසුචරිතකම්මාභිනිබ්බත්තෙන සමන්තා යොජනං පස්සති දිවා චෙව රත්තිඤ්ච.
කිසෙයින් බුදුහු මසැසිනු දු චක්ෂුර්මත් වූහ යත්: බුදුන්ගේ මසැස්හි නිල් පැහැය ද රන්වන් පැහැය ද රත් පැහැය ද කළු පැහැය ද සුදු පැහැය ද යන පඤ්ච වර්ණයෝ විද්‍යමාන වෙති. තව ද බුදුන්ගේ අක්‍ෂිරොම වෙයි, යම් තැනෙක්හි අක්‍ෂිරොම පිහිටියේ ද එතැන දියමෙරළියමල් සුදුසු සුනිල් පිරිසුදු දැකුම්කලු නිල් පැහැ වෙයි, එ ඉක්බිති කිණිහිරිමල් සුදුසු සුකසාවන් රන්වන් පිරිසුදු දැකුම්කලු කසාවන් පැහැ වෙයි. බුදුන්ගේ දෙනෙතග රතිදුගොව් සුදුසු සුරත් පිරිසුදු දැකුම්කලු රත්පැහැ වෙයි, මැද රුක්පෙණලඇට සුදුසු ඉතා කළු මෙළෙක් සිනිඳු පිරිසිදු දැකුම්කලු කළුපැහැ වෙයි, එ ඉක්බිති දවහත්තරු සුදුසු ඉතා සුදු හෙළ පඬෙර පිරිසුදු දැකුම්කලු සුදුපැහැ වේ. බුදුහු අත්බැව් ඇසුරු කළ පෙර පින්කමින් උපන් ඒ පස්පෑ දිස්නා පියවි මසැසින් දාවල්හි දු රැයිදු හාත්පස සියක් යොදුන් දකිති.
යදා හි චතුරඞ්ගසමන්නාගතො අන්ධකාරො හොති: සුරියො ච අත්ථඞ්ගතො හොති, කාළපක්ඛො ච උපොසථො හොති, තිබ්බො ච වනසණ්ඩො හොති, මහා ච කාළමෙඝො අබ්භුට්ඨිතො හොති, එවරූපෙපි චතුරඞ්ගසමන්නාගතෙ අන්ධකාරෙ සමන්තා යොජනං පස්සති. නත්ථි සො කුඩ්ඩො වා කවාටං වා පාකාරො වා පබ්බතො වා ගච්ඡො වා ලතා වා ආවරණං රූපානං දස්සනාය, එකඤ්චෙ තිලඵලං නිමිත්තං කත්වා තිලවාහෙ පක්ඛිපෙය්ය, තඤ්ඤෙව තිලඵලං උද්ධරෙය්ය. එවං පරිසුද්ධං භගවතො පාකතිකං මංසචක්ඛු. එවං භගවා මංසචක්ඛුනාපි චක්ඛුමා.
යම් කලෙක චතුරඞ්ගසමන්‍වාගත අන්ධකාරය වේ නම්: හිරු අස්තයට ගියේත් වේ ද; කෘෂ්ණපක්‍ෂයෙහි පොහොයත් වේ ද, ගහන වූ වනලැහැබත් වේ ද, මහත් කළු වලාකුළු නැගුණේ ත් වේ ද, මෙබඳු වූ චතුරඞ්ගසමන්‍වාගත අන්ධකාරයෙහි පවා හාත්පස යොදුනක් දක්නා සේක, බිතෙක් වේවයි දොරෙක් වේවයි පවුරෙක් වේවයි ගලෙක් වේවයි ගසෙක් වේවයි වැලෙක් වේවයි රූප දැකීමට එබඳු ආවරණයෙක් නැති, ඉදින් එක් තලඇටයෙක් ලකුණු කොට තලගැළෙක බහාලන්නේ නම්, ඒ තලඇටය මැ නගාගන්නා සේක. බුදුන්ගේ පියවි මසැස මෙසේ පිරිසුදු වේ. මෙසේ බුදුහු මසැසිනුදු චක්ෂුර්මත් වූ සේක.
කථං භගවා දිබ්බෙන චක්ඛුනාපි චක්ඛුමා? භගවා දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සතෙ පස්සති චවමානෙ උප්පජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති: ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා, වචීදුච්චරිතෙන සමන්නාගතා, මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා, මිච්ඡාදිට්ඨිකා, මිච්ඡාදිට්ඨිකම්මසමාදානා; තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා, වචීසුචරිතෙන සමන්නාගතා, මනොසුචරිතෙන සමන්නාගතා, අරියානං අනුපවාදකා, සම්මාදිට්ඨිකා, සම්මාදිට්ඨිකම්මසමාදානා; තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා’ති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උප්පජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ, යථාකම්මූපගෙ සත්තෙ පජානාති. ආකඞ්ඛමානො ච භගවා එකම්පි ලොකධාතුං පස්සෙය්ය, ද්වෙපි ලොකධාතුයො පස්සෙය්ය, තිස්සොපි ලොකධාතුයො පස්සෙය්ය, චතස්සොපි ලොකධාතුයො පස්සෙය්ය, පඤ්චපි ලොකධාතුයො පස්සෙය්ය, දසපි ලොකධාතුයො පස්සෙය්ය, වීසතිම්පි ලොකධාතුයො පස්සෙය්ය, තිංසම්පි ලොකධාතුයො පස්සෙය්ය, චත්තාළීසම්පි ලොකධාතුයො පස්සෙය්ය, පඤ්ඤාසම්පි ලොකධාතුයො පස්සෙය්ය, සහස්සිම්පි චූලනිකං ලොකධාතුං පස්සෙය්ය, ද්විසහස්සිම්පි මජ්ඣිමිකං ලොකධාතුං පස්සෙය්ය, තිසහස්සිම්පි මහාසහස්සිං ලොකධාතුං පස්සෙය්ය. යාවතකං පන ආකඞ්ඛෙය්ය, තාවතකං පස්සෙය්ය. එවං පරිසුද්ධං භගවතො දිබ්බචක්ඛු. එවං භගවා දිබ්බෙන චක්ඛුනාපි චක්ඛුමා.
