15. 19
15. 19.
15. 19.
අනෙජස්ස විජානතො නත්‍ථි කාචි නිසඞ‍්ඛිති, විරතො සො වියාරම‍්භා ඛෙමං පස‍්සති සබ‍්බධි.
තෘෂ්ණා රහිත වූ (සංස්කාරයන් දුඃඛාදි වශයෙන්) දතුවහුට (පුණ්‍යාභිසංස්කාරාදි) කිසි සංස්කාරයක් නැත. හෙතෙම සංස්කාරයෙන් වෙන් වූයේ සියලු තැන්හි ක්‍ෂේමය (-අභය) දක්නේ යි.
අනෙජස‍්ස විජානතොති - ‘එජා’ වුච‍්චති තණ‍්හා; යො රාගො සාරාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලං: යස‍්සෙසා එජා තණ‍්හා පහීනා සමුච‍්ඡින‍්නා -පෙ- ඤාණග‍්ගිනා දඩ‍්ඪා; සො වුච‍්චති අනෙජො. එජාය පහීනත‍්තා අනෙජො. සො ලාභෙපි න ඉඤ‍්ජති. අලාභෙපි න ඉඤ‍්ජති. යසෙපි න ඉඤ‍්ජති. අයසෙපි න ඉඤ‍්ජති. පසංසායපි න ඉඤ‍්ජති. නින්‍දායපි න ඉඤ‍්ජති. සුඛෙපි න ඉඤ‍්ජති. දුක‍්ඛෙපි න ඉඤ‍්ජති. න චලති න වෙධති. න සම‍්පවෙධති. අනෙජස‍්ස විජානතොති - විජානතො පටිවිජානතො පටිවිජ‍්ඣතො, ‘සබ‍්බෙ සඞ‍්ඛාරා දුක‍්ඛා’ති -පෙ- යං කිඤ‍්චි සමුදයධම‍්මං; සබ‍්බං තං නිරොධධම‍්මන‍්ති ජානතො ආජානතො විජානතො පටිවිජානතො පටිවිජ‍්ඣතොති - අනෙජස‍්ස විජානතො.
අනෙජස්ස විජානතො - ‘එජා’ යී තෘෂ්ණාව කියනු ලබයි, යම් රාගයෙක් බලවත් රාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. යමක්හු විසින් තෙල එජා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ප්‍රහීණ කරන ලද්දී සමුච්ඡින්න වූවා … ඥානාග්නීන් දවන ලද්දී ද, හෙතෙම ‘අනෙජ’ යී කියනු ලැබෙයි, එජාව ප්‍රහීණ වන බැවින් ‘අනෙජ’ යැ. හෙතෙම ලාභයෙහි දු කම්පා නො වෙයි. අලාභයෙහි දු කම්පා නො වෙයි, යශස්හි දු කම්පා නො වෙයි, අයශස්හි දු කම්පා නො වෙයි, ප්‍රශංසායෙහි දු කම්පා නො වෙයි, නින්‍දායෙහි දු කම්පා නො වෙයි, සුඛයෙහි දු කම්පා නො වෙයි, දුඃඛයෙහි දු කම්පා නො වෙයි; නො සැලෙයි, නො වෙවුලයි, අතිශයින් නො වෙවුලයි. අනෙජස්ස විජානතො - දතුවහුට වෙසෙසින් දතුවහුට ප්‍රතිවේධ කරන්නහුට; ‘සියලු සංස්කාරයෝ දුක් වූහ’ යි … යම් කිසිවක් සමුදයධර්‍ම නම්, ඒ සියල්ල නැසෙනසුලු යැ’ යි දන්නහුට හාත්පසින් දන්නහුට වෙසෙසින් දන්නහුට ප්‍රකර්‍ෂයෙන් දන්නහුට ප්‍රතිවේධ කරන්නහුට නුයි ‘අනෙජස්ස විජානතො’ යනු වේ.
නත්‍ථි කාචි නිසංඛිතීති - ‘නිසංඛිතියො’ වුච‍්චන‍්ති පුඤ‍්ඤාභිසඞ‍්ඛාරො අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරො ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරො; යතො පුඤ‍්ඤාභිසඞ‍්ඛාරො ච අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරො ච ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරො ච පහීනා හොන‍්ති උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා, එත‍්තාවතා නිසංඛිතියො නත්‍ථි, න සන‍්ති, න සංවිජ‍්ජන‍්ති, නූපලබ‍්භන‍්ති; පහීනා සමුච‍්ඡින‍්නා වූපසන‍්තා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තිකා ඤාණග‍්ගිනා දඩ‍්ඪාති නත්‍ථි කාචි නිසංඛිති.
