16. 1
16. 1.
16. 1.
න මෙ දිට්ඨො ඉතො පුබ්බෙ (ඉච්චායස්මා සාරිපුත්තො) න සුතො උද කස්සචි, එවං වග්ගුවදො සත්ථා තුසිතා ගණිමාගතො.
(ආයුෂ්මත් ශාරිපුත්‍රයෝ මෙසේ වදාළහ:) මෙසේ මිහිරි වදන් ඇති තුෂිත දෙව්ලොවින් සැව මවුකුසට පැමිණි, නොහොත් දෙව්ලොවින් ගණ මැදට පැමිණි, හෝ රහත්ගණයා මැදට පැමිණි, නොහොත් රහතුන්ගේ ගණාචාර්‍ය්‍ය බවට පැමිණි ශාස්තෲහු මෙයින් පෙර මා විසින් නො දක්නා ලදහු වෙති (පෙර මේ දර්ශනය නො වී යැ යි සේ යැ.) නොහොත් කිසිවක්හු ගේ බසින් නො අසන ලදහු වෙත්.
න මෙ දිට්ඨො ඉතො පුබ්බෙති ඉතො පුබ්බෙ මෙ මයා න දිට්ඨපුබ්බො සො භගවා ඉමිනා චක්ඛුනා ඉමිනා අත්තභාවෙන; යදා භගවා තාවතිංසභවනෙ පාරිච්ඡත්තකමූලෙ පණ්ඩුකම්බලසිලායං වස්සං වුත්ථො දෙවගණපරිවුතො මජ්ඣෙ මණිමයෙන සොපානෙන සඞ්කස්සනගරං ඔතිණ්ණො, ඉමං දස්සනං පුබ්බෙ න දිට්ඨොති ‘න මෙ දිට්ඨො ඉතො පුබ්බෙ’.
න මෙ දිට්ඨො ඉතො පුබ්බේ - මෙයින් (මේ සංකස්ස නගරයට බැසීමෙන්) පෙර මෙ - මා විසින් ඒ බුදුහු මේ ඇසින් මේ අත්බවින් නො දුටුවිරූහ. යම් දවසෙක බුදුහු තව්තිසාබවනෙහි පරසතුමුල පඬුඇඹුල් සලයෙහි වස් විසූ සේක් දෙව්ගණා විසින් පිරිවරන ලද්දාහු මැද මිණිමුවා හිණින් සකස්පුරට බටුවාහු ද, මේ දර්ශනය මිස පෙර නො දුටුවිරූහු නුයි ‘න මෙ දිට්ඨො ඉතො පුබ්බේ’ යනු වේ.
ඉච්චායස්මා සාරිපුත්තොති - ‘ඉච්චා’ති පදසන්ධි පදසංසග්ගො පදපාරිපූරි අක්ඛරසමවායො බ්යඤ්ජනසිලිට්ඨතා පදානුපුබ්බතාමෙතං ‘ඉච්චා’ති. ආයස්මාති පියවචනං ගරුවචනං සගාරවසප්පතිස්සවචනමෙතං ‘ආයස්මා’ති. සාරිපුත්තොති තස්ස ථෙරස්ස නාමං සඞ්ඛා සමඤ්ඤා පඤ්ඤත්ති වොහාරො නාමං නාමකම්මං නාමධෙය්යං නිරුත්ති බ්යඤ්ජනං අභිලාපොති - ඉච්චායස්මා සාරිපුත්තො.