කිසෙයින් බුදුහු දිවැසිනු දු චක්ෂුර්මත් වූහ යත්: බුදුහු විශුද්ධ වූ මිනිසැස ඉක්මවා සිටි දිවැසින් ච්‍යුත වන්නා වූ ද උපදනා වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද අභිරූප වූ ද විරූප වූ ද සුගතියට ගියා වූ ද සත්ත්වයන් බලන සේක: ‘අහෝ මේ භවත් සත්ත්වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු, ආර්‍ය්‍යෝපවාද කළාහු, මිත්‍ථ්‍යාදෘෂ්ටි ඇත්තාහු මිත්ථ්යාදෘෂ්ටිවශයෙන් සමාදන් වූ විවිධ කර්ම ඇත්තාහු ය, ඔහු කය බිඳීමෙන් මරණින් මත්තෙහි සුව රහිත වූ දුකට ගති වූ විවස වැ පතිත වන නිරයට පැමිණියාහු ය; යළි මේ භවත් සත්ත්වයෝ කායසුචරිතයෙන් යුක්ත වූවාහු වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු මනස්සුචරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යෝපවාද නො කළාහු සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු සම්යග්දෘෂ්ටිවශයෙන් සමාදන් වූ කර්ම ඇත්තාහුය, ඔහු කාබුන් මරණින් මතු සුන්දර ගති ඇති සැපයෙන් අග්‍ර වූ ලෝකයට පැමිණියාහ’යි කම්වූ පරිද්දෙන් පැමිණි සත්ත්වයන් දැනගන්නා සේක, මෙසේ විශුද්ධ වූ මිනිසැස ඉක්මවා සිටි දිවැසින් ච්‍යුත වන්නා වූ ද උපදනා වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද අභිරූප වූ ද විරූප වූ ද සුගතියට ගියා වූ ද දුගතියට ගියා වූ ද සත්ත්වයන් බලන සේ ක, කම් වූ පරිදි පරලොව පැමිණි සත්ත්වයන් දැනගන්නා සේක. තවද බුදුහු කැමැති වන්නාහු නම්, එක් ලොකධාතුවකු දු බලන සේක, ලෝකධාතු දෙකකු දු බලන්නාහ, තුන් ලොකධාතුවකු දු බලන්නාහ, සතර ලොකධාතුවකු දු බලන්නාහ, පස් ලොකධාතුවකු දු බලන්නාහ, දස ලොකධාතුවකු දු බලන්නාහ, විසි ලොකධාතුවකු දු බලන්නාහ, තිස් ලොකධාතුවකු දු බලන්නාහ, සතලිස් ලොකධාතුවකු දු බලන්නාහ, පනස් ලොකධාතුවකු දු බලන්නාහ, සහස්‍රී චුලනීලොකධාතුව ද බලන්නාහ, ද්විසහස්‍රී මධ්‍යම ලෝකධාතුව ද බලන්නාහ, ත්‍රිසහස්‍රී මහාසහස්රීලොකධාතුව ද බලන්නාහ, තවද යම් පමණ කැමැතිවන සේක් නම්, ඒ තාක් බලන සේක, මෙසේ බුදුන් ගේ දිවැස පරිශුද්ධ වේ. මෙසේ බුදුහු දිවැසිනු දු චක්ෂුර්මත් වන සේක.
කථං භගවා පඤ්ඤාචක්ඛුනාපි චක්ඛුමා? භගවා මහාපඤ්ඤො පුථුපඤ්ඤො හාසුපඤ්ඤො ජවනපඤ්ඤො තික්ඛපඤ්ඤො නිබ්බෙධිකපඤ්ඤො පඤ්ඤාපභෙදකුසලො පභින්නඤාණො අධිගතපටිසම්භිදො චතුවෙසාරජ්ජප්පත්තො දසබලධාරී පුරිසාසභො පුරිසසීහො පුරිසනාගො පුරිසාජඤ්ඤො පුරිසධොරය්හො අනන්තඤාණො අනන්තතෙජො
කිසෙයින් බුදුහු පැනැසිනුදු චක්ෂුර්මත් වූහ යත්: බුදුහු මහත් ප්‍රඥා ඇති සේක, පතළ ප්‍රඥා ඇති සේක, ශීඝ්‍රප්‍රඥා ඇති සේක, දිවෙන ප්‍රඥා ඇති සේක, තියුණු ප්‍රඥා ඇති සේක, විනිවිද යන ප්‍රඥා ඇති සේක, ප්‍රඥා ප්‍රභෙදයෙහි නිපුණ වූහ, ප්‍රභේදයට පැමිණි ප්‍රඥා ඇත්තාහ, අධිගම කළ ප්‍රතිසංවිද් ඇති සේක, චතුර්වෛශාරද්‍යයට පැමිණි සේක, දශබලධාරීහ, පුරුෂශ්‍රේෂ්ඨයහ, පුරුෂසිංහයහ, පුරුෂනාගයහ, පුරෂාජානෙයයහ, පුරුෂධෞරෙයයහ, අනන්තඥාන ඇති සේක, අනන්ත තේජස් ඇති සේක,
අනන්තයසො අඩ්ඪො මහද්ධනො ධනවා නෙතා විනෙතා අනුනෙතා පඤ්ඤාපෙතා නිජ්ඣාපෙතා පෙක්ඛෙතා පසාදෙතා. සො හි භගවා අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතා, අසඤ්ජාතස්ස මග්ගස්ස සඤ්ජනෙතා, අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා, මග්ගඤ්ඤූ මග්ගවිදූ මග්ගකොවිදො. මග්ගානුගා ච පන එතරහි සාවකා විහරන්ති පච්ඡා සමන්නාගතා. සො හි භගවා ජානං ජානාති, පස්සං පස්සති, චක්ඛුභූතො ඤාණභූතො ධම්මභූතො බ්රහ්මභූතො, වත්තා පවත්තා අත්ථස්ස නින්නෙතා අමතස්ස දාතා ධම්මස්සාමී තථාගතො.
අනන්ත යශස් ඇති සේක, ප්‍රඥාධනයෙන් ආඪ්‍ය වූහ, මහත් වූ ප්‍රඥාධන ඇති සේක, ප්‍රඥාධනයෙන් ධනවත් සේක, (නිවනට පමුණුවන හෙයින්) නේතෘ වූහ, (වෛනෙයයන් හික්මවන හෙයින්) විනේතෘ වූහ, (සැක සිඳින හෙයින්) අනුනෙතෘ වූහ, අර්ත්ථය පනවන සේක, නිශ්චය කරවන සේක, පිළිවෙත් දක්වන සේක, ප්‍රතිපත්තිඵලයෙන් පහදවන සේක; තවද ඒ බුදුහු (සිය සතන්හි) නූපන් ආර්ය්යමාර්ගය ඉපද වූ සේක, (වෛනෙයසන්තානයෙහි) අසඤ්ජාත මාර්ගය උපදවන සේක, ප්‍රකාශ නො කළ මාර්ගය (විවරණ දීම් වශයෙන්) ප්‍රකාශ කරන සේක, ප්රත්යවේක්ෂා වශයෙන් මාර්ගය දන්නා සේක, මාර්ගය දන්නාසුලු වූහ, මාර්ගයෙහි විචක්ෂණ වූ සේක. තවද මෙ කල්හි මාර්ගය අනුව යන ශ්‍රාවකයෝ (ශීලාදි ගුණයෙන්) පසුපස යමින් වෙසෙත්. ඒ බුදුහු දතයුතු ඥේයධර්‍මය දන්නා සේක, දැක්ක යුතු ඥේය පථය නුවණැසින් දක්නා සේක, (දර්ශනපරිනායක හෙයින්) ඇසක් මෙන් වූහ, ඥානමය වූහ, ධර්මමය වූහ, ශ්‍රේෂ්ඨ වූහ, (දහම් දෙසන හෙයින්) වක්තෘ වූහ, ප්‍රවක්තෘ වූහ, (අර්ත්ථය දක්වන හෙයින්) නින්නෙතෘ වූහ, අමෘතය දෙන සේක, ධර්මස්වාමී සේක, තථාගත වූ සේක.