නත්‍ථි කාචි නිසංඛිති - ‘නිසංඛිති’ යැයි පුණ්‍යාභිසංස්කාරය ද අපුණ්‍යාභිසංස්කාරය ද ආනෙඤ්ජාභිසංස්කාරය ද කියනු ලැබෙති. යම් තැනෙක පටන් පුණ්‍යාභිසංස්කාරය ද අපුණ්‍යාභිසංස්කාරය ද ආනෙඤ්ජාභිසංස්කාරය ද ප්‍රහීණ වූවාහු උසුන් මුල් ඇත්තාහු තාලාවස්තුවක් මෙන් කරන ලද්දාහු අනුඅභාවය කරන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත් ද, මෙතෙකින් ‘නිසංඛිතිහු’ නැත, නො වෙති, විද්‍යමාන නො වෙති, නො ලැබෙත්, ප්‍රහීණ වූවාහු සමුච්ඡින්න වූවාහු සන්හිඳුවන ලද්දාහු දුරලන ලද්දාහු අභව්‍යොත්පත්තික වූවාහු නුවණගින්නෙන් දවන ලද්දාහු නුයි ‘නත්‍ථි කාචි නිසංඛිති’ යනු වේ.
විරතො සො වියාරම‍්භාති - ‘වියාරම‍්භො’ වුච‍්චති පුඤ‍්ඤාභිසඞ‍්ඛාරො අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරො අනෙඤ‍්ජාභිසඞ‍්ඛාරො; යතො පුඤ‍්ඤාභිසඞ‍්ඛාරො ච අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරො ච අනෙඤ‍්ජාභිසඞ‍්ඛාරො ච පහීනා හොන‍්ති උච‍්ඡින‍්නාමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා; එත‍්තාවතා ආරම‍්භා වියාරම‍්භා ආරතො අස‍්ස. විරතො පටිවිරතො නික‍්ඛන‍්තො නිස‍්සටො විප‍්පමුත‍්තො විසඤ‍්ඤුතො විමරියාදීකතෙන චෙතසා විහරතීති - විරතො සො වියාරම‍්භා.
විරතො සො වියාරම්භා - ‘වියාරම්භ’ යී පුණ්‍යාභිසංස්කාරය අපුණ්‍යාභිසංස්කාරය ආනෙඤ්ජාභිසංස්කාරය කියනු ලැබෙයි. යම් තැනෙක පටන් පුණ්‍යාභිසංස්කාරය ද අපුණ්‍යාභිසංස්කාරය ද ආනෙඤ්ජාභිසංස්කාරය ද ප්‍රහීණ වූවාහු උපුටා හළ මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත් ද, එ තැන් සිට (පුණ්‍යාභිසංස්කාරාදි) ආරම්භයෙන් විවිධාරම්භයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ නික්මුණේ වෙන් වැ ගියේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ වන්නේ ය, විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘විරතො සො වියාරම්භා’ යනු වේ.
ඛෙමං පස‍්සති සබ‍්බධීති - රාගො භයකරො, දොසො භයකරො, මොහො භයකරො -පෙ- භයකරා කිලෙසා, භයකරස‍්ස රාගස‍්ස පහීනත‍්තා -පෙ- භයකරානං කිලෙසානං පහීනත‍්තා සබ‍්බත්‍ථ ඛෙමං පස‍්සති, සබ‍්බත්‍ථ අභයං පස‍්සති, සබ‍්බත්‍ථ අනීතිකතං පස‍්සති, සබ‍්බත්‍ථ අනුපද‍්දවං පස‍්සති, සබ‍්බත්‍ථ අනුපස‍්සග‍්ගතං පස‍්සතීති - ඛෙමං පස‍්සති සබ‍්බධි.
ඛේමං පස්සති සබ්බධි - රාගය බියකරු යැ ද්වේෂය බියකරු යැ මෝහය බියකරු යැ … ක්ලේශයෝ බියකරුහු යැ, බියකරු රාගය ප්‍රහීණ කළ බැවින් සියලු තැන්හි ක්‍ෂේමය දකී, සියලු තැන්හි අභය දකී, සියලු තැන්හි පීඩා රහිත බව දකී, සියලු තැන්හි අනුපද්‍රවය දකී, සියලු තැන්හි නො ගැටුණු බව දකී නුයි ‘ඛේමං පස්සති සබ්බධි’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“අනෙජස‍්ස විජානතො නත්‍ථි කාචි නිසංඛිති, විරතො සො වියාරම‍්භා ඛෙමං පස‍්සති සබ‍්බධී”ති.
“අනෙජස්ස විජානතො -පෙ- ඛේමං පස්සති සබ්බධි” යී.