ඉච්චායස්මා සාරිපුත්තො - ‘ඉච්ච’ යනු: පදසන්ධි යැ, පදසංසර්ග යැ, පදපරිපූර්ණතා යැ, අක්ෂරසමවාය යැ, ව්‍යඤ්ජනශ්ලිෂ්ටතා යැ, පදානුපූර්‍වතා යැ, තෙල ‘ඉච්ච’ යනු. ආයස්මා යනු: ප්‍රියවචන යැ, ගරුවචන යැ, සගෞරව සප්රතිශ්රයවචනයෙකි, තෙල ‘ආයස්මා’ යනු. සාරිපුත්තො යනු: ඒ තෙරණුවන්ගේ නම් යැ, සඞ්ඛ්‍යා යැ, සංඥා යැ,ප්රඥප්ති යැ, ව්‍යවහාර යැ, නාම යැ, නාමකර්ම යැ, නාමධෙය යැ, නිරුක්ති යැ, බ්‍යඤ්ජන ය, අභිලාප නුයි ‘ඉච්චායස්මා සාරිපුත්තො’ යනු වේ.
න සුතො උද කස්සචීති - ‘නා’ති පටික්ඛෙපො; උදාති පදසන්ධි පදසංසග්ගො පදපාරිපූරි අක්ඛරසමවායො බ්යඤ්ජනසිලිට්ඨතා පදානුපුබ්බතාමෙතං උදාති; කස්සචීති කස්සචි ඛත්තියස්ස වා බ්රාහ්මණස්ස වා වෙස්සස්ස වා සුද්දස්ස වා ගහට්ඨස්ස වා පබ්බජිතස්ස වා දෙවස්ස වා මනුස්සස්ස වාති - න සුතො උද කස්සචි.
න සුතො උද කස්සචි - ‘න’ යනු: ප්‍රතික්ෂේප යැ; උද යනු: පදසන්ධි යැ, පදසංසර්ග යැ, පදපාරිපූරි යැ, අක්ෂරසමවාය යැ; ව්‍යඤ්ජනශ්ලිෂ්ටතා යැ, පදානුපූර්‍වතා යැ, තෙල ‘උද’ යනු: කස්සචි - කිසිවක්හුගේ (බසින්) ක්ෂත්රියයකුගේ හෝ බ්‍රාහ්මණයකුගේ හෝ වෛශ්යයකුගේ හෝ ශුද්රයකුගේ හෝ ගෘහස්ථයකුගේ හෝ ප්රව්රජිතයකුගේ හෝ දෙවියකුගේ හෝ මනුෂ්‍යයකුගේ හෝ නුයි ‘න සුතො උද කස්සචි’ යනු වේ.
එවං වග්ගුවදො සත්ථාති - එවං වග්ගුවදො මධුරවදො පෙමනීයවදො හදයඞ්ගමවදො කරවීකරුතමඤ්ජුඝොසො. අට්ඨඞ්ගසමන්නාගතො ඛො පන තස්ස භගවතො මුඛතො ඝොසො නිච්ඡරති: විස්සට්ඨො ච විඤ්ඤෙය්යො ච මඤ්ජු ච සවනීයො ව බින්දු ච අවිසාරී ච ගම්භීරො ච නින්නාදී ච යථාපරිසං ඛො පන සො භගවා සරෙන විඤ්ඤාපෙති. න අස්ස බහිද්ධා පරිසාය ඝොසො නිච්ඡරති. බ්රහ්මස්සරො ඛො පන සො භගවා කරවීකභාණීති එවං වග්ගුවදො. සත්ථාති සත්ථා භගවා සත්ථවාහො; යථා සත්ථවාහො සත්තෙ කන්තාරං තාරෙති, දුභික්ඛකන්තාරං තාරෙති, නිරුදකකන්තාරං තාරෙති, උත්තාරෙති, නිත්තාරෙති, පතාරෙති, ඛෙමන්තභූමිං සම්පාපෙති, එවමෙවං භගවා සත්ථවාහො සත්තෙ කන්තාරං තාරෙති; ජාතිකන්තාරං තාරෙති, ජරාකන්තාරං තාරෙති, බ්යාධි -පෙ- මරණ - සොක - පරිදෙව - දුක්ඛ - දොමනස්සූපායාසකන්තාරං තාරෙති, රාගකන්තාරං තාරෙති, දොස - මොහ - මාන - දිට්ඨිගහනං - කිලෙසගහනං - දුච්චරිතගහනං තාරෙති, උත්තාරෙති, නිත්තාරෙති, පතාරෙති; ඛෙමන්තං අමතං නිබ්බානං සම්පාපෙතීති එවම්පි භගවා සත්ථවාහො. අථවා භගවා නෙතා විනෙතා අනුනෙතා පඤ්ඤාපෙතා නිජ්ඣාපෙතා පෙක්ඛෙතා පසාදෙතාති එවම්පි භගවා සත්ථවාහො. අථවා භගවා අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතා අසඤ්ජාතස්ස මග්ගස්ස සඤ්ජනෙතා අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා මග්ගඤ්ඤූ මග්ගවිදූ මග්ගකොවිදො; මග්ගානුගා ච පනස්ස එතරහි සාවකා විහරන්ති පච්ඡා සමන්නාගතාති එවම්පි භගවා සත්ථවාහොති - එවං වග්ගුවදො සත්ථා.