නත්ථි තස්ස භගවතො අඤ්ඤාතං අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය. අතීතං අනාගතං පච්චුප්පන්නං උපාදාය සබ්බෙ ධම්මා සබ්බාකාරෙන බුද්ධස්ස භගවතො ඤාණමුඛෙ ආපාථං ආගච්ඡන්ති, යං කිඤ්චි ඤෙය්යං නාම අත්ථි ජානිතබ්බං අත්තත්ථො වා පරත්ථො වා උභයත්ථො වා දිට්ඨධම්මිකො වා අත්ථො සම්පරායිකො වා අත්ථො උත්තානො වා අත්ථො ගම්භීරො වා අත්ථො ගූළ්හො වා අත්ථො පටිච්ඡන්නො වා අත්ථො නෙය්යො වා අත්ථො නීතො වා අත්ථො අනවජ්ජො වා අත්ථො නික්කිලෙසො වා අත්ථො වොදානො වා අත්ථො පරමත්ථො වා අත්ථො, සබ්බං තං අන්තො බුද්ධඤාණෙ පරිවත්තති. සබ්බං කායකම්මං බුද්ධස්ස භගවතො ඤාණානුපරිවත්ති, සබ්බං වචීකම්මං - සබ්බං මනොකම්මං බුද්ධස්ස භගවතො ඤාණානුපරිවත්ති. අතීතෙ බුද්ධස්ස භගවතො අප්පටිහතං ඤාණං, අනාගතෙ අප්පටිහතං ඤාණං, පච්චුප්පන්නෙ අප්පටිහතං ඤාණං. යාවතකං ඤෙය්යං තාවතකං ඤාණං. යාවතකං ඤාණං තාවතකං ඤෙය්යං ඤෙය්යපරියන්තිකං ඤාණං, ඤාණපරියන්තිකං ඤෙය්යං. ඤෙය්යං අතික්කමිත්වා ඤාණං නප්පවත්තති. ඤාණං අතික්කමිත්වා ඤෙය්යපථො නත්ථි. අඤ්ඤමඤ්ඤපරියන්තට්ඨායිනො තෙ ධම්මා. යථා ද්වින්නං සමුග්ගපටලානං සම්මා ඵුස්සිතානං හෙට්ඨිමං සමුග්ගපටලං උපරිමං නාතිවත්තති, උපරිමං සමුග්ගපටලං හෙට්ඨිමං නාතිවත්තති, අඤ්ඤමඤ්ඤපරියන්තට්ඨායිනො හොන්ති; එවමෙවං බුද්ධස්ස භගවතො ඤෙය්යඤ්ච ඤාණඤ්ච අඤ්ඤමඤ්ඤපරියන්තට්ඨායිනො: යාවතකං ඤෙය්යං තාවතකං ඤාණං, යාවතකං ඤාණං තාවතකං ඤෙය්යං. ඤෙය්යපරියන්තිකං ඤාණං, ඤාණපරියන්තිකං ඤෙය්යං. ඤෙය්යං අතික්කමිත්වා ඤාණං නප්පවත්තති, ඤාණං අතික්කමිත්වා ඤෙය්යපථො නත්ථි. අඤ්ඤමඤ්ඤපරියන්තට්ඨායිනො තෙ ධම්මා.
ඒ බුදුන් විසින් මඟනැණින් නොදන්නා ලද්දක් නුවණැසින් නො දක්නා ලද්දක් නුවණින් අවිදිත වූවක් ප්රත්යක්ෂ නො කරන ලද්දක් ප්‍රඥාවෙන් ස්පර්ශ නො කරන ලද්දක් නම් නැත. ඥේය නම් වූ දතයුතු යම් කිසි ධර්මයෙක් වේ නම්, අතීතානාගතප්‍රත්‍යුත්පන්නය ඇතුළු කොට (සඞ්ඛතාසඞ්ඛත වූ) සියලු ධර්මයෝ සර්වාකාරයෙන් භාග්‍යවත් බුදුන්ගේ ඥානමුඛයෙහි ආපාථයට පැමිණෙත්. ආත්මාර්‍ත්‍ථය ද පරාර්‍ත්‍ථය ද උභයාර්‍ත්‍ථය ද දෘෂ්ටධාර්මිකාර්තථය ද සාම්පරායිකාර්තථය ද උත්තාන (- ප්‍රකට) අර්ත්ථය ද ගම්භීරාර්තථය ද ගූඨාර්තථය ද ප්රතිච්ඡන්නාර්තථය ද නෙය්යාර්තථය ද නීතාර්තථය ද නිර්දොෂාර්තථය ද නික්ලෙශාර්තථය ද පරිශුද්ධාර්තථය ද පරමාර්තථය ද යන ඒ සියල්ල බුද්ධඥානය තුළ පැතිරැ පවතී. භාග්‍යවත් බුදුන්ගේ සියලු කායකර්මය ඥානය අනුව පවතී. සියලු වාක්කර්‍මය - භාග්‍යවත් බුදුන්ගේ සියලු මනඃකර්‍මය ඥානය අනුව පවතී. අතීතයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය අප්‍රතිහත ( -අනාවරණ) යැ, අනාගතයෙහි ඥානය අනාවරණ යැ, වර්තමානයෙහි ඥානය අනාවරණ යි. දතයුත්ත යම් පමණ ද, ඥානය එපමණ යැ, ඥානය යම් පමණ ද, දතයුත්ත එ පමණ යි. ඥානය ඥේය කෙළවර කොට ඇත්තේ යැ. ඥේය (-දතයුත්ත) ඥානය කෙළවර කොට ඇත්තේ යැ. ඥේය ඉක්මැ ඥානයෙක් නො පවතී, ඥානය ඉක්මැ ඥෙයපථයෙක් නැති ඒ ධර්මයෝ අන්‍යොන්‍යපර්‍ය්‍යන්තයෙහි පවත්නාසුල්ලහ. යම්සේ මනා කොට පැහැසු සුමුගුපටල දෙකක්හුගේ යට සුමුගුපටල උපරිමය නො ඉක්මවා ද, උඩ සුමුගුපටල හෙට්ඨිමය නො ඉක්මැ සිටී ද, ඔවුහු ඔවුනොවුන්ගේ පර්‍ය්‍යන්තයෙහි සිටිනාසුලු වෙත් ද; එසෙයින් මැ භාග්‍යවත් බුදුන්ගේ ඥේයයත් ඥානයත් අන්‍යොන්‍යපර්‍ය්‍යන්තයෙහි සිටිනාසුල්ලහ; යම්තාක් ඥේය ද, ඒතාක් ඥාන යැ; යම්තාක් ඥානය ද ඒතාක් ඥේය යැ; ඥානය ඥෙයපර්‍ය්‍යන්තික යැ, ඥේයය ඥානපර්‍ය්‍යන්තික යි. ඥේය ඉක්මැ ඥානයෙක් නො පවතී, ඥානය ඉක්මැ ඥෙයපථයෙක් නැති. ඒ දහම්හු අන්‍යොන්‍යපර්‍ය්‍යන්තයෙහි සිටුනාසුල්ලහ.
සබ්බධම්මෙසු බුද්ධස්ස භගවතො ඤාණං පවත්තති. සබ්බෙ ධම්මා බුද්ධස්ස භගවතො ආවජ්ජනපටිබද්ධා, ආකඞ්ඛාපටිබද්ධා, මනසිකාරපටිබද්ධා, චිත්තුප්පාදපටිබද්ධා.
