15. 20
15. 20.
15. 20.
න සමෙසු න ඔමෙසු න උස්සෙසු වදතෙ මුනි, සන‍්තො සො වීතමච‍්ඡෙරො නාදෙති න නිරස‍්සතී’ති (භගවා).
ක්‍ෂීණාස්‍රව මුනි තෙම (මාන විසින් තමා) සම වූවන් කෙරෙහි ලා නො කියයි, හීනයන් කෙරෙහි ලා නො කියයි, ශ්‍රේෂ්ඨයන් කෙරෙහි ලා නො කියයි. සන්හුන් කෙලෙස් ඇති පහවැගිය මාත්සර්‍ය්‍ය ඇති හෙතෙම (රූපාදි කිසි ධර්‍මයක්) නො ගනී, (එහෙයින් ම) නො බැහැර කෙරෙයි. බුදුහු මෙසේ වදාළ සේකි.
න සමෙසු න ඔමෙසු න උස්සෙසු වදතෙ මුනීති - ‘මොනං’ වුච‍්චති ඤාණං, යා පඤ‍්ඤා පජානනා -පෙ- සඞ‍්ගජාලමතිච‍්ච සො මුනීති. මුනි සෙය්‍යොහමස‍්මීති වා, සදිසොහමස‍්මීති වා, හීනොහමස‍්මීති වා න වදති, න කථෙති, න භණති, න දීපයති, න වොහරතීති - න සමෙසු න ඔමෙසු න උස්සෙසු වදතෙ මුනි.
න සමෙසු න ඔමෙසු න උස්සෙසු වදතෙ මුනි - ‘මොන’ යී ඥානය කියනු ලැබෙයි, යම් ප්‍රඥාවක් ප්‍රකර්‍ෂජානනයක් … සඞ්ගජාලය ඉක්මවා සිටි හෙතෙම ‘මුනි’ වේ යයි. මුනි තෙම ‘මම් ශ්‍රේෂ්ඨ වෙමී’ හෝ ‘මම් සදෘශයෙමි’ හෝ ‘මම් හීනයෙමි’ හෝ නො පවසයි, නො කියයි, නො බෙණෙයි, නො දක්වයි, ව්‍යවහාර නො කෙරේ නුයි ‘න සමෙසු න ඔමෙසු න උස්සෙසු වදතෙ මුනි’ යනු වේ.
සන‍්තො සො වීතමච‍්ඡෙරොති - ‘සන‍්තො’ති රාගස‍්ස සන‍්තත‍්තා සමිතත‍්තා සන‍්තො, දොසස‍්ස - මොහස‍්ස -පෙ- සබ‍්බාකුසලාභිසඞ‍්ඛාරානං සන‍්තත‍්තා සමිතත‍්තා වූපසමිතත‍්තා විජ‍්ඣාතත‍්තා නිබ‍්බුතත‍්තා විගතත‍්තා පටිප‍්පස‍්සද‍්ධත‍්තා සන‍්තො උපසන‍්තො වූපසන‍්තො නිබ‍්බුතො පටිප‍්පස‍්සද‍්ධොති - සන‍්තො සො; වීතමච‍්ඡෙරොති පඤ‍්ච මච‍්ඡරියානි: ආවාසමච‍්ඡරියං -පෙ- ගාහො, ඉදං වුච‍්චති මච‍්ඡරියං; යස‍්සෙතං මච‍්ඡරියං පහීනං සමුච‍්ඡින‍්නං -පෙ- ඤාණග‍්ගිනා දඩ‍්ඪං; සො වුච‍්චති වීතමච‍්ඡරො විගතමච‍්ඡරො චත‍්තමච‍්ඡරො වන‍්තමච‍්ඡරො මුත‍්තමච‍්ඡරො පහීනමච‍්ඡරො පටිනිස‍්සට‍්ඨමච‍්ඡරොති - සන‍්තො සො වීතමච්ඡෙරො.