එවං වග්ගුවදො සත්ථා - මෙසේ මනහර වදන් ඇති මිහිරි වදන් ඇති පෙම් වඩන වදන් ඇති සිත් ගන්නා වදන් ඇති කුරවිනද සෙයින් මනහර ගොස ඇතියේ; ඒ බුදුන්ගේ මුවින් අෂ්ටාඞ්ගසමන්වාගත වූ ඝෝෂය නික්මෙයි: නො පැකිළෙනුයේ ද, මැනවින් දත හැක්කේ ද, මධුර වූයේ ද, කනට සුව වූයේ ද, හැසුණේ ද, නො පැතුරුණේ ද, ගැඹුරු වූයේ ද, නිනද ඇත්තේ ද වේ. තවද ඒ බුදුහු පිරිස් පමණින් ස්වරයෙන් හඟවාලන සේක. ඒ බුදුන්ගේ ඝෝෂය පිරිසෙන් බැහැර නො නික්මේ. තවද ඒ බුදුහු බඹගොස ඇත්තාහු කුරවිකොවුල්හඬ මෙන් මිහිරි වදන් ඇති සේක් නුයි ‘එවං වග්ගුවදො’ යනු වේ. සත්ථා යනු: බුදුහු ශාස්තෘ වූහ, සාත්තුනායකයකු වැන්නහ. යම්සේ සාත්තුනායක සත්ත්වයන් කාන්තාරය තරණය කරවා ද, දුර්භික්ෂකාන්තාරය තරණය කරවා ද, නිරුදකකාන්තාරය තරණය කරවා ද, එතෙර කරවා ද, නිස්තරණය කරවා ද, ප්‍රතරණය කරවා ද, නිර්භය භූමියට පමුණුවා ද; එලෙසින් මැ බුදුහු සාර්ත්ථවාහ වූ සේක් වෛනෙයසත්ත්වයන් කතරින් තරවන සේක්, ජාතිකාන්තාරය තරණය කරවන සේක, ජරාකාන්තාරය තරණය කරවන සේක, ව්යාධිකාන්තාරය … මරණ - ශෝක - පරිදේව - දුඃඛ - දෞර්මනස්ය - උපායාස කාන්තාරය තරවන සේක, රාගකාන්තාරය තරවන සේක, ද්වේෂ - මෝහ - මාන - දෘෂ්ටි - ක්ලේශ - දුශ්චරිතකාන්තාරය තරවන සේක, රාග නමැති ගහනය තරවන සේක, ද්වේෂ - මෝහ - මාන - දෘෂ්ටි නමැති ගහනය තරවන සේක, ක්ලේශගහනය - දුශ්චරිතගහනය තරවන සේක, උත්තරණය නිස්තරණය ප්‍රතරණය කරවන සේක, නිර්භය වූ අමාමහනිවනට පමුණුවන සේක් නුයි මෙසේත් ‘බුදුහු සාර්ත්ථවාහ’ යැ. නොහොත් බුදුහු (නිවනට පමුණුවනුයෙන්) නේතෘ වන සේක, (දර්ශනකාලයෙහි සංවර - ප්‍රහාණ විනය වශයෙන් වෛනෙයයනට) විනේතෘ වන සේක, දෙශනාකාලයෙහි (සැක සිඳින හෙයින්) අනුනෙතෘ වන සේක, (සැක සිඳ අර්ත්ථය) පනවන සේක, (පැනවූ අර්තථයන්) නිශ්චය කරවන