සියලු දහම් විෂයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය පවත්නේ යැ, සියලු දහම්හු භාග්‍යවත් බුදුන්ගේ මනෝද්වාරාවර්ජනයට අයත්හු වෙති, රුචියට අයත්හු වෙති, මනසිකාරය ප්‍රතිබද්ධ වෙති, චිත්තෝත්පාද ප්‍රතිබද්ධ වෙත්.
සබ්බසත්තෙසු බුද්ධස්ස භගවතො ඤාණං පවත්තති. සබ්බෙ සං සත්තානං භගවා ආසයං ජානාති අනුසයං ජානාති, චරිතං ජානාති. අධිමුත්තිං ජානාති. අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ භබ්බාභබ්බෙ සත්තෙ ජානාති. සදෙවකො ලොකො සමාරකො සබ්රහ්මකො සස්සමණබ්රාහ්මණී පජා සදෙවමනුස්සා අන්තො බුද්ධඤාණෙ පරිවත්තති. යථා යෙ කෙචි මච්ඡකච්ඡපා අන්තමසො තිමිතිමිඞ්ගලං උපාදාය අන්තො මහාසමුද්දෙ පරිවත්තන්ති, එවමෙව සදෙවකො ලොකො සමාරකො සබ්රහ්මකො සස්සමණබ්රාහ්මණී පජා සදෙවමනුස්සා අන්තොබුද්ධඤාණෙ පරිවත්තති. යථා යෙ කෙචි පක්ඛී අන්තමසො ගරුළං වෙනතෙය්යං උපාදාය ආකාසස්ස පදෙසෙ පරිවත්තන්ති, එවමෙව යෙපි තෙ සාරිපුත්තසමා පඤ්ඤාය. තෙපි බුද්ධඤාණස්ස පදෙසෙ පරිවත්තන්ති බුද්ධඤ්ඤාණං දෙවමනුස්සානං පඤ්ඤං ඵරිත්වා අභිභවිත්වා තිට්ඨති. යෙපි තෙ ඛත්තියපණ්ඩිතා බ්රාහ්මණපණ්ඩිතා ගහපතිපණ්ඩිතා. සමණපණ්ඩිතා නිපුණා කතපරප්පවාදා වාලවෙධිරූපා වොභින්දන්තා මඤ්ඤෙ චරන්ති පඤ්ඤාගතෙන දිට්ඨිගතානි, තෙ පඤ්හෙ අභිසඞ්ඛරිත්වා අභිසඞ්ඛරිත්වා තථාගතං උපසඞ්කමිත්වා පුච්ඡන්ති: ගූළ්හානි ච පටිච්ඡන්නානි ච. කථිතා විස්සජ්ජිතාව තෙ පඤ්හා භගවතා හොන්ති නිද්දිට්ඨකාරණා. උපක්ඛිත්තකාව තෙ භගවතො සම්පජ්ජන්ති. අථ ඛො භගවා’ව තත්ථ අතිරොචති යදිදං පඤ්ඤායාති. එවං භගවා පඤ්ඤාචක්ඛුනාපි චක්ඛුමා.
සියලු සතුන් විෂයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය පවතී, බුදුහු සියලු සත්ත්වයන් ගේ ආශය (අදහස්) දනිති, අනුශය දනිති, චරිතය දනිති, අධිමුක්තිය දනිති, (නුවණැසෙහි) අල්ප වූ රාගාදි රජස් ඇති මහත් වූ රජස් ඇති, තියුණු (ශ්‍රද්ධාදි) ඉඳුරන් ඇති, මෘදු වූ ඉඳුරන් ඇති, සුන්දර වූ (ශ්‍රද්ධාදි) ආකාර ඇති, ගර්හිත වූ (අශ්‍රද්ධාදි) ආකාර ඇති, සුවිඥාප්‍ය වූ දුර්විඥාප්‍ය වූ භව්‍යාභව්‍ය සත්ත්වයන් දැනගන්නා සේක. මරුන් බඹුන් සහිත වූ දෙවියන් සහිත ලෝවැසි තෙම දෙවිමිනිසුන් සහිත වූ මහණ බමුණන් සහිත ප්‍රජා තොමෝ ඇතුළු බුදුනුවණෙහි පිරිවැටෙයි. තිමි - තිමිඞ්ගල පටන් කොට යම් මස්කැසුබු කෙනෙක් වෙත් නම්, ඔහු යම්සේ මහමුහුදෙහි හැසිරෙත් ද, එසෙයින් මරුන් බඹුන් සහිත සදේවක ලෝක තෙමේ මහණබමුණන් සහිත සදෙවමනුෂ්‍යප්‍රජාව ඇතුළු බුදුනුවණෙහි පවතී; යම්සේ විනතා පුත් ගුරුළු රජු පටන් කොට යම් කිසි පක්ෂි කෙනෙක් වෙත් නම්, ඔහු අහසැ පෙදෙසෙකැ හැසිරෙත් ද, එසෙයින් ම යම් කෙනෙක් නුවණින් සැරියුත් තෙරුන් සම වූවාහු නම්, ඔහු දු බුද්ධඥානයාගේ පෙදෙසෙක පවත්නාහු ය; බුද්ධඥානය දෙවිමිනිසුන් ගේ ප්‍රඥාව පැතිරැ මැඩගෙනැ සිටී. නිපුණ වූ කළ පරවාද ඇති වල් විදුනා දුනුවායන් බඳු ප්‍රසිද්ධ වූ යම් ක්ෂත්රියපණ්ඩිත කෙනෙක් බ්‍රාහ්මණපණ්ඩිත කෙනෙක් ගෘහපතිපණ්ඩිත කෙනෙක් ශ්‍රමණපණ්ඩිත කෙනෙක් ප්‍රඥාවෙන් දෘෂ්ටිගතයන් බිඳිමින් මෙන් හැසිරෙත් නම්, ඔහු ගූඪ වූ ද ප්‍රතිච්ඡන්න වූ ද, බොහෝ ප්‍රශ්න රචනා කොට බුදුන් කරා පැමිණ විචාරත්, බුදුන් විසින් ඒ ප්‍රශ්නයෝ සකාරණ වැ වදාරණ ලද්දාහු විසඳන ලද්දාහු මැ වෙත්. ඔවුහු බුදුන්ගේ ශ්‍රාවක බවට (උපාසක බවට හෝ) පැමිණියාහු මැ වෙත්. යළි බුදුහු මැ එහි ප්‍රඥාවෙන් අතිශයින් ප්‍රකාශ වෙත් නුයි මෙසේ බුදුහු පැනැසිනු දු චක්ෂුර්මත් වන සේක.
කථං භගවා බුද්ධචක්ඛුනාපි චක්ඛුමා? භගවා බුද්ධචක්ඛුනා ලොකං ඔලොකෙන්තො අද්දස සත්තෙ අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ අප්පෙකච්චෙ පරලොකවජ්ජභයදස්සාවිනො විහරන්තෙ, අප්පෙකච්චෙ න පරලොකවජ්ජභයදස්සාවිනො විහරන්තෙ. සෙය්යථාපි නාම උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරීකිනියං වා අප්පෙකච්චෙ උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි උදකානුග්ගතානි අන්තො නිමුග්ගපොසීනි, අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි සමොදකං ඨිතානි, අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි උදකා අච්චුග්ගම්ම තිට්ඨන්ති අනුපලිත්තානි උදකෙන, එවමෙවං භගවා බුද්ධචක්ඛුනා ලොකං ඔලොකෙන්තො අද්දස සත්තෙ අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ අප්පෙකච්චෙ පරලොකවජ්ජභයදස්සාවිනො විහරන්තෙ, අප්පෙකච්චෙ න පරලොකවජ්ජභයදස්සාවිනො විහරන්තෙ.