සන්තෝ සො වීතමච්ඡෙරො - ‘සන්තෝ’ යනු: රාගය ශාන්ත හෙයින් ශෂිත හෙයින් ‘ශාන්ත යැ, ද්වේෂය - මෝහය …. සියලු අකුශලාභිසංස්කාරයන් ශාන්ත වන බැවින් ශමිත වන බැවින් ව්‍යුපශමිත වන බැවින් දවන ලද බැවින් නිවුණු බැවින් විගත වන බැවින් දුරලන ලද බැවින් ශාන්ත යැ උපශාන්ත යැ ව්‍යුපශාන්ත යැ නිවුණේ යැ දුරලූ කෙලෙස් ඇත්තේ නුයි ‘සන්තෝ සො’ යනු වේ. වීතමච්ඡෙරො - මාත්සර්‍ය්‍ය පසෙකි: ආවාසමාත්සර්‍ය්‍ය යැ … ග්‍රාහ යැ; මේ මාත්සර්‍ය්‍ය යැයි කියනු ලැබේ. යමක්හු විසින් තෙල මාත්සර්‍ය්‍යය ප්‍රහීණ කරන ලද ද, හෙතෙම වීතමාත්සර්‍ය්‍ය යැ, විගතමාත්සර්‍ය්‍ය යැ, ත්‍යක්තමාත්සර්‍ය්‍ය යැ, වාන්තමාත්සර්‍ය්‍ය යැ, මුක්තමාත්සර්‍ය්‍ය යැ, ප්‍රහීණ කළ මාත්සර්‍ය්‍ය ඇත්තේ යැ, දුරලූ මාත්සර්‍ය්‍ය ඇත්තේ යැයි කියනු ලැබේ නුයි ‘සන්තෝ සො වීතමච්ඡෙරො’ යනු වේ.
නාදෙති න නිරස‍්සතීති භගවාති - ‘නාදෙතී’ති රූපං නාදියති, න උපාදියති, න ගණ‍්හාති, න පරාමසති, නාභිනිවිසති. වෙදනං - සඤ‍්ඤං - සඞ‍්ඛාරෙ - විඤ‍්ඤාණං - ගතිං - උප‍්පත‍්තිං පටිසන්‍ධිං - භවං - සංසාරං - වට‍්ටං නාදියති, න උපාදියති, න ගණ‍්හාති, න පරාමසති, නාභිනිවිසතීති - නාදෙති; න නිරස‍්සතීති රූපං න පජහති, න විනොදෙති, න බ්‍යන‍්තීකරොති, න අනභාවං ගමෙති. වෙදනං - සඤ‍්ඤං - සඞ‍්ඛාරෙ - විඤ‍්ඤාණං - ගතිං - උප‍්පත‍්තිං - පටිසන්‍ධිං - භවං - සංසාරං - වට‍්ටං න පජහති, න විනොදෙති න බ්‍යන‍්තීකරොති, අනභාවං ගමෙති; භගවාති ගාරවාධිවචනං -පෙ- සච‍්ඡිකාපඤ‍්ඤත‍්ති යදිදං භගවාති - නාදෙති න නිරස්සතීති භගවා’ති.
නාදෙති න නිරස්සතීති භගවා - ‘නාදෙති’ යනු: රූපය නො ගනී, දැඩිව නො ගනී, ග්‍රහණ්‍ය නො කෙරෙයි, පරාමර්‍ශනය නො කෙරෙයි, අභිනිවේශය නො කෙරෙයි; වේදනාව - සංඥාව - සංස්කාරයන් - විඥානය - ගතිය - උත්පත්තිය - ප්‍රතිසන්‍ධිය - භවය - සංසාරය - වෘත්තය ආදානය නො කෙරෙයි, උපාදාන - ග්‍රහණ - පරාමර්‍ශ - අභිනිවේශ නො කෙරේ නුයි ‘නාදෙති’ යනු වේ. න නිරස්සති යනු: රූපය නො දුරු කෙරෙයි, නො බැහැර කෙරෙයි, විගතාන්ත නො කෙරෙයි, අනභාවයට නො පමුණුවයි; වේදනාව - සංඥාව - සංස්කාරයන් - විඥානය - ගතිය - උත්පත්තිය ප්‍රතිසන්‍ධිය - භවය - සංසාරය - වෘත්තය නො හැරපියයි, නො බැහැර කෙරෙයි, විගතාන්ත නො කෙරෙයි, අනභාවයට නො පමුණුවයි; භගවා යනු; ගෞරවාධි වචන යැ … මේ ‘භගවා’ යනු අර්‍හත්ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියකැ’ යි ‘නාදෙති න නිරස්සතීති භගවා’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“න සමෙසු න ඔමෙසු න උස්සෙසු වදතෙ මුනි, සන‍්තො සො වීතමච‍්ඡෙරො නාදෙති න නිරස‍්සතී’ති භගවා”ති.
“න සමෙසු න ඔමෙසු -පෙ- නාදෙති න නිරස්සතීති භගවා” යී.
අත‍්තදණ‍්ඩසුත‍්තනිද‍්දෙසො සමත‍්තො පණ‍්ණරසමො.
පසළොස්වැනි ‘අත්තදණ්ඩ’ සූත්‍ර නිර්‍දෙශය සමාප්ත යි.