සේක, (පිළිවෙත්) දක්වන සේක, (ප්‍රතිපත්තිඵලයෙන්) පහදවන සේක් නුයි මෙසේත් බුදුහු ‘සාර්ත්ථවාහ’ යැ. නොහොත් බුදුහු (පෙර ස්වසන්තානයෙහි) නූපන්විරූ ආර්ය්යමාර්ගය ඉපදවූ සේක, (වෛනෙයසන්තානයෙහි) අසඤ්ජාතමාර්‍ගය උපදවන සේක, ප්‍රකාශ නො කළ මාර්ගය (විවරණ දීම් වශයෙන්) ප්‍රකාශ කරන සේක, (ප්රත්යවේක්ෂා වශයෙන්) මාර්ගය දන්නා සේක, (වෛනෙයසන්තානයෙහි ඉපැදවියයුතු ආර්ය්යමාර්ගය) දන්නාසුලු සේක, (බෝසත්නට පැවැසිය යුතු) මාර්ගයෙහි විචක්ෂණ වූ සේක. තවද ඒ බුදුන් විසින් හෙළිකළ මාර්ගය හේතු කොට මෙ කල්හි මාර්ගය අනුව යන ශ්‍රාවකයෝ (ශීලාදිගුණයෙන්) පසුපස යෙමින් වෙසෙත් නුයි මෙසේත් බුදුහු ‘සාර්ත්ථවාහ’ වූහ’ යි ‘එවං වග්ගුවදො සත්ථා’ යනු වේ.
තුසිතා ගණිමාගතොති - භගවා තුසිතා කායා චවිත්වා සතො සම්පජානො මාතුකුච්ඡිං ඔක්කන්තොති එවම්පි තුසිතා ගණිමාගතො; අථවා දෙවා වුච්චන්ති තුසිතා; තෙ තුට්ඨා සන්තුට්ඨා අත්තමනා පමුදිතා පීතිසොමනස්සජාතා; දෙවලොකතො ගණිං ආගතොති එවම්පි තුසිතා ගණිමාගතො; අථ වා අරහන්තො වුච්චන්ති තුසිතා. තෙ තුට්ඨා සන්තුට්ඨා අත්තමනා පරිපුණ්ණසඞ්කප්පා. අරහන්තානං ගණිං ආගතොති එවම්පි තුසිතා ගණිමාගතො; ‘ගණී’ති ගණී භගවා; ගණාචරියොති ගණී; ගණස්ස සත්ථාති ගණී; ගණං පරිහරතීති ගණී; ගණං ඔවදතීති ගණී; ගණමනුසාසතීති ගණී; විසාරදො ගණං උපසඞ්කමතීති ගණී; ගණොස්ස සුස්සූසති සොතං ඔදහති අඤ්ඤා චිත්තං උපට්ඨපෙතීති ගණී; ගණං අකුසලා උට්ඨාපෙත්වා කුසලෙ පතිට්ඨාපෙතීති ගණී; භික්ඛුගණස්ස ගණී. භික්ඛුනීගණස්ස ගණී, උපාසකගණස්ස ගණී, උපාසිකාගණස්ස ගණී, රාජගණස්ස ගණී, ඛත්තියගණස්ස - බ්රාහ්මණගණස්ස - වෙස්සගණස්ස - සුද්දගණස්ස - දෙවගණස්ස - බ්රහ්මගණස්ස ගණී, සඞ්ඝී, ගණී, ගණාචරියො; ආගතොති ආගතො උපාගතො සමුපාගතො සම්පත්තො සඞ්කස්සනගරන්ති - තුසිතා ගණිමාගතො.