කිසෙයින් බුදුහු බුදුඇසිනු දු චක්ෂුර්මත් වූහ යත්: බුදුහු බුදුඇසින් ලොව බලන සේක් (නුවණැස්හි) අල්ප වූ (රාගාදි) කෙලෙස්රජස් ඇති මහත් වූ කෙලෙස්රජස් ඇති තියුණු වූ (ශ්‍රද්ධාදි) ඉඳුරන් ඇති මෘදු වූ ඉඳුරන් ඇති (ශ්‍රද්ධාදි) සුන්දරාකාර ඇති (අශ්‍රද්ධාදි) ගර්හිතාකාර ඇති සුවිඥාප්‍ය වූ දුර්විඥාප්‍ය වූ සත්ත්වයන් ඇතැම් කෙනකුන් පරලොව හා වද්‍යයන් භයවශයෙන් දක්නාසුලු වැ වසනුවන් ඇතැම් කෙනෙකුන් පරලොව හා වද්‍යයන් භයවශයෙන් දක්නාසුලු වැ නො වසනුවන් දුටු සේක; යම්සේ උපුල්විලෙකැ හෝ පියුම්විලෙකැ හෝ නෙළුඹුවිලෙකැ හෝ ඇතැම් උපුල් හෝ පියුම් හෝ නෙළුඹු දියෙහි හටගත්තාහු දියෙහි වැඩුණාහු දියෙන් නො නැඟුණාහු දියතුළ ගැලී පොහොනි වූවාහු ද, ඇතැම් උපුල් පියුම් හෝ නෙළුඹු දියෙහි හටගත්තාහු දියෙහි වැඩුණාහු දිය හා සම වැ සිටියාහු ද, ඇතැම් පියුම් උපුල් හෝ නෙළුඹු දියෙහි හටගත්තාහු දියෙහි වැඩුණාහු දියෙන් උඩට නැඟී දිය හා නො වැකුණාහු සිටිත් ද; එසෙයින් මැ බුදුහු බුදුඇසින් ලොව බලන සේක් අල්පරජස්ක වූ ද මහාරජස්ක වූ ද තියුණු ඉඳුරන් ඇත්තාවූ ද මෘදු ඉඳුරන් ඇත්තාවූ ද සුන්දරාකාර වූ ද ගර්හිතාකාර වූ ද සුවිඥාප්‍ය වූ ද දුර්විඥාප්‍ය වූ ද සත්ත්වයන් පරලොව හා වද්‍යයෙහි භය දක්නාසුලු වැ වසනුවන් ඇතැම් කෙනකුන් පරලෝක වද්‍යයෙහි භය දක්නාසුලු වැ නො වසනුවන් දුටු සේක;
ජානාති භගවා අයං පුග්ගලො රාගචරිතො, අයං දොසචරිතො, අයං මොහචරිතො අයං විතක්කචරිතො, අයං සද්ධාචරිතො, අයං ඤාණචරිතො’ති. රාගචරිතස්ස භගවා පුග්ගලස්ස අසුභකථං කථෙති. දොසචරිතස්ස භගවා පුග්ගලස්ස මෙත්තාභාවනං ආචික්ඛති. මොහචරිතං භගවා පුග්ගලං උද්දෙසෙ පරිපුච්ඡාය කාලෙන ධම්මසවනෙ කාලෙන ධම්මසාකච්ඡාය ගරුසංවාසෙ නිවෙසෙති. විතක්කචරිතස්ස භගවා පුග්ගලස්ස ආනාපානසතිං ආචික්ඛති. සද්ධාචරිතස්ස භගවා පුග්ගලස්ස පසාදනීයං නිමිත්තං ආචික්ඛති: බුද්ධසුබොධිං ධම්මසුධම්මතං සඞ්ඝසුප්පටිපත්තිං සීලානි ච අත්තනො. ඤාණචරිතස්ස භගවා පුග්ගලස්ස විපස්සනා නිමිත්තං ආචික්ඛති: අනිච්චාකාරං දුක්ඛාකාරං අනත්තාකාරං.
‘මේ පුද්ගල තෙමෙ රාගචරිත ඇත්තෙක, මේ තෙමේ ද්වෙෂචරිතයෙක, මේ මොහචරිතයෙක, මේ විතර්කචරිතයෙක, මේ ශ්රද්ධාචරිතයෙක, මේ ඥානචරිත ඇත්තෙකැ’ යි බුදුහු දැනගන්නා සේක. බුදුහු රාගබහුල පුද්ගලයාට අශුභකථාව වදාරන සේක. ද්වෙෂබහුල පුද්ගලයාහට බුදුහු මෛත්‍රීභාවනාව ප්‍රකාශ කරන සේක. මොහබහුල පුද්ගලයා බුදුහු (පෙළ) උදෙසීමෙහි ද (අටුවා) පිළිවිසීමෙහි ද සුදුසු කල ධර්මශ්රවණයෙහි ද කලෙක ධර්මසාකච්ඡාවෙන් ගුරුන් ඇසුරු කිරීමෙහි ද සිටුවන සේක. බුදුහු විතර්ක බහුල පුද්ගලයාහට ආනාපානස්මෘතිය පවසන සේක. ශ්රද්ධාබහුල පුද්ගලයාට බුදුහු ප්‍රසාද උපදවන (චුල්ලවෙදල්ලාදි) සූත්‍රයක් ද බුදුන්ගේ බුද්ධත්වප්රතිවෙධය ද ධර්මය ස්වාඛ්‍යාත බව ද සඞ්ඝයා සුප්‍රතිපන්න බව ද තමා සතු සිල් ද පවසන සේක. ඥානචරිත පුද්ගලයාහට විදර්ශනා නිමිත්ත වූ අනිත්‍යාකාරය දුඃඛාකාරය අනාත්මාකාරය පවසන සේකි.
3. “සෙලෙ යථා පබ්බතමුද්ධනිට්ඨිතො යථාපි පස්සෙ ජනතං සමන්තතො. තථූපමං ධම්මමයං සුමෙධ පාසාදමාරුය්හ සමන්තචක්ඛු. සොකාවතිණ්ණං ජනතමපෙතසොකො, අවෙක්ඛස්සු ජාතිජරාභිභූත”න්ති
3. “යම්සේ සෙල්මුවා පව්වක් මත සිටි යේ මැ (ඇස් ඇති පුරුෂයෙක්) හාත්පස ජනතාව බලන්නේ ද, එසෙයින්, සොඳුරු නුවණැති සමතැස් ඇති බුදුරජාණෙනි, නුබ වහන්සේ ද දහම්මුවා පහයට නැගි, (තුමූ) ශෝක ඇත්තාහු, ශෝකයට බට ජාතිජරායෙන් මඩනා ලද ජනතාව බලනු මැනැවැ” යි.