තුසිතා ගණීමාගතො - බුදුහු තුසීපුරයෙන් සැවැ සිහි නුවණ ඇති වැ මවුකුස පිළිසඳ ගත්තාහු නුයි මෙසේත් ‘තුසිතා ගණීමාගතො’ යනු වේ. නොහොත් දෙවියෝ තුසිතයෝ යැයි කියනු ලැබෙති, ඔවුහු තුටු වූවාහු සතුටු වූවාහු සියමන වූවාහු ප්‍රමුදිත වූවාහු උපන් සතුටු සොම්නස් ඇත්තාහු ය; එ දෙව්ලොවින් ගණ මැදට ආවාහු නුයි. මෙසේත් ‘තුසිතා ගණීමාගතො’ යනු වේ. නොහොත් රහත්හු තුසිතයෝ යැයි කියනු ලැබෙති, ඔවුහු තුෂ්ටයෝ යැ, සන්තුෂ්ටයෝ යැ, තුටුසිත් ඇත්තෝ යැ, පරිපූර්ණ සංකල්ප ඇත්තෝ යි; රහතුන්ගේ ගණමැදට ආවාහු නුයි මෙසේත් ‘තුසිතා ගණීමාගතො’ යනු වේ. ගණී යනු: බුදුහු ගණී වූහ, ගණාචාර්‍ය්‍ය නුයි - ගණී යැ, ගණයට ශාස්තෘ වූවාහු නුයි - ගණී යැ, ගණයා පරිහරණය කෙරෙත් නුයි - ගණී යැ, ගණයාට අවවාද දෙත් නුයි - ගණී යැ , ගණයාට අනුශාසනා කෙරෙත් නුයි - ගණී යැ, විශාරද වැ ගණයා වෙත එළැඹෙත් නුයි ගණී යැ, ගණ තෙමේ ඔබගේ බස අසනු කැමැති වෙයි, (ඇසීමට) කන නමයි, දැනගැනීමට සිත එළවා නුයි - ගණී යැ; ගණයා අකුශලයෙන් නඟා කුශලයෙහි පිහිටිවාලන සේක් නුයි - ගණී යැ, භික්ෂුගණයා සම්බන්ධි ගණ ඇති සේක, (-භික්ෂුගණයට ගණී යැ) භික්ෂුණීගණයට ගණී යැ, උපාසක ගණයට ගණී යැ, උපාසිකාගණයට ගණී යැ, රාජගණයට ගණී යැ, ක්ෂත්රියගණයට - බ්රාහ්මණගණයට - වෛශ්යගණයට - ශුද්රගණයට - දෙවගණය - බ්රහ්මගණයට ගණී යැ; සමූහ ඇති සේක, ගණ ඇති සේක, ගණාචාර්‍ය්‍ය වූ සේකි; ආගතො යනු: සකස් නුවරට එළැඹියහ, පැමිණි සේක් නුයි ‘තුසිතා ගණීමාගතො’ යනු වේ.
තෙනාහ ථෙරො සාරිපුත්තො:
එයින් වදාළහ ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ:
“න මෙ දුට්ඨො ඉතො පුබ්බෙ (ඉච්චායස්මා සාරිපුත්තො) න සුතො උද කස්සචි, එවං වග්ගුවදො සත්ථා තුසිතා ගණිමාගතො”ති.
“න මෙ දිට්ඨො ඉතො පුබ්බේ -පෙ- තුසිතා ගණීමාගතො” යී.