එවං භගවා බුද්ධචක්ඛුනාපි චක්ඛුමා.
මෙසේ බුදුහු බුදුඇසිනු දු චක්ෂුර්මත් වූ සේක.
කථං භගවා සමන්තචක්ඛුනාපි චක්ඛුමා? ‘සමන්තචක්ඛු’ වුච්චති සබ්බඤ්ඤුතඤාණං. භගවා සබ්බඤ්ඤුතඤාණෙන උපෙතො සමුපෙතො උපගතො සමුපගතො උපපන්නො සම්පන්නො සමන්නාගතො.
කිසෙයින් බුදුහු සමතැසිනු දු චක්ෂුර්මත් වූහ යත්: සර්වඥතාඥානය ‘සමන්තචක්ඛු’ යයි කියනු ලැබේ. බුදුහු සර්වඥතාඥානයෙන් උපෙතයහ, සමුපෙතයහ, උපගතයහ, සමුපගතයහ, නො වෙන් වූහ, පරිපූර්ණ වූහ, සමන්විත වූ සේක.
4. “න තස්ස අද්දිට්ඨමිධත්ථි කිඤ්චි අථො අවිඤ්ඤාතමජානිතබ්බං, සබ්බං අභිඤ්ඤාසි යදත්ථි ඤෙය්යං තථාගතො තෙන සමන්තචක්ඛූ”ති
4. ඒ තථාගතයන් විසින් මේ ත්‍රෛධාතුකලෝකයෙහි (මෙ කල හෝ) පැනැසින් නුදුටු කිසිවක් නැත, යළි (අතීත වූ) නො දත් කිසිවක් නැත. (අනාගත වූ) නො දැනෙන කිසි (ධර්මජාතයකු) දු නැත. දතයුතු වූ යම් ධර්මජාතයෙක් වී නම්, ඒ සියල්ල අවබෝධ කලහ. එහෙයින් තථාගතයෝ සමන්තචක්ඛු වූ සේකි.
එවං භගවා සමන්තචක්ඛුනාපි චක්ඛුමාති - යථා දිස්සති චක්ඛුමා.
මෙසේ බුදුහු සමතැසිනු දු ( -සර්වඥතාඥානයෙන්) චක්ෂුර්මත් වූවාහු නුයි ‘යථා දිස්සති චක්ඛුමා’ යනු වේ.
සබ්බං තමං විනොදෙත්වාති - සබ්බං රාගතමං දොසතමං මොහතමං දිට්ඨිතමං කිලෙසතමං දුච්චරිතතමං අන්ධකරණං අචක්ඛුකරණං අඤ්ඤාණකරණං පඤ්ඤානිරොධිකං විඝාතපක්ඛිකං අනිබ්බානසංවත්තනිකං නුදිත්වා පනුදිත්වා ජහිත්වා පජහිත්වා විනොදෙත්වා බ්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වාති සබ්බං තමං විනොදෙත්වා.
සබ්බං තමං විනොදෙත්වා - ප්රඥාලෝකය අඳුරු කරන, නුවණැස ඇති නො කරන, නො දැනීම ඇති කරන, පැනැස නසන, පීඩාකොටසෙහි වූ, නිවන පිණිස නො පවත්නා වූ, සියලු රාගාන්ධකාරය ද්වෙෂාන්ධකාරය මෝහාන්ධකාරය දෘෂ්ට්යන්ධකාරය ක්ලේශාන්ධකාරය දුශ්චරිතාන්ධකාරය දුරු කොට ත්‍යාග කොට පරිත්‍යාග කොට බැහැර කොට විගතාන්ත කොට අනුඅභාවයට පමුණුවා නුයි ‘සබ්බං තමං විනොදෙත්වා’ යනු වේ.
එකොව රතිමජ්ඣගාති - එකො භගවා: පබ්බජ්ජාසඞ්ඛාතෙන එකො, අදුතියට්ඨෙන එකො, තණ්හාය පහානට්ඨෙන එකො, එකන්තවීතරාගොති එකො, එකන්තවීතදොසොති එකො, එකන්තවීතමොහොති එකො, එකන්තනික්කිලෙසොති එකො, එකායනමග්ගං ගතොති එකො, අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති එකො.
එකොව රතිමජ්ඣගා - බුදුහු අතුල්‍යයහ: ප්රව්රජ්යාසඞ්ඛ්යාතාර්තථයෙන් අතුල්‍යයහ, අද්වීතියාර්‍තථයෙන් අතුල්‍යයහ, තෘෂ්ණාප්රහාණාර්තථයෙන් අසහායයහ, එකාන්තවීතරාග නුයි අසහායයහ, එකාන්තවීතදොස නුයි අසහායයහ, එකාන්තවීතමොහ නුයි අසහායයහ, ඒකාන්තයෙන් නික්ලේශ නුයි අසහායයහ, එකායනමාර්ගයට ගියාහු නුයි එකයහ, නිරුත්තර වූ සම්‍යක්සම්බෝධිය අවබෝධ කළාහු නුයි එකයහ.
කථං භගවා පබ්බජ්ජාසඞ්ඛාතෙන එකො? භගවා දහරොව සමානො සුසුකාළකෙසො භද්රෙන යොබ්බනෙන සමන්නාගතො පඨමෙන වයසා අකාමකානං මාතාපිතුන්නං අස්සුමුඛානං රුදන්තානං විලපන්තානං ඤාතිසඞ්ඝං පහාය සබ්බං ඝරාවාසපළිබොධං ඡින්දිත්වා පුත්තදාරපළිබොධං ඡින්දිත්වා ඤාතිපළිබොධං ඡින්දිත්වා සන්නිධිපළිබොධං ඡින්දිත්වා කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිත්වා අකිඤ්චනභාවං උපගන්ත්වා එකො චරති විහරති ඉරීයති වත්තති පාලෙති යපෙති යාපෙති. එවං භගවා පබ්බජ්ජාසඞ්ඛාතෙන එකො.
කිසෙයින් බුදුහු ප්රව්රජ්යාසඞ්ඛ්යාත අර්ත්ථයෙන් ‘එක’ වූහ යත්: බුදුහු තරුණ වූවාහු මැ අඳුන්වන් කෙස් ඇත්තාහු සොඳුරු යෞවනයෙන් යුත් පළමු වයසින් යුක්ත වූවාහු නො කැමැති වූ කඳුළින් තෙමුණු මුහුණු ඇති හඬන්නා වූ වැලැපෙන්නා වූ මවුපියනට අනාදර කොට ඥාතිසමූහයා හැරපියා සියලු ගෘහාවාසපරිරොධ (-දුර්ග)ය සිඳපියා අඹුදරු ආවරණය සිඳ ඥාතිපරිරොධය සිඳ සන්නිධිපරිරොධය සිඳ කෙස්රවුළු බහා කහවත් හැඳැ පෙරෙවැ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවැ අකිඤ්චන (-කිසිවක් නැති) බවට පැමිණ එකලා වැ හැසිරෙති, වෙසෙති ඉරියවු පවත්වති වැටෙති රැකෙති යැපෙති යාපනය වෙත්. මෙසේ බුදුහු ප්රව්රජ්යාසඞ්ඛ්යාතයෙන් ‘එක’ යහ.
කථං භගවා අදුතියට්ඨෙන එකො? සො එවං පබ්බජිතො සමානො එකො අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවති අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහසෙය්යකානි පටිසල්ලානසාරුප්පානි. සො එකො චරති, එකො ගච්ඡති, එකො තිට්ඨති, එකො සෙය්යං කප්පෙති, එකො ගාමං පිණ්ඩාය පවිසති, එකො පටික්කමති, එකො රහො නිසීදති, එකො චඞ්කමං අධිට්ඨාති, එකො චරති, විහරති ඉරීයති වත්තති පාලෙති යපෙති යාපෙති. එවං භගවා අදුතියට්ඨෙන එකො.
කිසෙයින් බුදුහු අද්වීතියාර්‍තථයෙන් ‘එක’ වූහ යත්: උන්වහන්සේ මෙසේ පැවිදි වූවාහු එකලා වැ අල්පශබ්ද වූ අල්පනිර්ඝෝෂ වූ ජනවාත රහිත වූ මිනිසුන්ගේ රාහස්‍යයට ස්ථාන වූ විවේකයට අනුරූප වූ වනයෙහි දුර සෙනසුන් වනපර්‍ය්‍යන්ත සෙනසුන් ඇසුරු කෙරෙති. උන්වහන්සේ එකලා වැ හැසිරෙති, එකලා වැ යෙති, එකලා වැ සිටිති, එකලා වැ හොවිති. එකලා වැ ගමට පිඬු සිඟා පිවිසෙති, එකලා වැ රහසැ හිඳිති, එකලා වැ සක්මන් කෙරෙති, එකලා වැ හැසිරෙති, වෙසෙති, ඉරියවු පවත්වති, වැටෙති රැකෙති යැපෙති යාපනය වෙත්. මෙසේ බුදුහු අද්වීතියාර්‍තථයෙන් ‘එක’ යහ.
කථං භගවා තණ්හාය පහානට්ඨෙන එකො? සො එවං එකො අදුතියො අප්පමත්තො ආතාපී පහීනත්තො විහරන්තො නජ්ජානෙරඤ්ජරාය තීරෙ බොධිරුක්ඛමූලෙ මහාපධානං පදහන්තො මාරං සසෙනං කණ්හං නමුචිං පමත්තබන්ධුං විධමිත්වා තණ්හාජාලිනිං විසත්තිකං පජහි, විනොදෙසි, බ්යන්තීඅකාසි, අනභාවං ගමෙසීති.
කිසෙයින් බුදුහු තෘෂ්ණාප්රහාණාර්තථයෙන් ‘එක’ වූහ යත්: උන් වහන්සේ මෙසේ එකලා වූවාහු අද්වීතිය වූවාහු අප්‍රමත්ත වූවාහු කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ වසන්නාහු නේරඤ්ජරා නදීතීරයෙහි බෝරුක්මුල මහා ප්‍රධන්වීර්‍ය්‍යය කරන සේක් කෘෂ්ණ කර්ම ඇති (නො මිදියැ දෙන හෙයින්) නමුචි නම් වූ ප්‍රමත්තයනට බන්ධු වූ සෙන් සහිත මරු විධ්වංසන කොට විසත්තිකා නම් වූ තෘෂ්ණාජාලිනිය දුරු කළහ, බැහැර කළහ, විගතාන්ත කළහ, අනභාවයට පැමිණවූ සේකි.
5. “තණ්හාදුතියො පුරිසො දීඝමද්ධානසංසරං, ඉත්ථභාවඤ්ඤථාභාවං සංසාරං නාතිවත්තති.
5. ‘තෘෂ්ණාව දෙවැනි කොට ඇති පුරුෂ තෙ දීර්ඝකාලයක් මුළුල්ලෙහි සැරිසරනුයේ ඉහාත්මභාව අනාගතාත්මභාව නොහොත් ඉත්ථම්භාව අන්‍යථාභාව සඞ්ඛ්‍යාත වූ සංසාරය නො ඉක්මවයි.
6. එවමාදීනවං ඤත්වා තණ්හා දුක්ඛස්ස සම්භවං, වීතතණ්හො අනාදානො සතො භික්ඛු පරිබ්බජෙ”ති
6. (අතීතාදි ස්කන්ධයන්හි) මෙසේ ආදීනව දැන, තෘෂ්ණාව දුකට කාරණ යයි දැන, පහවූ තෘෂ්ණා ඇති ආදාන (-ග්‍රහණ) රහිත වූ ස්මෘතිමත් වූ ක්ෂීණාස්රව මහණ තෙම හැසිරෙන්නේ යැ’ යි.
එවං භගවා තණ්හාය පහානට්ඨෙන එකො.
මෙසේ බුදුහු තෘෂ්ණා ප්රහීණාර්තථයෙන් ‘එක’ යහ.
කථං භගවා එකන්තවීතරාගොති එකො? රාගස්ස පහීනත්තා එකන්තවීතරාගොති එකො, දොසස්ස පහීනත්තා එකන්තවීතදොසොති එකො, මොහස්ස පහීනත්තා එකන්තවීතමොහොති එකො, කිලෙසානං පහීනත්තා එකන්තනික්කිලෙසොති එකො.
කිසෙයින් බුදුහු එකාන්තවීතරාග නුයි ‘එක’ වූහ යත්: රාගය ප්‍රහීණ වන බැවින් ඒකාන්තයෙන් වීතරාග නුයි ‘එක’ යහ. ද්වේෂය ප්‍රහීණ වන බැවින් ඒකාන්තයෙන් වීතද්වේෂ නුයි ‘එක’ යහ. මෝහය ප්‍රහීණ වන බැවින් ඒකාන්තයෙන් පහවූ මෝහ ඇත්තාහු නුයි ‘එක’ යහ. ක්ලේශයන් ප්‍රහීණ වන බැවින් ඒකාන්තයෙන් නික්ලේශ වූවාහු නුයි ‘එක’ යහ.
කථං භගවා එකායනමග්ගං ගතොති එකො? එකායනමග්ගො වුච්චති චත්තාරො සතිපට්ඨානා, චත්තාරො සම්මප්පධානා, චත්තාරො ඉද්ධිපාදා, පඤ්චින්ද්රියානි, පඤ්ච බලානි, සත්ත බොජ්ඣඞ්ගා, අරියො අට්ඨඞ්ගිකො මග්ගො.
කිසෙයින් බුදුහු එකායනමාර්ගයට ගියාහු නුයි ‘එක’ වූහ යත්: සතර සතිපට්ඨානයෝ යැ, සතර සම්‍යක් ප්‍රධානයෝ යැ, සතර ඍද්ධිපාදයෝ යැ, පඤ්චේන්‍ද්‍රියයෝ යැ, පඤ්ච බලයෝ යැ, සප්ත බෝධ්‍යඞ්ගයෝ යැ, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ග යැ, යන මේ ‘ඒකායනමාර්ගය’ යි කියනු ලැබේ.
7. “එකායනං ජාතිඛයන්තදස්සී මග්ගං පජානාති හිතානුකම්පී, වතෙන මග්ගෙන තරිංසු පුබ්බෙ තරිස්සන්ති යෙ ච තරන්ති ඔඝ”න්ති
7. ජාතික්ෂය සඞ්ඛ්‍යාත නිර්වාණය දක්නාසුලු වූ හිතයෙන් අනුකම්පා කරනසුලු වූ බුදුහු ඒකායනමාර්ගය දන්නා සේක. පෙර යම් කෙනෙක් චතුරෝඝය තරණය කළාහු නම් තෙල මාර්ගයෙන් තරණය කළාහු ය. තවද යම් කෙනෙක් (මතු) තරණය කරන්නාහු නම්, දැන් තරණය කෙරෙත් නම්, මේ මගින් තරණය කෙරෙත්.
එවං භගවා එකායනමග්ගං ගතො’ති එකො.
මෙසේ බුදුහු එකායනමාර්ගයට ගියාහු නුයි ‘එක’ යහ.
කථං භගවා එකො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති එකො? ‘බොධි’ වුච්චති චතුසු මග්ගෙසු ඤාණං - පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො වීමංසා විපස්සනා සම්මාදිට්ඨි. භගවා තෙන බොධිඤාණෙන සබ්බෙ සඞ්ඛාරා අනිච්චාති බුජ්ඣි. සබ්බෙ සඞ්ඛාරා දුක්ඛාති බුජ්ඣි. සබ්බෙ ධම්මා අනත්තාති බුජ්ඣි. අවිජ්ජාපච්චයා සඞ්ඛාරාති බුජ්ඣි -පෙ- ජාතිපච්චයා ජරාමරණන්ති බුජ්ඣි. අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධොති බුජ්ඣි. -පෙ- ජාතිනිරොධො ජරාමරණනිරොධොති බුජ්ඣි. ඉදං දුක්ඛන්ති බුජ්ඣි. අයං දුක්ඛසමුදයොති බුජ්ඣි. අයං දුක්ඛනිරොධොති බුජ්ඣි. අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති බුජ්ඣි. ඉමෙ ආසවාති බුජ්ඣි -පෙ- අයං ආසවනිරොධගාමිනී පටිපදාති බුජ්ඣි. ඉමෙ ධම්මා පරිඤ්ඤෙය්යාති බුජ්ඣි. පහාතබ්බාති - භාවෙතබ්බාති - සච්ඡිකාතබ්බාති බුජ්ඣි. ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච බුජ්ඣි. පඤ්චන්නං උපාදානක්ඛන්ධානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච බුජ්ඣි. චතුන්නං මහාභූතානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච බුජ්ඣි. යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්මන්ති බුජ්ඣි. අථවා යං කිඤ්චි බුජ්ඣිතබ්බං අනුබුජ්ඣිතබ්බං පටිබුජ්ඣිතබ්බං සම්බුජ්ඣිතබ්බං අධිගන්තබ්බං ඵස්සිතබ්බං සච්ඡිකාතබ්බං, සබ්බං තං තෙන බොධිඤාණෙන බුජ්ඣි, අනුබුජ්ඣි, පටිබුජ්ඣි, සම්බුජ්ඣි, සම්මා බුජ්ඣි, අධිගච්ඡි, ඵස්සෙසි, සච්ඡිකාසි. එවං භගවා එකො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති එකො.
කිසෙයින් බුදුහු එකලා වැ අනුත්තර වූ සම්‍යක්සම්බෝධිය අවබෝධ කළාහු නුයි ‘එක’ වූහ යත්: සතර මාර්ගඥානය ප්රඥෙන්ද්රියය ප්‍රඥාබලය ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය වීමංසාව විදර්ශනාව සම්‍යග්දෘෂ්ටිය ‘බෝධි’ යයි කියනු ලැබේ. බුදුහු ඒ බොධිඥානයෙන් සියලු සංස්කාරයෝ අනිත්‍යයහ’ යි අවබෝධ කළහ (-දත්හ). ‘සියලු සංස්කාරයෝ දුක්හ’ යි දත්හ. ‘සියලු ධර්මයෝ අනාත්මයහ’ යි දත්හ. ‘අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති’ යි දත්හ … ‘ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ යැ’ යි දත්හ. ‘අවිද්‍යාවගේ අශෙෂනිරොධයෙන් සංස්කාරනිරෝධය වේ යැ’ යි දත්හ. ‘ජාතිනිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ යැ’ යි දත්හ. ‘මේ දුකැ’ යි දත්හ. ‘මේ දුක්හෙතුව යැ’ යි දත්හ. ‘මේ දුක් නැසීම යැ’ යි දත්හ. ‘මේ දුක් නැසීමට පමුණුවන පිළිවෙතැ’ යි දත්හ. ‘මොහු ආස්‍රවයෝ යැ’ යි දත්හ… ‘මේ ආස්‍රවනිරොධයට පමුණුවන පිළිවෙතැ’ යි දත්හ. ‘මේ ධර්මයෝ දතයුත්තාහ’ යි දත්හ. හළයුත්තාහ’ යි - වැඩිය යුත්තාහ’ යි - ප්රත්යක්ෂ කළ යුත්තාහ’ යි දත්හ. සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ පහළවීම ද නැසීම ද ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද දත්හ. යම් කිසිවක් සමුදයධර්‍ම නම් ඒ සියල්ල නැසෙන පියවි ඇතැ’ යි අවබෝධ කළහ. නොහොත් යම් කිසිවක් දතයුතු නම්, නැවත නැවත දතයුතු නම්, වෙසෙසින් දතයුතු නම්, මැනැවින් දතයුතු නම්, අධිගම කළයුතු නම්, නුවණින් ස්පර්ශ කළයුතු නම්, ප්රත්යක්ෂ කළයුතු නම්, ඒ සියල්ල ඒ බොධිඥානයෙන් දත්හ. අනුබෝධ කළහ. ප්රතිබොධ කළහ. වෙසෙසින් දත්හ. මැනැවින් දත්හ. ස්පර්ශ කළහ. ප්රත්යක්ෂ කළහ. මෙසේ බුදුහු එකලා වැ අනුත්තර වූ සම්‍යක්සම්බෝධිය අභිසම්බුද්ධ කළාහු නුයි ‘එක’ නම් වූහ.
රතිමජ්ඣගා’ති ‘රති’න්ති නෙක්ඛම්මරතිං විවෙකරතිං උපසමරතිං සම්බොධිරතිං; අජ්ඣගා - අධිගච්ඡි ඵස්සෙසි සච්චාකාසීති - එකොව රතිමජ්ඣගා.
රතිමජ්ඣගා - ‘රතිං’ යනු: නෛෂ්ක්රම්යරතියට විවෙකරතියට උපශමරතියට සම්බොධිරතියට පැමිණියහ - අධිගම කළහ; ස්පර්ශ කළහ, ප්රත්යක්ෂ කළාහු නුයි ‘ඒකෝ’ ව රතිමජ්ඣගා’ යනු වේ.
තෙනාහ ථෙරො සාරිපුත්තො:
එයින් වදාළහ සැරියුත් මහතෙරණුවෝ:
“සදෙවකස්ස ලොකස්ස යථා දිස්සති චක්ඛුමා, සබ්බං තමං විනොදෙත්වා එකොව රතිමජ්ඣගා”ති.
“සදෙවකස්ස ලොකස්ස -පෙ- එකොව රතිමජ්ඣගා” යී.